හුළං හමාගෙන, හමාගෙන යනකොට ඔන්න හුළං බොකනවා ය කියා කාලගුණේ ඔවුන්ගේ වෙබ්සයිට් එකේ දැම්මා ය

කාලගුණය මිනිස් ගති සේ වෙනස් වන දෙයකි.

ගිලීමගෙත් ඇත දත සුද්දෝ කිව්වා වාගේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වුණත්ඇත්ත කියන්නේ නැත්තේ ම නැත.

කොහොම වුණත්, අඩු ගණනේ ධීවරයින් හෝ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන දේ විශ්වාස කර ඇති බව පෙනේ. එහෙම හරි පිරිසක් මේ රටේ හිටපු එක ඇත්තෙන් ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නඩත්තු කිරීම සඳහා වැය වන මහජන මුදල් සම්භාරය යුක්තියුක්ත කරයි.

අනෙක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තිබෙන එක ම රාජකාරිය කාලගුණ අනාවැකි කීම නො වේ. සුළිසුළංවලට නම් තැබීම හා ඉන් පසු ඒ නම් ගැන සමාව අයැදීම, දෙයියන්ට පුද පූජා පැවැත්වීම වැනි වැදගත් වැඩ ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබේ. දැන් අරිසෙන් අහුබුදු ශූරීන් නැති නිසා ජාතියේ නම් තබන්නා වන්නට ද කාලගුණේට පුළුවන. 

කාලගුණ විද්‍යාව ය කියා කියන්නේ මේ නො දන්න අපට නම් තේරෙන ආකාරයට වැස්සාම වතුර එකතු කර, මැන මෙච්චර වැස්සා ය කියන එක ය. ඔය විදියට ම උණුසුම ගැන ද සුළඟ ගැන ද කියනවා ය. 

අනාවැකි කියන්නේ වැහැගෙන, වැහැගෙන යනවා නම් ඉදිරියටත් වහිනවා ය කියන එක ය. වෙනදාත් කෙරෙන විධියට මේ කුණාටු දවසේ ද රෑ හුළං හමාගෙන, හමාගෙන යනකොට ඔන්න හුළං බොකනවා ය කියා කාලගුණේ ඔවුන්ගේ වෙබ්සයිට් එකේ දැම්මා ය. 

ධීවරයෝ ඒ වෙලාවේ මුහුදේ හිටියාට, ඔවුන් ලැප්ටොප් ඕෆ් කර ඕෆ්ලයින් වෙලා මාළු අයින්වලට ඇම ලයින් දමමින් සිටියාට කාලගුණේ මොනවා කරන්න ද? 

ඒ නිසා සහෝදර සහෝදරියනි, අච්චර, මෙච්චර ධීවරයන් මැරුණා ය කියා කාලගුණේ සමාව ඉල්ලිය යුතු නැත. ධීවරයන්ගෙන් වැඩි දෙනෙක් සිංහල බෞද්ධයෝ නො වෙති. අනෙක ගෙරි මස්වලින් පසු අත තැබිය යුතු ඊළඟ දෙයකි මාළුවා. හරක් මරන හම්බයාගෙන්පසු මාළු මරන ක්‍රිස්තියානුවාට ද වැඩේ දුන් විට චිකන් කන බෞද්ධයා සුරැකෙනු ඇත.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ලංකාවේ ධීවර ඇමතිත් හුළඟේ ගහගන ගිහින්ද. මුළු ළෝකෙම නාලිකාවල ප්‍රධාන ප්‍රවෘත්තියක්. වෙන රටකනම් මාලු කාරයෝ මහා උද්ඝෝෂණයක් කරණවා. අහිංසකයෝ වෙනුවෙන් එකෙක්වත් නෑ.. තාමල් මලකඳන් ගොඩගහනවා. කාළගුණේ එවුන්ට වැහි නැතිව හෙන ගහන්න ඕන. කාළකන්නි.

    ReplyDelete
  2. මම හිතන්නේ පැරා කාලගුණ dep එකෙන් කිව්වත් ඒවා ජනතාව අතරට යන්නේ නැහැ..අනිත් දේ කාලගුණ dep එකෙන් කියන දේවල් වලට කව්රුත් ඇහුම්කන් දෙන්නෙත් නැහැ අද වෙද්දී ...

    අඩුම තරමේ සුනාමියක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ කාලගුණේ ඉන්න මිනිස්සු...සුනාමියක් ඇවිල්ලත් ඉතින් වෙච්ච දේ දැක්කනේ..වෙන රටවල කාලගුණ dep එක්ක අන්තර්සහයෝගය මත එන තොරතුරු වත් හරියට කියා ගන්න ක්‍රමයක් නැහැ ....

    ReplyDelete
  3. පැරා, උඹත් මහ මානසික ලෙඩෙක් බන් අර කතන්දර කාරයා වගෙ. මොන ලබ්බෙන් පටන් ගත්තත්, උඹ මැක්කගෙ කතාව වගෙ නවත්තන්නෙ "සිංහල බෞද්ධයෝ" කතාවක් ඇදලමයි. ඇයි බන් ඔච්චරටම උඹේ ලේඛන හැකියාව පිරිහිලාද? නැත්නම් උඹට ඔච්චරටම ගෙවනවාද?

    මම, පසුගාමී ගෝත්‍රිකයා

    ReplyDelete
    Replies
    1. ඌ ලියන්නේ උබවගේ ගෝත්‍රිකයිගේ වැඩගැනනේ බන්. ඉතින් ඉවරවෙන්නේ එකම තැනින් තමා.

      Delete
    2. අනේ පැරකුම් අයියේ මටත් ඔය මුන් කියන විදියට ඔයාට සල්ලි ගෙවන උන් සෙට් කරල දෙන්නකෝ මේ විදියට බලනකොට අජිත් පැරකුම් කියන්නෙ ලංකාවෙ ඉන්න ලොකුම සල්ලි කාරයෙක්
      (හැබයි උබ මේවා ලියල සල්ලි ගන්නව කියන උන්ම වෙන වෙලාවට කියනව උබට ගෑනිටයි ලමයින්ටයි කන්න දෙන්න සල්ලි නෑ කියලා)

      Delete
  4. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අලුත් තාක්‍ෂණය නෑ මම හිතන්නේ ඒකයි අවුල.

    අජිත් ට තිබෙනවා මානසික ලෙඩක්. ඒකයි හැම දේටම බෞද්ධයන් ගාවා ගන්නේ.
    මම දන්නේ නෑ මේ බ්ලොග් එක අජිත් ගේ බිරිද හරි වෙනත් හිතවතෙක් හරි කියවනවද කියලා. එහෙනං ඒ අයට කියන්න තියෙන්නේ කරුණාකර අජිත් ව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නා ප්‍රතිකාර අරං දෙන ලෙසයි.

    ReplyDelete
    Replies
    1. එතකොට කාලගුණේ ගැන හරි අධයනයකින් තොරව එක එකාගෙන් සමාව ඉල්ලමින්, පූජා පවත්වමින් යන කාලගුණ විද්‍යාඥයන්ට තිබෙන ලෙඩේ මොකක්ද?

      ඒ සමාව ගැනීම රටේ මතු වූ ජාතිවාදී ආගම්වාදී රැල්ල එක්ක තිබුණු සම්බන්ධය නො පෙනෙන අයට තිබෙන්නේ ඇස් නො පෙනීම ද?

      Delete
    2. @Indika Bina,

      ඇයි ඔයා ලියපුව දැකල කට්ටිය ඔයාව කුදලාගෙන ගිහින් අංගොඩ අත ඇරියද? කොහොමද දැන් ඔයාට දැනෙන්නේ සනීපයි වගේද? එත් ඔයාගේ කොමෙන්ට් කියවන කොටනම් තාම ලෙඩේ සනීප නෑවගේ.

      Delete
  5. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අලුත් තාක්‍ෂණය නෑ මම හිතන්නේ ඒකයි අවුල.

    ReplyDelete
    Replies
    1. එකම අවුල ඒක නෙවෙයි. මම උදාහරණයක් කියන්නම්. මම කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවෙ ඉන්ටවීව් ගියේ දැන් අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා. ගැසට් එකේ තිබුනු විභාගෙ පාස් වෙලා අවුරුදු ගානකට පස්සෙ තමයි ඉන්ටවීව් එකට කතා කරල තිබුනෙ. 15ක් විතර විද්‍යා උපාධි කාරයො ඇවිත් හිටියා. මම හිතන විදියට අවු 4ක භෞතික විද්‍යා විශේෂ උපාධියක් පංති සාමාර්ථයක් සහිතව පාස් වෙලා හිටියෙ මම විතරයි. මට 100%ක් ෂුවර්...... ඇමති කෙනෙක්ගෙ ලියුමක් අරන් ආපු සුදුසුකම් අඩු කෙනෙක් ඒ පු‍ටුවට යන්න ඇති...

      Delete
  6. පැරා, පොත් ගොඩාක් කියවල තියනවා කියල එයාම කියන දීප්ති අයියගේ තිරිමානේ තමන්ගේ දේශපාලන හතුරන් නම් කරලා තිබුණා. ජවිපෙ, පෙරටුගාමියෝ, බූන්දියේ සෙට් එක ඇරුනාම ඔබත් හිටිය. මම හිතන්නේ ඔබ කාටත් දැනෙන දේශපාලනයක් කරනවා වගේ. මොකද හිතෙන්නේ?

    ReplyDelete
    Replies
    1. දීප්ති අයියා, රනිල් අන්කල්ගේ ඊ-නිව්ස් හරි වටින වෙබ් අඩවියක් කියල රෙකමදාරු කරලා තිබුණා. අනේ මන්ද අයියා,

      Delete
    2. පුංචි පහේ හතුරන් තෝරා ගන්න එක දිප්තිගේ පක්ෂයේ තිබෙන වාමාංශික නමටත් ගැලපෙනවා.

      Delete
  7. Angoda gihin danma admit unoth narakada? Sathunge jewithada watinne minis jewithada?
    methuma st mary's collage eke igena gena cristian karayanta kamburanawa.. Hikzz lindhen wathura bee muhudata atha wanana keas ekakne lekaka thuma karanne...

    ReplyDelete
  8. ඔබ මේ ලිපියෙන් කියන දේශපාලනය එක්ක එකග වෙනවා.. නමුත් ඔබත් මෙහි comment දමන බොහෝ දෙනා සලක නොබලන කරුණක් කීමට කැමැත්තෙමි.

    කාලගුණ දෙපාර්තමේන්තුව හරි අනාවැකි නොකීමෙන් ලබන ප්ර්තිලබය කුමක්ද? මෙය කුමන්තරනක්ද? මා සිතන පරිදි කාලගුණ දෙපාර්තමේන්තුව දේශපාලන අත පෙවීම් වලින් පවා ඉතා අඩු විය යුතුය.

    යුරෝපයේ හෝ සෞම්‍ය කලාපයේ ඇති රටවල් ඉතාමත් නිවැරදිය අනාවැකි කීවත්, නිරක්ෂය අසල ඇති tropical රටවලට එම අවස්ථාව නොලැබෙන්නේ ස්වභාවික හේතු නිසා. ඇත්තට කාලගුණ දෙපාර්තමේන්තුවට දත්ත ලැබෙන්නේ දියුණු රටවලින් කක්ෂ ගත කොට ඇති චන්ද්‍රික වලින්ම තමා. කොටින්ම අපිට වැඩ දියුණු ඉන්දියාව වැනි රටවල් පවා අදත් කාලගුණික ගැටළු වලින් ගොඩක් බැට කන්නේ ඒ නිසයි. මතකද ලෝක කුසලාන අවසාන තරඟයකට (අප්‍රිකානු රටක පැවති) කාලගුණයෙන් බද එල්ල උනා.. එහි සංවිදායකයන්ද පැවසුවේ උපරිමයෙන් බැලුවත් මෙම කලාපයේ මෙම අවදානම ඇති බවක්. ඕස්ටේලියාවේ Queensland වලත් අදටත් අනාවැකි කීම ඉතා අපහසුයි.

    අපේ කාලගුණ දෙපාර්තමේන්තුවේ ඕනෑ තරම් අඩු පාඩු ඇතිවාට සක නැත..මට ඒ ගැන කීමට නොහැක. නමුත් මාධ්‍ය හා කරුණු නොදත් කම නිසා කාලගුණ අනාවැකි ගැන බොහෝ තැන වලදී සිදුවන කතා ඇතැම් විට අසාදාරන බව සිතු නිසා මෙය ලිවීමි.

    (මම විනෝදාංශය ලෙස කොරල් පර ආශ්‍රිතව කිමිදීම කරන්නෙක් බැවින් ලංකාව මෙන්ම ඊසානදිග ආසියානු රටවල් හා ඕස්ට්‍රේලියාවේ කාලගුණික අනාවැකි සමග කලක් ගනු දෙනු කර ඇත්තෙමි.)

    ReplyDelete
  9. ////ගෙරි මස්වලින් පසු අත තැබිය යුතු ඊළඟ දෙයකි මාළුවා. හරක් මරන හම්බයාගෙන්පසු මාළු මරන ක්‍රිස්තියානුවාට ද වැඩේ දුන් විට චිකන් කන බෞද්ධයා සුරැකෙනු ඇත. ////
    මෙය නම් කිසිදු පදනමක් නැති කතාවකි අන්තාවාදී ආගමික ක්‍රියාකාරකම් හා මෙම සිදුවීම අතර ඇති සම්බන්ධය කුමක්ද ?

    ReplyDelete
  10. "හරක් මරන හම්බයාගෙන්පසු මාළු මරන ක්‍රිස්තියානුවාට ද වැඩේ දුන් විට චිකන් කන බෞද්ධයා සුරැකෙනු ඇත". නියම කෑල්ල . හික් හික්

    ReplyDelete
  11. Lankawe kalaguna departhamenthuwata naweena thakshanaya samaharawitaden lebilaethi.Namuth Kalaguna departhamenthuwata Janatha wishwasaya newatha DInagatha yuthuwa THibenawa.(eya Aniwaryai) IN passe janathawa Dinapatha kalaguna news Ahanna Pelabewi.Batahira Adhirajya wadi ratawanam,peya 1/2 n1/2 guwanwiduliya,rupawahiniya kalaguna news yawath kaleena karanawa,(KOIDETATH Kalagunaya Gena janatha wiswasaya thahawurukara Gathayuthi)

    ReplyDelete
  12. Oya hambayanta Parage love ekath NGO ekak wageipenne,,Maha loku minihekwage gasa thirayai,Arakai mekai hemareddama liyanawa.Mthugama inna miniha Aluthgamai Dharganagarayi Athra wenasa Dannene.Eunata "DHARGA NAGARAYA MEDIN charikawak kiyala liwwa. Hariyata "GAASA Thiraya Medin"wage Kiyawana(Nodanna) ekage ange mile kelinwenna,Allapu gamae sinhala minissunta wiruddawa denadena Pcha liwwa.(Paththagodaya)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා