ලසිත් මාලිංගගේ ගොන්පාට් හා ජනමාධ්‍ය ටිරිකිස්

"පැහැදිලිවම කිව යුතුයි මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා.මගේ රැකියාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් ක්‍රීඩා කර සල්ලි හම්බ කිරීමේ වැරැද්ද මොකක්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව ගැන මොකවත් කතා කර නැහැ.හැබැයි කිව යුතුයි, මම ක්‍රීඩා කරන්නේ සල්ලි නිසා. කව්රුහරි නිකම් ක්‍රිකට් ගහනවා නම් එක ලොකු දෙයක්." - ලසිත් මාලිංග (2012 අප්‍රේල්)
ලසිත් මාලිංග ජනමාධ්‍යවලට පාට් දමන වීඩියෝ දර්ශන ඔබ දකින්නට ඇතැයි සිතමි. මේවා අන්තර්ජාලයේ ප්‍රකට නිසා හා අප මෙවැනි අඥානයන් අගය නොකරන නිසා එය මෙහි නැවත පළ නොකරමි.

ඇත්තෙන්ම මෙම සිද්ධිය මාධ්‍ය හැසිරීම හා මාධ්‍ය ඉදිරියේ ක්ෂණිකව ප්‍රසිද්ධ වූ පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳ සාකච්ඡා නිමිත්තක් සපයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ තමන් ලබන ලක්ෂ හතළිහකට අධික මාසික වැටුපට අමතරව ඔවුන්ට පිරිනැමෙන දීමනා හා වරප්‍රසාද කප්පාදුවට එරෙහිව ඉදිරි වර්ෂය සඳහා ගිවිසුමට අත්සන් නොකර තෙපරබාමින් සිටියහ. එහෙත්, ඇමති මහින්දානන්ද අලුත්ග‍මගේ දැම්මේ එක සැල් එකකි. මේ ක්‍රිකට් වීරයෝ පිත්ත කඩුල්ලේ දැවටී දැවීගිය පිතිකරුවන් පිරිසක් සේ පෝලිමේ පැමිණ ගිවිසුම අත්සන් කළහ.

ක්‍රීඩා ඇමතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කී දේ සරළව මෙසේය. 'උන්ට බැරිනම් යන්න කියපල්ලා. වෙන එවුන් ටිකක් ගනිල්ලා.'

ඇත්තම කීවොත්, පළපුරුදු ක්‍රීඩකයන් කීපදෙනෙකුගේ හැර අන් අයගේ හිස්තැන් පුරවන්නට හැකි ක්‍රීඩකයෝ ඕනෑතරම් එළියේ සිටිති. ස්පර්ශ නොවූ කුසලතා පූර්ණ ක්‍රිකට් ක්‍රීඩකයෝ ද දිවයිනේ තව බොහෝ සිටිති.

Nobody is indispensable කිසිවෙකු නැතිවම බැරි නැත යන්න ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය විසින් ඕනෑතරම් ඔප්පු කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් තේරෙන ක්‍රමවේදය පාරදෘෂ්‍ය නැත. නිදසුනක් ලෙස පානදුර මහානාම විද්‍යාලයේ ක්‍රීඩකයකු වන අකිල ධනංජයට ජාතික කණ්ඩායමේ දොරටු විවර වන්නේ මහේලට ඔහු නෙත ගැටුණු නිසාය. මහේලගේ හෝ වෙනත් එවැනි ක්‍රිකට් දිව්‍ය රාජයකුගේ නෙත නො‍ගැටෙන දස්කම් ඈත යාපනයේ හෝ දෙබරවැව හෝ මතුගම හෝ තිබේ.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියට යාම තනිකරම නයි හා ඉනිමං ක්‍රීඩාව වැනි දෙයකි. ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්, අකිල ධනංජය වැනි අය ඉනිමං හමු වූ අයයි. තමන්ට වී තිබෙන දෙය මේ අයටම දරාගැනීමට බැරිය. ගම්වල බෝල ගසමින්, රස්තියාදු වෙමින්, රස්සා හොයමින්, ත්‍රිරෝද එළවමින්, බැරි වුණොත් හමුදාවට යන්න සිතා සිටි කොල්ලෙකුට හිටි ගමන් හතර වටින් කැමරා ඇල්ලෙනකොට, සල්ලි වැසි වසිනකොට, සුදු ලස්සන කෙල්ලන් තමන් හා යහන්ගත වන්නට පොරකන විට තමන්ට සිදු වූ දේ සිතාගන්නට බැරිය.

ඔලුවල වෙන දෙයක් නැති නිසා අහංකාරය, උඩඟුකම, මාන්නය පිළිකාවක් සේ මොළයම වෙළාගනියි. ලසිත් මාලිංගගේ ගොන්පාට්වලින් ප්‍රදර්ශනය වන්නේ එයයි. ඔහුගේ අවමානයට ලක් වන්නේ මේ දිනවල පුවත් හිඟකම නිසා කවුරුත් දන්නා අවසානයක් තිබූ ක්‍රිකට් ගිවිසුම් කතාව ඉස්සූ ජනමාධ්‍යකාරයෝය. මොවුන් මේ ගිවිසුම අත්සන් කරන බව නොදැන සිටියානම් ඒ අය මාධ්‍යකරුවෝ විය නොහැකිය. සාමාන්‍ය පාඨකයෝ පවා එහි නාට්‍යමයබවක් දුටුවේ නැත. ඒ නිසා කාර්වලින් බහිනකොට කැමරා අල්ලාගෙන ඉන්නට තරම් දෙයක් මෙහි තිබුණේ නැත. ලසිත් මාලිංගටද මම මෙච්චර පොරක්ය කියා හිතෙන්නට ඇත්තේ ඒ නිසාය.

හැබැයි මේ සිද්ධිය මෙසේද විග්‍රහ කළ හැකිය. පුවත් නැතිව සිටියදී ලසිත් මාලිංග උණුසුම් පුවතක් නිර්මානය කර දෙන ලදී. වේලෙමින් සිටි ජනමාධ්‍ය ඒ ගැන මාලිංගට ස්තුතිවන්ත විය යුතුය. ඔවුන් ගිවිසුම අත්සන් කළ බව කීවානම් හා කුමාර සංගක්කා‍ර සේ රාජ්‍ය තාන්ත්‍රික ලෙස අදහස් ප්‍රකාශ කළානම් ජනමාධ්‍යවලට සිදුවන්නේ නිකම්ම වේලෙන්නටය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. වෙල් බැලන්ස් පැරා.... මේ තමයි ඇත්ත... හැබයි උන්ගේ පඩි නඩි එළි කරන්න තරම් සදාචාරයක් පරන ක්‍රිකටර්ස්ලාට තියා කාටවත් නෑ.. උන් හම්බ කරන්නෙ උන්ගෙ ටැලන්ට් එකෙන්.. පාළක මණ්ඩලය ප්‍රකෝටි ගනන් හම්බ කරන්නේ විකාෂණ අයිතීන් විකිනීමෙන්.. කෝ ඒ සල්ලි. ඇයි ජඩ මාද්දිය වේදීන්ට ඒවා පෙන්නේ නැත්තේ.. කෝ සල්ලි කාපු ඩී ඇස් ද සිල්වයි, දන්දෙණියයි.. ක්‍රිකටර්ස්ලා විතරද ගෑණු රට සවාරි ගෙනියන්නේ.. ඔය ක්‍රිකට් මැච් එකක් මෙහේ තියෙන දවසක් උන් ඉන්න හෝටලේට ගියාම බලාගන්න පුළුවන්.. කී දෙන්ක් නම් මේ කොල්ලො නිසා කනවද කියලා.... හැබයි ඉන් මාෆියාවක් ලෙස ක්‍රියා කිරීමටත් මා විරුද්ධයි...

    ReplyDelete
  2. රත්නසිරිMarch 6, 2013 at 10:13 PM

    ලංකාවේ පඩත්තර මාධ්‍ය නඩයට හොඳ පාඩම.උන් ගිහිං එක එකාගේ ලැප් ටොප් වලටයි පොලි නැති ණයවලටයි ඇඹරිලා පඩත්තර ආණ්ඩුවට කඩේ යන කොට මාලිංඝයාගෙන් හරි ඔහොම අහ ගත්ත එක ලොකු දෙයක්.දැන් වත් ඔය පස් පඬංගු මාධ්‍ය නඩ පාරට ආවෝත් හොඳයි නැත්නං රෙදි නැතුවයි කන්න වෙන්නේ.දැන් ගොං සිරසට කවුරුත් ගහලා නෑනේ.....කෙලී මහරාජා අතේ ගහලා.........

    ReplyDelete
  3. Kavuruvunoth tension vela inna kota ohoma kathakaranava thamai. Ape school sir banina kota api silent eke inne eka tharum gaththa hinda thamai. evagema Lasith malinga tension vela inna eka denagenama media eyage passe gihilla mahama prashna ahapu eka varadhiy. Egollan api vanuven, ape rata vanuven kochchara mahansi venavada? api eka agaya karanna one.

    ReplyDelete
  4. ලසිත් මාලිංග උඬගු පොරක් විය හැක නමුත් එය ඔහුගේ අයිතියකි කිසිවෙකු බබාලා මෙන් අනේ මාලිංග අපිත් එක්ක හිනාවුනේ නෑ නිහතමානී උනේ නෑ කියා හිත රිදවාගත යුතු නැත. මට නම් පන්දු යවන විට සිටින මාලිංග හැර පුද්ගලිකව ජිවත් වන මාලිංග ගෙන් වැඩක් නැත. මගදී හමුවූ විට මාලිංග මාව ගනන් ගත යුතු නැති මෙන්ම මා මාලිංග ගන්න ගන්නේද නැත. දැන් මිනිහෙක්ට බනින්න පුළුවන් කාටද කියන එකත් ආණ්ඩුව සහ ෆේස් බුක් පොරවල් සහ බ්ලොග් කාරයන්ද ද තීරණය කරන්නේ. යකෝ පැපරාසි වගේ කැමරා මයික් උස්සන් ගමනක් යනකොට ප්‍රශ්න අහන්න එන එකෙක්ට සැරෙන් කතාකරන්නත් බැරි රටක්ද මේක.

    ReplyDelete
    Replies
    1. මාත් මේක ගැන ලියුවා
      http://udithame.blogspot.com/2013/03/blog-post.html

      Delete
    2. 100% true.W3 balanda awe meka balance karala liyala athi kiyala hithala.balapuwama Parath punchi molayak thiyana madya karayek.

      Api yanwad ape rassawata adala jathi hari, padiya hari, lokka ekka aragath ekak hari madyata kiyand.Maling kaleth eka.

      Delete
    3. well said bro- machan mata ubawa hamba wenna barida. ohoma hithana minissu ape rate hareema adui. niyamai- elakiri macho ube darshanayata :)

      Delete
  5. ඔවුන්ට ලැබෙන මුදල් සහ වරප්‍රසාද පෙන්නල, මිනිසුන්ගෙ හිත් වල තියෙන උපතින්ම ගෙනාව ඉර්ෂියාව වැඩි කිරීම තමයි දැන් කරන්නේ. මාලින්ගට ටිකක් සන්සුන්ව කතා කරන්න තිබුන. හැබැයි, මේවට බනින මිනිස්සුන්ගෙ සදාචාරය කොහෙද තියෙන්නෙ කියල පොඩ්ඩක් හිතල බැලුවොත් හොදයි. ක්‍රීඩකයන්ගෙ මුදල් කප්පදු කරල ඒවත් යටි මඩි ගහනව කියල ඇස්පනාපිට පෙනෙද්දි හා කමක් නෑ කියන්න තරම් පාරමිතා පුරන මිනිස්සු නෙමෙනෙ මෙතන ඉන්නෙ, ලෝක කුසලානෙ වෙලාවෙ මුදල් වලට උනේ මොනාද කලෙ කියල කිසි කෙනෙක් දන්නේ නෑ. මාලිංග බීච් එකේ ක්‍රිකට් ගහ ගහ ඉදල එදා වේල අමාරුවෙන් කෑව කොල්ලෙක් තමා. දැන් කෝටි ගනනින් හම්බ කරනවත් තමා. ඒකට ප්‍රදානම හේතුව උගෙ තියෙන හැකියාව. මේ වෙන හැම දේම ඉවසල ඉවසල රොශාන් මහානාම, අසංක ගුරුසිංහ වගෙ ක්‍රිකට් දාල යන තරමට එපා වෙලා සදා කාලික වීරයො වෙන එකද, හොඳ මෙහෙම හරි කමක් නෑ ප්‍රශ්න විසඳ ගන්න එකද හොඳ කියල පොඩ්ඩක් හිතල බලන්න…

    ReplyDelete
  6. // දිව්‍ය රාජයකුගේ නෙත නො‍ගැටෙන දස්කම් ඈත යාපනයේ හෝ දෙබරවැව හෝ මතුගම හෝ තිබේ.//

    මෙව්වට හිනා වෙන්න ඕනි කොහෙන්ද?

    අනේ පරාජිත මාක්ස්වාදියගෙ තියරි.... මහින්ද උගෙ ගමට සලකන එක වැරදියි... නමුත් මතුගම කබ්බන්ට දෙන්න ඕනි රජ සැලකිලි....

    මේකත් මර්වින් ජේ. කුරේ තියරිය වගේ එකක්ද?

    නමුත් කතාවෙ සාරාන්ශෙට එකගයි....

    ReplyDelete
    Replies
    1. සහෝදරයා, ඔබ නොදන්නවා වුණාට දෙබරවැව තියෙන්නේ හම්බන්තොට තමයි. එහේ හොඳ වේග පන්දු යවන්නෝ ඉන්නවා.

      Delete
  7. තමන්ගේ මාධ්‍ය සගයන්ගේ ඔලුපලනකොට කකුල් කඩනකොට මහදවාලේ මරාදානකොට නෑට්ට දෙපරෑන්දේ ගහගෙන හිටපු නපුන්සක මාධ්‍ය ගණිකාවෝ ටික ලසිත් මාලිoග ව අල්ලගෙන ඌව පට්ට ගහන්න ලොජික් ඵක මොකද්ද කියලා තමා තේරුම්ගන්න ඔන.ලසිත්මාලිoග ලග සල්ලි තිබුනට සුදුපාට වෑන් ඌලග නෑති නිසා වෙන්න ඈති මාධ්‍ය පිoපියො ටික මෙච්චර උඩ පනින්නේ

    ReplyDelete
  8. අපේ මාධ්‍ය හරි අහිංසකය. "තමංගේ වැඩක් බලං යනවා ඕයි" කිව්වත් හරියට තරහ යනවා ය. ඒ ඔවුන් නොකරන්නේ ඒ දේම නිසා දැයි ගැටළුවකි. පොඩ්ඩක් හරි ප්‍රසිද්ධ එකෙක්, කෙල්ලෙක් එක්ක ටිකක් වැඩිපුර හිනා උනත්, පාටියකට එකට ආවත්, පෞද්ගලික ගමනක් ගියත් ඒවා තලු මරමින් පොටෝ කෑලි දෙක තුනක් එක්කම රටටම විස්තර කරන්නේ ඔය රංකිරි කටින්මය. ඒවා සෑහෙන්න වටිනා ප්‍රවුත්තිය, කොටින්ම රටේ දැවෙන කිසියම්ම හෝ ප්‍රශ්නයකට වඩා වැදගත්ය. වවා කෑ හැකිය. පසුව එවුන්ගේ පවුල් ජීවිත අවුල් උවහොත් ඒවාද, අග්‍ර ප්‍රතිපලය ලෙස දික්කසාද නඩුවද එක සේ ආවරණය කළ හැකිය. හිට්ස් වලින්ද අඩුවක් නැත.

    අනෙක් අතට සිංදු කියන්න පුලුවන් එකා ඒක විකුණං ජීවත් වෙන එක, ඉගෙන ගන්න පුලුවන් එකා ඉගෙනගෙන ඒක මාකට් කරන එක, බොරුකියන්න- කෑ ගහන්න පුලුවන් එකා පාර්ලිමේන්තු ගිහින් ඒක විකුණං කන එක මෙච්චර කල් කිසිම අවුලක් නැතුව කෙරුණු දේවල් නේ. ක්‍රිකට් ගහන්න පුලුවන් එකා ඒක විකුණන්නෙ නැත්තං ඌ අහවල් එක මාකට් කරන්නද? රටට තියන ආදරේ වෙනුවෙන් මාලිංගට අඩු පඩියට සෙල්ලම් කරන්න කියන උන්ගෙන් මම අහන්නෙ ඉස්සෙල්ල උඹලා ඒ ආදරේ වෙනුවෙන් 10%ක් අඩු පඩියට වැඩ කරන්න කැමතිද හෙට ඉඳල?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා