කල්‍යාගේ අවුරුදු සුබපැතුම

කල්‍යා
ජනාධිපතිතුමා ඇතුළු අපේ යාළුවෝ රැසක් අවුරුද්දට සුබපැතුම් එවලා තිබුණා කෙටි පණිවුඩ ඔස්සේ. මාත් ඉතින් ඒ යාළුවන් අතරින් ජනාධිපතිතුමා හැර වෙනත් බොහෝ පිරිසකට අවුරුදු සුබපැතුම් යවලා නිවාඩුව ගත කරන්න දුරකථන සංඥා දුර්වල ප්‍රදේශයක් බලා ගියා. සංඥා දුර්වල ප්‍රදේශයක් කිව්වාම සමහරු හිතයි කොළඹ කොටුවට ගියාය කියලා. මොකද, ෆෝ ජී කියලා පම්පෝරි ගැහුවාට කොළඹ මහජන බැංකු මූලස්ථානය පිටුපස ලංකා ගුරු සංගමේ කාර්යාලයට ගියාම ඩයලොග් සිග්නල් තියා ක්ලෝගාඩ්වත් නැහැ. 

හැබැයි ඉතින් ෆෝන් එකට සිග්නල් ආපු වෙලාවේ ඉඳලා ආපු එස්.එම්.එස්. ඔක්කොම කියෙව්වා. බොක්කෙන්ම ආපු සුබපැතුම් තමයි. ඒ වුණාට වැඩේ කියන්නේ එකම මැසේජ් එක කීපදෙනෙක්ම එවලා. ඒ කට්ටියේම ොකු එක වේ නිසා වෙයි. බලාගෙන යනකොට අවුරුදු සුබපැතුමත් කොපිකැට්. 

මේ අතරේ තිබුණු අතිශය නිර්මාණාත්මක අවුරුදු සුබපැතුමත් බලාගෙන ගියාම අමු අමුවේ කොපිකැට්. හැබැයි ඒක එවලා තිබුණේ අේ කල්‍යාේ දුරකථනයෙන්. ලන්ඩන් සඟරාවේ සංස්කාරකවරයකු වූ කල්‍යා ගැන මීට කලිනුත් මේ බ්ලොග් අඩවියේ ලිව්වානේ. අටුවා ටීකා අවශ්‍ය නැහැ. අවුරුදු සුබපැතුම මෙහෙමයි: 

Oba Samata Suba Nawa Vasarak Weva! Ungal Anaivarukkum Puththandu Nalvalthukkal! Wish You All a Very Happy New Year! 
Kalya and President Mahinda Rajapaksa

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. යකෝ කල්‍යෘට හරිගියා එහෙනං :)

    ReplyDelete
  2. Kalyata hari giyaa apita gu giyaa

    ReplyDelete
  3. දීප්ති අයියා ඔබ කොහෙද අයියා!! ..... අයිය මුන් සෙට්වෙලා අයියා!!!. (හොද වෙලාවට ත්‍රිමානේ වහල නැත්නම් දර්ශනයේ තැවරූ කුණුහරුප වැලයි)

    ReplyDelete
    Replies
    1. Excellent prediction........
      "හොද වෙලාවට ත්‍රිමානේ වහල නැත්නම් දර්ශනයේ තැවරූ කුණුහරුප වැලයි"

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා