සිංහලයන් යථාර්ථය තේරුම් ගන්න විනාශයක් ඉල්ලා සිටීම

කොළඹදී පැවැත්වුණු ජනමාධ්‍ය සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල වැදගත් ප්‍රකාශයක් කළා. ඒ තමයි, ලංකාවට නවදිල්ලියට වඩා වැදගත් තමිල්නාඩුවය කියන එක. 

තමිල්නාඩුව හොඳින් තියාගන්න ඕනැනම් 'ශ්‍රී' ලංකාව හෙවත් සිංහල මූලික රාජ්‍යය දෙමළ ජනයාට සාධාරණව සලකන්න ඕනැ. ඒක වෙන්න නම් රාජ්‍යයේ සිංහල මූලිකත්වය වෙනස් වෙන්න ඕනැ. සියලු ජාතීන්ගේ සමානත්වය තහවුරු වෙන්න ඕනැ. දෙමළ කතා කරන ජනයා ඇතුළු සුළුජාතීන් ලංකා රාජ්‍යයේ සැබෑ පාර්ශ්වකරුවන් පිරිසක් බවට පත් කරගන්න ඕනැ.

හොඳයි, 'ශ්‍රී' ලංකාව එසේ කරගන්න අසමත් වුණොත් කුමක් වේවිද? සිංහල නායකයෝ බලාපොරොත්තු වන්නේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව හැමදාමත් තමිල්නාඩුව එක්ක කරන සෙල්ලම මෙහෙමම පවතියි කියලා. තමිල්නාඩුවේ දෙමළ දේශපාලකයන් තමන්ගේ ජනතාවත් සමග කරන සෙල්ලමත් හැමදාම මෙහෙමම පවතියි කියලා. ඒත්, දැන් මේක එක්තරා උච්ච ස්ථානයකට ඇවිත් තිබෙන්නේ. තමිල්නාඩුවේ බලපෑම තවදුරටත් නොතකා හරින්න බැරි තැනකට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව එන්න කිට්ටුයි දැන්. ඒ තත්වය තුළ ලංකාවටත් එක්සත් ජාතීන් සමග කරන සෙල්ලම හැමදාම මෙහෙම කරගෙන යන්න පුළුවන්ද යන ප්‍රශ්නය එනවා. පිටින් හිරවෙනකොට ආණ්ඩුවට තේරේවි තමන්ගේ ජනතාව එක්ක කරන සෙල්ලමත් හැමදාම කරගෙන යන්න අමාරු බව.

ලංකාව තේරුම් ගත යුතුයි අපට චීනයට වඩා ඉන්දියාව වැදගත් බව.

ආණ්ඩුව හා දේශපාලන බලය හිමි, එහෙත් දැඩි හීනමානයකින් පෙළෙන සිංහල ජනතාව තේරුම් ගත යුතුයි අපට වැදගත් වන්නේ අපේ රටේම මිනිසුන් සමග සමගිය ගොඩනඟාගන්න එකය කියන කාරණය.

සිංහල ජනතාව මේ යථාර්ථය තේරුම් ගන්න විනාශයක් ඉල්ලා සිටින එක ඉතාම අවාසනාවන්ත තත්වයක්.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ආන්ඩුව පිස්සු කෙලින්නේ. තාමත් දෙමළා හිටපු තැනමයි. ඒ මදිවට අපේ බූරූවෝ ට්‍රිප් යවනවා ගොන් ආතල් ගන්න. මීට වඩා බිද්ධිමත්ව මේ ප්‍රශ්ණය විසඳිය යුතුමයි...

    ReplyDelete
  2. හරි දැන් මොකද කරන්න කියන්නේ.යුද්දෙ තියන කාලෙත් ඔය ගොල්ල කිව්ව ඔහොම බෑ කොටිය ඉස්සරහ දන ගහන්න ඕන.අනේ කොටි රාලහාමි ඔයාල බස් පුපුරවනව සාධාරණයි තමයි.ගම් වලට පැනල පොඩිදරුවො කපන කොටන එක් සාධාරණයි තමයි කියල වැද වැටෙන්නනෙ

    එහෙම කියපුව අහන්නෙ නැතිව යුද්ධ කළා.දැන් කියනව මානව හිමිකම් කඩ වුනාලු.එහෙමනම් ඇමරිකන් කාරය කරන වැඩ හරිද? ඔය හැම නීතිම පොඩි රටවලට විතරද?
    බැරි වෙලාවත් මේ ආන්ඩුව වැටුනොත් ඊට පස්සෙ යුද්දෙ කරපු එකත් වැරදියි කියල මතය හදන්නෙ මේ ලිපිය ලිව්ව ඊලාම්වාදිය වගෙ අය තමයි

    ReplyDelete
  3. ආණ්ඩුවට එවැනි සබෑ අවශ්‍යතාවයක් නැහැ. තිබෙන බවක් පෙනෙන්නත් නැහැ. සිංහල-දෙමළ සමගිය ඇති කරාවීයැයි වත්මන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ....

    ReplyDelete
    Replies
    1. තව දෙයක් ඇමරිකාව වාගේ කොහේවත් ඉන්න එවුන්ට මැදට පනින්න අවස්තාව නිර්මාණය කරන්නෙත් ආණ්ඩුව.

      Delete
  4. පෝස්ට් එකට අදාළ නැත. කාලීන වැදගත්කම සලකා පළ කරන මෙන් ඉල්ලමි.

    මේ වන විට බ්ලොග් අවකාශයේ ඇනෝ කමෙන්ට් වලට ඉඩ දෙන බ්ලොග් සංඛ්‍යාව අත් දෙකේ ඇඟිලි සංඛ්‍යාවට සමාන වී තිබේ. මත වාරණයක් නැතැයි පොර ටෝක් දුන් මාතලන් පවා මත වාරණයක් ආරම්භ කර තිබේ. ඉතාම අසීරු අවස්ථාවන්ට මුහුණ දෙමින් පවා මත වාරණයක් නැතිව ඇනෝ කමෙන්ට් පළ කිරීමේ අවසරය ලබා දී තිබෙන්නේ පහත බ්ලොග්කරුවන් පිරිස පමණකි. ඔවුන්ට අපේ උපහාරය පුද කරමු.

    1. කතන්දරකාරයා
    2. උදිත ‍ගේ අන්තර්ජාල සටහන
    3. Reargate
    4. බුවාගෙ සිතිවිලි
    5. W3Lanka
    6. ඇනෝනිමස් ආතල්
    7. රාමචන්ද්‍රගෙ අඩවිය
    8. දයල් බතී
    9. රාජ්ගෙ නවාතැන
    10. ලංකා ජ්‍යොතිෂ අරණ

    එසේම නිදහස් මත ගලනය අවහිර වන ආකාරයට ඉදිරියේදීද කමෙන්ට් වාරණය නොකරන්නැයි මේ බ්ලොග්කරුවන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ඔබද මත වාරණය කරන්නේ නම් අපේ හඬට කිසිම ඉඩක් නොලැබෙනු ඇත.

    අදහස් පළ කිරීමට බාධා කරන කිසිම බ්ලොග්කරුවකුට නිදහස් මත පළ කිරීම වෙනුවෙන් පෙනී සිටිය නොහැකි බව අවධානය කරමු.

    ReplyDelete
    Replies
    1. ඔබ සමඟ එකඟ වෙමි.මාද බ්ලොග් නොලියන,කියවීම පමණක් කරන අයෙකි. පසුගිය දින වලදී බ්ලොග් වල ඇනෝ අවහිර කිරීමට සිදුවීම සම්බන්දව බ්ලොග් කරුවන්ටද ඉතාම සාධාරණ හේතු තිබේ.කුණුහරුප පුද්ගලික, මඩගැසීම් ආදිය නිසා බ්ලොග් වල ඇනෝ අවහිර කළා විය යුතුය.නමුත් මගේ අදහස නම් මේ කුණුහරුප කොමෙන්ටු වලට වගකිවයුත්තේද බ්ලොග් ලියන්නෝමය බවය.මෙය බ්ලොග් ලියන්නියන්ටද අදාළ වන බව කියමි.කෙසේවුවත් අපවැනි පුර්ණ ඇනොනිමසයන්ට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැතිව ගිය බව කිවයුතුය.මා නම් බ්ලොග් කරුවන්ගෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නොඉල්ලමි.ඇනෝ අවහිරකර නැති බ්ලොග් වල අදහස් ප්‍රකාශ කරමි.එසේම එවන් බ්ලොග් කරුවන්ට හිසනමා ආචාර කරන අතරම.ඇනෝ අවහිර කර ඇති බ්ලොග් කරුවන් සම්බන්දවද අහිතක් නැති බව කියමි.

      Delete
    2. බොහෝම කනගාටුයි ඇනෝ.. වෙන කල හැකි දෙයක් නැත. දැන් එම කොමෙන්ට් දැමුවේ ලංකෝනිස් නම් මහත්මයකු බව හඳුනාගෙන ඇත. ඔබත් සත පහක් හෝ වියදම් නොවනා ප්‍රෝෆයිලයක් සාදාගෙන අදහස් දක්වන්න. කොටින්ම මාතලන් යන මාද ඇනෝවෙකි.. එම තීරණය ගැනීමට සිඳුවූයේ මාගේ රසිකයින් විශාල පිරිසකගේ ඉල්ලීමට කන් දීමට සිඳුවූ බැවිනි. ඒ ගැන මගේ කනගාටුව ප්‍රකාෂ කර සිටිමි. ගේට්ටුව ඇරලා තිබුනම. මොන ජාතියේ සත්තු ආවත්, පිස්සු බල්ලො එන එක එතන ඉන්න මිනිස්සුන්ට හොඳ නෑනේ. ඒ නිසා ගේට්ටුව වැහුවා.

      Delete
    3. මාධ්‍ය නිදහස නැතැයි ආණ්ඩුව පතුරු ගසන අපේ මහා ප්‍රගතිශීලි බ්ලොග්කරුවන් බ්ලොග් තුල ඒකාධිපතියන් මෙන් හැසිරෙමින් වාරණ පැනවීම මාර ප්‍රජාතන්ත්‍රවාදිය. නිදහස්කාමිය.සුන්දරය , අපූරුය.

      Delete
    4. @ කළාමැදිරියා
      සම්පූර්ණ කුණුහබ්බයෙන් ලියූ කොමෙන්ට්ස් වලටත් ඔබ ඉඩ දෙනවාද... මාධ්‍ය නිදහස හා සබ්‍යත්වය යනු විශයයන් දෙකකි. සමහර විට ඔබට දරුවන් නැති කෙනෙකුන් විය හැක. මගේ අඩවිය බලනා අය අතර පාසක් දරුවන්ද සිටී. අප ඔවුනට ආදර්ශයක් විය යුතුය. කුණුහබ්බයක් කිව්වට කමක් නෑ. නමුත් ඒකත් කියනා සීමාවක් තියෙනවා. ඔබට නැති උනාට. අපට වගකීමක් තියෙනවා.

      Delete
    5. කුන්හරුප කියන්නේ මොනවාද මාතලන්? එහෙම බැලුවොත් ඔයාගේ බ්ලොග් පඩංගුවේ තියන ඒවායින් 95% කුනුහරුපනේ, අනේ ඔයා පොඩිඋන්ට කතා ලියන බව අපි දන්නේ නැනේ. අර පල්ලියේ පුජකයින්ගේ ලින්ගුවේ සීනු එල්ලන එක ලිවුවෙත් පොඩිඋන්ටද? එතකොට අර සුරාන්තය එහෙම, ඔක්කොම ලියන්න ගියොත් කොමෙන්ට් එක වැල පත්තරයක් වෙනවා. ඔයාට කන්න ඕන උනාම ඕන බලු බෙට්ටක් සොසේජස් කරන එකයි දෙමළුන්ට ජාතික සමගිය දෙසාබාල මුසල්මානුවන්ගේ රීරි මාංශය ඉල්ලන්න එකයි බලන් ඉන්න අප්පිරියයි හරිම ගුජුප්සවයි. ඔයාට කියල වැසිකිලියක් තියන එකේ එතන රෙන්නකෝ තැන් තැන් වල රෙන් නැතුව.ගදයි බන්.

      Delete
    6. ඔයා මොකටද බබෝ ඒවා කියවන්නේ.. පොඩි ලමයින්ට ඒවා බලන්න එපා කියලා දාලා තියෙනවනේ උඩින්ම..

      Delete
    7. @මාතලන්
      අනේ මාධ්‍ය සභ්‍යත්වය වැක්කෙරෙනව,එහෙම දැම්මාම ඔයාගේ පැත්තේ සිරිමත්ලා ඒවා බලන්නැතුව ඇති නේ. අනේ සදු ..., ඒ ඔක්කොම අය බොදු බල සේනාවේ ඇකඩමියට ගිය අයද? මම මේ පහන් සංවේගයට පත්වෙන්න ඇහුවේ.

      Delete
    8. මොන ධර්මෙන් ආවත් කුණුහබ්බ වලට ඉඩක් නැත. මට ඔයාලා ගැන දුකයි.

      Delete
    9. මොනාද කියන්නේ ඔයාගේ බ්ලොග් පඩන්ගුවේ කොමෙන්ට් දාන්න අපිට හරි පුකේ අමාරුවක්නේ තියෙන්නේ. අපි ඔයාට කියන්න හැදුවේ දඩමස් බුදින ගමන් අනිත් අයට බන කියන්න එපා කියන එක. එක දුකකට වඩා විහිළු සහගතයි! බලන් ඉන්න කැතයි!

      Delete
    10. ඔයා මගේ බ්ලොග් එක ගැන දන්නේ, පත්තරේ තිබුනද මෙයා...

      Delete
    11. කැලැ පත්තරවල තියෙන්න ඕන විස්තර පත්තර වල දන්නේ නැනේ මෙයා.අනික ඔයාගේ විස්තර පත්තරේ දැමොත් ඒක වැල පත්තරයක් වෙනවනේ නේද ?

      Delete
  5. සටහනේ සාරාංශය : දකුණු ඉන්දියාවේ දෙමල ජාතිවාදීන් එම ආණ්ඩුවට බලපෑම් කිරීම ඉතා සාදාරන අතර එයට බයවී අප ඔවුන්ට අවශ්‍ය දේ කල යුතු ය

    ReplyDelete
  6. //ලංකාව තේරුම් ගත යුතුයි අපට චීනයට වඩා ඉන්දියාව වැදගත් බව//
    මේක තමයි පැරකුම් මෙතන කියා ඇති වැදගත්ම දෙය දැන් මේක ඉහත කමෙන්ට්කරු වගේ බහුතර ලාංකික කෙනෙක්ට වචනයෙන් කිව්වට මනසට තේරෙන්නේ නැහැ එයා හිතන්නේ එයාගේ නොතේරුම් යාම එයා තේරුම් ගන්නේ මේ විදියට ළමයි දෙන්නෙක් ඉන්න සිංහල පැරකුම් කියන්නේ අවජාතක ඊළාම් වාදියෙක් ඒකයි මේ වගේ කතා කියන්නේ කියල. ඉහත අයගේ නොදන්නාකම කපටි පාලකයින්ට ආශිර්වාදයක්. මුන්ට කිව්වම අන්න කොටියා ඉන්නව කියල මුන් හරක් වගේ පාලකයින්ට ඕනෑ ඕනෑ පැත්තට දක්කන්න පුළුවන් පාලකයින් වෙනුවෙන් නොකා නොබී ඉන්න උනත් ලෑස්තියි. හැබැයි මේ හරක් රැලත් අන්තිමේ නතරවෙන්නේ මස් කඩේ තමයි. මේ අයට මේක තේරෙන්නේ මස් කඩේට මේ අයත් විකුනපු දවසට විතරයි.

    ReplyDelete
  7. නිමා වු යුද්ධයට වටිනාකමක් දිමට අද නොහැකි වි ඇත්තේ මනා ලෙස සැලසුම් කර ගත් සාධාරණ චින්තනයකට වඩා පුද්ගලික මත ඔස්සේ යන නිසා සහ දරා ගැනිමට නොහැකි සංවර්ධනයක් පෙන්වමින් ලොකයාට ණය විමය.

    ReplyDelete
  8. මේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය දැන් අංජබජල්. (එහෙම එකක් තියෙනවද කියලා මේ වෙන දේවල් බලපුවහම හිතෙනවා) යුද්ධය කාලෙ ආයුධ ගන්න සහ ජාත්‍යන්තරව, විශේෂයෙන් ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල්වලින් එන අභියෝගයන්ට මුහුණ දෙන්න චීනයටයි රුසියවටයි හෙත්තුවුනා. ආණ්ඩුව තවමත් සිටින්නේ එතනමයි. ලෝකයේ පොලිස්කාරයා ඇමෙරිකාවයි. ඒක අකමැත්තෙන්හෝ පිළිගන්න වෙනවා. මෙතැනදී පොලිසිය මොනවාකලත් ඒක හරි. දැන් බලන්න ඊශ්‍රායලය ගිහින් උඩින් බෝම්බ දල ළමුන් ඇතුලු සිවිල් වැසියන් මරනවා, රුපවාහිනියේ සජීවීව පෙන්වනවා. නමුත් ඇමෙරිකාව මොනවද කරන්නේ? ලංකාවේ මිනිස්සු මේවාට විරුද්ධව කෑගහනවා. නමුත් වියයුත්තේ පොලිසිය ශේප් කරගැනීමයි. අනිත්පැත්තෙන් ඉන්දියාව, කලාපයේ පොලිස්කාරයා. මේ පොලීසි දෙකම නැතුව ආණ්ඩුව චීනය දිහා බලාගෙන ඉන්නවා. නමුත් චීනයෙන් ලංකාවට නිකම් නයක්වත් දෙන්නේ නැහැ. දැන් ඉතින් විදේශ ප්‍රතිපත්තියත් අනිත් හැමඑකම වගේ පවුලේ ප්‍රශ්නයක් නිසා අපිට ඉතින් පවුල දිහා බලා සිටීම හැර වෙනත් කිසිවක් නැහැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා