බොදු බල සේනාව දෙස සුබවාදී ඇසකින්

බොදු බල සේනාව විසින් කරමින් සිටිනු ලබන දේශපාලනය වනාහි අමුතු දෙයක් නොවේ. සීමාන්තික උන්නතිකාමීන් වූ පහළ පංතිකයන් දේශපාලන හිනිපෙතේ ඉහළ ඒම සඳහා ඉතිහාසය පුරාම ජාතිවාදය වපුරා තිබේ. කේ.එම්.පී. රාජරත්නගේ හෝ ඊටත් පෙර සිට චම්පික රණවක, විමල් වීරවංශ හරහා ගලගොඩඅත්තේ සාදු දක්වා සම්බොඩීස් බවට පත් වූ මෙවැනි නෝබොඩීස් පිළිබඳ උදාහරණ ඕනෑතරම් සොයා ගත හැකිය.

මොවුහු අවංක ජාතිවාදීහුවත් නොවෙති. ඔවුන් ව‍ටා එක් රැස් වන මධ්‍යම පංතික පිරිස්ද සෝබනකාර දෙබිඩි චරිත වෙති. ඒ නිසා වියට්නා‍මයේ ක්වාන් ඩක් භික්ෂුව වැනි අය‍ හෝ යාපනයේ තිලීපන් වැනි අය කවදාවත් මොවුන් අතරින් බිහි වන්නේ නැත.

බොදු බල සේනාව ඇතුළු ජාතිවාදී සංවිධාන මෙහෙයවෙන්නේ උන්නතිකාමී පුද්ගලයන් අතර ඇති බලය සඳහා වූ තරගකාරිත්වය මතයි. ඒ සමගම ජාතිවාදය සාධාරණීකරණය කිරීම සඳහා ඔවුන් අතර කිසියම් අවබෝධයක්ද තිබේ. බොදු බල සේනාවට මහනුවර රැස්වීම කරන්නට ජාතික හෙළ උරුමය විසින් ස්ථානය වෙන් කර දීම සිදු වන්නේ මේ අවබෝධය තුළයි.

බොදු බල සේනාව සිය ආරක්ෂාව හා බලය වෙනුවෙන් ආණ්ඩුව සමග සිටින බව පැහැදිලිය. ආණ්ඩුවද ජාතිවාදී ව්‍යාපාර සිය පාලනය තුළ තබා ගැනීමට වගබලාගෙන තිබේ. නිදසුනක් ලෙස ඇමති චම්පික රණවක පැටලී ඇත්තේ ලිහාගන්නට බැරි උගුලකයි. පලා බෙදුවත් පලා යන්නට දැන් ඔහුට බැරිය. ගියොත් හිරේ යන්නට සිදු වේ. ඒ නිසා ආණ්ඩුවේම වාත වෙමින් සිටියි. ඔහු වැනි අයෙක් ඇමතිකමකින් තෘප්ත වේ යයි බලාපොරොත්තු විය නොහැකිය. ඔහුගේ සිහින බොහෝදුරට ජාතිවාදී උන්නතිකාමීන්ගේ උවමනාවන් සමග පෑහේ. සිංහල ජාතිවාදී, බුද්ධිමත්, ධනේශ්වර ඒකාධිපති නායකයෙකුට ලංකාවේ මිළක් තිබේ. දැන් සිටින අය තුළ මේ බුද්ධිමත් කොටස නැත.

‍බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධාන විසින් පාර කපමින් ඉන්නේ චම්පික රණවක වැනි අයෙකුට ආණ්ඩුවෙන් පිටතට පැමිණ ජාතිවාදයට නායකත්වය දිය හැකි වාතාවරණයක් නිර්මානය කරන්නටය. මන්ද, මේ ව්‍යාපාරවල නායකත්වය දැනට හිමි කරගෙන සිටින අය‍ට එවැනි නායකත්ව කුසලතා නැත. ඒ සඳහා ඔවුහු ආණ්ඩුව දුර්වල කිරීම සඳහා එහි පදනමටම පහර දෙමින් සිටිති.

ආණ්ඩු‍වේ ශක්තියේ මූලධර්මය යුද්ධය අවසන් කිරීමයි. යුද්ධය අවසන් කිරීමත් සමග රට ස්ථායී වීම හේතුවෙන් රාජපක්ෂ ආණ්ඩුව ඉතා බලවත් විය. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දී දෙමළ හා මුස්ලිම් ජාතික ව්‍යාපාර රාජ්‍යය සමග බද්ධ කරගෙන, තමිල්නාඩුව හා ඉන්දියාවත්, බටහිරත් සමග සංහිඳියාව ඇති කරගත්තා නම් මහින්ද රාජපක්ෂ ලංකාවේ සැබැවින්ම ඉතිහාසය නිර්මානය කළ නායකයකු වන්නට ඉඩ තිබිණි. එහෙත්, මෙහිදී මතු වූයේ අප අර කලින් කී බුද්ධිමත්කම පිළිබඳ ප්‍රශ්නයයි. කේවට්ට උපදේශකයන්ගේ උපදෙස් මත හා සිංහල ජාතිවාදීන්ගේ උපායික විරෝධය මැද අද නැවතත් ලංකාව දෙකඩ වන තැනට ආසන්න වී තිබේ.

අනෙක් පැත්තෙන් රාජපක්ෂ ආණ්ඩුවේ ශක්තිය රඳා තිබෙන්නේ අන් කිසිවක නොව ආර්ථිකය තුළයි. මහජන විරෝධය මැඩගෙන, අධික ලෙස බදු අය කරගෙන,  සිය දූෂණ හා නාස්තිකාර ක්‍රියා කරගෙන යන්නට ඔවුන්ට හැකියාව ලැබෙන්නේ විදේශ ණය, විදේශ රැකියා, සංචාරක ව්‍යාපාරය, අපනයන ආදී මාර්ග ඔස්සේ ලැබෙන ආදායම්වලිනි. සිංහල ජාතිවාදීන් සිය ප්‍රහාරය ඉලක්ක කර තිබෙන්නේ මෙතැනටය.

සිංහල ජාතිවාදීන් විසින් ඉතා හොඳින් කරමින් තිබෙන්නේද ඇත්තටම මේ පවුල් පාලනය නැත්තටම නැති කර දැමීම‍්‍සඳහා අවශ්‍ය දේය.ඔවුහු ආර්ථිකය බිඳවැට්ටීමේ සියුම් මෙහෙයුමක් දියත් කර ඇත. සියුම්ව නිරීක්ෂණය කර බලන්න. ඔවුහු රජය‍ට ආදායම් ගෙන දෙන සියලු අංශවල අවුල් ඇති කර තිබේ. ඍජු විදේශ ආයෝජන රටට අහිමි වන අන්දමේ ජාත්‍යන්තර වාතාවරණයක් නිර්මානය කිරීමට දායක වූ ඔවුන් මුස්ලිම් ජාතිකයන් සමග ඇති කරගෙන තිබෙන අනවශ්‍ය මහා ගැටුම පිටුපස තිබෙන උවමනාව මැදපෙරදිග ර‍ටවලින් ලැබෙන රැකියා සංඛ්‍යාව අඩු කර, රජයේ ප්‍රධාන පෙළේ ආදායම් මාර්ගයක් ඇහිරීම වන්නට පුළුවන. එසේම, මේ ජාතිවාදීන්ගේ ක්‍රියාවන් සංචාරක කර්මාන්තයටද දැඩි ලෙස බලපා තිබේ. එයද රටේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගයකි.

එනයින් ගත් කල ජාතිවාදී ව්‍යාපාර විසින් කර තිබෙන වැ‍ටලීම සුළුපටු එකක් නොවන බව පැහැදිලිය. ටම්වායේ ප්‍රතිඵල මේ වසර අවසන් වන්නට පෙර භුක්ති විඳින්නට ලැබෙනු ඇත.  ජාත්‍යන්තර පීඩනය හමුවේ ලංකාව ආර්ථික සම්බාධක අවදානමකටත් මුහුණ දී තිබෙන සංදර්භයකදී මේ වැටලීමේ වාසිය සමස්තයක් ලෙස විපක්ෂයට අත් වනමුත්, එයින් මේ රටේ දිළිඳු ජනතාව පත් වන දුක සුවිසල් එකකි.

තෙවලා දම් කඳ – නොපිටට පදබැඳ
මිසදිටුවන් එක කඳවුරේ
නව යුගයේ නෙක බුදුවරු පහලව
ගෞතම බුදු හිමි කළුවරේ

බොදු බල සේනා ගීතයේ ඇති මේ කොටසින් නම් කියවෙන්නේ ඔවුන් ගැනම නොවේද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. එසේම, මේ ජාතිවාදීන්ගේ ක්‍රියාවන් සංචාරක කර්මාන්තයටද දැඩි ලෙස බලපා තිබේ.?

    මම සංචාරක කර්මාන්තයේ රැකියාවක් කරන කෙනෙක් විදියට කියන්නේ, මේක නං සම්පුර්ණ අසත්‍යයක්. ලියන්න කලින් පොඩ්ඩක් හොයලා බැලුවොත් හොදයි ඇත්තටම මෙහෙම වෙලාද කියලා.

    බොදු බල සේනාවේ ක්‍රියාමාර්ග නිසා සංචාරක වියාපාරයට කිසිදු බලපෑමක් නැත.

    ReplyDelete
    Replies
    1. ඔබ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ රැකියාවක යෙදී සිටින්නේ කොහිද? ජාතිවාදීන් කිව්වාම බොදු බල සේනාව උඩ පැනගෙන අත උස්සන්න ඕනැ නැහැ. තවත් අයත් ඉන්නවානේ. බ්‍රිතාන්‍යයෙන් ආපු සංචාරකයකුගේ ඇ‍ඟේ බුද්ධ රූපයක් පච්ච කොටා තිබුණාය කියා රටින් පිටුවහල් කළේ කුමන නීතියක් මත පදනම්වද? එයට හේතුව ජාතිවාදය නොවේද? හොඳින් වියදම් කරන බටහිර රටවල සංචාරකයන්‍ ලංකාවට ගෙන්වාගන්න බැරි වී තිබෙන්නේ ජාතිවාදී ක්‍රියාමාර්ග නිසා නොවෙයිද? මේ අවුරුද්දේ ලංකාවට එන ඉන්දීය සංචාරකයන් අඩු වෙන්නේ නැතිද‍?

      සහෝදරයා සංචාරක කර්මාන්තය කියන්නේ සංචාරක කර්මාන්තයේ රැකියාවක් නොවෙයි.

      Delete
    2. මම මගේ තට්ටමට ඉහලින් "Jesus is coming, look busy" කියලා ගහගෙන වතිකානුවට ගියොත්, මෙ අපෙ රටට ආපු සන්චාරකයෙක් කියලා මාව හොදින් පිලිගනිවි කියලා ඔහේ හිතනවද?

      Delete
    3. @ Malan,
      Oba kyana wadana pahadiliwama apahasathmakai. eth brithanya jathikaya buduruwaka pachchayak kotan awe athe misa thattame neme.

      Delete
    4. ඇඟේ බුද්ධ රූප පච්ච කොටපු වයසක උදවිය දැකල නැද්ද?

      //මම මගේ තට්ටමට ඉහලින් "Jesus is coming, look busy" කියලා ගහගෙන වතිකානුවට ගියොත්...මාව හොදින් පිලිගනිවි කියලා ඔහේ හිතනවද?//
      ඔහේ හිතන්නෙ මොකද්ද? කන්න වෙයි කියල හිතෙනවද? මටත් හිතෙනවා. හැබැයි අපිට කන්න වෙන එක මට හිතෙන්නෙ හරි. මොකද හැබෑවටම අපහාසයක් කරන්න තමයි තට්ටමට ඉහලින් එහෙම ගහගන්නෙ.

      නමුත් ජේසුස් ගේ පච්චයක් බාහුවේ ගහගෙන ගියොත්?

      Delete
    5. සංචාරක කර්මාන්තයේ රැකියාවක් කරන කෙනෙක් විදියට කියවන්න රටවල්වලින් නිකුත් කරපු නිවේදන

      Delete
    6. Ahhhh...ethakota mata oya wadagath mahaththuru tika kiyannako balanna buddha rupa, jesuge rupa shariraye kotagena sitiya yuthu then, un wahanselata apahasayak wena widihata.

      Delete
    7. ඔය ප්‍රශ්නය අහන්න ඕනැ අපෙන් නෙමෙයි, අහන්න ලංකාවේ ඉන්න බෞද්ධ ජිහාඩ් කල්ලිවලින්.

      ඔය රූප පච්ච කෙටීම බුදු දහමට අදාළ නැහැ. වෙන මොනම ආගමකටවත් අදාළත් නැහැ.

      ආගම් අදහන විධිය තුළ සමාජමය මෙන්ම පෞද්ගලික කාරණාත් තිබෙනවා. තමන් කැමති විධියට ආගම අදහාගන්න එක වළක්වන්න නීති නැහැ.

      බුද්ධ රූප හංදි හංදි ගානේ, කාර්වල, බස්වල ආදියේ තබන අයත් කරන්නේ ඔය වැඩේම තමයි.

      Delete
    8. සංචාරක කර්මාන්තය දියුණු කරන්න ආණ්ඩුව කොච්චර දඟලුවත් එහි අපේක්ෂිත ඉලක්ක සපුරා නැතිබව ලංකාවේම පලවෙන පත්තරවල තිබුනා. කලින් වසර වලට වැඩ යම් වැඩිවීමක් පමණයි වෙලා තියෙන්නේ. ලංකාවට සංචාරකයන් කියලා වැඩිහරියක් එන්නේ ඉන්දියන් බිස්නස් කාරයෝ. අනිත් හරිය එන්නේ බ්‍රිතාන්‍යය ඇතුලු යුරෝපයෙන්. තවමත් ඒ රටවල ලංකාව සම්බන්ධයෙන් සංචාරකයන්ට නිකුත්කරන අවවාද ලංකාවට බොහෝ අහිතකරයි. උදාහරණයක් ලෙස ගිය සතියේ ලංකාව බ්‍රිතාන්‍යයට එම සංචාරක උපදෙස් සම්බන්ධයෙන් විරෝධය පළකර තිබුනා පුවත්පත්වල පළවූ අන්දමට.

      @ මාලන්,
      ඔබ ඔය අහපු ප්‍රශ්නය ලංකාවේ සිංහල මිනිස්සු බොහෝවිට අහන එකක්. අපි එහෙම කරානම් උන් අපිට මොනවා කරයිද? අපි මේ කරන දේවලුත් හොඳ වැඩියි. ඇයි උන්ට හොඳනම් අපිට නරක?
      මේවා අර ලිං වල ඉන්න ගෙම්බන්ගේ කතා. මේ වගේ ලිං මැඩියන් බහුල රටක බොදු බල සේනාවන් වැනි අන්තවාදීන් පහළවීම ස්වාභාවිකයි.
      ඔයා පස්ස පැත්තේ ඕන දෙයක් කොටාගෙන වතිකානුවට ගියත් එහෙදි කවුරුත් මිනිස්සුන්ගේ පස්ස බලන්නේ නැහැ. ජේසුස්ගේ පින්තුරයක් ඇඟේ පච්ච කොටාගෙන ගියත් ප්‍රශ්නයක් නැතිබව වතිකානුවේ සංචරයකර ඇති මම ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කරනවා. හැබැයි ලෝකයේ බොහෝ ආගමික සිද්ධස්ථාන වලට යනකොට බොහෝදුරට ඇඟ ආවරණය වෙන ඇදුම් ඇඳගෙන යායුතු නිසා ඇඟේ තිබෙන පච්ච ගැන ප්‍රශනයක් ඇතිවන්නේ නැහැ. නමුත් ඇඟේ තියෙන පච්චා අනුව සංචාරකයන්ට වීසා දීම වලක්වපු රටවල් ගැන මමනම් අහලා නැහැ.

      Delete
    9. @Budinoz
      Ane bola gono, linde inna madiya unath dannawa buddharupa thiyenne wandun pindun karanna misak angwal wala pachcha kotanna newe. Uba wage gon harakekta eka nptherena ekai pudume. Minissu buddha rupa wikunnannane ganna minihata gihin wadinna misak fashion ekak karaganna newe. Me article eka liyala thiyana booruwa danne ne lankawe indan india walata thamai wadipurama tourist yanne kiyala.

      Delete
    10. Anika uba anthimata kiyalath thiyenne linde inna madiyagema kathawakne bola? Den loke wena ratak oya wage wadakata visa cancel kaloth witarada api karanna oni??? Oya kathwenma therenawa uba thamai hondama gemba kiyala...hoooooo

      Delete
    11. ඇනෝ,
      මුලින්ම කිවයුතු කරුණක් තිබෙනවා. මෙතන සිදුවන්නේ සංවාදයක්. මෙතන විවිධ අදහස් වලට විවුර්තයි. තමන්ගේ අදහසට විරුද්ධ වන්නන්ට බල්ලන්, ගොනුන් සහ බුරුවන් කියා ඇමතීම කොයිතරම් බෞද්ධ ක්‍රියාවක්ද කියා ඔබම වටහාගන්න.

      දැන් ඔබේ ප්‍රශ්නයට පිළිතුරු. බුද්ධ රූප තියෙන්නේ ඇඟේ කොටාගන්නද? ලෝකයේ මිනිස්සු තමන්ගේ ඇඟවල්වල නොයෙකුත් දේවල් පච්ච කොටාගන්නවා. පස්පව් දස අකුසල් කරන ලංකාවේ මහා බෞද්ධ ජනතාව බුද්ධ රූප වලට වැඳුම් පිදුම් කලාට විදේශවල මිනිසුන් එය නොයෙකුත් සැරසිලි වලට යොදාගන්නවා. උදාහරණයක් විදිහට මා සුලබව දකින දෙයක් තමයි බුදු පිළිම උද්‍යාන අලංකරණය සඳහා යොදාගැනීම. නමුත් ප්‍රශ්නය එසේ කිරීමෙන් බුද්ධාගමට වන හානිය කුමක්ද යන්නයි. බුද්ධාගම යනු ඉස්ලාම් ආගම නොවේ. එය විචාරාත්මක ධර්මයක් නොවේද?

      ලංකාවේ බුද්ධපුත්‍රයන් ලෙස හැඳින්වෙන චීවරධාරීන් මත්පැන් බී රිය පදවනවා, කුඩා දරුවන් අපයෝජනය කරනවා, ඉන්දියන් ගංජා වලට වඩා ලංකාවේ ගංජා හොඳ බව මිනිසුන්ට නිර්දේශ කරනවා. මේ වගේ දේවල් හැමදාම පුවත්පත්වල පලවෙනවා. බුද්ධ රූප වලට ගරුකරන ලංකාවේ මිනිසුන් මේවා දකින්නේ කෙසේද? එසේත් නැතිනම් අපි ගරුකරන්නේ බුද්ධ රුප වලට මිස බුද්ධ ධර්මයට නොවේද?

      බුද්ධ රුපයක් ඇඟේ පච්ච කොටාගත් සංචාරකයකු ලංකාවෙන් පිටුවහල් කිරීම ම වෙන කොහේවත් දැක නැති බව කීවේ එසේ අනිත් රටවල් වලත් කලානම් අපිත් කලාට කම් නැත යන අදහසින් නොවේ. තායිලන්ත රජු හෝ තුර්කියේ හිටපු නායක කෙමාල් අටාටුක් විවේචනය කිරීම ඒ රටවල්වලින් සංචාරකයන් පිටුවහල් කිරීමට හේතුවෙනවා. එසේනම් අපද එසේ වියයුතුද?

      Delete
    12. +++++++++++++++++++

      Delete
  2. "ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දී දෙමළ හා මුස්ලිම් ජාතික ව්‍යාපාර රාජ්‍යය සමග බද්ධ කරගෙන, තමිල්නාඩුව හා ඉන්දියාවත්, බටහිරත් සමග සංහිඳියාව ඇති කරගත්තා නම්.."

    එක තමයි .. blog ලියනවා වගේ අමාරුත් නැහැ ...එක දවසෙන් කරන්න තිබ්බ.. කෝ එකවත් කරේ නැහැ නේ ..නේද පැරා

    ReplyDelete
  3. කව්ද ෙම් comment දාපු මැට්ටා.

    ReplyDelete
  4. නොහික්මුනු ජාතිකවාදය රෙජිමයේ ආර්ථිකය ගිල ගැනීම...මෙය එක්තරා පොසිබිලිටියකි...එහෙත් සිහින හා යථාර්තය අතර පරතරය ලාංකික මාක්ස්වාදීන් යැයි කියා ගන්නා දේශපාලන බංකොලොත්වාදීන් දකින තේ කෝප්පේයේ කුණූ‍ටුවකට නොදෙවෙනි ඩෙල්ටා ප්‍රොරොබබ්ලිටියකි.....

    ReplyDelete
  5. "සිංහල ජාතිවාදී, බුද්ධිමත්, ධනේශ්වර ඒකාධිපති නායකයෙකුට ලංකාවේ මිළක් තිබේ. දැන් සිටින අය තුළ මේ බුද්ධිමත් කොටස නැත."

    චම්පික රණවක ද? ගෝඨාභය රාජපක්ශ ද?

    ReplyDelete
  6. බුද්ධිමත් කියලා කියන්නේ රස්සාවක් නොකර හාමතේ ඉදගෙන බ්ලොග් පඩංගු ලිය ලිය සමාජෙ වෙනස් කරනවායි කියලා හිතන් ඉන්න ලොසේ ලොස් පැරා වගේ පොරවල් වලට....

    ReplyDelete
    Replies
    1. ඔබේ අනුවණකම ගැන කණගාටුයි. මේ මම මගේ රැකියාවට අමතරව කරන සමාජ සේවය.

      Delete
  7. ලිං මැඩියා සිතා සිටින්නේ තමන් සියල්ල දන්නා බවයි. එමෙන්ම ඌ දන්නේ සීමිත වචන සංඛ්‍යාවකි.

    ලිං මැඩියන් සියළු දෙනාගේම කමෙන්ටු එකම ආකාරයේ ඒවා වන්නේ එබැවිනි.

    උදාහරණයක් ව‍ශයෙන් ලිං මැඩියන් මේ කමෙන්ට් එකට දමන පිලිතුරු කමෙන්ටු බලන්න.

    ReplyDelete
  8. නමුත්, විපක්ෂයකට පෙරමුණ ලැබේයැයි කියා කුහක සිතින් බොදුබල සේනා වැඩ පිළිවෙල අනුමත නොකරමි. තවත ද එවැන්නකට ඉඩ ඇතිනම්, බොදුබල සේනා ක්ෂණීකව තම න්‍යාය පත්‍රය වෙනස්කර ගනී. ඔවුන්ද මේ ආණ්ඩුවේ කොටස් කාරයින් ය. බොදු බල සේනාවේ සියළු ආශිර්වාදයන් ආණ්ඩුවට සහ ඒ වෙනුවෙන් ඇප-කැප වූ අයට ය.

    ReplyDelete
  9. මෙවැනි ජාතිවාදී කල්ලි, තමන්ට වාසියක් වන විට පෙරට දැමීමටත්, අවාසියක් වන තැනට පත්වූ විට හංගා ගැනීමටත් ආණ්ඩුව සමත් බවයි දැනට පේන්න තියෙන්නෙ.

    ReplyDelete
  10. මොවුහු අවංක ජාතිවාදීහුවත් නොවෙති. ඔවුන් ව‍ටා එක් රැස් වන මධ්‍යම පංතික පිරිස්ද සෝබනකාර දෙබිඩි චරිත වෙති. ඒ නිසා වියට්නා‍මයේ ක්වාන් ඩක් භික්ෂුව වැනි අය‍ හෝ යාපනයේ තිලීපන් වැනි අය කවදාවත් මොවුන් අතරින් බිහි වන්නේ නැත.//

    රටට හතුරුකම් කරන අයද අවංකවම දේශ්ද්‍රෝහීහු නොවෙති.ඔවුනට දෙමළ ජනයා ගැන හැඟීමක් නැත.ඔවුහු ආර්ථික හා සමාජමය වාසි සදහා තම රඟපෑමට ප්‍රේක්ෂකයන් ලෙස විශාල වෙළද පොලක් සොයා ගෙන ඇත.තිලීපන්ලා ක්වාන් ඩක් ලා ඔවුන්ගෙන්ද බිහිනොවේ.මේ අයගෙන් තිලීපන් යනු වතුර ඉල්ලද්දී වතුර නොදී මළමිනිය මාකට් කිරීමට මරා දැමූවෙකි.වතුර දීමට ආ ඔහුගේ පියා කොටි සෙබලුන් විස්න් වලක්වන ලදී.ක්වාන්ඩක් හිමියන් ගේ ක්‍රියාව බුදුදහමට අනුකූල නැති බව කිව යුතුය

    ReplyDelete
  11. බුද්ධ රූපයක් පච්ච කොටාගත්තා කියල පිටුවහල් කරන එක නම් මටත් අනුමත කරන්න බෑ.මම දරන මතය නම් බුද්ධ රූප ගැන හිතල වෛරය හිතේ පුරවා ගනීම නම් බුදුදහමට එකඟ නෑ.කවුරු කොහොම බුද්ධ රූප ගහගෙන හිටියත් අපට මොකෝ.අපේ හිතයි පිරිසිදුව තබා ගන්න ඕන.හැබැයිත්‍රස්තවාදී වැඩ කරන්න නම් ඉඩ දෙන්න අමාරුයි ප්‍රභාකරන් උත්තමයට වාගෙ

    ReplyDelete
  12. This comment is just a report not an view. Just for you guys to know what is really happening around us.

    Bodu Bala Sena came to USA and now in Sri Ratana Viharaya, Anaheim, CA, USA. They had their Pooja last Sunday. Since majority of the people did not support & protest BBS's actions, they did not conduct their discussion as they've planed. Less than 25 people who participated to it out of 400+ devotees associated to the temple. 2 days before the pooja temple committee & devotees clearly told the head priest that they do not support this event and requested to stop it.

    Hope this helps you guys to understand what is really happening around the world.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා