හලාල් ප්‍රශ්නය: දේශපාලන සායනික ප්‍රතිකාර අවශ්‍ය දේශපාලන උමතු

විදුලිබල හා බලශක්ති ඇමතිකමේ සිට පහත වැටුණු ‍චම්පික රණවකගේ කට කලකට පසු ඇරී තිබේ. ඒ හලාල් සහතිකයට එරෙහිව අද පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදීය. 

පසුගිය කාලයේ බත් කන්නට හා දත් මදින්නට පමණක් කට ඇරිය, වෙන අය ලවා තමන්ට කියගන්නට බැරි කතා කියවා ගන්නට තතනමින් සිටි චම්පික රණවක මෙසේ විපිරියාස වන්නට එකම හේතුව තනතුරෙන් පහත දැමීම පමණක් නොවේ. 

ජාතික හෙළ උරුමය ආණ්ඩුව හමුවේ දන නැමීමත් සමගම ආන්තික සිංහල බෞද්ධ ජාති ආගම්වාදී ව්‍යාපාරය තුළ ගලගොඩඅත්තේ රතනසාර භික්ෂුව ඇතුළු බොද බල සේනා සංවිධානය නැඟී ඒම සමග චම්පික හා අතුරලියේ රතන හිමි කලබල වී ඇති බව පෙනෙන්නට තිබේ. 

ඒ නිසා දැන් චම්පිකම බැස හලාල් සටන අතට ගන්නට අමුඩ ගසමින් සිටියි. අද පැවැත්වුණු පුවත්පත් සකච්ඡාවේදී හලාල් සහතිකය සිංහල අවුරුද්දට පෙර ඉවත් නොකළොත් බහුජන සටනක් අරඹන බවට ජමියතුල් උලමා සංවිධානයටත්, හලාල් සහතිකය ලබාගන්නා නිෂ්පාදකයින්ටත් චම්පික හා රතන  හිමි අනතුරු ඇඟවූහ. 

මේ අතර හලාල් සහතිකය නිකුත් කිරීම සඳහා බලය ඇති සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයට විකල්ප සංවිධානයක් ලෙස පෙනී සිටින ශ්‍රී ලංකා ජමියතුල් උලමා නම් සංවිධානයක් ඉදිරිපත් වී අපූරු යෝජනාවක් කර තිබේ. ඒ වනාහි හලාල් සහතිකය නිකුත් කිරීම ආණ්ඩුවට ගන්නා ලෙසයි. මේ නම් අනිවාර්යයෙන්ම ආණ්ඩුවේම කුමන්ත්‍රණයක් විය හැකිය. 

සාමාන්‍යයෙන් සිංහල ජාතිවාදීහු ආණ්ඩුවට ගෙවන්න සිදුවෙනවානම් හලාල් බද්දට වුව විරුද්ධ නොවනු ඇත. මන්ද බලේ සිටින ආණ්ඩුව ජාතිවාදයට පූර්ණ අනුග්‍රහය සපයමින් එයින් සිය පැවැත්ම තහවුරු කරගන්නට උත්සාහ කරන එකක් බැවිනි. පසුගිය කාලයේ විවාහ ලියාපදිංචි ගාස්තු වැඩි කළ විට සිංහල ෞද්ධයන් උද්ඝෝෂණ කළේ ඒ වැඩි කිරීම අඩු කර ගැනීමට නොව, වැඩිවීම මුස්ලිම්වරුන්ට ක්‍රියාත්මක නොවන බව පෙන්වමින් එය මුස්ලිම්වරුන්ටද ක්‍රියාත්මක කරවා ගැනීමටය. 

හලාල් සහතිකය සම්බන්ධයෙන් වාමාංශිකයන් ගත යුතු ස්ථාවරය කුමක්ද? හලාල් සහතිකය අනිවාර්ය එකක් නොවේ යයි ඇතැම් මුස්ලිම් අය පෙන්වා දෙති. එහෙත් හලාල් සහතිකය නොමැති නිෂ්පාදන මිළ දී නොගන්නා ලෙස පල්ලි මගින් මුස්ලිම් වැසියන්ට දැන්වීම හරහා වෙළඳපොළ කොටසක් බිඳ වැට්ටවීමේ තර්ජනය ඔස්සේ හලාල් සහතිකය තුළට අනිවාර්ය බලහත්කාරයක් එකතු වේ. නිෂ්පාදකයෝ 9%ක් පමණ වන මේ වෙළඳපොල පංගුව වෙනුවෙන් හලාල් සහතිකය ලබාගනිති. 

දැන් මතු වී ඇති තත්වය හමුවේ බහුතර මුස්ලිම් නොවන ජනයා හලාල් සහතිකය ඇති නිෂ්පාදන වර්ජනය කරන තැනට තල්ලු වුවහොත්, නිෂ්පාදකයෝ වඩා ලොකු වෙළඳපොල පංගුව වෙනුවෙන් හලාල් සහතිකය අතහැර දමන්නට ඉඩ තිබේ. 

යම් නිෂ්පාදනයක් හලාල්ද නැද්ද යන්න දැනගැනීමට මුස්ලිම්වරුන්ට හිමිකමක් තිබේ. එම හිමිකමට ගරු කරමින් නිෂ්පාදකයින් තම නිපැයුම් හලාල් බව ඇසුරුමෙහි දක්වනවානම් හරිය. එහෙත්, ප්‍රශ්නය නිෂ්පාදකයින් බොරුවට එසේ කියන්නට ඉඩ තිබීමයි. ජමියතුල් උලමා සංවිධානය සහතික දුන්නත්, මේ නිෂ්පාදකයන් සිය නිපැයුම් ඇත්තටම හලාල් කර තිබේද යන්න සැක සහිතය. ජමියතුල් උලමා සංවිධානයට හලාල් ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට ක්‍රමවේදයක් තිබේද යන්න අපි නොදනිමු. එහෙත්, තමන්ට කප්පම් නොගෙවූ නිෂ්පාදන හරාම් බව පල්ලි හරහා දන්වා මුස්ලිම්වරුන් ඒවා මිළ දී ගැනීම වැළැක්වීමේ හැකියාවක් නම් ජමියතුල් උලමාට තිබේ. 

මෙය සංකීර්ණ ප්‍රශ්නයකි. මෙය දුරදිග ගියහොත් කිසියම් මොහොතක වෙළඳපොළ පවා මුස්ලිම් හා මුස්ලිම් නොවන ලෙස බෙදෙන්නට ඉඩ තිබේ. සිංහල මිනිසුන්ට සිංහල කඩ. මුස්ලිම් මිනිසුන්ට මුස්ලිම් කඩ. මෙය ලාභය මත පදනම් වූ ධනවාදයට අලුත්ම අත්දැකීමක් වනු නිසැකය. ප්‍රධාන වශයෙන් වෙළඳ ප්‍රජාවක් වන මුස්ලිම්වරුන්ට මෙය අහිතකර ලෙස බලපානු ඇත. සිංහල ව්‍යාපාරිකයන්ටද මෙයින් අත් වන සෙතක් නැත.

මෙම තත්වය විදෙස් රටවලින් පැමිණෙන මැක්ොනල්ඩ්, ේ.එෆ්.සී., පීසා හට්, ොමිෝස්, ්‍රෙඩ්ෝක් ආදී ෆ්‍රැන්චයිස් හෙවත් ෞරාධිකාර ව්‍යාපාරවලට ඉතා වාසිදායක වනු ඇත. 

දැනටත්, පවතින තත්වය පාවිච්චි කරමින් නෝලිමිට් වැනි මුස්ලිම් ව්‍යාපාරවලට එරෙහිව ජාතිවාදී පදනමින් උද්ඝෝෂණ කෙරෙමින් තිබේ. 

යුද බලය පාවිච්චි කර දේශපාලනය තුළ සිංහල ආධිපත්‍යය පිහිටුවා අවසන්ය. එහෙත්, සිංහල මිනිසුන් බහුතරයකගේ දිළිඳුකම අවසන් වී නැත. ඔවුන් අතර ඇති අසහනය තුළට අලුතින් දියත් කර තිබෙන මතවාදය වන්නේවෙළඳපොළ තුළද සිංහල ආධිපත්‍යය පිහිටුවිය යුතු බවයි.

සරළව කීවොත් සිංහල ජාතිවාදීන්ගේ මතවාදය වන්නේ තම දිළිඳුභාවයට විසඳුම සෙසු ජාතීන් තමන්ට වඩා දිළිඳුභාවයට පත් කිරීමය යන්නයි. 

මේ වනාහි දේශපාලන සායනික ප්‍රතිකාර මගින් මිස අන් කිසිත් ප්‍රතිකාරයක් මගින් සුව කළ නොහැකි දේශපාලන උමතුවකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. //ජමියතුල් උලමා සංවිධානයට හලාල් ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට ක්‍රමවේදයක් තිබේද යන්න අපි නොදනිමු. එහෙත්, තමන්ට කප්පම් නොගෙවූ//
    මේ සරල කරුණාවත් නොදැන ලිපිය ලියන්නේ ඇයි? හලාල් අධීක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය ජමියතුල් උලමා සංවිධානයේ වෙබ් අඩවියෙත්, මෑතක කරන ලද පුවත් සාක්ඡාවලත් සඳහන් වේ. ඒ සම්පූර්ණ අධීක්ෂණ ක්‍රියාවලිය සඳහා ලබා ගන්නා මුදල සේවා ගාස්තුවක් වන අතර කප්පම යන්නෙහි අර්ථය කුමක්දැයි දැන් ගැනීම සඳහා ශබ්ද කෝෂයක් භාවිතා කරන්න.




    ReplyDelete
    Replies
    1. හලාල් ක්‍රියාවලිය අධීක්ෂෂණය කිරීම පුවත්පත් සාකච්ඡාවකදී අපි මෙහෙම කරනවා යයි කීම තරම් සරළ නොවේ.

      කප්පමක් යනු මිනිසුන් ඍජුව හෝ වක්‍රව බියවද්දා බලහත්කාරයෙන් ලබාගන්න මුදලකි. අසාධාරණ බදු යනුද නීතිය භාවිතා කර ලබාගන්න කප්පම් විශේෂයකි.

      හලාල් සහතිකය තුළද කප්පම් ලක්ෂණ තිබේ. මන්ද, එය ලබා නොගත්තොත් තම නිෂ්පාදනය හරාම් කරනු ඇතැයි බියවැද්දීමක් එහි තිබෙන බැවිනි.

      Delete
    2. //හලාල් සහතිකය තුළද කප්පම් ලක්ෂණ තිබේ. මන්ද, එය ලබා නොගත්තොත් තම නිෂ්පාදනය හරාම් කරනු ඇතැයි බියවැද්දීමක් එහි තිබෙන බැවිනි.//

      ඉස්ලාම් ආගමට අනුවනම් උලම විද්වතුන්ට යම් කිසිදෙයක් හරාම් කිරීම කල නොහැක. ඔබ අදහස් කරන්නේ උලම සංවිධානය හලාල් සහතිකය නොමැති භාණ්ඩ මිලදී ගැනීමෙන් වැලකීමට මුසල්මානුවන්ට පවසන බවනම්, ඒ පිලිබඳ සාක්ෂියක් ඉදිරිපත් කරන්න. නැතිනම් ඔබගේ මේ ප්‍රකාශය හුදෙක් තවත් එක ජනමාධ්‍ය කරුවෙකුගේ නිර්මාණයකි.

      ඍජුව හෝ වක්‍රව බියවද්දා හලාල් සහතික කරණයට ලක්වූ නිෂ්පාදකයන් ඇතිනම් ඔවුන් කව්රුන්ද? එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පොලිසියේ පැමිණි තිබේද?

      Delete
    3. බිය වැද්දීම පිහිය බෙල්ලට තබාවත්, කප්පම් ඉල්ලීම ප්‍රාණඇපකාරයෙක් තියාගෙන වත් කළ යුතුම නොවේ. 9% ක පාරිභෝගික පිරිසද නිෂ්පාදකයෙකුට පාරිභෝගික පිරිසක්ය, 100% ක වෙළදපොලක් වෙත නිෂ්පාදන ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින නිෂ්පාදකයෙකුට එය 90% දක්වා කප්පාදු කරන බව පෙන්නාදීම බිය වැද්දීමයි, එසේ නොවීමට නම් හලාල් සහතිකය ගතයුතු බව කීම කප්පමයි. තවත් තේරුම් කර දිය යුතු ද?

      Delete
    4. පැරාගේ ළිපියට ප්‍රතිචාර දැක්වීම. ඔබ මේ කොමෙන්ටුවට දමා ඇති ප්‍රති කොමෙන්ටුව නිසා නවතා දමන ලදි. සිහල උරුමයේ සමහර කරුණු හා මත බේද තිබුනා වූවද. තලෙයිබාන්කරනය මුල් අවස්ථාවෙදීම කටුගා දැමිය යුතුය.

      Delete
    5. "තලෙයිබාන්කරනය මුල් අවස්ථාවෙදීම කටුගා දැමිය යුතුය."

      මුස්ලිම් තලෙයිබාන් ක්‍රමයද නැති නම් සිංහල බෞද්ධ තලෙයි බන් ක්‍රමයද, නැති නම් දෙකමද ?

      Delete
    6. @ සුධීර
      උන් හලාල් නැතුව කන්නෙ බොන්නෙ නැති එක උන්ගෙ අයිතිවාසිකමක් හෝ විශ්වාශයක් නම්, අපි කළ යුතුව තියෙන්නෙ උන්ගෙ අයිතිවාසිකම් සහ විශ්වාශයන් ට ඉඩ දෙන එකයි(මම අදහස් කරන්නෙ නැහැ උන් විශ්වාශ කරනව කියල, ශරිය නිතියට ඉඩ දිය යුතුයි කියල) පොදුවෙ සමාජයට අයහපතක් නොවෙනතාක් කල් ඕනැ එකෙක් ඕනැ දෙයක් කාගන්න බැරි නම් ගාගත්තහම අපේ මොකෝ?

      Delete
    7. ප්‍රස්නේ තියෙන්නේ උන් අපේ මුදල් වලින් උන් ගේ අගමැ ඇදහීමට යාමය

      Delete
  2. //...සරළව කීවොත් සිංහල ජාතිවාදීන්ගේ මතවාදය වන්නේ තම දිළිඳුභාවයට විසඳුම සෙසු ජාතීන් තමන්ට වඩා දිළිඳුභාවයට පත් කිරීමය යන්නයි....//

    +++++

    ReplyDelete
  3. හලාල් නවත්තන්න ඔය තරම් දඟලන්න ඕනි නැහැ.
    ආණ්ඩුවේ එකකුත් නොවේ නම් නීතිගත කර නැත්නම් හලාල් ලාංඡනය හොරට ගහන්නට පුළුවන් නෙ. මට ඌරුමස් කඩයක් තිබුනනම් ඒකට හලාල් කියල ගහල විකුණනව.

    ~Ra

    ReplyDelete
  4. "මට ඌරුමස් කඩයක් තිබුනනම් ඒකට හලාල් කියල ගහල විකුණනව" - Maru idea eka :) Sirawatama ape kastiyata kiyala balanna one mokada mage goda yaluwo pork walata mara aasai

    ReplyDelete
  5. හලාල් කියන්නෙ රජය පිලිගත් සහතියක් නොවේ නම් ලියාපංදිංචියක් නැත්නම්... යම් කෙනෙකුට ඕනා වෙලාවක ඕනා ජාතියේ ප්‍රමිති සහතියක දෙන්න පුලුවන්නම් ඒකට අය කරන්න පුලුවන්නම් කැලණියේ එකාට ආචාර්ය පට්ටම දුන්න එකත් සාධාරනීකරනය කරමුකෝ?

    පැරෝ හලාල් වලට වඩා විවාදයක් ගන්න ඕනා වෙන්නෙ යම් ආගමක් එම ආගමේ නාමයෙන් හෝ නොපෙනෙන දෙවියෙකුගේ නාමයෙන් මනුෂ්‍ය ඝාතන සාධාරනීකරනය කරනකොට ඒකත් නීති විරෝදී දෙයක් නේද?

    මේකට නීති මාර්ගයෙන් කටයුකු කරල මේ වගේ ත්‍රස්තාවදය හා සමග යන ආගමික වර්ග / නිකායන් අපේ රටේ දියුණුව වෙනුවෙන් තහනම් කරන්න ඕනා නේද?

    පොඩ්ඩක් කියමුකෝ.

    ReplyDelete
    Replies
    1. 1 ප්‍රශ්ණයක් නොවිසඳා සිටීමට අවශ්‍යනම් ඒ සඳහා ක්‍රම දෙකක් ඇත.
      *ප්‍ රශ්ණය සඳහා කුමන පිළිතුරක් යෝජනා කළද රෙද්ද උස්සාගෙන වීදි බැස ඒ සඳහා විරෝධතාවද දැක්වීම - JVP හා හෙළ උරුමයේ ක්‍රමය
      * ඒ ප්‍රශ්ණයට වඩා තවත් ලොකු ප්‍රශ්ණ ඇති බව පවසා මුල් ප්‍රශ්ණය යට ගැසීම (රනිල් ගේ සහ මහින්ද ගේ ක්‍රමය)

      යාල්දේවී; ඔබේ විසඳුමත් මේ දෙවැන්න ද ?
      2. ඇත්තට හලාල් ලාංඡනය බොරුවට ගැහුවොත් දෙන්න පුලුවන් නීත්‍යානුකූල දඬුවමක් තියේද ? එහෙම නැත්තං මීගමු පාරෙ තියන ඌරුමස් කඩ ටිකේ හලාල් බෝඩ් එල්ලන්නත් පුලුවන්නෙ.

      Delete
    2. ඔබ හලාල් වලට විරුද්ධව කතා කලා කියන්නෙ ඉස්ලාම් ආගමට විරුදධව කටයුතු කලා කියන එකයිනේද. එහෙනම් ඔවුන්ගේ නීතිය අනුව මුස්ලිම් වරුන්ට ඔබව මැරිය හැකියි නේද? ඒක ඔවුන්ට නම්බුවක්.

      මෙහෙම කියලා තියෙන කුරාණය තහනම් කරන්න අපි යෝජනා කරමුද පැරෝ.

      Delete
  6. //හලාල් සහතිකය තුළද කප්පම් ලක්ෂණ තිබේ. මන්ද, එය ලබා නොගත්තොත් තම නිෂ්පාදනය හරාම් කරනු ඇතැයි බියවැද්දීමක් එහි තිබෙන බැවිනි.//

    මුස්ලිම් උලම කියන්නෙ හලාල් වශයෙන් සහතික කරන්න බලය ඇති බවත් හරාම් වශයෙන් වර්ග කරන්න බලය නැති බවත්. හොඳයි හලාල් සහතිකය නැතිඋනහම සිංහල නිෂ්පාදකයට ලංකාවෙ 9% මාකට් එක නැති වෙන එකට වඩා පාඩු නැද්ද විදේශ මාර්කට් එක නැති වෙන එක ?
    මේ විරෝධතා වෙන මොකවත් නෙමෙයි. ලේ දකින්ට තියන ආසව විතරයි. නිකන් ඉල්ලං කනව.

    ReplyDelete
  7. සුප්‍රකට ලිප්ටන් වට රවුම ආසන්නයේ පිහිටි අති විශාල බෝජන ශාලාවකට දිවා ආහාරය ලබා ගැනීම සඳහා මම 15.02.2013 ගොඩ වැදුනෙමි. එහි 'ඉංග්‍රීසියෙන් හරක් මසුත් නැත, ඌරු මසුත් නැත' යනුවෙන් දැන්වීමක් ප්‍රදර්ශනය කර ඇත.එහි හලාල් ආහාර යනුවෙන්ද දැන්වීමක් ප්‍රදර්ශනය කර ඇත.
    මට අවශ්‍ය වූයේ ඌරු මස් සහිත ආහාර වේලක් නම මෙහිදී එය වාරනය කර ඇත.මම ඒ ආසන්නයේ පිහිටි කුඩා ආපන ශාලාවකට ගොස් ආහාර ලබා ගතිමි.
    මට අවශ්‍ය ආහාර වේලක් ලබා ගැනීමේ අයිතියට තහංචි වැටීම සාධාරීනීකරනය කරනය කල හැකිද?
    Man









    ReplyDelete
    Replies
    1. @ Man
      වැරදි "ලොජික්" එකක් නේද ?
      ඔබ නොදැනුවත්වම හෝ "හලාල් " කඩයකට හිහින් "හරාම්" කැමක් ඉල්ලනව. ඔබට අවශ්‍ය කැම වේලට ඔවුන් තහංචි දාල නැහැ. එය ඔවුන් විකුනන්නෙ නැහැ. අල්පපු කඩෙන් එය ඔබට ලබා ගත හැකියි. ඉතින් කොහොමද ඔබ කියන්නෙ ඔබට අවශ්‍ය දේට තහංචි දාල තියනවා කියල ?
      මේක හරියටම "වෙජීටේරියන්" රෙස්ටුරන්ට් එකකට ගිහින් "මස් කෑම" එකක් ඉල්ලල, ඒක නැති එකට කඩේ මැනේජර්ට දොස් කිවුව වගේ වැඩක් නේද ?

      Delete
    2. මම ජාතිවාදියෙක් නොවෙමි.එහෙත් මට ඔබගේ කරුනුවලට එකඟ විය නොහැක.මට මුස්ලිම් ආගමීක මිතුරන් විශාල සංඛයාවක් ඇත. මම එය ගෙන හැර දැක්වූයේ මා ජාතිවාදියෙක් නොවන බව දැක්වීමටය.
      මෙයට දශක ගනනාවකට පෙර සිටම මෙරට හරක් මස් කඩ, ඌරු මස් කඩ හා කුකුළ් මස් කඩ තිබුනි.එහෙත් වර්තමානයේ පවතින හළාල් ගාලගෝට්ටිය එකල නොවීය.
      හලාල් ප්‍රශ්නය යටින් දිව යන්නේ කිසියම් ආකාරයේ අන්තවදි මතවාදයක් පිළිබඳ ද්වන්ධ සංග්‍රාමයක් බව පෙනී යයි. සත්‍ය එයයි.
      මා ඉහතින් සඳහන් කල ලිප්ටන් වටරවුමේ පිහිටි අති විශාල හෝටලයේ එක ආගමීක කොටසකට ගැලපෙන ආහාර විකිනිය හැකි නම් එහිම අනිකුත් වාර්ගීකයන්ට අවශ්‍ය හරක් මස් හා ඌරු මස් සහිත ආහාර විකිනිය නොහැක්කේ මන්ද?
      ඩුබායි ගිය මුස්ලිම් මිතුරෙකු පැවසුවේ එරටේ සුපර් මාර්කට්වල නොන් මුස්ලිම් ඒරියා non Muslim aria ලෙස සඳහන් කොට ඌරු මස් විකිනීමට තබා ඇති බවය.
      එහෙත් ලංකාවේ XXX හා වෙනත් ආහාර සපයන සුපර් මර්කට්වල ඌරු මස් නම් කෙසේවත් දැකිය හැකි නොවේ.
      ඔවුන්ගේ මවු ශාඛා ඇති ඇමරිකාව වැනි රටවල ඌරු මස් යෙදූ සකස් කල් ආහාර විකිනීමට තබා ඇති නමුත් ලංකාවේ ඒවා දක්නට නොමැත.එසේ කළ නොහැක්කේ මන්ද?
      එක තර්කයක් ඉදිරි පත් කළ විට වෙජිටේරියන් ආපන ශාලා තර්ක ඉදිරි පත් කිරීමෙන් ප්‍රශ්නය නොවිසඳේ.
      Man


      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා