විදුලිබිල වැඩිකිරීමට අදම විරෝධය පළ කරමු

ආණ්ඩුව විදුලි බිල වැඩි කළ ආකාරයෙන් පාලකයන් යනු කෙතරම් දුෂ්ඨයන් පිරිසක්ද යන්න ‍හොඳින් පැහැදිලි වේ. මුලින් විදුලි බිල වැඩි කරන්නට තීරණය කළේ පසුගිය අප්‍රේල් 12දා සිටයි. ඒ කියන්නේ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මඳක් ප්‍රීතියෙන් කල් ගෙවූ සමය වෙනුවෙන්ද විදුලි බිල වැඩි කරන්නට ආණ්ඩුවට උවමනාව තිබිණි. දැන් එය අ්‍රේල් 20 දක්වා කල් දමා ඇති බව කිය.

මහජන අදහස් විමසීම් වැනි විෝධය සමහන් කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගවලදී 95%ක් මහජනතාව විදුලිබිල වැඩිකිරීමට විෝධය පළ කර තිබියදී එය ක්‍රියාත්මක කේ රජේ ප්‍රතිපත්තියට අනුකූලව බව මහජන උපෝගිතා ොමිසේ සභා‍පති ජයතිස්ස ද ොස්තා පවසයි. මෙය වැරදි පියවරක් බව ඔහු පවා සිතන බව මෙම ප්‍රකාශයෙන් පෙේ.

ලබන මාසයේ විදුලි බිල අත‍ට පත් වූ විට හෝ ආණ්ඩුව යනු කුමක්ද යන්න තේරුම් ගැනීමේ බුද්ධිය මේ රටේ මහජනතාවට ලැබෙනු ඇත. 

එක පැත්තකින් බැලූ කල මහජනතාව එය තේරුම් ගන්නවාට වඩා වැදගත් වන්නේ දේශපාලන ව්‍යාපාර එය තේරුම් ගැනීමයි. මන්ද, මහජනතාව සවඥානක කිරීේ වගකීම ඔවුන් භාර ගෙන තිබෙන බැවිනි.

එක්සත් ජාතික පක්ෂය පැත්තකින් තබමු. කෝ මේ 'වම'?

බොදු බල සේනාවට එරෙහිව පසුගියදා ෆේස්බුක් කණ්ඩායමක් විසින් කරන ලද විරෝධය පිළිබඳ අපි මෙසේ සටහනක් තැබුවෙමු. (කියවන්න Why was Sri Lanka's Buddhist terrorists and their government so afraid of the anonymous Facebook group that came to streets)

මෙම විරෝධතාව පැවැත්වුණේ වාමාංශිකයන් මේ පිළිබඳ සුපුරුදු ලෙස සාකච්ඡා තබමින්, ඉන්පසු ඊට වඩා පිරිසක් ගෙන්වා සාකච්ඡා කිරීමට තීරණය කරමින්, ඉන්පසු ක්‍රියාමාර්ග ගැනීමට සිටියදීය. 

මහජන විරෝධය දේශපාලන පක්ෂවලින් ගිලිහෙමින් තිබේ.විරෝධය සඳහා නව අවකාශයන් විවෘත වෙමින් තිබේ. 

‍අපි නව ක්‍රියාමාර්ග සොයා යා යුතුය. ඔව්, අදම. ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න 

Read in English blog.parakum.com

Comments

  1. ඉන්ධන මිල වැඩි උනාම විදුලි ගාස්තු වැඩිකරන්න වෙනවා. මොකද විදුලිය නිපදවීමට වැඩි වශයෙන් භාවිතා කරන්නේ ඉන්ධන නිසා.
    අනික නම් දැන් ලංකාවේ හතරදිග්බාගේටම විදුලිය ලබා දෙමින් පවතින්නේ. එතකොට අධික සැපයුමක් අවශ්‍ය වෙනවා. ඉතිං වැඩි වැඩියෙන් විදුලිය නිපදවීමට ඉන්ධන ආනයනය කරන්න වෙනවා. එව්වට මුදල් වැය වෙනවා.

    අනික බොහොම පැහැදිලිව කියා තිබෙනවා මේක තාවකාලික මිල සංශෝදනයක් කියලා. කවුරුත් ඒ හින්දා මෙව්වා ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.

    සමන්

    ReplyDelete
    Replies
    1. සමන් සමන්..මගෙ චූටි සමන්....
      ගෙදර ලයිට් බිල වැඩියි මචන්....
      ලයිට් නිවනවා හතට කලින්....
      අම්මව එවපන් ඊට කලින්....

      Delete
    2. හරි සමන් ඔබ හරි.තව මාස දෙක තුනකින් ආයේ වැඩිවෙනව.එතකන් තාවකාලිකයි.100ට 110ට තියෙන්න ඕන ඩොලරය 130තියෙද්දී ගෙන්වන තෙල්/අගුරු ඇතුළු දේවලට ගෙවන ගෙවිල්ල කොහොමද?තව අඩු වෙයි කියල හිතන්න පුලුවන්ද?

      Delete
    3. කලබල වෙන්න ඕනි නෑ සමන්, බිල ආවම ගිහින් ගෙවන එකයි තියෙන්නේ.
      ඔයා කියන දේවල් ඇත්ත ඒත් ඕවා හරියට කළමණාකරනය කරන්න තමයි ජනතාව කතිරේ ගහල ආන්ඩුවක් පත් කරන්නේ.ඒ පත් කරපු උන්ට ඔලුවක් තිබ්බට ඒක පාවිච්චි කොකරන එක නිසයි මේ සේරම.
      ජනතාවගේ වියදම් ඔය විදියට වැඩි වුණාට ආදායම (ඒ කිව්වේ මාසික වැටුප) ඊට සාපේක්ෂ ප්‍රතිශතයකින් වැඩි නොවෙන කොට වැඩිවෙන ඒවා ගෙවන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඔයාගේ ඔලුවටත් එන්නේ නැද්ද?

      Delete
  2. සහනාධාර නැති...හරි මිලට විදුලිය සහ තෙල් විකුණන, කන බොන සීනී තේ කොල වෙනුවට පඩි පැකැට්‍ටුවෙන් ටැක්ස් ගහන, මේ ඔක්කොම කරන්නේ මිනිස්සුන්ගේන් ගන්න ටැක්ස් වලින් කියලා මිනිස්සුන්ට දැනෙන කාලයක් එනකං රට හරි තත්වෙට එයි කියලා හිතන්න අමාරුයි.....

    ආණ්ඩුව දැන් කරන්නේ එක අතකින් ලොකු පොඩි කියලා වෙන්සක් නැතුව හැම බඩුවෙන්ම බදු ගහලා ඒවයින් වැඩි කොටසක් තමුන්ට සැප ගන්න තියා ගෙන ඉතිරි කොටස අනෙත් අතින් පොහොර සහනාදාර විදුලි බිල් සහාණාධාර කියලා සරදියෙල් වගේ බදලා දෙන එකයි...අපේ මෝඩයෝ රෑලත් සහණාධාර කියන්නේ නිකං දෙන දෙයක් ය කියලා ‍රැවටිලා......වී ආර් ස්ලොව්ලි ඩ්යින්

    ReplyDelete
  3. අමරිකාවේ ටෙක්සාස් වල පොහොර කර්මාන්ත ශාලා සංකීර්ණයක් පුපුරලා 70ක් මැරිලා.
    දැන් ලංකාවෙ කස්ටිය කියයි 20%කපපු නිසා පටිසන් දෙනව කියල.

    ReplyDelete
    Replies
    1. ලයිට් දාන්නෙ අපි.... බිල ගෙවන්නෙත් අපි.... ජපානෙ ඉන්න කබ්බොන්ට මේකට තියන අමාරුව මොකක්ද?

      Delete
    2. ඒම නම් කමක් නැහැ මල්ලි.
      ඒත් ඔය හඩ සියලු ලක්වාසී ජනතාවගේද ?

      Delete
    3. ලක් වාසී ජනතාවගේ තමයි.... බලපන් කෙන්ජි එකෙක් ලයිට් බිල වැඩියි කියල පාරට බහිනවද....

      ජනතාව පත් කල ආණ්ඩුව මේ තියෙන්නෙ.... ආණ්ඩුවට විරුද්ධ රැල්ලක් ගොඩනැගීම ගැන හිතේ කොනක හරි අදහසක් තියෙන්නෙ පැරා වගේ නටබුන් වෙච්ච වාමාන්ශිකයො කිහිප දෙනෙක් සහ යූ. එන්. පී. කාරයො කිහිප දෙනෙක්ගෙ විතරයි......

      මම ආණ්ඩුවට කඩේ යනවා නෙවෙයි... මහා කාලකණ්නි කමකින් මුලු ජාතියම වෙලාගෙන ඉවරයි.... අනාගතයක් නැති බහුතර ජනතාව කරන්නෙ එදා වේල හොයාගෙන කාලා සැපක් අරන් ඉන්න එක විතරයි.....

      මම රාජකාරි කරන තැන ඉන්න කා. කම්කරුවාගෙ පඩිය 13750 යි... පාසැල් යන ලමයි 3යි... ලක්ෂ 8කට වඩා මිනිස්සුන්ට ණයයි... ඒ ඔක්කොම සල්ලි සැරින් සැරේ ගෙදර දොර උවමනා වලට ගත්තු සල්ලි... 10ය දීපු පඩිය 11 ඉවරයි පොලිය ගෙවලා.. අවුරුදු කාලා අද තමයි ආවෙ...මේ අවුරුද්දටත් 20000 ක් විතර ණය වෙලා.... තව සතියකින් කන්න බොන්න හොයා ගන්න විදිහ මූ දන්නෙවත් නෑ...

      මූ අද ඇවිල්ල කියනවා "අපේ ම. මහත්තය කරල තියන සන්වර්ධනය දැක්කම ආසාවෙ බැරිලු"....

      ඒක නිසා මචන් වචන නාස්ති නොකර... ලේ කෝප කරගන්නෙ නැතුව.. ජපානෙට වෙලා ආතල් එකේ හිටපන්.... මෙහෙ තාමත් බහුතර මතය ඕකයි.... ඕක වෙනස් වෙන්නෙ නෑ....

      Delete
    4. කතාව සම්පුර්ණ ඇත්ත ඇනෝ.

      මාත් මේ කොමෙන්ටුවක් දානවද නැද්ද කියල හිතමිනුයි හිටියේ.

      ලංකාවේ හැදී වැඩී ඉගෙනගෙන ඒ උගත්කමට පින්සිදුවෙන්නට ලෝකයේ දියුණු රටකට ගිහින් සැප අරගෙන හිටියත් නිතර මතක් වෙන්නේ ලංකාව. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. ප්‍රධාන හේතුව මිනිස්සු ලෝකයේ කොයි තැනකට සංක්‍රමණය වුනත් තමන්ගේ උපන් ගතිගුණ, වටපිටාව, කෑම වගේ දේවලට ප්‍රිය කරනවා. බලන්න ලංකාවට එන විදේශිකයෝ බොහොමයක් හොයන්නේ උන්ගේ රටවල්වල කෑම. මම ජීවත්වන ඕස්ට්‍රේලියාවේ ඉන්න බොහොමයක් ලංකාවේ සිංහල මිනිස්සු කඩවල්වලින් සල්ලි දීල කැවුම් අරගෙන පොඩියට හරි නැකතට අවුරුදු කෑවා. තමන්ගේ පෞද්ගලික ශේෂ පත්‍රය කොතරම් යහපත් වුනත් හුඟ දෙනෙක් ලංකාවේ වෙනදේවල් ගැන බලාගෙනයි ඉන්නේ. ලංකාව කොයිතරම් දුප්ප්පත් රටක් වුනත් නීතිගරුක, මානව හිමිකම් සුරකින සාමකාමී රටක්නම් ඔය පිටරටවල්වල ඉන්න පිරිසක්හෝ ආපසු ඒවි. ලංකාවේ යුද්ධය ඉවරවූ දවසේ මහා රජතුමා දීපු ටෝක් එක අහලා මම දන්නා කිහිප දෙනෙක්ම ආපසු ලංකාවට ආවා. නමුත් ඊට පසුව ලංකාවේ හිටපු මිනිස්සුත් බෝට්ටු වලට නැගලා රටින් පනින තත්ත්වයකට අද පත්වෙලා තිබෙනවා. නමුත් පිටරටවලට වෙලා ඉන්න අපටත්, ලංකාවේ ඉන්න ඔබටත් වෙන්නේ මේ පාලකයින් කරන දේ බල සිටීම පමණයි. හේතුව ලංකාවේ ඉන්න බහුතරයක් මිනිස්සු ඔබ ඔය කියන ජාතියේ අය වීම නිසයි.

      මේවගේ බ්ලොග් කියවන්නේ කීදෙනාද? ලංකාවේ පුවත්පත් ඇතුලු සියලුම ජනමාධ්‍ය මේ පාලකයින්ගේ ග්‍රහණයට යටවෙලා. ඒ නිසා සුන්දර ලංකාව අපි හැමෝටම දිගු සිහිනයක් වේවි.

      Delete
    5. ඔන්න ඕක තමයි ඇනෝ සහෝදරය ලංකාවාසී ජනතාවගෙ සැබෑ තත්වය.
      පාරවල් ටිකක් හැදෙන එකයි,බිල්ඩින් ටිකක් උඩට නගිනව දකිද්දියි,යුද්දෙ ඉවර කරපු එක මතක් වෙද්දියි ජනතාව ආශ්චර්ය පෙනී පෙනී ඉන්නෙ.
      විපක්ෂයේ එකෙකුට ඕන නැහැ මේ දුෂණය/නාස්තිය වැරදි දේවල් පෙන්නල පාරට බැහැල සටනක් දෙන්න.
      අද එවුනු හැම එකාම කරන්නෙ ලොක්ක එක්ක මොනව හරි ඩිල් එකක් දාගෙන එදා වේල ගාන කපාගෙන ඉදල හිටල පත්තර වලට මෙලෝ තේරුමක් නැති කතා කියවන එක.එක්කො රේඩියෝ/tivi එකට වොයිස් කට දෙනව කච කච කියන එකාටවත් ත්රෙන්නේ නැහැ ඌ මොනවද කිව්වෙ කියල.
      කොටින්ම ජනතාවගේ ඇගේ මයිල් ස්මයිල් වෙන්න කතා කරන්න අද විපක්ෂයේ එකෙක්වත් නැහැ.
      ඇනෝ සහෝදරය ඔබගේ විස්තර කිරීමට ස්තුතියි!

      Delete
  4. @ admin

    කමෙන්ට් වල අකුරු ටිකක් ලොකු කරන්න පුලුවන්ද ..?
    බලන්න අපහසුයි...



    මන් හිතන්නේ තාම උනේ නැහැ ලංකාවට ..
    අනිත් එක ජනතාව බල්ලෝ මරලා හරි එදා වේල හොයාගන්න
    පෙළඹෙනවා කියල ආණ්ඩුව දැන් දන්නවා ..

    ඒ නිසා ආණ්ඩුව ඔහේ එයාලගේ ගමන යනවා ..අපි අපේ ගමන
    යනවා ..

    ReplyDelete
  5. Ane Saman,thamusege oluwayi pitipassayi atha gala balanawa un dekakuyi walgekuyi enawada kiyala.

    ReplyDelete
  6. ලක් මව අඳුරු යුයක් කරා යන ගමනේ ආරම්භය..
    (වැරදියට හිතන්න එපා. රෑට විතරයි.)

    ඔබ සැමට

    සුබ අනාගතයක්...!!!

    ReplyDelete
  7. 1. යම්කිසි දෙයක මිල අඩුවීමට නම් වෙළඳපොල තුල තරඟයක් තිබිය යුතුය.
    2. විදුලිය ආණ්ඩුවේ මිල තීරණය කරන මොනොපොලියකි. තරඟ කරුවන් නොමැත
    3. පුද්ගලික කොම්පැනි දෙකක් අතර වෙළඳපොල තුල පාරිභෝගිකයින් දිනා ගැනීමට සිදුවන තරඟය මගින් මිස වෙන කිසිම දෙයකින් මිල අඩුනොවේ.
    4. ලංකාවේ හොඳම උදාහරණය ජංගම දුරකථන සේවයයි. තරඟය නිසා මිල අඩුවේ නව තාක්ෂනය ලැබේ.
    5. පැරකුම් වැනි වම්මු මෙන්න ලංකාවේ බහුතරයද තවම සිතන්නේ පුද්ගලික අංශයට වඩා ආණ්ඩුවේ ලවීම විදුලිය මොනෝ පොලිය පුද්ගලිකකරණය ට වඩා ජනහිත කාමී දෙයක් කියාය.
    6 ඉතින් ආණ්ඩුව හොඳයි කියන තොපිට හොඳ වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හරියට ගෑස් වගේ.ප්‍රයිවෙට් කොම්පැනි දෙක මිල වැඩිකරන්නේ තරගෙට !

      :-)

      Delete
    2. මේ ‍ගොං බූරුවා උදිත කට පාඩම් කර ගත්ත එකක් ඔහේ ඇවිත් හැම තැනම වමාරනව.ජය ශ්‍රී ඔය දීල තියෙන්නේ ඇත්ත ජිවිතෙන් උදාහරණයක්. ලංවිම පුද්ගලික සමාගමකට දුන්න නම් බිල වැඩි වෙන හැටි තව බලාගන්න තිබුණා ලාභ අරමුණත් එක්කාසු උනාට පස්සේ.අනේ මෝඩයෝ තෝ පුක දෙන නව ලිබරල්වාදය බල්ලට ගිහිල්ල ඉවරයි ලෝකයේ.යුරෝපෙ දිහා බලහං රිම් එකෙන් යන හැටි.තව කට පාඩම් කරගත්ත රෙද්ද කිය කිය ඉන්නව මෙතැන.

      Delete
    3. ලාභය හොදයි නාස්තියට වඩා. යම් අායතනයක් ලාභ ලබනව නම් ඒ අායතනය රටට සම්පතක්. මේ අර්බුද ඔක්කොම අැතිවෙලා තියෙන්නෙ රජයේ අකාර්යක්'ෂම තාවයත් නාස්තිය හා දූෂණය නිසාත්ය. නමුත් ඒවායේ බර අදින්න වෙලා තියෙන්නෙ අසරණ ජනතාවටයි. මෙතනදී විදුලි බිල වැඩිකිරීමට ඒරෙහිව අදහස් ප්‍රකාශ නොකරන ඔබවැනි කිහිප දෙනෙක් හැර අන් සියළු දෙනාමටම මේ වැඩිවූ විදුලි බිල දරාගන්න අපහසුයි. තමුන්ට ලැබෙන වරප්‍රසාද නිසා පොදුමතයට ගරහන්න ඒපා.

      Delete
    4. කොස්විත,උඹෙ නම ආතල් නමක්.අම්මද දැම්මේ? අර නිව් යෝර්ක් වල ඉන්න ගොං බූරුවට පුක නොදී හිටපං.විදුලි බල මණ්ඩලය පාඩුවට දුවන්නේ ඒක ලාභ අරමුණ දෙවැනි කරල ක්‍රියා කරන හින්ද.ඒ නිසයි මෙච්චර කල් පාඩු විදගෙන හරි අඩු මිලට ලයිට් දුන්නෙ.ඒක මිල වැඩි කළාම කෑ ගහන තොපි ඒක තව පුද්ගලිකකරණය කරන්න කියනව.පුද්ගලිකකරණය කලාම මේං කියල අඩුවට ලයිට් හම්බෙයි.මෙහෙම නෙමෙයි එතකොට ලයිට් බිල වැඩි වෙන්නේ.ලයිට් බිල වැඩි වෙන එක යකෝ අපිටත් අමාරුයි තමයි.ඒත් ඒකට උත්තරේ මේව පුද්ගලිකකරණය කරන එක කියන්නේ ඊට වඩා ගොබ්බ කථාවක්.එතකොට තොටයි මටයි තවත් අමාරු වෙනව.ඒකයි මේ සිංහලෙන් කියන්නේ.

      Delete
    5. තාම ආකල්ප වෙනස් නොකර අතීතයෙන් පාඩම් ඉගෙන නොගෙන ඉන්නා ජාතිය තව අවුරුදු 50000 ක් ගියද එකතැන පල්වේ ඉහත ජය ශ්‍රී ඇනෝනිමස් සහ කොස්විත වැන්නන් කරන්නේ පවත්නා තත්වය වෙනස් නොකර ආණ්ඩු මාරු කරමින් හිස්ටරික පැමිණිලිකරමින් තව අවුරුදු 50000ක් මේ විදියටම පවත්නා තත්වය තබා ගැනීමයි. ජයශ්‍රී ඇනෝනිමස් මම ජංගම දුරකථන කොම්පැනි ගැන කිවූ උදාහරණය මග හැර. මුළු ලෝකයේම සාර්ථක රටවල් සාර්ථක වී ඇත්තේ ලාභ ලබන පුද්ගලික ව්‍යාපාරිකයින් නිසා බව අන්ධයින් මෙන් නොබලා සිටියි. යයි කොස්විත මමත් පැමිණිලිකරමින් සිටින්නේ නැත්තේ ඇයිදැයි අසයි.
      ජය ශ්‍රී ට සහ මට ගොන් බුරුවා කියන ඇනෝ මල්ලිට කියන්න ඇත්තේඅදහස් වෙනුවට ගොන් බුරුවා කියන ඔයාල වගේ බුද්දිමත් ඤානවත් මිනිස්සු එක්ක මට ගැටළුවක් නැත ඔයාල වැනි බුද්දිමත් ආකල්ප දරන මාර පොරවල් ඉන්න අසලකින්වත් ඉන්න අකමැති නිසා මම ඔය පැත්ත පලාතෙවත් පැය ගහන්නට එන්නේ නැත.ඒ නිසා මගෙන් ඔයාලට කරදරයක් නැත. පැරකුම් මට එන්න එපා කියන තුරු මෙහි අදහස් දක්වන එකද ගොන් බුරුවා කියා නැවැත්විය නොහැක.
      කොස්විත ට කියන්න ඇත්තේ මට හිස්ටිරියාව නම් රෝගය නොමැති බවයි. හැමදාම පැමිණිලි කරමින් දුකෙන් විනෝදයක් ලබමින් ගැටළු වලට විසඳුම් වෙනුවට ගැටලුව සදා පවත්වාගැනීමට මම දායක නොවන්නෙමි.

      Delete
    6. උදිත,

      මම හිතන්නෙ ඔබගේ තර්කයේ තාක්ශනික අවුලක් තියෙනවා.....

      Dimithri

      Delete
  8. උදිත,

    මම හිතන්නෙ ඔබගේ තර්කයේ තාක්ශනික අවුලක් තියෙනවා. අනික් පාරිභෝගික භාන්ඩ සහ විදුලිය අතර ඇති ඉතා විශාල තාක්ශනික වෙනස ඔබට හසු වෙලා නැහැ වගේ. මූලිකම විශේශත්වය නම් විදුලිය කියන්නෙ නිශ්පාදනය කරන විටම පරිභෝජනය කරන භාන්ඩයක්. ඉතින් ඔබවැනි අය කෝකටත් තෛලය වශයෙන් යෝජනා කරන, දිවමතුරක් මෙන් මතුරා ඇති - 1. යම්කිසි දෙයක මිල අඩුවීමට නම් වෙළඳපොල තුල තරඟයක් තිබිය යුතුය. 2. විදුලිය ආණ්ඩුවේ මිල තීරණය කරන මොනොපොලියකි. තරඟ කරුවන් නොමැත 3. පුද්ගලික කොම්පැනි දෙකක් අතර වෙළඳපොල තුල පාරිභෝගිකයින් දිනා ගැනීමට සිදුවන තරඟය මගින් මිස වෙන කිසිම දෙයකින් මිල අඩුනොවේ. 4. ලංකාවේ හොඳම උදාහරණය ජංගම දුරකථන සේවයයි. තරඟය නිසා මිල අඩුවේ නව තාක්ෂනය ලැබේ.- මෙහිදී යෝජනා කල හැකි නොවෙයි.
    බලන්න මේ වෙනස්කම් (විදුලිය ජංගම දුරකතන එක්ක ඔබේ සැසඳීම හාස්‍යජනකයි ) නිශ්පාදනය කරන විටම පරිභෝජනය ඇරුනාම, විදුලිය ඇත්තේ ජාතික ජාලයක් විදියටනෙ. ජාලය සමන්විත වෙන්නෙ සංකීර්න මිශ්‍රනයකින්. එයට ජනනයෙන් දායක වෙන්නෙ විවිධ ස්ථාන / විවිධ ආයතන / විවිධ තාක්ෂන හරහා. ජනනය කිරීමේ සැලකිය යුතු ප්‍රමානයක් දැනටමත් පුද්ගලික අංශය සතුවයි තියෙන්නෙ. ඒ කියන්නෙ ඔබ කියන තරඟකාරිත්වය දැනටමත් එක්තරා ප්‍රමානයකට තියෙනවා! අපි දන්න සමහර පුද්ගලික ජනනයකරන්නන්ගෙ ඒකකය රුපියල් 100 විතර ඉතා ඉහල දක්වා මිලකට තමයි ජාතික ජාලයට එකතු කරන්නෙ! මේ වගේ තත්වෙක තරඟකාරිත්වයක් ගැන කතාකිරීමම විහිලුවක් මිත්‍රයා...

    ඊලඟට බෙදාහැරීම. හිතන්න බෙදාහැරීම පුද්ගලිකකරනය කලා කියලා. අපිට විදුලිය ඩයලොග් හරි මොබිටෙල් හරිවගේ වෙනස් සේවා සපයන්නන්ගෙන් ගන්න බැහැනෙ. අපේ ප්‍රදේශයේ ඉන්නෙ එක සේවා සපයන්නයි. (උදා ලෙකෝ ) එයාගෙන්ම තමයි ගන්න ඕනෙ. ඉතින් ඒකාධිකාරය වලක්වන්න බැහැ නේද? හොයලා බලන්නකෝ දියුනු රටවල මේක වෙන්නෙ තරඟකාරිත්වය හින්දද? නැත්නම් ජනනය, සම්ප්‍රේශනය සහ බෙදාහැරීම නිවැරදිව, ඉදිරිදැක්මකින් යුතුව නියාමනය / සැලසුම් කිරීමෙන්ද කියලා...විවිධ ආයතන තියෙනවා තමයි..නමුත් තරඟකාරිත්වය නෙමෙයි සාධකය..

    පුද්ගලිකකරනය කරලා, සේවක සංඛ්‍යාව අඩුකරලා, කාර්යක්ශමතාව වැඩිකරලා, පිරිවැය අඩුකරලා.....සුරන්ගනා කතා ඕනෙම එකකට පාවිච්චි කරන්න බැහැ. විදුලිය ගැන කතාකරනකොට එහිම වන තාක්ශනික සීමාවන් ම ඉතා විශාලයි.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. @ Dimithri
      ඔබ විදුලිය කිව්වම විදුලි බල හා බලශක්තිය (both power and energy) එකට දාල මම කියන දේ ඔබට පැහැදිලි නැතිව ඇති මට පහැදිලි කරන්න හැකියාව අඩුයි නමුත් මේ ගැන පහැදිලි දැක්මක් මට තියනවා.
      මියගිය මාග්‍රට් තැචර් නෝනා එංගලන්තයේ Department of Energy සම්පුර්ණයෙන්ම පුද්ගලිකකරණය කරපු හැටි හොයල බලන්න.
      මෙතන වෙන්න ඕනෑ එකයි. විදුලිය පාරිභෝගික භාණ්ඩයක් ලෙස හරියට කොටස් වෙළඳ පොලේ කොටස් විකුනනවා වගේ වෙළඳ පොලේ ඉල්ලුම සැපයුම අනුව හසුරවන්න අමාරු බව මම පිලිගන්නවා නමුත් එංගලන්තයේ මොඩලයට ලංසු තබා වෙළඳ පොලේ තොග වශයෙන් ගනුදෙනු කල හැකි බව අපි අමතක කරලා තියෙන්නේ.
      I am just promoting the development of competitive wholesale and retail markets for power.
      මෙය කල හැකි බව සහ මෙසේ කිරීමෙන් මිල අඩු කල හැකි බව මට එසේ කරන ලද රටවල අද්දැකීම ඇසුරින් දත්ත සහිතව පෙන්විය හැකියි.
      මේ ගැන උනන්දු අය මේකත් බලන්න
      http://www.pique.at/reports/pubs/PIQUE_CountryReports_Electricity_UK_November2006.pdf

      Delete
    2. @උදිත,

      මා අදහස් දැක්වූවේ ඔබේ කොමෙන්ට් 1 සිට 4, එතරම් අති සරල ආකාරයෙන් විදුලි ක්ශේත්‍රයට (electricity sector) යෙදිය නොහැකි බව කීමටයි. ඔබේ පැහැදිලි කිරීමට ස්තුතියි.

      ඔබට හැකිනම් -ඔබ කී ලෙස- මෙය කල හැකි බව සහ මෙසේ කිරීමෙන් මිල අඩු කල හැකි බව එසේ කරන ලද රටවල අද්දැකීම ඇසුරින් දත්ත සහිතව පෙන්වන්න.

      ඔබ නිර්දේශ කර ඇති ලියවිල්ලේ ඉතාම පැහැදිලිව ඒ ක්‍රියාවලිය සහ අරමුනු විස්තර කර තිබෙනවා තමයි. නමුත් ඒ අරමුනු එලෙසින්ම ලැබුනාද නැද්ද යන්න අපැහැදිලියි. මිල වෙනස්වීම, පලදායිතාව, සේවාවේ තත්වය ආදිය ගැන වැඩිදුර අධ්‍යයනය කලයුතු බව නේද එහි සඳහන් වෙන්නේ? (පිටුව 21)

      රටවල විදුලි ක්ශේත්‍ර ප්‍රතිසංස්කරන ගැන මැදහත් විශ්ලේශනයක් මෙන්න. එහි ඔබ සඳහන් කරන UK මොඩලය ගැනත්, එවැනි ප්‍රතිසංස්කරන වලදී අවසංවර්ධිත රටවල් මුහුන පාන ගැටලු ගැනත් සඳහන් වෙනවා.
      http://www.sml.hw.ac.uk/documents/HW_DP_2013_01.pdf

      මාග්‍රට් තැචර් එංගලන්තයේ බලශක්ති දෙපාර්තමේන්තුව සම්පූර්නයෙන්ම පුද්ගලිකකරනය කලේ එංගලන්තයෙ ඒ කියන්නෙ වෙනස් ආර්ථික, ඓතිහාසික තත්ව, වෙනස් සංදර්භ තුල නේද? එයින් ගත හැකිදේ තිබෙනවා තමයි. තැචර් නෝනා ලංකාවෙ හිටියනන්....එයාගෙ නම උනත් මාග්‍රට් නෙමෙයි නිකන් චන්ද්‍රිකා වගේ එකක් නේ!

      - Dimithri

      Delete
  9. //මෙය කල හැකි බව සහ මෙසේ කිරීමෙන් මිල අඩු කල හැකි බව එසේ කරන ලද රටවල අද්දැකීම ඇසුරින් දත්ත සහිතව පෙන්වන්න.//
    මේක අනුන්ගේ බ්ලොග් එකක කමෙන්ට් එකකින් කරන්න අමාරුයි දිමිත්‍රි දත්ත විශ්ලේෂණය පිලිබඳ මුලික දැනුමක් මුලින් ලබාදෙන්න ඕනෑ වෙනවා මේක පැහැදිලි කරන්න. මොකද විදුලිය සඳහා ඇති ඉල්ලුම හැමදාම වැඩිවෙමින් යන එකක් එතකොට හැමදාම මිල යම්කිසි තරමකින් වැඩිවෙමින් යනවා ඉල්ලුම වැඩිවෙන හින්දා මේ වැඩිවීම අවම කරමින් වැඩි කාරක්ෂමතාවකින් විදුලිය නිෂ්පාදනය කරන සැපයුම් කරුවන්, පාරිභෝගිකයින්ට තරඟකාරී සැපයුම් කරුවන් තෝරාගැනීමට ඇති හැකියාව පිලිබඳ දත්තයි කියවන්න වෙන්නේ.
    ලංකාවේ බොහෝ දේවල් එංගලන්තය අනුව ගිහින් හැදිලා තියන නිසා මම එංගලන්ත මොඩලය ගැන කිව්වට මම පුද්ගලිකව එංගලන්තය වගේ විදුලිය ලිබරලයිස් කරන්න text book model එක අන්ධව පාවිච්චියට ගන්න ඕනෑ කියන්නේ නෑ අපේ රටට ගැලපෙන විදියට comprehensive වෙන්න ඕනෑ.
    කරන ලද රටවල අද්දැකීම ඇසුරින් කියල මම කිව්වේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සහ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ දත්ත ඇසුරින්.
    මේ දත්ත බලන්න http://www.electricitywatch.org/
    බොහෝ දත්ත ඔන්ලයින් පෙන්වන්න නෑ
    මිට අමතරව ටෙක්සාස් ප්‍රාන්තය එංගලන්තයේ හා අජන්ටිනාවේ කරපු තොග වශයෙන් පූල් එකකට දාල බලශක්තිය විකුනනවා වෙනුවට ප්‍රාන්ත විදුලිය ද්වි පාර්ශ්වික කොන්ත්‍රාත් ක්‍රමයකට වෙළඳපොල නිදහස් කරපු ආකාරය සාර්ථක වුනා.

    ReplyDelete
    Replies
    1. ඔබේ බ්ලොගය තුල එසේ කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

      පුද්ගලිකකරනය, සුබසාධන කප්පාදු වැනි දේ ගැන නිරතුරුව පෙනීසිටින්නන් පොදු ජනප්‍රිය සමීකරන වලින් එපිට ගොස් (එහෙම කලොත් මෙහෙම වෙනවා වැනි දේ මිස ) ඒවා සාර්ථක වී ඇති අන්දම උදාහරන දත්ත සහිතව පෙන්වන්නට ඉදිරිපත් නොවේ.

      උදිත එසේ නොවනු ඇතැයි සිතමි.

      -Dimithri

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා