සාලි හිරේ - සාදු ගෙදර

Azath Sally
අසාද් සාලි
අසාද් සාලි අත්අඩංගුවේය. මුස්ලිම් තරුණයන් අවි අත‍ට ගත යුතු බව කී බව ඔහුට ඇති චෝදනාවයි. 

දැන් රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරන්නේ ඔහු මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් සමග සම්බන්ධ ද කියායි.

ඔහු 'ඔව්' කියන තෙක් ප්‍රශ්න කළ යුතුය. 'ඔව්' කිව්වත්, නැතත්, ඔහු හිරේ යා යුතුය. මන්ද, ඔහු රාජපක්ෂව සිට රාජ ‍විපක්ෂ වූ අයෙකි. රාජ විපක්ෂ වන්නට ඉන්න සෙසු අය බියපත් කර එයින් වළක්වා ගැනීමට නම් අසාද් සාලි වැනි අය අනිවාර්යයෙන් හිරේ යැවිය යුතුය.  


හිරේ යාම අසාද් සාලි‍ටද හොඳ වන්නට පුළුවන. මන්ද, මුස්ලිම් කොංග්‍රසයට පිටින් සි‍ටිමින් මුස්ලිම් ජනතාවගේ ගැලවුම්කරුවකු ලෙස අනන්‍යතාව ගොඩනඟා ගැනීමට ඔහුට ද උවමනා කර තිබේ. ඒ අනන්‍යතාව කේවෙල් කර ඔහුට මුස්ලිම් කොංග්‍රසයට, ආණ්ඩුවට හෝ එජාපය‍ට හෝ ලොකු තැනකින් යන්නට පුළුවන. 

මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර සභාව මැයි 7දා රැස්වෙයි. ඒ රැස්වන්නේ ආණ්ඩුවෙන් යනවාද, ඉන්නවාද යන්න තීරණය කරන්නට බව ජනමාධ්‍ය වාර්තා කරයි. ඇත්තම කියනවා නම් මේ උත්තරීතර සභාව විසින් තීරණය කළ යුතුව තිබෙන්නේ තමන් රෙදි අඳිනවාද නැද්ද යන්නයි.

සිය ජාතිවාදී දඩ බල්ලන් ලිහා දමමින් මුස්ලිම් ජනතාවට මේ ජාතිවාදී ආණ්ඩුව සලකන විධිය අනුව මුස්ලිම් නායකයෝ රෙදි ඇඳගෙන නම් මේ ආණ්ඩුව සමග ගනුදෙනු කරනවා විය නොහැකිය.

7වනදා ගනු ලබන තීන්දුව දැන්ම කියන්නට පුළුවන. ඒ වනාහි ආණ්ඩුවට බොරු අනතුරු ඇඟවීමක් කරමින් තවදුරටත් ආණ්ඩුවේ සිටින්නට තීරණය කිරීමයි.

මුස්ලිම් කොංග්‍රසය වැනි දේශපාලන පක්ෂවල සිටින ආණ්ඩුව විසින් මිළ දී ගන්නා ලද ඒජන්තයෝ සිය වගකීම මනාව ඉටු කර පෞද්ගලික වාසි අත්පත් කරගනු ඇත. මුස්ලිම් ජනතාවට තමන් අදහන දෙයියන්ගේම පිහිට ය. 

මේ ගෙවන්නේ දෙමළ අරගලය පොඩිපට්ටම් කිරීමට දුන් සහයෝගයේ පව්ය. දෙමළ කතා කරන මුස්ලිම් ජනතාව දෙමළ අරගලයට එරෙහි වන තැනට තල්ලු වීමේ වරද ‍කො‍ටි සංවිධානය ප්‍රමුඛ දෙමළ ජාතිවාදී බලවේගවලට පැටවේ.

අසාද් සාලි, සිරං ජයතු! ඔබට සිර ජීවනය ලැබේවා! 

මුස්ලිම් කඩවලට ප්‍රසිද්ධියේ ගල් ගැසූ සාදුලාට නම් නීතියෙන් මුක්තිය ලැබිණි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මේක ආණ්ඩුවේ සැඟවුනු වැඩපිළිවෙල එළදරව් වීමක් නේද?

    ReplyDelete
  2. ලිපිය සම්පූර්නෙන්ම කියෙව්වම නම් හිතෙනේ අජිත්
    මේ ඔක්කොම නාට්ටියක ජවනිකා කියලයි..අසාදුත්
    සෙල්ලන් මනුස්සයෙක් නෙවේ..අපි නොහිතන බරක්
    අදින්න පුළුවන් කෙනෙක්.මේ හැමෝම මේ හැම දේකින්ම
    වාසි ගන්නවා..ඔහු අවුරුදු 2 හිරේ ගියා කියමු...ඔබ
    කිව්වත් වගේ මොන තරම් ලකුණු ටිකක් ඒකෙන් ලැබෙනවද
    ඔහුගේ ගිණුමට.

    කිසි කතාවක් නැතුව ඊළඟ චන්දෙන් උඩිම්ම දිනන්න ඒ ගැම්ම
    ඇති..අනික හිරේ නෙවේනේ ඔය මිනිස්සු යන්නේ.හිරේ
    වගේ එහෙකටනේ..




    කොහොම හරි අරව මේවා කර කර මේ යන ගමන නම්
    බොහෝම වැරදි.මේ යන්නේ පැහැදිලිවම ඒකාධිපති පාලනයට...!

    ReplyDelete
    Replies
    1. දේශපාලනය යනු මහ එවුන්ගේ බිස්නස් එකක් පමණි සෙස්සෝ කඩේ යති

      Delete
  3. සාලිත් පිච්චුම කෙලියේය. හැම එකාටම වෙලා තියෙන්නේ බලේට එන්න තියෙන අර්ෂශ් අමාරුවය. එහෙම නැතිව ප්‍රජාතන්ත්‍රවාදීව බලයට එන්න ඉන්න එකාට බුද්ධිමත් ජනතාව මෙන්ම පක්ෂ සාමාජිකයාද කියන්නේ පොන්නයා කියලාය. සාලිට ඩිපියුටි කම් මදි උනේය. ඒ නිසා නැගෙනහිරට ගියේය. නැගෙනහිරින් ඉර පෑයුවාට, සාලිට පෑයුවේ නැත. එහෙත් පොර ගාය එකසිය ගානට තිබුනේය, සාධුලාට ප්‍රසිද්දියේ එරෙහි වන්නට කොන කපපු එකෙකුට උන්නේ සාලි විතරය. මරාගෙන මැරෙන එක නිවන් දකිනවාටත් වඩා උතුම් කියන ගීත ලියපු උන් මෙන්ම කියපු උන්ටද කිසි අවුලක් නැත. ඒ නිසා සාලිත් එහෙම බයිලාවක් ගැසුවේය. ඒත් එහෙම බයිලා කියන්න පුළුවන් දේශප්‍රේමීන්ට පමණක් බව මහරජානෝ කීවේය. අනික් මුස්ලිම් නායකයෝගේ පල්ලියෙන් කොන කැපුවාට අමතරව, අරලිය ගහ මන්දිරයේදි ඇට පවා ඉවත් කොට පොන්නයෝ බවට පත් කොට ඇත. මාතෘකාව මෙසේ විය යුතුය, "සාලි හිරේ, සාධුලට මක්කයි කොරේ" කියලාය. උන්නාසේලා ඇමරිකාවේ ධර්ම ප්‍රචාරන කටයුතුවලට වැඩලාය. එහේදි හලාල් කෑවාට අවුලක් නැතිය.

    ReplyDelete
  4. ඔයිට වඩා එකක් බලා පල්ල. අද දිවයින කතුවැකිය. හිනා කාල මැරෙනවා බොලල්ල...


    විදුලිබල මණ්‌ඩලයේ අදාළ බලධාරීන් මෙන්ම ඒ සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලන අධිකාරිත්වයේ අදූරදර්ශී හා අසමර්ථභාවය විසින් වර්ධනය කරමින්, නඩත්තු කරන ලද විදුලි අර්බුදයේ විපාක ජනතා හිස මතට කඩා පාත් කරවීමට දරන ලද ප්‍රයත්නය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සාධනීය මැදිහත්වීම නිසා නතර වී තිබේ. ජනාධිපතිවරයා විසින් මැයි දිනයේදී මේ රටේ වැඩ කරන ජනතාවට ලබා දෙන ලද අගනා ත්‍යාගයක්‌ ලෙසද අපි එය සලකන්නෙමු. ඒ සඳහා අපගේ ප්‍රශංසාවද පළ කරන්නෙමු.

    විදුලි බිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක්‌ නැතැයි කී සියල්ලෝම දැන් දුර්මුඛව සිටිති.

    ReplyDelete
    Replies
    1. හිනා වෙන්න තමයි බන් ඒ කොලම තියෙන්නේ , ගොඩක් හිනා වෙන්න ඕනි අයට .දිවයිනේ ආරක්ෂක සටහන කියවන්න පුලුවන් , ඉක්මනට හිනාවෙලා ඉවර කරගන්න ඕනි අයට කතුවැකිය තියනවා . දවසේම හිනා වෙන්න ඕනි අයට තමයි දිණමින , සී නිවුස් එහෙම තියෙන්නේ . දිවයිනේ දෙය්යො සාක්කි , පිස්සු හැදෙන සඳ වගේ විශේෂ කොලමුත් නෑ මම හිතන්නේ ඔය නිසා

      Delete
  5. @"මේ ගෙවන්නේ දෙමළ අරගලය පොඩිපට්ටම් කිරීමට දුන් සහයෝගයේ පව්ය"
    මිනීමරු කොටියා විනාශ කිරීමට කවුරු හරි සහයෝගයක් දුන්න නම් ඒක කොහොමටවත් පවක් නොවේ.

    ReplyDelete
    Replies
    1. // පවක්

      පලවෙනි ශික්ෂා පදේ සිංහල -බෞද්ධ එස්ටෙන්ඩඩ් වර්ශන් එකට අනුව . කොටි මැරුවාම විතරක් පවු නෑ කියල එකකුත් තියනවාලුනේ ,ඒ නිසා හරි ඇති

      Delete
    2. කොටියා, දහස් ගනනක් සිංහල, දෙමල , මුස්ලිම් මිනිස්සු අමු අමුවේ මරනව ඇහැකණ පියාගෙන බලං හිටිය නම් පිං!

      Delete
    3. අනේ බුවෝ උඹ දන්න බම්බුව. මහා වංසෙට අනුව දුටු ගැමුණු මරල තියෙන්නේ මිනිසු එක හමාරයි. සම්පුර්ණ මිනිහ පන්සිල් පද පහමඇරගත්ත එකෙක්. අනික ඇරන් තියෙන්නෙ එක පන්සිල් පදයයි. මම නෙමෙයි කියන්නේ. මහා සංඝරත්නය. එහෙවු එකේ සිංහල බෞද්ධයෝ නොවෙන දෙමලු මරපු එක පවු සිද්ධ වෙන වැඩක් කියල කොහොමද කියන්නෙ ?
      ඒකනේ ඔය ජයශ්‍රි වගේ බුවාල කටේ තොලේ නොගැවී කියන්නෙ. නැද්ද ජය ශ්‍රි ?

      Delete
    4. @"එහෙවු එකේ සිංහල බෞද්ධයෝ නොවෙන දෙමලු මරපු එක" - සියලුම දෙමළු කොටි නෙවෙයි කියලයි මම හිතන්නේ.ඔයා එහෙම නෙවෙයි වගේ.
      පව් පිං පොඩ්ඩක් පැත්තකින් තියන්න, අසාත් සාලි ඇරෙස්ට් කලාම “කොටි විනාස කරන්න උදව් කලාට තමයි උඹට ඔහොම උනේ - හොද වැඩේ“ කියල කියන එක වැරදියි.ඒක මහා කාළකන්ණි කතාවක්.

      Delete
    5. //කොටියා, දහස් ගනනක් සිංහල, දෙමල , මුස්ලිම් මිනිස්සු අමු අමුවේ මරනව ඇහැකණ පියාගෙන බලං හිටිය නම් පිං!//

      පිස්සුද ලොක්කා සිංහල -බෞද්ධ වර්ශන් එකේ , බුදු හාමුදුරුවො කියලා තියෙන්නේ "ගැහුවොත් -ගහපන් " කියලලු

      අසාද් සාලි අත් අඩංගුවට ගැනීමට පින් පව් සම්බන්ධයක්වත් , පව කියලා පැරා අදහස් කරන වාර්ගික ත්වය බලපැවා කියල මම හිතන්නේ නෑ . එතන තියෙන්නේ දේශපාලනික ප්‍රශ්නයක් . අසාද් සාලි අන්තවාදියෙක් වීම අත් අඩංගුවට ගැනීම සාධාරණීකරණය කරන්න පහසුවක්

      Delete
    6. // මහා වංසෙට අනුව දුටු ගැමුණු මරල තියෙන්නේ මිනිසු එක හමාරයි// :D

      කව්ද බාගේ (හමාර )

      Delete
    7. බාගේ තමයි අර එක පන්සිල් පදයක් ගත්ත එකා.
      මට නම් බාගයක් තියා 20% ක් වත් නැ. ඇයි ඉතින් පන්සිල් ගත්ත කාලයක්වත් මතකයැ ?
      හෑයි දෙයියනේ කියල මරණ චේතනාවක් වත් හොරකම් කරන චේතනාවක්වත්, කොටු පනින චේතනාවක්වත්, බොරු කියන (බොසාට ඇරෙන්න) වේතාවක්වත් නැහැ. අනික නම් ලාවට තියනවා.

      Delete
  6. Sali is an oppurtunistic, even if he gets arrested, he will win.. Our Sinhala idiots fell into his trap...
    Muslims are much more cunning than Sinhalese

    ReplyDelete
  7. Well done maathalan.."maragena merena eka niwan dakinawata wada uthumya"

    ReplyDelete
  8. අසාද් සාලිව අත් අඩංගුවට ගැනීම ගැන සමහර මුස්ලීමුන් රජයට බනින බව දක්නට ලැබේ. එවන් මුස්ලීමුන්ගෙන් අපි කෙටි ප්‍රශ්නයක් අසමු.

    "අසාද් සාලිව අත් අඩංගුවට ගත්තේ අල්ලාහ්ගේ කැමැත්තට අනුවද?"

    අල්ලාහ්ගේ කැමැත්තෙන් තොරව අසාද් සාලිව අත් අඩංගුවට ගත්තානම් ඉන් පෙනෙන්නේ අල්ලාහ්ට වඩා සංධාන රජය බලවත් බවයි. අල්ලාහ්ගේ කැමැත්ත මත අසාද් සාලිව අත් අඩංගුවට ගත්තානම් ඔබ රජයට බනින්නේ නැතිව එම තීරණය ගත් අල්ලාහ්ට බනින්න.

    ReplyDelete
  9. අසාද් සාලි අත්අඩංගුවට ගත්තේ අල්ලා‍ගේ කැමැත්ත අනුව බැව් දූතයෙක් විසින් සන්දේශයක් එවා ඇත. එම නිසා ආන්ඩුව නිර්දෝෂි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා