යාපනයේ අධි ආරක්ෂක කලාප: මර්දනයෙන් ආරක්ෂාව තහවුරු කළ හැකිද?

යුද්ධය අවසන් වූ පසු යාපනයේ අධි ආරක්ෂක කලාප
යාපනය ආරක්‌ෂක සේනා මූලස්‌ථානය විසින් අධිආරක්‌ෂිත කලාප ලෙස නම් කර දශක ගණනාවක සිට ජනතාවගේ පෞද්ගලික ගම්බිම් මත පවත්වාගෙන යන ඉඩම් හෙක්‌ටයාර 6381 ක්‌ වන්දි ගෙවා හමුදා කටයුතු වෙනුවෙන් නැවත 'නීත්‍යානුකූලව' පවරා ගැනීම සඳහා දැනුම් දෙමින් නිවේදන යාපනයේ අධි ආරක්ෂක කලාප ඇති ප්‍රදේශවල ගස් ගල්වල අලවා ඇති බව යාපනයෙන් ලැබෙන වාර්තා පවසයි.

"මෙම නිවේදනයට අනුව ඉඩම්වල නීත්‍යානුකූල හිමිකරුවන්ට තමන්ගේ ඉඩම්වල අයිතිය නීත්‍යනුකූල ලෙස තහවුරු කිරීමෙන් පසු අධිආරක්‌ෂිත කලාපය තුළට පිවිස තමන්ගේ ඉඩම් කොටස හඳුනා ගැනීමටත්, මායිම් ලකුණු කොට ඉඩමට අයත් ප්‍රමාණය වෙන්කර ගැනීමටත් හැකිවේ," යි මේ පිළිබඳව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් ජනමාධ්‍යවලට පවසයි. ඉන්පසු රජය විසින් ඉඩම්වල හිමිකරුවන්ට වන්දි ගෙවා එම ඉඩම් නැවත රජයට පවරා ගැනීමට කටයුතු යොදා ඇති බවද මේ සඳහා රුපියල් මිලියන 400ක මුදලක්‌ රජය දැනටමත් වෙන්කර ඇතැයි ද ඇමතිවරයා පවසයි.

මේ අතර උතුරු පළාතේ ඉඩම් අත්පත් කර ගැනීම හමුදා කඳවුරු ඉදිකිරීම සඳහා නොව එම පළාතේ සිවිල් ජනතාවගේ සුබසිද්ධිය හා සංවර්ධනය සඳහා බව යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ පවසයි. අදාළ ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත්කර ගන්නා ජනතාවට වෙළඳපළ වටිනාකමට අනුව වන්දි ලබාදීම සහ විකල්ප ඉඩම් ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඔහු පවසයි.ඒ කතාව අනුව පෙනෙන්කිසිදු ගැටුමක් ඇති ොවුොත්, ේ ඉඩම් ටිකටත් ආණ්ඩුව ළඹ ඉඩම්වලට කරන ේම කරනු ඇති බවයි. ඒ කියන්, ස්වේශිකයන්ගෙන් ඉඩම් පැහැරගෙන පිටරට ෝජකයන්ට විකුණා ආණ්ඩුව නම් ොම්පැනිය ලාභ ගරා ගැනීමයි.

සුබසිද්ධිය සඳහා පවරා ගනු ලබන ඉඩම් ප්‍රමාණය ස්වල්පයක් නොව හෙක්ටෙයාර්ම 6381කි. ඒ වනාහි ගම් 24ක ඉඩම් වේ. මේ කෙතරම් ඉඩම් ප්‍රමාණයක්දැයි සිතා ගන්නට මෙම කරුණු සමග සසඳා බලන්න. ‍කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය හෙක්ටෙයාර් 3729කි. ගම්පහ නගර සභා බල ප්‍රදේශය හෙක්ටෙයාර් 25.8කි. මුළු යාපනය දිස්ත්‍රික්කයේම ොඩබිම ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂයට අඩුය. අත්පත් කරගන්නට යන ඉඩම් ප්‍රමාණය යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම්්වලින් 7%ක් පමණ වන, ජන ජීවිතය හා බැඳුණු ගොවිබිම්, කර්මාන්ත, ව්‍යාපාර ආදිය ක්‍රියාත්මක වූ පාරම්පරික ජනාවාස ප්‍රදේශයකි.

මුල්‍ය හා සැලසුම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට යාපනය දිස්ත්‍රික්කයෙන් 15%ක් අධි ආරක්ෂක කලාපවල තිබිණි. එම වෙබ් අඩවියේම සඳහන් වන පරිදි වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 90,000ක් ජනයා අධි ආරක්ෂක කලාප හේතුවෙන් 1990දී අවතැන් වූ අතර ඔවුහු නැවත කිසි දිනෙක ආපසු සිය ගම්වලට නොපැමිණ, අදාළ ලේඛනය සකස් කරන විටත් ජීවත් වුණේ ඥාති මිත්‍රාදීන් සමග හා සුබසාධන කඳවුරුවලයි. (අදාල විස්තර ලියැවුණේ මෙම ලිපිනයේයි)

උතරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී හදිසියේ කරනු ලබන මේ ඉඩම් පවරා ගැනීම පිළිබඳව එහි ජනතාව අතර පැතිර යන කතාවක් වන්නේ මෙහි අරමුණ වෙනත් ප්‍රදේශවලින් සිංහල මිනිසුන් ගෙනැවිත් එහි පදිංචි කර ජන සංයුතිය වාර්ගික පදනමින් වෙනස් කිරීම බවයි. එහෙත්, මෙහි ඇත්ේ ජාතිවාදය පමණක් ේ. මෙය ජාතිවාදී පදනමින් සිදු වන ඊශ්‍රායල් පන්නආක්‍රමණයකි.

මේ හා සැස‍ඳෙන කතාවක් ඇමති චම්පික රණවක ලංකාදීප පුවත්පතේ ඉරිදා පළ කරනු ලබන සිය තීරු ලිපියෙහිද සඳහන් කරයි. ඔහුගේ නවතම තර්කය වන්නේ 1977 සිට උතුරු පළාතෙන් අවතැන් වූ සිංහල ජනයා යළි පදිංචි නොකර මැතිවරණ පැවැත්වීම අසාධාරණ බවයි.

මේ වනාහි ප්‍රශ්නය තව තවත් අවුල් කරන ප්‍රකාශයකි. දෙමළ ජනයා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අවතැන් වන්නේ 1958 හෝ ඊටත් පෙර සිටයි. 1983දී ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචිව සිටි දෙමළ මිනිසුන් කීදෙනෙකු නම් අවතැන් කරනු ලැබුවාද? ලංකාමෙතෙක් මැතිවරණ තිබ්ේ ‍්ජන සංයුතිය හා අදාළ සියලු ප්‍රශ්න විසඳීමෙන් අනතුරුවද?

ආණ්ඩුව විසින් ගනු ලබමින් තිබෙන ක්‍රියාමාර්ග ඔස්සේ සිදු වන්නේ ප්‍රශ්නය තව තවත් අවුල් වීමයි. ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීමට තබා එය තේරුම් ගැනීමටවත් උත්සාහයක් නොදැරූ ආණ්ඩුව සිතාගෙන ඉන්නේ මිලිටරි මර්දනය ඔස්සේ දෙමළ ජනයා නැවත විමුක්ති අරගළයක් ආරම්භ කිරීම වළක්වා ගත හැකි බවයි. එහෙත්, ආණ්ඩුව තේරුම් ගත යුතු වැදගත් කාරණය වන්නේ දෙමළ අරගළය දැන් සිදු වන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් මානයක් තුළ බවයි. එය සුසමාදර්ශීය වෙනසකි. (paradigm shift)

දෙමළ ජනයාට නැවත සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට තිබුණු ශක්‍යතා සිංහලයන් විසින් බොහෝදුරට විනාශ කර තිබේ. ඩයස්පෝරාවේ සිටින ත්‍රස්තවාදීනට ඕනෑනම් මෙහි කුඩා නාගරික ගරිල්ලා ත්‍රස්ත කල්ලියක් ආරම්භ කිරීමට පුළුවන් වනු ඇත. බොස්ටන් ප්‍රහාරය නිදසුනක් ලෙස ගන්න. එම ප්‍රහාරකයෝ කිසිදු දේශපාලන කණ්ඩායමකට සම්බන්ධ නැති, අල් කයිඩා මතවාදයට ගොදුරු වූ හුදකලා පිරිසකි. අසහනය පවතින තාක් කල් එවැන්නන් බිහිකිරීම දුෂ්කරය. අනෙක් පැත්තෙන් මෙවැනි අන්තවාදයන් කරා මිනිසුන් යොමු වීම ධනවාදයේ පැවැත්මට අවශ්‍ය මර්දනය සාධාරණීකරණය කර දෙයි.

දෙමළ අරගළය මේ වන වි‍ට තිබෙන්නේ සන්නද්ධ අරගළයකින් ඊලම දිනාගැනීමේ ස්වධීන උපායමාර්ගයක නොවේ. එය යොමු වී තිබෙන්නේ දෙමළ ජනතාවට ලංකාවේ සිංහල ආණ්ඩුව කරන අසාධාරණයන්ට ‍එරෙහිව ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් වෙතයි. එවැනි ක්‍රියාමාර්ගයක් පැරදවීම කොටි සංවිධානය සමග යුද්ධ කිරීමට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් එකකි. 

සිංහල ජාතිවාදය උත්සන්න කිරීම හා සුළු ජාතීන් මර්දනයත්, මිලිටරිකරණය හා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඇවිරීමත් වනාහි මේ මොහොතේ ලංකාවේ සිංහලයන් කරන ලොකුම මෝඩකමයි. මේ ඔවුන් කඩා පනිමින් සිටින්නේ තමන් වටා එළා ඇති උගුල තුළටම ය.

මේ උගුලෙන් ගැලවෙන්නට නම් කළ යුතුව තිබෙන්ේ රාජ්‍යය තුළ දෙමළ ජනයා දිනා ගත හැකි වන පරිදි රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් කිරීම, මිලිටරිහරණය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ඔය දේවල් දෙමළ මිනිස්සු හිතන්න තිබුනේ ප්‍රභාට ෆුල් බැක් එක දෙන්න ඉස්සර. ලංකාවෙන් 1/3 ගන්න සටන් කරලා අන්තීමට හිටපු පර්චස් 3ත් නැතිවෙලා තියෙන්නේ. කොහොමත් මේක මහ දවල් මංකොල්ලය. ඒකට උදව් දෙන දෙමළුත් ඉන්න නිසා, මේවා සිම්පල් දේවල් වෙලා අද.

    අසාත් සාලිට උනෙත් ඒකම තමයි. කොහොමත් පටන් ගන්න කොටම නවත්තන එක හොඳයි. උඩු දිව්වයින් පස්සෙ තමයි තේරෙන්නේ හුරතල් කරපු එකේ රඟ.

    ReplyDelete
  2. රට පාවාදීලා ලැබෙන සල්ලි වලින් අපිට කන්න ගේන්න එපා තාත්ති.

    -අජිත් පැරකුම්ගේ ළමයි-

    ReplyDelete
  3. http://www.lankaguardian.com/2013/05/blog-post_6492.html

    ReplyDelete
  4. සාලිව නවත්වනවා වගේම බොදුබල සේනාවගේ අන්තවාදී ක්‍රියාකාරකම් නැවැත්වීමත් වටිනවා නේද? සමාජය වෙලාගෙන පවතින සියලු අන්තවාදී වර්ගවාදී මූලධර්මවාදී ක්‍රියාකාරකම් නැවැත්වීමට රජය මැදිහත් විය යුතුය...ජාතීන් අතර ප්‍රශ්න විසදීමේදී කිසිම රජයක් මේ දක්වා සාධනීය ක්‍රියාමාර්ගයකට එලබිලා නැහැ පළමුව එය ජනතාවගේ හදවතින් මතුවිය යුතුය එවිට දේශපාලන අධිකාරියට එය නඩත්තු කරනවා විනා වෙන විකල්පයක් නැතිවේවි. ඕනෑම රජයක් රටේ ජන මතය නඩත්තු කරනවා වගේම ජනමතය විසින් අනියමින් හෝ රජයද නඩත්තු කෙරෙනවා....

    ReplyDelete
  5. රට විකුණලා ලැබෙන සල්ලි වලින් අපිට කන්න ගේන්න එපා තාත්ති.

    -මහින්දගේ නොවෙන ළමයි-

    ReplyDelete
  6. hay man what is this map, i went throughout the web but i such map found. kindly show the link please

    ReplyDelete
  7. අන්න ඒකයි තඩි මෝරු රජ ගෙදර පෙම් කෙළිනවා ..හුරුල්ලෝ කුස්සියේ ඉදෙනවා.ඇත්තමයි මට නම් තේරෙන්නේ නැහැ මේ දේවල් කරන්නේ ඇයි කියලා.තව දෙයක් අජිත් යාපනය කියන්නේ සුන්දර තැනක් නෙවේ.තම රස්නේ තියෙනවා ජ්වලන උෂ්ණත්වයෙන්ම් (kindling point)...!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා