හලාල් අවුලෙන් කූරගල ආක්‍රමණයට

බොදු බල සේනාව හලාල් සහතික ඉවත් කිරීම ආරක්ෂක ලේකම්වරයා හරහා පොලිසියට භාර දී  දැන් අලුත් දිශාවකට යොමු වෙමින් සිටියි.
මාර්තු 17දා මහනුවරදී පැවැත්වුණු බොදු බල සේනා රැළියේදී ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පැවසූ පරිදි ඔවුන් මීළඟට අත ගසන්නට යන්නේ කූරගලින් මුස්ලිම් පල්ලියක් ඉවත් කිරීමේ ව්‍යාපෘතියකටයි. බලහත්කාරයෙන්, හිංසාවෙන් එය ඉවත් කර අවිහිංසාවාදී බුදු හිමියන්ගේ තෙමඟුල යෙදෙන දින කූරගල වන්දනාවේ යන්නට මෙම භික්ෂුව බෞද්ධයන්ට ආරාධනා කළේය. 

කූරගල වනාහි බලංගොඩ පැත්තේ වන මැද පිහිටි ගල්ලෙනක පිහිටුවන ලද පැරණි මුස්ලිම් පල්ලියකි. මෙම පල්ලිය බොහෝ ඈත කලක සිට පවතින එකක් බවට සාක්ෂි තිබේ. ඒ හා ආශ්‍රිත අභිචාර හා පුරාවෘත්ත රැසක් තිබේ. ශ්‍රීපාදය දක්වා ගමන් මාර්ගයක් ආසන්නයේ පිහිටා තිබෙන්නට ඇතැයි සිතිය හැකි මෙම ස්ථානයට වසර දහසකට පමණ පෙර ඉස්ලාම් ශාන්තුවරයකු වන ජයිලානි පැමිණි බවට ඇති විශ්වාසය මත මෙම පල්ලිය ඔහුගේ නමින් නම් කර තිබේ. එසේම මුස්ලිම් වෙළෙන්දෝ ක්‍රිස්තු පූර්ව සමයේ සිටම මැණික් සොයා සබරගමුවට එන්නට ඇතැයි සිතිය හැකිය. ‍දහවන සියවසට අයත් මුස්ලිම් ජාතිකයකුගේ සෙහොන් ගලක් 1922දී මෙතැනින් සොයාගෙන ඇති බව වාර්තා වේ. මුස්ලිම් දේශ ගවේශකයකු වන ඉබ්න් බතූතාගේ ලේඛනවලද මෙම ස්ථානය යයි අනුමාන කළ හැකි තැනක් ගැන සඳහනක් ඇති බවද කියැවේ.

මෙම ස්ථානයේ කටාරම් කොටන ලද ලෙන් විහාරයක් අතීතයේ තිබූ බවට සාධක, චෙත්‍යයක නටබුන් හා සෙල්ලිපි වැනි පුරාවස්තු රැසක්ද තිබේ. 

අපි මෙම ස්ථානය දැක හෝ ඒ පිළිබඳ ඓතිහාසික අධ්‍යයනයක් කර නැත. එය අපට අදාළද නැත. මුලින් උපන්නේ කිකිළිද, බිත්තරයද වැනි ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට අපට අවශ්‍ය නැත. අප සිටින ස්ථාවරය වන්නේ මෙතැන වර්තමානය දක්වා අඛන්ඩව පැවති මුස්ලිම් සංස්කෘතික උරුමයක් ඇති බවයි. මෙහි ඇති පැරණි බෞද්ධ ඉතිහාසයද අපි ප්‍රතික්ෂේප නොකරමු.

එහෙත්, ‍පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් සාධක මිස මෙම ස්ථානයේ සැලකිය යුතු තරම් වැදගත්, අඛන්ඩ බෞද්ධ සංස්කෘතික උරුමයක් පැවති බවක් නොපෙනේ. එසේ තිබුණත්, අපගේ ස්ථාවරය වන්නේ මුස්ලිමුන් අපේ රටේම, අපේ සහෝදර ජාතියක් නිසා, ජාතික සහජීවනය වෙනුවෙන් සිංහල බෞද්ධයෝ මුස්ලිමුන්ගේ උරුමයට ගරු කර ඔවුන්ට සිය කටයුතු කරගෙන යාමට ඉඩ දිය යුතු බවයි.මන්ද, මෙතැන අනුරාධපුර පූජා නගරය තරම් බෞද්ධයන්ට අතිශය වැදගත් ස්ථානයක් නොවන නිසාය.

අතීතය යනු හැමවිටම උරුමය පිළිබඳ යුක්ති සහගත සාධකයක් වන්නේ නැත. අප අතීතය විග්‍රහ කරන්නේද වර්තමාන අවශ්‍යතා අනුවයි. අතීතයට වඩා වැදගත් වන්නේ වර්තමානය බවට එම කරුණම දෙස් දෙයි.

වර්තමානයේ සිංහලයෝ කටයුතු කළ යුත්තේ සිංහල ජාතියේ උන්නතිය වෙනුවෙන් මිස විනාශය වෙනුවෙන් නොවේ. බලය හා ධනය වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය අවුස්සන පටු මතධාරීන් පිරිසක් විසින් මේ කරමින් ඉන්නේ ජාතියේ විනාශය මතින් සිය පෞද්ගලික අභිමතාර්ථ ඉටු කරගැනීමේ ව්‍යාපෘතියකි. ඔවුන් ‍ඒ විනාශය සැලසුම් කර තිබෙන්නේ ඉතිහාසයක් පුරා ලෝකය සමග ඉතා යහපත් සම්බන්ධයක් තිබූ, ඒ ඔස්සේ පෝෂණය වූ සංස්කෘතියක් හිමි සිංහල ජාතිය ජාත්‍යන්තර වශයෙන් හුදකලා කර දැමීමෙනි.

සිංහලයිනි, ජාතික සමගියේ නාමයෙන් කූරගල අවුලට ඉඩ නොදෙන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. මගේ පෞද්ගලික මතය නං ඉස්ලාම් කියන්නේ ආගමක් නෙමෙයි. ඒ තමයි ආගමක් වේශයෙන් එන ත්‍රස්‌තවාදය. එය කොපමණ මිලක් ගෙවා හෝ නවතා දැමිය යුතු දෙයක්.


    දැන් කියයි මේක බෞද්ධ රටක්, අනිත් ජාතීන්ට සාධාරණව සලකන්න කියලා. මට කමක් නෑ ලංකාව එහෙමත් නැත්තං මුළු පෘතුවියම ඉස්ලාම් නැතිව ක්‍රිස්තියානි, හින්දු, බෞද්ධ ආදී ඕනි ආගමක් අදහන අයගේ පාලනයට නතු උනාට,හැබැයි මුස්ලිම් ත්‍රස්‌තවාදීන්ගේ පාලනයට නතු නොවී.

    මා වෙනත් ඕනෑම ජාතියකට ගරු කරනවා. ඉස්ලාම් ත්‍රස්‌තවාදයට හැරෙන්නට. ලංකාව මේ මොහොතේ ඊශ්‍රායලය සමග එක්කාසු වී ත්‍රස්‌තවාදය පැරදවිය යුතුය. කොහොමත් ඔය ඉස්ලාම් ත්‍රස්‌තවාදීන් 1000කට වඩා ඒක ඊශ්‍රායල්කාරයෙක් වටිනවා. උන්ට මොලේ තියෙනවා.

    චෙෆ් දී කුසින්

    ReplyDelete
    Replies
    1. "කොපමණ මිලක් ගෙවා හෝ.." යන ප්‍රකාශයෙන් උග්‍ර ජාතිවාද උමතුව ඇති බව පෙනේ.

      ඉස්ලාම් ආගමක් නොවන බව මීට වසර දහයකට පමණ පෙර අසන්නටවත් නොලැබුන අදහසකි. නමුත් දැන් දැන් බටහිර ඉස්ලාම් විරෝධී න්‍යාය පත්‍ර ඇති උදවිය එවැන්නක් පුන පුනා පවසති. ජාතිය රැක ගැනීමට කියා නීතිය අතට ගන්නා උදවිය දැන් ඒ අන්තවාදී සුද්දන්ගේ අදහස් ගෙඩි පිටින් ගිල ඇති බව පෙනේ.

      Delete
    2. //මට කමක් නෑ ලංකාව එහෙමත් නැත්තං මුළු පෘතුවියම ඉස්ලාම් නැතිව ක්‍රිස්තියානි, හින්දු, බෞද්ධ ආදී ඕනි ආගමක් අදහන අයගේ පාලනයට නතු උනාට,හැබැයි මුස්ලිම් ත්‍රස්‌තවාදීන්ගේ පාලනයට නතු නොවී.//

      ++++++++++++++

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  2. මෙයට අනුව අනගාරික ධර්මපාල තුමා බුද්දගයාව බේරා ගැනීමත් ජාති වාදී ආගම් වාදී ක්‍රියාවකි !!!

    ReplyDelete
    Replies
    1. බුසුන් බුද්ධත්වය ලබාගත් තැනත්, කුරගලත් සමාන වන්නේ කෙසේද?

      Delete
    2. සිද්දස්ථානයක් නම් සිද්දස්තතානයක්මයි. ඇයි වැදගත්කමක් මනින්නේ?

      Delete
    3. AnonymousMarch 18, 2013 at 8:48 AM
      ගස් ගල් ලෙන් ආරාම වන්දනා කරාම නිවන් යනවද?

      Delete
    4. නිවන් යන්න බැහැ , හැබැයි ඒවා අපේ සංස්කෘතියේ දේවල්. ආගමක් වේශයෙන් එන ඕනෙම රෙද්දකට ඉඩ දෙන්න කියලද ඔයාල කියන්නේ. මුසල්මානුවන්ට මිනීමරන්න හොඳයි කුරාන පාඨ කිය කිය . අනිත් එක මෙහෙ ඉන්න මුස්ලිම්ලට ඕනේ අරාබිය මෙහෙට ගෙන්න මිසක් අපේ සංස්කෘතියත් එක්ක සහයෝගයෙන් ඉන්න නෙමෙයිනේ. ඔයාල කියන සහයෝගය අන්තවාදී සහයෝගයක්. ඔයාල කියන විදිය තමන්ගේ අම්ම, බිරිඳ, දුව උනත් ඕනේ කෙනෙකුට දෙන්න ඕනේ. සහයෝගයෙන්. Sahan.

      Delete
  3. //සිංහලයිනි, ජාතික සමගියේ නාමයෙන් කූරගල අවුලට ඉඩ නොදෙන්න. //

    මා දන්නා තරමින් කුරගල ලංකාවේ බොහෝ මුසල්මානුවන්ට වැදගත් ස්ථානයක් නොවේ. එනිසා කුරගල ප්‍රශ්නය, කුරගලට ආවේනික ප්‍රශ්නයක් ලෙස නොදැක, සමස්ත මුසල්මානුවන් කෙරෙහි ද්වේශය ඇති කිරීම සඳහා දඩ මීමා කර ගැනීම හෙලා දැකිය යුතුය. මීට මාස කීපයකට කලින් කුරගලින් මුස්ලිම් නමදුම් ස්ථාන ඉවත් කර ගැනීමට එතන මුස්ලිම් ජනතාව එකග වුනා නේද? තවද අසාද් සාලි වැනි මුස්ලිම් මන්ත්‍රීන් එම ප්‍රශ්නය සාකච්චාවෙන් විසදිය හැකි බව ප්‍රකාශ කර තිබියදී ප්‍රශ්නය වණ කිරීම අවශ්‍ය නොවේ. හලාල් සහතිකය සම්භන්ධයෙන් හෝ ගැහැණුන්ගේ රෙද්දක් සම්භන්ධයෙන් ප්‍රශ්න ඇති කල උදවියගේ අපේක්ෂාව ප්‍රශ්න විසදීම නොව ප්‍රශ්න වණ කර කෑම බව පැහැදිලිය.

    ReplyDelete
  4. ඉතා වැදගත් විදිහට කරුණු කාරනා හරියට ලියල තියෙන වැදගත් ලිපියක් කියල කියන්ට කැමතියි.. මේ ඔය බොදු බලු සේනා නිකන් ට්‍රෙන්ඩ් එක පස්සේ ගිහිල්ල ළඟදීම ලංකාව ලේ විලක් කරලා තමයි උන්දලා පස්ස ..බලන්නේ. කාලකන්නි..!!!

    ReplyDelete
  5. මෙම ලිපිය කියවූ විට ඇති වන්නේ දුකකි. කල කිරීමකි. ශ්‍රී ලංකාවේ ඉපිද, සිංහල බස ඉගෙන ගෙන ශ්‍රී ලන්කාවටම කෙළවන්නට සදන ඔබ වැනි සිංහලයන් ජාතක වී ඇත්තේ හොරි බල්ලෙකුටම මිස වෙන කිසිවකුට නෙවේ.


    මුස්ලිම් පල්ලිය සදා ඇත්තේ බෞද්ද සිද්දස්ථානයක් මතනම් එම සිද්දස්ථානයේ ඇති වැදගත්කමේ තරම මැනීමට අවශ්‍යද?
    එසේ කිරීමෙන් පෙනී යන්නේ ඔබගේ ඇති බෞද්ද විරෝදී බවයි.
    වරද කර ඇත්තේ බෞද්ද සිද්දස්ථානයක පල්ලිය සෑදු මුසල්මානුවන් නෙමේද? ඇයි ඔවුන් කර ඇති වරද ගැන වචනක්වත් කියා නැත්තේ?

    ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම කැඩූ සැටි ඔබට මතකද? මේ වන්නේත් ඒ වගේ දෙයක් නෙමේද? මෙවන් දේවල් වලට ඉඩ දී බලා සිටියොත් පසු දිනක මුහුදු මහා විහාරය ඩෝසර් කිරීමට අවා සේ රුවන් වැලි සෑය ඩෝසර් කරන විට ඔබ වැනි නිවටයින් පවසයි බෞදයන්ට පොලොන්නරුවේ ඇති සිද්දස්ථාන හොදටම ඇති කියා.

    "මුලින් උපන්නේ කිකිළිද, බිත්තරයද වැනි ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට අපට අවශ්‍ය නැත." ඔබ එසේ නොකරන්නේ එතන මුලින් තිබුවේ බෞද්ද සිද්දස්ථානයක් බව හොදවාකාරම දන්නා නිසා. ඔබේ ඇති කුහක කම එයින් පෙනේ.

    ඔබ කුරානයේ ඇති දේ විමසිල්ලෙන් බලන්න. . අන්යාගමිකයන් මැරීමට පවසන ආගමක් වෙනුවෙන් ඔබ කෑ ගසන්නේ ඔබේම අනාගත පරම්පරාවේ ගෙල සිද්ධ දමන්නටය. (ඔබ තම්බියෙක් නොවේනම්)

    මුසල්මනුවන්ට ලංකාවේ ඇති නිදහස ඔවුන් පැතිරී ඇති ආකාරයෙන් පෙනේ. ලංකාව පුරා ඇති පල්ලි ප්‍රමාණයෙන් පෙනේ. නැගෙනහිර මුස්ලිම් ගමක පාරක් අයිනේ බුදු පිළිමයක් තියන්න අපිට පුලුවන්ද? කෝ උන්ගේ ආගමික නිදහස.? ඇයි ඒ ගැන කතා නොකරන්නේ?



    "එසේම මුස්ලිම් වෙළෙන්දෝ ක්‍රිස්තු පූර්ව සමයේ සිටම මැණික් සොයා සබරගමුවට එන්නට ඇතැයි සිතිය හැකිය. ‍දහවන සියවසට අයත් මුස්ලිම් ජාතිකයකුගේ සෙහොන් ගලක් 1922දී මෙතැනින් සොයාගෙන ඇති බව වාර්තා වේ. මුස්ලිම් දේශ ගවේශකයකු වන ඉබ්න් බතූතාගේ ලේඛනවලද මෙම ස්ථානය යයි අනුමාන කළ හැකි තැනක් ගැන සඳහනක් ඇති බවද කියැවේ. "

    සිතිය හැක, වාර්තා වේ, බවද කියවේ, ඔක්කොම සාක්ෂි නැති ඔබේ වාසියට මවා ගත් දෑ.



    කුහක නොවී මද්යස්තව බලන්න.

    ReplyDelete
  6. ඔබට ලැබෙන මුදලට ඔබ මුසල්මානුවන්ට කරන සේවය (කඩේ යාම) මදි බව පෙනේ. මව පියා විකුණා හෝ මුදල් සොයන්න උත්සාහ කරන්න.

    ReplyDelete
    Replies
    1. පවු ඉවාන් පවුලූෂා!

      Delete
  7. ඔබ කියනා කරුණු සත්‍ය නම් බොබසේ ආක්‍රමණය වහාම නවත්වා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන ආරක්ෂාව සැසිය යුතුයි. නැත්නම් අනෙක් ප්‍රදේශයන්හී මුස්ලිම් පල්ලිවලටත් ප්‍රශ්ණ ඇතිවිය හැකියි. කෙසේ හෝ මුස්ලිම් ආගමික ස්ථානවල අතක් තැබීමට හෝ ඇතුල්වීමටවත් ඉඩ නිදිඔය යුතුමය. එවන් ගැටළු සහගත තත්වයක් ඇත්නම්. එය අධිකරණ ක්‍රියා මාරගයකින් විසඳනු විනා. ආක්‍රමණය කිරීම විසඳුම නොවේ.

    ReplyDelete
  8. ජනාධිපතිතුමාට මේ අවුල විසඳීමට ඇති හොඳම මාර්ගයනම් කුරගල රජයට පවරාගෙන චීනයට විකුණාදැමීමයි.

    ReplyDelete
  9. අජිත් පැරකුම්@ ඔබ ඉතාම අගතිගාමී ප්‍රකාශයක් කරන්නේ.ඉතාමත් පැරණි බෞද්ධ නටබුන් අතර 1920 දී පමණ මුස්ලිම් ආගමික ස්ථානයක් ඉදිකිරීම සාධාරණ වන්නේ කෙසේද?මෙතන තියෙන්නේ ඉස්ලාම් ආක්‍රමණයක් බව කිවයුතුය.මෙම බ්ලොගය සම්බන්දව තිබු විශ්වාසය මෙවන් අගතිගාමී ලිපිවලින් නැතිවෙන බව කිවයුතුය.

    ReplyDelete
    Replies
    1. correct,මෙපමණ දවසක් මෙම බ්ලොගය කියවීමි, නමුත් අදහස් පලකලේ අදයි, සාධාරණ මද්‍යස්ථ බ්ලොගයක් ලෙස සිතා සිටියත් සැඟවුණු න්‍යාය පත්‍රයකට අනුව ලියන බව පෙනීයයි, තවත් අන්වර් මනතුංග කෙනෙකි.

      Delete
    2. ඉවාන් පවුලූශා චුටියා ඔයාට වයස කියක් විතර ඇද්ද? කොමෙන්ට් කොටන්න පස්සේ පුළුවන් කොල්ලෝ අඩුගානේ මුලින් විභාග ටික ඉවරකරලා ඊටපස්සේ යමක් කමක් කියවල හිටහන්කෝ.

      අර ඔයාගේ ප්‍රොෆයිල් පින්තුරේ ඉන්න ගොබිලෝ දෙන්න ගැන ඔයා මොනවාද දන්නේ සුදා?

      Delete
    3. මම නම මුකුත් දන්නේ නෑ පැටියෝ, හැබැයි, anonymous එන්න තරම් නපුංසකයෙක් නෙවෙයි, ලොකු මහත්තයෝ,

      Delete
    4. මම හිතුවේ ඉවාන් පවුලූශා කියන්නේ අන්වර්ථ නාමයක් කියල ( එකත් anonymous තමා). දැන්නේ දන්නේ එක ඔයාගේ ඇත්ත නමකියල. කොහොමද කෙස් එක සිද්ද උනේ අම්ම රුසියාවේ ගියාද, රුසියන් කාරයෙක් ගෙදර ආවද? අර ඔයාගේ ප්‍රොෆයිල් පින්තුරේ ඉන්න ගොබිලෝ දෙන්නව දාන් ඉන්නේ තාත්තව මතක් වෙන්නද?

      කලිනුත් ඔයාට කිවුවේ එක තමයි, මුලින් යමක් කමක් කියවල තේරුම් ගන්න පුළුවන් විදියට අධ්‍යාපනයක් ලබාගනින් පස්සේ anonymous කියන එකේ තේරුම හොයාගනින් ඊටත් පස්සේ පොර ටෝක් කොටපන්. අනෙක් එකාගේ පඩ ගද හොයන්න කලින් උබ ඉන්න ගු වලෙන් එලියට වරෙන්.

      Delete
    5. වැදගත් උගත් මහතාගේ තරම කතාවෙන් පෙනේ,ඔබ වැනි උගතුන් රටට සම්පතකි,අද රටේ වැඩිමනත් සිටින්නේ ඔබ වැනි උගතුන්ය,ඔබගේ උගත් කතා විලාශයට අනුව නම් ඔබ ලෝකයේ විශිෂ්ට සරසවියක උප කුලපති කෙනෙකු බව පෙනේ, ඔබේ අම්මාගේ මිම්මෙන් අප පව්ලේ උදවිය මනින්නට යාම විහිළුවකි, ඔබ කුඩාකල සිට ඔබේ අම්මගේ හැසිරීම් දකින්නට ඇත, අහෝ දුකකි, ලොව සියලු අම්මලා ඔබේ අම්මා මෙන් නොවේ.

      Delete
    6. ඔබ වැනි උගත් අයෙකුට යමක් කියා දීමට සිදුවීම ගැන සමා වෙන්න , මෙය ඔබේ නොදැනුවත්කම නිසා සිදුවූවක් නොව අතපසු වීමක් නිසා සිදුවූවක් විය හැක.ඉවාන් පව්ලූශා නමේ link එක උඩ click කර බලන්න. මගේ සියලු විස්තර දැකගත හැක,එහෙයින් මෙය ඔබ මෙන් සැඟවී වීරයෙක් වීමට දරන ප්‍රයත්නයක් නොවේ,මා දරන මතය ප්‍රකාශ කිරීමක් පමණි. ඔබ වැනි පිම්පියන් අද සමාජයේ ඇති තරම් දකින්නට සිටින බැවින් මගේ වටිනා කාලය ගණිකාවන්ගේ පුතුන්ට උත්තර බැඳීමට මින්පසු වැය නොකරන බව දන්වමි. සංවාදයට (හරවත් සහ බුද්ධිමත් යමක් කීමට ඔබ අපොහොසත් වූවත්)එළඹීම ගැන ස්තුති කරමි, අවසන්වතාවට කිවයුත්තේ හීනමානයට මේ වනතෙක් බෙහෙතක් සොයාගෙන නැති බවය. ලබන ආත්මෙදීවත් ඔබට ගණිකාවකගේ පුතෙකු නොවී උසස් උපතක් ලැබේවා.

      Delete
    7. අහා...සිංහල ජාතියේ ගැලවුම් කරුවට මළපැන කොමෙන්ටුවක් පුරාවටම බෙටි හලා ඇති හැඩයි. අන්තර්ජාලයේ අනන්‍යතා සොයන අක්ඥාන අධම තකතිරුවණනි අපි කොහොමද දන්නේ පව්ලූශා නමේ link එක උඩ click කරාම එන විස්තර ඔක්කොම ඇත්තද ඔයාගේ අප්සට් ජාතකේ වහගන්න කරපු මවා පැමක්ද කියල.
      හැම නපුන්සකයෙක්ම හිතන්නේ අනිත් හැමඒකාම වූ ඌ වගේ පිම්පියෙක් කියල, හීනමාන කාරයෙක් කියල. ඒවගේම ජාතකේ අප්සට් හැම පජාත ඩයල්එකක්ම කරන විදියට ඔයා අනෙකවත් සැකකරලා තියනවා. ඔබේම වූ අත්මගත පැතුමක් වාක්‍යයේ අගට එකතු කොට ඇති බැවින් ඔබ පැතු ලෙසටම ඔබට ලබන ආත්මෙදීවත් ගණිකාවකගේ පුතෙකු නොවී උසස් උපතක් ලැබේවා!

      Delete
    8. උපුටා ගැනීම "අපි කොහොමද දන්නේ පව්ලූශා නමේ link එක උඩ click කරාම එන විස්තර ඔක්කොම ඇත්තද ඔයාගේ අප්සට් ජාතකේ වහගන්න කරපු මවා පැමක්ද කියල" උපුටා ගැනීම අවසන්,

      උපුටා ගැනීම "ඒවගේම ජාතකේ අප්සට් හැම පජාත ඩයල්එකක්ම කරන විදියට ඔයා අනෙකවත් සැකකරලා තියනවා" උපුටා ගැනීම අවසන්.

      තමන්ගේ තත්වය පිළිගැනීමට තරම් නිහතමානී වීම ගැන තුති.

      Delete
    9. උපුටා ගැනීම"මව පියා විකුණා හෝ මුදල් සොයන්න උත්සාහ කරන්න."උපුටා ගැනීම අවසන්

      උපුටා ගැනීම"ඔබේ අම්මාගේ මිම්මෙන් අප පව්ලේ උදවිය මනින්නට යාම විහිළුවකි, ඔබ කුඩාකල සිට ඔබේ අම්මගේ හැසිරීම් දකින්නට ඇත, අහෝ දුකකි, ලොව සියලු අම්මලා ඔබේ අම්මා මෙන් නොවේ" උපුටා ගැනීම අවසන්.

      උපුටා ගැනීම "ඔබ වැනි පිම්පියන් අද සමාජයේ ඇති තරම් දකින්නට සිටින බැවින් මගේ වටිනා කාලය ගණිකාවන්ගේ පුතුන්ට උත්තර බැඳීමට මින්පසු වැය නොකරන බව දන්වමි" උපුටා ගැනීම අවසන්

      උපුටා ගැනීම "අවසන්වතාවට කිවයුත්තේ හීනමානයට මේ වනතෙක් බෙහෙතක් සොයාගෙන නැති බවය. ලබන ආත්මෙදීවත් ඔබට ගණිකාවකගේ පුතෙකු නොවී උසස් උපතක් ලැබේවා" උපුටා ගැනීම අවසන්

      ඔබේ සැබෑ ස්වරුපය හා පවුල් පසුබිම හා උපතින්ම ගෙනා අමනත්වය ගැන උපේක්ෂාවෙන් බලනවාට වඩා කරන්නට දෙයක් නැත!.

      Delete
    10. උපුටා ගැනීම "ඔබේ සැබෑ ස්වරුපය හා පවුල් පසුබිම හා උපතින්ම ගෙනා අමනත්වය ගැන උපේක්ෂාවෙන් බලනවාට වඩා කරන්නට දෙයක් නැත!" උපුටා ගැනීම අවසන්.

      අහෝ මහදුරුතුමනි,ඔබ ගැන ඔබම කරන විචාරයන් ඔබම පල කරන අපූරුව,මෙපමණ කේන්තිගැනීම ඔබගේ මහලු වයසට හොඳ නැත,

      Delete
    11. ආ මේක අමතක උනා , අහා...මුස්ලිම් ජාතියේ ගැලවුම් කරුවට මළපැන කොමෙන්ටුවක් පුරාවටම බෙටි හලා ඇති හැඩයි, හඃ හඃ හා

      Delete
    12. අහෝ පින්පියාණනි ,ඔබ ගැන ඔබම කරන විචාරයන් ඔබම පල කරන අපූරුව,මෙපමණ කේන්තිගැනීම ඔබගේ මහලු වයසට ද හොඳ නැත,

      හඃ හඃ හා.............

      Delete
    13. මහා කොනකපාල හම්බ මහදුරුතුමනි,, කොපි නොකර අලුත් දෙයක් කරන්නට බලව,

      Delete
    14. "මහා කොනකපාල හම්බ මහදුරුතුමනි" මේ ඔබේ සැබෑ ස්වරූපයයි, වසන් කරන්නට හදන ජඩ බවේ ප්‍රතිබිම්බයයි. සහෝදර ජාතියක් හෙලා දකිනා පහත් කරනා නරුම බවේ අදොනවයි! ඔබ එළිදරවු වී අවසන්, දැන් අලුත් ප්‍රොෆයිලයක් හදාගන්න
      "මෙපමණ දවසක් මෙම බ්ලොගය කියවීමි, නමුත් අදහස් පලකලේ අදයි, සාධාරණ මද්‍යස්ථ බ්ලොගයක් ලෙස සිතා සිටියත්" වැනි බයිලා නොකියා තමුන් ඉතාම නරුම ජාතිවාදියෙක් බව කියන්න.

      පවු ඉවාන් පවුලූෂා! දැන් ඔයාගේ මානසික රෝගයට බෙහෙත් ගන්න!

      Delete
    15. "මලිත්ට ගහනකොට ඇයි චංචලා අඬන්නේ"
      " හම්බයින්ට බනිනකොට ඇයි මේ කොනකපාල මහදුරුතුමාට මල පනින්නේ" දැන්නේ තේරුනේ,සොරි හොඳේ, අලුත් ප්‍රොෆයිල් හදන්න වත්,කාටවත් හොයාගන්න බැරි විදිහට ඇවිත් ලොකු පොර ටෝක් දීලා හැංගිලා ඉන්න තරම්වත්, බියගුළු නපුන්සකෙයෙක් නොවෙමි,

      ප.ලි. "පවු ඉවාන් පවුලූෂා! දැන් ඔයාගේ මානසික රෝගයට බෙහෙත් ගන්න" පිස්සන් හැමවිටම තමාට හැර අනෙක් හැමෝටම පිස්සු බව සිතයි,එය පිස්සන්ගේ ස්වාභාවයයි.

      Delete
    16. බෝල බුරු පුතේ,මම ඔයාට මුල ඉදලම තේරුම් කරලා දෙන්න උත්සහ කලේ ඉවාන් පවුලූශා කියන්නේ අන්වර්ථ නාමයක් කියනඑක (තවත් anonymous වර්ෂන් එකක්). ඒ කියන්නේ ඔයා ඉන්නෙත් සැගවිලා ඔයාගෙම වචනවලින් කියනවනම් ඔයා නොම්බර එකේ " බියගුළු නපුන්සකෙයෙක්" ඒ මදිවට අනුන්ගේ පයියේ දිග පළල හොයන පිම්පියෙක්. තවත් අතකට අන්තර්ජාලය තුල අනන්යතා හොයනන් තරම් අක්ඥන තකතිරුවෙක්.

      හම්බයෝ කියන්නේ ඔයාගේ වත්තේ ඇතිකරන සත්තු ජාතියක්ද? ඔයාගේ ගෙදර අය ඔක්කොම මුසල්මනුවන්ට කියන්නේ "හම්බයෝ" කියලද? ඔබවැනි කාලකන්නින් නිසා රටක් රුධිරයෙන් නැහැවෙනු යුධයකින් වෙලා ගත් බව අමතකද? අනුන්ගේ ලින්ගයන්ගේ දිග පළල කොන කපා ඇති නැති බව ආදි විස්තර සෙවීම පරම්පරා ලක්ෂණයක්ද?

      ප.ලි. මානසික රෝගියෙකුට තමා මානසික රෝගියෙක් බව එත්තුගන්විම අසීරුය. මන්ද යත් වෛද්‍ය වරයාගෙන් පෙරලා පිස්සුදැයි අසන බැවිනි.

      Delete
    17. ඉවාන් පව්ලූශා යන්න අන්වර්ථ නාමයක් බව මම දනිමි, ඒත් එහිදී මගේ අනන්‍යතාවය සැඟවී නොමැත, (ඔබගේ වචන වලින්ම කියන පරිදි ""ඒවගේම ජාතකේ අප්සට් හැම පජාත ඩයල්එකක්ම කරන විදියට ඔයා අනෙකවත් සැකකරලා තියනවා" )ඔබ එය විශ්වාස කිරීම හෝ නොකිරීම මට අදාළ නැත.ඉතින් බියගුළු නපුන්සකයා කව්රුද කියා ඕනෑම කෙනෙකුට වැටහේ,
      හම්බයන් යයි කීම කුනුහරුපයක් හෝ වෙනත් විදිහකින් මුස්ලිම් ජාතිකයන් ට අපහාස වන වචනයක් ලෙස සිතා සිටීමෙන්ම ඔබේ සිංහල දැනුම ගැන සිනා පහලවේ,(කොහොමත් ඔයා සිංහල දැනගන්න විදිහකුත් නෑනේ),ඔබගේ මහාචාර්ය දැනුම උපයෝගී කරගනිමින් මුස්ලිම් ජාතිකයන්ගේ විකාශනය ගැන අධ්‍යනයක යෙදෙන්න, මුස්ලිම් ජාතිය කොතරම් වර්ගීකරණයන්ට ලක වෙනවාද කියා එවිට දැනගත් හැක.
      ලිං මැඩියා සිතන්නේ තමන් ලෝකය ගැන සියල්ලක්ම දන්නා බවයි, ලිඳෙන් පිටත ලෝකයක් තිබෙන බවවත් ඌ නොදනී,තමන්ගේ ජාතියට සිදුවන අසාධාරණයක් පෙන්වාදීමෙන් ජාතිවාදියෙක් වන්නේ නම් එම ජාතිවාදී ලේබලයට මම කැමතිවෙමි, කුමන හෝ මුස්ලිම් පාලනයක් තුල හිඳින්නට සිදුවූවානම්,ජාතිවාදී මටත්,හම්බ සහෝදර ඔබටත්(ඔබ නාමිකවහෝ සිංහලයෙක් බව උපකල්පනය කරමි.)ඔබේ මුසල්මානු සහෝදරයන් එකම හැන්දෙන් බෙදන බව තේරුම ගත හැකිවේවි.
      හැකියාවක් තිබේනම් නැගෙනහිර සංචාරයක් කර බලන්න, විශේෂයෙන්ම කල්මුණේ,සමන්තුරේ,ඔලුවිල්,අක්කරේපත්තු,නින්දවූර්,පාලමුණේ ආදී ප්‍රදේශ වල.

      ඔබගේ ප.ලි. සටහනට මාත් එකඟ වෙමි,

      Delete
    18. අමතක වුනා කියන්න, කෙන්තිගිය පලියට කුණුහරුප ලියන්න එපා,මොකද කොතරම් සැඟවී සිටින්නට උත්සාහ කලත් එයින් ඔබේ ජන්ම ගතිය එලියට එන නිසාවෙනි,

      Delete
    19. බුරු පුතා වෙත උපේක්ෂාවෙන්,

      "ඉවාන් පව්ලූශා යන්න අන්වර්ථ නාමයක් බව මම දනිම" එකියන්නේ ඔයා පිලිගන්නවා ඔයාගෙම වචන වලට අනුව ඔයා "ලොකු පොර ටෝක් දීලා හැංගිලා ඉන්න බියගුළු නපුන්සකෙයෙක් බව හා පිම්පියයෙක් බව". පස්සේ ඔයා හෙමිට කියනව "ඒත් එහිදී මගේ අනන්‍යතාවය සැඟවී නොමැත" කියල. මම අහන්නේ ඔයාගේ ප්‍රොෆයිල් එකේ අනන්‍යතාවක් කොහෙද තියෙන්නේ (අනන්‍යතාව යන්නේ තේරුම මුලින් හොයා ගනින්) එක තවත් අකුරු ගොඩක් නෙවෙයිද? සරලව කියනවනම් අන්තර්ජාලය තුල අනන්‍යතා සෙවීම ගොන් තකතීරු වැඩක්. බුරු පුතාට මේ සත්‍ය තේරුම් ගන්න තව කොච්චර කල් යයිද දන්නේනැ. එක හින්ද ප්‍රොෆයිල් එකක් හදාගෙන
      "ජාතකේ අප්සට් හැම පජාත ඩයල්එකක්ම කරන විදියට ඔයා අනෙකාගේ ජාතකේ" හොයන්න්නැතුව කරුණු මත අදහස් දක්වන්න.

      "හම්බයන්" යන්න ඔබ වැනි නරුම ජාතිවාදීන් විසින් මුසල්මානුවන් පහත් කිරීමට යොදාගන්නා වචනයක් තමා. එසේ නොවේනම් එය සාදක ඇතුව ඔප්පු කර පෙන්වන්න.

      ලෝකයම ගම්මානයක් වූ සමයක ජාතිය බදාගෙන තව ජාතියක් පගා දැමුමට තටමන ඔබ අනෙකුන්ට ළිං මැඩියා යයි කියනවිට ළිං මැඩියන්ට පවා පුකෙන් හිනා යනු නියතය. අනේ යකෝ සිංහල මිනිස්සු සමුහ වශයෙන් ඉන්න වෙනත් රටකට (Australia,New Zealand or other European Country) ගිහින් බලාපිය ඒ හැසිරීමත් කල්මුණේ,සමන්තුරේ,ඔලුවිල්,අක්කරේපත්තු,නින්දවූර්,පාලමුණේ මුසල්මනුවගේ හැසිරීමත් වෙනසක් නොමැති බව තේරේවි. සුළු ජාතින් රංචු ගැසීම මහා ජාතික පීඩනයෙන් මිදීමට සිදුකරන ස්වබාවික ප්‍රතීකයක්. නමුත් ඔබවැනි නරුම අමනයන් සිදුකරන්නේ ඇවිලෙන ගින්නට පැට්‍රොල් වත්කිරීමයි.

      "මානසික රෝගියෙකුට තමා මානසික රෝගියෙක් බව එත්තුගන්විම අසීරුය. මන්ද යත් වෛද්‍ය වරයාගෙන් පෙරලා පිස්සුදැයි අසන බැවිනි."

      මගේ ප .ලි සටහනට ඔබ එකග වීම ගැන මම සතුටු වෙමි.


      Delete
    20. මටත් අමතක වුනා කියන්න, ඔයා මොනවටද කුණුහරුප කියල කියන්නේ ? මගේ කොමෙන්ටුවක ඇති කුනුහරුපයක් උපුටා දක්වන්න බලන!

      Delete
    21. "එක හින්ද ප්‍රොෆයිල් එකක් හදාගෙන
      "ජාතකේ අප්සට් හැම පජාත ඩයල්එකක්ම කරන විදියට ඔයා අනෙකාගේ ජාතකේ" හොයන්න්නැතුව කරුණු මත අදහස් දක්වන්න."

      මට කියන දේ ඔබම කරන්න, අරුමය මේ කියන දේ ඔබට අදාළ බව ඔබට නොතේරීමයි,

      " තමන් කුණුහරුප ලියා තියෙන බව නොතේරෙන්නේ එය ඔබට සාමාන්‍ය දෙයක් නිසයි,කොහොමටත් ඔබ වැනි අවජාතකය්න්ට කුණුහරුප සාමාන්‍ය දෙයක් බව දනිමි,

      ජාතිය බදාගන්නේ ජාතකයක් තියෙන නිසාවෙනි, අවජාතකය්න්ට ජාතියට හෙන ගැහුවත් කමක් නැත,( ඔබ හම්බයෙක් නම් මෙය අදාළ නැත,එසේනම් ඔබ පෙනීසිටින්නේ ඔබේ ජාතිය වෙනුවෙන් නිසාවෙනි, එසේනම් මම ඔබට ගරු කරමි,මන්ද යත් ඕනෑම පුගලයෙකු තම ජාතිය වෙනුවෙන් පෙනී සිටියි,(ඔබ වැනි අවජාතයන් හැරෙන්නට)අඩුම තරමේ මම සිංහලයෙකු බවවත් ඔබ දනී, එහෙත් ඔබ මොන ජාතිකයෙකුද යන්නවත් මම නොදනී, ඒ ඔබ සැඟවී පහර දෙන්නට දක්ෂයෙකු බැවිනි,)

      "අනේ යකෝ සිංහල මිනිස්සු සමුහ වශයෙන් ඉන්න වෙනත් රටකට (Australia,New Zealand or other European Country) ගිහින් බලාපිය ඒ හැසිරීමත් කල්මුණේ,සමන්තුරේ,ඔලුවිල්,අක්කරේපත්තු,නින්දවූර්,පාලමුණේ මුසල්මනුවගේ හැසිරීමත් වෙනසක් නොමැති බව තේරේවි" මගේ රැකියාව අනුව මම European Countries කීපයකත් ඔස්ට්‍රලියාවෙත් සංචාරය කර ඇත,ඔබ කියූ කතාව සත්‍යයකි, ඒ හැම තැනකම මුසල්මනුවගේ හැසිරීමත් වෙනසක්නැත. වෙනස ඇත්තේ එම රටවල ස්වජාතිකයන්ගේය,ඔව්න් තුල තම ජාතිය පාවා දෙන්නව්න් නැත,
      යුරෝපයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින්නේ ප්‍රංශයේ ය , එහෙත් එරට නීතියෙන් පර්දාව පැළඳීම පවා තහනම්. ෂරියා නීතිය පිළිබඳව ඔස්ට්‍රලියා අගමැති Julia Gilad ගේ ප්‍රකාශය - " Australia is for Australians , If some one wants Shareeya they can leave our country " මෙවැනි දෙයක් අප රටේ නායකයෙක් කීවා නම් (ඔවුන්ද ඔබ වැනිම නපුන්සකයන් හෙයින් කිසිදා මෙවැන්නක් නොකියයි,) ඔබලා පස්ස උඩ දමාගෙන මුසල්මානු සහෝදරයන්ගේ අයිතිවාසිකම් ගැන කඳුළු හෙලනු ඇත.

      Delete
    22. ලංකාවේ නැගෙනහිරට ගොස් නැති ඔබ , ලෝකය අනෙක් රටවල් ගැන දන්නා තරම කියන්නට ගොස් නිරුවත් වී ඇති බව අවබෝධ කරගන්න,

      my dear friend There's a Latin Saying " if you want to see an end of the conversation with a fool ,let the fool to win"

      so I'll let you to win,

      Delete
    23. බෝල බුරු පුතේ,

      මම දහ අතේ කල්පනා කලා ඇයි උබට දෙයක් කියවල තේරුම් ගන්නවත්, කියනදෙයක් තේරෙන්නෙවත් නැත්තේ ඇයි කියල. පස්සේ තමා මට වැඩේ අහුඋනේ.

      උපුටාගැනීම බුන්දියෙන්,

      මොළයක් බද්ධ කරගන්න අවශ්‍ය වුණු රෝගියෙක් එකෝමත් එක පුද්ගලික රෝහලකට ගියා. එතන හිටපු දොස්තර කෙනෙක් රෝගියාව පරීක්ෂා කරලා, එයාට තේරීම් හතරක් දුන්නා. බද්ධ කරන්ට සූදානම් කරපු මොළ හතරක්. ඒවායේ විස්තර සහ මිළ ගණන් මෙහෙමයි.

      සිංහල ජාතිකයෙක්ගෙ මොළයක්- රු. මිලියන 5
      දෙමළ ජාතිකයෙක්ගෙ මොළයක්- රු. මිලියන 5
      මුස්ලිම් ජාතිකයෙක්ගෙ මොළයක්- රු. මිලියන 5
      ජාතිවාදියෙක්ගෙ මොළයක්- රු. මිලියන 500

      "දොස්තර මහත්තයෝ මේ අන්තිමටම තියන මොළේ මොකදෑ මේ හැටි ගණං?" රෝගියා ඇහුවා.

      "ඒක කවදාවත් විහිළුවටවත් ආසාවටවත් පාවිච්චි කරලා නෑ... ! ඒකයි." උපුටාගැනීම අවසන්.

      තව කෙනෙකුගේ ලියවිල්ලක චෙදයකින් වාක්‍යක් ගලවල අරගෙන එක ඔයාට ඔනවිදියට අර්ථදක්වන එක හරිම හිරිකිතයි නේද, එහෙම කරන්නේ ඔයාගේ කපල ධාරිතාව අඩුකමක ගැටලුවක් නිසාද? හරි අදහස මෙන්න මේකයි.
      "ලෝකයම ගම්මානයක් වූ සමයක ජාතිය බදාගෙන තව ජාතියක් පගා දැමුමට තටමන ඔබ අනෙකුන්ට ළිං මැඩියා යයි කියනවිට ළිං මැඩියන්ට පවා පුකෙන් හිනා යනු නියතය. අනේ යකෝ සිංහල මිනිස්සු සමුහ වශයෙන් ඉන්න වෙනත් රටකට (Australia,New Zealand or other European Country) ගිහින් බලාපිය ඒ හැසිරීමත්කල්මුණේ,සමන්තුරේ,ඔලුවිල්,අක්කරේපත්තු,නින්දවූර්,පාලමුණේ මුසල්මනුවගේ හැසිරීමත් වෙනසක් නොමැති බව තේරේවි. සුළු ජාතින් රංචු ගැසීම මහා ජාතික පීඩනයෙන් මිදීමට සිදුකරන ස්වබාවික ප්‍රතීකයක්" මෙතන "ඒ හැසිරීමත්" කියන්නේ සිංහල මිනිස්සුන්ගේ හැසිරීම. අහෝ උබට මේ සුලුදේ තේරුම් කරලා දෙන්න ගිය කාලය!

      Delete
    24. "මගේ රැකියාව අනුව මම European Countries කීපයකත් ඔස්ට්‍රලියාවෙත් සංචාරය කර ඇත" (කොපමණ කලකටද? දින කීපයකට ? LOL)කල්මුණේ,සමන්තුරේ,ඔලුවිල්,අක්කරේපත්තු,නින්දවූර්,පාලමුණේ ප්‍රදේශවලත් "සංචාරය" කර ලබාගත් තොරතුරු අනුවද මුසල්මානුවන් වර්ග සංහාරය කරන්න අදෝනා දෙන්නේ? ඔබවැනි නරුම ජාතිවාදීන් කරන්නේ "සංචාරක" හිතළු හා තොරතුරු මත තවත් ජාතියක් පාගාදැමුමට තැටමිමයි. විවිදත්වය විදදරා ගැනීමට නොහැකි ඔබවැනි ජඩයන්ට කල හැක්කේ දුපත්තුල හුදකලා වීම පමණි. අමු හෙළුවෙන් සිටගෙන අනෙකුන් නිරුවතින්යයි අදෝනාදීම පමණි. දුපතින් ලෝකයට
      සංචරය කරන්නට නොව ජිවත් වෙන්නේ එන්න!

      "යුරෝපයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින්නේ ප්‍රංශයේ ය , එහෙත් එරට නීතියෙන් පර්දාව පැළඳීම පවා තහනම්"

      උපුටාගැනීම,
      1. වසර ගණනක් තිස්සේ මෙරට සිංහල වර්ගෝත්තමවාදීන් විසින් සුරුවම් කරන ලද ජාත්‍යන්තර නිදර්ශනයක් වන්නේ ප්‍රංශය තුල මුස්ලිම් කාන්තාවන් හට සිය හිජාබ් පැළඳීම තහනම් කිරීමය. ඔවුන්ට අනුව එමගින් සිද්ධ වන්නේ එරට ක්‍රියාත්මක වන ක්‍රිස්තියානි නූතනත්වයේ ප්‍රධාන බව තහවුරු වීමයි. මේ ඉරිදා 'දිවයින' පුවත්පතේ චතුර පමුණුව මහතා නිවැරදිව සටහන් කර ඇති පරිදි යුරෝපයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින ප්‍රංශයේ හිජාබ් තහනම් වන අතර ලංකාවේ මුස්ලිම් කාන්තාවන් හට හිජාබ් තහනම් කෙරී නොමැත. මෙහි හැඟවුම පැහැදිලිය : අපද වහ වහා ප්‍රංශයේ ආදර්ශය අනුගමනය කල යුතුය.

      2. මෙයට වසර හයකට ආසන්න කාලයකට පෙර නලින් ද සිල්වා මහතා ප්‍රසිද්ධ විවාදයකදී පැවසුවේ ප්‍රංශයේ මෙය තහනම් කිරීමට එරෙහිව මෙරට සිටිනා "එක කණ්ඩායමක්" හෝ යුරෝපයේ සිටිනා "ඔවුන්ගේ හාම්පුතාලා" හෝ කතා නොකරන බවයි. සිල්වා මහතාට අනුව එයට හේතුව වූයේ ඔවුන් සියලු දෙනාම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ "සුනඛයන්" වීමයි.

      3. මෙවැනි අභියෝගයන් හමුවේ ලාංකික වාමාංශිකයන්ට පිළිතුරු දීමට නොහැකි විය. මක්නිසාද යත්, ඔවුන් සාතිශය බහුතරයකගේ විචාර අක්ෂය වන්නේ 'මානව හිමිකම්', 'නීතියේ ආධිපත්‍යය' වැනි ලිබරල් සංකල්පයි. එම නිසා ඔවුන් බොහෝ දෙනෙකු සිතන්නේ ප්‍රංශය යනු මෙරට මෙන් 'පසුගාමී', 'අශිෂ්ඨ' සමාජයක් නොව 'දියුණු සංස්කෘතියක්', 'උණුසුම් මිනිස් සම්බන්ධතා' තිබෙන සමාජයක් බවයි.

      බදියු ගේ ලිපිය කියවා, මේ අනුව, මෙම තල තුනක ආස්ථානයන් ගැටළුකාරී කිරීමට හැකි වෙයි. මෙමගින් 'හම්බයන්ට/තම්බීන්ට' දෙන්නට ඉන්න වීර සිංහලයන් බහුල සමාජයක, විමුක්තිය වෙනුවෙන් දේශපාලනය කිරීම පිළිබඳව ආලෝකයක් හිමි වන

      තවදුර කියවන්න මද්‍යස්ථානය"http://centrelk.blogspot.dk/2013/02/blog-post_10.html

      මෙකලියල තියෙන්නෙත් ඔයාටම තමා මේකත් බලන්න http://www.w3lanka.com/2013/03/blog-post_26.htmlhttp://www.w3lanka.com/2013/03/blog-post_26.html

      Delete
  10. ඇත්තටම හොද ලිපියක් ඔබගෙන්. කුර ගල මුල් කරමින් මේ එන්නේ බොදුබල සේනාව ෆැසිස්ට් සන්විදානයේ හලාල් දෙවැනි ජවනිකාවයි.


    අන්තවාදයට කිසිලෙසකින් ඉඩ දිය යුතුනැත. මැර ඝොඨා ගේ ෆැසිස්ට් බොදුබල සේනාව වහාම නැවත් විය යුතුයි.

    ReplyDelete
  11. The whole world hates Muslims, they are the ones causing problems. If u dont know what I say google "muslim terrorism" and see..
    Developed world never welcome muslims...

    ReplyDelete
  12. මුලින්ම තිබූ දේ ගැන හරියටම කීමට මමද නොදන්නා නමුදු එහි ඇති බෞද්ධ නටඹුන් වලට හානි කොට ඇති අයුරු නම් ජායාරූප වලින් දැක ඇත්තෙමි. එමනිසා එය ආරක්ශා කිරීම කල යුත්තේය. ඒ සඳහා රජය මදිහත් වන්නේ නම් මෙය හොඳ ආකාරයකට බේරගත හැකි බව මාගේ මතයයි.

    ReplyDelete
  13. Hey W3Lanka...
    There are lot of insults thrown at you as comments. Don't loose heart.. Have faith.. I have great respect for your point of veiw :-)

    ReplyDelete
  14. කූරගල ට ඔය වගේ මුස්ලිම් ඉතිහාසයක් තියන බවක් මීට කලින් කොහේවත් පලවෙලා තිබුනේ නෑ ,එහෙම තියනවා නම් පුරා විද්‍යා දෙපාර්තමෙන්තුව මැදිහත් විය යුතුයි (දැන් නෙවෙයි සැහෙන්න කලින් කරන්න තිබුන වැඩක් ) , කිකිලිද බිත්තරේද කියල වැඩක් නැත්නම් පසුකාලෙක හින්දු කෝවිලක් වුනු බුද්ධ ගයාවටත් එහෙමම තියෙන්න ඉඩ දිය යුතුව තිබුනා එහෙමද ?

    ReplyDelete
    Replies
    1. බලහතිකාරය පාවිච්චි කරන්න යන්නේ නැතිව කතා කරලා ඉවත් කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ.

      Delete
  15. කුරගල කර ඇති බොහොමයක් ඉදිකිරීම අනවසර ඒවාය. පුරාවිද්‍යා ස්ථායක එවැනි දෑ ඉදිකිරීම තහනම් වේ. අධිකරණ තීන්දුවකින් ඒවා ඉවත් කරගැනීමට නියෝග කලද තවමත් එවැන්නක් සිදුවී නොමැත. අධිකරණයට ගල් ගැසීමට පවා පැකිලීමකින් තොරව ඉදිරිපත් වෙන පිරිසක් සමග අධිකරණයට ගරු කර ඉවත්වීමක් නම් කෙදිනකවත් බලාගත නොහැකි කල්හී ලබ්බට තිබූ අත පුහුලටද තබන්නේය යන බිය හා 'අනාරක්ෂිත භාවය' මුසල්මානුවන් ඉදිරියේ මෙරට බෞද්ධයින්ට ඇතිවීම වැලැක්විය නොහැක. එයම බොදු බල සේනාවට තමන්ගේ ඇජෙන්ඩාව ඉදිරියට ගෙන ඒමට ශක්තියම වේ,

    සිංහල බෞද්ධයාගේ අනාරක්ෂිත කමට පිළියම් නොකරනා තාත් කල් මෙවැනි දේ සිදුවීම හෙලාදැකිය නොහැකියි යන්න මාගේ හැඟීමයි,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා