පෙනුමින් සරළ අරුතින් ගැඹුරු තෝමස් ට්‍රාන්ස්ට්‍රෝමර්

After a Death
Once there was a shock
that left behind a long, shimmering comet tail.
It keeps us inside. It makes the TV pictures snowy.
It settles in cold drops on the telephone wires.
One can still go slowly on skis in the winter sun
through brush where a few leaves hang on.
They resemble pages torn from old telephone directories.
Names swallowed by the cold.
It is still beautiful to hear the heart beat
but often the shadow seems more real than the body.
The samurai looks insignificant
beside his armor of black dragon scales.

මරණයෙන් පසු

වතාවක් එහි විය කම්පනයක්
දිගු , දිලිසෙන ධූමකේතු වලිගයක් ඉතිරි කර ගිය
එය අප ගෙයි රඳවයි. රෑපවාහිනී පිංතූරය හිමසහිත වෙයි
සීතල බිංදුවලින් එය තැන්පත් වෙයි දුරකථන කම්බිවල.
අයෙකුට තවමත් සෙමින් ලිස්සා යා හැක හිම මත හේමන්ත හිරු තුළ
පින්සල් අතරින් පත්‍ර කීපයක් එල්ලෙන.
ඒවා පැරණි දුරකථන නාමාවලිවලින් ඉරූ කොළ වැනිය.
සීතල විසින් නම් ගිලගෙනය.  
හදගැස්ම ඇසීම තවමත් සුන්දරය.
 නිතරම සෙවැණැල්ල සිරුරට වඩා සැබෑ සේ පෙනෙනමුත්.
සමුරායි නොවැදගත් වැනිය
කළු මකර වර්ගයේ සන්නාහ පසෙකින්.

Track
2 A.M. moonlight. The train has stopped
out in a field. Far off sparks of light from a town,
flickering coldly on the horizon.
As when a man goes so deep into his dream
he will never remember he was there
when he returns again to his view.
Or when a person goes so deep into a sickness
that his days all become some flickering sparks, a swarm,
feeble and cold on the horizon
The train is entirely motionless.
2 o’clock: strong moonlight, few stars. 
මාර්ගය
පාන්දර දෙකේ සඳඑළිය. දුමිරිය නැවතී ඇත
පිටියක. නගරයක එළිවලින් දුරස්තර,
සිතිජයේ සීතලෙන් සැලෙන.
මිනිහෙක් ඔහුගේ සිහිනයේ මෙතරම් ගැඹුරට යන සඳ
ඔහුට අමතක වනු ඇත ඔහු එහි සිටි බව
නැවත ඔහු පියවි ලොවට එනවිට.
නැතිනම් මිනිසකු රෝගීබවේ මෙතරම් ගැඹුරට ගියසඳ
ඔහුගේ සියලු දවස් වෙයි සැලෙන එළි බවට  රාශියක්,  
සිතිජයේ සීතල හා දුබල
දුම්රිය සම්පූර්ණයෙන්ම නිසලය.
වෙලාව දෙකයි. බැබළෙන හඳපාන, තරු කීපයක්.     

ඉහත සටහන් වුණේ The Winged Energy of Delight: Selected Translations by Robert Bly, ( Harper Collins ප්‍රකාශන) පොතේ රොබට් බ්ලයි විසින් පරිවර්තනය කරන ලද තෝමස් ට්‍රාන්ස්ට්‍රෝමර්ගේ කවි දෙකක මවිසින් කරන ලද දළ සිංහල පරිවර්තනයි.   

තෝමස් ට්‍රාන්ස්ට්‍රෝමර්ගේ කවි පෙනුමෙන් හරි සරළයි. ඒත්, ඒවා එහෙම සරළ නැහැ. අරුතින් ඉතා ගැඹුරුයි. ඔහුගේ කවි භාෂා 50කට පමණ පරිවර්තනය වෙලා තිබෙනවා. ඔහු ලෝක කවියෙකු වුණේ ඔහුගේ කවිවල තිබෙනවිශ්ව සාධාරණ ලක්ෂණ නිසායි. ඔහුට 2011 වසරේ නොබෙල් සාහිත්‍ය තෑග්ග ලැබෙන්න ඇත්තේත් ඒ නිසා වෙන්න ඇති. 

තෝමස් ට්‍රාන්ස්ට්‍රෝමර් නොබෙල් තෑග්ග පිරිනමන රට වන ස්වීඩනයේම කවියෙක්. ඔහු ලියන්නේ සවීඩිෂ් භාෂාවෙන්. ඔහු ඒ රටේ කවියෙක් ලෙස ඉතා ජනප්‍රියයි. ඒත්, ඔහු එතරම් කවි රැසක් ලියා නැහැ. ඔහුගේ කවි සියල්ලම එතරම් ලොකු නැති සාක්කු පොතක පළ කරන්න පුළුවන් බවයි කියන්නේ. ඔහුගේ කවි පිළිබඳ නොබෙල් ත්‍යාග ප්‍රකාශනයේ සඳහන් වන ආකාරයට ඒවායේ සංතෘප්ත, ආලෝකය විනිවිද යන චිත්ත රූප අපට යථාර්ථයට නව ප්‍රවේශයක් ලබාදෙනවා. ට්‍රාන්ස්ට්‍රෝමර්ගේ කවි ඔහුගේ රටේ රළු භූමිදර්ශන හරහා අධියථාර්ථවාදී ලෙස අභ්‍යන්තර ලෝකය සොයා යනවා.
 
තෝමස් ට්‍රාන්ස්ට්‍රෝමර්ගේ කවි පරිවර්තනය කළ ස්කොට් ජාතික කවියකු වන රොබින් ෆුල්ටන් මෙසේ කියනවා. "සමහර කවියන් තමන්ගේ භාෂාව බහුලව භාවිතා කරන නිසා ඒවා පරිවර්තනය වන්නේ නැහැ. ඒත් තෝමස් ට්‍රාන්ස්ට්‍රෝමර් එහෙම නොවෙයි. බොහෝවිට ඔහු භාවිතා කරන භාෂාව එතරම් එඩිතර නැහැ. එය සරළයි. ඒත් ඔහු අසාමාන්‍ය චිත්තරූප ගෙනහැර දක්වනවා. ඒවා ඇතැම්විට කෙතරම් විස්මිතද යත් පාඨකයා කම්පනයට පත්වෙනවා."

1931දී ස්ටොක්හෝම්හි උපන් තෝමස් ට්‍රාන්ස්ට්‍රෝමර් හදාවඩාගත්තේ ගුරුවරියක වන ඔහුගේ මව විසිනුයි. ස්ටොක්හෝම් සරසවියෙන් අධ්‍යාපනය ලැබූ ඔහු කලක් තරුණ වැරදිකරුවන් සඳහා වූ ආයතනයක මනෝවිද්‍යාඥයකු ලෙස සේවය කළා.  

කවි 17ක් නම් වූ ඔහුගේ පළමු කවි එකතුව පළ කළේ 1964දීයි. බොහෝ සේ ඇවිදිමින්, ඉතිහාසය හදාරමින් කවි ලියූ ඔහු 1990දී ආඝාතයට ලක්වීම නිසා ඔහුගේ කථන හැකියාව නැති වී ගියා. ඒත්, ඔහු දිගටම ලියනවා. ඔහුගේ අදහස් වචන බවට පත් කරන්නේ බිරිඳයි. මෑතදී ලන්ඩනයේ පැවැත්වුණු හමුවකදී ඔහු දායක වුණේ ඔහුගේ පණ ඇති වම් අතින් පියානෝව වාදනය කරමින්. 
  
අජිත් පැරකුම් ජයසිංහ විසින් ජනරළ පුවත්පතට ලබා දෙන ලද ලිපියකි.

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ස්තුතියි. මොහු ගැනද තොරතුරු දැන ගැනීමට සැලසීම සම්බන්ධයෙන්. ට්‍රාන්ස්ට්‍රෝමර් ගැන කිසිවක් මා දැන සිටියේ නැහැ.

    ReplyDelete
  2. ස්තූතියි බෙදා ගත්තාට... අපේ සුනිල් ආරියරත්න ඒ කාලේ ලියපු ඒවා නොබෙල් ත්‍යාග කමිටුවේ ඇහැ ගැහිලා නැතුව ඇති.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා