ගිනි තබාගෙන මිය ගිය හාමුදුරුවෝ හා ස්වපීඩක බුද්ධාගම

ගව ඝාතනයට විරෝධය පළ කරමින් සිරුරට ගිනි තබා ගත් බෞද්ධ භික්ෂුව අපවත් වී තිබේ.

අපි සර්ව භක්ෂක සත්වයකු වන මිනිසාට පරිණාමයේ මුල සිට ම කළ පරිදි මස් කෑමට තිබෙන අයිතියට ගරු කරමු.

එසේම යම් කෙනෙකුට මස් නො කා සිටීමට ඇති අයිතියට ද ගරු කරමු.

මස් කෑම ඇගයීම හෝ හෙළා දැකීම සංස්කෘතික විවිධත්වයේ ලක්ෂණ ‍වේ. සංස්කෘතීන් බිහි වන්නේ නිශ්චිත සංදර්භයන් තුළ වන නිසා කිසිදු සංස්කෘතියක් හොඳ හෝ නරක හෝ යයි කිව නො හැක.

තමන්ගේ මතය හෝ සංස්කෘතිය අනුන් මත පැටවීම සඳහා ප්‍රචණ්ඩත්වය හා බිය වැද්දීම යොදා ගැනීම ත්‍රස්තවාදයයි. ඒ අනුව මේ වනාහි ත්‍රස්ත ක්‍රියාවකි.

කොටි සංවිධානයේ ද සටන් මූලධර්මය වුණේ මෙවැනි ත්‍රස්ත ක්‍රියා හා ඒ ආශ්‍රිත භීෂණය හා ඊනියා වීරාභිවාදනයයි.

සිංහල බෞද්ධ අන්තවාදය ද එවැනි විනාශකාරී යුගයකට එළඹෙමින් තිබේ.

බුදු හිමියන් දෙසුවේ අනන්‍ය වූ දහමකි. සිංහල බෞද්ධයෝ පළමුව ක්‍රිස්තියානිය අනුව යමින් කැරොල් බුදු දහමක් නිර්මානය කළ හ. බොදු බල සේනාව ෂාරියා බුද්ධාගමක් හදමින් සිටියි. ස්වපීඩනය මත පදනම් වූ අලුත් බුද්ධාගමේ නිර්මාතෘවරු කව්රු ද? 

මේ ලිපියත් කියවන්න: හාමුදුරුවන්ගේ ගිනි තබා ගැනීම හා ස්වර්ණවාහිනිය රට ගිනි තැබීම


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මනුස්සයෙක්ගෙ ජීවිතේ අයීති ඒ මනුස්සයට. දිවිනහගන්ට ඕන නම් ඒකට සම්පූර්ණ අයිතිය තියනව කියන එකයි මගේ අදහස.දිවිනසා ගැනීම වරදක් කියල තියෙන නීතියම අවලංගු කල යුතුයි.

    ඊලඟට තමන්ට කැමති ඕනම කාරණයක් වෙනුවෙන් පණනහගන්ටත් ඒ වගේම අයිතිය තියෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඒකනෙ. කැමැත්තට ඉඩ දෙන්න ඕන. හරක් මරන්න එපාය කියල පණනහගන්ට කැමැත්තෝ එසේ කරත්වා! ඉබ්බන් මරන්ට එපාය කියල පණ නහ ගන්ට කැමැත්තෝ එසේ කරත්වා! කුකුලන් මරන්ට එපා කියල පණනහ ගන්ට කැමැත්තෝ එසේද කරත්වා!

    හැබැයි මේ තනිකරම ශුද්ධ ත්‍රස්තවාදය...තව කෙනෙකු ලවා අකමැතිදෙයක් කරවා ගැනීමට හෝ කිරීමෙන් වැළකීමට අයුතු බලහත්කාරය පත්කිරීම ත්‍රස්තවාදය නම් මේ හාමුදුරුවො කරල තියෙන්නෙ එහෙම දෙයක් නෙවෙයිද?...උඹ මෙහෙම නොකලොත් උඹ මරණව කියල කාගෙ හරි ඔළුවට පිස්තෝලයක් තියන එකයි උඹ මෙහෙම නොකලොත් මම මැරෙණව කියල තමන්ගෙ ඔළුවට පිස්තෝලයක් තියාගන්න එකෙයි බොහොම පුංචි වෙනසයි තියෙන්නෙ..

    අනික මේ හාමුදුරුවො එක නීතියක් බලාත්මක කරන්න කියල බල කරන්නෙ දැනට ක්‍රියාත්මක වන තව නීතියක් කඩල....

    ReplyDelete
  2. අජිත් ඔබේ කළින් ලිපිය තුලදී මම ඊට අදාළ දේ ගැන කරුණු කීවා.ඒ නිසා නැවත අදහස් කියන්න බලාපොරොත්තුවක් නැහැ ඒ මාතෘකාව ගැන..

    මෙවැනි සිද්ධි වලින් එක එක පිරිස් විවිධ වාසි ගන්න බලන් ඉන්නවා සහ ගන්නවා ..

    01.රජයේ පාර්ශවයෙන් නීතියක් සම්මත කලොත් කොහොම වේවිද මෙන්න මේ විදිහේ ...?
    " ජනතාව කුපිත වන සියලු ආකාරයේ වර්ජන , උද්ඝෝෂණ , විරෝධතා මෙයින් මතු තහනම් . "

    ගැළවීමට මෙහෙම වගන්තියකුත් add කරනවා >>>> " සියලුම සාමකාමී විරෝධතා සඳහා කිසිදු බාධාවක් නැහැ " ඔය විදිහට නීතියක් සම්මත කලොත් එහෙම හතර අතේ මේක පාවිච්චි කරන්න පුළුවන්..දඩ මස් ගොරකා කරන්නත් , ගොරකා දඩ මස් කරන්නත් පුළුවන් එක නිමේෂයෙන්...


    02. bbs වැනි අන්තගාමී කණ්ඩායම් වලට පුළුවන් හිතු මතේ මේ දේ පාවිච්චි කරන්න අන්තවාදය පිණිස.

    03.හෙළ උරුමයට පුළුවන් " අපි හොඳ ළමයි " ලේබලේ ගහගන්න .

    04.රතු ඈයොත් මොනවා හරි කියයි ආණ්ඩුවට බැනලා..( මේ රටේ නීතියක් නැහැ ....,....,...,.,.,,.,,,,)

    05.FB වීරයෝත් ජාති ආලයෙන් මත් වෙලා මාස දෙක තුනක් යාවි...

    06.බෞද්ධාගමට ගරහන්න ඉන්න පිරිස කියාවි මේකද බොදු දහම කියලා .

    07.මුකුත් නොදන්න පිරිස රෑට කාල නිදා ගනීවි..


    ඔච්චරයි...


    දහම යට යයි
    නිවන දුර වෙයි
    මගම හිමි වෙයි
    ගමන නොනිමෙයි

    ReplyDelete
  3. /සිංහල බෞද්ධ අන්තවාදය ද එවැනි විනාශකාරී යුගයකට එළඹෙමින් තිබේ."/???

    එලඹෙමින් තිබේ? මේකට එලඹුනේ නම් අවුරුදු 4 කට විතර කලින් නේද?

    මේ මහ රෑයාමෙ මට මෙහෙම හිතෙනවා...මේ සිද්ධිය සෝම ගේ මරනයෙන් පස්සෙ වුනා වගේ සිංහල බෞද්ධ පිබිදීමක් වෙන්නත් පුලුවන්.

    එහෙම නැතුව, බොබසෙ ආදී රැලි වලට විරෝධයක් නැග එන්නත් පුලුවන්. ඔබ නිරීක්ශනය කලාද..... ජනප්‍රිය බෞද්ධයා අතරෙ මේ බොබසෙ (ඉතා ඉක්මනටම තම සීමාව ඉක්මවා ගිය - ඕවර් ඇක්ටිං බොබසෙ) ගැන සියුම් විරෝධයකුත් තිබෙන බව.

    ලංකාවෙ සමාජය විරුද්ධ වෙන්නෙ තමන්ගෙ ආතල් එක කඩන එකටයි!

    මේ ගැන හරියටම කියන්න තාම ඉක්මන් වැඩියි. සමහර විට හෙට / ආදාහනය දවසෙ වෙනකොට තේරුම් ගන්න පුලුවන් වෙයි!

    මොක වුනත් හබන් කුකුලාට රජ මගුල්!!

    - Dimithri

    ReplyDelete
    Replies
    1. තවත් එකක්.... මේ සාදුට වැරදුනා හරි කාගෙ හරි ලනුවක් ගිල්ල වගේ හරි ගතියකුත් මට මේකෙ පේනවා. කලින් පෝස්ට් එකට කොමෙන්ට් කරපු අයට අනුව නම් මානසික රෝගයක්, දරා ගන්න බැරි හිත් තැවුලක් වගේ දෙයක්! මට නම් එච්චරම පැහැදිලි සහ නිරවුල් නම් නැහැ.

      මට මේ සිද්ධියෙදි මතක් වුනේ ගාර්ශියා මාකේස්ගෙ (ගාමිනි වියන්ගොඩ කරුමක්කාර කතාවක් ලෙස පරිවර්තනය කල )chronicle of a death foretold කියන නව කතාව.

      - Dimithri

      Delete
  4. මෙතන තියෙන නොගැලපෙන දේ:
    1. මේ තරම් ඉක්මනට කොළඹින් හෙලිකොප්ටරයක් මහනුවරට යෑම. (මහනුවර රෝහලෙ ප්‍රතිකාර කරන්නවත් වෙලාවක් නොතිබූ බවට ආරන්චියී
    2. සියදිවි නසා ගන්නා බවට ප්‍රකාශයක් දීමෙන් සහ එය ප්‍රසිද්ධ්යේ කීමෙන් පසුවත් කිසිවෙකුත් ඔහු නොනැවිත්වීම.
    3. මේ සියලුම දේ ඉතා හොඳින් පටිගත කිරීම. ඒ සඳහා පෙර සූදානමක් තිබු බව පෙනී යාම.
    4. ප්‍රසිද්ධ මධ්‍ය ආයතනයක ප්‍රාදේශීය වාර්ථාකරු එම ස්ථානයේ කැමරාද සහිතව සිටීම.

    ReplyDelete
    Replies
    1. ඔය කියන ඒවා ගලපගන්න ඕනනම් ලංකා ඊ නිව්ස් බලන්න.

      දැන් ලංකාවේ මිනිස්සුන්ට විදුලි බිල් වැඩිවීමට වඩා කතාකරන්නට යමක් තිබේ.

      Delete
    2. ඔව් ඔව් ඔය ඊනිවුස් එකේ තිබ්බේ “පෙරලුන පිට හොදයි“ ආකාරයේ නියම ගවේශනශීලී වාර්තාවක් මේ සිද්ධිය ගැන, තමන් ගේ සතුරෝ සේරම මේකට ඈදල.ගිණි තියාගත්තු හාමුදුරුවෝ හෙල උරුමයෙන් නෙරපපු එකත් කුමන්ත්‍රණයේ ම කොටසක්ලු.(එකයි මම කිව්වේ “පෙරලුන පිට හොදයි“ ආකාර වාර්තාවක් කියල.
      ස්වර්ණවාහිනියට නියම චැලේන්ජ් එකක් දෙමින් බලංහිටිය වගේ මේක වුණ විදිය ලියල තිබුණේ.

      Delete
    3. පසුගිය කාලය පුරා ස්වර්ණ වාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශ වලින් බොදුබල සේනාවගේ ත් සිංහල රාවය සංවිධානයේත් ක්‍රියාකාරකම් වලට වැඩි ප්‍රසිද්ධියක් ලබා දුන්නේ ඒවා අගය කරමිනි. බෝවත්තේ ඉන්දරතන ස්වාමීන් වහන්සේ ගේ ගිනිතබා ගැනීම වාර්තා කලේ "ජාතිය අනතුරකට මුහුණ දෙන සෑම අවස්ථාවකම යතිවරයින් ඒයට ඒරෙහිව පියවරගන්තා" යයි පවසමිනි. ඒමෙන්ම ඊයේ උන්වහන්සේගේ අපවත්විම හදිසි ප්‍රවෘත්තියක් ව&යෙන් ප්‍රකාශ කලේ සිංහල රාවය සංවිධානයේ ස්වාමීන් වහන්සේලා සමග සාකච්චාවක් පවත්වමින් සිටින අතර තුරය.

      කෙසේ වෙතත් මෙය පසුගිය කාලයේ දක්නට ලැබුනු මුස්ලිම් විරෝධයට තවත් තල්ලුවක් විය හැකිය.

      Delete
  5. /* තමන්ගේ මතය හෝ සංස්කෘතිය අනුන් මත පැටවීම සඳහා ප්‍රචණ්ඩත්වය හා බිය වැද්දීම යොදා ගැනීම ත්‍රස්තවාදයයි. ඒ අනුව මේ වනාහි ත්‍රස්ත ක්‍රියාවකි. */

    එකම වෙනස සුවිසයිඩ් බොමර්ස් ලා කරන්නාක් මෙන් මරාගෙන නොමැරීමයි.

    ReplyDelete
  6. ඕනෑම දෙයක් ගැන ස්ව මතය අකුටිලව පැවසීම සිංහල ගතියකි.යමක් වැරදි නම් ඒබව කෙලින්ම පැවසීමද එම අකුටිල කමේ කොටසකි. වැලිවිට අසරණ සරණ සන්ගරාජ හාමුදුරුවන් විසින් වැරදි ලෙසින් බල්ලන්ට දුන් දානය මහරජ තුමාගේ විවේචනයට ලක් උනේ "සඟරාජ හාමුදුරුවෝ උනත් ඉපදුනේ තුම්පනේනෙ " යන වාක්‍යයෙන් බව ඉතිහාසය දන්නෝ දනිති.
    තම මතය පැවසීම ආයුධයක් කරගෙන භික්ෂුන් වහන්සේ නමකට දිය යුතු සරු සරු භාවය නොදී "භික්ෂුව " නමින් හඳුන්වා ලිපියක් ලිවීමට තරම් ඔබ ඔබේ අමන බව ප්‍රදර්ෂණය කර ඇත.
    මේ කාරණය ගැන භික්ෂුන් වහන්සේ නමක් විසින් ලංකාදීප පත්‍රයේ පලකල මතයක් මම මේ සමග ඉදිරිපත් කරනවා.

    මුලනේ ගුණනන්ද හිමි 2013-05-25 22:42:24
    මෙහි අදහස් පළ කරන බොහෝ දෙනා දහම ගැනවත්,සිදු වූ දෙය පිළිබඳවත් හරි අවබෝධයක් නැතිව අදහස් පළකිරීම කනගාටුවට කරුණකි.බුදු සමයෙහි භික්ෂුවවට ප්රාෙණඝාතය බරපතල ඇවතකි.එය මහණකම පවා නැතිවන වරදකි.භික්ෂුඒවට විනයෙන් උගන්වන්නේ ආත්මඝාතනය දුක්කටාපත්තියක් බවයි.''න ච භික්ඛවේ අත්තානං පාතෙතබ්බං,යො පාතෙය්යද ආපත්ති දුක්කටස්ස'' (මහණෙනි, සියදිවි නසා ගැනීම නොකල යුතුය.යමෙක් එසේ හානි කරගන්නේ නම් ඔහුට දුක්කටාපත්තියක් වේ.) භික්ෂුකවට සියදිවි නසා ගැනීම බරපතල අකුසල කර්මයක් නොවන්නේ මේ නිසාය.බෝවත්තේ ඉන්දරතන හිමියන් සම්බන්ධ සිදුවීම ගැන අප බැලියයුත්තේ එහි අරමුණ සමග සැසදීමෙනි.උන්වහන්සේගේ අරමුණ පටුවූවක් නොවේ.කහවණු දහසකට මිළ නියම වූ සිරිසඟ බෝ රජුගේ හිස රජු විසින්ම සිඳ දුන්නේද උදාර අරමුණක් මුල්කොට ගෙනය.අපේ දහමෙහි කිසි තැනක රජු අපාගත වූවේයැයි සදහන් නොවේ. නුතන බහුතර සියදිවි නසා ගැනීම් නම් ඒකාන්තයෙන්ම අපාගත වන අකුසල කර්ම බව කිවයුතුය.එසේ වන්නේ එහි උදාර අරමුණු නොමැති නිසාය.එම දිවිනසා ගැනීම් බොහෝවිට රාගයෙන්,ද්වේශයෙන්,මෝහයෙන් අන්ධව සිදුකරන ඒවාය.එහෙත් ඉන්දරතන හිමියන් දිවිනසා ගත්තේ එවන් පටු චේතනාවකින් නොවීම මෙම මරණයෙහි ඇති විශේෂත්වයයි. (ස)

    මේ ගැන ඔබෙ මතය දැනගන්න කැමතියි,

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. @ wmk

      ඔබගේ මේ අදහස්වලට යමක් එකතු කරන්නම්.

      අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචනා කරපු උපසම්පදා ශීලය කෘතියේ මේ කරුණු ගැන උන්වහන්සේ හොඳ විග්‍රහයක් දක්වනවා.

      "....උඩ සිට බිමට පැනීම, දියට පැනීම, වාහන එන මඟට පැනීම, වසකෑම, ගින්නට පැනීම, ශරීරයට ගිනි දල්වා ගැනීම, ආහාර නොගැනීම යනාදියෙන් යම් මහණෙක් දිවි නසා ගනී නම් ඔහුට දුකුළා ඇවැත් වේ... මේ වරද කළ නිසා මා මැරෙනවාය මේ දෙය නුදුන හොත් මේ දෙය නො කළ හොත් මා රට වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළ හොත් ඔහු මැරෙන්නේ ඇවතකින්ය...."

      මේ ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි

      Delete
    2. දැන් අපේ රටේ හාමුදුරුවරු ගිනිතියාගෙන මැරෙනවා.
      ගිහියෝ බණ කියනවා.

      අනේ කාලේ වනේ වාසේ!

      Delete
    3. මෝඩ ඇනෝ පලයන්

      Delete
    4. Anonymous May 26, 2013 at 2:03 PM
      කල්ට් වල ඉන්න ගිහියො ඔහොම තමයි බන්... උන්ට බුදු හාමුදුරුවොන්ට වඩා ලොකුයි අර සාදුයි මේ සාදුයි.... ඒ සාදුලගෙ බන බුදු හාමුදුරුවන්ගෙ බනටත් එහා... මුන් ඔලුවෙ තියන් ඉන්නෙ බුදු හාමුදුරුවො නෙවෙයි අර හාමුදුරුවන්ගෙ බන.... පව්...

      Delete
    5. @ AnonymousMay 26, 2013 at 2:03 PM,
      AnonymousMay 26, 2013 at 3:48 PM

      බුදු බණට වඩා රේරුකානේ හිමියන්ගේ බණ උතුම් කියා කොතැනක හෝ දක්වා නැහැ. සිදු කර ඇත්තේ මේ පිළිබඳව බුද්ධ දේශනාව පාදක කොටගෙන උන්වහන්සේ සිදු කරන විවරණය දැක්වීම පමණයි.

      ඒ වගේමයි බණ කියනවා කියන්නේ මොකක්ද කියලා දැනුවත් වෙන්න. මෙහි සිදු කර තිබෙන්නේ කරුණු උපුටා දැක්වීමක් පමණයි

      Delete
  7. බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියන්ගේ ගිනි තබා ගැනීම පිළිබඳ වීඩියෝ දකින විට එය පිටුපස කාගේ හෝ සැලසුමක් තිබුණේ යයි අනුමාන කරන්නට ඉඩක් තිබේ.

    එහෙත්, එහි සැලසුමක් තිබුණා නම් එහි බරපතල අවුලක් තිබේ. සැලසුමක් නො තිබුණා නම් ලංකාවේ මිනිසුන්ගේ ප්‍රථමාධාර පිළිබඳ දැනුම පිළිබඳ බරපතල ප්‍රශ්නයක් පැන නඟී.

    හාමුදුරුවන් මිය ගොස් තිබෙන්නේ අභ්‍යන්තර‍ ඉන්ද්‍රියයන්ට සිදු වූ හානිවලින් බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මා වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුමක් ඇත්තකු නො වූවත් මෙසේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි වීම ප්‍රථමාධාර නො දීම නිසා සිදු වූ දෙයක් වන්නට පුළුවන.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් පිලිස්සුමට ලක්වූ පුද්ගලයෙකගු ශරීරයෙන් 40% කට වඩා පිලිස්සි ඇත්නම්, එම රෝගියා ජීවත් කරවීම අපහසු බවයි වෛද්‍ය මතය.

      මෙය එක සිද්දියකට ලඝු කිරීම අසාධාරණයි. සමස්ත ක්‍රියාවලියම් කුණුවී ගඳ ගසන තත්වයක් තමයි මෙයින් පෙන්වන්නේ. ඡායරූප නිරීක්ෂණය කර බලන්න කී දෙනෙක් මේක වීඩීයෝ කරනවද කියලා. මේ වගේම දෙයක් තමයි මීට ටික කාළෙකට පෙර මහ දවාලේ ගාල්ලෙත් සිඳු උනේ. කාළකන්නියන් හැම තැනම අරක් ගෙන අවසානයි...

      Delete
  8. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
    මෙදෙකිනි මෙසසර දුක් දුර ලන්නේ
    සුදනෙනි කිම වීරිය නොකරන්නේ

    -ලෝවැඩසඟරාව

    ReplyDelete
  9. Balagena inna dan harak marana aka nawathwai.

    ReplyDelete
  10. http://www.youtube.com/watch?v=E37cMtCrKoA

    ReplyDelete
  11. OK Boys. Party's Over.
    Ajith, shove a thermometer in ur mouth (dans ton cul).
    Ka.Kaa, atteindre l'orgasme maintenant?
    Silent Sahan, this is the voice of silence.
    Buddhism has been continuously degraded by infidels, then and now. One day, u all see, what is the opinion of majority. Just wait... Ajith, you should........

    ReplyDelete
    Replies
    1. The threatening undertone of this comment proves what I said.

      You can kill us saying you are doing it for the sake of your Buddhism.

      But remember it is not Lord Nuddha's Buddhism.

      Delete
  12. @හසිත මිතුර,
    අප දෙදෙනාගේම මතයේ වෙනසක් නැත.ඇවතක් (ඇවතක් යනු පාපයක් නොවේ.පෝය ගෙය තුලදී අන් භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කිරීමෙන් පසු අවසන් වේ) එහෙත් ඔබ මට වඩා ඉදිරියට ගොස් අතිගරු රේනුකානේ මහා නායක හිමියන්ගේ අදහස පල කර ඇත.ඔබට පින්.

    ReplyDelete
    Replies
    1. බුදු බණට වඩා උතුම් රේණුකානේ චන්දිවිමල බණද? ආගමික කල්ලි ( කල්ට් ) වල සිටිනා භික්ෂූන්ට මෙන්ම ගිහියන්ටත් ඔල්මොරොන්දම්ය....

      Delete
    2. @ Anonymous May 26, 2013 at 4:00 PM

      //..රේණුකානේ චන්දිවිමල...//

      ඒ හිමියන්ගේ නම පවා නිවැරදිව නොදන්නාකමින් ඔබ ගැන සිතා ගත හැකියි. උන්වහන්සේගේ නම රේරුකානේ චන්දවිමල :)

      බුදු බණට වඩා රේරුකානේ හිමියන්ගේ බණ උතුම් කියා කොතැනක හෝ දක්වා නැහැ. සිදු කර ඇත්තේ මේ පිළිබඳව බුද්ධ දේශනාව පාදක කොටගෙන උන්වහන්සේ සිදු කරන විවරණය දැක්වීම පමණයි.

      Delete
    3. @ wmk


      ඔබ දැක්වූ මුලනේ ගුණනන්ද හිමියන්ගේ විවරණයේ අවසානය සහ රේරුකානේ චන්විමල හිමියගේ විවරණය පිළිබඳව නැවත වරක් අවදානය යොමු කරන්න

      Delete
    4. @ Anonymous May 26, 2013 at 4:00 PM

      ඒ වගේමයි රේරුකානේ චන්දවිමල හිමියන් කර ඇති විවරණය බුද්ධ දේශනාව ඉක්මවා යනවාද කියන එකත් දැනගන්න කැමතියි

      Delete
    5. හසිත තර්කයෙන් පලක් නෑ..... මා මගේ මතය දැරීමට කෙතරම් කරුණු ඉදිරි පත් කලත් ඔබ පිලිගන්නේ නෑ....වචන ටයිප් කිරීමේ නොසැලකිල්ලට සමාවෙන්න.... තම තම නැණ පමනින් අපි අපේ ගමන් වෙන වෙනම යමු..... නුවණැස පහලවේවා..

      Delete
    6. @ Anonymous May 26, 2013 at 4:51 PM

      බුදු බණට වඩා රේරුකානේ චන්දිවිමල බණ උතුම් නැති බවත්, විවරණය උදෙසා රේරුකානේ හිමියන්ගේ පැහැදිලි කිරීම උපුටා ගත් බවත් පැහැදිලි වීමට පළමුව නුවණැස පහළ වේවා

      Delete
  13. බොහෝ දෙනා සිදුවෙන තත්වයන් අර්ථරූපණය කරගන්නේම වැරදි සහගත ලෙසිනි. බුදු දහම යනු බුදු දහමයි. එය සංඝ සංස්තාව නොවේ. ඒ නිසා අජිත් ඔබගේ මේ මාතෘකාවට පිවිසීමම වැරදි සහගත වෙයි. බුදු දහම සහ එහි සංඝ සංස්ථාව අතර පවතින සම්බන්ධතාවයන් ඒ ඒ පුද්ගල,සමාජ හා සංස්කෘතික මෙන්ම දේශපාලනික හෙවත් ආර්ථික කාරණා නිසා විෂම විය හැකියි. නමුත් ඒ විෂමතා යනු බුදු දහම නොවේ අදාළ සන්දර්භයන් තුළ ඇතිවෙන තත්වයන් වේ, නියම බෞද්ධයා නිවරැදි බුදු දහම කුමක්දැයි අවබෝධ කරගෙන සිටින අතර මෙවැනි පරරූපක තත්වයන් මත ඇතිවෙන සිදුවීම් මගින් බුදු දහම විවේචනය කරන්නට නොයයි. මක් නිසාද යත් ඔබ වැනි බොහෝ දෙනා මෙවැනි එකිනෙකට වෙනස් හුදකලා සිදුවීම් නිසා බුදු දහමට අර්ථ නිරූපනය කරන්නට ගොස් ඇනගන්නා සැටි අපි බලා සිටින්නෙමු.

    ReplyDelete
    Replies
    1. ස්වපීඩක බුද්ධාගම ලෙස අජිත් අර්ථදක්වා ඇත්තේ ඔබ කියන සන්ඝ මාෆියාවයි... ඔහු බෞද්ධ දර්ශනයට මෙහි අපහාසයක් කර නැත...

      Delete
  14. බුදු හාමුදුරුවෝ දේශනා කලේ හරක් විතරක් නොවෙයි. "සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා" කියලයි.

    ReplyDelete
  15. මෙක අලුත් දෙයක් නිසාද මන්දා මෙච්චර මිනිස්සු මේ ගැන කථා කරන්නේ.

    ReplyDelete
  16. kalakanni buddagamata agaurawa karala matruka dala hits wadi karaganna ona naha.gawa gatanayata wirudda u himinamk jiwitaya ginnata pujakarati waga matrukawak dapan.bududahamata agaurawa karan natiwa.maka coment dapu maha loku ugatunta notaruna aka tamai aka.mu hamuduru kanak karapu modawadakin buduhamuduruwanta mada gahanawa.owa mitya dustikayonga wada.uba ma coment aka palakarath nokarath mata aulak naha.minisa kiyanna akak,budu dahama kiyanna tawa akak,hamuduru kanak kiyanna tawa kanak,a tuna wanasa adura ganin mulinma blog liyanna kalin.katahari puluwannum ma coment aka sinhalan danna.aka bududahamata agaurawa karana munwaga aunga web site walata ana buddayanta hoda naraka tarum ganna uduwak wai.
    mama indika
    indikampk@yahoo.com

    ReplyDelete
  17. api adahas palakarata wedak nene. baladariya Ewa makanawane. ubama liyaganin.

    ReplyDelete
  18. ලංකාවේ ජනමාධ්‍ය බූරුවනි තොපිට පිස්සු

    අපේ රටේ සංස්කෘතිය තුළ පවතින්නේ චූල සම්ප්‍රදායක් යැයි කීවේ නිව්ටන් ගුණසිංහය. ගම හා නගරය අතර ඇත්තේ නොදියුණු හා දියුණු සංස්කෘති අතර වෙනසකි. ලංකාවේ විශාල දියුණු නගර නැතත් දියුණු නාගරිකයින් හතර පස් දෙනෙක් සොයා ගන්න බැරි නැත. අනෙක් අතට ලංකාවේ ගම සහ නගරය අතර වෙනස පැය 4 ක 5ක ගමනකින් වෙනස් කල හැක. හද්දා ගමේ ගෑනියෙකුට ලංකාවේ නගරයකට ඇවිත් රස්සාවක් සොයා ගන්න ගතවන්නේ දින දෙක තුනකි. රෙද්ද උස්සන්නේ නම් චිත්‍රපටි ටෙලිනාට්‍ය නිළියක් වෙන්න ගතවන්නෙ සති දෙකකි. මිනිහෙකුට ලංකාවේ ඕනෑම මාධ්‍ය ආයතනයක කළමනාකරුවෙක් හෝ ලියන්නෙක් වෙන්න ගතවන්නේ මාසයක් දෙකක් වැනි කාලයකි.
    ලංකාවේ මාධ්‍ය වල නැත්තං පත්තර කඩමාලුවල හා රේඩියෝ චැනල්වල වැඩකරන්නේ හද්දා ගමේ බයියන් බව උන් කීපදෙනා හැර ලංකාවේ ඉන්න හැම එකාම දනිති. හේතුව මේවා වල ගෙවීම් ගාමන්ට්ස් වල ගෙවීම් වගේය. මේ පඩ මාධ්‍ය වලට ගන්නේත් ගාමන්ට්ස්කෑලි වගේ බඩුය. ගමේ පොල් ගස්වලින් බැස්ස ගමන් ගස් ගඳ පිටින්ම පත්තරවල ලියන්න රේඩියෝ චැනල්වල වැඩකරන්න එන්නේ මේ සිරිසේනලාය බංඩයියලාය.
    ලංකාවේ හුදී තකතීරු ජනතාවට ලයිෆ් ස්ටයිල්, සිග්නේචර් ඩිශයින්ස් ගැන ගුරුහරු කම් දෙන්නේ මුන්ය. එනිසා ලංකාවේ කුඩ්ඩෝ අංක එකේ ෆැෂන් ඩිසයිනර්ස්ලාය. රටක මාධ්‍ය භාවිතාව සිරිසේනයලාගේ බංඩයියලාගේ කොල්ලන් දන්නේ නම් දෙමළු රට බෙදන්න ගේම ඉල්ලන්නේ නැත. මුස්ලිම් තම්බිලා ළමයි වදා රට අයිතිකර ගන්න දඟලන්නේ නැත, නැත්තම් සිංහල මෝඩයින් 60 දාහක් සහ දෙමළ මෝඩයින් 90දාහක් පාරේ මැරෙන්නේ නැත.
    ඇත්ත ප්‍රශ්නය මෙයිට වඩා දුර දිග යන්නේය. රස්සාවක් විදිහට මාධ්‍ය කඩයක තේ හදන්න කක්කුස්සි හෝදන්න කුණු අස් කරන්න ගම් බයියන් ගත්තාට කමක් නැත. ප්‍රශ්නය මුන් මධ්‍ය ඔස්තාද්ලා පකීර්ලා වෙලා පත්තර වලිනුයි රේඩියෝ චැනල්වලිනුයි රටට උපදෙස් දෙන එකය. අපේ ජිවිත සකස්කර ගන්නේ කොහොමද කියලා උපදෙස් දෙන එකය. මුන් කාලකණ්ණි නිදහස් මාධ්‍ය ව්‍යාපාර කාරයෝ කියලා තේරෙන්නේ එකකොටය.
    දියුණු මිනිසුන් ලංකාවේ මාධ්‍ය හසුරුවන්නේ නැති නිසා ගම් බයියන් පොරවල් වී ඇත. අනෙක් අතට සැමදාම මේ ගමේ බූරුවන් සංගීතය අහමු, හැඩ වැඩ වෙමු, මේ වා තමයි රටේ ප්‍රෂ්න, මේ තමයි දේශපාලනය කියලා දිගටම කියනකොට නාගරික මෝඩ හැත්තත් මේ වා පිළිගන්නවා. ඊට පස්සේ නගරවල බූරුවොත් නූල් බඳිනවා, පිරිත් කියනවා, වෙලාව බලනවා, හදි හූනියම් කරනවා, මන්තර කාරයින්ට වඳිනවා, පේන බලනවා, සාස්තර අහනවා මුන් රටම ගොබ්බයෝ කරනවා විතරක් නොවේ අනිත් ඕනම රටක ජාතියක මිනිස්සුන්ගේ ගූත් රස කර කර කනවා.
    රිවිර, ලංකාදීප, මව්බිම, දිවයින, රාවය වගේ පත්තරවල හරියට තියෙනවනෙ රාවණා ගැන, බූත කතා, අතීතයේ මිනිස්සු මන්තර කියපු කතා, අද්බූත බලයෙන් කල වැඩ, නැවත උපන් කතා, යක්කුන්ගේ වැඩ, අහසින් යන හැටි, ගැහැනුන් යකිනියන් වෙලා බිලි ගන්න හැටි, මේ ඔක්කොම පත්තර බූරුවන්ගේ අධ්‍යාත්මයි තමයි මේ. මේ තමයි උන් දන්නා දේ. මේ තමයි උන්නේ ඇත්තම ඇත්ත දර්ශණය. ඒක නිසා තමයි මුන් හැතිකරේ ලංකාව ගැන වැරදි විතරක් ලෝකයට කියන්නේ. එකකොට උන්ගේ නොදියුනු කම ගැන ගොබ්බකම ගැනම තමයි මේ ‍ලෝකයට හෙළිදරව් වෙන්නේ.
    මාධ්‍යකාර හැත්තට අධ්‍යාපනයක් නෑ කියන්නේ ඒකයි.
    එතකොට දිගින් දිගටම මේවා මාධ්‍ය වල යනකොට ටිකක් හරි රට ගැන අනාගතය ගැන දියුණුව ගැන අදහසක් තියෙන මිනිස්සු පවා පිස්සු කෙළිනවා. දැන් නාගරික දියුනු මිනිස්සු මාධ්‍ය හසුරුවන්නේ නැති නිසා මුළු රටම අවුරුදු 100කින් පමණ පස්ස‍ට ගිහිල්ල තියෙන්නේ. මුන් පේන කියන් ගොක්කොල කපන තොවිල් කරන රටක් හදන්න තමයි මාධ්‍ය කොරන්නේ.

    ReplyDelete
  19. කවුද නවකතා පොතක් ලියපු ගම් බයියෙක් මෑතක කියලා තිබුණා ගෑනුත් එක්ක සංසර්ගය කොරලා මාර්ගඵල ලබන්න පුළුවන් කියලා. ඒ ඉතින් කැම්පස් ගිය බයියන්ය. මේක කිව්ව එකා මාධ්‍ය ආයතනයක හිටපු ජී.එම්. කෙනෙක්.
    ලංකාවේ නිදහස් අධ්‍යාපනය සකස් විය යුත්තේ කොහොමද ? සෞඛ්‍ය ක්ෂේත්‍රය සකස් කරන්නේ කොහොමද ? උසාවි හා රාජ්‍ය තීති සකස්විය යුත්තේ කොහොමද ? විදේශ ප්‍රතිපත්ති සකස්කර ගන්නේ කොහොමද ? රටේ ආර්ථිකය නංවන්නේ කොහොමද ? ජාත්‍යන්තර සබඳතා සකස් කර ගැනීමේදී රටේ සෛවරීත්වයට හානි නොවන ලෙස පිළිවෙත් සකස් කරන්නේ කොහොමද ? මේ OL පාස් නැති මාධ්‍යවල ගොං හුත්තලා මේවා කරන හැටි රටට උපදෙස් දෙනවා. මුන්ට මුන්ගේ ගෑනුවත් බලා ගන්න බෑ …ඒවූනාට රට කොරන හැටි ගැන උපදෙස් දෙන්න පුඵවන්.
    මව්බිම, ලංකාදීප, දිවයින, සිරස, ස්වර්ණවාහිනී, සියලුම FM චැනල් වල වැඩකරන තකතීරු බයියෝ තොපේ මොළේට වඩා දෙමළු මුස්ලිම් එවුන් ස්මාර්ට් නිසා තමයි මේ ප්‍රශ්න වලට උන්ට ඇඟිලි ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ.
    ලංකාවේ මාධකාරයෝ දැකල තියෙනවද ? නියම හිඟන මූණු. ළඟින් යන්න බෑ ගඳ. කට ඇරියෝත් බූරු කතා. මුන් එක්ක බුදියන ගෑනුත් එහෙමයි. මුන්ගේ පාලකයොත් එහෙමයි. මාධ්‍ය ආයතනවලට ගිහින් තියෙනවද ? ඒවායේ අපිළිවෙළ කැත. උන්ගේ හැසිරීම්. ඒවා තුප්පහි තිරිසන් ආයතන. රිවිර,රාවය, මව්බිම, ලංකාදීප, දිවයින, සිරස, ස්වර්ණවාහිනී තියන්නේ තිරිසනුන් වැඩකරන ආයතන. අරක්කු ටිකක් දෙනව කිව්වොත් පුකත් දෙයි.
    අනේ තොපේ පුකේ මාධ්‍ය.
    ලංකාවේ ජනමාධ්‍ය කැ……යනි තොපිට පිස්සු…

    ReplyDelete
  20. ක්‍රිෂ්ණාMay 27, 2013 at 7:17 PM

    මේ ගෝරි අස්සේ හරිම කතාව කිව්වේ විමල්,මිනිහා කියනවා මේ ගිනි තියා ගැනිම සලකලා හරි ඝව ඝාතන නවත්වන්න කියලා,මිනිහා එහෙම කියන්නේ මිනිහගේ මතු ආරක්ෂාව ගැන හිතලා.මොකෝ මිනිහට බය ඇති අනාගතයේ දවසක මිනිස්සු මිනිහවත් හරකෙක් ගානට සලකයි කියලා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා