ආණ්ඩුව මේ විදුලි බිල වැඩි කිරීම නවත්වා මහජන යෝජනා වහාම ක්‍රියාත්මක කළ යුතු ය. නැතිනම් ගෙදර යා යුතු ය

මැයි 15දා ලක් ඉතිහාසයේ වැදගත් දවසකි. හෙට විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහන උද්ඝෝෂණයක් කොළඹදී පැවැත්වේ. එය බොරැල්ලේ සිට ‍කොළඹ කොටුවට පා ගමනකි. 

වෘත්තීය සමිති, බහුජන සංවිධාන, රාජ්‍ය ‍නොවන ආයතන හා දේශපාලන පක්ෂ ආදීහු විශාල පිරිසක් මේ පාගමනට එක් වී තිබේ. 

මෙහි විශේෂත්වය වන්නේ එය කැඳවනු ලැබුවේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති පොදු විපක්ෂය විසින් වීමයි. මෙම විරෝධය කැඳවූ විදුලි බිල වැඩි කිරීමට එ‍රෙහි මහජන ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනය අප මීට පෙර මෙහි පළ කරන ලදී.

මැයි දිනයට පෙර නිකුත් කරන ලද එම ලිපියෙන් පහත සඳහන් කරනු ලබන ඉල්ලීම් රජයෙන් කර තිබිණි. 

  • පුද්ගලික විදුලි බලාගාර සමඟ විදුලි බල මණ්ඩලය ඇති කරගෙන තිබෙන ගිවිසුම් සියල්ල අහෝසි කර නියම විගණනයක් හරහා විදුලි ඒකකයක් පුද්ගලික සමාගම්වලින් විදුලිය මිලදී ගැනීම.
  • රුපියල බාල්දු කිරීම හරහා සිදුවන පාඩුව මගහරවා ගැනීමට විදුලි බල මණ්ඩලයට ඊට සරිලන සහනාධාරයක් ලබා දීම.
  • ඛනිජ තෙල් සංස්ථාව විදුලිය නිපදවීමට විදුලි බල මණ්ඩලයට ලබාදෙන තෙල් ලීටරයක මිල නැවත රුපියල් 65 දක්වා අඩු කිරීම.
  • රුපියල් බිලියන 20 කට වඩා වැඩි වාර්ෂික පාඩුවක් ලබන ශ‍්‍රී ලංකන් හා මිහින් එයාර් ගුවන් සේවාවන්ට ලබාදෙන හා සමාන සහනාධාරයක් විදුලි බල මණ්ඩලයට ලබාදීම.
  • මිහින් එයාර් සමාගම වසාදමා ඊට වාර්ෂිකව වැයවන මුදල විදුලි බල මණ්ඩලය වෙත ලබා දීම.
  • දැයට කිරුළ වැනි සැණකෙළි නවත්වා එවැනි සැණකෙළි වෙත වැය කෙරෙන මුදල් ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලි බල මණ්ඩලයේ පාඩු පියවීමට යෙදවීම.
නැගී එන මහජන විෝධයට බියෙන් මැයි 01දා ජනාධිපතිවරයා විේෂ නිේදනයක් නිකුත් කරමින් සහන සැපයීෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එමගින් මසකට ඒකක 60ක් දක්වා විදුලිය පරිෝජනය කරන දිළිඳු ජන ොටස්වල විදුලි බිල වැඩි කිරීම අත්හිටුවා තිේ. එහෙත්, සාමාන්‍ය මධ්‍යම පංතික ොටස්වල විදුලි බිලහළ යාම තවමත් දරා ගැනීමට අසීරු මට්ටමක ය. කියවන්න අපේ ගෙදර අලුත් විදුලි බිල වැඩි වීම රු. 900යි

නෙක් පැත්තෙන් ේ අධික විදුලි බිල සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ේ පැවැත්මට තියුණු අභිෝගයක් එල්ල කර තිේ. සිය පැවැත්ම සඳහා ඔවුන්ට අනිවාර්යයෙන්ම සිය භාණ්ඩ හා ේවාවන්ේ මිළ වැඩි කිරීමට සිදු ේ. එය ඔවුන්ේ ස්ථාවරත්වයට ප්‍රශ්නයකි. 

නෙක් පැත්තෙන් මහා පරිමාණ නිෂ්පාදකෝ හා ේවා සම්පාදකෝ අනිවාර්යයෙන්ම වැඩි කළ විදුලි බිල සිය භාණ්ඩ හා ේවාවන් මතට පටවනු ඇත. එහි ප්‍රතිඵලය වන්ේ විදුලි බිල වැඩි වීමක් සිදු ොවූ අඩුවෙන් විදුලිය පරිෝජනය කරන්නන්ේ සිට සියලු දෙනාට අධික උද්ධමනයකට මුහුණ දෙන්නට සිදු වීමයි.

ේ අපනයන ආදායම් මාර්ගවලට ද ේ විදුලි බිල ඉහළ යාම බලපායි. 

ේ තත්වය ඇති වීම සම්බන්ධයෙන් වගකිව යුත්ආණ්ඩුව මිස මහජනතාව ේ. දැන් සිදු වී තිබෙන් ඔවුන්ේ වැරදි ආර්ථික කළමනාකරණය වෙනුවෙන් මහජනයාට මිළ ගෙවන්නට සිදු වීමයි.   

ආණ්ඩුව ේ විදුලි බිල වැඩි කිරීම නවත්වා ඉහත කී ෝජනා වහාම ක්‍රියාත්මක කළ යුතු ය. නැතිනම් ගෙදර යා යුතු ය.
   

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මහා ප්‍රඥාවකින් හෙබි ඉහලම නැණවතෙක් විදියටයි මම අජිත් පැරකුම්ව දකින්නෙ. තමන් පළකරන පෝස්ටුවලින් කමෙන්ටුවලින් අජිත් තම කුශාග්‍ර බුද්ධි මහිමය පෙන්නුම් කරනවාය කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි. අජිත් පැරකුම් ලියන දේවල් දිහා බලන ඕනෙම කෙනෙකුට අජිත් බොහෝ විශයයන් ගැන හසල දැනුමක් තිබෙන බව අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා.

    අජිත් පැරකුම්ගේ ලේඛන කලාව නිසා බොහෝ දෙනක් ජීවිතය ගැන, ලෝකය ගැන විතරක් නෙමෙයි මුළු මහත් විශ්වය ගැනම අළුතින් හිතන්න පටන් ගත්තා. ලිවීම වෙනුවෙන් අජිත් කැප කරන තම ඉතාම වටිනා කාලය, ධනය සහ ශ්‍රමය නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත පරිඥානය පුළුල් වුනා, ලෝකාවබෝධයේ නිම් වලළු තව තවත් ඈතට ගියා, කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙමෙයි. අද බොහෝ දෙනෙක් අජිත් පැරකුම්ගේ බ්ලොග් එක කියවීමෙන් අජිත් ඔවුන්ගේ ජීවිතවලට කොයිතරම් නම් බලපාල තියෙනවද කියන එක නිසැකවම ඔප්පු වෙනවා. අජිත් තව වසර කිසිපයක් මේකේ ලියනකොට අජිත්ගේ ලිවීම ලෝකයට කොතරම් බලපානවද කියන එක අපි හැමෝටම බලාගන්න පුළුවන්.

    අජිත් ලිබරල්වාදය විශ්වාශ කරනවද සමාජවාදී ජීවිතයක් ගැන විශ්වාස කරනවද කියන්න මම දන්නේ නෑ. ඒත් අජිත් පතන අයුරින්ම ඔහුගේ අදහස් ඉටු වේවායි පතන්න මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. අැත්තටමද මචං.............

      Delete
    2. පැරා පරිස්සම් වෙන්න කාලේ හරි වගේ. "උඩ යවන බැලුම් බිම වැටේ".

      Delete
  2. ඇයි එතකොට අපේ බිල්.. බිල් නෙමෙයිද..?

    ReplyDelete
  3. සහණාදාර ඉල්ලන්නේ නැතුව තමන් කරන ‍රැකියාවට සරිලන වැ‍ටුපක් තමයි ඉල්ලන්න ඔනේ......මූලික අවශ්‍යතා සදහා අවශය අවම වැ‍ටුපක් එනකන් මේ දුප්පත් කමේ විශම චක්‍රය කැරෙකෙනවා...ඒකට විසදුම සහණාදාර නෙවෙයි...

    මොන විදිහට සහනාධාර දුන්නත් ඒවා මහින්ද මහත්තයගේ ගේ දොර විකුණලා දෙන ඒවා නෙවෙයි....අන්තිමට වෙන්න අපි අපිටම සහණාධාර දී ගැනීමක්.. කෙලින්ම බිලට ගෙව්වත්, වක්‍රාකාරයෙන් ගෙව්වත් අන්තිමට ගෙවන්නේ අපි.සහණදාර බෙදන්න ගිහිල්ලා වෙන කට්ටියක් නම් පෝසත් වෙනවා...


    පලවෙනි යෝජනාවයි, මිහින් ලංකා එක වහන එකයි ම, දැයට කිරුල නාස්තියයි ඇරුන අනිත් ඒවාගෙන් එච්චර සුගතියක් ඇති වෙයි කියලා හිතන්න අමාරුයි..

    ReplyDelete
  4. එතකොට මේක ආශ්චර්යයක් කරනව කියපු එක්කෙනා ගැන මොකද කියන්නෙ?

    ReplyDelete
  5. මේ ප්‍රශ්ණය විදුලි බිල ගැන පමණක් කතා කරල විදන්න පුළුවන් ඒකක් නොවෙයි. මුළු රාජ්‍යය සේවා පද්ධතියම පාඩුයි. ඒකට ප්‍රධානම හේතුන් තමයි නාස්තිය, දූෂනය සහ අකාර්යක්ෂමතාවය. ජනතාවට සහනාධාර දෙන්න බෑ කියන අාණ්ඩුව රජයේ අනවශ්‍යය වියදම් සත පහක් වත් අඩු කරන්නේ නැත. ලෝකයේ ලොකුම අමාත්‍යය මණ්ඩලය නඩත්තු කරන ගමන් කොහොමද ජනතාවට සහන දෙන්නෙ. විදුලි බලයට ඒක අැමතියෙකුයි, ඛනිජ තෙල් වලට කවක් අැමතියෙකුයි, පරමාණුබල ශක්තියට තවත් අැමතියෙකුයි තියාගෙන අමත්‍යංශ තුනකට වියදම් කරන්නේ ඒකම විෂයයට අදාල ඒකම අැමති කෙනෙකුට කරන්න පුළුවන් සේවයක්නෙ.
    මයියා කියල තිබුන සහනාධාර නැතිව ජීවන වියදමට සරිලන වැටුපක් ගෙවන්න කියල. අමාරුවෙන් හරි ජීවත්වෙන්න වැටුපක් නොලබන ජනතාව කොපමණ ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවද? වැටුප් වැඩි කිරීම ඔවුන්ට බලපාන්නේ නැහැනෙ. අපේ වගේ දියුනු වන රටවල්වල අනිවාර්යයෙන්ම සහනාධාර ක්‍රමයක් තිබිය යුතුයි. නමුත් ඒ සියළුදෙනාටම නොවෙයි, අන්ත දුප්පත් පවුල් වලට පමණයි.
    උදාහරණයක් හැටියට පාසැල් නිල අැදුම් සදහා නොමිලයේ රෙදි ලබා දීම මෙන තරම් නාස්තියක්ද? උදේට කාර් ඒකෙන් පාසැල් යන ලමයටත් නොමිලේ රෙදි ලබා දෙනව නිල අැදුම් සදහා. ඒ වගේම අපේ චන්ද්‍රිකා මැඩම් අහෝසි කල රූපවාහිනි සහ රේඩියෝ බලපත්‍ර නිකුත් කිරීම ,නැවත අැතිකල යුතුයි. ඒය අඩුම තරමේ ග්‍රාමසේවා නිධාරීන්ට මාසදෙක තුනක වැටුප් ගෙවීම සදහා වත් යෙදවිය හැකියි නේද?
    කෙසේ වෙතත් මේ ක්‍රමය තව දුරටත් අපේ රටේ ක්‍රියාත්මක වුව හොත් අපටත් සිදුවන්නේ, අර සෝමාලියාවේ මිනිස්සු වගේ, ඔය දෙවුන්දර තුඩුවට පහලින් ගමන් කරන නැව් කොල්ලකන්න තමයි. ගෝඨාභය ලොක්කානම් ඒකටත් සූදානම් අැති. අපට තමයි උන් විසි කරන කටු කකා ඉන්න වෙන්නෙ.

    ReplyDelete
  6. මේ ප්‍රශ්ණය විදුලි බිල ගැන පමණක් කතා කරල විදන්න පුළුවන් ඒකක් නොවෙයි. මුළු රාජ්‍යය සේවා පද්ධතියම පාඩුයි. ඒකට ප්‍රධානම හේතුන් තමයි නාස්තිය, දූෂනය සහ අකාර්යක්ෂමතාවය. ජනතාවට සහනාධාර දෙන්න බෑ කියන අාණ්ඩුව රජයේ අනවශ්‍යය වියදම් සත පහක් වත් අඩු කරන්නේ නැත. ලෝකයේ ලොකුම අමාත්‍යය මණ්ඩලය නඩත්තු කරන ගමන් කොහොමද ජනතාවට සහන දෙන්නෙ. විදුලි බලයට ඒක අැමතියෙකුයි, ඛනිජ තෙල් වලට කවක් අැමතියෙකුයි, පරමාණුබල ශක්තියට තවත් අැමතියෙකුයි තියාගෙන අමත්‍යංශ තුනකට වියදම් කරන්නේ ඒකම විෂයයට අදාල ඒකම අැමති කෙනෙකුට කරන්න පුළුවන් සේවයක්නෙ.
    මයියා කියල තිබුන සහනාධාර නැතිව ජීවන වියදමට සරිලන වැටුපක් ගෙවන්න කියල. අමාරුවෙන් හරි ජීවත්වෙන්න වැටුපක් නොලබන ජනතාව කොපමණ ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවද? වැටුප් වැඩි කිරීම ඔවුන්ට බලපාන්නේ නැහැනෙ. අපේ වගේ දියුනු වන රටවල්වල අනිවාර්යයෙන්ම සහනාධාර ක්‍රමයක් තිබිය යුතුයි. නමුත් ඒ සියළුදෙනාටම නොවෙයි, අන්ත දුප්පත් පවුල් වලට පමණයි.
    උදාහරණයක් හැටියට පාසැල් නිල අැදුම් සදහා නොමිලයේ රෙදි ලබා දීම මෙන තරම් නාස්තියක්ද? උදේට කාර් ඒකෙන් පාසැල් යන ලමයටත් නොමිලේ රෙදි ලබා දෙනව නිල අැදුම් සදහා. ඒ වගේම අපේ චන්ද්‍රිකා මැඩම් අහෝසි කල රූපවාහිනි සහ රේඩියෝ බලපත්‍ර නිකුත් කිරීම ,නැවත අැතිකල යුතුයි. ඒය අඩුම තරමේ ග්‍රාමසේවා නිධාරීන්ට මාසදෙක තුනක වැටුප් ගෙවීම සදහා වත් යෙදවිය හැකියි නේද?
    කෙසේ වෙතත් මේ ක්‍රමය තව දුරටත් අපේ රටේ ක්‍රියාත්මක වුව හොත් අපටත් සිදුවන්නේ, අර සෝමාලියාවේ මිනිස්සු වගේ, ඔය දෙවුන්දර තුඩුවට පහලින් ගමන් කරන නැව් කොල්ලකන්න තමයි. ගෝඨාභය ලොක්කානම් ඒකටත් සූදානම් අැති. අපට තමයි උන් විසි කරන කටු කකා ඉන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. දැන් ඔයා සෑහෙන වෙලාවක්‌ කොටලා කොටලා කියන්න යන්නේ අර මැන්ටල් රනිලට චෑන්ස් එකක් දීපන් පුතේ කියලද, යනව හලෝ යන්න අපි
      ඒ ගොනා විකුණලා ගොඩක් කල්. අනික රනිල්ව මාකට් කරන්න ඔයාට තව ගොඩක් කොම්මෙන්ට් කොටන්න වෙයි.

      Delete
    2. අැයි රනිල් අාණ්ඩු කරනව මීට කලින් දැකල නැද්ද?

      නිකන් යනව මනුස්සයො යන්න.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා