බෙදුම්වාදී විමල්ගේ උතුරු පළාත් සභා මැතිවරණ විරෝධය

උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වනවාට විරෝධය පළ කරමින් ඇමති විමල් වීරවංශ හෙවත් ජාතික නි්‍දහස් පෙරමුණ වෙනම මැයි දිනය පවත්වන බව පවසයි.

විමල් වීරවංශද 1988 පටන්ම පළාත් සභාවලට විරෝධය පළ කළ අයෙකි. එහෙත්, ඔහු ජවිපෙ සිටින කාලයේ ‍මෙන්ම ජාතික නිදහස් පෙරමුණ පිහිටුවා ගත් පසුද පළාත් සභා තරග කළේය. ඔහුගේ ගෝල බාලයෝ පළාත් සභාවල තනතුරු දරති. නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී ඔහුගේ පක්ෂය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට වෙනම තරග කරමින් ආසනයක්ද දිනා ගත්තේය. එහෙත්, ඔහු උතුරේ පළාත් සභා මැතිවරණයට විරුද්ධය.

මුස්ලිම් කොංග්‍රසයේ සෙවල ප්‍රතිපත්ති උපයෝගී කරගෙන නැගෙනහිර පළාතේ පවා දේශපාලන බලය පිහිටුවාගැනීමට ආණ්ඩුවට පුළුවන්කම තිබිණි.  එහෙත්, උතුරේ එසේ කිරීම සිහිනයක් පමණක් බව ආණ්ඩුව හොඳින් දනියි. ඉන්දියාවට හා ජාත්‍යන්තරයට බියේ උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන අතර රාජපක්ෂ පවුලේ සුවච කීකරු සේවකයකු වන විමල් වීරවංශ ලවා උතුරු පළාත් සභා විරෝධයක් ආණ්ඩුව ඇතුළෙන්ම පවත්වාගෙන යන්නට ඒකාධිපති පාලනය කටයුතු කර ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

පළාත් සභා ගෙන ආවේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස බලය බෙදාගැනීමටයි. රටේ අනෙක් පළාත් නවයේම  පළාත් සභා ක්‍රියාත්මක වීම විමල්ට ප්‍රශ්නයක් නොවේ. එහෙත්, පළාත් සභා ගෙන ඒමට හේතු වූ දෙමළ අරගළයේ භූමිය වූ උතුරු පළාතේ පළාත් සභා පිහිටුවනවාට විමල් වීරවංශ විරුද්ධය.

ඒ අනුව විමල්ගේ තර්කය මෙසේ හඳුනාගත හැකිය. ජාතික ප්‍රශ්නයට විසඳුම් ලෙස ගෙන එන ක්‍රියාමාර්ග‍ ඕනෑම එකක්, එය විසඳීම සඳහා ඉවහල් නොවන තාක් කල් විමල් වීරවංශ එයට විරුද්ධ නැත. විරුද්ධ වන්නේ එම යෝජනාව යම් ආකාරයකට ප්‍රශ්නයට විසඳුමක් සඳහා ඉවහල් වන බව පෙනේ නම් පමණි.

විමල්ගේ අදහස අනුව, රටේ අනෙකුත් පළාත්වලට ලබා දෙන බලය උතුරු පළාතට නොදිය යුතුය. අනෙක් පළාත්වල පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී යයි කියන මැතිවරණ එහි නොපැවැත්විය යුතුය. එහි පළාත් පාලනය ඒකාධිපති ආණ්ඩුවේ මිලිටරිය අත දිගටම තිබිය යුතුය.

ඒ ඇයි? උතුර ලංකාව විසින් ඈඳා ගත් වෙනම රටක් නිසාද? එහි වෙසෙන ජනතාව 'ශ්‍රී' ලංකාවේ පුරවැසියන් නොවන වහලුන් පිරිසක් නිසාද? 

මොවුන්ගේ මේ ක්‍රියා විසින් දෙමළ වෙනම රාජ්‍ය ඉල්ලීම සාධාරණීකරණය නොවන්නේද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

Comments

  1. ඩබ් ලිව් ත්‍රී ලංකා..
    යට ජංගිය ගලවා..
    කොටියට පුක දීලා..
    ඩොලර් කුට්ටි හෙව්වා..

    මේ ඕයි හාමතේ ඉදං මහාලොකු ටෝක් දෙන්නේ නැතිව ළමයිටයි ගෑනිටයි හරියට කන්න අදින්න වත් දීපන් බං. රට්ටු හදන්න කලින් තමන් හැදිලා හිටියොත් නාකද?

    ReplyDelete
    Replies
    1. ගෑනිටයි, ළමයින්ටයි කන්න දෙන්න මොනවද කරන්න ඕනැ? රජගෙදර හරි රජගෙදර ඉඳුල් කන බැලයින්ගේ ගෙවල්වල හරි වළං නොහෝදා මේ රටේ කරන්න තිබෙන දෙයක් තිබෙනවා නම් කියන්න.

      අනෙක අර මුලින් කී වැඩේ කරලා හොයපු ඩොලර් කුට්ට් තිබේනම් අපි හාමතේ ඉන්නෙත් නැහැනේ.

      වෛරය විසින් තර්ක බුද්ධිය මොට කරන බවට නිතර දමන ඔබගේ මේ ඇනොනිමස් කමෙන්ටු සාක්කියකි.

      Delete
    2. @AnonymousApril 25, 2013 at 11:34 AM
      පුක දුන්නාම ඩොලර් කුට්ටි දෙන කොටියා කොහෙදේ ඉන්නේ බන්. මටත් බ්‍රෑන්ඩ් නිව් රෙන්න විතරක් යුස් කරපු පුකක් තියනවා දීල බැරිවෙයිද ගතමන්ට් එකක් හොයා ගන්න. උබට ෂුවර්නේ ගෙවන්නේ ඩොලර් වලින් කියල?

      Delete
    3. "මොවුන්ගේ මේ ක්‍රියා විසින් දෙමළ වෙනම රාජ්‍ය ඉල්ලීම සාධාරණීකරණය නොවන්නේද? "

      මොකක්ද පැරකුම් මහත්තයෝ මේ කියන්නේ? ඇයි මේ කොටින්ට ආයේ පනදෙන්න උත්සහ දරන්නේ? හමුදාව කොටින් පරාජය කල හින්දා තමයි අද ඔබතුමා හා ඔබගේ දරු පවුල කිසිදු බියකින් තොරව ජිවත් වෙන්නේ. ඔබට ඉන්නවා ඔබගේ දරුවන්. ඔ‍බගේ දරුවන්ට ඉන්නවා මව හා පියා.

      නමුත් මතක තබා ගන්න මගේ අප්පච්චි ගුවන් හමුදාවේ හිටියේ. අම්මත් ගුවන්හමුදාවේ හිටියේ. අප්පච්චි මැරුණා යුද්ධය හින්දා. එතකොට මම හිටියේ 3 වසරේ.ඇත්තම කිව්වොත් අප්පච්චි නැති උනාම පස්සේ අම්මා රාජකාරි කලේ හරි බයෙන්. මොකද හදිසියේ වත් ත්‍රස්තවාදී ප්‍රහාර හින්දා අම්මාටත් හානියක් උනොත් අපිට මොකද වෙන්නේ කියන එක අම්මට සැහෙන්න කලපනා උනා.

      ඔබලා යුද්ධය නිසා කිසිදු හානියක් නොවී ඉදලා දැන් මේ වෙනම රටක් දෙන්න කතා කරනවා. හරිම කණගාටුයි අපට මේ වගේ අදහස් ගැන.

      Delete
    4. පලමුව ඔබේ දෙමවුපියන්ට මාගේ ගෞරවය !
      උතුරේ ජනතාවට ඡන්දය ප්‍රකාශකොට තමන් කැමති කෙනෙකු පලාත් සභාවට පත්කර ගැනීමේ අයිතිය වෙනුවෙන් කතා කිරීම, වෙනම රටක් දෙන්න කතාකරනවා යනුවෙන් වැරදි වැටහීමක ඉන්නේ අැයි? ඒය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසයි. ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නැතිවිට බිහි වන්නේ ත්‍රස්තවාදයයි. උත්‍රරේ නැවතත් ත්‍රස්තවාදය අැති වීම වැලැක්විය හැකි වන්නේ ඡන්දයෙන් මිස උන්ඩයෙන් නොවේ. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමි කලහොත් අනාගතේ දවසක (ඔබේ මවට පියාට මෙන්)ඔබේ දුවටත් පුතාටත් හමුදාවට බැදී නැවතත් ඊලාම් යුද්ධයට විරුුද්දව යුධ වැදීමට සිදුවිය හැක. අපවිසින් වලක්වා ගතයුත්තේ අවදානමයි.

      Delete
    5. දෙමළ ජාතිවාදීන් හා ජාතිකවාදීන් යන දෙකොටසම පළාත් සභාවලින් කෙරෙන බලය බෙදීම එකහෙළා ප්‍රත්ක්ෂේප කරන කාලයක විමල්ලා ඉන්නෙව් දෙමළ ජනයාට කිසිදු බලයක් ලබා නොදිය යුතුය කියන තැනයි. ඇත්තෙන්ම මෙය තමයි රාජ්‍ය නායකත්වයේත් අදහස.

      පළාත් සභාවලට එහො ගිය බලය බෙදාගැනීමකින් තොරව ජාතීන් අතර සංහිඳියාව ඇති කරගන්න බැහැ.

      මුලින් කළ යුත්තේ තිබෙන මෙවලම් පාවිච්චි කරමින් අවම හෝ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමයි. විසඳුම් සඳහා සංවාදයක් ඇති කරන්න එය උපයෝගී කර ගත යුතුයි.

      Delete
    6. උඹල රජාගේ ගෙදර කටු සුප්පු කරලා ඒ ඉන්දුල්මනේ ළමයින්ට කන්නේ දෙන්නේ

      Delete
  2. අපහාස අවලාද චෝදනා ඉදිරියේ නොසැලෙන අජිත් පැරකුම් ජයසිංහ මහතාට මගේ ප්‍රණාමය!!!
    බල්ලෝ බුරති. ඒය උන්ගේ රාජකාරියයි. විශේෂයෙන් වල් බල්ලෝ වැඩියෙන් බුරති.උන්ට බුරන්න හේතුවක් අවශ්‍යය නැත. ගසකින් අත්තක් වැටුනත්, ගෙඩියක් වැටුනත්, වෙනත් ශබ්දයක් අැසුනත්, යන්තම් හෝ සෙලවෙන ඡායාවක් දුටුවත්, සොරෙක් සතුරෙක් අාවත් බල්ලෝ උන්ගේ රාජතාරිය හරියට ඉටු කරති. ඒ හැර ස්වාමියා විසින් "උසිඃ" කී විටත් උන් බුරති. අැතැම් බලු හිමියන් තමන් අකමැති කෙනෙකු පාරේ යනු දුටුවිට ඔහුට නොපෙනෙන්නට සිට බල්ලාට "උසිඃ" කියයි. ඒ විට බල්ලා මෙලෝ විත්තියක් නැතිව බුරයි. උන් සිතන්නේ තමන් හැර අන් සියළු දෙනා තම ස්වාමියාගේ සතුරන් ලෙසය. අනෙක් කරුන නම් බල්ලන්ගේ පැවැත්ම තිබෙන්නේද වැඩියෙන් බුරන තරමටය. අපේ මහ රජාටද මෙවැනි බල්ලෝ සෙට් ඒකක් සිටියි. උන්ද තමන්ට පැවරී අැති රාජකාරිය හරියටම ඉටුකරති. මේ අතරතුර අැතැම් වයසක බල්ලෝ තමන්ට නිවිසැනසිල්ලේ බුදියන්නට නොදෙන නිසා අෑතට වී මේ බුරන බල්ලන්ට බුරති.
    ප්‍රභාකරන් තුරිරු ම්ලේච්ච ඝාතකයෙකු බව සකල ශ්‍රී ලංකා වාසී ජනතාවම දනියි. ලෝක ප්‍රජාවගෙන්ද වැඩිකොටසක් ඒය දන්නවා අැතැයි සිතමි. ඒහෙත් මේ බල්ලන්ෙග් නුවුමනා බිරීම් නිසා ඔහු තම ජාතියට සිදුවන අසාධාරන කම් වලට ඒරෙහිව නැගීසිටි වීරයකු වශයෙන් ජාත්‍යන්තරය තුල අදහසක් අැතිවිය හැකිය. ඒ යුද්ධය අවසන් වී වසර හතරක් ගතවීමෙන් පසුවත් උතුරේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාාදී අයිතීන් ලබා දීමට අැතැම් සිංහලයින් විරුද්ද වීම නිසාය. ඒමෙමන්ම උතුරේ ජනතාවගේ සිත් තුලද ඔහු අපේ මොනරවිල කැප්පෙටිපොල විරුවානන්ගේ තැන ගැනීමට ඉඩ අැත. මේ පිලිබදව උතුරේ ඡන්දය වැලැක්වීමට උත්සාහ කරන්නන් අවබෝධ කරගතයුතුව අැත.

    ReplyDelete
  3. අජිත් මම ඔබ ලිපිය අගයමි.
    රන්ජිත්

    ReplyDelete
  4. ගිරවා දන්නේ ලියන විට කියවීම පමණි ලොකු තාත්තා කියා දුන්දේ කට පාඩමින් .......පුතා කියවයි

    ReplyDelete
  5. පැහැදිලිවම අගනා තර්කයක්.......

    ReplyDelete
  6. මම නං මේ ආණ්ඩුවට ජන්දය දීපි කෙනෙක් නෙමෙයි. මගේ පරම්පරාවම එජාපයට ජන්දය දුන්නේ. නමුත් මම නං දැන් වඩාත් කැමති මෙම රජයට.
    අංක එක යුද්ධය අවසන් කිරීම. ඊළගට සංවර්ධන කටයුතු,සංචාරක වියාපාරය ඉහල නැංවීම. මා ඉන්නේ කොළඹ නගරයට ආසන්නයේ. රැකියාව කරන්නේ කොල්ලුපිටියේ. ඉස්සර එජාප ආණ්ඩු කාලේ කොළඹ කියන්නේ මුඩුක්කුවක්. අපායක් වගේ තිබ්බේ. නමුත් මෙම රජය කොළඹ හා අවට සෙසු නාගරික ප්‍රදේශ ඉතාම කදිමට පවත්වාගෙන යනවා.

    මේට්ලන්ඩ්ප්ලේස්,කොල්ලුපිටිය,කොටුව ආදී ප්‍රදේශ බලන්න. ඉතාම පිළිවෙලයි.
    ගරු ආරක්ෂක ලේකම් ගොටාබය රාජපක්ෂ මහතා මේවා ඉතා කදිමට පාලනය කරනවා.
    නුගේගොඩ, බත්තරමුල්ල ආදී ප්‍රදේශත් එසේමයි.නිවිසැනසිල්ලේ කාලය ගතකිර්මට හැකිවන ලෙස පවත්වගෙන යනවා.

    ඊළගට නුවරඑළිය ආදී නගරත් කදිමට පවත්වගෙන යනවා. රටේ මාර්ග පද්ධතිය ඉතාම හොදට සදා තිබෙනවා. එජාප ආණ්ඩු කාලේ රටේ මාර්ග වල,කොළඹ නගරයේ වෙනස බලන්න.

    අනික නම් මේහි සදහන් වන අන්දමේ ගැටළු රටේ ඇතයි කියා ම සිතන්නේ නෑ. වෙළදපල භාණ්ඩ වල මිල ස්ථාවරව තිබෙනවා. අනිකුත් ලෙස රජයට පාලනය කල හැකි දේවල් යහපත්ව තිබෙනවා. ඉන්ධන මිල පාලනය කල නොහැකියි. ඒ මත විදුලිබිල ඉහල නැංවීමට සිදුවුවා. නමුත් ඒකක අනුවට වඩා අඩුවෙන් බාවිතා කරන්නගේ සමස්ත නව මිල අඩුමට්ටමක පවතින්නේ.

    අනික සැම දෙයක්ම රජයෙන් දෙන එක නැවත්තිය යුතුමයි. මිනිසුන් බලං සිටිනවා රජයෙන් සැම දෙයක්ම සම්පුර්ණ කරයි කියා බලං කිසිදු වැඩක් නොකර.




    ReplyDelete
    Replies
    1. @AnonymousApril 25, 2013 at 9:10 PM,

      උක්කු පැටියෝ ඔයාගේ මාසේ අදායම කියක් විතර ඇද්ද බබා.....!

      Delete
    2. @AnonymousApril 25, 2013 at 9:10 PM,

      එලනේ බන් මන් හිතුවේ මම විතරයි කියල අපේ රජ්ජුරුවන්ට, බලනකොට උබත් ඉන්නවා දාන්න පහක් මල්ලි. මොනවද කියන්නේ බන් මිටවඩා මොන ආතල්ද ලොවෙත් නැ ලොවි ගහෙත් නැ. මමයි මගේ පරන්පරවම්යිත් චන්දෙ දුන්නේ යුඑන්පියට. අපරාදේ බන් චන්ද එකට බලහන් කෝ බන් දැන් නේද? මොනවයින් අඩුවක්ද? අපි රජාට රජා අපිට !

      මිට
      මර්වින් සිල්වා වෙනුවට මලක සිල්වා (තාත්තා බිසී බන්)

      Delete
    3. කොල්ගුපිටියෙ වැඩ කරන අැනෝ
      ඔබ ඔය කියන පිලිවෙලට කොලඹ තියාගන්න කෝටි කීයක් ලෝකෙට ණය වුනාද කියල දන්නවද? පාරවල් කාපට් කරන්න ගිය වියදම දන්නවාද? R D A ඒකට අයිති ඒක අැස්පෝට් ප්ලාන්ට් ඒකක්වත් නැතිව රටපුර පාරවල් කාපට් කරන්න පෞගලික අංශයට දීපු කොන්ත්‍රාත් වලින් ගහපු ගැහිලි දන්නේ කවුද? සාමාන්‍යය පාරක දිග් කිලෝමීටරයක් කාපට් කරන්්න රු. කෝටියකට වඩා වැය කරලා තිබෙනවා. ඒායේ අැස්තමේනතු ටෙන්ඩර් කිසිවක් නැහැ. තොරතුරු දැනගැනීමේ ජනතා අයිතිය උදුරා ගෙන අැතිනිසා ඒවා කිසිවකුට අභියෝගයට ලක්කල නොහැකියි.
      විදුලි බල මන්ඩලය පාඩු ලබනවානම් ඒහි පසුගිය වසරේ අාදායම් වියදම් වාර්තාව ප්‍රසිද්ද කරන්න කයලා මම අභියෝග කරනවා. ඒ විට අපට බලාලන්න පුළුවන් විදුලි බල මන්ඩලයේ මුදල් මොනවටද වැය කරලා තිබෙන්නෙ කියල.
      මේව මෙහෙම කමෙන්ට් ඒකකින් විස්තර කරන්න බැහැ. අනෙක් කරුන නම් U N P අාන්ඩු කාලයේ රටෙ පාරවල් සහ කොළඹ තත්වය ගැන කතා කරනවා. ඔබ දන්නවාද පසුගිය අවුරුදු දහ නවයෙන් U N P ය අාන්ඩු කලේ අවුරුදු දෙකහමාරක පමණ කාලයක් බව.

      Delete
    4. @keerthi raterala,

      මහින්ද ගූ ගොඩක්නම් රනිල් ලැට් වලක්. විකල්පය රනිලා හෝ යුඑන්පිය නොවේ.

      Delete
    5. ඔසේනම් ඔබයෝජනා කරන්නේ,

      කවරෙක්ද?

      කුමන පක්ෂයක්ද?

      නැතිනම් දියසේන කුමරා බිහි වන තුරු බලාසිටිනවාද?

      රනිල්ට විරුද්ධ ඔ්නෑම කෙනෙකුට පිලිතුරු සැපයිය හැක.

      Delete
    6. රනිල් වැනි දේශපාලනව බංකොලොත් වූ බුතයෙක් හා යුඑන්පිය වැනි මියයමින් පවතින පක්ෂයක් ගැන කතා කිරීමම කාලය කාදැමීමක්. එනිසා ඔබේ පිළිතුරු ඔබම තියාගන්න මක්නිසාද යත් ඔබ දෙන්නට හිතන් ඉන්නා පිළිතුරු ඉල ඇත්තේ ඇදෙන විහිළු මිසක් අන්කිසිවක් නොවන බව දැන්ම තියා කිවහැකි බැවිනි.

      අප යෝජනා කරන්නේ ධනවාදට, ජාතිවාදයට විරුද්ධ වූ වෙනස් ආර්ථික හා සමාජ දැක්මක් ඇති සමාජ බලවේගයක්. අපේ පැවැත්ම කොන්ත්‍රාත් දියහැකි සදා නිමකළ අච්චුවක් නැ. එය මිනිසුන් විසින් මිනිසුන් උදෙසා තනාගත ගතයුතු විකල්පයක්.

      Delete
    7. ඔබ අදහස් කරන්නේ, ඔබ ප්‍රාර්ථනා කරන සමාජවාදී සිහින රාජ්‍යය බිහිවන තුරු මේ අධම, දුෂ්ඨ, මුග්ධ රජය පැවතිය යුතුයි කියාද? ඒ සේනම් ඔබ සමග මේ පිලිබදව කතා කිරීම අැත්තෙන්ම කාලය කා දැමීමක්. අප ඉදිරියේ අැති දැවැන්ත අර්බුදයට ඉක්මන් පිලියමක් අව‍ශ්‍යයි. නැතිනම් රටේ අනාගතය බරපතල ලෙස කඩා වැටීමට ඉඩ තිබෙනවා. ඒ පිලිබදව කිසිම වාදයක් නැහැ. ඒ නිසා අප සිහින ලෝක වලින් මිදී ප්‍රායෝගික විකල්පයක් සොයා ගතයුතු කාලය උදාවෙලා.

      Delete
    8. පවතින ආණ්ඩුව (රාජ්‍ය නොවේ!)අධම, දුෂ්ඨ, මුග්ධ ආණ්ඩුවක් වන්නේ එය පැහැදිලි ලෙසම යුඑන්පියේ අමන ධනවාදී (නව ලිබරල්වාදී)ප්‍රතිපත්තීන් යුඑන්පියට වඩා හොදට ක්‍රියාවට නැංවීම නිසාම වේ(හැබැයි බිස්නස් කාරයෝ ටික වෙනස්, කොටින්ම වෙනස් මුණු එකම බිස්නස් එක). ඉතින් රාලේ 'කිරි පුස්ස' ව අහක් කරලා 'අපේ පැගිර' ව සෙක්කුවේ බැන්දට සෙක්කුව කැරකෙන්නේ එකම තැන තමයි. මහින්දයව අහක් කරලා රනිල්ව ඉන්දුව කියල (බිය නොවන්න, මලාට එහෙම එකක් වෙන්නේ නැ) අධම, දුෂ්ඨ, මුග්ධ කම් වෙනස්වෙන්නේ නැ. ඒකනිසා අපිට එකම කතාව කොටස් දෙකකින් අහන්න ඕන නැ.

      දෙවනුව ඔබ කියන විදියට කිසිම ගැටලුවකට ඉක්මන් පිළියම් නැ. ඒවගේම තවදුරත් කඩන් වැටෙන්න අනාගතයක් කොහෙද තියෙන්නේ. පැලැස්තර විසදුම් වෙනුවට (මනින්දය වෙනුවට රනිල අනේ බන්!) අපිනම් හිතන්නේ ඉදිරියේදී නිර්මාණය වීමට නියමිට්ත රික්තකය වඩා යහපත් දේශයක් වෙනුවෙන් යොදාගන්නේ කොහොමද කියන එකයි.

      Delete
    9. රාල අය්යියේ,

      අය්යියේ ඔයා කොමෙන්ට් කොටන්නේ සිරිකොතේ ඉදන්ද. එකට ජාලේ ෆ්‍රී ද? ස්පීඩ් එහෙමත් හොද ඇති නේද? අය්යියේ මට වැලක් (XXX එකක්) බා ගන්න ඕනේ පැය බාගයක් තිබ්බනම් ඇති. මායි මගේ යාලුවෝ සෙට් එකයි එන්නද ( සිරිකොතට තාම තනියම එන්න බයයි අයියේ, මොනවා වෙතත් රෙන පුකනේ)අයියගේ ෆෝන් නම්බර් එක දෙන්න අපි කෝල් කරලා එන්නම්.

      මිට ඇනා මල්ලි

      Delete
    10. අැනෝලා දෙන්නටම,
      බොහොම ස්තුතියි අවබෝධ කරලා දුන්නට, ඔය වගේ අය සමග මේ වගේ දේවල් කතාකරන ඒක අන්තර් ජාලයට ගෙවන ගනනටත් පාඩු බව. වැලක් බා ගන්න නම් අන්න දුමින්ද සිල්වා අැවිල්ලා ඉන්නවා. ඔබ වගේ අයට තවමත් ඒ තන වේකන්සීස් අැති.

      Delete



  7. @ AnonymousApril 25, 2013 at 9:10 PM

    "...කොළඹ හා අවට සෙසු නාගරික ප්‍රදේශ ඉතාම කදිමට පවත්වාගෙන යනවා.."
    ඒ කෙසේද යන්න දැනගැනීමට නම් ඔබ මීතොටමුල්ලට යා යුතුයි! අඩුවශයෙන් එහි සිදුවන දේ ගැන කියවා හෝ තිබියයුතුයි!

    ඔබ සඳහන් කරන 'කදිමට පවත්වාගෙන යන' ලෙස පෙනෙන සැම දෙයක් පසු පසම ඇති තර්කය මෙවැනියි.

    - Dimithri

    ReplyDelete
  8. අර සිංදුව කියද්දි මට හරි සතුටක් දැනෙන්නේ.මොකද අජිත්ගේ අදහස් මේ කොන්ද පන නැති එවුන්ට කොච්චර රිදිලද කියන එකට තියෙන සාක්ෂියක් නිසා.මෙවුන් මහ ගූ බය සෙට් එකක්. ආන්ඩුවට විරුද්ධ මතවාදයක ඉන්න අජිත්ට බන්න එකවත් එලිපිට කරන්ඩ මුන් බයයි.ඒ මොකද මුන් හරිම නිවටයින් පිරිසක්.මුන් ආණ්ඩුවට කඩේ ගිහින් වාසි ගන්නවා.හැබැයි එලිපිට කඩේ යන්නැත්තේ මුන් එලිදරව් වීම ගැනත් උන් බයයි.මොකද බැරි වෙලා හරි ආණ්ඩුව පෙරලුනොත් උන්ගේ සිවිල් ජීවිත අනතුරේ වැටෙයි කියලා.මොකද එහෙම පෙරලෙනකොට ඉස්සෙල්ලාම ගිහින් අලුත් ආණ්ඩුවට එකතු වෙන බලාපොරොත්තුව මුන්ගේ තියෙන්නේ.
    එතකොට මම, මමත් බයයි.මොකද මම රජයේ සේවකයෙක් මම හෙලිදරව් වෙන එක මට හානිකරයි. එහෙම බලද්දි ආණ්ඩුවට කඩේ යන එවුනුයි,විරුද්ධ එවුනුයි හැමෝම තම අදහස් එලිපිට දක්වන්න බයයි. ඒක මේ කාළකන්ණි රට පුරාම තියන පොදු තත්වයක්.එහෙම සමාජයක අජිත් පැරකුම් වැනි අය වීරයින් කියලයි මම අර්ථ දක්වන්නේ.
    අජිත් ඔබට ශක්තිය සහ ධෛර්්යවය..................

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා