දොස්තරකම රස්සාවක් පමණක් නොව සමාජ ගැටලුවකි

වෛද්‍යවරයකුගේ නොසැලකිල්ල නිසා නීති ශිෂ්‍යාවකට අත අහිමිවීම පිළිබඳ ඇති වී තිබෙන පොදු සංවාදය ‍හේතුවෙන් මෙම සටහන තබමි.

අදාළ වරද සිදුකළ වෛද්‍යවරයා පරීක්ෂණ මණ්ඩලය හමුවේ කළ ප්‍රකාශයක් දිවයින පුවත්පතේ පළවී තිබිණි. ඒ මෙසේය: "නීති ශිෂ්‍යා අචලා ප්‍රියදර්ශනී මෙනෙවියගේ කැඩුණු අතට ප්ලාස්‌ටර් ඔෆ් පැරිස්‌ බදාමය දැමුවේ ඇගේ අතට අහිතක්‌ කිරීමේ අරමුණ ඇතිව නොවෙයි. එයින් අහිතකර බලපෑමක්‌ සිදුවුණා නම් ඒක ඒ ළමයාගේ වෙලාව වෙන්න ඇති. මෙහෙම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න මට සිදුවූයේ මගේ වෛද්‍ය ජීවිතයේ ප්‍රථම අවස්‌ථාවටයි. ඒක මගේ වෙලාව වෙන්න ඇති..."

පිළිතුර ඉතා සරළය. එම සරළ පිළිතුර විසින් වෛද්‍යවරයා හා රෝගියා අතර සම්බන්ධයේ යථාර්ථයද සරළ ලෙස නිරූපණය කරයි. රෝගීන්ගේ ප්‍රතිචාර හා පැමිණිලි පිළිබඳ වෛද්‍යවරුන් සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය. සෞඛ්‍ය සේවය රෝගියා කේන්ර්‍ද්‍රීය වන එකක් මිස වෛද්‍යවරයා කේන්ද්‍රීය වන එකක් නොවිය යුතුය.

මෙම ලියන්නා විසින් මීට පෙරද වෛද්‍ය වෘත්තිය හා අදාළ දේශපාලනික විවේචනයක් මතු කරගන්නා ලදී. එවැනි අවස්ථාවලදී වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි පිරිස් ප්‍රතිචාර දැක්වූයේ ත්‍රස්තවාදී ස්වරූපයකිනි. වෛද්‍ය, නීතිඥ වැනි ලංකාවේ අධික ලෙස පීඩිතයන් සූරාකන වෘත්තීන්හි අසාමාන්‍ය වෘත්තීය ඒක්සත්කමක් තිබේ. ඒ සම්මුතිය කුමටද? අප නම් කියන්නේ දැවැන්ත දූෂණයක් ආවරණය කරගන්නටය.

අප කලින්ද කියා ඇති පරිදි ලංකාවේ වෛද්‍යවරු යනු මහජන මුදලින් අධ්‍යාපනය ලබා, දේශපාලකයන් හා සමාන නින්දිත අන්දමින් මහජන මුදල් ගසාකන ඊනියා වෘත්තිකයෝ පිරිසකි. අපට වෛද්‍යවරුන් හෝ වෙනත් කිසිදු වෘත්තිකයන් පිරිසක් සමග පෞද්ගලික අමනාපයක් නැත. අප මතු කරන්නේ දේශපාලනික කාරණයකි.

දේශපාලනය යනු අයථා හා මහජනයා විසින් හෙළාදකිනු ලබන නිල මාර්ගවලින් මහජන මුදල් ගසාකා ඉක්මණින් ධනවත් වීමේ මාර්ගයක් වේ නම් දොස්තරකම වනාහි මේ රටේ මහජන මුදල් වැඩිදෙනෙකු විසින් නිවැරදි යයි පිළිගනු ලබන මාර්ග ඔස්සේ ගසාකා ඉක්මණින් ධනවත් වීමේ මගකි. මේ 'සුදු සල්ලි' පිළිගැනීම නීතිඥයන්ටවත් නැත.

මේ ගසාකෑම කරන්නේ අඩුවෙන් හා නොසැලකිල්ලෙන් මහජන සේවයෙහි යෙදෙමින් මහජන මුදලින් උපරිමයෙන් වැටුප් හා වරප්‍රසාද භුක්තිවිඳිමින් නිදහසේ පෞද්ගලික ව්‍යාපාරවල යෙදෙමිනි. කරුණාකර තියටර්වල ඩොක්ටර්ලා ගැන භාවාතිශය කතන්දර කීමෙන් වළකින්න. වෛද්‍යවරුන්ගේ අතිකාල කෙරුවාව වනාහි සාමාන්‍ය ලෙඩුන් හොඳින් දන්නා දෙයකි. හැකිනම් සාමාන්‍ය රජයේ රෝහලක වෛද්‍යවරුන්ගේ සත්‍ය වැටුප්, අතිකාල හා වෙනත් දීමනා විස්තර නිල ලේඛන සමග පෙන්වන්න. කැමතිනම් වෙනත් සෞඛ්‍ය ‍සේවකයන්ගේ එබඳු විස්තර සමග ඒවා සන්සන්දනය කරන්න. ඉතා පහසුවෙන් සොයාගත හැකි මෙවැනි සාමාන්‍ය දේ පවා මෙතරම් රහස්‍ය ලේඛන බවට පත්වී තිබෙන්නේ ඇයිද යන්නද විමසා බැලීම වටී. ඒවා හෙළිදරව් නොවන්නේ වෛද්‍යවරුන් පමණක් නොව සෙසු රජයේ සේවකයන් පවා ඒවා රහස් ලෙස රැකගන්නා බැවිනි.

වෛද්‍යවරුන් දිනෙන් දින වර්ධනය වන සුවිශේෂ වෘත්තිකමය තත්වයක් අත්පත් කරගන්නේ තනිකරම රෝගීන් ඇපයට තබා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමෙන් නොවේ. මෙතැන තිබෙන්නේ වෙනත් කිසිදු වෘත්තියක දක්නට නොලැබෙන සුවිශේෂ තත්වයකි. දොස්තරකම ලංකාවේ මිනිසුන්ගේ ජීවන පරමාදර්ශයක් වී තිබේ. එය ඉක්මන් පංති මාරුවක් සඳහා ලංකාවේ නීතියට බිය මිනිසුන් හමුවේ තිබෙන පොදු මාර්ග සිතියමයි. ලංකාවේ ඉන්න මිනිස්සු දොස්තරලා වෙන්නට බැරි වූ මිනිස්සු හා දොස්තරලා වෙන්නට ඉන්න මිනිස්සු ලෙස වර්ගකිරීමේ වරදක් නැත. දොස්තරලා වෙන්නට බැරි වූ මිනිස්සු සිය දරුවන්‍ හෝ දරුවන්ගේ දරුවන් දොස්තරලා කරන්නට සිහින දකිති. ඒ නිසා කිසිවෙක් වෛද්‍ය වෘත්තිය දෙස විවේචනාත්මක වීමට අකැමැති වෙති. මන්ද, සිය අනාගත පරම්පරා වෙනුවෙන් මේ දූෂණය පවත්වාගත යුතු බැවිනි. සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති නායකයෝ පවා මේ විෂමතාව පිළිබඳ කතා නොකරති. මන්ද, ඔවුන්ගේද අරමුණ දරුවන් දොස්තරලා කිරීම වන බැවිනි.

මේ දොස්තරමේනියාව ලංකාවේ වාමාංශික ව්‍යාපාරයටද පැතිරී තිබේ. වාමාංශික පක්ෂයකට දොස්තරකෙනෙක් සම්බන්ධ වේනම් ඔහුට ඩබල්, ට්‍රිබල් ප්‍රමෝෂන්වලින් දේශපාලන මණ්ඩලයට ඉනිමගක් සොයාගත හැකිය. පක්ෂයේ පූර්ණකාලිකයකු වන වෛද්‍ය ශිෂ්‍යයකු හෝ වෛද්‍යවරයකු පක්ෂ අභ්‍යන්තරයේ මුනිවරයකු සේ වන්දනාවට පාත්‍ර වේ. පක්ෂයට කිට්ටුවෙන් ඉන්න දොස්තරලා රැකගැනීම වෙනුවෙන් පක්ෂය මේ සමාජ ගැටලුව විග්‍රහ නොකර සිටියි.

කායික මෙන්ම මානසික වශයෙන්ද ෝගී සමාජයක් වන ලංකාවේ වෛද්‍ය වෘත්තිය යනු රැකියාවකට හෝ සේවාවකට වඩා සමාජ ගැටලුවකි. තව ටිකකින් මෙහි පළවන කමෙන්ටු බැලීමෙන් වුව ඔබට එහි ගැඹු වටහා ගැනීමට හැකි වනු ඇත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. එතකොට ඔබතුමාගේ බිරින්දෑ අයිතිවන හෙද සේවයත් සමාජමය ගැටළුවක් නේද?

    ReplyDelete
    Replies
    1. No, because they do nothing....

      Delete
    2. Yes They do nothing.......

      Delete
  2. දොස්තරලා වෙන්නට බැරි වූ මිනිස්සු සිය දරුවන්‍ හෝ දරුවන්ගේ දරුවන් දොස්තරලා කරන්නට සිහින දකිති

    ReplyDelete
  3. ඔබ කතා කරන්නේ හරියට මෙවෙනි දෑ වෙන්නේ ලන්කාවෙ පමනයි වාගේය.

    ReplyDelete
    Replies
    1. මෙවැනි දේවල් සිදුවන්නේ ලංකාවේ පමණක් නොවන බව සැබෑව. නමුත් මෙහිදී අදාළ වෛද්‍යවරයාගේ ප්‍රතිචාරය බලන්න. ඒක "නරක වෙලාවක්, අවාසනාවක්" වගේ වචන දාලා එයාගේ අතපසුවීම නොසැලකිල්ල සාධාරණීකරණය කරන්න උත්සාහ කරළා. නිකමට හිතන්න ඔය අත කැපීමට සිදුවූ නොසැලකිල්ලට විරෝධය පාලා ඒ වෛද්‍යවරයාට කවුරු හරි පුද්ගලයෙක් පහර දුන්නා කියලා. එතකොට ඔහොම දේවල් වෙන්නෙ ලංකාවෙ විතරයි කියලා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය නම් පාතාල සංවිධානය නිකම් ඉඳියිද? අර සේරම යටපත් කරලා තමන්ගෙ ගෝත්‍රික ආකාරයේ මහන්තත්තකම පෙන්නන්න වර්ජනයක් කරාවි.

      Delete
    2. මේ සියලු කතා පන්ති ප්‍රේමය තුල දිය කර හරින, ලාංකීය වාම-මාංශික බඩගොස්තරවාදීන් නොදන්නා බොහෝ දේවල් වාමාංශික සමාජවාදී රටවලද සිදු වේ. මා හොදින් දන්නා කරුණක් නම් වාමාංශික කියුබාවේ ද, පෙර පැවති සෝවියට් දේශයේද දොස්තරයෙක් වීමම ඉහල සමාජ තත්වයකට යාමට මහෝපකාරී වන බවයි. දැඩි ආගමන විගමන සහ ආනයන සීමා ඇති එරට පිටරට රැකියා, සාමාන්‍ය පුරවැසියාට නොලැබෙන විදේශ විනිමය ඉපයීම මෙන්ම බදු සහන පවා එරට දොස්තරලාට හිමියි.

      දෙවන කාරණය නම් මෙහිදී එම ප්ලාස්ටරය දැමු වෛද්‍යවරයාට ඇඟිල්ල දිගු කිරීම මේ පිලිබඳ ඇති අඩු දැනුම නිසාම සිදු වන්නක්.මෙහිදී නොසැලකිල්ලක් සිදු වී ඇත්නම් ඇත්තේ පසු නිරීක්ෂණ කාලයේදීයි. එයට වෛද්‍යවරු මෙන්ම පසු නිරීක්ෂනය පැවරෙන හෙද කාර්ය මණ්ඩලයත් එක ලෙස වගකිව යුතු වනවා. මෙම කාලයේ සිදු වන වෙනස්කම් කඩිනමින් වාර්තා කිරීම කල යුතුයි සහ අදාළ නිසි ප්‍රතිකර්ම යෙදිය යුතුයි.

      ලංකාවේ බොහෝ විට පැවසෙන්නේ වාට්ටු තුල සිටිනා රෝගීන්ගේ ප්‍රමාණයට සාපේක්ෂව සේවයේ යෙදෙන කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොමැත යන්නයි. සාමාන්‍යයෙන් මේ සඳහා ලොව පිළිගත් සම්මත අනුපාත තිබෙනවා. මෙම අනුපාත පවත්වා ගැනීම සඳහා රෝහල් තුලට ඇතුල් කරගන්නා රෝගීන් සීමා කිරීම, ඉක්මනින් රෝගීන් රෝහලෙන් පිට කිරීම වැනි දෑ වෙනත් රටවල සිදු කරනවා. නමුත් ලංකාවේ රජයේ රෝහල් තුල එවැනි ක්‍රම වේදයක් නෑ. එන ඕනෑම රෝගියකු ඇතුලත් කර ගන්නවා. අනතුරුව රෝගීන්ට බිම බැංකු වැනි දෑ මත හිඳින්නට සිදු වෙනවා. ලෝකයේ වෙනත් රටවල සෞඛ්‍ය සේවා වල මෙවන් තත්වයක් නැහැ. එහිදී රෝගීන්ට නිසි පහසුකම් සැපයිය නොහැකි නම් ඇතුලත් කිරීමක් සිදු වන්නේ නැහැ. ලාංකීය සන්දර්භය තුළ ගුණාත්මක සේවාවක් සැපයීමක් ගැන ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු විය නොහැකියි. රෝගීන්ට සතුන්ට වාගේ සැලකීමට මෙය උත්ප්‍රේරකයක් වී තියෙනවා. මෙවන් දේ වැලක්වීමට සමාජයක් වශයෙන් අපගේ සෞඛ්‍ය සේවය මීට වඩා ඉහල තලයක සේවා සැපයීමකට ගෙන ඒමට රජයටත් දැඩි වගකීමක් පැවරෙනවා.

      Delete
  4. ග්ලාස්ගොව් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යනයකින් අනුව ලංකාවේ වෛද්‍ය පීඨ වලින් එලියට යවන වෛද්‍යවරු තුල ආචාර ධර්ම ethics , ආකල්ප attitudes සහ රෝගියා සම්බන්දයෙන් වගකිමත්වය accountability ඉතාම පහල බව හෙළි වී තිබෙනවා. එසේම ලංකාවේ වෛද්‍ය පීඨ වල අධ්‍යාපනික ගුණාත්මකභාවය සීග්‍රයෙන් පහත වැටී තිබේ. , ඇමරිකානු , කැරිබියානු, යුරෝපිය , වෛද්‍ය පීඨ ලෝකයේ ඉහලින් සිටින අතර ලංකාවේ වෛද්‍ය පීඨ නේපාලයේ වෛද්‍ය පීඨ සහ අප්‍රිකාවේ වෛද්‍ය පීඨ වලට ඉතාම පසුපසින් සිටියි. උදාහරණයක් ලෙස නයිජීරියාව , උගන්ඩාව , බුරුන්ඩි වැනි අප්‍රිකානු රටවලවෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ වලටත් වඩා දර්ශක වලින් ඉදිරියෙන් සිටියි. මේ නිසා දැන්වත් ලංකාවේ වෛද්‍යවරු බොරු මහන්තත්ව නැතිව පොලවේ පය ගැසිය යුතුයි

    ReplyDelete
    Replies
    1. Please give more details about this study

      Delete
    2. I searched online, nothing like that found..
      You are making up stories... Liar....
      Get a life man..

      Delete
    3. how about srilanka general population statistics respective of "attitudes" ethics and accountability'? is it the same?, better or worse than doctors?

      Delete
  5. නිකමට වගේ අහන්නේ.... සේනක බිබිලේ ඉපදුන ගෙදරදිමයි කාලෝ ෆොන්සේකා එයාගෙ අම්මගෙ කුසට ඇවිත් තියෙන්නෙ....(කාලෝ කාලෙකට ඉස්සර එහෙම කථාවක් පත්තරේකට කියලා තිබුණා... ඒත් එයා ඒ කාලෙ කියපුවා දැන් මතකද දන්නෑ... කාලෝ අකාලෝනෙ..) සේනක බිබිලෙ වෙද මුහන්දිරම්ගෙ දරැවා වුන එකයි, කාලෝ බිබිලෙ ඇපොතිකරිගෙ දරැවා වුන එකයි ද දන්නෑ වෙනස.... සේනක ඉගෙනගත්තෙත් ලංකාවෙ වෛද්‍ය පීඨයකින්ද කියලා සැකයි... මාක්ස්වාදය ගැන පරසක්වල ගහපු කාලෝට තමන්ගෙ වෘත්තියේ ආචාර ධර්ම පද්ධතියක් හදන්න බැරිවුණා....

    ReplyDelete
  6. මා මේ පිළිබඳ කතා කල අවස්ථාවේ නම් ත්‍රස්තවාදි ප්‍රහාර මෙන්ම ප්‍රසංසාවන්ද හිමිවිය. විහිළුවට කාරණය නම් වෛද්‍ය වරුන් එම විවේචන අගය කරද්දී. හාල්පාරුවන් අසාධාරනය වෙනුවෙන් පෙනී සිටීමයි. සෑම සිඳුවීමක්ම කර්මයට හා වෙලාවට ලඝු කොට සිටින ජනතාවක් මෙවන් ප්‍රකාෂ මගින් මුලා කල හැකි වූවද. බුද්ධිමත් ජනතාව මෙවන් ප්‍රකාෂවලින් රැවටිය නොහැක. දියුණු රටක නම් මේ තරුණිය වෙනුවෙන් පෙනී සීටීමට ඕනෑ තරම් නීතීඥයින් නොමිලේ ඉදිරිපත් වී වෛද්‍යවරයා උසාවිය ඉදිරියට පමුණුවා විශාල වන්දියක් ලබාදෙනු ඇත. එහෙත් අගවිනිසුරුවරිය වෙනුවෙන්වත් එක වච්නයක් හෝ කතා නොකරන එවන් පිරිසක් තුලින් එම ක්‍රියාමාර්ගය බලාපොරොත්තු විය නොහැක. නමුත් විය යුත්තේ එයයි. ඊයේ රූපවාහිනි නාලිකාවට සම්මුක සාඛච්චාවක් ලබා දුන් මනෝ විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන දොස්තර හරිචන්ද්‍රම කියනා පරිදි අපේ වෛද්‍යවරු පුහුණු කරන ආකාරයෙම වරදක් නිසා මෙවන් දේ සිඳුවන බව පවසා සිටියේය. ඔහුට අනුව අප වෛද්‍යවරුන් රෝගවලට බෙහෙත් දැන සිටියද. රෝගීන්ගේ මානසික තත්වය හා රෝගියා පිළිබඳ දැණුමක් ඇත්තේම නැති තරම්ය. වෛද්‍යවරයා ඇඟ බේරා ගන්නේ නම්. අමාත්‍යංශය එම දරුවාට අතක් ලබා දීමේ කාර්යය කළයුතුය.

    ReplyDelete
    Replies
    1. Doctors are employees of health ministry. if they commit damages to the health ministry customers the ministry have to pay the damages. sacking the doctor is up to them. that's called ACCOUNTABILITY.

      Delete
    2. you are correct about moral values of current doctors. but they are a part of the same society. why do you expect more out only from doctors?

      Delete
  7. වහාම සියලුම පව්ද්ගලික සේවය තහනම් කල යුතුය . නොමැතිනම් අනිවාර්ය සේවාකාලය තුල ඉගනීමට වියදම් වූ මුදල නැවත අයකර ගත යුතුය . පුද්ගලික වෛද්‍ය පීඨ ඇතිකර බැංකු නය සපයා දිය යුතුය , වැරදීම් සදහා අදාල වන්දි ලබාගැනීමේ නීති හදුන්ව දිය යුතුය

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, ඕනෑම වුර්තියක යෙදීමට ඊට සැබෑම කැපවීමක් උනන්දුවක් තියෙන සුදුස්සොන්ට ඉඩ දිය යුතුයි. එහෙම නැතුව prestige එක බලාගෙන වුර්තීන් තෝරා ගත්ත වුර්තිකයෝ බිහි කිරීම බොරුවක්

      Delete
    2. දොස්තරලා වෙන්නට බැරි වූ මිනිස්සු සිය දරුවන්‍ හෝ දරුවන්ගේ දරුවන් දොස්තරලා කරන්නට සිහින දකිති.

      everybodies problem isnt it?

      Delete
    3. 1)why only doctors have to pay back? arn't the rest of srilankans had not free education.
      2)then everybody should pay back.
      3) excellent point. i agree on that.
      4)what you are sujjesting will make descent healthcare unaffordable to many people.

      Delete
    4. @Anno 1

      prestige එක බලාගෙන වුර්තීන් තෝරාගන්නෙ නැති අය ඉන්නවද ?

      Delete
  8. "වෛද්‍ය, නීතිඥ වැනි ලංකාවේ අධික ලෙස පීඩිතයන් සූරාකන වෘත්තීන්හි අසාමාන්‍ය වෘත්තීය ඒක්සත්කමක් තිබේ. ඒ සම්මුතිය කුමටද? අප නම් කියන්නේ දැවැන්ත දූෂණයක් ආවරණය කරගන්නටය."

    මම නම් කැමතියි මේ කියමනට... හැම වෘත්තියක ම හොඳ අයත් ඉන්නවා.. ඒත් අතළොස්සයි.... හැමෝට ම අදාළ නොවුණත් මේක බහුතරයට අදාළයි...

    ReplyDelete
    Replies
    1. correct . 900% of srilankans are morons. then it leave 10% allowance to good people. IN ALL TRADES.

      Delete
  9. Sri Lankan nurses are extremely jealous of doctors.
    Since parakums wife is a nurse he takes every effort to condemn doctors.
    It'd simple as that.
    What did the nurses who looked after this girl do, they could have cut the plaster....
    Why didn't they do that ....

    ReplyDelete
    Replies
    1. මෙය පැරකුම් ගේ බිරිදගේ රැකියාව පිළිබද කරුණක් නොවේ , ඉර්ශියා කිරීම නොව මෙවෙනි වැඩ වලට ශාප කල යුතුය

      Delete
    2. හෙදියන් වයිද්යවරුන්ට ඊර්ෂා කරනවා කියල තමයි බොහෝ වයිද්යවරු හිතන්නේ. නමුත් එයත් පුද්ගලානුබද්ද කාරණයක්

      Delete
    3. Nurese think just because they were called '"doctor" by some innicent uneducated villagers, that they are superior than what they really are.scum bags.

      Delete
    4. muge ganeeta dostharala arinawa athi

      Delete
  10. ඇත්ත... අපි හැම වෙලාවෙම වෛද්‍යවරයෙක් ලඟට යන්න කලින් දැන හැඳුනුම් කමක් හොයාගන්න හදන්නෙත් මේ නිසාමයි. සාමාන්‍ය ලෙඩෙකුට ඔවුන් දක්වන සැලකිල්ල, අවධානය අන්තිමයි. බොහෝ වෛද්‍යවරු හැසිරෙන්නේ මැරයන් වගේ කියන එක අතිශෝක්තියක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. people behave the same way when they go behind politicos for a job, going to a government office, visiting the politicians, going to the police, etc,etc. its srilankan shitty way of getting things done. thats why people go to private channelling before getting admitted to government hospital. to bribe the doctor to get a bed.

      Delete
    2. You won`t get a bed by channelling before admitted to a hospital. may be that is what you expect.

      Delete
  11. අනේ බන් උඹේ කාලකන්නි කමට උඹට දොස්තර මහත්තයෙක් වෙන්න බැරි උනාට ඒ මහත්තුරුන්ට අපහාස කරන්න එපා.. අනික උඹේ ගෑනි නර්ස් නිසා ඒකිගෙන් අහපන් වාට්ටු වල ඉන්න දොස්තර මහත්තුරු කොච්චර කට්ටක් කනවද කියල ලෙඩ්ඩු වෙනුවෙන්.. හදවතට එකඟව කතා කලොත් උඹ පරාදයි බන්.. දොස්තර මහත්තුරුන්ට, නීති මහත්තුරුන්ට, ඉංජිනේරුවන්ට වගේ උගත් මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා... කොපියුටරයක් තිබුනට මදි, හිතට එන හොඳ අවංක අදහස් ලියනවනම් තමයි හොඳ...

    ReplyDelete
    Replies
    1. නිකං පලයං බං. බස් කොන්දොස්තරලා කොච්චර කට්ටක් කනවද මගීන් වෙනුවෙන්?‍
      අපි නොදන්න කට්ට.

      Delete
    2. ugath kamen wadak ne, manussakama thiyenna one

      Delete
    3. true , most of the idiots commenting here have not been to a casualty ward just to see even.

      Delete
  12. උගත් මිනිස්සු රට අත ඇරලා යන්නෙත්, උඹල වගේ නුඋගත් සමාජයෙන් , උගතුන්ට කිසි වටිනාකමක් නැති හින්ද..

    උඹ මොකද්ද රටට කරපු සේවේ .. මේකේ කෙටුව කියල මේක කීදෙනෙක් බලනවද ?

    මෙතන වැරැද්ද, මේ ලෙඩාට දාපු ප්ලාස්ටර් එක තද වැඩි වුන එක සහ ඒක නියම වෙලාවට ගලවපු නැති එක...

    මේවගේ දෙයක්, මුලින්ම අඳුනාගත යුත්තේ ලෙඩා බලාගන්න නර්ස් ...එයා ඩොක්ටර්ට ඉක්මනින් කියන්න ඕනේ , නැත්තම් එයාම , ප්ලාස්ටර් එක කපන්න ඕන . ...
    බොරුවට ඉන්ජෙක්ෂන් ගහ ගහ ඉන්නේ නැතුව...

    පරීක්ෂණයෙන් වැරැද්ද දොස්තරගේ කියල ඔප්පු උනොත් එයට දඬුවම් දෙන්න ඕනේ ...

    තමුසේ මෙතන, පරණ කොම්පියුටර් ලදරමක්, තියාගෙන, ඉරිසියාව වපුරන්නේ නැතුව, තමුන්ගේ ළමයින්වත් හරි පාරට ගන්නවා...
    ඔහේගේ වයිෆ්ට ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන්න පුලුවන්නම් නොකර ඉන්නවද ?
    අනේ යනවා හලෝ යන්න .....

    නිමල් සිරිපාලගේ දුව, ලිස්ට් එකට පිටින් පනදුරේට එනකොට, හොර බෙහෙත් ගෙනල්ල මිලියන් ගණන් වතුරේ යනකොට, උඹ කොහෙද හිටියේ....
    මේකට පරීක්ෂණයක් කරලා වරදිකරයට දඬුවම් දෙන්නම ඕන ..

    එවුනට උඹල වගේ අසහන කාර නුඋගත් මෝඩයන්ට වැඩිය නටන්න දෙන්න හොඳ නෑ ....

    වැඩක් නැත්තම් ගිහින් කුඹුරක් කොටපන්....

    ReplyDelete
  13. උඹයි උඹේ සමජවාදේයි උඹ මළ දාට වලලනවා ...
    ඉන්න ටික කාලේ ළමයින්ට කීයක් හරි ඉතුරුකරලා මැරෙන්න
    මෙතන බ්ලොග් පච බන්නේ නැතුව. ..

    ඔච්චර නිර්භීත නම්, කතාකරපන්,
    සුධර්මන්
    දුමින්ද කුඩ්ඩා
    මර්වින් කුඩ්ඩා
    රත්තරන් රෝහිත
    බර්ටි මැරය
    15% බැසිල්
    විමල් පචවංශ කොමිස් කාක්කා
    etc etc

    අයි උඹ බයද ???

    ReplyDelete
    Replies
    1. මුත් නිකම් හිට්ස් වැඩිකරගන්න ජනප්‍රිය ටොපික්ස් දානව විතරයි

      Delete
  14. සියලුම විශ්ව විද්‍යාල සහ සියලුම රෝහල් පුද්ගලිකකරණය කල යුතුය. මෙය ලෝකයේ දැනට දියුණු රටවල ප්‍රයෝගිකව ක්‍රියාත්මක වන අත්දුටු සාර්ථකම ක්‍රමයයි.

    ReplyDelete
    Replies
    1. එතකොට මේ දුප්පත් අපි බෙහෙත් ගන්නෙ කොහොමද මහත්තයෝ? ඔයා ඇමරිකාවෙ ඉදන් ඔහොම කියල බැරිවෙලාවත් මෙහෙ කස්ටිය ඕක කරොත් අපි වගේ බලු ගැත්තන්ට මොකද වෙන්නෙ?

      Delete
    2. මහින්ද සර් පින් බෙහෙත් සාලාවක් දාල දෙයි. ඒකෙන් බේත් අරන් දිගටම උන්නැහෙට චන්දෙ දීපන්.

      Delete
    3. Read about obama care.Have you heard about it.Check about NHS in UK. Now what do you think.

      Delete
  15. Janaka PriyadharshanaJanuary 31, 2013 at 3:38 PM

    මෙතන උත්තරය සරල වගේම පරීක්ශනයත් සරලයි..මෙම ප්ලාස්ටරය දැමීම බොහෝවිට සිදුවන්නේ බොහොවිට වීශේශ ඝණයේ දොස්තරවරයකු අතින් නොවෙයි ..ප්ලාස්ටරය දැමූ විට වාට්ටුවට ගෙනයාමේදී පෙතඩීන් මාත්‍රාවක් බෝහෝවිට සූදානම්ව තියාගන්නව වේදනාව ආවොත් දෙන්න..දිගගටම වේදනා එන්නේ නම් වාට්ටුවේදී දොස්තර දැනුවත්ව හෝ නොදැනුවත්ව හෙදියන් මෙම ප්ලාස්ටරය කපාදමනව නැවත දැමීමේ බලාපොරොත්තුවෙන්..මෙතනදී පෙනීයන කරුනක් වන්නේ රෝගියාගේ වේදනාව ගැන වාට්ටුවේ හෙදියන් සැලකිල්ලක් නොදක්වා ඇති ආකාරයයි...හෝ වේදනාව මත දිගටම පෙතිඩීන් සපයා ඇති ආකාරයයි....දොස්තරවරයා ප්ලාස්ටරය දමූ පසු වාට්ටුවට ඇතුල් කල පසු ඔහු ට වඩා ඒ ගැන සැලකිලිමත් වන්නේ වාට්ටුවේ හෙදියයි ...වාට්ටුවේ හෙදිය දිගටම පෙතිඩීන් නොදී ප්ලාස්ටරය කපා ඉවත් කලා නම් රුදිර ගමනාගමය අවහිර නොවී අත බේරාගැනීමට තිබුනි...දැන් වැඩේ වෙලාය ලංකාවේ රෝහල් වල තත්වය ඔහොමමය මෙය ප්‍රසිද්ද වූවාට ප්‍රසිද්ද නොවී සැග්අවී යන සිද්දි බොහෝමය ... කණගාටුව අප මේ ජීවත්වන්නේ මනුස්සකම වඩාත් හොදින් අර්ථ දැක්වෙමින් එයටම පා පහර වදින යුගයකය..ඔබ ඉහත දොස්තරලා ගැන කියපුවා බහුතරයක් ඇත්ත ..නමුත් බුද්දියෙන් බලන්න මෙයට සම්පූර්ණයෙන්ම වරද මූලිකවම පැටවෙන්නෙ හෙදියටයි...බැරිවෙලා හෝ හෙදිය දොස්තර දැනුවත් කලා හෝ නොකලා ඇය ඇදඉහපතේ සදහන් කලයුතු වෙනව අදාල ලෙඩාගේ ප්‍රතිචාර...කෙසේවෙතත් වාට්ටුවට ආ ලෙඩාගේ අතේ ලේ ගමනාගමනය ගැන හෙදිය නොසලකා ඇති බව ඉතාම පැහැදිලියි...බිරිදත් හෙදියක් නිසා පැරකුම්ට අමුතුවෙන් මේ ගැන කියන්න ඕන නැහැනෙ...දොස්තරලාට මේ කාරණය මත වරද පටවන්න යන්න එපා ඒක අසාදාරණයි.

    ReplyDelete
    Replies
    1. Hats off to you man, thats the truth...

      Delete
    2. Nurses check the patient 4 times a day, why didnt those stupid women cut the plaster...???

      Delete
    3. කාටවත් තනිව වගකීම් පවරන්න සවුක්ය සේවය් පුලුඅන්ද කියන එක ගැටළුවක්. මෙහිදී සාමුහික වගකීමක් තියෙන්න ඕනේ. දොස්තරගේ හරි හෙදියගේ හරි සවුක්ය කම්කරුවෙක්ගේ හරි වරදින් පීඩා විදින්නේ අපි

      Delete
  16. ජී.ඇල්.ලොක්කයි,නාමල් අගමැ...චෙහ් ..වැරදුනා නාමල් බේබියි කතාවෙලා ලෝකෙ හොදම අත අර දරුවට ලබාදෙන්න.අපිටත් තියෙන්නෙ ඔරොප්පු ඩොකෙකුට ගානක් දීල හරි අවයවයක් කප්පගෙන එයාලට කියල හොදම එක හයි කොරෝගන්න.අත කපපු ඩොකා ගැන නෝ කතා.

    ReplyDelete
  17. දොස්තරලා කියන්නේ මුදලට ලබා ගත හැකි නිල් කරපටි සේවයක්.

    අපේ සමාජයේ ඉස්සර ගරු සේවාවක් ලෙස තිබුණු වෙදකම කළ අයට තිබූ අසීමිත සමාජ ගෞරවය මේ පඩි ලබන අයට ප්‍රේක්‍ෂණය වුනා.

    කාරෙකක් කැඩිලා බාස් ලඟට ගියාම වෙනවා වගේ අපේ නොදන්නා කම දොස්තරලාට තමන්ගේ සයිස් එක අපිට පෙන්නන්න උදව්වෙනවා.

    ඔය ස්ඵෙෂලිස්ට්ලා හැමෝම අවුරුද්දක් හෝ දෙකක් ඔවුන් ප්‍රගුණ කරන බටහිර වෙදකම තියෙන එංගලන්තය, කැනඩා, ඕස්ට්රේලියාව, නවසීලන්තය වැනි රටක පුහුණුව ලබා, ඒ රටවල තියෙන ආචාර ධර්ම ගැන අවබෝධයක් ඇතුවයි ආපහු එන්නේ. නමුත් ආපු ගමන් ඒ සේරම අමතක කරනවා.

    අර ප්‍රියානි සොයිසා ගේ කේස් එකේ ඉෆෙක්ට් එකත් දැන් අමතක වෙලා.

    ReplyDelete
  18. < දොස්තරලා වෙන්නට බැරි වූ මිනිස්සු සිය දරුවන්‍ හෝ දරුවන්ගේ දරුවන් දොස්තරලා කරන්නට සිහින දකිති. ඒ නිසා කිසිවෙක් වෛද්‍ය වෘත්තිය දෙස විවේචනාත්මක වීමට අකැමැති වෙති.>

    ඒක නම් කොමෙන්ට් කියෙව්වහම උනත් තේරෙනවා....!

    ReplyDelete
  19. මේ ලෙඩා බලාගත්තු නර්ස් අත නිල් වෙනකන් පෙතිඩින් ගැහුවේ මල් කඩ කඩද ?
    ඇයි ඩොකාට කතා කරලා කිව්වේ නැත්තේ ??

    ReplyDelete
  20. බැරි වෙලාවත් මේකට වගකිවයුතු නර්ස් ගෙ වැඩ තහනම් කලොත් පැරා අලුත් බොගක් පටන් ගනී බනින්න

    ReplyDelete
  21. දොස්තරකම රස්සාවක් පමණක් නොව "සමාජ ගැටලුවකි"

    ඕක සමාජ ගැටලුවක්නම්, උඹ ලෙඩ උනාම උඹම බෙහෙත් කරගනින් ...
    ඔපරේෂන් ඔක්කොම උඹම කරගනින්, ඩොකාල ලඟට යන්න එපා ...

    උඹට ගැටළුවක් උනාට අපිට ගැටළුවක් නෑ ...

    එහෙනම් ගුරුකමත් සමාජ ගැටළුවක්...
    උදා ..සම්පත් අත්තටගේ

    ReplyDelete
    Replies
    1. //දොස්තරකම රස්සාවක් පමණක් නොව "සමාජ ගැටලුවකි"//

      මේ කතාව ඇත්තක් බවට හොදම සාක්ෂිය තමයි ඔය උඩ කමෙන්ටුව.

      Delete
    2. e kohomada para e?

      Delete
  22. මේ බ්ලොග් එකේ මාතෘකාවම ගැටළුවක්. දොස්තරකම සමාජ ගැටළුවක් නම් මේ රටේ එක මිනිහෙකුටවත් බෙහෙත් ගන්න වෙන්නෑ. දොස්තරලා කරන්නේ රස්සාවක් කියල හිතන් කරන එක තමා තියෙන ලොකුම වරද.

    රටේ ඉන්න හිගනගේ පවා tax වලින් නිදහස් අද්යාපනයට පින් සිද්ද වෙන්න ඉගනගෙන ඔවුන් දොස්තරලා කරපු සමාජයටම විනයක් වෙලා.දවසක් දොස්තර කෙනෙක් කියනවා එයාල නිදි මරාගෙන පාඩම් කලේ අපි නිස්සලු. එයාල දොස්තරකෙනෙක් උනේ අපි නිසාලු. එත් අපි කවුරුත් එහෙම කරන්නකිවේ නැනේ. එයාම තව දවසක කියනවා මොනවා උනත් ministry එකෙන් එයාලව බේරණවලු. නිදහස් අද්යාපනේ කියා කියා කියා දොස්තරලට ඒකාධිකාරයක් හදා ගන්න දන එකයි වරද. පුද්ගලික විශ්ව විද්‍යාල අලටත් විදේශීය විශ්ව විද්‍යාල වලටත් බැන්නට, අයි එහෙනම් මේ දොස්තරලම consultant පට්ටම් ගහන්න පිටරට් යන්නේ?? එතකොට කබරගොයා තලගොයා වෙනවා. ඕනෙම වුර්තියක තරගයක් තියෙන්න ඕනේ. වයිද්‍ය සේවය සුලබ උනාම මෙයාලට මෙච්චර ගණන් දන්නා බෑ. නැතිනම් හැමදාම ලෙඩුන් ඇපයට තියාගනිවී.

    දොස්තරලා අතින් වරදක් උනාම එක අත්වැරදීමක්. එත් වෙනත් වුර්තිකයෙක්ගේ වරදක් ඒක professinal negligence. එහෙම වෙන්න් බෑනේ. අනික ලෙඩෙක් මලත් අපි හිත හද ගන්නවා "අනේ මිනිහගේ ආයුස ඉවරවෙලා, එහෙම නැත්තන් අනේ කරුමේ වෙලාවතමා " කියල. සියලු දේම අනිත්‍යයි කියල අමුතුවෙන් කියාදෙන්න ඕනේ නෑ . එත් තමනුත් සමාජයේම කොටස් කරුවෝ කියල දොස්තරලා හිතනවානම් හොදයි.

    උසාවි වල සාක්ෂි දෙන සමහර දොස්තරලා කියන දේවල් වලින් හිතෙනේ ඔවුන්ගේ දැනුම තියෙන්නේ RAM එකක් වගේ කියල . විභාගේ සමත් උනාට පස්සේ ඔක්කොම අමතක වෙලා. Lawyer කෙනෙක් වගේ අද්‍යනය කර කර ඉන්න ඉන්න බෑ දොස්තරට, ප්‍රතිකාර කරනකොට කරන්නේ මොකක්ද කියල දැනගන්න ඕනෙමයි

    වැඩක් වරදුනාම් එහාට මෙහාට pass කරන එක තම මෙයාලගේ පුරුද්ද. දොස්තරල කියන්නෙත් සමාජයේම ඉන්න පිරිසක් මිසක් ඊට වඩා ඉහලින් ඉන්න කට්ටියක් නෙවේ. ව්නිසුරුවරුන්ට ජානාධිපති පාර්ලිමේන්තුව වගේ විනිර්මුක්තියක් කිසිම වුර්තිකයෙකුට දෙන්න බෑ. එයාලත් sociel responsibility එකක් තියෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. දොස්තරල කියන්නෙත් සමාජයේම ඉන්න පිරිසක් මිසක් ඊට වඩා ඉහලින් ඉන්න කට්ටියක් නෙවේ exactly.when 90%of the population are MORONS why do you expect doctors to be better?
      If Any of the healthcare personnel Did there job thinking it is only a job (as some nurses do)many of the patients would be DEAD.

      Delete
  23. doctors lata gevana vatupa saha deemana pilibandawa dweshayak ethi bawa pene!! rajayen meme deemana labadenne doctors la ge rekiyawata sarilana moolika wetupak labadeemata rajayata noheki bevini, manda evita siyalu rajaye sevkayange moolika wetup anupaathikawa ihala demimata siduwena nisa.
    esema ayathana sangrahayata anuwa kisdu rajaye sewakyekuta rajayen labaagath puhunuwa yodagena prvate weda kala nohekiya. ehet guruwaru, MLT nurse architect aadee boho dena private weda kerathi!!
    doctors la ta pamanak prvate kereemata gazette nivedanaykin balaya laba duni, eyatada hethu lesa dekwooye ovunge sewayata sarilana wetupak rajayata gevimata noheki nisa bavay.
    emanisa doctors lata hethu rahithawa ' wedi vetup' gannavayei chodana nokaranu!! doctors rajaye sewaye ihalama stharayaka thaba thibeema gena anit evun mak kerannada, docala mak kerannada!!
    irisiya kaara perkumba!

    ReplyDelete
  24. great article, thanks all of you information

    ReplyDelete
  25. මම දොස්තර කෙනෙක් . මෙන්න මගේ salary slip එක. මේකේ ෆොටෝ එකක් දාන්නනම් මම දන්නේ නැහැ.

    Basic - 28745
    PA (pensionable allowance) - 1700
    NPA ( non pensionable allowance) - 1700
    on call - 15000
    other allowances - 4311
    holiday pay - 3044
    COL - 6600
    telephone allowance - 4000
    extra duty - 20800


    Total - 85900

    මේකෙන් 57000 විතර loan එකකට කැපෙනවා .
    පැරා ගේ wife nurse කෙනෙක්ද? එහෙනම් දාමුද එයාගේ salary slip එකත්.

    වෛද්‍යවරුන්ගේ ගුණාත්මක බව අඩුවෙලා කියලා මමත් පිලිගන්නවා. නමුත් එක මේ රටේ අනිත් හැම තැනම තියන පිරිහීමේ නිරූපනයක් කියල අමතක කරන්න එපා.

    හැම තිස්සෙම කියන දෙයක්නේ මේ දොස්තරලාගේ private practice එක. හැබැයි හැමෝම කරන්නේ නැහැ. නමුත් අමතක කරන්න එපා අනිත් categories වල ඉන්න අයත් private practice කරනවා. ඒ කියන්නේ technicians, nurses, physio therapists, etc. working hours වල private practice කරන දොස්තරලා ඉන්නවා , නමුත් ඒ ටිකයි. එතකොට මේ රටේ degree අරගෙන full time private වැඩකරන අය ගැන මොකද කියන්නේ? ඒගොල්ල රජයෙන් පඩි ගන්නේ නැති නිසා රටට බරක් නැහැ කියනවනම් දොස්තරලත් full time private කරන්න ඕනද?

    අත කපන්න වෙච්ච සිද්ධිය ගැන ඒ situation එකට අදාලව හොයන්න. එහෙම නැතුව මේ රටේ ලොකුම ප්‍රශ්නය දොස්තරලා කියාලා හිතලා කතා කරන්න එපා. ඒ අයත් පිරිහුණු සමාජයේ එක්තරා කොටසක් කියන එක මතක තියාගන්න.

    තව දෙයක්
    "දේශපාලනය යනු අයථා හා මහජනයා විසින් හෙළාදකිනු ලබන නිල මාර්ගවලින් මහජන මුදල් ගසාකා ඉක්මණින් ධනවත් වීමේ මාර්ගයක් වේ නම් දොස්තරකම වනාහි මේ රටේ මහජන මුදල් වැඩිදෙනෙකු විසින් නිවැරදි යයි පිළිගනු ලබන මාර්ග ඔස්සේ ගසාකා ඉක්මණින් ධනවත් වීමේ මගකි."

    මට කියනවද ඒ ඉක්මනට සල්ලි හොයන ක්‍රමය. හැබැයි මට private practice කරන්න කියන්න එපා මට හවසට ගෙදර ඉන්න ඕන.

    ReplyDelete
    Replies
    1. well said .......accepted in all contents ....mind doctors like moh and other work done for public dont have ot or ph payment and they are getting 25000 less than above .....ask anybody if i am wrong

      Delete
  26. Dr. S
    I feel really sad by reading the things written by some people.
    I hounestly saying I have done surgeries worth more than 300,000 if I get payed the lowest price for surgeons price in a single day, I have stayed standing in a single place for >6hrs some times, I hv travelled > 20Km at mid night by bike when our hospital got traggic accidents for surgeries when I was not on call, I have never taken lunch on time and some days just put to dustbin and went home, I hv stayed awake more than 24hrs continously, etc.
    But for all I have not get over payed.
    Please check the statistics surgeries we do in a base hospital in a singhe day is not done by a VERY LARGE HOSPITALS OF OTHER COUNTRIES IN A WEEK EVEN.
    That because shortage of doctors and facilities in our hospitals compairing to requirement.
    I think if we doctors follow only their expected duties (following the exact legal rutine expected in a legal sinario) the death rate of Sri Lanka will simply double in a single day.
    (I have experienced only 2 doctors managed more than 100 casualties in single night)
    Is there any proffesion in SL who simply over worked as doctors in general.
    Please note this is not the thing should happen, U hv to appreciate when we do so much good, realy I never expect any thing more than satisfaction. Thats how U can improve us and strengthen us.
    I FEEL VERY SAD

    ReplyDelete
  27. ඇඩ්මින් මහතාණෙනි, ඔබගේ තේමාව කදිමයි. ඔබ ඉන්නේ වෛවාරණ අවුල් ජාලයක බව ම මේ ලිපියෙන් ම පැහැදිලි වෙනවා. සදාකාලිකව අසාර්ථක සමාජවාදියෙකුගේ ජීව ගුණය ඔබ මැනවින් ඔබේ වචන හැසිරවීමෙන් ප්‍රකට කරනවා. මතක තියාගන්න. සමාජවාදය කියන වඩාත් මානව හිතවාදී සංකල්පය පවා නැසුනේ ඔබ වැනි ඉරිසියාකාර පඩත්තලයන් නිසා බව. සමාජයට වෛර නොකර ඔබ අතින් ඊට ඉටුවිය යුතු දේ හරියට කිරීම මෙවැනි නිෂ්ඵල ලිපි පල කිරීමට වඩා වටනේය.
    තේරෙන භාසාවෙන් කියනවනං ''තමුසේ රස්සාවක් කරනවානං පාඩුවේ ඒක කරගෙන දරු මල්ලොන්ට කීයක් හරි සාධාරණව හම්බ කරගෙන හිත සන්තෝසෙන් ඉන්නවා. මෙතන නිකන් නොදන්නා පු*වල් කතා නොකර. තමුසේ දන්නවද මේ රටේ තියෙන අවම පහසුකම් යටතේ අපේ මිනිස්සුන්ව හරියට බලාගන්න දොස්තර කෙනෙක් කොච්චර කට්ටක් කනවද කියලා. අයිසේ අපේ මිනිස්සුන්ට අපි ණයගැති හින්දා තමයි අපි මැරීගෙන ඒ මිනිස්සුන්ට වැඩ කරන්නේ... ඔය තමුසේ කියන මහා ලොකු පිරිහීම මේ රටේ කොහෙද නැත්තේ කියනවා බලන්න. ඒක අයිසේ තමුසෙගේම ගෙදර පවා තියෙනවා. තමුසේ වගේ නට් කාරයොන්ට මිසක් දොස්තරලා හැටියට සාමාන්‍ය මිනිස්සුන්ට කොහොමද ගරු නම්බු දීල කතා කරන්න ඕනේ කියල අපි දන්නවා. තමුසේ වගේ හරකෙකුට මෙහෙම ප්‍රසිද්දියේ කතා කරන්න වුන එක ගැන දුකයි. එත් අයිසේ නොදන්නා පු*වල් ගැන පොස්ට් නොදා ඔය දේශපාලනේ වගේ ඕනේ හරකෙකුට තේරෙන දෙයක් ගැන කතා කරනවා. එහෙම හොඳයි.
    ප.ලි. - ඔය ගැණු සිරි යහනේදී තමුසෙට කියන කතා එච්චර ගණන් ගන්න එපා. උන් හැම තිස්සෙම කතා කරන්නේ තමන් හරිය කියල හිතාගෙන. විශේෂයෙන්ම නර්ස් ලා. උන් හොඳටම දන්නේ එක දෙයයි.ඒ මොකද්ද කියල මම තමුසෙට කියන්න ඕනේ නෑ නේ.

    ReplyDelete
    Replies
    1. මහත්තයෝ කියන දේ ඇත්ත වෙන්න පුළුවන් එත් වඩාත් ප්‍රඥාවෙන් වචන පරිස්සමෙන් අදහස් දක්වුවානන් නේද හොඳ..?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා