කැලනියේ හසිත මඩවල කතාවේ පිටපතේ දුබලකම්

ලංකාවේ කතා පිටපත් රචකයන්ගේ ඇති ප්‍රධාන දුබලකමක් වන්නේ ඔවුන් විසින් ලියනු ලබන කතාවල මුල මැද අග හා අන්තර් සම්බන්ධය නිසි ලෙස නොගැලපීමයි. 

කැලනියේ හසිත මඩවල ඝාතනය පිළිබඳ කතාවක් අද දිවයිනේ පළවී තිබේ. එය කියවන්න. කතාව හොඳය. 

එහි අඩුපාඩු මේවාය. මිනීමරුවා ලෙස සැකකරන රංගනගේ අම්මාට බැන වැදී පහර දුන් ප්‍රධාන පුද්ගලයා වන්නේ කැලනිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීරයි. එහෙත් දැවැන්ත ප්ලෑනක් ගසා මරන්නේ හසිත මඩවලවය. 

පිටපතේ ප්‍රධාන දුබලකම එයයි. හදිස්සියෙන් කතා ලියන්න ගියාම ඔය වගේ දුබලකම් ඇතිවෙනවාය. දිගටම කරගෙන යන්න. අනාගතයේදී සාර්ථක වන්නට පුළුවන. 

මේ කතාවට සම්බන්ධ අතුරු කතාවක මෙවැනි දෙබසක් තිබිය හැකිය.

"බැරිද සර් පොලිසියට කියන්න මේක ෂේප් කරන්න කියලා."

"උඹ කියපන්."

"මං කිව්වට අහන්නෙ නැහැ සර්. සර්ගෙ ඕඩර්ස්ය කියලා උන් පිස්සු බල්ලො වගේ හොයනවා."

"දැම්ම කියන්න බැහැ. උඹ අරූව ඉක්මණින් පිට කරපන්. ඌ අහුවුණේ නැතිනම් වැඩේ ෂේප්නෙ.මං ප්‍රසන්නයව ෂේප් කරල දාන්නං. දැනට ඌ ඔහෙ කෑගහපුවාවෙ."

"හරි සර්, රංගනයවනම් අපි හෙටම සිංගප්පූරු අරිනවා."

"හරි. මං මළගෙදර පැත්තෙ විසිට් එකක් දාන්නං. මං මළගෙදර එනවා කිව්වොත් ප්‍රසන්නය වුණත් මැරෙන්න කැමතිවෙයි."

"ඕකුන් තව උඩ යයිනෙ සර්."

"උඹත් උඩ ගිහින් වැඩියි. ොනා. වැඩක් කරනවාන් හරියට කරපන්."

"කලින් ඒවා අපසෙට් ගිේ නැහැනෙ සර්. ේක විතරනෙ."

"හරි. හරි. කට වහගෙන හිටපිය." 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ඒ කියන්නෙ අසල්වැසියන්ගෙ අවනඩු දැන් පැමිණිලි කොරන්ඩ ඕනි පොලෝසියට නොවෙයිය?ඒ අම්මත් අම්මටම !@#$ අම්ම කෙනෙක්නෙ.නයි වයිරෙන් ඉන්න එව්වන්ගෙ රෙද්ද අස්සට පැමිණිලි කොරන්ඩ ගියේ අහවල් කාරියකටයැ ???කොහොමත් අධ්‍යක්‍ෂක කියන විදියටනෙ නළු/නිළියො රගන්න ඔන්නැන්නේ.

    ReplyDelete
  2. Saho,

    This article is great article. We understood very well the real story behind it. magnificent writing...

    ReplyDelete
  3. කොහොමත් මේ ආන්ඩුවේ පිටපත් ලියන්නේ මෙගා ලියන උන්ය.. ආර්ථිකයත් එසේය. 1994 සිට මේ දක්වා නියම තිර පිටපතක් තිබුනේ එකම එක සෝ එකකටය. එහි තිර පටපත් රචකයා මමයි කීමට පිරිස් බොහෝය. ඒ නිසා අප්සට් උන තැන් පැන යන නළු නිලියන් ගැන හිතා ගන්නවත් බැරි විදියට පිටපත් වෙනස් වෙනවාය. අඤ්ඤකොරොස්ය...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා