මැක්කන් සමග ගෙදර යන රජීව විජේසිංහ

සුද්දා වගේ ඉංග්‍රීසි කතා කරන්නට දත් කළු මහත්තයෙකුට රස්සාවක් උවමනා කර තිබේ.
බල්ලන් එක්ක ලැග්ග විට මැක්කන් එක්ක නැගිටින්නට සිදුවන බව කවුරුත් දන්නා උපහැරණයකි. 

මෙයට විසඳුම වන්නේ බල්ලන් එක්ක ලැග නැගිටිනවිට තමනුත් මැක්කන් සමග ජීවත් වන බල්ලකු වීමයි. 

බල්ලන් ළඟ ලැග පැවතීම සඳහා බල්ලකු වීම හැර අන් විසඳුමක් නැති බව දැන දැනම රාජ්‍ය බලය රසවිඳින්නට ගිය ලංකාේ ලිබරල්වාදී ඇතැමුන්ට මැක්කන් කනවිට ඇතිවන අපහසුතාව දරාගන්නට බැරි වී තිබේ. 

දයාන් ජයතිලක සිංහල ජාතිවාදයට සේවය කළේ කොටි සංවිධානය ෆැසිස්ට්වාදී නිසාය. ෆැසිස්ට්වාදී කොටි සංවිධානය විනාශ කර දයාන් ගොඩනැඟූ 'ප්‍රජාතන්ත්‍රවාදය' තුළ දයාන්ට ටිකට් එක ඇදෙන්නට ගියේ කෙටි කාලයකි. 

දැන් වාරය පැමිණ ඇත්තේ ආණ්ඩුව වෙනුවෙන් ඉංගිරිසියෙන් ලියුම් ලියන්නට ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී මහා චාර්ය රජීව විජේසිංහටයි. දොෂාභියෝගයට පක්ෂව කටයුතු නොකිරීම නිසා ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. 

මැක්කන් සමග සනීපෙට ජීවත්වීමේ කලාව අමාරුවෙන් ඉගෙනගත් ඩිලාන් පෙරේරාට ඊළඟ අවස්ථාව නොලැබේවායි ඔහු වෙනුවෙන් අපි දෙවියන් යදිමු. 

ආදර්ශය: ඉංග්‍රීසි ොඳින් දත් පළියටම කෙනෙකුට මහත්මයකු වන්නට බැරිය

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. හැබයි ඌ මහත්මයෙක් පැරා. මම දෙරන ඉන්ටවීව් එකත් බැලුවා. ඌ බය නැතුව ආන්ඩුව විවේචනය කලා. දෝශාභියෝග ඡන්ද විමසුමේදී විරුද්ධව ඡන්දය පාවිච්චි කලා....

    ReplyDelete
    Replies
    1. ඔහු විරුද්ධව ඡන්දය දුන්නේ නැත. ඒ වෙනුවට ඡන්දය දීමෙන් වැළකී සිටියේය. පාර්ලිමේන්තුවේදී කතා කිරීමට ඔහුට අවස්ථාවක් නොලැබිණි. ලැබුණා නම් මෙසේ කියනු ඇතැයි ඔහු කියයි.
      බලන්න

      Delete
  2. විජේදාස බල්ලෝ සමග වාසයට කැහැපොට ගහද්දි රජීව ගත්ත තීරණය ශ්‍රේෂ්ටයි !මැක්කො කිනිතුල්ලෝ වෙච්ච එව්වන්ට මේක හොද උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි. හැබැයි මිනිහ ශ්‍රේෂ්ට නිසාද කොහොමත් කැපිලද දන්නේ නෑ ඉන්නේ. රාජපක්ෂලා වැඩේ අරන් මිනිස්සු හලල දාන්න දක්ෂයි. මොනවා උනත් නිවැරිදි දේ කිරීම අගය කල යුතුයි. මංගල සමරවීරට කවුරුත් පොන්නය කියනවා නමුත් මිනිහ තමන් නිවැරිදියි කියල විශ්වාශ කරන දෙය වෙනුවෙන් පෙනී සිටිය.

      Delete
  3. ක්‍රිෂ්ණාJanuary 24, 2013 at 10:09 PM

    මහින්දයාගේ බෝල මිරිකන්න ගිහිං ලබ්බ බිම ඇනගෙන.

    ReplyDelete
  4. ලිබරල් කියන වචනෙට අලුත් අර්ථ කථනයක් දෙන්න සිද්ද උනා මේ වගෙ මිනිස්සු නිසා. බුද්ධිමත්ය කියල අපි හිතන මිනිස්සු ඇයි මේ වගෙ පහත් තත්වයට ඇද වැටෙන්නෙ කියන එක මට තාම ප්‍රශ්නයක් අජිත්....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා