අතුරුදහන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ සිටින බවට සාක්කි කෝ?

prageeth ekneligoda
මේ දරුවන්ගේ පියා
2010 ජනාධිපතිවරණය පැවති ජනවාරි 26 දිනට පැය ගණනකට පෙර සිට දැන් තුන් වසරකට වැඩි කාලයක් ආ ගිය අතක් නැතිව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත් වන බව අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අද දින පාර්ලිමේන්තුවේදී කියා තිබේ. 

මෙම ලේඛකයාට ප්‍රගීත් මුණ ගැසී ඇත්තේ එක් වරක් පමණි. කොළඹ පැවති උත්සවයකදී ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර ඔහු මට හඳුන්වා දුන්නේ ය. එදා මම ඔහුට අතට අත දුනිමි. කුමන තත්වයක් තුළ හෝ කිසි යම් දිනෙක යළි ඔහුට එසේ අතට අත දෙන්නට ලැබේවායි අපි පතමු. මම ඔහුගේ ලිපි කියවා ඇත්තෙමි. කාටුන් රස විඳ ඇත්තෙමි.(ඔහුගේ කාටුන් මෙතැනින් බලන්න)

ඔහු ස්ථිරව අතුරුදහන් වීමට පෙර කිසියම් පිරිසක් ඔහු පැහැරගෙන ගිය බවට ඔහු විසින් පවසන ලදී. ඔහුව ගෙන ගොස් රඳවා ගබා ගන්නා ලද වධකාගාරයක් පිළිබඳව ද ඔහු විස්තර කර තිබිණි. වධකාගාරයක අවුරුද්දකුත්, මාසයකුත්, දවසක් ජීවත් වී තිබෙන මෙම රචකයාට ඒ විස්තරයේ අභව්‍යකමක් දැනිණි.

සිවරාම් හා ලසන්ත වික්‍රමතුංග යන මාධ්‍යවේදීන් මරා දැමීම හා ලලිත්, කුගන් වැනි දේශපාලන ක්‍රියාකාරිකයන් අතුරුදහන් කිරීම ඍජු දේශපාලන හා යුදමය ක්‍රියා ලෙස දකින මෙම රචකයා ප්‍රගීත් එවැනි ඉලක්කයක් වූ බව විශ්වාස කරන්නේ නැත. යමකු ප්‍රගීත් ඉලක්ක කළා නම් ඒ සාමූහික අරමුණකට වඩා පෞද්ගලික හෝ කල්ලි අවශ්‍යතාවක් මත විය හැකි ය. ඒ පිළිබඳ මවිසින් තබන ලද සටහනක් මෙසේ ය: ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ කතිකාව නව මානයකට

ප්‍රගීත් අතුරුදහන් වී කාලය ගෙවී යන සෑම දිනයක් පාසා ම එහි වගකීමේ බර වැඩි වැඩියෙන් ආණ්ඩුව කර මතට වැටේ. මීට කලින් ද ආණ්ඩුව නියෝජනය කරමින් වත්මන් අග්‍ර විනිශ්චයකාර මොහාන් පීරිස් ප්‍රගීත් පිළිබඳ තොරතුරු දන්නා බව එක්සත් ජාතීන්ගේ හිංසනයට එරෙහි කමිටුව හමුවේ පවා පැවසී ය. ඒ පිළිබඳව සාක්කි සපයන්නැයි ප්‍රගීත්ගේ බිරිඳ සන්ධ්‍යා ඉල්ලා සිටි විට ඔහු මග හැරියේ ය. 

දැන් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ඔහු සිටින රටත් දන්නා බව පවසයි. තමන් ඉදිරිපත් කරන කරුණ ඇත්තක් බව ඔප්පු කිරීමට පිළිගත හැකි සාක්කි සැපයීමට ආණ්ඩුවට පුළුවන.


ප්‍රගීත්ගේ අතුරුදහන් වීමෙන් පසු බොහෝ දෙනෙකුගෙන් ඔහු පිළිබඳ ලද තොරතුරු අනුව ඔහු එක් පරපුරක සංකේතයක් යයි ලේඛකයාට සිතේ. මේ පරපුර වනාහි රැඩිකල් දේශපාලන අරමුණු, සමාජවාදය, පශ්චාත් නූතනවාදය, ඕෂෝ, පවුල, මුදල්, කලාව, ජීවිතය විඳීමේ අවශ්‍යතාව, කොළඹ දේශපාලන කණ්ඩායම්, පක්ෂයක් ගොඩනැඟීමේ සිහිනය, පසුගිය දේශපාලන ක්‍රියාකාරකම් පිළිබද අතීතකාමය, වම කඩා වැටීම පිළිබඳ සාංකාව, රාජ්‍ය නොවන සංවිධාන, එක්සත් ජාතික පක්ෂය වැනි ප්‍රපංචයන් රැසක් මැද මංමුලා වූ පරම්පරාවකැයි ලේඛකයාට සිතේ.

මාධ්‍ය මර්දනයට මුවා වී වාමාංශිකයන් ඇතුළු බොහෝ අය බටහිර රටවල සැප සොයා සංක්‍රමණය වූ බව අපි දනිමු. ඒ නිසා ආණ්ඩුව මෙවැනි චෝදනාවක් ප්‍රගීත්ට එරෙහිව මතු කිරීමේ යම් සාධාරණත්වයක් තිබේ. ඔවුන්ගෙන් ඇතැමෙක් තවමත් ජීවත් වන්නේ ලංකාවේ ආණ්ඩුව කරන මාධ්‍ය මර්දනයේ හා මිය ගිය මාධ්‍යවේදීන්ගේ නම්වල පිහිටෙනි. ලංකාවේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස තහවුරු කළහොත් මේ අය බඩගින්නේ හා හීතලේ මිය යනු ඇත.

ඒ කෙසේ වෙතත්, ආණ්ඩුව දැන්වත් තමන් ප්‍රගීත් ගැන පුන පුනා කියන කරුණු සනාථ කිරීම සඳහා සාක්කි සැපයිය යුතු ය. නැතිනම් ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීමේ වගකීම ආණ්ඩුව භාර ගත යුතු ය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. Replies
    1. මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා ප්‍රංශයේ ජීවත්වන බවත් තමාට හමුවී ඇති බවත් පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) ප්‍රකාශ කළේය. - දිනමිණ

      අනිවාර්යයෙන් ම තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. මෙම මන්ත්‍රීවරයා අදාළ පරීක්ෂණ සඳහා සහභාගි විය යුතුයි.

      Delete
    2. මම හිතන්නෙ ඔහු මේ ප්‍රකාශය කරන්නෙ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවෙදි කරන ප්‍රකාශ වෙන කිසිම තැනකදි ප්‍රශ්න කරන්න බැරි නිසා. ලංකාවෙ දේශපාලනයෙ තියෙන තුප්පහි බව ඇරෙන්න මේ ප්‍රකාශයෙ වෙන කිසිම වැදගත් කමක් නෑ. අමතක කරන්න එපා මේක මිනිස්සු විහින් ගස් බැඳ ගන්න, මේජර්ලා තමන්ටම ගහගන්න, ඇප දුන්නු ගමන් හාස්කම්වලින් ලෙඩ හොඳවෙන ආසියාවෙ ආශ්චර්ය බව.......සූරියප්පෙරුම උන්නැහෙ කියන්න වගේ "ආඩම්බරයි හසන්ත....."

      Delete
  2. CID should call him immediately to the 4th floor

    ReplyDelete
  3. //...වැනි ප්‍රපංචයන් රැසක් මැද මංමුලා වූ පරම්පරාවකැයි ලේඛකයාට සිතේ.//

    ඔව් උඹ විතරයි මංමුලා වෙලා නැති සියල්ල පිරිසිඳ දන්න පොර!

    ReplyDelete
    Replies
    1. මසුරං කතාව.

      Delete
    2. ane tho higanna................

      Delete
  4. පාර්ලිමේන්තුවේ විතරක් නෙමේ. වාද බයිලා වැඩසටහන් වලත් කටට එන දේ කෙලලා අරින වාචාලයෙක්ගෙන් මීට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා