බුර්කාව: අනුන්ගේ රෙද්ද හා අපේ රෙද්ද

"ඉස්ලාම් ආගමින් මුස්ලිම් ජාතික කාන්තාවන්ට මුදාහැර තිබෙන (ලංකාවේ නව ප්‍රවනතාවක් ලෙස) පීඩනය ගැන යමක් කියන්නේ නැත්තේ ඇයි?"

මේ අප කලින් ලියූ ජාතිවාදය ග්‍රස්ථි වීම නම් සටහනේ පළ වූ කමෙන්ටුවකි. දැඩි ලෙස පුරුෂාධිපත්‍යවාදී මුස්ලිම් සමාජය තුළ කාන්තාවට සමතැන් අහිමි වීම පිළිබඳ මට ගැටලුවක් තිේ. එහෙත් ඒ හා සම්බන්ධ ආගමික චින්තනය සමග මගේ සම්බන්ධයක් නැත. කොටින්ම කීවොත් එය මුස්ලිම් සමාජයේ ප්‍රශ්නයකි. මම මුස්ලිම් ජාතිකයෙක් නොවෙමි. මේ සීමාවන්ට එරෙහිව කිසියම් මුස්ලිම්වරයකු සටන් කරන්නේ නම් මට ඔහුට හෝ ඇයට සහාය දෙන්නට පුළුවන.මට ඇඳුම් ගලවා දමා නිදහස ප්‍රකාශ කරන්නට පැරිය. මන්ද මම ඇඳුම් ොඅඳින බැවිනි. මා අකැමැති වූ පලියට අනුන්ඇඳුම් ගලවන්නට මට කිසිදු අයිතියක් නැත.

මුස්ලිම් ගැහැනුන්ගේ ඇඳුම් ගලවන්නට ඉදිරිපත් වී සිටින බොදු බල සේනා සවිධානයට කීමට තිබෙන්නේ මෙයයි.

ඇඳුම් අඳිනා එකම සතා මිනිසාය. මිනිස සමාජයේ ඇඳුම් ඇඳ සිටීම අශිෂ්ට ක්‍රියාවක් ලෙස දැන් පිළිගැනේ. සාමාන්‍යයෙන් යෝනිය, ශිශ්නය හා කාන්තා පියයුරු වර්තමාන සමාජයේ බහුතරයක් දෙනා තුළ ලිංගික ආවේග ඇතිකරන ශරීරාංග බැවින් ඒවා ආවරණය වන පරිදි ඇඳුම් ඇඳිය යුතු යයි පොදු පිළිගැනීමක් සමාජයේ තිබේ.

එහෙත්, ලිංගික ආවේගයන් ඇති කරනු ලබන්නේ මිනිස් සිරුරේ මේ අංග විසින් පමණක් නොවේ. තොල්, පා, දෑත්, ඇස්, කම්මුල් සහ තවත් බොහෝ අංග ලිංගික ආවේග ඇති කරයි. එහෙමය කියා ඒ සියල්ල වසා ගත යුතු යයි සම්මතයක් නැත. එසේම ඒවා විවෘත කර තැබිය යුතු යයිද සම්මතයක් නැත.

සිංහල බෞද්ධ අවස්ථාවාදීන්ට කලින් කලට ජනප්‍රියත්වය පිණිස විවිධ සටන් පාඨ උවමනාය. මීට වසර කීපයකට ඉහතදී ගැහැනුන් ඉඟ‍ටිය පෙනෙන්නට ඇඳුම් ඇඳීම ගැන සිංහල බෞද්ධ අන්තවාදීහු උරණව සිටියහ. එසේ ඇඳුම් ඇඳි ගැහැනුන්ට හිංසා කිරීම්ද සිදු විය.

දැන් ඒ අන්තවාදීහුම මුස්ලිම් ගැහැනුන්ගේ‍ ඇඳුමින් සිදුවන ආවරණය වැඩි බවට තර්ක කරති.

ඇඳුමින් කෙතරම් විලි වසා ගත යුතුද යන්න මගේ අදහස අනුව නම් තනිකරම පෞද්ගලික තීරණයකි. ඒ තීරණයට සංස්කෘතික ේතූන් තිබිය හැකිය. පොදු ආරක්ෂාව වෙනුවෙන් යම් යෝග්‍ය විධිවිධාන පැනවිය හැකිමුත් කිසිවකු ඇඳුම් ඇඳිය යුතු ප්‍රමාණය තීරණය කිරීමට කාටවත් අයිතියක් නැත. බැංකු, කාර්යාල ආදියට ඇතුල් වනවිට වැහි කබා, හෙල්මට් ආදිය ගලවන්නැයි ඉල්ලීම වෙනම දෙයකි. සංස්කෘතික ඇඳුමක් වන බුර්කාව ගලවන්නැයි කීම ඊට වඩා වෙනස්ය.

මෙතැනදී හොඳම දේ වන්නේ අනුන්ගේ රෙද්ද ගැන නොසොයා සිටීමයි. මුස්ලිම් ගැහැනුන්ගේ රෙද්ද ඒ ගැහැනුන්ගේ හා ඒ සමාජයේ ප්‍රශ්නයක් මිස සිංහල බෞද්ධ හාමුදුරුවන්ගේ ප්‍රශ්නයක් නොවේ.

ලෝකයේ පොදුබවට පත්වෙමින් තිබුණු බටහිර ඇඳුම් විලාසිතා වෙනුවට ස්වදේශික ඇඳුම් ඇගයීම මෑත කාලීනව බොහෝ ජන සමාජයන් තුළ නව ප්‍රවණතාවක් විය. සාමාන්‍යයෙන් ශරීරය හොඳින් වැසෙන පහසු, සරළ ඇඳුමක් වන කලිසම හා කමිසයට වඩා ස්ත්‍රී ශරීර ලාලිත්‍යය උද්දීපනය කරන සාරිය අගය කිරීම සිංහල සමාජයේද දක්නට ලැබේ. සිංහල පිරිමි අතරද රෙද්ද, බැනියම විලාසිතාවක් වී තිබේ.

මුස්ලිම් සමාජයේද සිදු වී තිබෙන් විලාසිතා වෙනස්වීමකි. ඒ ඇඳුම් පීඩාකාරීනම් ඒ සමාජය විසින්ම කලකදී ඒවා බැහැර කරනු ඇත. වෙනත් සමාජයන් ඒ ගැන උරණ වීමෙන් සිදුවන්නේ මුස්ලිම් සමාජය තුළ තවතවත් දැඩි අදහස් ඇති වීම පමණි. 

හෙමය කියා එවැනි දැඩි අදහස්වල එල්බගැනීම අනුමත කළ ොහැකිය. මුස්ලිම් සමාජය තමන් ොදු ලාංකීය සමාජයක ොටසක් බව සිතිය යුතුය. ඔවුන්ට ොදු සමාජයෙන් වෙන් වී ජීවත් විය ොහැකිය. ෝලිමිට් සාප්පුව රැකියාවලට බඳවාගැනීම වැනි කාරණාවලදී ජාතිවාදී වන්නට ගොස් අවසානේදී වෙළඳාමෙන් පාඩු වන තත්වයක් නිර්මානය කරගනිමින් සිටියි. මුස්ලිම් වෙළඳුන් තිහාසය පුරාම වැඩිපුර බඩු විකුණු සිංහල මිනිසුන්ටය. වෙළෙන්දා අනිවාර්යයෙන්ම පාරිෝගිකයා ගැන සිතිය යුතුය.  

රැකියාවලට බඳවාගැනීේදී සිංහල සමාජය සෙසු සමාජයන්ට පූර්ණ සමානාත්මතාව දී තිබෙනවාද යන්නද සිතා බැලිය යුතුව තිේ. ජාතික වශයෙන් පීඩාවට පත් වී තිබෙන සමාජයන් විසින් ගනු ලබන ප්‍රතිෝධී ක්‍රියාමාර්ග ගැන වෛරී වීම වැඩිදුරටත් ජාතිවාදී වීමකි. සිංහල මූලික ශ්‍රී ලංකා රාජ්‍යය විසින් විසඳා ගතයුතු ප්‍රශ්න රාශියක් තිබෙන බව අප අමතක ොකළ යුතුය. 

වත්මන් ෝකේ ජන සමාජයන්ට හුදකලා පැවැත්මක් නැත. ඒවා අනිවාර්යයෙන්ම සෙසු සමාජයන් ගැන සංේදී විය යුතුය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. එයාලා ඕන රෙද්දක් ඇඳ ගත්තාට පට අවුලක් නැත. රෙද්ද පමණක් ඇඳගෙන නිකන් සිටින්නේ නම් අපට අවුලක් නැත. පැරා ජීවත් වන්නේ මුස්ලිම් මිනිසුන් සම්ඟ නොවන්නට පුළුවන. නමුත් මා ජීවත් වන්නේ වැඩිපුඅර මුස්ලිම් මිනිසුන් ජීවත් වන පරිසරයකය. පල්ලියෙන් ඇති බලපෑම් ගැන කළකිරුණ මුස්ලිම් ජාතිකයින් පිරිසක් සිටිනා බවද අමතක කරන්න එපා. මේ ඇඳුම යට තලෙයිබාන්කරණය වේගයෙන් ගමන් කරණවා. කාන්තා ඇඳුම පමණක් නොව පිරිමි ඇඳුමද ආරාබි වෙලා ඉවරයි. ඔබ සිතන්නේ මේ වෙනස්වී ඇත්තේ ඇඳුම පමණක් නම්, මට ඔබ ගැන කනගාටුයි පැරා. මන්ද පොල් කෙල්ල ගැන ලියූ මාධ්‍යවේදීනුත්, ඔබත් අතර කිසිම වෙනසක් නොමැති වීමයි. කරුණාකර අවම වශයෙන් මුස්ලිම් ජනතාවගෙන්වත් මේ ගැන සොයා බලා වාර්ථාකරනා මෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++

      පැරාලගේ සමාජ වාදයට වැහුණු ඔලුගෙඩි වලට සර්වාගමික චින්තනය වැටුණාම , මුස්ලිමුන්ගේ ම්ලේඡ්ඡ කම් පෙන්නේ නෑ . මුස්ලිම් රටක හිටියා නම් මුලින්ම බෙලි කැපෙන්නේ පැරාලගේ

      Delete
    2. 'පොල් කෙල්ල' ගැන ලියූ මාධියවේදීන් කවුද මාතලන්?

      Delete
  2. //සාමාන්‍යයෙන් ශරීරය හොඳින් වැසෙන පහසු, සරළ ඇඳුමක් වන කලිසම හා කමිසයට වඩා ස්ත්‍රී ශරීර ලාලිත්‍යය උද්දීපනය කරන සාරිය අගය කිරීම සිංහල සමාජයේද දක්නට ලැබේ.//

    කතාවනම් ඇත්ත. හැබැයි දැන් සමහර කාන්තාවන් අඳින සමහර කලිසම්වලින් (උදා. ටයිටි ජීන්ස් හා ලෙගින්ස්) ස්ත්‍රී ලාලිත්‍යය උද්දීපනය වෙනවා විතරක් නෙවෙයි නිකන් නිර්වස්ත්‍රව සිටිනවා වගේ පේනවා.

    ReplyDelete
  3. අජිත්, ඔබට මතක නම්, මාස කීපයකට කලින් ඔබගේ ඉනි අවන් චිත්‍රපටිය ගැන වූ ලිපියට ප්‍රතිචාරයක් තුලින් මා මතු කිරීමට තැත් කලේ මීට සමාන අදහසක්.

    http://www.w3lanka.com/2012/12/blog-post_31.html
    "මම හිතන විදියට නම්, දෙමල භාෂාව කතා කරන අය ගැන දකුනේ සිංහල කෙනෙකු විසින් චිත්‍රපටියක් කරන එකමත් අශීලාචාර වැඩක්. දෙමල මනස තුල තිබෙන ෆැන්ටසිය ගැන අභියෝග කරන්න, දෙමල ශිෂ්ටාචාරය විනාශ කරමින් ඉන්න සිංහල ජනතාව අතර ඉන්න කෙනෙකුට කිසිම අයිතියක් නැහැ. දෙමල ජනතාවගෙ ස්වයන් නීර්න අයිතිය පිලිගන්න කෙනෙකුට උනත් එහෙම කරන්න කිසිම අයිතියක් නැහැ. ඔවුන් තුල ඇතැයි කියන කුලවාද හෝ ඕනෑම වාදයක් ගැන අභියෝග කරන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ."

    බුර්කාව ගැන ඔබගේ අදහස මීට මුලුමනින්ම නොවුනත් සමානයි නේද්?

    Dimithri

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් සිංහල බෞද්ධයන්ට බුද්ධාගම ගැන කියලා දෙන්න, බංකොලොත් මාක්ස්වාදීයාගේ සිට තලෙයිබාන් කාරයා දක්වා පුලුවන්....ඒහෙම නේද?

      Delete
  4. ඇඳුමින් කෙතරම් විලි වසා ගත යුතුද යන්න මගේ අදහස අනුව නම් තනිකරම පෞද්ගලික තීරණයකි. ඒ තීරණයට සංස්කෘතික හේතූන් තිබිය හැකිය. පොදු ආරක්ෂාව වෙනුවෙන් යම් යෝග්‍ය විධිවිධාන පැනවිය හැකිමුත් කිසිවකු ඇඳුම් ඇඳිය යුතු ප්‍රමාණය තීරණය කිරීමට කාටවත් අයිතියක් නැත. බැංකු, කාර්යාල ආදියට ඇතුල් වනවිට වැහි කබා, හෙල්මට් ආදිය ගලවන්නැයි ඉල්ලීම වෙනම දෙයකි. සංස්කෘතික ඇඳුමක් වන බුර්කාව ගලවන්නැයි කීම ඊට වඩා වෙනස්ය.

    මෙතැනදී හොඳම දේ වන්නේ අනුන්ගේ රෙද්ද ගැන නොසොයා සිටීමයි. මුස්ලිම් ගැහැනුන්ගේ රෙද්ද ඒ ගැහැනුන්ගේ හා ඒ සමාජයේ ප්‍රශ්නයක් මිස සිංහල බෞද්ධ හාමුදුරුවන්ගේ ප්‍රශ්නයක් නොවේ.

    --------
    mehema kiyana paraa mehemath kiyayi
    ------------
    අපි උඩරට නිලමේ ඇඳුම් අඳිමු. බටහිර චාරිත්‍ර හිස් මුදුනින් වන්දනා කරමින් ඒවා විකෘති කරමින් දන්නා දෙය වූ 'නාගසලං' ගසමින් චොකා බයිලා නටමු.


    මේ අපේ සංස්කෘතියයි. අති විශිෂ්ටයි. ආශ්චර්යජනකයි.


    අප අද පරමාදර්ශ කරගෙන සිටින මහජන මුදලින් ධනවත් වූ පැළැන්තියේ මංගල උත්සවයක අනර්ඝ ඡායාරූප එකතුවක් මෙම සබඳතා පුරුක ඔස්සේ ඔබට නැරඹිය හැකි ය.


    හෙට තවත් බොහෝ දෙනෙකුගේ විවාහ මංගල්‍ය පැවැත්වෙනු ඇත්තේ මේවා අනුකරණය කරමිනි.


    අපි යන්නේ කොහිද? මල්ලේ පොල් ය.


    අහෝ දුකකි! ඉරකි; තිතකි.

    http://www.w3lanka.com/2011/09/blog-post_6824.html

    ReplyDelete
    Replies
    1. පැරාට ඕනේ සිංහල බෞද්ධයා සහ සංඝරත්නය තරම් අමන කොටසක් මේ ලෝකෙ නෑ කියල පෙන්නන්න. ඒකට ගන්න පුලුවන් හැම උදාහරණයක්ම හොයාගනී. ලැජ්ජාවක් නැත්තං මේකෙන් වත් සැනසෙන්නෙ නැතෑ.

      Delete
  5. @ Yaldevi
    (මම පැරා නෙමෙයි)
    සත්තකින්ම ඔවු ! සංඝ රත්නය විය යුතු වන්නෙ තමාගෙ ආධ්යාත්මික ගමන යන විශේෂ කොටසක් මිස, වර්ගවාදය අවුස්න ගෝත්රික තක්කඩියන් කොටසක් නොවෙයි. සිංහල බෞද්ධයා කියන ග්රෝත්රික කොටසත්ඇත්ත වශයෙන්ම කරන්නේ අර තක්කඩි එක්ක ගෝත්රිකවාදය අවුස්න එක. "මුස්ලිම් ගෝත්රිකවාදියෝ"," සිංහල බෞද්ධයෝ " වශයෙන් පෙනි සිටින අන්තවාදින් සහ බුදුන් වහන්සේගේ නාමයෙන් පෙනී සිටින "නාමික ,චීවර හැඳගත් ගෝත්රික වාදීන්" මේලෝකයේ ඉන්න "අමනම" කොටස තමයි.
    තව මොකවත් දැනගන්න තියනවද ?

    ReplyDelete
  6. නිකමට හිතමු මේ විශ්වය, මිනිසා, ගැහැණිය දෙවියන් වහන්සේගේ මැවීමක් කියල. ඇයි දෙවියන් වහන්සේ ගැහැණිය හෝ පිරිමියා ප්රඩක්ෂන් ලයින් එකක එකම ප්රින්ට් එකකින් මවන් නැතුව එකිනෙ කාට වෙනස් අනන්යතාවයක් තියන විදිහට මැවුවේ ? තවත් විධිහකට අහනව නම් ඇයි ස්ත්රියගෙ මුහුණ මේ තරම් ලස්සනට මවල තියෙන්නෙ ? එක එක්කනාට එක එක ලස්සන !
    ඒ කියන්නෙ, දෙවියන් වහන්සේපවා පිළිගන්නවා එකිනෙකාට වෙන වෙනම අනන්යතාවයක් තිබිය යුතුයි කියල. මේ අනන්යතාවය තියෙන්නේ එකිනෙකා වෙන් කරගන්න. අම්ම දුවගෙන්, බිරිඳ, බිරිඳගෙ නංගිගෙන්, නංගී- අම්මගෙන් වෙන්කරගන්න මේ අනන්යතාවය කොයි තරම් වැදගත්ද ?
    සමාජයක් උනහම, ඒක තවත් පුලුල් උනහම මේක තවත් සංකීර්ණ වෙනව. ආරක්ෂක කාරනා වගේ දේවල්නිසා.
    ඒ නිසා කිසිම අයෙක් කිසිම කෙනෙක් සම්පුර්ණයෙන් මුලු ශරිරයම ආවරණය කරගන ඉන්න එක සාධාරණිය කරන්න බැහැ. කිසිම ආගමික නායකයෙක් එහෙම කියල තියනව නම්, ඒ ආගමික නායකයෙක් නෙමෙයි මානසික රෝගියෙක් විය යුතුයි.
    එහෙනම් මොකක්ද මේ වෙන්නෙ ? මේක තමයි වචනාර්තයන්ට හිරවෙලා, ගෝත්රිකයන් කොටසක් බවට පරිවර්තනය වීම. මේක මුස්ලිම් අයට පමණක් නොමෙයි. ලංකාවේ ඉන්න බෞද්ධයන්ටත් පොදු දෙයක්. මේ ගැන කතා කරන්න ඕනෙ නම් වෙනම "බ්ලොග්" එකක් ලියන්න පුලුවන්.
    මුස්ලිම් කාන්තාවගෙ ඇඳුම පිළිබඳ මෙන්න නියම ඉගැන්වීම මෙන්න !
    God, the Most Merciful, gave us three basic rules for the Dress Code for Women in Islam (Submission),
    (1) The BEST garment is the garment of righteousness.
    (2) Whenever you dress , cover your chest (bosoms).
    (3) Lengthen your garment.

    මේ අවසන නිගමනයට එන්නෙ මම නෙමෙයි. අන්තවාදි නොවන විචාරශීලී මුස්ලිම් උගතුන්. හරියටම කැලේ ගල් ගුහා වල බුදුන්ගේ ඉගැන්වීම් සොයන නියම සංඝරත්නය අතර, තක්කඩි කාලකණ්ණි චීවරධාරීයෝ ඉන්නව වගේම, අන්වර් මනතුංගල වගේ ගෝත්රිකවාදියො අතරෙ, නියම මුස්ලිම් අයත් ඉන්නවා කියල ඔබල තේරුම් ගන්න.
    මුස්ලිම් කාන්තාවගෙ ඇඳුම පිළිබඳ ඔබට දැනගන්න ඕනෙ නම්
    http://www.free-minds.org/womens-dress-code-islam කියවන්න.

    ReplyDelete
  7. මෙහිදී මුස්ලිම් සමාජය තුල පවතින වැරදි ආකල්පයන් දෙකක් දුරු කල යුතුව ඇත. මින් පලමුවැන්න කලු වර්ණයම තේරීමත්, දෙවනුව සම්පූර්ණයෙන් (මුහුණද ඇතුලුව ) ආවරණය වන ආකාරයට ඇඳීමත්ය. ඉස්ලාමීය නීතීයට අනුව හැඟීම් උද්දීපනය වන ආකාරයට පවතින සියලුම වස්ත්‍රයන් තහනම් වේ. නමුත් මුහුණ විවෘත කිරීමට අනුමැතිය ඇත්තේ එය හඳුනාගැනීමට අත්‍යවශ්‍ය වැදගත් සාධකයක් නිසාය. ඉස්ලාමය නිෂ්චිත වස්ත්‍ර ක්‍රමයක් ගැන දේශණා කර නොමැති අවස්ථාවක මාගේ පුද්ගලික මතය වන්නේ පවතින සන්දර්භය තුල දැඩි වස්ත්‍ර පද්ධතියකට නොයා පනවා ඇති නීතීමය රාමුව තුලම පිහිටා සරල සම්ප්‍රදායික ක්‍රමයකට යාම වඩා සුදුසු බවයි. මන්ද බුර්කාව වැනි වස්ත්‍රයන් කෙතරම් ආරක්ෂිත වුවද එයට අනාගතයේ දැඩි විරෝධයක් ඇතිවී සමාජයෙන් කොන්විය හැකි තත්වයක් උදාවිය හැකි හෙයිනි.

    ඉස්ලාමය තුල පුරුෂාධිපත්‍යයක් නැත. එය පුරුෂ මූලිකත්වය ගැන පමණක් සඳහන් කරන දහමකි. වර්තමානයේ මුස්ලිම් සමාජය තුල බිහිවී ඇති ආධිපත්‍යය පූර්ව ඉස්ලාමීය යුගයේ පැවතී ගෝත්‍රික ලක්ෂණයන්වල බලපෑම නිසා හෝ වෙනත් ආගමික සමාජයක බලපෑම (ඉන්දියාවේ හින්දු ආගමික බලපෑම වැනි )නිසා බිහිව ඇත්තකි (මැදපෙරදිග රටක හෝ ආසියාතික රටක කාන්තාවකගේ තත්වය හා බටහිර රටක කොකේසියානු වර්ගයට අයත් අලුතින් ඉස්ලාමය වැලඳගත් කාන්තාවකගේ තත්වය සමග සන්සන්දනය කරන්නේ නම් මෙය වටහා ගත හැක )

    ඉස්ලාමය කාන්තාව හා පුරුෂයා 100%ක්ම සමාන හෝ අසමාන යැයි නොපවසයි. එය වෙනස් වන්නේ ඔවුනතර පවතින විද්‍යාත්මක වෙනස්කම් මතයි. කොහොම නමුත් ඉස්ලාමීය සමාජයක් තුල පොදු අරමුණු ඉටු කරගැනීම සඳහා ආගමික, සමාජීය, ආර්ථික, දේශපාලන වැනි වැදගත් ක්ෂේත්‍රයන් වල එකිනෙකට සහයෝගයෙන් වැඩ කිරීමට ඔවුන්ට අවශ්‍ය තරම් අවකාශය දී තිබේ. එපමණක් නොව එකිනෙකා අභිබවා යාම පවා ඉස්ලාම් අනුමත කරයි. ඇතැම් අවස්තාවලදී පනවා ඇති සාමාන්‍ය නීතීන් පවා අහෝසි වේ. නමුත් ප්‍රායෝගික තලයෙන් මෙයට මට උදාහරණ පෙන්වීමට නොහැක්කේ අද මුස්ලිම් රටවල්වල පවා එවැනි පරමාදර්ශි සමාජයන් බිහි නොවී තිබීමයි. එය ඇත්තෙන්ම අවාසනාවන්ත තත්වයකි.

    ReplyDelete
    Replies
    1. ඔබ මෙන් සිතන මුස්ලිම් වරුන් සිටින්නේ අල්පයක් වීම එයට හේතුවයි . හින්දු සමාජීය බලපැම බෞද්ධය්න් තුලටද එක්තරා දුරකට කාවැදී ඇති මුත් උගත් නූතන බෞද්ධ මෙන්ම හින්දු සමාජයන්ද අදාල සීමාවන් ඉක්මවා යමින් තිබේ . මුස්ලිම් වරුන් නූතනත්වයට දක්වන ප්‍රතිරෝධය සංස්කෘතික ගැටුම් සඳහා හේතුවන බව මගේ හැඟීමයි

      Delete
  8. ඉස්ලාම් ආගමින් මුස්ලිම් ජාතික කාන්තාවන්ට මුදාහැර තිබෙන (ලංකාවේ නව ප්‍රවනතාවක් ලෙස) පීඩනය ගැන යමක් කියන්නේ නැත්තේ ඇයි?

    මේ කොමෙන්ටුව දැම්මේ මම , දැන් පැරා ඇදුමක් ගැන විතරක් කතාකරලා ෂේප් වෙලා කියලය් මට හිතෙන්නේ .. මේක ඇදුම් වලට හා ගිය කාන්තා හිංසනයක්. අනික් එක පැරා වගේ අය ට අමුතු ලෙඩක් තියෙනවා මේ අය ලිංගික තෘප්තියක් ලබන්නේ අදිපති මතවාදයට පහර ගහල ( එක හොද උනත් නරක උනත් එකයි , පහර ගහල මම පොර වෙන්න බලන්නේ), ලංකාවේ නම් සිංහල බවුද්දයන්ට, බරිවෙලාවේ වත් මෙයා අරාබියේ ඉපදුනා නම් ෂරිය එකට විරුද්දව (හැබය් වැඩිය කල් ඉන්න එකක් නෑ), රුඋසියාවේ නම් ලෙනින්ට විරුද්දව, බැරිවෙලාවත් චීනේ ඉපදුනා නම් චීන රජය පට්ට ගහය් ... එහෙම රෝගියෝ මෙයාලා (එහා පැත්තේ වත්තේ තණකොළ ලස්සනට පෙනෙනවා තමයි මචන්)

    ReplyDelete
  9. මේ කතාවටම ඌන පූරණයක් කරනවා නම් මෙයාට තියෙන්නේ හරියට අර පාරේ යන වැඩිහිටියෙක් ට හැංගිලා ඉඳල ගලකින් ගහල සතුටු වෙන පොඩි ලමයක් ගේ මානසිකත්වයක්.. බොදු බල සේනා 3000 ක් ද කොහේදෝ මහරගමට ගෙන්නුවා ලු නේ, ඔයත් කරල පෙන්නන්න, දැන් ලෝකේ ඉතාම පහසුවෙන් සන්නිවෙදනය් කරන්න පුළුවන් පේස්බූක් / බ්ලොග් යොදාගෙන මිනිස්සුන්ට ඔයාගේ පණිවිඩේ කියන්න එහෙම කරලා ලංකාවේ ඕනිම තැනකට මිනිස්සු දාහක් එකතු කරලා පෙන්නන්න .. එදාට ඔය කියන කතාවලට යම් බරක් දෙන්න අපි සුදානම්

    ReplyDelete
  10. ඔය කියන ඇදුම මුස්ලිම් කාන්තාවන්ට මහ කරදරයක්,පීඩාවක් කියලයි මටත් හිතෙන්නේ.නමුත් මම ඒ ගැන කථා කරන්නේ නැත්තේ ඒ වෙනත් ජාතියක සංස්කෘතික අනන්ය,තාවයක් නිසා.එම කතිකාව කල යුත්තේ ඹවුන්.එයට එරෙහි විය යුත්තේ ඔවුන්.අපි සංහල මහා ජාතිය අපගේ අදහස් ඔවුන් මත පැටවීම පැහැදිලිවම බලහත්කාරයක්, ත්රුස්ත්ර වාදයක්.

    ReplyDelete
    Replies
    1. ඒක ආගමක් නෙමෙයි නීතියක්. කාන්තාවන්ට කිසිම නිදහසක් නැති..

      Delete
    2. ඒ නීතියට එරෙහි විය යුත්තේ ඔවුන් මාතලන්.අපෙත් බෞද්ධ සම්ප්රඉදායන් එක්ක බැදුන නීති තියෙනවා. පොහොයදාට මස් අලෙවිය තහනම් කිරීම වැනි. එය එසේනම් බෞද්ධ ආගමික නොවන්නන්ගේ පෝෂන හිමිකම් අහිමි කිරීමක් කියලා තරක කල නොහැකිද? අප ශික්ෂනය ලැබු බුදුදහම නිදහස් නිවහල් චින්තනයකට මගපාදන්නක්. අනෙත් ආගම් එයට වෙනස් එය අදහන්නන් එය තේරුම්ගෙන ඉවත්වීමයි සිදුවිය යුත්තේ.

      Delete
    3. ඔබ බෞද්ධාගම ගැන නගන තර්කය හා එකඟයි. ඒත් පෝය දවසෙ මස් තහනම ආන්ඩුවේ එකක් මිසක් බෞද්ධ ආගමේ එකක් නෙමෙයි. ඇත්ත අනුන්ගෙ ආගමක් ගැන ඇඳුමක් ගැන කතා කරණ එක වැරදියි. නමුත් අතීතයේ මුස්ලිම් ව්‍යාප්තවාදය ගැන දැණුමක් තිබේනම් ඔබට මා කියනා දේ වැටහේවි. ඇෆගනිස්ථානය, ඉන්දුනීසියාව පැහැදිලිවම බෞද්ධ රටවල්. ඒවාවලත් ඕවා පටන් ගත්තේ මෙහෙම වෙන්න ඇති. ඔය ඇඳුමත් එක්ක එන තලෙයිබාන්කරණය ඔබ නොදැක්කාට මා දිනපතා දකිනවා. ඔවුන්ගේ යාඥාවන් සඳහා අප නිවසේ රේඩියෝව නිවන්න බල කරන්න තරම් ඔවුන් වලිකනවා. ඒත් මම ඔවුනට කිව්වේ ආගම් ප්‍රචාරය නිවාසවල නැතුව පල්ලියේ කර ගන්නා ලෙසයි. දිනපතා දේශණ පවත්වනවා. ගුවන් විදුලි, රූපවාහිනි නිවෙස් වලින් ඉවත් කරණවා. මුළු නිවසම ආවරණය කරණවා. මේ කාරණා අද ප්‍රශ්ණ නොවේ. අනාගතයේ ඔවුන් අවි අතට ගත් දිනට බලගතු ප්‍රශ්ණ වනවා. ඔය ලෝගුවෙන් වහ ගත්තාම ඕක ඇතුලේ ඉන්නෙ ගෑණියෙක්ද, පිරිමියෙක්ද, ත්‍රස්තවාදියෙක්ද කියලා කියන්නේ කොහොමද. ඕක චෙක් කරන්න ගියාම, ඒකට වලි අදීවී එකසිය ගානට. ඔවුන් වැඩ කරන්නේ ප්ලෑන් එකකට. ඉස්සෙලාම ඇඳුමෙන් තමයි පටන් ගන්නේ. ඊට පස්සේ ෂරියා. ඊට පස්සේ ත්‍රස්තවාදය.

      Delete
    4. //ඒවාවලත් ඕවා පටන් ගත්තේ මෙහෙම වෙන්න ඇති//
      තවම මේක සැකයක් විතරයි නේද?

      Delete
    5. සැකයක් නිසාද අද ඒවා මුස්ලිම් රටවල් වෙලා තියෙන්නේ. ඔබ නොදන්නවා උනාට සමහර භික්ෂූන් පවා මුදලට ලබාගෙන අවසන්... පත්තරත් සල්ලිවලට ගන්නා බවට අන්වර් මට අභියෝග කරන්නේ ඒ හේතුවෙන්...

      Delete
    6. සැකයක් නිසාද අද ඒවා මුස්ලිම් රටවල් වෙලා තියෙන්නේ. ඔබ නොදන්නවා උනාට සමහර භික්ෂූන් පවා මුදලට ලබාගෙන අවසන්... පත්තරත් සල්ලිවලට ගන්නා බවට අන්වර් මට අභියෝග කරන්නේ ඒ හේතුවෙන්...

      Delete
  11. බො.බ.සේනා වැඩ දැකලා මෙතුමා වහෙන් ඔරෝ කඩේ යනවා

    ReplyDelete
  12. මාතලන, මුස්ලිම් තර්ජනයක් අනිවාර්යයෙන්ම තියනවා කියන එකත්, මේ යන විධිහට ඔවුන් රට ආක්‍රමණය කරනවා කියන එකත්200% පිළිගන්නවා. ඔවුන්ට එතනට එන්න පාර හදල දෙන්නෙ සිංහල බෞද්ධයෝ කියලයි මම කියන්නේ. ප්‍රථමයෙන්ම නීතිය ස්ථාපිත විය යුතුයි. ඉන් පසුව සෑම ජන කොට්ඨාශයකටම , ආගමකටම එකම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ලවුස්පීකර් බැඳගන පිරිත් කියද්දි හම්බයොන්ට ලවුස්පීකර් දාන්න එපා කියන්න බෑනෙ ? අපේ ගෙදර රේඩියෝව අපිට විතරක් ඇහෙන්න අහනව නම් ඔවුන්ට ඒක නිවන්න කියන්න අයිතියක් නැ වගේම, ඔවුන්ගෙ යාඥා ඇඩියාවෙන් අපිට කරදරයක් වෙන්නත් බෑ. එකම විසඳුම නීතියේ ආධපත්‍යය ගොඩ නගන එකයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා