බොදු බල සේනාව බඩු මිළ අඩු කරයි

හලාල් ප්‍රශ්නය සම්බන්ධයෙන් ජමියතුල් උලමා සංවිධානය කර තිබෙන අලුත් යෝජනාව සාකච්ඡාවට භාජනය කළ යුතුය.

හලාල් සහතිකය ලබාගත් භාණ්ඩ මුස්ලිම් පාරිභෝගිකයන්ට පමණක් විකුණන්නැයි ජමියතුල් උමා සංවිධානය ඉල්ලා සිටියි. 

දැන් බෝලය ඇත්තේ නිෂ්පාදකයන් අතේය. නිෂ්පාදන හලාල් කිරීම සඳහා ගිය වියදම හලාල් ලකුණ සහිත නිෂ්පාදනවලට එකතු කළ හැකිය. මෙතෙක් ඒ වියදම සියලු භාණ්ඩ අතර බෙදී ගිය නිසා දැන් හලාල් සහතිකය නැති භාණ්ඩ අනිවාර්යයෙන්ම මිළ අඩු විය යුතුය. 

මේ ලාභය මුස්ලිම් නොවන පාරිභෝගිකයන්ට ලැබෙන්නේ බොදු බල සේනා සංවිධානයට පිං සිදු වන්නටය. 

බොදු බල සේනාවට බඩු මිළ අඩු කිරීමේ පුණ්‍යකර්මය දිගටම කරගෙන යාම සඳහා තවත් යෝජනාවක් ඉදිරිපත් කරමු. දැන් මේ ඇතැම් භාණ්ඩවල මිළට වෙළඳ ප්‍රචාරණය සඳහා ගිය වියදම්ද ඇතුළත්ය. බොහෝ බෞද්ධයෝ වෙළඳ දැන්වීම් බලන්නට කැමති නැත. එහෙත් ඔවුන් මතද මේ වෙළඳ දැන්වීම්වල පිරිවැය පටවා තිබේ. දැන් බොදු බල සේනාවට පුළුවන්නම් මේ වෙළඳ දැන්වීම් සඳහා යන වියදම ඒවා බලන අය මත පමණක් පැටවෙන ක්‍රමයක් හදන්නට ඒවා නොබලන අයට අඩු මිළට භාණ්ඩ දෙන්නට පුළුවන. ඒ කියන්නේ වෙළඳ දැන්වීම් බලන අය මිළ දී ගන්නා භාණ්ඩවලට පමණක් ඒ පිරිවැය එකතු කර විකිණිය හැකිය. දැන්වීම් නොබලන අයගේ භාණ්ඩ අඩු මිළට දිය හැකිය. 

මේ ක්‍රමය තව දුරටත් ඉදිරියට ගෙන යන්නට පුළුවන. දැන් මේ ආණ්ඩුවට කැමති නැති අයටද රජය අය කරන බදු ගෙවන්නට සිදු වී තිබේ. දැන් ආණ්ඩුවට කැමති අයට පමණක් බදු ඇතුළත් භාණ්ඩ අලෙවි කර ආණ්ඩුවට අකැමැති අයට බදු නැතිව ලාබෙට භාණ්ඩ විකුණන්නට පුළුවන.  

ොදු බල ේනාව දිවා! ඥානසාර හා විමලෝති හිමිවරුන්ට මන්ත්‍රී පදවි ලැේවා!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. දැනගන්න අහන්නේ , සමාජවාදී රටවල භාණ්ඩ හා සේවා බදු නැද්ද ?

    ReplyDelete
    Replies
    1. සමාජවාදී රටවල් කොහෙද තියෙන්නේ ?

      (පොත්වල ඇරුණාම )

      Delete
    2. ඇයි පැරාගේ සමාජවාදී සිහිනලන්තය තියෙන්නේ...

      Delete
  2. මේ ලකුණෙ තියෙන්නෙ Halal Sri Lanka කියලා කාටහරි ආඩම්බරද එහෙම ශ්‍රී ලංකාව හාලාල් කරාම?

    http://lankanet.files.wordpress.com/2010/02/halaal-logo.gif

    ඉස්සර හෙල උරුමය අපහාස කරපු පැරාට දැන් හිට්ස් ගන්න අලුත් සීන් එකක් සෙට් වෙලා මම ඉස්සර ඉදන් කියනවානේ... අජිත් පැරකුම් අනුන්ගෙ කුණු විකුණල ආතල් ගන්න මානසික රෝගියෙක්. හා හා හා.

    මේකට එක අතකින් හිටිස් හිගා කනවා කියන්න පුලුවන්...

    ඒ ඇරත් ආ පැ‍රෝ... උ‍දේ පාන්දර ඉදන් අනුන්නට මඩ ගහනැතුව බත් කටක් ඔය කාලකණ්නි උගුරෙන් පහලට යන්නැද්ද?

    ReplyDelete
  3. බොදු බල සේනාව ගැන විවේචන ඇතත්. මෙය රටේ හා ජාතියේ වාසනාවකි. හලාල් ගහගත් පොන්න වෙළඳුනි. දැනවත් ඒවා ඉවත් කර ගනු මැනවී.

    ReplyDelete
  4. අන්න මාතලන්ට වැරදුන තැන ! හොඳයි කියල විශ්වාශ කරන වැඩක්වත් නීතී විරෝධී විධිහට කරන එක අනුමත කළොත්, හොඳ නැති වැඩ කරන්නත් ඒ බලයම පාවිච්චි කරන බව අමතක කරන්න එපා. හරියටම පාතාලය නීති විරෝධී ලෙස ව්නාශ කිරීම වගේ. ඒක අනුමත කරපුවහම, වෙන්නෙ තවත් පාතාලයක් බිහිවෙන එක විතරයි.
    සේරම කෙරෙන්න ඕනෙ නිතියට අනුකුලව. කරන්න තියන හොඳම හා එකම දේ නීතීය ස්තාපිත කිරීමයි. ඉන් මෙහා කිසිම විසඳුමක් වැති බව අවභෝධ කරගන්න.

    ReplyDelete
    Replies
    1. ආදරණීය ඇනෝ, ජමියතුල්ලා උලමාවරුන්, හලාල් කමිටුව ඉදිරියේ එකඟවී තිබෙන්නේ. නමුත් ඒ සඳහා විශාල බලපෑමක්, බොදු බල සේනාව විසින් සිඳු කලා...

      Delete
    2. මාතලන්, මේ වාගෙ ගැටලුවක් තිබුන නම් ප්‍රතමයෙන්ම කළ යුතුව තිබුනෙ, බෞද්ධයන් තම අයිතිවාසිකම් වෙනුවෙන් පැමිණිලි කිරිම / උසාවි යාම. ඉන් පසුව පවතින නීති අනුව උසාවියෙන් දෙන තීන්දුවට අවනත වීම. නැති නම් ඒ තීන්දුවට එරෙහිව උද්ඝෝෂණය කිරීම, නීති සකසන ලෙස රජයට බල කිරිම, නැති නම් තම මතය පිළිගන්නා කොටසක් රජය වශයෙන් පත්කර, නව නීති පණවා මුල් තීන්දු අවලංගුකර, නව තීන්දු ගැනීම.
      දැන් මෙතන තීරණය කරන්නෙත්, බල කරන්නෙත්, නිතියට පිටින් යන්නෙත්, ඉන් පසුව නව නීති ඇති කරන්නෙත්, ඒ (ශරියා) නීති ක්‍රියාත්මක කරන්නෙත්, බොදු බල සේනාව ! ඔබ හිතන්නේ බොදු බල සේනාව ශ්‍රී ලාංකිකයො නියෝජනය කරන දේශපාලන පක්ෂයක්ද නැති නම් ලක්ෂයකට එකක අනුපාතයෙන් ඉන්න අන්තවාදි ආගමික කණ්ඩායමක්ද ?
      ඔබ අනුමත කළ යුත්තේ පොදුජනතාවට අවශ්‍ය දේ මිස මොවුන් කරන දේ නෙමෙයි කියල ඔබට තේරෙන්නෙ නැද්ද ? අවසාන වශයෙන් මේ පිටුපස තිබෙන දේශපාලන වැඩ සටහන ගැන අවභෝධයක් ඇත්තෙම නැද්ද ?

      Delete
    3. ano hinayakwath dakinawada

      Delete
    4. මේ පිටුපස දේශපාලනයක් තිබෙනවා කියා මතයකුත් තිබෙනවා. නමුත් සහෝ අද නීතීය ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නෑ. එහෙම උනාම මේ වගේ දේවල වනවා. ඔබ සමහර විට නොදන්නවා ඇති. අන්වර් මනතුංග මට අභියෝග කලා ජාතික පත්තරත් සල්ලිවලට ගන්නා බවට. ඒ අතින් මේක ජයග්‍රහනයක්. සහෝ, මම මුස්ලිම් ප්‍රජාවක් සමග ජීවත් වන කෙනෙක්, මම ඔවුන්ගේ තලෙයිබාන්කරණය ඇස් දෙකෙන් දකිනවා. ඒකයි මම පැරාටත් කිව්වේ පොඩ්ඩක් මේ ගැන හොයා බලා ලියන්න කියලා.

      Delete
    5. බෞද්ධයන් තම අයිතිවාසිකම් වෙනුවෙන් පැමිණිලි කිරිම / උසාවි යාම. ඉන් පසුව පවතින නීති අනුව උසාවියෙන් දෙන තීන්දුවට අවනත වීම. නැති නම් ඒ තීන්දුවට එරෙහිව උද්ඝෝෂණය කිරීම, නීති සකසන ලෙස රජයට බල කිරිම, නැති නම් තම මතය පිළිගන්නා කොටසක් රජය වශයෙන් පත්කර, නව නීති පණවා මුල් තීන්දු අවලංගුකර, නව තීන්දු ගැනීම.
      ------
      මහත්තයෝ අපි මෙව්වා කරනවා නම් කරන්න වෙන්නේ කිසිම සංවිදාන ගතවීමක් නැතුව මොකද සන්විදානයක් හදල නමක් දැම්ම ගමන් එක ජාති වාදී සන්විදානයක් වෙනවා ලංකාවේ

      Delete
    6. "මේ පිටුපස දේශපාලනයක් තිබෙනවා කියා මතයකුත් තිබෙනවා. නමුත් සහෝ අද නීතීය ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නෑ. එහෙම උනාම මේ වගේ දේවල වනවා"
      හර්යටම හරි මාතලන්. ඒක තමයි මම කිවුවෙ, අපි කළ යුතතේ "නීතිය ස්ථාපිත" කිරිම කියල. පවතින තත්වය අනුව නිතියක් නැති නිසා තමයි මෙහෙම වෙන්නේ.
      අන්වර් මනතුංග කියන්නේ පට්ට ජාතිවදි නොදියුණු ගෝත්‍රිකයෙක් බව මම පිළිගන්නවා. ඒත් ඒකට පිළිතුරු ඊට වඩා ජාතීවාදි වීම තුල හෝ නොදියුණු ගෝත්‍රිකවාදි වීම හෝ තුල නැහැ.

      Delete
    7. "මහත්තයෝ අපි මෙව්වා කරනවා නම් කරන්න වෙන්නේ කිසිම සංවිදාන ගතවීමක් නැතුව මොකද සන්විදානයක් හදල නමක් දැම්ම ගමන් එක ජාති වාදී සන්විදානයක් වෙනවා ලංකාවේ"
      ඔබල කරන්නෙ සංවිධාන හදල නම දාල නිතිය අතට ගන්න එකයි. මම කියන්නේ නිතිය අතට නොගෙන සේරම නීතියට බාර දෙන්න කියලයි. ඔබල ඒකට බයයි.
      මාළිගාව අවට තියන බාර් වහන්න කඩා පනිනවා වගේම, ගංජ විකුණන , කුඩු විකුණන, කසිප්පු විකුණන දුමින්දල, ගෝඨලා, මැරවින්ල වාගේ අයටත් කඩා පැනල පෙන්නන්කෝ ඔයාලගේ දේශප්‍රේමය. ඒ වගේම චීවර දාගන කෝටි ගණන් වල බිස්නස් කරන, මන්තර ගුරුකම් කරගන ඉන්න පට්ට හොරු ටිකත් අල්ලල පොලිසි බාර දෙන්නකෝ.

      Delete
  5. ඔය ලිපිය තාර්කිකව වැරදියි.මොකද බෞද්ධයෝ බහුතරය වෙළෙඳ දැන්වීම් බලන්නෙ නෑ කියන මතය තහවුරු කර ගන්නේ කොහොමද?අනික මම අයිස් ක්‍රීම් එකක් ගන්නවා නම් මට ඒ හැඟීම ඇති කරන්න ප්‍රචාරණයට ගිය පිරිවැය ඒ භාණ්ඩයේ මිල තුල ඇතුලත් වීම සාධාරණයි.නමුත් මම ඒක මිලදී ගන්නේ හලාල් නිසා නෙවෙයි නම් ඒ මට වුවමනා නැති හලාල් එකට ගිය සල්ලි මම ගෙවන්න ඕන නෑ.කරන්න ඕන හලාල් හා හරාම් ලෙස කාණ්ඩ දෙකක් යටතේ අලෙවි කිරීම.

    ReplyDelete
  6. හලාල් හා හරාම් ලෙස කාණ්ඩ දෙකක් යටතේ අලෙවි කිරීම?

    ඒ මොකටද ඒ හරාම් කියන්නේ ඉස්ලාමිය සංකල්පයක් , අපිට ISO තියෙන කෝකත් එකයි

    ReplyDelete
  7. amuthu sithuwili උම්බ ඕනෙ නම් හරාම් කාපිය. අපි කන්නෙ කෑම. මදි නම් අහවල් එකත් කපාගෙන කාපිය.

    ReplyDelete
  8. ඇත්තට,මටත් එන්න ඕන වුනේ ඔන්න ඔතනට තමයි,හලාල් යනු මුස්ලිම් සංකල්පයක් නම් ඒක විරුද්ධ එකට ඔයා කියන්නෙ නොන් හලාල් කියලද?හරාම් කියලද?හලාල් යනු "අවසරලත්" කාටද අවසරලත්?මුස්ලිම් අයට.එතකොට හරාම්? මුස්ලිම් අයට අවසර නොලත්.එතකොට යමෙක් හලාල් කන්න එපා කියන්නෙ හලාල් නොවන දේ කන්න කියන එක.ඒක හරාම් වෙන්නෙ මුස්ලිම් අයට මිසක් අපිට නෙවෙයි.ඒ නිසා ඒ හරාම් අපි කෑවා කියලා ගැටලුවක් නෑ.ISO ඔයාගෙ දැනුම හොඳටම පේනවා දාලා තියෙන comment එකෙන්ම.
    ජාතියක් ජන්මයක් නැති එකා(ano) කපාගෙන කාලා තියෙන දේවල් වමාරන්න බැරිව මට කියනවද ඇදලා දාන්න කියලා

    ReplyDelete
    Replies
    1. මේක නිකන් ටොෆි හදනකොට එකම ටොෆිය එක එක පාට වලින් හදනවා වගේ , එක ටෝෆියක රතු පාටින් හදල කවුහරි ගානක් කඩාගන්න කොට අපි විරුද්ද උනාම අපි ජාති වාදී ලු.. අපි කියන්නේ හැම ටෝෆියම එකම ගානකට දෙන්න කියල නැතුව රතුපාට ටොෆි එපා කියල නෙවි

      Delete
  9. Balamu lokka keeyakin oya gannan adu wei dha kiyala...!! Oya moda choon part hondhai oya thatte thiyena, moley nathi ralata..!!

    ReplyDelete
  10. අනේ ඔබ වන් වු බ්ලොග් කරුවන් සිටින රටේ පුරවෑසියෙක් වීමම කෙතරම් භාග්යයක්ද? නොදකින් ගල් හිපාටුව. හික් හික් හික් ලොල් x1000

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා