පන්සල් පල්ලිවලට අඩු ගානට විදුලිය දෙන්නේ ඇයි?



මා මත් වී
මුසපත් වී
රසවත් වී

ලං.වි.ම.ට දැන් කියන්න
ආදරේදෝ
මට ආ...දරේදෝ

බලන්න ජෝතිපාල කොච්චර ඉස්සර කාලේද අද කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කරන දේවල් සිය විදුරු නුවණින් දැක්කේ.

ආණ්ඩුවත්, ආණ්ඩුවේ ජනමාධ්‍යත් දැන් කරන්නේ මේ අසාධාරණ විදුලි බිල වැඩි කිරීමට පවිත්‍රා දේවි හරි චම්පික රණවක හරි උල තියමින් සැබෑ වගඋත්තරකරුවන් වූ රාජපක්ෂ පවුල බේරන්න කටයුතු කරන එකනේ.

දැන් සිංහල ජාතියට විතරක් නොවෙයි, මුළු ලංකාවටම කරන්ට් වැදිලා. කෝ දැන් අර පහුගිය දිනවල මුස්ලිමුන්ගෙන් ලංකාව බේරාගන්න සටන් කරපු බෞද්ධ ත්‍රස්තවාදියෝ. ඇමරිකා ගිහින් බීලා කාර් එලවනවාද?

සියලු ආගම්වලට අයත් රට පුරා පිහිටා තිබෙන ආගමික සිද්ධස්ථාන 34402ක විදුලි ගාස්තු වෙනුවෙන් රජය රුපියල් මිලියන 1229ක සහනාධාරයක් සලසන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. හැබැයි, පන්සල් පල්ලිවලද විදුලි බිල වැඩි වී මිස අඩු වී නම් නැත.

දිනමිණේ මේ පුවත සඳහන් වන්නේ හරියට ඒකත් අපට කළ මාර සේවයක් වගේය. අපේ සැදැහැවතුන්ටත් ඒක එහෙමය කියා හිතෙන්න‍ට පුළුවන. ඒත්, ඇත්ත නම් මෙසේය. ආගමික ස්ථානවලට අඩු මිළට ලයිට් දුන්නේ ලයිට් එළියට ආකර්ශනය වන කෘමි සතුන්‍ට අත්වන ඉරණම මිනිසුන්ට අත් කර දුන්නාම ආණ්ඩුවට වාසි නිසාය.

ඒ කෙසේද යත්, ආගම් විසින් කරන්නේ තමන් අද විඳින දුකට හේතුව දෙවියන්ගේ කැමැත්ත හෝ කර්මය ය කියා ජනතාවට නියා දීමය. එහෙම කිව්වාම ඇස් පනාපිටම සිදුවන සූරාකෑම හෙවත් වැඩක‍රන මිනිසුන්ගේ ශ්‍රම කොල්ලය හංගන්නට පුළුවන. ආණ්ඩුවට මිනිසුන්ගෙන් සූරා ගන්නා බදු මුදලින් හා අනාගත පරම්පරා උගසට තබා ගන්නා ණයවලින් සැප විඳින්නට පුළුවන. මැති ඇමතිවරුන්ට ආරක්ෂකයන් පිරිවරාගෙන දිව්‍ය රථ වැනි වාහනවලින් ගමන් බිමන් යන්නට පුළුවන. මැති ඇමතිවරුන්ගේත්, ඉහළ නිලධාරීන්ගේත්, ඔවුන්ගේ බිරියන්ගේ, බබාලාගේ හා පවුලේ වෙනත් අයගේ ආශාවන් මහජන මුදලින් සපුරා ගන්නට පුළුවන. ආගම් විසින් දුක් විඳින ජනතාවට කියා දෙන්නේ ඒවා ඔවුන්ගේ පිං හෝ දෙවියන්ගේ කැමැත්තය හෝ කියාය. එවිට ජනතාව සුසුම් ලා සිය දුකට හේතුව තේරුම් ගෙන, අතේ ඉතිරි තුට්ටු දෙකින් මහත පූජකයන්ට පිදවිලි දී මතු යහපත පතති.

තමන්ගේ දුකට හේතුව ඇති හැකි අතළොස්සක් විසින් නැති බැරි බහුතරය සූරාකෑම බව වසං කිරීමේ කොන්ත්‍රාත්තුව කරන සිද්ධස්ථානවලට ආණ්ඩුව ගෙවිය යුතුය. ඔය කරන්නේ ඒ ගෙවිල්ලය. ඉතින් අපට මොකද?

ලංකාවේ නම් බහුතරයක් ආගමික ස්ථාන ආගම්වාදී හා ජාතිවාදී වෛරය වැපිරීමේ මර්මස්ථාන වේ. ඒකත් තව හොඳය. මන්ද, ජනතාව සැබෑ ජන සතුරන් අමතක කර එකිනෙකා කා කොටා ගන්නා විට ඒකේ වාසියත් පාලකයන්ටය. ඔය ගෙවන්නේ ඒවාටය.

දිනමිණේ ගිය ප්‍රවෘත්තියේ ඉතිරි හරිය මෙසේය:

ආගමික සිද්ධස්ථානවලට අවශ්‍ය ගිගාවොට් 66ක විදුලි සැපයුම සඳහා රජය රුපියල් මිලියන 1229ක් වැය කරද්දී විදුලි ගාස්තු සංශෝධනය කිරීමෙන් පසුවත් ආගමික ස්ථානවලින් ලංකා විදුලි බල මණ්ඩලයට විදුලි ගාස්තු වශයෙන් ලැබෙන්නේ රුපියල් මිලියන 308ක් පමණක් බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

විදුලි ඒකක 0 සිට 30 දක්වා භාවිතා කරන ආගමික සිද්ධස්ථාන 8406ක්, 31 සිට 90 දක්වා භාවිතා කරන සිද්ධස්ථාන 10107ක්, 91 සිට 120 දක්වා භාවිතා කරන සිද්ධස්ථාන 3728ක් 121 සිට 180 දක්වා භාවිතා කරන සිද්ධස්ථාන 4824ක්, 180ට වැඩියෙන් භාවිතා කරන සිද්ධස්ථාන 7337ක් වශයෙන් මෙම සහනාධාරයට හිමිකම් කියති.

එක් විදුලි ඒකකයක් නිපදවීම සඳහා විදුලි බල මණ්ඩලය රුපියල් 23. 80ක් වැය කරන අතර ආගමික සිද්ධස්ථාන සඳහා ගාස්තු අය කෙරෙන්නේ උපරිම වශයෙන් ඒකකයකට රුපියල් 7ක් වන පරිදිය. ආගමික සිද්ධස්ථාන සඳහා නව ගාස්තු සංශෝධනය යටතේ මුදල් අය‍කෙරෙන්නේ ඒකක 0 සිට 30 දක්වා ඒකකයකට රුපියල් 1. 90ක්, 31 සිට 90 දක්වා ඒකකයකට රුපියල් 2. 50ක්, 91 සිට 120 දක්වා ඒකකයකට රුපියල් 3. 50ක්, 121 සිට 180 දක්වා ඒකකයකට රුපියල් 5.00ක් හා ඒකක 180ට වැඩි නම් ඒකකයකට රුපියල් 7. 00 බැගිනි.

මෙම ලිපිය අත්වැරදීමකින් මැකී ගිය අතර cached පිටපතක් හරහා ලබාගත් එහි පළ වූ මුල් අදහස් දැක්වීම් මෙහි නැවත පිටපත් කරමි. සුදු වූ ප්‍රමාද ෝෂය ගැන කණගාටුව ප්‍රකාශ කරමි.

  1. විදුලි බිල වැඩි කලේ ඉන්ධන මිල ඉහල යාම නිසා. මේක තාවකලික වැඩිකිරීමක් කියලා ඉතා පැහැදිලිව කියා තිබෙනවා. අනික නම් ඉදිරියේදී ගල්අගුරු බලාගාර සක්‍රිය වූ පසු මිල අඩු වෙනවා.

    අනික නම් ලංකාවේ පැය විසිහතරම නොකඩවා විදුලිය ලබා දෙනවා. ඒ සදහා ඉන්ධන, ජලය යොදා ගන්නවා. ආසියාවේ ඇතැම් රටවල් වල දවසට විදුලිය සපයන්නේ පැය කිහිපයක් පමණයි.

    ඉතින් ජනතාව තීරණය කල යුතුයි මෙසේ නොකඩවා විදුලිය අවශ්‍යද නැතිනම් දිනකට පැය කිහිපයක් විදුලිය ලබා සැහීමකට පත්වෙනවාද කියා.

    රටේ විශාල වශයෙන් සංවර්ධන වැඩකටයුතු නොකඩවා සිදුවෙනවා. අධිවේගී මාර්ග, ගුවන්තොටුපල, අතිදැවැන්ත වරාය. මෙව්වට මුදල් අවශ්‍යයි. මේ සදහා බදුමුදල් අවශ්‍යයි. පැහැදිලිව කිවයුතුයි, ආණ්ඩුව බදු මුදල් හා විදේශවලින් ණයට ගන්නා මුදල් වැයකරන්නේ පසුගිය ආණ්ඩු මෙන් කෑමට බිමට නොවේ. සංවර්ධන කටයුතු ආයෝජන සදහායි.

    දැන් මේ විදුලි බිලක්‌ අල්ලාගෙන බොරුවට් කෑ ගහන්නේ වෙනත් වැරදි පෙන්නන්න නැති නිසා. රටේ තොටේ ඇවිදින ඕනෑම කෙනෙක්ට පේනවා යුද්ධෙන් පසු ජනතාව නිවිසැනසිල්ලේ සිටිනා අයුරු හා රටේ සිදුවන ඇති දැවැන්ත සංවර්ධන කටයුතු.

    සමන්
    Reply

    Replies


    1. ඔහේ ලයිට්බිල් ගෙවන්න සල්ලි හොයන්න කරන රස්සාව මොකක්ද කිව්වනම්?
    2. කොහෙද ඉන්ධන මිල වැඩිවෙලා තියෙන්නේ. ලෝක වෙළඳපොලේ තෙල් බැරල් එකක මිල කීයද කියලා බැලුවනම් හොඳයි. අපේ රට ඇතුලේ තියෙන්නේ රජය විසින් කරපු කෘතිම මිල වැඩි වීමක්. ඒක විදුලි බිලට බලපාන්නේ නැහැ...
    3. සමන්:

      ලෝක ඉන්ධන මිල වැඩිවෙලා කියලා ඔබ කියන්නේ කොහොමද?
      මා ජීවත්වන ඕස්ට්‍රේලියාවේ මේ දිනවල ඉන්ධන මිල ශීග්‍රයෙන් අඩුවෙනවා. උදාහරණයක් ලෙස, ගිය සතියේ මෙහෙ පෙට්‍රල් ලීටරයක් සිල්ලරව අලෙවිවුනේ A$1.40 ක් වගේ දල මිලකට. නමුත් මේ සුමානේ ඒක A$1.19 ට අඩුවෙලා. මෙහේ ඉන්ධන මිළ නිතර වෙනස්වෙනවා, ලෝක ඉන්ධන මිළට සාපේක්ෂව.
    4. ඉන්ධන මිල වැඩිම ගියේ ඩොලර් 140 ට ගියපු කාළේ. ඒ කියන්නේ 2008 දී විතර. ඔය හෙජින් ගිවිසුම් එහෙම ගහලා ඒවලිනුත් හම්බ කළේ. ඊට පස්සේ තෙල් අඩුවුනා 80 ගනන් වලට පවා. අදත් සමාන්‍යයෙන් බැරල් එකක් ඩොලර් 100 ඒත් තෙල් මිල මෙහේ අම්බානක වැඩි වෙනවා. ඒ ඇයි. රුපියල පාලනය කර ගන්න බැරි නිසා. නිෂ්පාදනය නැත්තටම නැති කරන නිසා. ඇයි මල හත්තිලව්වේ අර දයාගේ සෙවනගල සීනී අරගෙන සීනී ඇමතියෙක් දාලා ඒක ඌට හම්බ කරගෙන කන්න දෙනවා වගේ. මේ ඩීසල් බලාගාර ටිකත් ආන්ඩුවට ගන්න බැරි. අපි හිතුවේ මහින්ද මහත්තයා කාටවත් බය නෑ කියලා. ඒ උනාට තෙල් බේත් කාරයන්ට බයයි වගේ.
    5. සමන්:
      ඔබගේ අදහස් වලින් පෙනෙන පරිදි ඔබ ලංකාවේ රජයට බොහෝ පක්ෂපාතීත්වය දක්වන්නෙකි. එය අපට ප්‍රශ්නයක් නොවේ. මක්නිසාද යත් හිට්ලර්ට සහ නට්සි වාදීන්ට පවා කැමති පිරිස් අද පවා ලෝකයේ සිටීමයි. එය මිනිසුන්ට සිය මතවාද දැරීමේ අයිතිවාසිකමක් බව ලෙස අප සලකමු.

      නමුත් අපට ඇති ප්‍රශ්නය වන්නේ ඔබගේ අදහස් අනුව ඔබ ඇත්තටම ලංකාවේ ජීවත්වන, පොළොවේ පයගසා ඇවිදින කෙනෙකුද, එසේත් නැතිනම් මේ ආණ්ඩුවේ මෙම මුග්ධ ක්‍රියාකලාපය සාධාරණීයකරණය කිරීම උදෙසා ආණ්ඩුවෙන්ම පත්කළ කෙනෙකුද යන්නයි. ඔබ සිතන පරිදි ලංකාවේ දැනට කිසිම ප්‍රශ්නයක් නැතිද? එකම ප්‍රශ්නයට හේතුව ලෝක වෙළඳපොලේ තෙල් මිළ වැඩිවීමද? ඇත්තටම ලෝක තෙල්මිල වැඩිවෙලාද?

      ඔබ මේ ආණ්ඩුවේ කුණු හෝදන ඩෝබි කෙනෙකු නොවේනම්, ඔබට ඔබගේ වටපිටාවේ සිදුවන දේ දැනගැනීමට ඔබම පවසන පරිදි පැරකුම් වැනි පරාජිතයින් ලියන මෙවන් බ්ලොග් කියවීමට අවශ්‍ය නැත. ඒ වෙනුවට අන්තර්ජාලයේ විදෙස් මාධ්‍යවල ඕනෑතරම් දැනුම තිබේ. ලෝක වෙළඳපොලේ තෙල්මිල වෙනස්වෙලද කියා දිනමිණ බලනවට වඩා ලෝක තෙල් මිලගණන් අන්තර්ජාලයෙන් සොයා බලන්න.
  2. @saman?
    kawadada bola wadi unu bilak aye adu une? Umba saman da mahindage puthek da?
    gaththa naya walin para wath apiwath kawe na,umbata nam kapu ewa dirawaagnnda ba wage
    -
    Reply
  3. නම නිසා මිහින් ට සහනය මිලියන කියද අහස අපට නිසා අනික් කුරුල්ලාට සහනය ,අදායම ක් නැති වරාය ට සහන ජහමනයට දුක් ගිනි
    Reply
  4. සමන් කියලා ෙකාෙමන්ට් දාන්ෙන් මහින්ද රාජපක්ෂමයි කියලා මමනම් හිතන්ෙන්................
    Reply

    Replies


    1. සමන් ඉන්නෙ ලංකාවෙ නෙවෙයි වෙන්ටැ....
  5. ද්ෙව්ශෙයන් ලියන ෙකාෙමන්ට් දැක්කම මට හරි සතුටක් දැනෙන්නේ.මොකද අජිත්ගේ අදහස් මේ කොන්ද පන නැති එවුන්ට කොච්චර රිදිලද කියන එකට තියෙන සාක්ෂියක් නිසා.මෙවුන් මහ ගූ බය සෙට් එකක්. ආන්ඩුවට විරුද්ධ මතවාදයක ඉන්න අජිත්ට බන්න එකවත් එලිපිට කරන්ඩ මුන් බයයි.ඒ මොකද මුන් හරිම නිවටයින් පිරිසක්.මුන් ආණ්ඩුවට කඩේ ගිහින් වාසි ගන්නවා.හැබැයි එලිපිට කඩේ යන්නැත්තේ මුන් එලිදරව් වීම ගැනත් උන් බයයි.මොකද බැරි වෙලා හරි ආණ්ඩුව පෙරලුනොත් උන්ගේ සිවිල් ජීවිත අනතුරේ වැටෙයි කියලා.මොකද එහෙම පෙරලෙනකොට ඉස්සෙල්ලාම ගිහින් අලුත් ආණ්ඩුවට එකතු වෙන බලාපොරොත්තුව මුන්ගේ තියෙන්නේ.
    එතකොට මම, මමත් බයයි.මොකද මම රජයේ සේවකයෙක් මම හෙලිදරව් වෙන එක මට හානිකරයි. එහෙම බලද්දි ආණ්ඩුවට කඩේ යන එවුනුයි,විරුද්ධ එවුනුයි හැමෝම තම අදහස් එලිපිට දක්වන්න බයයි. ඒක මේ කාළකන්ණි රට පුරාම තියන පොදු තත්වයක්.එහෙම සමාජයක අජිත් පැරකුම් වැනි අය වීරයින් කියලයි මම අර්ථ දක්වන්නේ.
    අජිත් ඔබට ශක්තිය සහ ධෛර්්යවය..................
    Reply
  6. පැරකුම්:
    ලංකාවේ දැනට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ පොදු ජනතාව දැනුවත්කිරීමේ ක්‍රමයක් නැතිවීම කියලයි මට හිතෙන්නේ. මේ වගේ බ්ලොග් කියවන්නේ ඉතාමත්ම සුලු පිරිසක්. ප්‍රේමදාස යුගයේ බිහිවූ විකල්ප පුවත්පත් අද ඉතාමත්ම අකර්මන්‍ය වෙලා. ජාතික යයි කියාගන්නා සියලුම පුවත්පත් සහ ජනමාධ්‍ය රජයේ ග්‍රහණයට නතුවෙලා. ප්‍රධාන විපක්ෂය දැඩි නිද්‍රාවක. කැරලිකාර අතීතයත්, රතුපාටත් නිසා ජවිපෙට එතරම් ප්‍රේක්ෂකයන් පිරිසක් නැහැ.
    මියන්මාරයේ හෝ ඊජිප්තුවේ සිදුවූ ජනතා නැගීසිටීමක් ලංකාවේ සිදුවීමට ඇති ඉඩ ඉතාමත්ම අල්පයි. එයට හේතුව ලංකාවේ මධ්‍යම පන්තියට තමන්ගේ බද කට පුරවාගෙන, ළමයින්ව රට යවා, තමනුත් පුලුවන්නම් පිට රටකට පැනගන්නවා මිස ආණ්ඩු පෙරලීමේ අවශ්‍යතාවයක් නැහැ. සෙසු ජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍යවන්නේ ඒ නිසයි.
    Reply
  7. විදුලි බිල වැඩි උනේ ඇයි කියලා මොළයක් තියෙන හැම එකාම දැන් ඉතා හොඳින් දන්නවා. ඒ වෙන මොකක් නිසාවත් නෙමෙයි මේ ආන්ඩුව දුප්පත් මිනිහගෙ ආන්ඩුවක් කිව්වට. මිලියන ගනනක දුප්පත් මිනිහා මරාගෙන කාලා. ඇඟේ ඇඟිලි ගානටත් අඩු ආන්ඩුවේ හිතවතුන්ට හොඳට හම්බ කර ගෙන කන්න දෙන ආන්ඩුවක්. ආන්ඩුවට නැති බැරි පොඩි එකා වැඩක් නෑ. මාෆියා එක මේන්ටේන් කලාම එයාලට රජ සැප.

    ආගමික මධ්‍යස්ථාන වලට සහනාධාර දෙනවනම් බිස්නස් වලටත් ඒ සහනාධාරයාම දෙන්න ඕන. මොකෝ ආගම් කියන්නේ තවත් ව්‍යාපාරයක් පමණක්ම නිසා. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. /* ලං.වි.ම.ට දැන් කියන්න
    ආදරේදෝ
    */

    ජෝතිපාල කිව්වට ඔය කතාව ලිව්වේ කරුණාරත්න අබේසේකර.

    ReplyDelete
  2. "මෙම ලිපිය අත්වැරදීමකින් මැකී ගිය අතර"

    මේ බ්ලොග් එකේ ලියන පුද්ගලයා රටේ ලෝකේ ඉන්න හැම එකාගෙම වැරදි හොයන හින්දා මං මෙච්චර කල් හිතං හිටියේ මේක ලියන මිනිහා කිසිම වැරැද්දක් කරන්නේ නැති,පඩ, චූ,කක්කා දාන්නේ නැති මාර පොරක් කියලා.

    ReplyDelete
  3. ලොකු ලොකු ව්‍යාප්‍රති ඔය වරාය ගුවන්තො‍ටුපලවල් වගේ ඒව කරනකොට සල්ලි ගොඩක් ඕන තමයි. නැත්තං කොමිස් ගැහුවට පස්සෙ වැඩේ කරන්න සල්ලි නැති වෙනවනෙ. ඔය නොරොච්චෝලෙටත් බර ගානක් ගියානෙ . නොරොච්චෝලෙ හදන කාලෙ කිව්වෙ විදුලි ඒකකයක් රුපියල් තුන ගානෙ දෙනවැයි, ඉන්දියාවටත් ලයිට් දෙනවැයි කියල ඔය දුන්නෙ ඇට්ටි හැලෙන්න.

    ReplyDelete
  4. අද අපේ රටේ තියෙන්නෙ ආගමික සංස්ථාවක් නොවැ. ඉතින් ඒ සංස්ථාවෙ ඉන්න වෘත්තිකයන්ට අපි යම් ගෙවීමක් සහ දීමනාවක් දෙන්න ඕනැ. නැත්තං ඒ ඇත්තො පාංශුකූලෙකටවත් එන එකක් නැහැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා