ගසව් ගසව් කැරළි ගසව් - තම්බි රටෙන් එළවපියව් - ගව මස් කඩ වසාපියව්

sinhala ravaya
මේ ඡායාරූපයේ තොප්පි පැළඳ සි‍ටින උපශාන්ත මුහුණු ඇති පුද්ගලයෝ
 පූජ්‍ය පක්ෂයට අයත් නොවේ. 

ගව ඝාතනය නවත්වන්නැයි ඉල්ලමින් සිරුරට ගිනි තබාගෙන මිය ගිය බෝවත්තේ ඉන්ද්‍රරත්න හිමියන්ගේ දේහය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් අරලියගහ මන්දිරය දක්වා පෙළපාලි ගිය හා මස් කඩ කැඩූ බව කියන සිංහල රාවය සංවිධානයේ පෙළපාලියේදී මෙම සටන් පාඨ කියවෙන ආකාරය අසන්නට ලැබේ.

මෙම වීඩියෝවේ රැස්වීමක් අමතන සිංහල රාවයේ අක්මීමන දයාරත්න හිමි රට පුරා අන්‍යාගමික ස්ථාන, පල්ලි, කල්ලි, යාඥා මධ්‍යස්ථාන, නීත්‍යානුකූල නො වන ස්ථාන ආදිය  ඉවත් කරන බවට ද, මස් කඩ ඉතිරි නො කරන බවට ද ශපථ කරයි. කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ද හොඳ පදවියක් දෙයි.

ඉන්ද්‍රරත්න හිමියන්ගේ මළ සිරුර ඔස්සේ අවදි කර ගන්නට යන 'ආගමික ප්‍රබෝධයට' ඉලක්කයක් නැති බව මේ වීඩියෝව දෙස් දෙයි. එය ගව ඝාතනය, මස් කඩ, හලාල්, මුස්ලිම් ජනයා,ඉවැන්ජලික ක්‍රිස්තියානි නිකායන්, පල්ලි පමණක් නොව පොලිසිය, බුද්ධි අංශ ආදියට ද එරෙහිව නන් දොඩවමින් අයාලේ යයි.

එහෙත්, කිසිවෙක් ආණ්ඩුවට එරෙහිව වචනයක් නො දොඩති. පොලිසියට එරෙහිව යම් යම් දේ කීමෙන් පසුව ඒ වචන සම්බන්ධයෙන් පශ්චාත්තාපය ප්‍රකාශ කරන ආකාරය ද දක්නට ලැබේ. 

සෝම හිමියන් 'අපවත් කළ' සමයේ නම් විරුද්ධ වන්නට ආණ්ඩුවක් තිබිණි. එකල තිබුණු ආණ්ඩුව කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුම් අත්සන් කළ ජාතිද්‍රෝහී එකකි. දැන් ඉන්නේ කොටි සංවිධානය පැරදවූ ආණ්ඩුවකි. මහ ජාතිවාදී, ආගම්වාදී ව්‍යාපාරවලට අතහිත දෙන ආණ්ඩුවකි.

මේ ආණ්ඩුව වහාම ක්‍රියාත්මක වන පරිදි ගව මස් කඩ වසන්නට පමණක් නො ව ජාතියේ මාංශ ආහාරය වන චිකන් පවා තහනම් කරන්නට ඉඩ තිබේ. මාළු මැරීම ද පවක් වන නිසා ධීවර ඇමති රාජිත සේනාරත්නට ද රැකියාව අහිමි කරන්නට ඉඩ තිබේ. තම්බි රටෙන් එළවපියව් කියන සටන් පාඨය ක්‍රියාත්මක කරන ආකාරය ගැන මුස්ලිම් කොංග්‍රස් නායන රාවුෆ් හකීම් සමග පවා සාකච්ඡා කරන්නට ඉඩ තිබේ. (රටින් එළෙව්වත් මුස්ලිම් කොංග්‍රසය නම් ආණ්ඩුවෙන් යන්නේ නැති එක ස්ථිර ය.)

ඒ නිසා මේ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක් මේ මරණය හරහා ඇති නො වන බව ස්ථිර ය. පියවරක් ඉදිරියට තබමින් ආණ්ඩු බලය සියතට ගැනීම ගැන ජාතිවාදී බලවේග සිතන්නට ඉඩ ඇති මුත්, එය බෝවත්තේ ඉන්ද්‍රරත්න හිමියන් කළ ක්‍රියාවට වඩා බොහෝ වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු වන එකක් බව දන්නා නිසා ඒ සඳහා මේ කිසිදු වීරයෙකු ඉදිරිපත් වනු ඇතැයි සිතිය නො හැකි ය. රාජපක්ෂවරුන් කල් තබා ම මේ බලවේගයේ නාස් ලණුව සියතට ගත් හ.

මෙවැනි අවස්ථාවක ගැසිය යුතු දහම් ගැට දන්නේ සිංහල බෞද්ධ දේශපාලන ව්‍යාපාරයේ න්‍යායාචාර්යවරයා වන චම්පික රණවක ශූරීහු ය. ඒ වුණත්, දැන් ඒ ශූරිහු ද ගැට ගැහිලා ඉවර ය. ඒ ශූරීන්ට ඇති ලොකුම ගැටලුව තමන් බැඳී සිටින ගැටය ලිහා ගන්නා එක ය.

එබැවින් ශක්තිමත් සතුරකු නැතිව මතු වන මේ 'ආගමික ප්‍රබෝධය' අනිවාර්යයෙන් ම උතුරා යනු ඇත්තේ පහත් තැන්වලිනි. පහත් තැන්වලින් ම පමණි. 

ආණ්ඩුව මේ උද්ඝෝෂණය හරහා විදුලි බිලට, බඩු මිළට එරෙහි උද්ඝෝෂණ යටපත් කර ගනු ඇත. ඒ වෙනුවෙන් මේ අන්තවාදීන්ට රටේ හා ආණ්ඩුවේ පමණක් නොව සිංහල ජාතියේ ද පැවැත්මට හානිකර වූ ක්‍රියාදාමයක් සඳහා නීතියේ මුක්තිය ලබා දෙනු ඇත.



මේ ලිපිත් කියවන්න

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. දැන්නම් ඔය ඇති කියන්නට කාලය පැමිණ තිබේ. නොයෙසේ නම් වඩාත් තීරණාත්මක ප්‍රශන ගිලිහී යාමට ඉඩ ඇත.

    ReplyDelete
    Replies
    1. YAKO MAMA MAS KANNE NETHINAM EKEKUTAWATH KANNA DENNE NEHE?MAMA GENU EKKA INNE NETHINAM ANITH UNTATH BEHE.KAPANAWA THOPE AHAWAL EKA.THOPI DHARMIKAWA INNAWADA NETHNAM API INDAWANNADA?

      Delete
    2. THOPI NIWAN YANAWADA?NETHNAM API YAWANNDA?

      Delete
  2. අනේ පව්! අපේ පොලිසියේ මහත්තුරුත් දැන් යාඥා මධ්‍යස්ථානවල පාස්ටර්වරු වගේ ය.

    ReplyDelete
  3. මේ සිවුරුකාරයන්ගෙන් 99% නූගත්ය. ගැඹුරු ධර්ම දැනුමක් නැත. ගැඹුරු ධර්ම සකච්ඡාවක් කිරීමට නොහැකිය. පාලි , ඉංග්‍රීසි හෝ අනෙකුත් භාෂා දැනුමක් නැත. යන්තම් පන්සිල් දීමටත් ගථා දෙක තුනක් ජප කිරීමට හැර වෙන දැනුමක් නොමැත. මේ නිසා ඕනෑම අන්තවාදියෙකුට මේ නූගත් සිවුරුකාරයන් උසි ගන්වා උද්ඝෝෂණ සඳහා පාරට දැක්කීමට හැකිය.

    බුදුදහම රැකීම සඳහා කියමින් මොවුන් පොලු මුගුරු ගෙන බුදුදහම රකින තලිබාන්වරු බවට පත් සිටිති. ගෞතම බුද්ධ නම් දාර්ශනිකයා සංජය බෙල්ලට්ඨිපුත්ත,පූරණ කස්සප, අජිත කේසකම්බල වැනි ෂඩ් ශාස්තෘවරු , සච්චක බමුණා වැන්නවුන් සමග මතවාදීව ගැටී සත්‍ය ඉස්මතු කරගත් නමුත් ධර්ම ඥානයක් සමාජ දැනුමක් නොමැති එහෙත් හරකුන්ට මෙන් දෙගාත් හයිය පමණක් ඇති මොවුන් බුදු දහම බේරා ගැනීමට කරන්නේ හිස් මතට පොලු මුගුරු පත බෑමය , ඔවුන්ව බලහත්කාරයෙන් රඳවා ගැනීමය. සිංහල ජාතිය බේරාගැනීමට කියමින් සායන වැටලිමය , අන්‍ය ආගමික ස්ථාන ගිණි තැබීමය.

    මේ සිවුරුකාර තලිබාන්වරු බොහෝදෙනෙකු සාමනේර කාලයේ දී පන්සල් වලදී වැඩිහිටි භික්ෂුන් අතින් ලිංගිකව අපයෝජනයට ලක් වූ වින්දිතයන් වෙති. පසුගිය කාලයේ හෙළ උරුමයේ අපරැක්කේ පඤ්ඤාණන්ද වැනි සිවුරුකාරයන් සාමනේරවරුන්ට දානය නොදී ඔවුන්ව ගුද සංසර්ගයේ බලහත්කාරයෙන් යොදා ගත් අයුරු හෙළි වී තිබේ. මෙවැනි ලිංගික අපයෝජන බොහෝ සෙයින් සිදුවෙති. එම නිසා වාර්ෂිකව ලිංගිකව අපයෝජනයට ලක් වූ සාමනේර වින්දිතයන් විශාල ප්‍රමාණයක් අපගේ සමාජයට එක් වෙති. මොවුන් පසුකාලීනව තමන්ගේ හිතේ පැසවන වෛරය යොමු කරන්නේ සමාජයටය. මේවා ගැන ළමා ආරක්ෂක අධිකාරිය පවා නිහඬය. මේ නිසා සත්‍ය අවිහිංසාවාදී බුදුදහමට විශාල විනාශයක් වෙමින් තිබේ. මේ වියසනය ගැන කතා කිරීමට පවා වගකිවයුත්තන් ඉදිරිපත් නොවෙති. එම නිසා අවම වශයෙන් අප විසින් වටහා ගත යුතු කරුණ වනාහී මේ පොලු මුගුරු ගෙන බුදුදහම රකින තලිබාන්වරු යනු පුනරුත්ථාපානය සඳහා යොමු කල යුතු මානසික රෝගී වින්දිතයන් කොටසක් මිසක බුදු දහමේ ආරක්ෂකයෙන් නොවන බවයි.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++

      Delete
    2. පන්සල් වලට වී පින් බත් කමින් සිටි අපේ සඟ ගණයන්ට දැන් රට ජාතිය බේරාගැනීමේ මහා උද්යෝගයක් ඇතිවී තිබේ. මේ චීවරධාරීන්ට දැන් දනකට, මරණයකට ගොස් බණක් දෙසන්නටවත් වෙලාවක් නැත. කොටි ත්‍රස්තවාදීන් විසින් කුඩා සාමනේරවරුන් කඩුවලින් කොටා මරා දමද්දීත් මෙවන් විරෝධයක් පැනනැගුනේ නැත. මේ සියලු අරගල හමුවේ ආණ්ඩුව සිය මුනිවත රකිමින් සිය බඩගෝස්තරවාදී පාලනය ඉදිරියට ගෙනයමින් සිටී. රටේ ප්‍රශ්ණ යටපත්කිරීමට මෙය හොඳ උපායක් බැවිනි.

      Delete
    3. @AnonymousMay 27, 2013 at 12:36 AM

      +++++++++++++++++

      Delete
  4. දැන්නම් නියම චාන්ස් එක ජවිපෙට
    මේ ගව ඝාතන විරෝදී , මුස්ලිම් විරෝධී රැල්ල තව ෆෝම් කරවලා රට අරාජික කරවමු
    මුස්ලිම් කඩ ගිනිතියමු , ඊට පස්සේ ට්‍රාන්ස්ෆෝමර් වලට වැඩේ දෙමු , බස් ගිනිතියමු
    තව 88-89 ක් හදමු
    බටහිරෙන් එක්සත් ජාතීන්ගේ හමුදා එන තෙක් ගේම දෙමු
    මේ ට්‍රෙන්ඩ් එකෙ ඉවර වෙන්නේ රාජපක්ෂ හා ගෝටා යුද අපරාධ වලට හේග් වලට ගෙනියලා
    රට කලාප තුනට කැඩිලා .
    අන්තවාදයෙන් රට පාලනය කරන්න ගිය රාජපක්ෂලාට අන්තිමේදී අන්තවාදයම අරිනවා

    ReplyDelete
  5. prage munath dagena thiyenne video eke

    ReplyDelete
  6. සිද්ධිය ගැන සම්පුර්ණ විස්තරයක් තියෙන video පටය ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි. අදාළ තොරතුරු ඉන් ලැබුනා.ඔබේ ශාරංශයේ දැක්වෙන "මේ පින්තුරයේ ඉන්නේ පුජ්‍ය පක්ෂය නොවේ" යන්න ලිපියේ විස්තර කර නැත්තේ මොකද? ඔබ සංඝයා වහන්සේ වඳින ගාථාවේ "ඍජුපටිපන්නෝ" යන පදය දන්නවා ඇතැයි සිතමි. අක්මීමන දයා රතන හිමියන්ගේ අදහස් පල කිරීමෙන් එය ඔප්පු වන්නේ නැතිද?

    ReplyDelete
    Replies
    1. මුන් සන්ඝයාද? ඔබ කියන වැදිය යුතු සන්ඝයා ඉන්නේ කොහෙද?... මුන් නිකම් බඩගෝස්තර වාදී නිකමුන්... ලුම්පන් පන්තියෙන් පැවිද්දට එක්වී සිවුරේ බලයෙන් රදළ සැප ගැනීමට මාන බලන මාන කොකුන්...

      Delete
    2. මිත්‍රයා,
      බුධාගමයි මාක්ස් වාදයයි එකට පටලවා ගන්න එපා. මතු පිටින් බලන විට මේ දෙකේම පරමාදර්ශ එක වගේ පෙනෙනවා තමයි (සාංගික සමාජය) නමුත් බුධාගම කියන්නේ මාක්ස් වාදයට වඩා වෙනස් දෙයක්.බුදුන් වහන්සේ ගැඹුරු දහමක් මෙන්ම එහි පරමාර්තය (නිවන) ලඟා කර ගන්න අන්දම භාවිතයෙන්ම පෙන්නුවා. නිවන අවබෝධ කල අය හිටියා.

      මාක්ස්ට අනුව විප්ලවය පළමුව පටන් ගන්නේ කාර්මික සමාජයකය. නමුත් විප්ලවය පළමුව පටන් ගත්තේ වැඩවසම් සමාජක් තිබු රුසියාවේය. රුසියාවට උනත් සමාජවාදයෙන් පසු කොමියුනිස්ට් වාදයට (රජයක් නැති සමාජයට) යන්නට බැරිවී බිඳ වැටුනා.චීනයේ,වියට්නාමයේ. හෝ කියුබාවේ කොමියුනිස්ට් වාදය (රජයක් නැති සමාජය)දක්නට නැහැ.

      එබැවින් භාවිතයේදී තම පරමාදර්ශය ඉටු කර ගැනීමට අපොහොසත්වූ මාක්ස්වාදය සමග භාවිතයේදී තම පරමාදර්ශය ඉටු කර ගැනීමට පොහොසත්වූ බුධාගම සංසන්දනය කිරීම පලක් නැති ක්‍රියාවක් යයි මම සිතනවා.

      Delete
  7. කාලෙකට කලින් විප්ලව කරලා රජපු‍ටුවෙ ඉඳ ගන්න ට්‍රයි කරපු,කුරුමානම වැරදිච්ච, හම්පඩ නාකි මාක්ස්වාදියෙකු, 2013 ලංකාවේ ජාතික ව්‍යාපාරය දකින හැටි ! හොඳ ලිපියක්....

    ReplyDelete
    Replies
    1. "2013 ලංකාවේ ජාතික ව්‍යාපාරය" ????

      hahaha ube ammath ekka karapan ජාතික ව්‍යාපාර..!!!
      moda moosalaya..!!

      Delete
  8. මුං මේ රටයි සාසනෙයි වළඳනවා....

    ReplyDelete
  9. ///////එබැවින් ශක්තිමත් සතුරකු නැතිව මතු වන මේ 'ආගමික ප්‍රබෝධය' අනිවාර්යයෙන් ම උතුරා යනු ඇත්තේ පහත් තැන්වලිනි. පහත් තැන්වලින් ම පමණි. ////
    ඉස්සරහට අනිවාර්යයෙන් ඕක තමා වෙන්නේ පොඩි එවුන් මරාගනීවී

    ReplyDelete
  10. පැහැදිලිවම නුඹ නියම ගැටළුව නොපෙනෙනා මෝඩයෙකි.
    මෙහි සිටින බොහෝ දෙනාද එවැන්නන්ම වෙති.

    නුඹ හරක් මස් කන්නේද නොකන්නෙද යන්න අපට ගැටළුවක් නැත.
    අසරණ සතෙක්ව අහාරයට ගැනීම සදහා කොමෙන්ට් කිරීමේ චේතනාව යහපත් වන්නේ කෙසේද යන්නත් අපට අදාල නැත.

    * අපට ඇති ගැටළුව වන්නේ 80% සින්හහල සහ 70% බෞද්ධයන් වෙසෙන මෙම රටෙහි මෙවැනි ගැටළුවක් විසදා ගැනීම සදහා හාමුදුරු නමකට දිවි පුදන්නට සිදු වීමය.

    * අපට ගැටළුව වන්නේ උන් වහන්සේගේ ජීවිත පරිත්‍යාගයෙන් අනතුරුව අපේ ගොන් තඩි සින්හලයන් එහි හරි වැරැද්ද සෙවීමයි..

    * අපට ඇති ගැටළුව වන්නේ සින්හල රටේ ඉල්ලීම් දිනා ගන්න මෙලෙස වූ කල තව කාලයකින් අප දරුවන්ට කුමක් වෙයිද යන්නයි..

    * අපට ඇති ගැටළුව වන්නේ උඹලා බලන්නේ සින්හල කමක් නොගෑවූ වෙන ජාතියක මනසකින් යුතුව වෙන හෙයිනි.

    * අපට ඇති ගැටළුව වන්නේ නුඹලා වැනි ගොන්නු නිසා ජාතියක් විනාස වන බැව් දැකීමෙනි.

    දිවි පිදීමේ හරි වැරැද්ද සොයනා නුඹට කිව යුත්තේ බෞද්ධ ඉතිහාසයේ දිවි පිදූ උන් නැති නන් හෙළ ඉතිහාසයේ නැද්ද බලපල්ලා කියලයි.

    තමන්ගේ පරමාරථය සදහා නොව අන්‍යන්ගේ පරමාර්ථය උදෙසා දිවිදුන් එම බුද්ධ පුත්‍රයන් වහන්සේගේ දිවි පිදීම නුඹලා වැනි කුහක සින්හහල පරයන් ඉදිරියේ නිශ්ඵල බව දැකීම ඉතාමත්ම කණගාටු දායක වේ..

    අපේ රටේ අපේ කියා කිසි දෙයක් නැත. කොටින්ම අපිත් නැත..



    ReplyDelete
    Replies
    1. apith sinhala thamai.hebei umbala wage nemei

      Delete
    2. *නුඹලා වැනි ගොන්නු නිසා ජාතියක් විනාස වන බැව් දැකීමෙනි.ethakota gini thiya gaththe jathiya rakinnda?gawa gathnaya nathara karanna nemeida?

      Delete
    3. ගෝත්‍රික සමාජයට කැමති අයට යන්න පුළුවන්. ඒත් අනිත් එවුනුත් දක්කාගෙන යන්න හදන්න එපා. මෙන්න උත්තරේ
      http://thahanamwachana.blogspot.com/2013/05/thero-indarathana-and-us.html?showComment=1369641260304#c8354752691547500281

      Delete
    4. “අපට ඇති ගැටළුව වන්නේ සින්හල රටේ ඉල්ලීම් දිනා ගන්න මෙලෙස වූ කල තව කාලයකින් අප දරුවන්ට කුමක් වෙයිද යන්නයි“

      ඉල්ලීම් දිනා ගන්න මේ විදිහට කරන්න ඕන කියලා කව්ද කියන්නේ, හිතන්න මොලයක් නැති මෝඩ සෙට් එකක් මිස. හරි අපි හිතමු හරක් මස් කඩ වහන්න ඕන කියන ඉල්ලීම දිනා ගන්න ඕන කියලා. ඒක මේ විදිහට ක්ෂනික ආප්ප බානවා වගේ කරන්න පුළුවන්ද. වැදගත් විදිහට සමාජ කතිකාවතක් ඇති කරලා මිනිස්සු දැනුවත් කරලා, රජය දැනුවත් කරලා, ඊට පස්සේ ක්‍රමයෙන් කරන්න පුළුවන්. එහෙම නැතුව හරක් මස් කඩ වැහුවේ නැත්නම් මම ගිනි තියාගන්නවා කියලා මේවා කරන්න බැහැ. එහෙම කරන්න හිතන එකාත් ගොන් තඩියෙන්. ස්වාමීන් වහන්ස කෙනෙක් වුනත් නොවුනත් ඒ වගේ ප්‍රශ්න විසඳන්න යන මිනිස්සු අපිට එපා.

      අනිත් එක ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලනය සිදු විය යුත්තේ ආගමින් බැහැරවයි. ආගම රාජ්‍ය පාලනයට ගාවා ගැනීම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා කියන එකයි. මම උපතින් බෞද්ධ හැබැයි මස් කනවා. හරක් මසුත් කනවා. එතකොට මේ රටේ මස් තහනම් කළොත් මගේ අයිතිවාසිකම් වලට මොකද වෙන්නේ. ආගම්වාදය රාජ්‍ය පාලනයට ගාවා ගෙන දියුණු වූ රටක් ලොව කොතැනකවත් නොමැත.

      Delete
    5. බහුතරයක් සිංහල බෞධ්ධයන් සිටින රටක හාමුදුරුවරුන් හරකුන් මැරීමට විරෝධය පළකරමින් ගිනිතියාගන්නේ ඔවුන් බුද්ධාගමේ අප දන්නා ගිහි ගෙය එපාවී මහණදම් පුරණ සිල්වත් භික්ෂූන් නොව බොහෝ දුරට දුප්පත්කම නිසා දෙමවුපියන් විසින් පන්සල්වලට භාරදුන්නාවුද, එම පන්සල්වලදී ලිංගික අපයෝජනයන්ට ලක්වෙමින්ද අනෙකුත් සියලුම දුරාචාරයන්ට යොමුවෙමින්ද සිටින දුශ්ශීල චීවරධාරීන් පිරිසක් බැවිනි. ඔය ගිනි තබාගත් භික්ෂුව එක්සත් ජාතීන්ගේ මුලස්ථානය හෝ ඇමෙරිකානු තානාපතිකාර්යාලය ඉදිරිපිට රට වෙනුවෙන් ඔය දේ කලානම් හේ ජාතික වීරයෙක් වන්නට ඉඩ තිබිණ. ඔබ ඔය කියන ආකාරයට ලංකාවේ සිංහල බෞධ්ධ මිනිසුන්ට හඬක් නැද්ද? එසේනම් අනෙකුත් සුලු ජාතීන්ට තිබෙන තැන මොකක්ද? කොටි ත්‍රස්තවාදීන් විසින් භික්ශූන් ඇතුළු අහිංසක සිවිල් වැසියන් අමු අමුවේ මරාදමද්දී ඔය හාමුදුරුවරු සිටියේ කොහේද? ජීවිතය යනු මේ ලෝකයේ වටිනාම දෙය බව අප දන්නා බුද්ධාගමේ සඳහන්වේ. එසේනම් එවන් ජීවිතයක් පරිත්‍යාග කලයුත්තේ මෙවන් දෙයක් වෙනුවෙන්ද?

      Delete
  11. තව මාස දෙකක් විතර යනකම් ඒ පැත්තට මේ පැත්තට පෙරළෙයි...නූතන ප්‍රෝඩාකාරී සමාජ වාදය කියන්නේ මේකට...

    \\\මෙවැනි අවස්ථාවක ගැසිය යුතු දහම් ගැට දන්නේ සිංහල බෞද්ධ දේශපාලන ව්‍යාපාරයේ න්‍යායාචාර්යවරයා වන චම්පික රණවක ශූරීහු ය. ඒ වුණත්, දැන් ඒ ශූරිහු ද ගැට ගැහිලා ඉවර ය. ඒ ශූරීන්ට ඇති ලොකුම ගැටලුව තමන් බැඳී සිටින ගැටය ලිහා ගන්නා එක ය. ////

    මෙන්න මේක තමයි සියලු දෙනාම තේරුම් ගන්න ඕනේ සත්‍ය.මේ හැමෝම දේශප්‍රේමය, සංස්කෘතිය , බෞද්ධ දහම , ඉතිහාසය , අභිමානය වගේ ජනප්‍රිය වචන අරන් සෙල්ලන් ගෙවල් හදනවා..අපිත් යනවා වැලි බත් උයන්න ෆිට් එකට..

    අන්තිමට මුන් අපේ ඇස් වලට වැලි ගහනවා...

    ReplyDelete
    Replies
    1. උඹලා අහුවුනාට අපි නම් අහු වෙයි ඔය ගොන්නුන්ගේ වැඩවලට. දැන් සාක්කි වලට අනුව වෙන කවුරු හරි ගිනි තියපු බවකුත් පේනවා..

      Delete
    2. මිනී විකුණලා ගොඩගිය එවුන් රජකරන රටක් මේක

      Delete
  12. විෂයයට අදාලව කමෙන්ටුවක් දැමීමට පෙර ඔබ සමග විසදා ගතයුතු ප්‍රශ්ණයක් අැතැයි මට සිතේ. ඒනම් ඔබ විසින් කර අැති පහත සදහන් ප්‍රකාශය කලේ උපහාසාත්මනවද? නැතිනම් සිරාවටමද? යන්නයි. ඔබව මා හදුනාගෙන අැත්තේ මාක්ස්වාදයකු නිසා, මට ඒම ප්‍රශ්ණය පැන නැගුනි. ඔබගේ පාඨකයෙකු වශයෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

    //සෝම හිමියන් 'අපවත් කළ' සමයේ නම් විරුද්ධ වන්නට ආණ්ඩුවක් තිබිණි. එකල තිබුණු ආණ්ඩුව කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුම් අත්සන් කළ ජාතිද්‍රෝහී එකකි//

    ReplyDelete
    Replies
    1. @keerthi raterala, මෙහි තියෙන්නේ උපහාසයක් බවයි මට නම් පෙනෙන්නේ..

      - Dimithry

      Delete
    2. ස්තුතියි dimithry. මාක්ස්වාදීන්ගේ උපහාස තේරුම් ගන්න ටිකක් අමරුයි. ඒකයි ටැපලුනෙ.

      Delete
  13. Post ekak liyanna kalin depaarak hithala balanna. me post eka delete karala daanna. nathnam oyata kavadaavath nivan yanna labanna naha.

    ReplyDelete
  14. මේ හැම දෙයක්ම රාජ්‍ය පාලනයේ කොටස්. විශේෂයෙන් දකුණු ආසියාවේ දේශපාලනය මේ ආකාරයයි. දැන් දකුණු ඉන්දියාවේ තියෙන තත්වය ගත්තොත් ඒක ඉන්දියාවේ මධ්‍යම ආන්ඩුව කැමති දෙයක් නෙවෙයි. ඒත් දේශපාලන වාසි තකා ඔවුන් ඒක ඉවසගෙන ඉන්නවා.

    දැන් මේ රටේ තියෙන මේ බෞද්ධ යයි කියා ගන්නා රැල්ලත් ඒ වගේ. ආන්ඩුව තමන්ගේ ජන්ද පදනම කඩා ගන්න අකමැති නිසා සද්ද නැතුව ඉන්නවා. ඉතින් අපේ අය කරන්නේ, මේ රැල්ල පස්සේ යන එක. හිතන්නේ ආන්ඩුවත් අපිට බයයි කියලා. පන්සල් වල පින් බත් කකා හිටපු ස්වාමීන් වහන්සේලා එකතු වෙලා තමන්ට පොඩි ආතල් එකක් ගන්න පුළුවන් අවස්ථාවේ වීරයෝ වෙන්න දඟලනවා. හිතන්න හොඳ බුද්ධිමත් විදිහට බණ කියපු, උගත් සහ බුද්ධිමත් ස්වාමීන් වහන්සේලා කව්රුවත් ඔය සංවිධාන පස්සේ ඉන්නවද කියලා. මම හිතන්නේ නැහැ. ඔවුන් දන්නවා හැම දේටම ආගම පටලවාගන්න හොඳ නැති බව.

    මම දන්න කීප දෙනෙක් ඉන්නවා ජීවිතේට ආගමක් දිහාවත් නොබලපු, හොඳට කන පාත් වෙන්න ගහපු, මිනී මස් ඇර ඕනම මසක් කාපු, තමන්ගේ ඉඩමේ අන්තිම අඟලටත් සහෝදරයෝ එක්ක නයි වෛර කරපු අය, දැන් බෞද්ධ වෙලා. අපිත් බොදුබල සේනාවේ කියනවා.

    මම හිතන්නේ මෙතන ඉන්නේ මේ වගේ වැඩි දෙනෙකුත්, උගත් වුනත් බුද්ධියක් නැති කීප දෙනෙකුත් තමයි.

    ReplyDelete
    Replies
    1. //මේ හැම දෙයක්ම රාජ්‍ය පාලනයේ කොටස්//

      සම්පූර්ණ අැත්ත.

      Delete
    2. "මම දන්න කීප දෙනෙක් ඉන්නවා ජීවිතේට ආගමක් දිහාවත් නොබලපු, හොඳට කන පාත් වෙන්න ගහපු, මිනී මස් ඇර ඕනම මසක් කාපු, තමන්ගේ ඉඩමේ අන්තිම අඟලටත් සහෝදරයෝ එක්ක නයි වෛර කරපු අය, දැන් බෞද්ධ වෙලා. අපිත් බොදුබල සේනාවේ කියනවා."
      --------------------------------------

      එහෙම අයෙගේ උනත්,අවසාන කාලේදී වත් නැණස පෑදුන එක හොඳයිනේ

      Delete
    3. බොදුබල සේනාවට එක් වීම නැණස පෑදීමක් උනේ කොහොමද? තලෙයිබාන් වාදය කරායාම නැණස පෑදීමද.... මුන් කොච්චර සින්හල බෞද්ධද කියනවනම් බුදුහාමුදුරුවො ආවත් ගහලා පන්නන සයිස් එකෙන් ඉන්නෙ සින්හල නොවෙන නිසා....

      Delete
    4. නැනස පෑදිලා කියන්න පුළුවන් ඒ අය දැන් ඒ වැඩ වලින් ඈත් වෙලා නම්. උන් බොදු බල සේනාවේ තමයි, ඒත් පරණ දේවල් අතහැරලා නැහැ.

      Delete
  15. Chiken, Goat, Big, and fish are made by plastic..

    ReplyDelete
  16. harak mas kanne wadiyenma sinhala aya bawa dannawada. lanka janagahanaya laksa 200 muslim laksa 20 sinhala laksa 140 ta wadiy. mein lasa 50 ta wadiyen sinhala minisun harak mas kanawa. samahara palatwal muslim minisun naha . mas kada thiyenawa awa kanne kawda . sinhala minisun mas kanne natnam ay muslim minisun harak maranne. owa denu parahata thama sammathe pihita sita.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා