අහිංසාව ආත්මය කර ගත් ගැඹුරු ධර්මයක් දෙසූ බුදු හිමියන්ගේ ශ්‍රී නාමය මේ ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්න


ආණ්ඩුව බුරුමයේ බෞද්ධ බින් ලාඩන් ලෙස හැඳින්වෙන 969 ව්‍යාපාරයේ අධිපති විරතු නම් අන්තවාදී 'බෞද්ධ' භික්ෂුවගේ ඡායාරූපයෙන් 'හැඩ' වූ ජුලි මාසයේ ටයිම් සඟරාව කටුනායක ගුවන් තොටුපළේ රඳවාගෙන කවරය ඉරා‍ නිදහස් කරනවා ද නැතිනම් නිදහස් නො කරම ඉන්නවාදැයි කල්පනා කරමින් සිටියි. 

කවරය ඉරුවා ය කියා දැන් වැඩක් නැත. දැන් ලෝක පරිමාණෙන් ම කොළේ ඉරාගෙන ඉවර ය. මේ කොළේ ඉරිල්ලට විරතු වගේ ම දායක වූ තවත් පිරිසක් ලංකාවේ සිටිති. නම් වශයෙන් කියනවා නම් මහ හුඟකි. ලංකාවෙන් හා බුරුමයෙන් මේ රැල්ල මතු වන තුරු බුදු දහම ගැන මෙවැනි නිශේධනීය අදහස‍් ලෝකයේ මුල් බැස ගත්තේ නැත.

අහිංසාව ආත්මය කර ගත් ගැඹුරු ධර්මයක් දෙසූ බුදු හිමියන්ගේ ශ්‍රී නාමය කෙළෙසූ මේ බෞද්ධ ත්‍රස්තවාදීන්ගෙන් බුදු සසුන බේරා ගැනීම සඳහා සැබෑ බෞද්ධයෝ දැන්වත් පෙරට පැමිණිය යුතු ය. 

බෞද්ධයිනි, සැබෑ බුදු දහම සොයා යන්න. බුදු හිමියන්ගේ ශ්‍රී නාමය මේ ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්න.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. සියල්ලට නිහඩව සිටීම ...................අනේ මන්දා

    ReplyDelete
  2. 200ක් මරණ, ලක්ෂ එකහාමාරක් අවතැන්. ඉතින් මේ ඉන්නේ ත්‍රස්තවාදියෙක් නොවේ නම් වෙන කව්ද? මා මේ තරම් සංවරව වචන පාවිච්චි කරන්නෙ මොහු තාමත් සිවුර දරාගෙන සිටින නිසා.
    අපිට මුලු මහත් ලෝකය අභිමුව අභිමානයෙන් යුතුව කතා කිරිමට තිබූ අගනාම නිමල මැණික වූයේ නිර්මල බුදු දහමයි.
    මේ ධර්මයරැකගෙන එය ආරක්ෂා කිරිමට සිටියේ සංඝ පරපුරයි. දැන් මේ අගනා මිණි කැටය විනාස කරන්නේ මේ සංඝ පරපුරේම සුලුතරයකුයි.
    අති විශාලම ඛේදවාචකය එය නොවේ. බලයක් සහිත බහුතර සංඝ පිරිසක් මුනිවත රැකීමයි.
    වඩා බලවත් වරද කරනුයේ මුනිවත රකිනා බලයක් සහිත සංඝ පිරිස නොවේද?

    ReplyDelete
  3. පැරා ගොඩක් වෙලාවට කියනවා නේද ජන මාද්‍ය සම්පුර්ණ කතාවම නොකිය අර්ධසත්‍ය දෙසාබාන බව. පැරාට විශ්වාසද මේ සිද්දියේදී ටයිම්ස් හැම පැතිකඩක්ම ආවරණය කළා කියල?
    බෞද්ධ භික්ෂුවගේ වර්ථමාන භූමිකාව ප්‍රශ්නකාරී වුවද එය හුදකලා ප්‍රපංචයක් නොවේ. අනේකවිද ක්‍රියාවන්ගේ ප්‍රතික්රියකයක් පමණි. අනෙකුත් ආගම් ආක්‍රමණි වන්නේනම් එහි ප්‍රතික්ක්‍රියාවන්ද බලා පොරොත්තු විය යුතු දෙයකි. මෙතන ඇත්තේ ආගම මුල්කරගත් දේශපාලන ගැටලුවකි. එය "බෞද්ධ ත්‍රස්තවාදීන්" ලෙස සිල්ලරට හංවඩු ගැසීමට සුදුසු නැත.

    ReplyDelete
  4. ටයිම්ස් වල මොකක් හරි ගියාම එක ගෙඩිය පිටින් පිළිගන්න එක සමාජවාදී ජිවිතේ කෑල්ලක්ද මහත්තයෝ. එක නෙමෙයි ඔයා මේ ලිපිය කියෙවුවද? එකේ තියන හැම දෙකටම එකගද?

    ReplyDelete
    Replies
    1. ටයිම් සඟරාවේ ගියනිසා නොවෙයි, මේ හා සමාන්තරව ලංකාවේ සිදු වන ක්‍රියා හා ඒවායේ නායකත්වය පිළිබඳ ඇති දැනුමත් නිසා මේ කරුණු පිළිගන්න බැරිකමක් නැහැ. අනෙක, බුදු හාමුදුරුවන් කොහේද කියා තිබෙන්නේ ආක්‍රමණික ආගම්වලට මෙහෙම ප්‍රතිචාර දක්වන්න කියලා. ඒක බුදු දහම නොවෙයි.

      Delete
  5. ඔබ කරලා තියෙන්නේ මි මැස්සෝ ඉන්න කාලයක් ලඟට ගිහින් ඒ මි මැස්සන්ගේ ගති ස්වභාවය විමසනවා වාගේ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ. අඩු තරමේ බුරැමයට සංචාරයකට වත් නොගොසින් එහි ජන ජිවිතය සහ එහි මහා සංඝයා වහන්සේ ගැන නිගමනයකට බසින්න බැහැ. ලංකාවේ දෛනික බෞද්ධ ජන ජීවිතය සහ බුරමයේ දෛනික බෞද්ධ ජන ජීවිතය එකිනෙකට වෙනස් , මහා සංඝයා වහන්සේ ගැනත් එහෙමයි.

    මා කියන්නේ කරුණාකර බුරුමයට ගොස් කරුණු හරිහැටියට අධ්‍යනය කර ලිපියක් ලියන්න, මෙහෙම times magazine එකට ආවඩා ලියන එකෙන් ඔබ විසින්ම ඔබව පහත තත්වයකට ඇද දමා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔබ ලියන්නේ බුරුමයට ගොස් කරුණු අධ්‍යයනය කරලා ද?

      එස්කිමෝවරු ගැන යමක් ලියන්න නම් ලියන හැම කෙනා ම ආක්ටික් ප්‍රදේශයට යන්නම ඔනැද?

      එතකොට ඉතිහාසය ගැන ලියන්න අතීතය‍ට යන්න ඕනැද?

      මෙම ලිපිය පදනම් වන්නේ මීට පෙර වාර්තා වූ සිදුවීම් මත මිසක් මෙහි අඩංගු කරුණු කිසිවක් අලුත් නැහැ.

      Delete
    2. බුරුමයද ථෙරවාදී බුදු දහම තියෙන රටක් නිසා ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නවා බුරුම බෞධයොත් ලංකාවේ බෞධයොත් සිතුවිලි අතරින් එක සමාන කොටසක් බව. එත් ඒක එහෙම නොවන බව වැටහෙන්නේ බුරුම බෞධයන් ආශ්‍රය කලාමයි. තවත් වැටහෙන කාරණයක් තමයි බුරුම බෞද්ධ ජන චින්තනය තේරුම් ගැනීමට බුරුම බෞධයෙක් ආශ්‍රය කරන්න ඕනෑ. නැත්නම් බුරුමයේ වන්දනායකට යන්න ඕනෑ. එහෙමත් බැරි කමක් තියෙනවා නම් අඩු තරමේ එසේ වන්දනාවක ගිය අයෙකුගේ එම අත්දැකීම් අසා ගෙන ඒවා බෙදා ගන්නවත් ඕනෑ.

      බුරුම බෞද්ධ ජන ජිවිතයේ මුලික අංගයක් වන්නේ බුදුන් වහන්සේ සහ බුදු සසුන (භික්ෂු,භික්ශුනි,උපාසක,උපාසිකා) ගැන තියෙන අප්‍රමාන භක්තිය. තම ජිවන ගැටළු වලට පිහිට පතන්නේ බුදුන්,දහම්,සහ සඟුන් යන ත්‍රිවිධ රත්නයෙන්ම පමණයි. අපි වාගේ දේව පිහිට සොයන්නේ නැහැ.පන්සලේ පැත්තකින් දේවාල නැහැ.

      අනෙක "එස්කිමෝ" මෙන්ම ඉතිහාසය ගැනත් තුලනාත්මකව ලියන්න නම් අධ්‍යනයක් කරන්න ඕනෑමයි. එහෙම නැතුව ලියන්න ගියොත් ලියවෙන්නේ නම ප්‍රලාප තමයි .

      Delete
  6. ඔය කියන "969 ව්‍යාපාරයේ අධිපති විරතු" නම් චීවරධාරියා බුද්ධාගමේ වත්මන් අයිතිකාරයෙක් වෙන්න ඕනෑ.

    බුදු සාඳු බුද්ධාගමට පේටන්ට් එකක් ගත්තේ නෑ. දැන් බුද්ධාගම අයිති වෙන කෂ්ටියකට.

    ReplyDelete
  7. mata nam hitenne mekq buddha kale una nam budhu hamuduruwo time magazine eka ban karanna epa kiyai.anith de tamai ape buddhist la mulim extrimistla wage wela. mulims burn down cities n even placed a peice o slamn rushdi n banished taslima nasrin cz they intolerant to opppsote views. unlile them we buddhist jv values which tought us nt to get distractd by stuff lile this. i wonder wgo made this stupid call to ban times

    ReplyDelete
    Replies
    1. contined -mr. perakum eyi oya methana une monada kiyala hqriyata danne nethuwa save buddhism frm terroist. there are buddhist monks who act like terrorist. bt as busdha said dnt belive someting just bexz ur parents. teachers n books say go n hv a lpok for urself to umderstand. mata jitenawa oya colclusions walata hari ilmanata enawa wage. i myself is a very very young person n u i reapect as an elder bt i think better hv n open mind me.perakum

      Delete
  8. ටයිම්ස් එකේ පල උනයි කියල, ඒක තමයි එකම 'ලෝක සත්‍ය' කියල සියලුම මිනිස්සුන්ට පිළිගන්වන්න පුලුවන්ද?!මට නම් මේ ලිපිය,මේ ලිපිය ලියපු කෙනා ගේ මතය සහ ඒ කෙනා මේ සිද්ධි දකින විදිය පමණයි!

    බටහිරෙක් පැවසු පමණින් මේ සියල්ල ඇත්තටම වෙනවනම්, ලංකාවේ ජිවත් උන අපි ත්‍රස්තවාදින් වෙලා, මරාගෙන මැරුණු කොටි හොද වෙනවද ලෝකෙට!අල්කයිඩා/ජිහාඩ් නිතිය රකින අවහින්සවාදීන් වෙනකන් ඉතින් බෞද්ධයෝ ත්‍රස්තවාදීන් කියල ඉදිරියටත් හංවඩු ගැහෙයි!

    හෙට නිර්මල බුදුදහම සොයා ගන්න යන මිනිස්සුන්ටත් එය සොයාගන්න ලැබෙන්නේත් අද එය රැකුනොත් විතරයි!

    ReplyDelete
  9. බුරුම විරාතු හිමියන් ත්‍රස්‌තවාදියෙක්‌ද ?
    http://www.divaina.com/2013/06/30/forign.html

    ReplyDelete
  10. ටයිම්ස් එකේ මුල් පිටුවේ පළ වී ඇති පින්තූරය සහ හෙඩිම අපහාසාත්මකයි. ඒක මේ බ්ලොග් එකේ දැම්මා කියලවත් ලංකා‍ව ඇතුළෙ ටයිම්ස් එක තහනම් වුනා කියලවත් ලෝක ජනමතය වෙනස් වෙන්නෙ නෑ. පැරා ටයිම්ස් එකේ යන දේ පිළිගන්නවද නැද්ද කියන එකත් ලෝක ජනමතයට බලපාන්නෙ නෑ.

    නිකම් බුරන්නෙ නැතුව අපි සත්‍යය පිළිගනිමු. ලෝක ජනමතය ඉදිරියේ බෞද්ධ අප ලැජ්ජාවට පත් වෙනවා. මේක ටයිම්ස් කාරයා දකින විදිහනේ කියල අපි හිතාගෙන හිටියහම ආත්ම සන්තුෂ්ටියක් විතරක් ලබන්න පුළුවනි. ඇස් දෙකම පියාගෙන හිටියමත් හීනෙන් ලස්සන දේ බලන්න පුළුවනි.

    මෙතන බොරුවට කමෙන්ට් කරන අය කෙළින්ම
    ටයිම්ස් එකට කමෙන්ට් කරන්න. නිර්මල බුදු දහම රැකගන්න කියල හිතාගෙන කරන මෝඩ වැඩ තමයි මේ ත්‍රස්තවාදීන් කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙතන බොරුවට කමෙන්ට් කරන අය ගැන ඇයි මෙයා ඔයා වද වෙන්නේ ඔයාගේ බූදලේද මේක

      Delete
  11. ලෝකය කියන්නේ ලංකාව නොවේ.ලංකාව කුඩා කොදෙව්වකි. මේ ටයිම්ස් සඟරාව ලංකාවට පමනක් කියවීමට මුද්‍රණය කල එකක්ද නොවේ. ලංකාව තුල නම් මෙය තහනම් කල හැක. ඒත් මෙය ලෝකය පුරා බෙදා හරින ලෝකයේ ප්‍රමුඛ සඟරා අතුරින් එකකි.. කොපමණ බොරු ලිව්වත් ලංකාවේ පුවත්පත් වල පලවන බොරු ඉස්මුදුනින් පිලිගන්නා අය බොහොමයක් සිටින ලංකාවේ අය මෙන්ම ටයිම්ස් සඟරාවේ මතය පිලිගන්නා මිනිසුන් ලක්ෂ සංඛයාවක් සිටිති. මෙම සඟරාව ලෝකයේ ජනමතයට විශාල බලපෑමක් කල හැකි සඟරාවකි.
    සත්‍ය වශයෙන් පිලිගන්නවානම් ලංකාව නම් කුඩා කොදෙව්වෙන් පිටත ආසියාවෙන්ද පිටත බුදු දහම පිලිගන්නා බුදු දමට ලැදි, බුදු දහම ඉගෙන ගැනීමට සූදානම් ලක්ෂසංඛයාත පිරිසක් සිටිති.බුරුමය අත්හැර අපේ ලංකාව දෙස බැලුවත් අපට පෙනෙන්නේ බෞද්ධයින් ක්‍රමයෙන් හැරෙන්නේ ත්‍රස්තවාදය දෙසට බවයි. අද දවසේ අවශ්‍ය වන්නේ දේශපාලකයින්ගේ ප‍ටු දේශපාලන අවශතාවයන්ට බුද්ධධර්මය බිලි නොදී, බුද්ධ ධර්මය ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස හංවඩු නොගසා, ලංකාව තව තවත් ලෝකයාගෙන් කොන් නොවී, නිර්මල බුදු දහම ‍රැක ගැනීම සඳහා නිර්මල බුදු දහම පිලිගන්නා සැබෑ බෞද්ධයින් සංවිධානගතව පෙරට ආයුතු කාලයකි.

    ReplyDelete
    Replies
    1. සැබෑ බෞද්ධයින් ලෙස සංවිධානගතව පෙරටඇවිත් මරණානුස්‌සතිය වඩමු

      Delete
    2. කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට වෙනමොන කෙංගෙඩියද තව ඕන කරන්නේ කියල, දෙන දෙයක් කාල වෙනදෙයක් බලගෙන ඔන්න ඔහේ ඉමු නේද? මොනවටද නිකං මරණානුස්සතිය වඩන්නෙ.

      Delete
  12. මේක බොරුවක් නෙමෙයිනේ. මේ තමයි යථාර්තය. දැන් ඔය ටයිම් එක පබ්ලිෂ් කරන රටවල් වල අය මුස්ලිම් අයට ආදරේද ? නෑනේ. එයාලා තමයි මුස්ලිම් රටවල්වලට ගේම දෙන්නේ මහා පරිමාණයෙන්ම. නමුත් සීන් එක ලීඩ් කරන්නේ පොලිටික්කෝ. පල්ලිය හෝ පූජකයින් ඒවාට කිසිම සම්බන්ධයක් නෑ. අඩුගානේ ආමි කාරයන්ට බ්ලෙස් කරන්නවත් යන්නේ නෑ. ඇතුලෙන් මොනවා යනවද කියන්න අපි දන්නේ නෑ. නමුත් පේන දේ ඒකයි. අපේ ගොන් වහන්සෙලයි, කවරේ ඉන්න වහන්සෙලටයි නොතේරන ධර්මය ඕකයි. කොහොම නමුත් මේක ගෞතම බුදුන්ට කරනා අපහාසයක්/ මොකෝඅ මුනැහේලා ඇඳගෙන ඉන්නේ ඒ යුනිෆෝම් එකනේ. වැඩේට යනකොටවත් ඩෙනිමක් ටී එකක් ගහගෙන බැස්ස නම් හාමුදුරුවනේ...

    ReplyDelete
    Replies
    1. "මේක බොරුවක් නෙමෙයිනේ. මේ තමයි යථාර්තය. දැන් ඔය ටයිම් එක පබ්ලිෂ් කරන රටවල් වල අය මුස්ලිම් අයට ආදරේද ? නෑනේ. එයාලා තමයි මුස්ලිම් රටවල්වලට ගේම දෙන්නේ මහා පරිමාණයෙන්ම. නමුත් සීන් එක ලීඩ් කරන්නේ පොලිටික්කෝ."

      අපිට එහෙම එවුන් නැති හින්දා අපේ දේවල් අපිටම කර ගන්න වෙලා තියෙන්නේ.
      "වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව"

      Delete
  13. මං නං මේකේ ආසම කෑල්ල තමයි..පැරා වගේ මාක්ස්වාදී භෞතිකවාදීන් ඇවිල්ලා බුද්ධාගම වගේ ආගං සුද්ද කරන්න දගලන දැගලිල්ල...කවුරු හරි කමක් නෑ මේක ඇවිල්ලා සුද්ධ කරල දෙනවනං අයිබොං.....කන්න ඕනා උනාම කබරගොයා තලගොයා වගේ පේනවා කියලා නම් අපි කියන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. පැරාට මාර පුකේ අමාරුවක් තියෙන්නේ මේ බුද්ද සාසනේ ගැන. හැබැයි ඇහුවොත් කියන්නේ මට ආගමක් නැ කියලා. එහෙනම් මොන මඟුලක්ටද අනුන්ගේ ලබ්බවල් හොයන්නේ වැඩක් නැති ආගම් වලට මකබැවෙන්න කියලා ලියපන්කෝ වෙනත් ප්‍රශ්නයක්. පැරාට කොහොමටත් පොස්ට් 3-4කට එකක් බුද්දාගම ගැන දාන්නම ඕන. අනේ මන්දා ඔය ගැන කල්පනා කරනකොට හිතෙන දේවල් කියලා වැඩක් නැ.

      Delete
    2. ඔය පැරා කියන කුහක දෙබිඩ්ඩා ඔය වගේ දේවල් ගානට මග හරිනවා. ඒවට reply කරන්නේ නෑ. කුහක දෙබිඩ්ඩා

      Delete
  14. මට ගැටලු කිපයක් තියනවා.
    1. මොන පදනමක් ඇතුවද, බුද්ධාගම මහායාන සහ තේරවාද කියල කොටස් දෙකකට බෙදෙන්නෙ ?
    2. ඇයි මහායාන බුද්ධාගම තියන රටවල මේ වාගෙ ප්රශ්ණ අඩු ? තවත් විධිහකට අහනව නම් ඇයි තේරවාද බුදුදහම තියන රටවල මේ තරම් සමාජ දුෂණය වැඩි ?
    3. ඇයි බුදු හාමුදුරුවෝ තුන් පාරක් ලංකාවට ඇවිල්ලත් ලංකාවට තමන්ගෙ දර්ශණය ශ්රි ලාංකිකයන්ට නොදුන්නේ ?
    4. එහෙම දුන්න කියල යමෙක් කියනව නම්, ඇයි අශේක රජතුමා බුදු දහම ලංකාවට ආපහු එවුවේ.
    5. එහෙම බුදු දහම ආවට පසුවත්, ඇයි වැඩවසම් සමාජ ක්රමයක් යටතේ වංගෙඩියෙ දාල කෙටීම වගේ අමානුෂික දඩුවම් ලංකාවෙ තිබුනෙ ?
    6. ඒ තරම් දියුණුයි කියන සමාජයක නිතිය, සමානාත්මතාවය වර්ධනය වන නිති ක්රම ආවේ විදේශ ආක්රමණ වලින් පසුව. පැහැදිලිමව විදේශ ආක්රමණ දක්වා කාලය ගත කරල තියෙන්නෙ ඉතාමත් අමානුෂික, ගෝත්රික මානසිකත්වයකින්. එය පැහැදිලි කරන්න පීලීවන්ද ?
    7. ඔබ කුඩා කාලයේ දුටී ලංකාවෙ සමාජය සහ දැන් දකින සමාජය සංසන්ධනය කළොත්, සමාජය පරිහානියට යන එකට බුද්ධාගමේ දායකත්වක් ඔබ දකිනවද, නැද්ද ?
    8. මේ පරිහානිය අනිත් ආගම් තුලත් ඔබ දකිනවද ?
    තව ප්රශ්ණ තියනවා. දන්න කෙනෙක් කියල දෙන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් දෙයියෝ බොලාව මවන වෙලාවෙම ඕවා උඹට කියල නොදුන්නෙ?

      ඇයි බන් බොලාගෙ දෙය්යන්ට තිබ්බනෙ බොලාගෙ ආගම විතරක් මවන්න, එතකොට ප්‍රශ්නේ ඉවරනේ.

      ප. ගෝ.

      Delete
    2. මී හරකෝ, මම තම්බියෙක් නෙමෙයි, තෝ වගේම සිංගල බෞද්ධයෙක්. තප්පීලන්නෙ නැතුව, අහපු ප්‍රශ්ණ වලට උත්තර දිපන්. ගැටලු විසඳගන්නේ සාකච්ඡා කරල.

      Delete
    3. හරි, ඔබ "සිංහල බෞද්ධයෙක්" කෙසෙ වෙතත්, "බෞද්ධයෙක්" නම්,
      1,2,3,4 වලට උත්තර දැන ගෙන සිටිය යුතුයි. නැත්නම් කරුණාකර "බුද්දාගම්" කාරයකු හෝ "උප්පැන්නෙන් බෞද්ධයෙක්" වගෙ යෙදුමක් පාවිච්චි කරන්න.

      5,6, 7 - ඔබ "සිංහල බෞද්ධයෙක්" නේ. පන්සිල් හරියටම රකිනවාද? අට සිල්? සිඟාලොවාද සූත්‍රයෙ කියන දේ පිලිපදිනවාද? බුදුන් දෙශනා කරපු විදියටම ජීවිතය පවත්වාගෙන යනවද? නෑනෙ. පුද්ගල හා සමාජ ක්‍රියා කරකම් කියන්නෙ ආගමම නෙවේ, එතකොට හිතන්න. අඩුම ගානෙ දහම් පාසලක ජෙශ්ඨ කතික තරඟයක් අහන්න ගියොත් 5,6,7 ගැන විස්තරක් බෝහො විට දැන ගන්න පුලුවන් වෙවි.

      8. නොදනී

      ප. ගෝ. + මී හරකා

      Delete
    4. කිවුවත් වගේ.. මට ඒක අමතක උනා. දැන් කියන්නම්කො. මම උපතින් උප්පැන්නේ හැටියට සිංහල බෞද්ධයෙක්. පස්සෙ ඒ ගෝත්රික අදහස් වලින් අයින් උනා. ඒකෙන් අදහස් කරන්නෙ බුද්ධාගම නොපිලිගන්නව කියන එක නෙමෙයි. ලංකාවේ තියන ගෝත්රික බුද්ධාගම අත්හැරියා කියල.
      හරි මම 1,2,3,4 ප්රශ්ණ වලට පිළිතුරු දන්නැහැ. ඒක නිසයි ඇහුවෙ. දැන්වත් කියනවද ඒ ගැන.
      5,6,7. මම පන්සිල් රකිනවද නැද්ද ? කොටින්ම මම පන්සිල් ගන්නෙ නැහැ. හැබැයි අන් සතු පණ නහන් නෑ. අනුන්ගෙ දේවල් ගන්නෙ නැහැ. ඊ ලග එක ආරක්ෂා කරන්න ගියොත් ගැනී පිට යන්න ඉඩ තියන තියන නිසා ඒක නම් කොහොමත් කරන්න බැ.බොරු නොකිය ඉන්න හැම වෙලාවකම උත්සහ කරනවා. ඉඳල හිටල පොඩ්ඩක් ඇරගන පැය කීපයක මත් උනත් ජාති වාදයෙන්, ආගම් වාදයෙන් මත් වෙලා සමාජයේ සමානාත්මතාවය, අන්යෝන්ය සබඳතාවය විනාශ කරන්න තරම් මත් වෙන්නෙ නැහැ.. කොටින්ම මම ජීවත් වෙන්නෙ මට හරිය කීියල හිතෙන විධිහට.
      ඉතින් මේ ප්රශ්ණ වෑල මට වැඩක් නැහැ. මම ඇහුවෙ බොහොම ප්රායෝගික ප්රශ්ණ කිපයක්. මට වෑල් වටාරම් නැතුව ඒකට උත්තර කියනවාද ?
      8 ට උත්තරේ ගැන පස්සෙ කතා කරමු.

      Delete
    5. pin gono thun wana sil padaya rekkoth geni pita yanne komada byrywo??? kamaya waradawa hesirima kiyanne,,,wena un ekka e kiyanne hora genu ekka inne ne kiyala samadan wenawa...
      badu gahanneththe dasa sil ho ata sil waladai... ekedi samadan wenne ABRAHMACHARIYA WERAMANI....ponnaya

      Delete
  15. කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට වෙනමොන කෙංගෙඩියද තව ඕන කරන්නේ කියල, දෙන දෙයක් කාල වෙනදෙයක් බලගෙන ඔන්න ඔහේ ඉමු නේද? මොනවටද නිකං මරණානුස්සතිය වඩන්නෙ.

    ReplyDelete
  16. මේ කොමෙන්ටු දාපු කී දෙනෙක් ටයිම්ස් සඟරාවේ පළවූ ඔය ලිපිය කියෙව්වද?
    වෙනත් ආගම්වලට අදාල පින්තුර වගේම ගෑනුන්ගේ පින්තුර පලවෙන පත්තර, සඟරා වල පිටු ඔය විදිහට ඉරාදමන තවත් රටක් තමයි සවුදි අරාබිය. ඒ රට ගැන අලුතින් කියන්න අවශ්‍ය නැහැනේ? එසේනම් මෙතන තිබෙන ප්‍රධාන ප්‍රශ්නය ලංකාවේ මේ ආගමික අන්තවාදී ගමන මේ සිද්ධියෙන් නැවතත් සනාථවී තිබීමයි.
    සවුදිය අන්තවදීයි කියන අපේ බොදු සැදැහැවත් පිරිස මේවා සාධාරණීකරණය කිරීමෙන්ම පෙනෙන්නේ එම බෞද්ධ තලෙබන්කරණයම නොවේද? ටයිම්ස් සඟරාවේ පළවූ මේ ලිපියේ අඩංගු කරුණුවල සත්‍ය අසත්‍ය භාවය තීරණය කලයුත්තේ එය කියවන අය නොවේද? එසේනම් අප කලයුත්තේ අදහස් දැනගැනීමේ අපේ අයිතිය අවුරන මේ බලවේගයන්ට විරුද්ධවීම නොවේද?

    ReplyDelete
  17. අනේ අම්මපා බුදු දහම මේ වගේ අයගෙන් බේරගන්න පැරාට තියෙන උනන්දුව දැක්කම තනි ඇහැට ඇඩෙනවා .
    //බෞද්ධයිනි, සැබෑ බුදු දහම සොයා යන්න. බුදු හිමියන්ගේ ශ්‍රී නාමය මේ ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්න//.
    බලන්න පින්වතුණි අපේ පැරා මෙහෙම කියනකොට කාගේ ලේ ධාතුවද උණු වෙන්නේ නැත්තේ? බෞද්ධයන්ට හෝ සිංහලයන්ට විරුද්ධව කොහේ හරි මොනවහරි තියෙනවනම් මේ මාක්ස්වාදියොන්ට කිසිම අපුලක් නැතුව එයාලත් එක්ක එක පෙලට හිටගන්න පුළුවන්. එතකොට එකම කොන්දේසිය බෞද්ධ විරෝධී වීම පමණයි. මේ සඟරාවේ වෙන මොනවහරි දාල තිබුන නම් බලන්න තිබුණා ධනපති මාධ්‍ය මුදලාලිලාට අයිති සඟරා ගැන මෙයා වදන් තෙපලන විදිය.ඒක නෙවෙයි පැරා ඔයා ඉතින් මාක්ස්වාදියා නිසා අපේ ආගම් යහමගට ගන්න උගන්වන්න කලින් ඔයාලගේ මාක්ස්වාදී පක්ෂ ටික එකමුතු කරගන්න විදියක් බැලුවොතින් නරකද? දැන් බලන්නකෝ අනේ ලංකාවේම එහෙම පක්ෂ කීයක් නම් තියෙනවද? හැමෝම කියන්නේ " කම්කරුවනි එක්වව්" . එත් එයාල බෙදිලා.
    ජනතා විමුක්ති පෙරමුණ
    දේශවිමුක්ති ජනතා පක්ෂය
    ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
    ලංකා සම සමාජ පක්ෂය
    එක්සත් සමාජවාදී පක්ෂය
    නව වාමාංශීක පෙරමුණ
    ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශීක පෙරමුණ
    නව සමසමාජ පක්ෂය
    විප්ලවවාදී කම්කරු පක්ෂය
    ජාතික විමුක්ති පෙරමුණ
    ලංකා සම සමාජ පක්ෂය(විප්ලවවාදී)
    මේ කිහිපයක් විතරයි. හැබෑටම මේවයින් මොකක්ද හරියටම මාක්ස්වාදී? මාක්ස්වාදය වගේ පරිපුර්ණ දර්ශනයකට වරදින්න විදිහකුත් නෑනේ?

    ReplyDelete
    Replies
    1. ඔය පැරා කියන කුහක දෙබිඩ්ඩා ඔය වගේ දේවල් ගානට මග හරිනවා. ඒවට reply කරන්නේ නෑ. කුහක දෙබිඩ්ඩා

      Delete
  18. පැරා කිසිම ආගමක් අදහන්නෙ/පිලිගන්නෙ නෑනේ. එ ඒක හින්දා බොරුවට බුදු හාමුරුවෝ ගැන කිබුල් කඳුලු හෙලීමක් තමයි මේ. කොටින්ම ගම්වල වට්ටි අම්මලත් මෙහෙම කරනවානෙ, ප්‍රශ්ණ උල්ලුප්පලා පෙන්නන්න. පැරා කෙලින්ම බුරුමෙ ප්‍රශ්නෙ ගැන කතා කරන්න. කෙල්ලින්ම කියන්න ඔයාට කියන්න ඕනෙ දේ, බෞද්ධ භික්ශුවක් මිනී මරන්න මුල් වෙලා කියන එකනෙ ඔඅයා වටින් පිටින් කියන්න හදන්නෙ. බොරුවට බුදු හාමුදුරුවො පව් පව් කියන්නෙ නැතිව. මට දුක මෙච්චර මාද්‍ය ලෝකෙ ගැන දන්න උඹල ටයිම් වගෙ ඒවාගෙ හෙඩ්ලයින් විතරක් කියවලා නිගමන ගන්න එක.

    කකා ගැන පලවෙනි පාරට කොමෙන්ට් කරන්නෙ, සිරාවට මහ පල් බූරුවෙක්. එච්චරයි. අනිත් උන් මිනිහා ගැන කියන කතා හරි.

    (මගේ කොමෙන්ට් එක බුරුමයේ/එම භික්ශුවගෙ ක්‍රියා කලාපය ගැන නොව ලිපිය ගැනය )



    -ප. ගෝ.

    ReplyDelete
    Replies
    1. ඇඟිල්ලක් දික්කරලා පැරා හරි මොකා හරි යමක් පෙන්නපුවහම වැඩි දෙනෙක් කරන්නෙ ඇඟිල්ල දිහා බලන එක කියලයි මං හිතාගෙන හිටියෙ. දැන් බලනකොට වැඩි දෙනෙක් කරන්නෙ ඇඟිල්ල අයිතිකාරයා දිහා බලන එකනෙ.

      Delete
    2. (මගේ කොමෙන්ට් එක බුරුමයේ/එම භික්ශුවගෙ ක්‍රියා කලාපය ගැන නොව ලිපිය ගැනය )

      Delete
  19. පැරා මට උබ පට්ට වීරයෙකි මන්ද නිකම්ම නිකන් ඇනෝලාට මෙතරම් සතුරන් සිටිය නොහැකි බැවිනි.

    ReplyDelete
  20. /අහිංසාව ආත්මය කර ගත් ගැඹුරු ධර්මයක් දෙසූ බුදු හිමියන්ගේ ශ්‍රී නාමය කෙළෙසූ මේ බෞද්ධ ත්‍රස්තවාදීන්ගෙන් බුදු සසුන බේරා ගැනීම සඳහා සැබෑ බෞද්ධයෝ දැන්වත් පෙරට පැමිණිය යුතු ය/

    පල කසිකබල් මාක්ස්වාදියා යන්ඩ බොරදියේ මාලු බාන් නැතිව​. එනවා මෙතන කිඹුල් කදුලු හලන්ඩ​.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා