ගුරුවරිය දන ගැස්සූ පළාත් සභාකාරයා, දිවයිනේ වෛරී කතුවැකිකාරයා හා සාමාන්‍ය මිනිහා

දයාසේන ගුණසිංහ
අපේ සහෝදර බ්ලොග්කරුවෙක් අද දිවයිනේ කතුවැකියේ පහත සඳහන් ‍කරුණු උපුටා දක්වා එවා තිබේ.

1. නවගත්තේගම පාසලේ සිද්ධිය සිදුවන අවස්‌ථාවේදී ඊට එරෙහිව ගුරු මණ්‌ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඩෙස්‌ කකුල් සහ පුටු කකුල් අතට නොගැනීම ගැන අපි මහත් සේ දුක්‌ වෙමු.

2. මෙය කොළඹ පාසලක සිදු වී නම් පළාත් සභා මන්තිරියාට ගෙදර යාමට සිදු වන්නේ කලිසම ඔළුවේ ඔතාගෙන ය. සමහර විට කලිසම එතූ ඔළුව වෙනමත්, ඔළුව නැති ඇඟ වෙනමත් ගෙදර යැවීමට වුව සූදානම් ගුරුවරුත් ශිෂ්‍යයෝත් කොළඹ සිටිති.

3. මෙය විශ්වවිද්‍යාලයක සිදු වී නම් පළාත් සභා මන්ත්‍රී ඇඳ සිටි ඇඳුම පමණක්‌ ගෙදර යැවෙනවා ඇත. සිරුර පොලිස්‌ මෝචරියෙන් භාරගත හැකිය.

4. මන්ද, මේ උන්මත්තකයන් කවදා හෝ දවසක පාර්ලිමේන්තුවට ගියොත් විය හැකි අනර්ථය ඉමහත්ය. එදාට ඒ තත්ත්වයට මුහුණ දීමට ගෝඨාභය රාජපක්‍ෂලා දුසිමක්‌වත් අවශ්‍ය වනවා ඇත. අවාසනාවකට මෙන් අපට සිටින්නේ ගෝඨාභය රාජපක්‍ෂලා එක්‌කෙනකු පමණි. ජාතියක්‌ විසින් වරකට බිහි කරනු ලබන්නේ ද එබඳු පුද්ගලයන් එක්‌ අයකු පමණි.

ඔහු විසින් පෙන්වා දී තිබෙන්නේ දිවයින කර්තෘවරයා මෙම සිද්ධිය උපයෝගී කර ගනිමින් කරමින් සිටින්නේ වෛරය හා ප්‍රචණ්ඩත්වය ඇවිලීම බවයි. අවසන්  වශයෙන් ඔහු මතු කර දක්වන කරුණ තුළින් සමූලඝාතනයක් ඉල්ලා සිටින බව ද ඔහු පවසයි. ඔව්, එහි එවැනි සංඥාර්ථයක් තිබේ. 

මේ අද දවසේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෘත්තිකභාවයේ තත්වයයි. දයාසේන ගුණසිංහ වැනි විශිෂ්ට මානව හිතවාදී බුද්ධිමතුන් අතින් කතුවැකි ලියැවුණ පුවත්පතක් වූ දිවයින අද පත්ව ඇති තත්වයට මෙම කතුවැකිය දෙස් දෙයි. 


ඇත්තෙන් ම මේ කතුවරයා ලියන්නේ අනෙකක් නො වේ. මෙවැනි සිද්ධියක් ගැන ඇසූ විට ක්ෂණිකව කිසියම් පුද්ගලයකු තුළ පහළ වන ප්‍රතිචාරී හැඟීමයි. එවැනි ආවේගශීලී හැඟීමක් ක්ෂණිකව ඇති වීම අස්වාභාවික යයි ද කිව නො හැක.

මෙවැනි අවස්ථාවන්හිදී එවැනි ආවේගශීලී අයුතු ජනරාශි හෙවත් මොබ් ඇති වී දිවයින කතුවැකියේ බලාපොරොත්තු වූ ආකාරයේ සිදුවීම් ඇති වූ අවස්ථා ද ඕනෑ තරම් තිබේ.

‍එහෙත්, එවැනි අයුතු ජන රාශිගත වීම් විසින් අවසානයේදී ලබා දෙන ප්‍රතිඵලය හැම විට ම සාධනීය එකක් නො වේ. මෙවැනි අවස්ථාවන්හිදී ක්ෂණික වීරයෝ මෙන් ම අපරාධකරුවෝ ද බිහි වෙති. මොබ් හැසිරීමක් යනු තර්ක බුද්ධියට වඩා හැඟීම් හා ආවේග මූලික වන අවස්ථාවකි. 

සාමාන්‍ය මිනිසාට මොබ් මානසිකත්වයේ සිටිය හැක්කේ ඉතා කෙටි කාලයකි. මොබ් හැසිරීම හා එයින් ලද වීර ප්‍රමෝදය අවසන් වූ පසු ඔහු තුළ බොහෝ විට ඉතිරි වන්නේ පශ්චාත්තාපයකි. එය සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. 

කලකට ඉහතදී අතුරලියේ රතන හිමි, දැන් ගලගොඩඅත්තේ ඥානසාර හා ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි වැනි ඇතැම් පුද්ගලයෝ දිගින් දිගට ම මෙවැනි මොබ් මානසිකත්වයන් තුළ ජීවත් වනු දක්නට ලැබේ. ඔවුන් තමන් වීරයන් ලෙස සලකන අය වන්නට පුළුවන. 

මෙම සටහන ලියමින් සිටින අතර මට තවත් මිතුරකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. මම මා ලියමින් සිටි දෙය ඔහු සමග කතා කරද්දී  ඔහු කීවේ එවැනි මොබ් බිහි වීම එතරම් සාමාන්‍ය නො වන විරල සංසිද්ධියක් බවයි. 

ඔහුගේ තර්කය වන්නේ අර කී පළාත් සභා මන්ත්‍රීවරයාගේ ක්‍රියාව දැක දැකත් බොහෝ අය නිශ්ශබ්දව සිටීම ඉතා ම සාමාන්‍ය තත්වය බවයි. මන්ද, සමාජය බලය ඉදිරියේ එතරම් ම දීන තත්වයට පත් වී තිබේ.

ප්‍රයිවට් බස් රියේ කෙතරම් මගීන් සිටියත්, ඔවුන් පීඩාවට පත් කරන කොන්දොස්තරට එරෙහිව කට උස්සන්නේ කවුරුදැයි ඔහු ඇසී ය. 

දිවයින කතුවැකියෙන් අප උපුටා දක්වන දෙවන කාරණයේ තිබෙන "කොළඹ පාසලක සිදු වී නම් පළාත් සභා මන්තිරියාට ගෙදර යාමට සිදු වන්නේ කලිසම ඔළුවේ ඔතාගෙන ය. සමහර විට කලිසම එතූ ඔළුව වෙනමත්, ඔළුව නැති ඇඟ වෙනමත් ගෙදර යැවීමට වුව සූදානම් ගුරුවරුත් ශිෂ්‍යයෝත් කොළඹ සිටිති." යන්න නම්, එහි 
තිබෙන කෲර විස්තරය කෙසේ වෙතත්, ඇත්තෙන් ම ඉතා හාස්‍යජනක ය. ඒ වනාහි දිවයින කතුවරයාගේ මනස තුළ ෆැන්ටසිකරණය වී තිබෙන කොළඹකි. මෙම කතුවැකිය ලියූ පුද්ගලයා කොහේ හෝ හද්දා පිටිසර ගමකින් පැමිණ කොළඹ ගැන මාර සතුටකින් සිටින අයෙකු වන්නටත් පුළුවන. කවුරු වුණත්, ඔහු ඉතා බොළඳ මානසිකත්වයක් ඇති අයකු බව නම් පැහැදිලි ය.

නැවත දිවයින කතුවැකිය වෙත යොමු වෙමු. දිවයින කතුවැකිය ලියූ පුද්ගලයා ඉන්නේ අර කී මොබ් මානසිකත්වයේ ද? එසේ නැතිනම් දිවයින මෙවැනි කතුවැකියක් පළ කිරීමෙන් ආමන්ත්‍රණය කරන්නට බලාපොරොත්තු වන්නේ ඒ මොබ් මානසිකත්වයටයි. එහෙත්, එහි ඇති රසවත් පැතිකඩ වන්නේ එය අලෙවි වන්නේ මෙ ඊනියා මොබ් මානසිකත්වය යටපත් කරගෙන මෙවැනි අවස්ථාවලදී දීන ලෙස පළා යන මිනිසුන් අතර වීමයි. 

මෙය හරි අපූරු තත්වයකි. තමන්ට මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වුවහොත්, ඉතා දීන ලෙස හැසිරෙන අය, වෙනත් සිද්ධිවලදී අපි හිටියා නම් කරන්නේ මෙන්න මෙහෙමයි කියා දිවයින කතුවැකිය කියවමින් සිතා සතුටු වෙති.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ක්‍රිෂ්ණාJune 17, 2013 at 6:58 PM

    දිවයින ට කොහොමත් ඔළුව කොලොප්පං.එ පත්තරේ ගොට්ටන්ට තේරෙන්නේ නෑ එක ගෝඨාභය කෙනෙක් ඉඳලා මෙහෙමනං ගෝඨලා ගොඩක් හිටියෝත් කොහොමට හිටිද කියලා.මේ එක පවුලක පාලනය විසින් රටට ලබා දුන් පව් වලට පත්තරයක් විදියට "දිවයින" ත් වග කියන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකක තියන හික්මීම නැති කැලෑ පත්තරයක්

      Delete
  2. කවුද මේක ලියන්නේ? සුගාර ද, චන්දො ද, නැතිනම් වෙන අමනයෙක් ද?

    පලාබබා ට එසේ සැලකිය යුතු යැයි කියන මේ වාගේ ලා එයින් ඇත්තටම කරන්නේ පලාබබා ලා හූදී ජනයාටත් ඒ ආකාරයෙන් සැලකීම (පුටු කකුල්වලන්, සයිකල් චේන්වලින්, කලිසම ඔලුවෙන් ගැලවීමෙන්, මරණයෙන්, බර අවියෙන්, පොරවෙන්, පිහියෙන්) සාධාරණීකරණය කිරීම නොවේද?

    අනේ සකෝ බල ලෝ!

    ReplyDelete
    Replies
    1. මීට චු කතා කක්කි කතා ලියන මහා නුවනැත්තා ...

      Delete
    2. HARI YATA HARI

      Delete
  3. කතන්දරකාරයාට වැරදිලා. මම දන්න තරමින් දිනපතා දිවයින පත්තරේ සුගාරවත් චන්දොවත් කතුවැකි ලියන්නේ නැහැ. ඒ ගොල්ල ඉන්නෙ ජාතිවාදී මඩ ගොහොරුවේ එරුණු ඉරිදා දිවයින පත්තරේ.
    ජයන්ත චන්ද්‍රසිරි නම් දිනපතා දිවයින පත්තරේ කතුවැකි ලියනවා. අද ජයන්ත ඉන්න ස්ථාවරය දැක්කම මේ කතුවැකිය ලිව්වත් පුදුමයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ජයන්ත චන්ද්‍රසිරි කියන්නෙ අර කලාකාරයද. ඌද ඔය සක්කිලි කතා ලියන්නෙ.ඒත් ඔය ශෛලිය ඉරිද දිවයිනෙත් තියනවනෙ.මම හිතුවෙ සුගාර කියලයි.කොහොමටත් සතියෙ දිවයින කතුවැකිනම් මහ ගදගහන ඒව තමයි.කතාව ඇත්තනම් මාරයි.වැල්ලෙ මාළුකාරයෙකුට කතුවැකි ලියන්න කීවනම් ඒත් ඔය විදියටයි ලියන්නෙ.එක අතකට ඩීසන්ට් වුනත් ඔවුන් මාළුකාරයො තමයි ජාන විද්‍යාත්මකව.
      ලේ වල තිබෙන අසික්කිත ගති මතුවෙන හැටි මාරයි.

      Delete
    2. කතුවැකිය ලියූ කෙනා ගැන මා කර ඇත්තේ ප්‍රශ්න තුනක් ඇසීම මිස ස්ථිර ප්‍රකාශයක් කිරීමක් නොවේ.

      දිනපතා දිවයින කතෘ - නාරද නිශ්ශංක ලු!

      Delete
  4. කිසිම පත්තරේක ,කිසිම ටී. වී එකක,කිසිම රේඩියෝ චැනල් එකක,කිසිම වෙ අඩවියක නැති විදියේ අශිෂ්ට භාෂා ශෛලියක් දිවයින කතුවැකිකාරයට තියෙන්නෙ.උපාලි සමාගමේ මුදලාලි හාමිනේ මොන මුඩුක්කුවකින් ඌව හොයා ගත්තද මන්ද.ලොකු හීනමානයක් තිබෙන මානසික රෝගියෙක් වෙන්න පුළුවන්.මූ පුදුම වෛරෙකින් ජීවත් වෙන එකෙක්.කරුණාවක් මෛත්‍රියක් ගෑවිලා නැති ඒකා මුළු ලොවටම වෛරකරන කාලකන්නියෙක්.ඌ ගැන කොමෙන්ට් දාන්නත් ඕන මේ විදියට.

    ReplyDelete
    Replies
    1. ube ammata wage neda?

      Delete
    2. Anonymous @
      උබේ අම්ම රෑර රෑට එළියට යනව කියල යන්නෙ ඌව හම්බ වෙන්නද?යකෝ මූ කතුවැකි ලියනව අමතරව වල්ගෑනු පට්ටි ගස්සනවනෙ.

      Delete
    3. අශිෂ්ට භාෂා විලාශයට පිළිතුර එවැනිම අශිෂ්ට ආකාරයට දිය යුතුයැයි සිතන ඔබ කරන්නේ දිවයින කතුවැකියෙන් දෙන පණිවිඩය සමග එකඟවීමකි.

      Delete
  5. අර මන්ත්‍රීවරයා කියල තියනවනෙ අර ස්කෝල පැත්තටවත් ගියේ නැහැ කියල. ඉතින් ඔය බොරු සිද්දියට ඇය් මෙච්චර වැදගත් දෙන්නේ?

    ReplyDelete
    Replies
    1. අන්න කවුද කියලා තිබුණා ඒ ගුරුවරිය තමන්ම දණ ගැහැව්වා ය කියලා!

      Delete
    2. මේ ගුරුවරිය ම වුණත්, ඒ අන්දමින් දන ගැහුවේ ඇයි? ඇය එය ප්‍රතික්ෂේප ‍නො කළේ ඇයි?

      Delete
    3. ෂුවර් එකටම ජනාධිපති තුමා මට කතා කරයි, මම දණ ගැහුවොත් කියලා හිතලමයි
      ඒ......තුමිය දණ ගහන්ඩ ඇත්තේ .

      දැන් ඔන්න ඒකත් හරි..දැන් ඉතින් කියයි මම මට ඕනෙවට දණ ගැහුවා කියලා :-)

      Delete
    4. පැරා ලංකාවේද ජිවත් වෙන්නේ ?

      Delete
  6. මේවගේ ජඩ මාද්දියවේදින්ට ආචාර ධර්ම ගේන එකේ වැරද්දක් තියෙනවද? මම හැමදාම ඉන්න මතයක් තමයි. මේ රට මේ තත්වෙට පත්කලේ ජඩමාද්දියවේදීන්ය කියන එක. මටත් චෝදනා තියෙනවා ලියන ක්‍රමය ගැන. ඒත් මම ලියන්නේ බ්ලොග් එකක්. පත්තරේකට ලියන ඒවා කවදාවත් එහෙම ලියන්නේ නෑ. විශේෂයෙන් ජාතික පුවත් පත් කියා ගන්නා ඒවා.. ඇත්තටම අද ජාතික පුවත් පත් නෑ. තියෙන්නේ කැළෑ පත්තර..

    ReplyDelete
    Replies
    1. දිවයින කියන්නෙ පත්තරයක් නොවෙයි කැලෑ පත්තරයක්.කිසිම සමබර බවක් නැතිව එක මතයක් රටටම ගිල්ලෝනව.දැන් දිවයින බලන ප්‍රමානය ඉතා අඩුයි.බලන අයත් බලන්නෙ පුරුද්දට.දිවයිනේ අන්තවාදී අදහස් කාටවත්ම දිරවන්නෙ නෑ.
      මාධ්‍ය වේදීන්ට ආචාර ධර්ම පද්ධතියක් ඕන.මතකද එකෙක් පිළිකා සුවකරනව කියල හොරෙක් ප්‍රමෝට් කෙරුව.හොරා එක එක රජවරු ලොක්කො එක්ක ගත්ත පොටෝ හිටන් පෙන්වමින්.රාවයෙන් එළිදරවු කළ නිසා ජනතාව බේරුනා.මේ එක උදාහරණයක් විතරයි. නිවන් දැක්ක කියල ප්‍රචාර දීල සල්ලි කඩනව.මේව නවත්වන්න ඕන.
      මුදලාලිලගෙ මුදලාලි හාමිනෙලගෙ අන්තවාදී අදහස් ගිලින්න හැමදාම පුළුවන්ද?

      Delete
  7. දේශපාලකයෙක් ඇවිත් දන ගහපන් කිව්වොත් ඔබ මුලින් දන ගහලා පසුව පැමිණිලි කරනවා ද? නැතිනම්, එවේලේ ම එයට විරුද්ධව සටන් කරනවා ද?

    ReplyDelete
    Replies
    1. දේශපාලකයෙක් මැරයො එක්ක ඇවිත් දනගහපන් කීවම් ඔය ඕන එකෙක් දනගහනව.පස්සෙ කයිවාරු ගැහුවට

      Delete
    2. මුළු ලංකාවම දන්නා රුකාන්තට සරමේ චූ ගියා.

      Delete
  8. මේ කතුවැකිය කියවන විට මට නං කිසිම රසවත් පැතිකඩක් පේන්නෑ.මහා භයංකාර සිතුවිල්ලක් තමයි ඇතිවෙන්නෙ.. සමාජය කොහාටද ඇදල දාල තියෙන්නෙ. සමාජය කොහාටද ඇදන් යන්නෙ..... චන්ඩි මංකොල්ල කාරයො ස්ත්‍රී දූශකයො හොරු මංකොල්ල කාරයො නායකයො වෙලා...සදාචාරය, නීතිය ආචාර ධර්ම බල්ලට ගිහිල්ල... අන්නාගත පරම් පරාවට මොකක් වෙයිද.... අන්ත මිනීමරු ගෝත්‍රික සමාජයක පෙරනිමිති..අවුරුදු තිහක යුද්ධයෙන් ලැබුන එක් දායාදයක් වූ යුධ මානසිකත්වය මේ මුඩුමයින් හා ආගමික නායකයින් කියාගන්නා වසලයන් ඉදිටියට අරන් යන හැටි..? ඇත්තටම අනාගතය සම්බන්ධයෙන් අතිවෙන්නෙ මහා භයංකාර සිතුවිලි.....

    X-Porter

    ReplyDelete
  9. මුගේ කැරක්ටර් එක ගැන දැන් රටම දන්නවා. පැරා විතරයි දන්නෙ නැත්තේ. මූ සංධානේ ඒවුන්ටත් පෙන්නන්න බැරි මැරයෙක්. ටීචර් දන නොගහ ඉඳියිද.. අපි දන ගහන එක නෙමෙයි ප්‍රශ්ණේ....

    ReplyDelete
    Replies
    1. හැබැයි, මම නම් හිතන්නේ එහෙම විරුද්ධ වන්න පුළුවන් ආත්ම ශක්තියට තමයි වීරත්වය කියන්නේ. බෑ කිව්වා නම් මූ මෙනාවා කරන්න ද? ඕනැ නම් බලෙන් දන ගස්සයි.

      අපි මිනිසුන්ව දිරි ගන්වන්න ඕනැ අසාධාරණයට විරුද්ධව පැමිණිලි කරන්න නො‍වෙයි සටන් කරන්නයි.

      Delete
    2. ඇත්ත පැරා.. ගුරු සංගම් ඒ දේ කළා.. අපරාදේ කියන්නේ අපේ සංවේදී නායකයට උනත් මතක් වෙන්න ඇති, කැළණියේ ගොනා දම්මලා ටී ඇම් ජී ට ගහන්න යවපුවා මොන හරක් වැඩද කියලා.. අර වාස්ට කිව්වනම්.. වැඩේ කරනවනේ ලස්සනට...

      Delete
    3. මාතලන්ට වැරදිලා. සන්ධානෙ ඉන්න ඒකම මැරයා මේ මන්ක්‍රී වරයා පමණක් නොවේ. සන්ධානේ රැදිල ඉන්න නම් මේ වගේ කලර්ස් ඉදල හිටලා පෙන්වන්න වෙනව. ඒක ඒ මන්ත්‍රී වරයාත් හොදින්ම දන්නවා.හෙට අනිද්දා විසුරුවන්න තිබෙන පලාත් සභාවෙන් ඔහුට ඉල්ලා අස් වෙන්න කිව්වත් මේ පලාත් සභා ඡන්දෙදිම ඒ ගුරු තුමියට මේ මන්ත්‍රී වෙනුවෙන් ස්ටේජ් නගිනන සිදුවෙයි.

      Delete
  10. මන්ත්‍රීයා කරපු වැඩේ වැරදීය් ඌට එකට උපරිම දඩුවම් දෙන්න ඕන.

    ඒ උනාට Teacher කරපු වැඩේ හරිද. එයා කොහොම්ද ලමයිගේ ඇදුම් වල වාටි ගලවන්නේ. එයට එහෙම කරන්න තියෙන අයිතිය මොකක්ද?

    ලමයිගේ personality නැති වෙන්නේ වගේ වැඩ වලින්, ඉස්කෝලේ ගුරුවරුන්ට තියෙන ලොකුම issue එක ලමයිගේ කොනේඩේ ඇදුම් වගේ දේවල් නැතුව ඉගැන්වීම නෙවේ.

    Saman

    ReplyDelete
    Replies
    1. ඔබ කියන මේ පාසල් නිල ඇඳුම් ප්‍රශ්නය ගැන වෙන ම ලිපියකින් සාකච්ඡා කරමි

      Delete
    2. මම කියන්න උත්සහ කලේ මන්ත්‍රියා විතක් නෙවේ ගුරුතුමියත් තමන්ගේ සිමාව ඉක්මවා කටයුතු කරලා තියෙනවා. Saman

      Delete
    3. Janaka PriyadarshanaJune 18, 2013 at 4:29 PM

      අනිවාර්යයෙන්ම මන්තිරියා නෙමෙයි ගුරුවරියත් පමන ඉක්මවා තියෙනවා..ගුරුකම කියන්නෙ ඉතාම වැදගත් වෘතියක්...වාටි ගලවලා ලමයින්ගෙ හිත වයිරයෙන් දූෂනය කරන්නෙ නැතිව විනය බාර ගුරුවරියෙකුට විනයක් තියෙන්න ඕනි, ලමුන් ට යමක් දෙන්න. අදින් අවුරුදු ගානකට පෙර දුන්න දඩුවම් අදට වලංගු නැහැ. අද ගුරුවරුන්ට ළමා මානසික තත්ව ගැන ගුරු පුහුනුවෙදි උගන්නනවා.අද වේවැල් කසාය වලංගු නැහැ. අපට උගන්නපු ඉන්නව ලමුන්ට ආයෙ එවැනි දෙයක් නොකරන්න ඔලුවට ආහාර දුන්න ගුරුවරු.ගුරුවරය ගේට්ටුවෙන් ඇතුල් උනාට පස්සෙ ගෙදර වුනු කරදර පීඩන අමතක කල යුතුයි, නැතිනම් ඒව යන්නෙ ලමුන්ගෙ පිටින් වෙන්න පුලුවන්. ලමුන්ගෙ කන් අඩි පැලෙන්න ගහන, ලමුන්ගෙන් පන්න පන්න පලිගන්න, ලමුන් ලිංගිකව අපයෝජනය කරන, ලමුන්ගෙන් සන්තෝසම් ගන්න විපරීත කාලයක් මේක... මේ සන්තෝසම් ගැනනම් කතා නොකරම බැහැ..පලමු ශ්‍රේනියේ සිට පස්වන ශ්‍රේනිය දක්වා ඉන්න බොහොමයක් ගුරුවරියන් නියම ලෙසම වෘතිය හෑල්ලු වන ලෙස පොලොස් ගැටයේ සිට රත්තරන් බඩු දක්වාම ලමුන්ගෙන් පගා ගන්නව, දෙමාපියන්ගේ බලපුලුවන් කාර කමට පන්තියේ ලමුන් ට සැලකීම් කරනව... කතා කලොත් හිරිකිතයි.. අපි කරුනාවෙන් අයදිනව ගුරුබවතුන්ගෙන් ...මේ දේ කරන්න එපා.. ඊට හොඳයි ගුරුකමේ නම්බුව තියෙන්න හැර ගිහිල්ලා ඒ ඒ දේ කරගන්න කියල... පැරාත් ගුරුවරයෙක් නිසා මේවයේ සත්‍ය අසත්‍ය දන්නව ඇති.

      Delete
    4. සමන්,
      පාසැල් නිල අැදුමට ප්‍රමිතියක් තිබෙනවා. ඒ ප්‍රමිතියට අදාලව සැකසූ අැදුමක් අන්දවා තම දරුවන් පාසැල් යැවීම දෙමව්පියන්ගේ (විශේෂයෙන්ම අම්මලාගේ) වගකීමයි. පාසැල කියන්නේ අනාගත නීතිගරුක පුරවැසියන් බිහි කරන ස්ථානය නිසා ඒහි විනය භාර අාචාර්ය වරියට, විනය කඩකරන සිසු සිසුවියන්ට දඩුවම් දීමේ අයිතිය තිබිය යුතුයි. මෙහිදී ඒම මන්ත්‍රී වරයා විසින් දනගස්වා තැබිය යුත්තේ ලමයාගේ මවයි.

      Delete
    5. මෙම සිදුවීම තවත් නාට්‍යය සංදර්ශනයක් පමණයි. වයඹ පලාත් සභා චන්දය ලග ඒන නිසා ඒ මන්ත්‍රීවරයාට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දී අාණ්ඩුව ලකුනු ටිකක් දා ගත්තා. නමුත් ඊට පසුවදාම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට රෝහල් ගතවන්නට පහරදුන් අැඹිලිපිටිය ප්‍රාදේශීය සභාපති රු. ලක්ෂ තුන බැගින් වූ ශරීර අැප තුනක් මත මුදා හැරියා.

      Delete
    6. කොටට අඳින කෙල්ලන්ගේ කකුල් අතගාන්ට දැන් නීතියෙන් අවසර තිබෙන නිසා , ගවුම් වාටි දික්කරවලා මේ ගුරුතුමී කරල තියෙන්නෙ වරදක් :)

      Delete
  11. ආන්ඩුවට එරෙහි ලියවිල්ල නිසා තමන්ගෙ ගෙදෙට්ට සුදු වෑන් එයිද කියන භය ගැන පරාම පෝස්ට් එකක් ලිව්ව නේද කාලෙකට කලින්?

    දණත් ගහල, පස්සෙ කාටත් නොකිය, පාසැලුත් නෑවිදින්, අන්තිමට මාරුවකුත් හදන් මේ වගේ උන්ට උඩ ගෙදෙන අර තමන්ම ගහේ බැඳගත්ත කියාපු එකා වගේ නොවී, මේ වැරැද්දට විරුද්දව පැමිණිලි කරල, ටී වී වලට වොයිස් කට් දීල, රට හොල්ලල අන්තිමට වැරදිකාරයව රිමාන්ඩ් කරවන්න තරන් ගටක් ඒ චූටි ටීචර්ට තිබ්බ කියන එක ඔබතුමාට පෙණුනෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ ගැන සතුටු වෙනවා.

      Delete
    2. පැරාගේ ගෙදරට සුදු වෑන් ඒයි කියලා ඉන්ද්ක භය වෙන්න ඒපා. පැරා ඒක ගානට බැලන්ස් කරගෙන කරන්න දන්නවා.

      Delete
  12. සමහරක් වෙලාවට ගුරුවරුත් බලය අයුතු විදිහට පාවිච්චි කරන

    ReplyDelete
  13. කොහොමත් මේ රෙජීමය ජනතාව කුළප්පු කරවලා, කුපිත ජනබලය අවුස්සලා, පාලනය කිරීමේ ලේසි ක්‍රමයක් අනුගමනය කරන බව පේනවා. ලයිට් බිලට එරෙහිව ආව රැල්ල නොමග හැරෙව්වෙ ඒ ක්‍රමයෙන්. බොදු බල සේනා සහ අනික් කණ්ඩායම් වලට උඩ ගෙඩි දෙන්නෙ ගෝඨාභය බව පැහැදිලිව පේන්න තියෙනවා. ඉතිං ඒ දේශපාලනයට හීලෑ වුනු දිවයින පත්තරේ කතුවැකිය ඒ මග යන එක සාමාන්‍ය දෙයක් බව පේනවා.

    ReplyDelete
    Replies
    1. මමත් ඔබගෙ ප්‍රකාශය අනුමත කරනවා. මෙහිදී කතුවරයාගේ ප්‍රධාන අභිලාෂය වී අැත්තේ කුමක්දැයි අප අවබෝධ කරගත යුතුයි. ගෝඨාභයට හුලං ටිකක් ගසා තවත් මස් කට්ටක් ලබාගැනීමට දැරූ උත්සාහයක් ලෙසයි, මම නම් දකින්නේ,(ගැමුණු විජේරත්න වගේ). අනෙක් කරුන නම් අද කිසිම මාධ්‍යය වේදියකුට තම මතය නිදහසේ ප්‍රකාශ කරන්න බැහැ,(බ්ලොග් ලියන කමෙන්ට්ස් දමන අපේ සමහර පුද්ගලයින්ට වගේම).

      Delete
  14. දිවයින පරිපාලන කර්තෘ නාරද නිශ්ශංක. එයා එහෙම නෙවෙයි. ජයන්ත චන්ද්‍රසිරි වෙන්නත් බැහැ. මේ වගේ අමන කතුවැකි ලියන්නේ අනුර සොලමන් කියන හාදයා. මේ ලියැවිල්ල මහා වීරකමක් කියා හිතන වග නිසැකයි. අනේ පත්තරයකට ගිය කල. සොලමන් ලා ලංකාව දකින්නේ ගොඨාභය අදට අවශ්‍ය චරිතයක් බවට හීන දකිමින්. එතකොට මේ බිහිවෙමින් තියෙන්නේ කේතුමතීයද? දියසේන කුමාරයා මේ වත්ද? අනේ සොලමන්ස් කියා දෙනු මැනවි.


    හිතුවක්කාරයා

    ReplyDelete
  15. එක අතකින් මේ අපේ පාසල් වලින්ම සමාජයට දෙන දෙයක් දෛවෝපගත විදිහට පාසලටම යළි පැමිණීමක්. දණගැස්වීම අපේ සමාජයට පුරුදු කලේ පාසලෙන්. හැබැයි ඒක අමතක කරලා මේ සිද්ධික ගැන හිතුවොත්, ළමයෙක්ගේ ඇඳුම සම්බන්ධයෙන් යමක් කරන්න ගුරුවරයෙකුට ඇති 'අයිතිය' සමාජයේ පිළිගැනෙනවා... නමුත් ගුරුවරියක් දණගැස්වීම බරපතල වරදක්.

    ReplyDelete
    Replies
    1. ''ළමයෙක්ගේ ඇඳුම සම්බන්ධයෙන් යමක් කරන්න ගුරුවරයෙකුට ඇති 'අයිතිය' සමාජයේ පිළිගැනෙනවා..''

      ඔව්, හරියට අර පොලිසියට අපරාධ කාරයෝ අහුඋනාම ආයුද පෙන්නන්න ගිහිල්ල මරන්න තියෙන අයිතියත් වගේ සමාජය පිළිගත්ත එකක්.
      Saman

      Delete
    2. නෑ සමන් එහෙම එකක් නෙමෙයි... ගුරුවරයා කරපු එක මම හරියි කියන්නෙ නෑ... නමුත් අපේ සමාජයේ ගුරුවරයෙක් ළමයෙක්ට මේ වගේ දඬුවමක් දීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඔබ කිය අනිත් සිද්ධියේදි වෙන්නෙ අපරාධයක් වහන්න බොරුවක් කීම.

      Delete
    3. අවවාද කිරීම් ඔවදන් දීම් පෞගලික මට්ටමින් සිදු වුවත් දඩුවම් කිරීම සිදුකල යුත්තේ ප්‍රසිද්ධියේ කියලයි මමනම් හිතන්නේ. ඒ ගුරුතුමියත් ඒ මන්ත්‍රීවරයාත් විසින් අද ලංකාවේ සිටින සියළුම බාලිකාවන්ගේ අැදුම ප්‍රමිතියට අනුකූලව සකස් කිරීමට නැවත සිහි කැදවීමක් කරලා තිබෙනවා.

      Delete
  16. මේ වගේ සිද්දියක් මර්වින් සිල්වා අතින් දවසක් වුණා. එදා සමුර්ද්දි නිලධාරිව ගස් බැන්දා. එක මිස් කැනක් විතරය් එදා ඒකට විරුද්ධ වුණේ. ඇමතිතුමාත් එක්ක රණ්ඩුවටත් ගියා. ඊට පස්සේ අර මිස්ට මොනවද වුණේ කියල කවුරුහරි හොයල බැලුවද? එයා ජීවතුන් අතර ඉන්නවද කියලවත් ඔය මාධ්‍යකාරයෝ කවුරුත් හොයල බැලුවේ නැහැ. දැන් ආයෙත් එනවා පෑනත්, කැමරාවත් උස්සගෙන. නිකන් යනවා මනුස්සයෝ යන්න.

    ReplyDelete
    Replies
    1. සහතික අැත්ත. ඒදා ලසිත් මාලින්ග ගේ ඒක වචනයක් වෙනුවෙන් මහා හඩක් නගපු මාධ්‍යය වේදීන් විසින්, මර්වින් සිල්වා මාධ්‍යය වේදීන්ට කරපු හිරිහැර වල හැටියට ඔහුට බ්‍රහ්ම දන්ඩනය නියම කල යුතුයි. නමුත් රනිල්ගේ පතුරු අරින "සිරිස" අදත් මර්වින් සිල්වා පස්සේ පෑනයි කැමරාවයි අරගෙන යනවා.
      ඔබ සදහන් කල සමෘධි නිලධාරිනය ගැන අැත්තටම අාඩම්භරයි.

      Delete
  17. දිවයින කතු වැකි කාරය මොකා උනත්, ලියූ අදහස ගැන පලවෙලා තියෙන ප්‍රජාතන්ත්‍ර වාදී අදහස් නම් මෙතන බොහොමය්. මට පේන විදිහටනම් අදහස් දක්වන්නෝ උත්සාහ කරල තියෙන්නේ "තමන්" බොහොම සාදාරනව හිතන යුක්තිගරුක, නීති ගරුක, ඉතාම බුද්දිමත් පිරිසක් බව ප්‍රසිද්දියේ හඟවන්න. එතකොට, මෙහෙම හිතමු - දිවයින අදහස හෙළාදක්මේ අන්තර්ගතය? එහි ප්‍රතිවිරුද්දතාවය පිලිගනීමනොවේද? එනම්, මන්ත්‍රී තුමා තම ගුරුමෑනියන්ව / ගුරු සහෝද්රියව දණගස්වා මානසික වදයට බන්දුන්කරනතුරු බලා සිටීම පිළිගැනීම නොවේද? මෙම අදහස ඇතිවිය හැක්කේ පාසල් අවදියේ හමුවූ සැම ගුරු වරයෙකුගෙන්ම සහ ගුරුවරියෙකුගෙන්ම බැටකෑ, ගුරුවරුන්ට තමාව එපා වූ තරමටම ගුරුවරුන්වද තමාට එපාවූ මුළු ජීවිතයම ගුරුවරුන්ට වයිර කරන පවුකාර නුගතුන් කොටසකටමැ නොවේද? එලෙසම මෙම ජඩ දේශපාලනයෙන්ම බඩවියත රැක ගන්නා බඩගෝස්තරවාදී මඩ ඌරන් රැලකටමැ නොවේද? පලයල්ලා ඒ මන්ත්‍රීය චන්දෙන් දිනලා එන දවසට ගිහිල්ල ලොකු මල් මාලයක් එහෙම දාල, දණ්ඩ නමස්කාර කරල පිලිගනිල්ල. මදිනම් දණගස්වා සතුටු වුවමැනැයි කියා තම බිරියද දොහොත් මුදුනින් පූජා කර සතුටු වෙයල්ලා..... (කොන්ද පන නැති, මහින්ද අබේසුන්දරලාට ලොකුවෙන උන්.)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා