ප්‍රභූවරුන් කුලියට මිනී මරන තත්වයක් ඇති වුණේ කෙසේ ද?

බම්බලපිටියේදී පොලිසිය පහර දී දියේ ගිල්වා මානසික රෝගියකු ප්‍රසිද්ධියේ මැරූ
නියෝජ්‍ය පොලිස්පතිවරයකු පමණක් නොව උප පොලිස් පරීක්ෂකවරයකු වුවත්, අයත් වන්නේ මධ්‍යම පංතික සමාජ මට්ටමටයි.

සාමාන්‍යයෙන් මේ පංතියේ මිනිස්සු ආත්මාර්ථකාමී ය; උන්නතිකාමී ය. එහෙත්, මේ පංතියට යම් සදාචාරයක් නැත්තේ ම නැත. 

මේ පංතියේ අය ඕනෑ තරම් මිනී මැරීම සඳහා කොන්ත්‍රාත් දීම කර තිබේ. භෞතිකව මිනී මැරීම ද කර තිබේ. 

විශේෂයෙන් ම යුද්ධවලදී, කැරැලි මර්දන කටයුතුවලදී, දේශපාලනයේදී ආදියේදී සතුරන් ලෙස හඳුනා ගන්නා පුද්ගලයන් මරා දැමීම තමන් තුළ සාධාරණීකරණය කර ගැනීම යම් තරමකට හෝ තේරුම් ගන්නට අමාරු නැත.

මේ අනුව මොට්ට ආයුධයකින් පහර දී ලසන්ත වික්‍රමතුංග නම් මාධ්‍යවේදියා මහ දවල් මහ මග මරා දැමීම වුවත් තේරුම් ගන්නට පුළුවන.

සමාජයේ මහා ප්‍රභූන් හා සාන්තුවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් අතර ඕනෑ තරම් මිනී මරුවෝ සිටිති. ඔවුහු සාමාන්‍යයෙන් බලය හා ධනය සම්බන්ධ හේතු මත සතුරන් මැරවූ අයයි.

එහෙත්, සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති නියෝජ්‍ය පොලිස්පති වැනි ප්‍රභූ තනතුරක් දරන කෙනෙක් කුලියට මිනී මැරීම නම් සමාජ පරිහාණියේ ගැඹුර නිරූපණය කරන අලුත් කැඩපතකි.

අප ජීවත් වන්නේ කුමන අන්දමේ තිරිසන් සමාජයක ද යන්නත්, අපේ දරුවන් සිටින්නේ කෙතරම් අනාරක්ෂිත තත්වයක ද යන්න හා අප ඔවුන්ට උරුම කර දී තිබෙන්නේ කුමන තරමේ කාලකන්නිකමක් ද යන්න ගැනත් අපි දැන්වත් ගැඹුරින් වටහා ගත යුතු ය. 

සිද්ධි හුදකලාව ගෙන මෙම පරිහාණි‍‍යේ ස්වභාවය හඳුනා ගත නො හැකි ය. මෙම තත්වය පසුබිමේ පසුගිය සමයේ ගොඩනැඟුණු සීමාන්තික ධනකාමය හා බලකාමය පමණක් නො ව ජාතිවාදය, ආගම්වාදය හා නීතියේ ආධිපත්‍යයේ හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන්ගේ බිඳ වැටීම ද තිබේ.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ප්‍රධානම හේතුව, නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක නොවීම. මිනිමරුවෝ කී දෙනෙක් ගෙඩ්ගර යැව්වද? ජනාධිපති බලතල පාවිච්චි කරලා. ජනාධිපති ක්‍රමය නෙමෙයි නැති කරන්න ඕන. මේන්න මේ වගේ කාළකන්නි බලතල. ඒවා ගැන එකෙක්වත් කතා කරන්නෙ නෑ. අඩුගානේ සෝභිත හාමුදුරුවොවත්.

    ReplyDelete
  2. දැන් ඔය විදියට හැම එකම විවේචනය කරන අජිත් ට රට දුන්නොත් මොනාද කරන්නේ?
    නිකං හැම එකම විවේචනය් කර කර ඉන්නේ නැතිව ඔහෙට රට දුන්නොත් (හීනෙන්වත් එහෙම වෙන්න එපා කියලා මම පාර්ථනා කරමි) මොනාද කරන්නේ ආ?
    ඉස්සෙල්ලම මොනාද කරන්නේ?

    අජිත් ගේ අදහස් විතරක් අවශ්‍ය වේ. තෝල්කයන් ගේ අදහස් අනවශ්‍ය.

    (පොඩ්ඩක් ඊමේල් බලන්න පැරා. මම ඊමේල් එකක් එව්වා.)

    ReplyDelete
    Replies
    1. ඕකා මොනාවත් කරන්නේ නෑ, දැන් ලියයි ඔහෙට කිසිදෙයක් කියවලා තේරුම් ගන්න බෑ, ඔබ වැන්නවුන්ට ස්වයං වින්දනයේ යෙදීමට අප බාධාවක් කර නොගන්න,මේ රජයට අවශ්‍ය ඔබ වැනි පුද්ගලයන්ය කියලා. ඒ මුකුත් නැත්තම් ඇනෝ ඇවිල්ලා බනියි උඹට කනේ ඇඟිලි ගහගන්න. ඔන්න ඕවා තමයි පොන්න පැරාගේ ප්‍රතිචාර.

      Delete
    2. ඔහෙට කිසිදෙයක් කියවලා තේරුම් ගන්න බෑ, ඔබ වැන්නවුන්ට ස්වයං වින්දනයේ යෙදීමට අප බාධාවක් කර නොගන්න, මේ රජයට අවශ්‍ය ඔබ වැනි පුද්ගලයන්ය.

      Delete
  3. පැරා එක්ක එකඟ වෙනවා හැර වෙන දෙයක් නෑ

    ReplyDelete
  4. සේවා නීති බල්ලට දමා ලොක්කන්ගේ ඉඳුල් කන්නට යන එකාගේ ලැජ්ජා බය මුලින්ම නැතිවෙනවා.ඉන්පස්සේ ඌට කරන්න බැරි දහදුරා වැඩක් නැහැ.රජයේ නිලදාරීන් තමන්ගේ පාදඩ වැඩවලට යොදාගන්න දේශපාලකයින් මේවට ප්‍රධාන වශයෙන් වග කියන්න ඕන.

    ReplyDelete
  5. වාස්ව මහ උළු ගෙදර යැව්වොත් බැරියෑ...(ෆොන්සේකාට ගේම දීපු එකේ වාස් කජ්ජක් නෙවේ..ඒ උනත් වාස්ට මොනවත් වෙන්නේ නැහැ මේ ආණ්ඩුවෙන් ..මොකද කට්ටියම එක පිලේ...)80 ගණන් වල ඉඳන් සියලු දේශපාලකයන්ගේ සමීපතම , දක්ෂම බැජියෙක් තමයි වාස් කියන්නේ...වාස්ගේ මයිලක් වත් හෙලවෙන්නේ නැහැ..

    ReplyDelete
  6. Mema mineemaru kappan karayan balaye thaba ganemen wenne anagatha parama parawe vinasaya.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා