දුමින්ද සිල්වාගේ පණිවුඩය: වැඩ කරන ජනයා ආණ්ඩුවට එරෙහිව වීදි බසිනවිට මම වීදියේ සිටින ජනයා ආණ්ඩුවට පක්ෂව‍ පෙළගසමි

දුමින්දගේ මොළේ
භාරත ඝාතන නාටක‍ය අවසන් වී ප්‍රධාන දුෂ්ට නළුවා රංග වස්ත්‍ර උනා, අංගරචනා සෝදා දමා‍, වේදිකාවෙන්  බැස අඩියක් ගසන්නට අරලියගහ ොට්එකට යන සඳ ඔහුට ඇලුම් කරන ප්‍රේක්ෂකයෝ ඔහු වට කරගෙන ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. 

කිරිබත් පිසූ, රතිඤ්ඤා පත්තු කළ, ඔහු වැළඳ ගන්නට පොර කෑ පිරිසෙන් බහුතරය කොළඹ ලුම්පන් පීඩිත පංතියට අයත් අය වූහ. ආණ්ඩුවට අවශ්‍ය පරිදි කටයුතු කරන තාක් කුඩු වෙළඳාම ආරක්ෂා කර දෙන, මිනීමරුවන්ට, මැරවරයන්ට කප්පම්කරුවන්ට, පාදඩයන්ට රැකවරණය දෙන ගැලවුම්කරුවා නිදහස ලබා තමන් අතරට පැමිණීම ඔවුන්ගේ සතුටට ‍හේතු වූ බව පෙනේ. 

භාරත ඝාතන නඩුවෙන් ඇප ලැබෙනතුරු රෝහල්ගතව සිටිය යුතු දැඩි අසනීප තත්වයක සිටි බව පෙන්වමින් බොරු රංගනයක යෙදුණු දුමින්ද සිල්වා නිදහසෙන් පසු මාධ්‍ය සංදර්ශනයේ නිරූපණය කළේ හාත්පසින්ම වෙනස් චරිතයකි. 

එම අලුත් රංගනයෙන් ඔහු රටට දෙන පණිවුඩය කුමක්ද? 

"මිය ගිය භාරතගේ ව‍‍ටිනාකම් දැන් ඉවරය. මගේ මිළ තවමත් ඉහළය. කොළඹ ලුම්පන් පීඩිතයන්ගේ නායකයා ලෙස ඒකාධිපති පවුලට අත්‍යවශ්‍ය භූමිකාවක් රඟන්නට මම තවමත් සූදානම්ය. එළඹෙන දුෂ්කර අවධියේදී අරගල කරන වැඩකරන ජනයාට එරෙහිව ක්‍රියා ක‍රන්නට ලුම්පන් පීඩිතයන් මෙහෙයවීමේ වගකීම මම භාර ගනිමි.වැඩ කරන ජනයා ආණ්ඩුවට එරෙහිව වීදි බසිනවිට මම වීදියේ සිටින ජනයා ආණ්ඩුවට පක්ෂව‍ පෙළගසමි."

ජනතාවනි, මේ නිදහස්ව පැමිණෙන්නේ නිකම්ම පිල්ලියක් නොවේ. ප්‍රබල ජන සතුරෙකි. ඔහුගෙන් පරිස්සම් වන්න.

භාරත ඝාතන නාටකයේ දෙවන කොටස දිගහැරෙන්නේ දුමින්ද සිල්වාට පැවරෙන භූමිකාව ඉ‍ටු කිරීම තුළය. 

ලංකාව තවදුරටත් නීතියේ ආධිපත්‍යය හෝ යහපාලනය අංශු මාත්‍රයකුදු ඇති තැනක් නොවන නිසා මේ සිද්ධියේ ඇති අධිකරණය අවමානයට ලක් කිරීම වැනි සුළු කාරණා ගණන් නොගන්න. යථාර්ථය වටහා ගන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ඇතැමුන් ගරු දුමින්ද සිල්වා මහතාට චෝදනා කරනවා නිකරුනේ. එසේ චෝදනා කරන්නේ දේශපාලන වශයෙන් බංකොලොත් උදවිය හා ගරු දුමින්ද සිල්වා මහතාගේ ඉදිරි දේශපාලන,සමාජීය ගමනට අකුල් හෙළනා උදවිය. මෙව්වා ගැන අප දන්නවා. ඒ හින්දා තමයි සුවසක්‌ ජනයා එතුමන් වටා පොදිකමින් සිටින්නේ.

    එතුමන් මිනිසුන්ට බොහෝ සෙයින් උදව් පදව් කරනවා. සමාජයේ ඉහල මට්ටම් වල ඉන්නා යට පමණක් නෙමෙයි සමාජයේ පහල මට්ටම් වල සිටින දුක් විදින ජනයාට,උදව් පදව් සැබවින්ම අවශ්‍ය ජනයාට එතුමන් උදව් කරනවා. එතුමන් කෙරෙහි ඇති අභූත චෝදනා සියල්ලක්ම පුස්සක් කරමින් ලක්ෂ ගණනක් කොළඹ ජනයා එතුමන් කෙරෙහි විශ්වාශය තබා තිබෙනවා.

    අනික නම් කොලොන්නාවේ සිදුවීමෙන් සැබෑවටම අගතියට පත්වුයේ දුමින්ද මහතායි. එතුමන්ට වෙඩි වැඩි වසර ගණනක් ප්‍රතිකාර ලැබීමට සිදුවුවා.

    දැන් මෙහි බංකොලොත් පොස්ටු දමනා ඔබ ජනයාට කර ඇති සේවය කුමක්ද? ඔබ දුමින්ද සිල්වා මහතාත බැන වදිමින් සිටියට ඔබ ජනතාවට කර ඇති සේවය කුමක්ද? ඔබට පුලුවන්ද ඒක මනුසයෙක්ට ඇස් කන්නාඩි කුට්ටමක් අරන් දෙන්න? එහෙම නැත්තන් රෝද පුටුවක්‌ අරන් දෙන්න? නිවසක් නැති අයෙක්ට නිවසක් සදා දෙන්න ඔබට හැකිද? ඔබට එය කල නොහැකියි අජිත් මහත්තයෝ. ඉතින් වැඩක් කරනා අයට චෝදනා කරන්න එපා.

    සමන්

    ReplyDelete
    Replies
    1. @සමන්
      සමන් මෝඩකම කියන එක තිබුනට කමක් නැහැ හැමෝටම පේන්න ඒක ආභරණයක් වගේ බෙල්ලේ එල්ල ගන්න ඕනෑ නැහැ නේද? මෝඩකම කියන්නේ දිලිසෙන ආභරණයක් නොවෙයි.
      රටක දේශපාලකයින්ගේ .ඉදිරි දේශපාලන,සමාජීය ගමන කියන්නේ රෝද පුටු අරන් දෙන කන්නාඩි දෙන ගෙවල් හදල දෙන එක කියලද ඔයා කියන්නේ? ලෝකේ පුරා ඔයවගේ ඩොලර් මිලියන ගණන් වලින් charity කරන සංවිධාන ඕනෑ තරම් තියනවා ඒවා එතකොට කරන්නේ දේශපාලන වැඩක්ද? සමන් ලතා ඔයා දන්නවද දේශපාලනය කියන්නේ charity කරන එක නොවෙයි. අපේ දරුවන්ට ජිවත් වෙන්න පුළුවන් ආර්ථික සමාජීය අතින් දියුණු අනාගත රටක් නිර්මාණය කිරීම. දේශපාලකයන් කියන්නේ නොමිලේ කන්නාඩි දෙන අය නොවෙයි දේශපාලකයෝ ඕනෑ වෙන්නේ බුද්ධිමත් ලෙස රට මෙහෙයවන්න එකට ඕනෑ කළු සල්ලි වලින් රෝද පුටු බෙදීම නොවෙයි දැනුම බුද්ධිය දේශපාලන ආර්ථික ඤාණය. ඔයා වගේ අය ඉන්නකං මගේ රටට දළදා හිමි සරණයි තමයි වෙන මොනවා කියන්නද සමන්. සහනාධාර බෙදන එක ඔයාල වගේ මැටි ජනතාවගේ චන්දේ අරන් මේ වගේ මනසක් නැති අඟක් විතරක් තියන ශරීර වල ඉදිරි දේශපාලන,සමාජීය ගමන කියන එක නම් ඇත්ත නමුත් ඒක රටේ අපේ දරුවන්ට අවශ්‍ය ඉදිරි දේශපාලන,සමාජීය ගමන නොවෙයි. අජිත් මහත්තයා ලියන එක වචනයක් දුමින්ද බෙදන ගෙවල් දාහකට වඩා වටිනවා අපිට මොකද ඔයා වගේ අපි හිතන්නේ දුමින්දගේ අනාගතය ගැන නොවෙයි රටේ අනාගතය ගැන.

      Delete
    2. උදිත ++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මටනම් හිතාගන්න බැරි මෝඩයා සමන්ද සමන්වගේ අයගේ කොමෙන්ට් පස්සේ දුවන උදිත්ද කියල.

      සමහර දවස් වලට උදිතගේ කොමෙන්ටුත් සමන්ගේ වගේ තමයි වැඩි වෙනසක් නැ.

      Delete
    4. අනේ බන් උදිත, උඹල වගෙ උන්ට තමයි අර උගත් කම තිබ්බට බුද්ධිය නැති මිනිස්සු කියන්නෙ. ඇයි බන් මේ කොමෙන්ට් එක කියවනකොටම බොට තේරෙන්නෙ නැද්ද මේක මේ ආණ්ඩුවට කඩේ යනව වගෙ පෙන්නල උඹල වගෙ උන්ව අවුස්සන එකක් කියල. මම කලිනුත් කිව්වෙ මේක ගරිල්ල මාර්කෙටින්ග් පාරක්.

      හැබයි ප්‍රශ්නෙ තියෙන්නෙ මෙහෙම ගරිල්ල මාර්කෙටින් පාරවල් දාල මහින්දව එලවන්න හිතනවනම්, ඊට වඩා ගොන් කමක් නෑ. ඒකට ඉන්න ඕනෙ පාද යාත්‍රා කරපු "ඉස්සර" මහින්ද වගෙ මිනිස්සු, එහෙම නැත්නම් "ජන බල " කරපු ගාමිනි අතුකෝරාලවගෙ මිනිස්සු.

      Delete
    5. මේ ලියන සමන් ගැන මටත් කිහිප වරක් සැක හිතුනා.
      මේ ලියන්නේ එක්කෝ මහින්ද. එහෙමත් නැතිනම් පැරකුම්.

      Delete
    6. @Anonymous
      ඇනෝ මල්ලි මම මගල සමරවීරලා රුවන් ෆර්ඩිනන්ස් ලාගේ ගරිල්ලා මාකටිං පාස් කරේ ඔයාල පොඩිකාලේ මම සමන්ට ඇන්දිලා සීරියස් උත්තර දෙනවා තමයි මනුස්සයෝ මිට කලින් ඕව දැකල නැද්ද?

      Delete
    7. උදිතApril 28, 2013 at 7:48 AM

      \\මනුස්සයෝ මිට කලින් ඕව දැකල නැද්ද?//

      :D

      Delete
    8. උදිත, මීට කලින් නම් දැකල තියනවා, හැබැයි මෙහෙම.

      වේටර් : අය්යෝ මහත්තයා, ඔය සුප් එක නෙවේනෙ, අත හෝදපු ඉඳුල් වතුර එකනේ

      මහත්තයා : මම සුප් බොනකොට තමුසෙ පොඩි කාලෙ, මම මෙහෙම බොනව නිකන් රැවටිලා වගෙ, අනිත් උන්ට පාඩමක් උගන්නන්න.

      මීට, AnonymousApril 28, 2013 at 2:23 AM

      Delete
  2. OMG !

    අපි ඇන්දිච්ච තරමක් !

    ReplyDelete
  3. මුලින්ම කුඩු බෙදනව, ඊට පස්සෙ කුඩු පාවිච්චි කරන උන්ගෙ ළමයින්ට පොත් බෙදනව. මහ එකාට කුඩු දීල පොඩි එකාට පොත් දුන්නට වැඩක්ද? කුඩු ගහන උන්ගෙ ගෑනු සාප කරනවට බයේ තමයි සල්ලි බෙදන්නෙ. අර නිකන් පොත් දුන්න පොඩි එකා පස්සෙ සල්ලි වලට කුඩු ගන්නව.

    ReplyDelete
  4. ආර්ථික හා සමාජීය වශයෙන් බෙලහීන පුද්ගලයෙක් වන මෙම සීමිත පිරිසක් බලනා බ්ලොග් අඩවියේ ලිපි ලියනා අජිත් නමැති පුද්ගලයාගේ ලිපි පිළිබදවද විග්‍රහා කිරීමේදී අප මුලින් සදහන් කල ආර්ථික සමාජීය කරුණු මතක තබා ගැනීම වැදගත්වේ.

    අජිත් නැමැත්තා කිසිදු පිළිගැනීමකට ඇති අයෙක් නොවේ. ඔහුව ඔහුගේ බහුතර පන්ති සගයන් විසින්ද ප්‍රතික්ෂේප කොට ඇත. පෙර මෙන් යුද්ධය නැති නිසා එන්ජිඕ නඩද අක්‍රියව පවතී. එම නිසා මොහු මුහුණ දෙන අධික ආර්ථික අපහසුතා මත මොහු සිටින්නේ මානසික රෝගීවීමෙනි. මොහුගේ දරුවන් හා බිරිදට කල යුතු යුතුකම් කිරීමට මොහු පියෙක් ලෙස අසමත් වී ඇත. අපට කීමට ඇත්තේ ඔබගේ දරුවන් හා බිරිද හාමතේ සිටින්නේ අපේ වරදින් නොවේ කියාය.

    මොහුට බැන වදිමින් වලකින ලෙස අප ජනයාගෙන් ඉල්ලා සිටිමු. මොහුට දැන් අවශ්‍යව ඇත්තේ අනුකම්පාවය. එම නිසා මෙය දකිනා යම්කසි මහතෙක් මොහුගේ බිරියට හා දරුවන්ට කන්ට අදින්ට යමක් ලබා දෙනවා නං එය යහපත් කාර්යයකි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අනිත් යට කන්න අඳින්නට දෙන්නට තබා අපේ ගෑනුන්ට හා ළමයින්ට කන්න අඳින්න දෙන්නට පවා අපට වත්කමක් නැත. ඒ නිසා ඔබට හැකිනම් ඔහුට උදව් කරන්න.

      පැරකුම්ගේ ආර්ථික හෝ සමාජයීය පසුබිම කෙසේවෙතත් ඔහුගේ මේ ලිපිවල අන්තර්ගතය ඇත්තකි. අප එසේ කියන්නේ අපද එය දකින, අත්විඳින නිසාවෙනි. එය අසත්‍යයක් නම් කලයුත්තේ ඒ බව තර්කනුකුලව ඔප්පු කිරීමයි.

      Delete

  5. පෝස්ට් එක සම්බන්දව නම් ඉතින් කියන්න
    දෙයක් නැහැ අජිත්.බලන් ඉන්නවා ඇර කිසිම
    විසඳුමක් නැහැ.එච්චර ඉහළට සංවිධානය වෙලා
    ඉවරයි දැන්.

    ReplyDelete
  6. පැරා මෙයාගෙන් පරිස්සම් වෙන්න කිව්වට. පරෙස්සම් වෙන්න ඕන අය බ්ලොග් තියා පත්තරයක්වත් බලන උන් නෙමෙයි. උන් පත්තරේට රීලා විසිකරන උන්. දුමින්දගෙ වටිනාකම හොඳටම තේරුන වෙලාවක් තමයි. අගවිනිසුරුවරිය ගෙදර යවපු වෙලාව. ඒ වෙලාවේ ආන්ඩුව බලාපොරොත්තු උන දේ කරන්න කහනගමයටයි තිලංගයටයි දෙන්නටම බැරි උනා. ඒ නිසා තමයි ලෝයර්ස්ලා ඇට කුඩුකරගන්නේ නැතුව බේරුනේ. ඒ නිසා තමයි තිලංගට ක්‍රිකට් සභාපති කමත් නැති වෙන්නේ. දුමී හිටයනම් තින්දුවට ඉස්සෙල්ලා තව නාට්ටි ටිකක් පෙන්නනවමයි. ඒ නිසා ආන්ඩුවට දුමී මාර වටිනවා. නිකංද කියන්නේ. "මම කෙලින්ම යන්නේ ජනාධිපතිතුමාගේ ආශීර්වාදය ලබාගන්න කියලා". දුමී මෙහෙම බේරුවට, දුමීට ඉස්සරහට වැඩ හොඩක් තියෙනවා කරන්න.

    කීර්ති වර්ණකුලසූරිය කිව්වා දුමී කෝට්ස් ගේන්න බෑ පොඩි ජර්ම් එකක් ගියත් ඒයා මැරෙන්න පුළුවන් කියලා. දැන් ජර්ම් එක එලියට දලා තියෙන්නේ, ඒ නිසා අනිත් අය මරණෙන් බේරෙන්න බලන්න ඕන. 4 ක් මරපු එකාට 100-200 මරණ එක නතිං.

    ReplyDelete
    Replies
    1. යුඑන්පියේ මංඤන් කාරයෝ ටික ආවත් ඉතින් මේ සේතේම තමයි 60,000-70,000 මරපු උන්නේ. අනික දුමියා කලින් හිටියෙත් යුඑන්පියේ නේ.

      Delete
  7. Duminda Nawaloka hospital eke innakota Ranil uuwa balanna giya. Eunath Ranila mukuthma eda me gana kiuwe naha. MR saha RANIL apita kelinna gahanne maarama maara geamak.

    ReplyDelete
  8. තණකොල සහ පුන්නක්කු

    ගාමිණී වියන්ගොඩ

    අප මොන තරම් ඇන්දවිය හැකි ජාතියක් දැ යි ගිය සතියේ අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන අපේ පාලකයෝ පෙන්වා දුන්හ. එහෙත් ඒ ‘පෙන්වා දීම’ අප ‘දැක්කේ’ ද? නැති බවට මම සැක කරමි. මැජික්කාරයන් පෙන්වන දේවල් බලා සිටින්නා ‘දකින්නේ’ නැත. එය විජ්ජාවක් වන්නේ එබැවිනි. විස්මය දනවන්නේ, එසේ පෙන්වා දෙන දෙය ‘නොදැකීම’ මගිනි.

    නොපෙන්වා යමක් පෙන්වන විජ්ජාව කරන්නේ කෙසේ දැ යි පේ‍්‍රක්ෂකයාට දැන ගැනීමට විජ්ජාකාරයා කවදාවත් ඉඩ තියන්නේ නැත. මහින්ද රාජපක්ෂ ඇතුළු වර්තමාන පාලකයෝ ඒ අතින් සැබෑ විජ්ජාකරුවෝ නොවෙති. ඔවුන් තමන් පෙන්වන විජ්ජාවෙන් මොන තරම් අහංකාරයට සහ ස්වයං-තෘප්තියට පත්වන්නේ ද යත්, විජ්ජාව සාර්ථකව ප‍්‍රදර්ශනය කිරීමෙන් පසු කළු තිරය මුළුමණින් ඉවත්කොට, ඊට පසුපසින් පැවති තමන්ගේ හොරය ‘මෙන්න බලා ගනිල්ලා’ යැයි පේ‍්‍රක්ෂකයාට නොවලහා හෙළි කරති. එතැනින් පසු විජ්ජාව අවසන් ය. එහෙත් ඒ මොහොතේ සිට පේ‍්‍රක්ෂකයා (මහජනතාව* තුළ, විජ්ජාව වෙනුවට ‘විද්‍යාව’ පිළිසිඳ ගත යුතු නේද? අවාසනාවක මහත/ ශ‍්‍රී ලාංකිකයා තවමත් ඉන්නේ ඒ අවිද්‍යාවේම ය.

    භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු හතර දෙනෙකු ඝාතනය කිරීමේ ප‍්‍රධාන සැකකරුවා වූ දුමින්ද සිල්වා එම සිද්ධියේ දී බරපතල තුවාල ලැබ ‘අසාධ්‍ය’ තත්වයෙන් පසුවන බව වාර්තා විය. බොහෝ තොරතුරුවලට අනුව, ඔහුගේ ශාරීරික තත්වය විස්තර කෙරුණේ ‘එළවළු’ ස්වභාවයෙනි. එනම්, ඔහුගේ ජීවිතය ආරක්ෂා වුණත්, එය කවදත් අකර්මණ්‍ය ශාකයක තත්වයෙන් පවතින බවයි.

    අසාධ්‍ය තත්වයෙන් පසුවන සැකකරුවෙකු ප‍්‍රායෝගිකව අත්අඩංගුවට ගැනීම අසීරු විය හැකි වෙතත්, නීතියෙන් එකී අත්අඩංගුවට ගැනීමේ විධානය නිකුත් කිරීම අපහසු නොවේ. එහෙත් ලංකාවේ කිසි පොලීසියක් හෝ නීතිපති දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගැනීමට උසාවියකින් ඉල්ලා සිටියේ නැත. ඉතිං ටික දවසක් ලංකාවේ රෝහල්ගතව සිටි දුමින්ද සිල්වා, ලංකාවේ වෛද්‍යවරුවන් ගැන විශ්වාසයක් තැබිය නොහැකි නිසාත්, අතමිට හිඟ නැතිව මුදල් ඇති නිසාත්, පිටරට ගියේය. ඒ, ආණ්ඩුවේ පූර්ණ ආරක්ෂාව සහ අනුග‍්‍රහය යටතේ ය.

    ReplyDelete

  9. මේ කාලයේ දී අපේ පාර්ලිමේන්තුව ඔහුට එක දිගටම ‘නිවාඩු’ අනුමත කෙළේ, කවදා හෝ දවසක ඔහු නැවත එහි එන බව සහතික වශයෙන්ම කල්තියා දැන සිටි ගානට යි. කෙසේ වෙතත්, හිටිහැටියේම දවසක් නීතිපතිවරයා දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා සිටියේය. එකල මාධ්‍ය තාරකාවක් බවට උසස් වීමක් ලබමින් සිටි හිරුනිකා නැමති තරුණියක් නීතිපතිවරයාගේ මේ ‘එඩිතර’ භාවයෙන් පස්වනක් ප‍්‍රීතියෙන් පිනා ගොස් ඔහුට මුව නොසෑහෙන්න නමස්කාර කළාය. කවුරු මොනවා කීවත් ලංකාවේ තවම ‘නීතියේ ආධිපත්‍යයක්’ ඇති බව එයින් ‘ඔප්පු’ වූ බව ඇගෙන් ගම්‍යමාන විය.

    මිනිස් ඝාතනයේ සැකකාරයෙකු වීමට අමතරව ඔල්මොරන්දන්කාරයෙකුත් නොවන කිසිවෙකු, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කොට තිබිය දී ආපසු ලංකාවට එන්නේ නැත. එහෙත්, ලාංකීය පුරවැසියා වූ කලී, සහසුද්දෙන්ම නීතිගරුක පුරවැසියෙකු බව ලොවටම ඔප්පු කරමින් දුමින්ද සිල්වා ආපසු ලංකාවට ආවේය. ඉන් පසු කෙලින්ම රෝහල්ගත වුණේය.

    ඔහුගේ නීතිඥයා උසාවියට කරුණු දක්වමින්, ඔහුගේ මොළයට සිදුවී ඇති බරපතල තුවාලවල අසාධ්‍ය තත්වය තුළ පවුලේ සමීපතමයන් සමග සිටීම අත්‍යාවශ්‍ය වන බැවින් ඔහුට ඇප ඉල්ලා සිටියේය. නීතිපතිවරයා ඊට විරෝධය නොපෑ නිසා උසාවිය ඔහුව ඇප පිට නිදහස් කෙළේය. රෝද පුටුවෙන් ලංකාවටත්, ලංකාවේ රෝහලටත් ගිය දුමින්ද සිල්වා, උසාවියෙන් නිදහස ලද සැණින් දෙපයින් සිටගෙන කෙලින්ම ගියේ රටේ ප‍්‍රධාන පුරවැසියාගේ නිල නිවෙසට යි. මැජික් සන්දර්ශනය එතෙකින් නිමා විය. රහස, ‘ආරේ සිට පූරේ දක්වා’ නිරාවරණය විය.

    මෙය ‘හාස්කමක්’ වශයෙන් මාධ්‍ය ගෙනහැරපායි. ඒ හාස්කම අදහා ගැනීමට ඇති නොහැකියාව කොතෙක් ද යත්, ඉපදී දින හතෙන් නෙළුම් මලක් මත ඇවිදින බිළිඳු සිදුහත් කුමරු දැකීමෙන් අමන්දානන්දයට පත් සුද්ධෝදන රජතුමා තම සිඟිති පුතාට දොහොත් මුදුන් දී වැන්දේ කෙසේ ද, ඒ ආකාරයෙන්ම මේ ආශ්චර්යමත් දුමින්ද සිල්වා පුටුවක වාඩි වී සිටිය දී ඔහු අභියසට පැමිණි පොලීසියේ ලොක්කෙක්, ඔහුට එකත්පස්ව සිට ‘සැලියුට්’ ගැසුවේය. එනම්, සිව් මිනිස් ඝාතක සැකකරුවෙකුට පොලීසියේ ලොක්කෙක් කැමරාවක් ඉදිරියේම අභිනන්දනය කෙළේය. එය ලංකාවේ වර්තමාන ජාතික විහ්නයේ සෘජු රූපකයයි.

    අපේ කතාව පටන් ගැනෙන්නේ මෙතැනිනි.

    යමෙකුගේ අපරාධය මොන තරම් බරපතල වුවත්, ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයෙකුට වෘත්තීය වගකීමක් ඇතැ යි ඕනෑම නීතිඥ මහතෙකු අපට කියා දෙනු ඇත. එම තර්කය හරි ය. මන්ද යත්, කිසි සැකකරුවෙකු, අපරාධය ඔප්පු කෙරෙන තෙක්, වැරදිකරුවෙකු නොවන බැවිනි. ඊළඟට, තමා පෙනී සිටින සැකකරුවාගේ අපරාධය නීතිඥයා හැබැහින් දැක නැති නිසා, ඔහුට එම සැකකරුවා වෙනුවෙන් පෙනී සිටීමේ සදාචාරමය විචිකිච්ඡුාවක් ඇති වන්නේ ද නැත. හැබැයි, අළුත්කඬේ උසාවි භූමියේ දීම විනිසුරුවරයෙකුව වෙඩිතබා ඝාතනය කළ සැකකරුවා වෙනුවෙන් පෙනී සිටීම අපේ නීතිඥ මහත්වරුන් එදා වර්ජනය කෙළේ මන්දැ යි ප‍්‍රශ්නයක් තිබේ. එසේම, නීතිඥ මහතෙකුගේ අම්මාව හෝ තාත්තාව ඝාතනය කළ සැකකරුවෙකු වෙනුවෙන් එම නීතිඥ මහතාම පෙනී සිට ඇති බවක් මේ දක්වා දැනගන්නට ද නැත. එයින් පෙනී යන්නේ, ශුද්ධ වූ වෘත්තීය වගකීමට අමතරව, සදාචාරමය බරකුත් නීතිඥයෙකුට තිබිය යුතු බව යි. නීතිඥයෙකුට පමණක් නොව, සෑම වෘත්තීයවේදියෙකුටම එවැනි සදාචාරයක් තිබිය යුතුය.

    දැන්, දුමින්ද සිල්වාට ඇප ලබා ගැනීම සඳහා උසාවියේ කරුණු දැක්වූ නීතිඥවරයා එසේ කෙළේ, වෛද්‍ය වාර්තාවක් මත පිහිටා පමණක් නොවේ. මොළයේ ඇති වූ තුවාල නිසා ඔහු ‘අසාධ්‍ය’ තත්වයේ පසුවන බව මේ නීතිඥයා ‘දැක’ තිබුණි. ඊට පෙර ඔහු වෙනුවෙන් වෛද්‍ය වාර්තා නිකුත් කළ විශේෂඥ වෛද්‍යවරු ද එයම ‘දැක’ තිබුණි. ඔවුන් දෙන්නා එය ‘දැක’ තිබූ නිසා, නීතිපතිවරයා ද ‘දැක්කා සේ’ සිටියේය. උසාවිය, ඒ කිසිවක් ‘නොදැක්කා සේ’ අවසර දුන්නේය. මේ සියල්ලන්ම, රට කරවන දේශපාලක කුලකයට අයත් නැති, ‘බුද්ධිමත්’ යැයි සැළකෙන, සමාජය වෙනුවෙන් වෘත්තීය සේවයක නිරතව සිටිති යි කියන, එක්තරා ආකාරයක ‘විශේෂඥයන්’ ය. ඔවුන් සියල්ලන් සහ දුමින්ද සිල්වා ඉදිරියේ සැලියුට් ගැසූ අර පොලිස් නිලධාරියා අතර කිසියම් වෙනසක් තිබේ ද?

    පැහැදිළි සිංහලෙන් මේ තත්වය හැඳින්වෙන්නේ ‘සිස්ටම්’ එක කියා ය.

    අප ඉහතින් කී හිරුනිකා නැමැති තරුණිය ඉන්නේත් එම ‘සිස්ටම්’ එක ඇතුළේමයි. ඇගේ පියා ඝාතනය කළ බවට ඇය චෝදනා කරන දුමින්ද සිල්වා සමග එක පේළියට, එක පක්ෂයක සහ එක ආණ්ඩුවක ඇය අසුන් ගන්නා දිනය එන තෙක් මේ ‘සිස්ටම්’ එක වටහා ගැනීමට කෙනෙකු බලා සිටිය යුතු ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා