ජාතිවාදය ග්‍රස්ථි වීම

ලංකාවේ දැන් ජාතිවාදයට එරෙහි උද්ඝෝෂණ දෙස බලනවිට ඒවා හරියට මහා ජාතිය වන සිංහලයන්ට එරෙහි බලවේගවලට එරෙහි උද්ඝෝෂණ යයි සිතෙන තරමට සුළුතර ජාතීන්ගේ හඬ යටපත් කර දමා තිබේ.

මෙය කුල අසාධාරණකම් සම්බන්ධව සලකන්නේ නම් හරියට ගොවිගම කුලයට එරෙහි අසාධාරණකම්වලට එරෙහි සටනක් සේ පෙනෙන තරමට පීඩිත කුලවල හඬ යටපත් කර තිබේ.

අධිපති සමාජ ප්‍රජාවකට තමන් විසින් ඇති කරනු ලබන පීඩනය හඳුනා ගත ‍නොහැකි තරමට එකී පීඩනය සාමාන්‍යකරණය වීම සුවිශේෂ තත්වයකි. එමෙන්ම එය අතිශය භයානකය.

පුරුෂාධිපත්‍යය සාමාන්‍යකරණය වී ඇති ලෝකයක පිරිමියා ස්ත්‍රිය කෙරෙහි ඇතිකරණ පීඩනය පිරිමියාට නොපෙනෙයි. බොහෝවිට ස්ත්‍රියටද තමන්ට සිදුවන අසාධාරණය නොපෙනෙයි. සම හිමිකම සාධාරණ නැතැයි ගැහැනිය සිතන තත්වයක් ඇති‍ වේ. එතැනින් ඔබ්බට ඒ සමාජයේ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදයක්, සමානාත්මතාවක් පැවතිය නොහැකිය.

මෙම තත්වය ලංකාවේ ජාතීන් සම්බන්ධයෙන් සලකා බැලූ කල තමන් දෙමළ බස කතාකරන ජනතාව මේ රටේ දෙවන පෙළේ පුරවැසියන් පිරිසක් බවට පත් කර ඇති බව සිංහලයන්ට නොපෙනේ. මන්ද එය එතරම් සාමාන්‍යකරණය වී ඇති බැවිනි. නිදසුනක් ලෙස දිවයින පුවත්පතේ පළ වූ පහත සඳහන් ප්‍රවෘත්තිය විශ්ලේෂණය කර බලන්න. එහි රතු පැහැයෙන් දක්වා තිබෙන වාක්‍යය ගැන ඔබේ අදහස කුමක්ද?

කච්චේරියේ ගින්න පිටුපස මුදල් කතාවක්‌?
- ඇමැති ජෝන් සෙනෙවිරත්න සැක පහළ කරයි

නෝමන් පලිහවඩන

පිටකොටුව කච්චේරියේ ඇතිවූ මහා ගින්න මුදල් අඩුපාඩුවක්‌ වසා ගැනීම සඳහා කිසියම් පිරිසක්‌ විසින් සිදුකරන ලද එකක්‌ බවට සැක කළ හැකි යෑයි රාජ්‍ය පරිපාලන සහ ස්‌වදේශ කටයුතු පිළිබඳ ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා ඊයේ (15 වැනිදා) "දිවයින"ට ප්‍රකාශ කළේය.

මෙම ගින්න පිළිබඳව කච්චේරියේ දෙමළ සහකාර දිස්‌ත්‍රික්‌ ලේකම්වරියකගෙන්ද ප්‍රශ්න කර ඇතත් වැදගත් තොරතුරක්‌ හෙළිවී නැති බවත් දැන් එම පරීක්‍ෂණ කටයුතු එහි මුදල් අංශය පැත්තට යොමුකර ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.

මෙම මුදල් අංශයේ කිසියම් නිලධාරියකු ඉකුත් නොවැම්බර් 26 වැනිදා රාත්‍රි වන තුරු එම කච්ෙච්රියේ සේවය කළේ දැයි පිළිබඳව විශේෂ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබෙන බවද ඇමැතිවරයා පැවැසීය.

කිසියම් මුදල් අඩුපාඩුවක්‌ නිසා මෙම ගිනි තැබීම සිදු කළ බවට පොලිස්‌ පරීක්‍ෂණ කණ්‌ඩායම්වලට සහ තමාට දැඩි සැකයක්‌ පහළ වූ බවද ඇමැතිවරයා පැවැසීය.

නොවැම්බර් 26 දා රාත්‍රියේ හටගත් මෙම ගින්න හේතුවෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක්‌ සිදුවී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණ කණ්‌ඩායම් කියයි.

මෙහිදී වාර්තාකරුවා ප්‍රශ්න කිරීමට  භාජනය වූ සෙසු පිරිසගේ ජාතිය ගැන සඳහන් නොකර මෙම කාන්තාවගේ ජාතිය ගැන පමණක් සඳහන් කරන්නේ ඇයි? බොහෝවිට ඔහු එය සිතාමතා නොකරනවා ඇත. ජාතිවාදය ග්‍රස්ථිවීම කියන්නේ එසේ ඉබේම මේ අන්දමින් කටයුතු සිදුවීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. මේක "දෙපැත්තටම" වැඩ කරනවා.
    පහුගිය දවසක පාටියකදි මට යාලුවෙක්, අලුත් යාලුවෙක් හඳුන්වල දුන්න. නම සිංහලට වගේම දෙමළටත් පොදු නමක්. ටික වේලාවකින් මට තේරුනා මෙයා දමිළයෙක් කියල. මම ඇහුව (ඇහුන, ඉබේටම) මචං උඹ දෙමළද කියල ? අලුත් යාලුවා ඇස් කරකවල මම දිහා බලල ඔහුගෙ හිත යට තිබුණ මොකක්දෝ දෙයක් ඇස්දෙකෙන් පෙන්නුවා. ඒ වාගෙ ප්‍රශ්ණයක් අහපු එක ගැන සෑහෙන දවසක් මම කණගාටු උනා.
    මොනව කරන්නද, සේරම ඇට මිදුලු වලට කිඳා බැහැල තියෙන්නෙ.

    ReplyDelete
  2. දිනේෂ් වගේ නම් නම් දෙකටම පොදුයි.

    ReplyDelete
  3. printing mistake එකක් වෙන්න බැරිද? ඒ වාක්‍යයයේ ගැලපීමත් අඩුයි නේද? “දෙමළ“ නොව “දෙවන“ විය නොහැකිද?

    ඔබ කියන අදහස ලැබීමට නම් “ජාතික“ යන වචනයත් තිබිය යුතුයි නේ?

    ReplyDelete
    Replies
    1. බොහෝ ජාතික පුවත්පත්වල 'මුස්ලිම් ජාතික සැකකරුවෙක්, ද්‍රවිඩ ජාතිකයින් දෙදෙනෙක් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත' වැනි පාඨයන් නිතරම දකින්න පුලුවන් අපි නෝට් නොකලට. මුද්‍රණ දෝෂයක් වෙන්න බැහැ.

      Delete
    2. We are a nation that do not learn lessons from our past mistakes. A thirty year war broke out as we were not ready to respect the rights of the Tamils.Now some extremist pseudo Buddhist monks are sowing seeds for a bloodbath through the anti halal campaign.'The Divayina' has been publishing anti tamil and anti muslim stories,articles etc since its beginning primarily, in order to fatten its bank accounts . The more bloodbaths the more they earn.

      Delete
  4. ඉස්ලාම් ආගමින් මුස්ලිම් ජාතික කාන්තාවන්ට මුදාහැර තිබෙන (ලංකාවේ නව ප්‍රවනතාවක් ලෙස) පීඩනය ගැන යමක් කියන්නේ නැත්තේ ඇයි ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා