සමස්ත ලාංකික පීඩිත පන්තියේම ගැලවීම ඇත්තේ ජාතිකවාදී අරගළවල නොවේ

මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ වැන්දඹුවන් 24,000ක්‌ හා දෙමාපියන් නොමැති දරුවන් 16,000ක් සිටින බව මඩකලපු දිස්‌ත්‍රික්‌ ලේකම් පී. එස්‌. එම්. චාල්ස්‌ මහතා උපුටා දක්වමින් පසුගිය දිනෙක දිවයින පුවත්පත වාර්තා කළේය. ඔහු මේ බව හෙළිදරව් කළේ මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ උත්සාහවන්තයන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය විවෘත කිරීමේ උළෙලේ විශේෂ අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

මේ වනාහි තිස් අවුරුදු යුද්ධයේ ේශපාලනික පරාජයට අමතරව දෙමළ ජනතාව විසින් අත්පත් කරගෙන තිබෙන සමාජ තත්වය ප්‍රකාශයට පත්වන ආකාරයයි. 

ලංකාවේ ඉතිරි වූ දෙමළ මිනිසුන්ගේ ‍දේශපාලනික පරාජය හා සමාජ අසරණකම ප්‍රකාශයට පත් වන තවත් ප්‍රධාන පැතිකඩක් වන්නේ මේ වනවිට සිදු වන මහා පරිමාණ නීති විරෝධී සංක්‍රමණ රැල්ලයි. .  යුද්ධයෙන් පසු උතුරු-නැගෙනහිර සිදු වන 'සංවර්ධනය' හමුවේ දිළිඳු ජනයා සිය ජීවිත ගොඩනඟාගැනීම සඳහා දරන උත්සාහය ඇත්තේ මහත් අනතුරුදායක මුහුදු ගමනක් ඔස්සේ පවුල් පිටින් රටින් පැන යාම තුළයි. වතාවක්, දෙකක් අසුවන මිනිස්සු පවා නැවත උත්සාහ කර රටින් පැනගන්නා බව වාර්තා වේ. 

ඔස්ට්‍රේලියාවට පළා යන මිනිසුන්ට ඇත්තෙන්ම සුන්දර බටහිර ජීවිත හිමි වන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්ට සිදුවන්නේ තවත් කලක් සිරගතව සිටින්නටයි. එහෙත්, අනාගත පරමපරා වෙනුවෙන් හෝ ඔවුන් උත්සාහ කරන්නේ රටින් ේ අපායෙන් පළා යන්නටයි. 

පවතින තත්වය ලංකාවේ දෙමළ ජාතියේ පරාධීනත්වය තහවුරු කරන්නකි. එය ගැඹුරු දේශපාලනික හා සමාජ ප්‍රශ්නයකි. බටහිර විදෙස්ගත ප්‍රජාවේ බොල් දේශපාලන උද්ඝෝෂණවලින් මෙකී ප්‍රශ්නයට ලැබෙන විසඳුමක් නැත. මන්ද, මෙය ජාතිය පිළිබඳ ගැටලුවට වඩා මිලිටරි බලහත්කාරයෙන් උතුරු නැගෙනහිර පැතිරෙමින් තිබෙන කොල්ලකාරී ධනවාදය හමුවේ දිළිඳු ජනයාගේ ඉරණම පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වී තිබෙන බැවිනි. දෙමළ ජනයාගේ දේශපාලන බලය පිළිබඳ සටන් කරන දෙමළ ජාතික සන්ධානය ඇතුළු කණ්ඩායම් මෙකී තත්වය නිවැරදිව ග්‍රහනය කරගෙන නැත. 

රටින් පළා යන්නට උත්සාහ කරන්දෙමළ ජාතිකෝ පමණක් වෙති. මුස්ලිම් මෙන්ම සිංහල ජාතිකෝද විශාල පිරිසක් එේ රටින් පළායාම ජීවිත අරමුණ කරගෙන සිටිති. එහිදී ඔවුන් අනුගමනය කරන උපායමාර්ග වෙනස්ය. දෙමළ ජාතිකයන්ට මෙන් ෝට්ටුවෙන් ඔස්්‍රේලියාවට ොස් ේශපාලන රැකවරණ ලබාගැනීමට බැරි නිසා ඔවුහු වෙනත් ක්‍රම අනුගමනය කරති. වත්මන් ඒකාධිපති, ොල්ලකාරී ධනවාදී ප්‍රහාරය හමුොදුේ සමස්ත ලංකාේම දිළිඳු, පීඪිත ජනයා දැඩි ේ අසරණව සිටිති. 

දෙමළ ජාතියේ පමණක්‍ොව සමස්ත ලාංකික පීඩිත පන්තිේම ගැලවීම ඇත්තේ ජාතිකවාදී අරගළවල නොවන බවට පවත්නා තත්වය දෙස් දෙයි. අවශ්‍ය වන්නේ දිළින්දන්ගේ‍, පීඩිතයන්ගේ පොදු අරගලයකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Read in English blog.parakum.com

Comments

  1. මා ආදරණීය සුදු අයියා වෙත,

    අයියේ, මගේ ෆෝන් එකේ බැටරියේ ප්‍රශ්නයක් හන්දා ෆෝන් එක ඔන් වෙන්නේ නෑ. ඒක හදා ගන්නකන් ඔයාට කෝල් කරන්න වෙන්නේ නෑ.ඒක හදාගන්න මට ගල්ගමුව ටවුමට යන්න ඕන. ඔයාට පුලුවන් නම් හෙට උදේ දහයාමාරට සියබලන්ගමුව වැව ගාවට බයිසිකලෙන් එන්න.මම මීගලෑව බස් එකේ ඇවිදින් වැව ගාවින් බැහැගන්නම්. ඔයා පැරකුම් මාමාගේ බ්ලොග් එක කියවන නිසා මගේ මේ කමෙන්ට් එක ඔයා දකියි කියලා හිතෙනවා. ඔයා මේ කමෙන්ට් එක දැක්කොත් පහලින් රිප්ලයි එකක් දාන්න.

    මේ ඔයාගෙම සදා නොවෙනස් නිලුපුලී සුදු නංගි.

    ReplyDelete
    Replies
    1. බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.

      Delete
    2. Comment Wisely.

      Delete
    3. නිලුපුලී සුදු නංගියා වෙත,

      ඔයාගේ කොමෙන්ටුව දැක්කා. මම නොවැරදීම එදාට වැව් බන්ට් එක උඩ ඔයා එනතුරු බලාගෙන ඉන්නවා. ඔයාට වෙනදා වගේම බුල්ටෝ අරගෙනයි එන්නේ හොඳේ?

      සදා නොවෙනස්
      සුදු අයියා.

      Delete
    4. //බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.//
      නිලුපුලීට බුද්ධිය නෑ..තියෙන්නේ චිච්චිය ඉතරයි...

      Delete
    5. එතකොට මේ කොමෙන්ට් එක කොටල තියෙන්නෙ චිච්චියෙන්ද?

      Delete
  2. ජාතිකත්ව අරගල තියා පන්ති අරගලවත් අපට එපා...ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ තමයි... කාගේවත් අරගල ඕනේ නෑ...මිනිස්සු ටිකක් දැනුවත් උනා නම් මිනිස්සුම ඉතුරු ටික බලා ගනි...අරගල නම් එපා.....

    ReplyDelete
    Replies
    1. අනේඔවු මෙයා ආරගලනම් එපා අපිට පාඩුවේ බ්ලොගක් බලල, කොමෙන්ට් එකක් දාල,බුකියේ කෙල්ලෙක් චුන් කරලා වැලක් ඇදල දවස ගෙවන්න තියන චෑන්ස් එකනම් කන්න එපා. දැනුවත් කර කර ඉන්නොකෝ අනිවා ඩෙපා ඔක්කොම හරියනවා මෙයා. කොටින්ම කියනවනම් අරගල කරලා අපේ අතල්නම් කඩන එපා. අපේ චුන් අපිට චුන් !

      Delete
    2. මයියා අයියා වෙත,

      සමන් මලෙන් පවන් සැලේ. සුදු අය්යේ මේ වේ .. පුතාල අරගල කරන්න ගියොත් අපිට කවදාවත් එකතුවෙන්න වෙන්නේ නැ. ඔයාගේ ඔය සම්බන්දිකාරක තනතුරට කෙල උනොත් අපිට කවදාවත් බදින්න් වෙන්නේ නැ. බැන්දත් අපි කන්නේ අරගල කරන උන්ගේ ඇටේ යැයි.ඒකනිසා අයියේ ඔයා ඔය කරන් යන වැඩේ දිගටම කරන් යන්න අරගල කරන උන් දැක්කොත් ගෝටා මහත්තයට කියල දිවියලෝකේ යවන්න. මම දැනුවත් කරන වැඩේ කරන්නම්.

      ඔයා එනකොට භුමි තෙල් කාලක් ගේන්න මේදවස් වල ලයිට් දානවට
      තාත්තා කැමති නෑ .
      මේ ඔයාගෙම සදා නොවෙනස් නිලුපුලී සුදු නංගි.

      Delete
  3. අවංකව අරගලයක් ජයග්‍රහණය ලබන තුරු මැරීගෙන
    එන මිනිස්සු අද ඉතුරු වෙලා ඉන්නවද ..?

    ප්‍රාඩෝ එකට , ඉඩමකට , ස්ත්‍රී රූපෙකට ගොඩ දෙනෙක්
    යට වෙනවා ..ආණ්ඩුවකට බලපෑමක් කරන්න පුළුවන් මට්ටමේ
    බලවේගයක් මේ ගෙවෙන කාල පරාසයේ නම් වෙන එකක් නැහැ
    අජිත් ...


    තනි තනි පුද්ගලයෝ විදිහට නම් ඉන්නවා කෝටියක් විතර ..
    ඒත් එක ලක්ෂ පහක් නැහැ සංවිදනාත්මකව ගමනක් යන්න ..
    ඉතින් කොහොමද ලොකු ඉලක්කයක් කරා යන්නේ ...?

    ReplyDelete
    Replies
    1. ඔය තත්වය අද නෙවෙයි ඉස්සරත් එහෙමයි. මිනිස්සු එළියට බහින්නෙ වෙනත් කරන්න දෙයක් නැති වුනාම. එහෙම එළියට එන මිනිස්සුන්ට නිවැරදි නායකත්වයක් දෙන්න කෙනෙක් තමයි අවශ්‍ය වෙලා තියෙන්නෙ.

      කවුරුවත් අරගල කරන්නෙ නෑ කියල හැමෝම කියන්න ගත්තහම කවුරුවත් නෑම තමයි.

      මිනිස්සු වෙලාවට ඒවි. පන්නරය නැති කරන්න එපා.

      Delete
    2. \\\එහෙම එළියට එන මිනිස්සුන්ට නිවැරදි නායකත්වයක් දෙන්න කෙනෙක් තමයි අවශ්‍ය වෙලා තියෙන්නෙ.\\\

      **ආණ්ඩුවකට බලපෑමක් කරන්න පුළුවන් මට්ටමේ
      බලවේගයක් මේ ගෙවෙන කාල පරාසයේ නම් වෙන එකක් නැහැ**


      නායකත්වය තමයි නැත්තේ ..ප්‍රාඩෝ එහෙකට අරගලයම පාවා
      දෙන මිනිස්සු තමයි 95% ම ඉන්නේ ..ඉතුරු 5% හොයාගන්න
      එක , එළියට එන එක තමයි මෙතන තියෙන සාධනීය සාධකය ..
      ==============================================

      \\\කවුරුවත් අරගල කරන්නෙ නෑ කියල හැමෝම කියන්න ගත්තහම කවුරුවත් නෑම තමයි.///

      **තනි තනි පුද්ගලයෝ විදිහට නම් ඉන්නවා කෝටියක් විතර ..
      ඒත් එක ලක්ෂ පහක් නැහැ සංවිදනාත්මකව ගමනක් යන්න **

      එකමුතුවයි අවශ්‍ය .මම කියන්නෙත් ඒ දේ ..
      ===========================================

      Delete
  4. Mayya,

    (Or)To whom it may concern.

    In one or another way the struggle for life is the core of human soul. A fight just for a mere life is core of cowardliness.

    Among all the social class struggle is the zenith of all the struggles in history.

    Experience it or not.

    Clement Peris
    Calgary
    MT time 12.20 pm

    ReplyDelete
  5. ඩයසෝරා කට්ටිය යුරෝපේ ඉදගෙන තමන්ගේ දරුවෝ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් යවද්දී ලාංකාවේ කෙල්ලෝ කොල්ලෝ ලවා ඊලම් ගන්න හදනවා....

    තවකට්ටියක් ඕස්ට්‍රලියාවේ, කැනඩාවේ කැල්ගරි ඉදගෙන පංති අරගලය ලංකාවේ කරන්න හදනවා.....ඒවා අහලා ඒදා වේල කන්න නැති සිරියාවතිලාගේ පුතාලා නිදහස් අධ්‍යාපනයේන් කැම්පස් ගිහිල්ලා තමන්ගේ ඩිග්‍රියත් ඇන ගෙන රට හදන්න යනවා....

    මොනා උනත් බලලුන් ලවා කොස් එට බෑවීම හරි නෑ,,,නැද්ද මං අහන්නේ......

    ReplyDelete
    Replies
    1. පවතින ක්‍රමය වෙපස්කිරීමේ අවශ්‍යයතාවය වැඩියෙන්ම දැනෙන්නේ සිරියාවතීලගේ දරුවන්ට තමයි. කුසට හරිහැටි අහරක් නැතිව ඉනට වස්ත්‍රයක් හරිහැටි නැතිව තමුන්ව කැම්පස් යවන්න සිරියාවතීල විදින දුක සිරියාවතීලගේ දරුවන්, කැම්පස් යන්න කලින් අවුරුදු 20ක් පමණ තිස්සේ අත්දැකලා තිබෙනවා. ඒ දුක සිරියාවතීලට ගානක් නැහැ. ඒ ඔවුන් දුකේම ඉපදිලා දුකේම ජීවත්වෙලා දුකේම මැරිල යන නිසා. නමුත් කැම්පස් ඒන සිරියාවතීලගේ ලමයි වැරැද්ද තිබෙන තැන දකින විට ඔවුන්ගේ තරුන සිත්වල අැතිවන අාවේගය අවස්තාවාදීන් විසින් ඔවුන්ගේ අවශ්‍යයතාවයන් වෙනුවෙන් යොදාගැනීම තමයි වරද.
      ඔබ තුමන්ලා ප්‍රකාශ කරන අරගලය කුමක්්දැයි පැහැදිලි නැතත් පවතින ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බව නම් පැහැදිලි සත්‍යයයකි. ඒ සදහා නැති දියසේන කුමාරයෙක් පිලිබද සිහින මවමින් සිටිනවාට වඩා දැනට සිටින නායකයා වටා ඒකරාශී වීම වඩා ඥානාන්විත බවයි මගේ හැගීම. J.R. ටත් වඩා අන්ත දහංගැට කාරයෙකු වන මහින්ද රාජපක්ෂ සමග ගේමක් දීමට රනිල්ට නොහැකි බව පැහැදිලි නමුත් ඔහුට දෙවන පෙල සහායක් නැති කම තුල තත්වය තවත් තීව්ර කරයි. 2001 අාණ්ඩු පෙරලියේ පතාක යෝදයා වූ ගාමිනී අතුකෝරල වැනි කෙනෙකු හෝ කන්ඩායමක් නැතිකම විශාල අඩුපාඩුවකි. 1994 චන්ද්‍රිකා බලයට ඒන්නේ ඒ වැනි දෙවන පෙල කන්ඩායමේ සහායෙනි. ඒ නිසා තිබෙන සම්පත් වලින් උපරීම ප්‍රයෝජන ගැනීමේ න්‍යාය අනුව යමින් සිටින නායකයා සමග ඉදිරි ගමන යායුතුව අැත. ඒ තුමා අගමැති වශයෙන් සිටි කෙටි කාලය තුල රාජ්‍යය නායකයෙකු ලෙස දැක්වූ සුදුසු කම් අවස්තාවාදීන් විසින් වැරදි අාකාරයෙන් නිර්වචනය කිරීමේ ප්‍රතිඵල අද අපි භුක්තිවිදිමින් සිටින්නෙමු.

      Delete
    2. නලින් ද සිල්වගෙ බෙට්ටෙ සුවද බල බල ඒ සුවද ගැන තමුන්ගේ බ්ලොග් එකේ කවි ගී ලිවුව මයියා නමැති බ්ලොග්කරු පංති අරගලය එපා කියල කියනව.

      //තවකට්ටියක් ඕස්ට්‍රලියාවේ, කැනඩාවේ කැල්ගරි ඉදගෙන පංති අරගලය ලංකාවේ කරන්න හදනවා.....ඒවා අහලා ඒදා වේල කන්න නැති සිරියාවතිලාගේ පුතාලා නිදහස් අධ්‍යාපනයේන් කැම්පස් ගිහිල්ලා තමන්ගේ ඩිග්‍රියත් ඇන ගෙන රට හදන්න යනවා....//

      මේ ගොං බාස්ගේ ඔලුවෙ තියෙන දූපත්වාදය මිස මේ වෙන මොකකක්ද එලියට එන්නෙ? පංති අරගලය ලංකාවෙ විතරක් තියෙන එකක් නෙමෙයි බණ්ඩො ඒක ලෝකෙම තියෙන එකක්.ඒකට දේශසීමා අදාළ නැහැ.මගේ ලෝක කාරයින්ට ඒක තේරෙන්නැති එක අහන්ට දෙයක්යැ. ඉන්නෙ කැනඩාවෙද ඔස්ට්‍රෙලියාවෙද කියල අදාළ නැහැ.පංති අරගලය ලෝකයේ කොහෙ පැන නැගුනත් ඒකට ඇත්ත සමාජවාදියා සහයෝගෙ දෙනව.රට කියල උඹල හදාගෙන ඉන්න හුංඩුවෙන් එහාට උඹලට හිතන්න බැරි එක උඹලගෙ චින්තනේ වරදක්. ඒ වගේම ඩිග්‍රිය නැති කරගන්න සුමනගේ පුතා ගැනත් වචනයක් - ඇයි ඩිග්‍රිය හරි ලොකු එකද? ඔය කෙහෙල්මල් වලින් කරන්නෙ මේ තියෙන පාදඩ ක්‍රමය පවත්වගෙන යන්ඩ ඒ වගේම පාදඩයො ටිකක් බිහි කරන එක. සමාජයේ යථාර්තය තේරුම් ගත්තට පස්සෙ ඔය ලබ්බට පයින් ගහල සමාජය වෙනස් කරන්ඩ මිනිස්සු එන එක අරුමයක් නෙමෙයි. උඹ වගේ මැද පංතික ලිං ගෙම්බන්ට ඩිග්‍රිය හෙණ එක උනාට අපිට නං ඕක හෙණ එකක් නෙමෙයි.

      Delete
    3. @kosvitha: "ඒ තුමා අගමැති වශයෙන් සිටි කෙටි කාලය තුල රාජ්‍යය නායකයෙකු ලෙස දැක්වූ සුදුසු කම් අවස්තාවාදීන් විසින් වැරදි අාකාරයෙන් නිර්වචනය කිරීමේ ප්‍රතිඵල අද අපි භුක්තිවිදිමින් සිටින්නෙමු"

      මේ කතාවේ තේරුම කුමක්ද? ද ඔය කියන විදිහට දැන් ලංකාවේ සිදුවෙන දේවලට වගකියන්න ඕනේ රටේ නායකයා නෙමෙයි. දෙවන පෙළ නායකත්වයක් රාජපක්ෂ ආණ්ඩුවේ නැත්තේ ඇයි? පළමු පෙළත්, දෙවන පෙළත් දෙකම පවුලේ කට්ටිය කරන්නේ කාගේ උවමනාවටද? මෙතන වෙලා තියෙන්නේ දෙවන පෙළක් නැති එකනම් ඒ තත්ත්වය ඇතිකළේ මේ නායකයාම නොවේද?

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. // "ඒ තුමා අගමැති වශයෙන් සිටි කෙටි කාලය තුල රාජ්‍යය නායකයෙකු ලෙස දැක්වූ සුදුසු කම් අවස්තාවාදීන් විසින් වැරදි අාකාරයෙන් නිර්වචනය කිරීමේ ප්‍රතිඵල අද අපි භුක්තිවිදිමින් සිටින්නෙමු"
      මේ කතාවේ තේරුම කුමක්ද?//

      @Budinoz: ඉහත සදහන් ප්‍රකාශයේ තේරුම කුමක්දැයි ඔබ විමසා සිටීම පිලිබදව මා ඔබට මාගේ ස්තුතිය පුද කරන අතර ඒය සංවාදයට භාජනය විය යුතු කරුණක් ලෙස මමද සලකමි. නමුත් ඒ පිලිබදව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කමෙන්ටුවක් මගින් කිරීමට අපහසු යැයි මට සිතේ. ඒ නිසා ඔබගේ ඊ මේල් ලිපිනය සදහන් කරන්න, මම මේල් ඒකක් දමන්නම්. ඒසේ නොහැකිනම් කාගේ හෝ බ්ලොග් ඒකක ඉඩ ලබාගන්න, මම පෝස්ට් ඒකක් දමන්නම්.

      Delete
  6. Maiyya,
    Class struggle has no any terrain specific nature. If you are in a society you have to fight where you are standing. Are you not fighting for your food, clothing or your basic needs? The inauguration of the class struggle is to fight for the basic needs. You do and you have to do unless you don’t belong to the present Regime of my back home. A true revolutionary fights in the midst of different climates,lands; along with different people who bear different skin colours, with people who speak different languages for a common purpose. Thus , if one believes in ..that (s)he is in a class struggle.. (s)he never sees where (s)he is living. (S)He fights. Fights with all of her/his energy and knowledge. Only for believing and what the heart says.
    A human who is fighting in the class struggle is not a mercenary like nationalistic soldier who fights for the betterment of a State.
    It is not the pseudo elite of a society wants a class struggle ..like thieves from Mahinda to Ranil..from Prabhakaran to S. Amarasinghe.. Champikas’ to Weerawansas’ and so on. But for the sons of daughters of Siripalas’ and Ranmenikkas’ ,of Thangadorais’ and Kalyanis’; they essentially want a class struggle. That is why the Regime deliberately want its killing forces to operate on the basic struggles of students, farmers, agricultural workers, fishermen and so on.That is because the Regime has a better understanding that class struggle is unique and foremost.
    This is extremely visible if you could change the terrain from periphery to centre.
    (sri) Lanka did not get anything valued from inside of her own. As a matter of fact everything which is ideal and worth found in the island today are essentially were from outside. And this is true for the future, too. Because we (sri) Lankans are lack of self-assimilation of anything. So, it is inevitable that even the knowledge and experience of class struggle, which we deserve to possess, is also from out of the island. Thus you have no point to worry on a thing that you cannot change at all. I can direct you saying that you can elaborate your little knowledge if you could read Ramachandrage Adaviya, further in this regard.
    In my personal thinking this scenario is not an irony but a blessing.

    Clement Peris
    Calgary
    MT time:11.08 am

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා