ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා - මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා



ජයතිලක බංඩාර සහෝදරයා ප්‍රේමදාස යුගයේ අවසානයේදී රඟදෙන බයිලා එකතුවට ගැයූ මේ ගීය අඩංගු කැසට් පටය නිකුත් වන විට ප්‍රේමදාස පාලනය ක්ෂණිකව අවසන් වී තිබිණි. මේ ගීය කලකට පසු නැවත අසන්නට සැලැස්වූයේ අස්වැන්න බ්ලොග් අඩවියයි.ජයතිලක බංඩාර ගැන අනගි ලිපියක් එහි පළ වී තිබේ ගොස් කියවන්න.

එදා ජයේගේ හඬ අදට වඩා තුරුණුය. සිරිලාල් කොඩිකාරගේ පෑනද සක්‍රියය.

එහෙත් වැදගත් දෙය එය නොවේ. විසි වසරකට පසුවත් මේ ගීය තවමත් නැවුම්ය.


ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා


මොහොමඩ් එර්ෂාඩ් කලක් බංග්ලාදේශේ

මහ ලොකු ජාතියෙන් නේද කෙරුවේ වාසේ

අන් අයගෙන කුලියට ලියවාගෙන ගැදි පැදි

චින්තන උල්පතක් වාගෙ පෙනුණා කලකදි

ගහගෙන තම කයිවාරුව තම පුර වරුණේ

යුග පුරුෂය පහල වුණා කියලය පෙනුණේ‍

ධර්මය රැක ගන්න පහළ වුණු ලෙස පෙන්නා‍

මර්දනයෙන් බොරුවෙන් රජ කරගෙන උන්නා

එක්සත්වී මහජන බලවේගය නැග්ගා‍

තක්කඩි ඒ පාලකයා හිරගෙයි ලැග්ගා

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා


කලක් සියා උල්හක් නැග බලස්ථානෙට

සයිස් දමාගෙන හිටියා පකිස්ථානෙට

මිනීමරු පාලන ගඳ පිහිටුවා වටපිටේ

තනි මතයට රජ කරගෙන හිටියෙ ඒ රටේ

එක් දවසක් හක් අහසට නැගල යනකොට

ඩොග් ගෑවා කෑලි තමයි වැටුණෙ පොළවට

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා


ෂා කෑවේ ඉරානයම එයාගෙ වාගේ

සාර්ථකද කටයුතු අන්තිමට එයාගේ

ඉරාන ජන මතය නැගුණි ගම්බිම් පාසා

පරාණ කූඩුව අරගෙන පැන දිවූ මාෂා

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා


ඉඩි අමින්ගෙ හැඩි දැඩි පාලනය කොහොමද

දැඩි මහජන මතය හමුවෙ කෙළින් හිටියද

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා


මාකොස් පීලිපීනයෙ බලවතා හැටියට

පෑ පිස්සුව ඇල්ලුවෙ නෑ එරට වැසියට

පෙන්නාගෙන බොරු සාධාරණය තමුන්නේ

ඡන්ද මගඩි වලිනුයි ඔහු බලයෙහි උන්නේ

තම රූපය මහජනයා හමුවෙ ඇටෙව්වා

සමනල ගල වැනි මහ උස ගලක කෙටෙව්වා

අරන් මහා ජන මුදලින් විදුලි බල එලී

තොරන් බැදන් රට පුරාම කෙළියෙ සැණකෙළී

ගඳ ගහද්දි මාකොස්ගේ මිනීමරුකම

ළඳ සෝබන මොඩ් බඩුවක් වුණා රටටම

ජනමතයක් මුලු පිලිපීනයේ මතුවුණා

හොනලොලුවට යන්නට මාකොස්ට සිදුවුණා‍

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා


මාකොස්ටත් පිලිපීනෙන් යන්න සිදුවුණේ

මේ බොස්ටත් ඒ පාඩම ගන්න බැරි වුණේ

සෙනේවන්තයෝම රටේ බලයට එත්වා

අනේ වනේ වන හතුරොත් ජීවත්වෙත්වා

ගීත රචනය: සිරිලාල් කොඩිකාර

සංගිතය : විශාරද ගුණදාස කපුගේ

ගැයුම: ජයතිලක බණ්ඩාර

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ඒ වුණාට හැබැයි ටිකක් පරක්කු වෙනවා
    ඒ අතරේ ජනතාවට කෙල වී යනවා

    ReplyDelete
  2. අවි ගත්තෝ අවියෙන් වැනසෙනව කියන්නේ
    ගැබැයි, ඊට කලින් උන් සැමටම බැෂ්ටිය දෙන්නේ

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මිරිස් නොවෙයි ඉඟුරූ කාල දැන් කට දන්නේ
      පෙරළුනු ඔරු පිට කොහොමද හොඳයි කියන්නේ

      ලබ්බ කපපු අත නොවයි ද පුහුලත් කැපුවේ?
      අග්ගල කෑ යකා කොහෙද වෙහෙරක් හැදුවේ?

      Delete
  4. මගේ අදහස නම් මේවා මනෝ රාජික සින්දු : ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා - මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා කියන යන එක අපේ හිතේ තියෙන හිතලුවක් විතරයි. අපි දුෂ්ඨයා ජනතා හිතවාදියා ලෙස නායකයන් වර්ග කරන්නේ කුමන පදනමේ පිහිටාගෙනද ? එර්ශාඩ් , සියා උල් හක් තොළොංජි උනා කියලා ඒ රටවල ජනතාවට දැන් සුබ පල තියනවද ? ඔවුන් ගේ ජිවිත කිරියෙන් පැණියෙන් උතුරනවද ? මාර්කෝස් එළවලා කොරසෝන් අකිනෝ ජනතාව බලයට පත් කළා , මෑතකදී මට පිලිපීන උගතෙක් හමු උනා ඔහු කිව්වේ කොරසෝන් අකිනෝ ජනතා රැල්ලෙන් ජනප්‍රියව උඩට ආවත් රට මැනේජ් කරන්න දැනගෙන හිටියේ නැහැ කියලා මිනිසුන් හිතුවේ කොරසෝන් අකිනෝ ගැලවුම්කරිය වෙයි කියාලු (හරියට චන්ද්‍රිකා අවා වගේ ) නමුත් ඇය ආර්ථිකය ගොඩක් මිස් මැනේජ් කරලා. ඉරානයේ ෂා එළවලා මුලධර්මවාදීන් පත් කරගත් ඉරානයේ ජනතාව දැන් තෘප්තිමත් ද ? කර්මපලය ගැන විස්වාස කරන අප වැනි රටවල ජනයා දුෂ්ඨයො තොළොංජි වෙනවා ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා කියලා හිතනවා. නමුත් දේශපාලන ලෝකයේ එහෙම ප්‍රවනතාවක් නැහැ. ඒ වගේම බණ්ඩාරනායක, ජෝන් එෆ් කෙනඩි , උලොෆ් පල්මේ වගේ දේශපාලකයෝ මැරුණේ ඔවුන් දුෂ්ඨයො නිසාද නැහැනේ . කාලාන්තරයක් පුරා සංස්කෘතියත් සමග ආපු කර්ම සංකල්පය නිසා අපේ වාමාංශික දේශපාලන ක්‍රියවේදීන් පවා හිතන්නේ ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා - මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා කියලා. අපි දුෂ්ඨයා ජනතා හිතවාදියා ලෙස නායකයන් වර්ග කරන මානය කුමක්ද? යන්න මියාමි වලට , කැස්ත්‍රෝ දුෂ්ටයෙක් කියලා හිතන කැස්ත්‍රෝ ගේ විනාශය පතන දස දහස් ගණනක් කියුබානුවන් ඔබට හමුවේවි. (Tex)

    ReplyDelete
  5. ප්ලේන් පුපුරලා වැටෙනකං අපිත් බලං ඉමු...

    ReplyDelete
  6. දුෂ්ඨයො තොළොංජි වෙනවා
    ආයෙත් දුෂ්ඨයොම එනවා
    හැමදාම ජනතාවට කෙලවෙනවා

    ReplyDelete
  7. මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

    කොල්ලන්ට වධ දුන් රන්ජන් විජේරත්නගෙ අලුවත් හොයන්න නැති වෙනවා
    දූශිත ප්‍රේමදාස බෝම්බයකට ගොදුරු වෙනවා
    මිනීමරු ප්‍රභාකරන් හමුදාවෙන් මැරුම්කනවා
    ..............මහින්ද විජේසේකර...................වා
    නමගිය පාතාලඅපරාධකරු ආයුධපෙන්වීමට ගොස් පොලිස් වෙඩිපහරින් මරුදකිනවා
    අවිගත්තෝ අවියෙන්ම නසිති
    දිට්ඨධම්ම වේදනීය කර්මය

    හරිම සිම්පල් ආතල් ලෝක දහමක් නෙ....!

    - Dimithri

    ReplyDelete
  8. එදා වන් ඇන් ඔන්ලි පේමදාස...අද රාජපක්ෂියන්ස් හැම තැනම...
    කොහොම පට්න ගෙන ඉවර කරන්නද නැත මට වැට හෙන්නේ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා