බෞද්ධ, ඉස්ලාම් අන්තවාදයනට එරෙහිව වහා පියවර ගත යුතුය

බොදු බල සේනාව ඉතා පැහැදිලිවම බෞද්ධ ත්‍රස්තවාදී සංවිධානයකි. ඒ බව පසුගිය දිනෙක බේරුවල හෝටලයකට කඩා වැදුණු එහි නායක භික්ෂුවක් මාධ්‍ය කැමරා ඉදිරියේ කතා කරන වචනවලින්ම පැහැදිලි වේ. බොදු බල සේනාව ප්‍රවර්ධනය කරන ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති කැමරාවට ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව කතා කරන ආකාරය මෙතැනින් බලන්න.

ඉතා පැහැදිලිවම මෙම සංවිධානය උත්සාහ කරන්නේ මිනිසුන් බිය වැද්දීමෙන් සිය අරමුණු ඉටු කරගන්නටයි. මෙම ධාරාවමෙවැනි අකටයුතු පිළිබඳ දිගු ඉතිහාසයක් තේ. ඔවුහු අවි පරිහරණය ොකරනමුත්, ‍රාජ්‍ය බලය සමග ඇති සම්බන්ධකම් ොනිල වශයෙන් පාවිච්චි කරති.

සිනමන් බේ හෝටලය විසින් බුද්ධ බාර් නම් සාද අවස්ථාවක් පවත්වා තිබීම සම්බන්ධයෙන් මේ වන විට එම හෝටලයේ කළමනාකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ් කර තිබේ.

බුද්ධ බාර් යනුවෙන් පෙර අපරදිග සංකලනයෙන් යුත් ශාන්ත රසය අරමුණු කරගත් සරළ සෞන්දර්යාත්මක සංගීත නිර්මාන එකතුවක්ද තිබේ. වැනි සංගීතය හා මුසුව, බුද්ධ සංකල්පය තේමා කරගෙන‍ රොමැන්ටික්, ගුප්ත පසුබිමක් නිර්මානය වන පරිදි ආලෝකය හා වෙනත් දේ යොදාගෙන පවත්වන සාද අවස්ථා විශේෂයක් හා එවැනි පසුබිමක් නිරන්තරයෙන් නඩත්තු කරන ස්ථාන බුද්ධ බාර් ලෙස හැඳින්වේ.

මේ වනාහි වෙසක්, පොසොන් උත්සව පසුබිම් කරගෙන තොරන් ගසාගෙන, කානිවල් පවත්වමින්, ඔලුබක්කන් නටවමින්, පෙරහැර කරමින් කරන උත්සව පැවැත්වීම වැනිම වූ තවත් දෙයකි. වෙනස මෙය වඩා රොමැන්ටික්, සෞන්දර්යාත්මක හා ඉහළ පෙළේ සංස්කෘතික අවස්ථාවක් වීමයි. ආගම් යනු හුදෙක් අධ්‍යාත්මික කාරණා පමණක් නොවේ. ඒවා සමාජ සංස්කෘතික ක්‍රියාකාරකම්ද වේ. සංස්කෘතිය යනු පැහැදිලිවම පරිණාමය වන දෙයකි.

අප ඉහත සඳහන් කළ තොරණ හා බුද්ධ බාර් අවස්ථා දෙකම පසුබිමෙහි තිබෙන්නේ ආගමට වඩා වානිජ අරමුණුය. සාදු, සාදු කියමින් බැලුවාට සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ තිබෙන්නේද ජනප්‍රිය ධර්මකථිකයන්ගේ බණ සංදර්ශනවල තිබෙන්නේද වානිජ අරමුණුය. ලාභය පදනම් කරගත් ධනවාදී සමාජයක මේව සාමාන්‍ය සිද්ධි වේ.

රටේ ශීඝ්‍රයෙන් වර්ධනය වන විදේශ විනිමය ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය තුළ ඉලක්ක කරමින් තිබෙන්නේ ඉන්දීය, චීන හා අරාබි වැනි සංචාරකයන් නොව, වඩා සංස්කෘතික වූ, ධනවත් යුරෝපීය සංචාරකයන්ය. මේ බුද්ධ බාර් එක බේරුවල හෝටලයේ පවත්වා තිබෙන්නේ එහි පැමිණි ප්‍රංශ සංචාරක පිරිසකගේ ඉල්ලීමක් මත බව කියනු ලැබේ.

රජයේ ධනවාදී ආර්ථික වැඩසටහනත්, රාජ්‍ය අනුග්‍රහයෙන් දියත් වන ජාතිවාදී ව්‍යාපාරයත් අතර ගැටුමේ ගැඹුරු පැතිකඩක් නිරූපණය කරන අවස්ථාවකි, මේ බුද්ධ බාර් සිද්ධිය. ජාතිවාදී පදනමින් සිය සහයෝගී පදනම ආරක්ෂා කරගැනීම වෙනම කාරණයකි. රාජ්‍ය පාලනය ඊට වඩා වෙනස්ය.

ආණ්ඩුව බුද්ධිමත් නම් දැන් මේ බෞද්ධ ත්‍රස්තවාදය රතු ඉර පැන ඇතිබව තේරුම් ගත යුතුය. මේ පසුබිමේ තිබෙන්නේ ජාතිවාදය පාවිච්චි කරමින් රාජපක්ෂ පවුල් පාලනය පෙරළා දැමීමේ සියුම් වැඩපිළිවෙලක් බව තේරුම් ගත යුතුව තිබේ. මහින්ද ජාතිවාදීන්ගෙන් වැඩ ගන්නවා යයි සිතා සිටියාට ජාතිවාදීන් සිතන්නේ ඔවුන් මහින්දගෙන් ඔවුන්ගේ වැඩේ කරගන්නවාය කියාය.

මේ වනාහි සංචාරක කර්මාන්තයට පහරදීමේ සියුම් සැලසුමකි. සංචාරක කර්මාන්තයේ කුමන අඩුපාඩු තිබුණත් එය ලංකාවේ ආර්ථිකයේ වර්ධනය වන පැතිකඩකි. පාලකයන්ට පිස්සු කෙළින්නට පමනක් නොව පීඩිතයන්ට දිවි රැකගන්නත් එය අත්‍යවශ්‍යය. අනෙක් පැත්තෙන් බෞද්ධ අන්තවාදී ත්‍රස්තවාදය උත්සාහ කරමින් සිටින්නේ ඉස්ලාම් ත්‍රස්තවාදය පෙරට ගෙන නව අර්බුදයක් රට තුළ ඇති කර, ලංකාව සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තර අර්බුදයේ ගින්නට පිදුරු දමා, අරාජිකත්වයක් නිර්මානය කර, ඒ ඔස්සේ අන්තවාදයට සේවය කරන පිරිසක් බලයට ගෙනඑන්නටයි. 

රාජපක්ෂ පවුල් පාලනය සමග තරහ පළියට කිසිවෙක් මේ අන්තවාදී වැඩසටහනට රුකුල් නොදිය යුතුය. මෙයින් සිදුවනු ඇත්තේ ලංකාවේ විනාශය සඳහා පාර කැපීම මිස කිසිදු යහපත් දෙයක් නොවේ. රාජපක්ෂ පවුලත් එසේමෙසේ එකක් නොවේ මේ රැල්ල නැග එනවිට ඔවුන් එය මුදුනටත් නගින්නට ඉඩ තිබේ. එතකොට රටත්, මේ ජාතිවාදී නඩයත් දෙකම ඉවරය. හරියට රටේ අනාගත නායකයා වන්නට සිහින මවමින් සිටි චම්පික රණවක විදුලිබල මණ්ඩලයේ හිරවුණා වැනිය. 

ආණ්ඩුව දැන් මෙය තුලනය කිරීම සඳහා කරමින් සිටින්නේ ජනතා විරෝධයට තුඩු දී තිබෙන නීති විරෝධී හලාල් බද්ද අයකරන ජමියතුල් උලමා සංවිධානය වැනි මුස්ලිම් ජාතිවාදීන් සුරතල් කිරීමයි. හලාල් බද්දත්, බොදු බල සේනාවත් යන දෙකම අහෝසි කළයුතුය. නොඑසේනම්, මේ ක්‍රියාමාර්ග ඔස්සේ අවසානයේදී සිදුවන්නේ ලාංකීය සමාජයේ ඛණ්ඩනයන් තවත් ගැඹුරු වී රට දෙකට නොව තුනට කැඩෙන තත්වයක් නිර්මානය වීමයි.

මෙම පසුබිම තුළ සියලු ජාතීන්ට අයත් ප්‍රගතිශීලී බලවේග විසින් කළ යුතුව තිබෙන්නේ සියලු අන්තවාදයන් පිටුදකිමින් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ශක්තිමත් කිරීමයි.විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාවේ ප්‍රගතිශීලීන් සිංහල බෞද්ධ අන්තවාදයට ඉස්ලාම් මූලධර්මවාදයෙන් පිළිතුරු සොයන්නට යාම කෙරෙහි විරුද්ධ විය යුතුය.

ලංකා‍ව සිංහලුන්ගේ මෙන්ම ලාංකීය මුස්ලිම්වරුන්ගේද රටයි. මුස්ලිමුන් සියවස් කීපයකට පෙර පැමිණි ආක්‍රමණිකයන් යයි කියන අය වටහා ගතයුතු කාරණයක් වන්නේ සිංහල කරාව හා සලාගම කුලවල සම්භවයද එවැනිම එකක් බවයි. ලාංකික උරුමය වනාහි විවිධත්වයට, විවෘතභාවයට දිරිදුන් එකකි. එය සිංහල බෞද්ධ අන්තවාදය හෝ ඉස්ලාම් මූලධර්මවාදය නොවේ. මේ සියලු අන්තවාදයන් එකමිටින් ගෙන බැහැර කළ යුතුව ති‍බේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ඔය කොහොම කිව්වත් හම්බයෝ එක්ක බැලුවම, සිංහල මිනිස්සු ජාතිවාදී නැහැ..
    හම්බයෝ එක්ක බලද්දී, සිංහල මිනිස්සු ටිකක් හරි දියුනුයි....
    හම්බයෝ ළමයි හත අට හදන එක, ගැණු ළමයි හදන මැෂින් වගේ කියල හිතන එක..එතකොට, ඉස්පිරිතාලේ හම්බ ගෑණිට හම්බ වුන බබා බලන්න එන තාත්ත ඉස්සෙල්ලම අහන්නේ, පුතෙක්ද කියල..
    උට ගෑණි මලත් කමක් නෑ ..
    ඔයා නිකම් පරමාදර්ශී වෙන්න සිංහලයට බනින්න එපා, හම්බයෝ ශිෂ්ට සම්පන්න, උගත් පරපුරක් කරන්න යෝජනා කරන්න...

    ReplyDelete
  2. හකීම් LAW කොලේජේ එකේ පේපර්ස් ලීක් කරලා තම්බින්ට දීපු එක..????
    "එතකොට හලාල් සහ ජිහාඩ් ? "
    "නයි නලගන හෙවත් නිරෝෂා විමලරත්න අරාබි ජාතිකයෙකු සමග අඹු සැමියන් ලෙසින් මාස ගණනක් වැල්ලම්පිටිය නිවසක ජීවත්ව ඇති අතර ඇයව කපා කොටා මහා මගා දමා ගොස් අත්තෙද නිරෝෂා ගේ සැමියා ලෙසින් සිටි මෙම අරාබි ජාතිකයය. "

    "සවුදි අරාබියේ තානාපතිවරයාට විරුද්ධව චෝදනා එල්ල වූයේ වරක් දෙවරක් නොවේ.
    සේවය කරන නිවසෙන් අතවරයට පත්ව පිහිට පතා තානාපති කාර්යාලයට එන බොහෝ කාන්තාවන් නැවත අතවරයට ලක් කරන්නෙත් ගණිකා සේවයේ යොදවන්නේත් සවුදි අරාබියේ තානාපති කාර්යාලය මඟිනි.
    ලංකාවට පැමිණි බොහෝ ගෘහ සේවිකාවන් පසුගිය කාලයේ පවසා තිබුනේ ඇඳුම් ඉවත් කර පහර කෑමට ලක්වූ තුවාල කැලැල් පෙන්වීමට ඇත්තේද තානාපති කාර්යාලයේ පිරිමින්ට බවය."

    "සවුදි තානාපති කාර්යාලයේ නිළධාරීන්ගේ කෙළි බඩු බවට අසරණ ගෘහ සේවිකාවන් පත්වුවද කෙතරම් චෝදනා එල්ල වුවද අහමඩ් ජවාඩ් තවමත් සවුදියේය.
    රිසානා නෆීක්ට මරණ දඬුවම ලබා‍දීම ‍හේතුවෙන් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා යළි මෙරටට කැඳවන බව පසුගිය කාලයේ රජය නිවේදනය කළද මේවන විටත් ඔහු සුපුරුදු පරිදි එරටේ තානාපති සේවයේ යෙදී සිටී.
    ඔහු වෙනුවට වෙනත් අයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. "

    "ගෘහසේවිකාවන් ලෙස සවුදි අරාබියට යන කාන්තාවන්ට එරටදී බොහෝ අතවර වලට මුහුණපෑමට සිදුවනවා.
    කරදර වලට මුහුණපා පිහිට පතා ලංකාවේ තානාපතිකාර්යාලයට එන පැමිණි බොහෝ කාන්තාවන් එහිදී පත්වන්නේ කබලෙන් ලිපට වැටීම වැනිවූ ක්‍රියාවලටයි.
    එහිදී ශ්‍රී ලංකා සවුදි අරාබියානු තානාපති කාර්යාලයේ සේවකයන්සේ ලිංගික සූරාකෑම් වලට බොහෝ කාන්තාවන් පත්වන අතර නිවෙස් වලින් පහර කා තුවාල සහිත කැලැල් ඇඳිවත උස්සා පෙන්වීමට ගෘහසේවිකාවන්ට සිදුවන්නේද එම කාර්යාලයේ සිටින පිරිමි සේවකයන්ට බවයි පසුගිය කාලයේ මෙරටට පැමිණි ගෘහසේවිකාවන් පිරිසක් පැවසුවේ.""

    මෙන්න විකි ලීක්ස් වල බලන්න
    http://wikileaks.org/cable/2003/10/03COLOMBO1810

    ReplyDelete
  3. Www.anniisa.wordpress.com

    ReplyDelete
  4. Can we have something called "Allah bar" just like they have "Buddha Bar"? Don't talk like an idiot.

    ReplyDelete
    Replies
    1. අල්ලා බාර් දැම්මා නම් මෙහලකට ලෝකේ පුරාම ප්‍රංශ තානාපති කාර්යාලත් ගිනි තියලා

      Delete
    2. ඔවු බෞද්ධයො එහෙම ගිනි තියන්නේ නැහැ ඒකම නොවෙයිද බුවා අල්ලා සහ බුද්ධ අතර වෙනස? බුදුන් ඉදිරියට මර දූවරු තිදෙනා ඇවිත් නටනවා වයනවා සහ රඟනවා. අල්ලගෙ විදියට අපි මේ ගෑනු තුන්දෙනා අල්ලලා බෙල්ල කපලා හරි ගල් ගහල හරි මරණ එකද කරන්න ඕනෑ. ලෝකය පුරා බුද්ධ බාර් තියනවා මේකෙන් බුදුන්ට අපහාසයක් වෙනවා කියන එක ලංකාවේ පහල පාන්තික ගැමියන්ගේ චින්තනයේ තියන දෙයක්. බාර් කියන වචනය එක්ක පහල පාන්තික ලාංකික මිනිසාට එන හැඟවුම තමයි අර හන්දියේ සයිමා අරක්කු බොන බාර් එක. ඒකට බුද්ධ එකතු කලාම අපහාසයක් තමයි. ඉතින් මැරෙන්න හදනවා. වෙන රටවල බෞද්ධයන්ට නැති ප්‍රශ්න අපිට තියෙන්නේ අපි මාර සිරාවට බෞද්ධ නිසා නොවෙයි ආර්ථික සමාජීය දිළින්දන් නිසා. බල්ලෝ අපිව කෑවට අපි බල්ලෝ කන්නේ නෑ බුවා. තම්බි උන්ගේ ගෝත්‍රික කම පෙන්නන කොට අපි ඊට වඩා ගෝත්‍රික වෙන්න ඕනෑ නෑ.

      Delete
    3. කොහොම වුනත් ලංකාව වගේ බෞද්ධ බහුතරයක් ඉන්න රටක බුද්ධ වචනය භාවිතා කරත්දි සැලකිලිමත් විය යුතුයි කියල මම හිතන්නේ . ඇත්තටම බුද්ධ වචනය හෝ රූපය මොනම ආකාරයේ අවභාවිතාවක් කලත් බෞද්ධයින් වශයෙන් කලබල විය යුතු නෑ තමයි ,නමුත් බොහෝ බෞද්ධයින් ඒ වගේ හිතන්න කැමති නෑ . ගැටුම් ඇතිනොවෙන ආකාරයෙන් කටයුතු කරන සාමාන්‍ය බුද්ධිය තියෙන්න අවශ්‍ය වෙනවා

      Delete
    4. මුලුමනින්ම ඔබේ අදහසට එකඟයි උදිත.
      බෞද්ධ අපි විචාරාත්මක වියයුතුයි. බුද්ධාගම ඉස්ලාම් ආගමෙන් වෙනස්වෙන්නේ අන්න එනිසයි. බෞධ්ධ අපි අන්ධානුකරණය කරන්නේ නැහැ. බුද්ධ බාර් දැම්මට, බුද්ධ රුපය දාලා සුවඳ විලවුන් බෝතල් හැදුවට, බුද්ධ රුපය හැඩයට චෝකොලට් හැදුවට බුද්ධ ධර්මයට හානියක් වෙනවාද?
      මේ පෝස්ට් එකට දාලා තියෙන සමහර කමෙන්ටු වලින්ම අද අපේ රටේ සිදුවෙන සමාජ පරිහානිය පෙනෙනවා. කොයිතරම් බෞද්ධ වුනත් අපේ රටේ ස්ත්‍රී දුෂණ කීයක් සිදුවෙනවද? හොරකම් සහ මිනී මැරුම් කීයක් සිදුවෙනවද? බෞද්ධ අපි මේවා ගැන හිතුවද? කොටින්ම පහුගිය කාලේ ලංකාවේ පැවතුනු ජාතිවාදී යුද්දය කාලේ විදේශ රටවල මිනිස්සු ඇහුවේ මෙච්චර බෞද්ධ මිනිස්සු ඉන්න රටක මේවගේ යුද්ධ ඇතිවෙන්නේ කොහොමද කියලයි. පිවිතුරුම බුද්ධ ධර්මය තියෙන්නේ ලංකාවෙලු. නමුත් ඒක හරියට වැටහෙන කීදෙනෙක් ලංකාවේ ඉන්නවද කියලා මේකේ තියෙන සමහර කමෙන්ටු දුටුවහම හිතෙනවා.

      Delete
  5. බොදු බලසේනාව කරන දේවල් නිවැරදි නෑ , හැබැයි එහෙම තත්වෙකට මඟ පැඳුනු කරුණු තමයි මුලින් ඉවත් කරන්න ඕනි . උදා - හලාල් විරෝධයක් ඇතිවෙන්නේ , අසාධාරණව මුස්ලිම් නොවන 90%කගේ ඇඟේ හලාල් ගහන නිසා . ඒ නිසා මුලින්ම නැති කරන්න ඕනි ඒක .

    ReplyDelete
    Replies
    1. බුවා...

      ලේයියෙන් මේ වගේ ඒවට කමෙන්ට් නොකළත් උඹට මේකට වැටක් ගහන්නම වෙනවා... බොදු බල සේනාව වෙලාවකට වැඩ කරන්නේ අවශ්‍ය නැති විදියට තමයි... නමුත් එහෙම වෙලා තියෙන්නේ රජයෙන් කිසිම දෙයක් අවශ්‍ය වෙලාවට නොකරන නිසයි... ඒකට බොදු බල සේනාව ත්‍රස්තවාදී සංවිධානයක් කියලා වැඩක් නෑ.. එහෙම එකක් ඇතිවෙන්න හේතු නැති කරන්න ඕනේ... මේ වගේ ගොන් පාට් දාන උන් හින්දා තමයි තව දුරටත් මිනිස්සු ඇවිස්සෙන්නේ.. ඇයි දෙයියනේ... බෞද්ධයෝ වෙනුවෙන් පෙනි ඉන්න මොකෙක්වත් නෑ නේ දැං බැලුවාම.... ඔක්කොම ත්‍රස්තවාදියෝ... ජාතිවාදියෝ...

      බුද්ධ බාර් වලට යන්න ඕනේ නම් ඒ සංචාරයකයින්ට ඒවා තියෙන රටවලට යන්න පුළුවන්.. ඒකට ලංකාවට එන්න අවශ්‍ය නෑ..

      මේක මේ කියන්නේ උදාහරණයකට විතරයි... දැං මෙහෙ එන සංචාරකයින්ට ගණිකාවෝ ඕනේ කියලා මේ රටේ ගණිකා වෘත්තිය ඇති කරන්න ඕනෙද...? එහෙම නැත්නම් මේ රටේ තියෙන වටිනා සංස්කෘතිකමය දේවල් දැකබලාගෙන, රස විඳින්න එන උගත්, බුද්ධිමත් දැනුවත් සංචාරකයන් වෙනුවෙන් වැඩි පහසුකම් සලසන්න බැරිද... ? හෝටල් වලට අවශ්‍යකරන අන්තර්ජාල සම්බන්ධතා සහිත, සියලුම පහසුකම් වලින් සමන්විත කාමර සහ සේවා පහසුකම් ලබා දීම වෙනුවට දැං අනුරාධපුරේ හැමතැනම පහත් පන්තියේ කාමර දෙකේ තුනේ හෝටල් සහ ගණිකා වෘත්තිය තමයි සංචාරක ආකර්ශණය වෙලා තියෙන්නේ... ඒකද මේ සංචාරක කර්මාන්තය දියුණු කරනවා කියලා කියන්නේ...

      සංචාරකයෝ ගෙන්න ගන්න ඕනේ කියලා ලෝකෙටම වදයක් වෙලා තියෙන ඒවා ( ස්ට්‍රීටි රේස් ආදිය) මේ රටට ගෙන්නේ නැතුව, මේ රටේ තියෙන වැදගත් දේවල් අගය කරන සංචාරකයෝ ගෙන්න ගන්න වැඩපිළිවෙලක් හදන්න බැරිද.. මම දන්න තරමට ලංකාවට එන බො‌ෙහාම උගත්, වැදගත්, මේ රටේ ඉන්න මිනිස්සුන්ට වඩා මේ රටට ආදරය කරන,( කොළයක් වත් බිම දාන්නේ නැති, පන්සලකට පල්ලියකට යද්දි අපේ අයට වඩා වැදගත් විදියට තමන්ගේ ඇඳුම ගැන සැලකිලිමත් වෙන) මේ රටේ තියෙන දේවල් අගය කරන සංචාරකයෝ ඉන්නවා... ඒ වගේ අයවයි මේ රටට වැඩිපුර ගෙන්න ගන්න බලන්න ඕනේ..

      Delete
    2. සංචාරයක ව්‍යාපාරය කරත්දි සංස්කෘතිය බදාගෙන ඉන්නම බෑ , අදාල සීමාවන් වගේම නිසි කාලය හඳුනාගන්න එකයි අවශ්‍යය

      Delete
  6. ලංකාව මුස්ලිම් රටක් උනොත් ඉස්සෙල්ලම මරන්නේ මේ වගේ බංකොලොත් කොමුනිස්ට් කාරයෝ

    ReplyDelete
    Replies
    1. ලංකාව බෞද්ධ අන්තවාදී රටක් වුණොත් මොකද වෙන්නෙ?

      Delete
    2. //ලංකාව බෞද්ධ අන්තවාදී රටක් වුණොත් මොකද වෙන්නෙ?//

      බෞද්ධ අන්තවාදී රටක් බිහි කරන්න අමාරුයි , එහෙමම වුනත් මුස්ලිම් අන්තවාදයට වඩා දහස් ගුණයක් හොඳයි

      Delete
    3. බෞද්ධ අන්තවාදය කියන්නේ කරුණාව මයිත්‍රීය ඉහවහා ගියපු මිනිස්සු ඉන්න රටක් ද ? එතකොට නම් වැඩේ ලේසි වෙන්නේ නෑ .. වාමන්ශිකයන්ට ජොබ් නැති වෙය්

      Delete
    4. වාමාංශිකයන්ට බය කැල්කියුලස් බුවා වගේ ඇට දෙක නැති පොන්නයොන්ගේ ඇගවල් ඇතුළෙ ජාතිවාදී අවතාර ගැවසෙන බවට මීට වඩා හොද සාක්ෂියක් නැහැ!!

      Delete
    5. වාමාශිංකයින්ට බය නෑ , උන්ව දැක්කාම හිනා යනවා . මගේ ඇට නම් තාම හොඳට තියෙයි , හැබැයි වාමාංශිකයො නිසා තරුණ කොල්ලන්ගේ ඇට තැලුවා කාලයක්

      Delete
    6. අජිත් ජයසිංහ මහත්තයො, කියන්න පුලුවන්ද ඔබතුමා අදහස් කරන අර්ථයේ තියන "බෞද්ධ අන්තවාදය" තියන රටක් ?

      Delete
    7. Paradox.. haha .. good one

      This is for you Ano, please re-read your comment..It is people like you standing behalf of socicilisum, no wonder it fails everytime ..

      Delete
  7. මෙය බලන්න.
    http://www.groupon.my/deals/klang-valley-kuala-lumpur/hakka-yuen-restaurant/716494585?nlp=&CID=MY_CRM_1_0_0_323&a=715827975

    ReplyDelete
  8. දැනටත් පරක්කුද කියලා හිතෙනවා මේ කොමෙන්ටු දැක්කම. මේ රැල්ල තහනම් කරලා හරවන්න පුලුවන් එකක් නම් නෙමෙයි. අනිත් අතට මේ පාලනාදිකාරය කොහෙත්ම එහෙම කරන එකකුත් නැහැ. ඒ වෙනුවට බලාපොරොත්තු විය හැක්කේ එයට අනුබල දීමකුයි. මට හොඳට මතකයි 1981-83 කාලෙ හරියටම මේ වගේ තමයි සින්හල බහුජනතාව දෙමල ජාතිකයන් ගැන කතා කලේ. මේ තවත් මහා විනාශයක පෙරනිමිති. ඇත්තටම මේ කොමෙන්ට් කියන්නේ සමාජයේ බහුතර මතය.
    ගැන ව්ගේ වැඩසටහන් කරන අයෙක්, නීතිවේදියෙක්ලු- එය හසුරවපු විදිය. ඔහු කොහෙත්ම මේ පැවිද්දා කතා කරපු විදිය ගැන වගේ වගක් නැතුව ස්වාමීන් වහන්සේ කියන්න හැදුවෙ මේකයි ආදී ලෙස නියෝජිතයෙක් විදියටයි හැසිරුනේ. අර කේන්දර බන්ඩාර අසන්නෙකුට බැන්න වෙලාවෙ වී එෆ් එම් එකේ නිවේදකයා කොතරම් හොඳට ඒ බැනුම් ඇසූ අසන්නා වෙනුවෙන් කතා කලාද? මේ ටී එන් එල් නිවේදකයා වගේ ප්‍රගතිශීලීන්ගෙන් තමයි වඩාත් ප්‍රවේශම් විය යුත්තේ.
    දන්නා කෙනෙක් එහි යූටියුබ් ලින්ක් එක දමන්න.

    -Dimithri

    ReplyDelete
  9. දැනටත් පරක්කුද කියලා හිතෙනවා මේ කොමෙන්ටු දැක්කම. මේ රැල්ල තහනම් කරලා හරවන්න පුලුවන් එකක් නම් නෙමෙයි. අනිත් අතට මේ පාලනාදිකාරය කොහෙත්ම එහෙම කරන එකකුත් නැහැ. ඒ වෙනුවට බලාපොරොත්තු විය හැක්කේ එයට අනුබල දීමකුයි. මට හොඳට මතකයි 1981-83 කාලෙ හරියටම මේ වගේ තමයි සින්හල බහුජනතාව දෙමල ජාතිකයන් ගැන කතා කලේ. මේ තවත් මහා විනාශයක පෙරනිමිති. ඇත්තටම මේ කොමෙන්ට් කියන්නේ සමාජයේ බහුතර මතය.
    මේ ලඟදි ටී එන් එල් එකේ අසාද් සාලි පැමිනි වැඩසටහනකට දුරකතනයෙන් කතා කලා බොදු බල සේනාවේ ඔය හාමුදුරුවො. උපරිම අපහාස සහගතව තමුසෙ සහ මුස්ලිමුන්ට පරිභව කරන වචන ආදියෙන් සහ පැහැදිලි තගෙන් අසාද් සාලිට කතා කලේ. මෙතන තියෙන අපූරු දේ ඒක නෙමෙයි. මේ වැඩසටහන කල නිවේදකයා - මොහු මානව හිමිකම් ගැන ව්ගේ වැඩසටහන් කරන අයෙක්, නීතිවේදියෙක්ලු- එය හසුරවපු විදිය. ඔහු කොහෙත්ම මේ පැවිද්දා කතා කරපු විදිය ගැන වගේ වගක් නැතුව ස්වාමීන් වහන්සේ කියන්න හැදුවෙ මේකයි ආදී ලෙස නියෝජිතයෙක් විදියටයි හැසිරුනේ. අර කේන්දර බන්ඩාර අසන්නෙකුට බැන්න වෙලාවෙ වී එෆ් එම් එකේ නිවේදකයා කොතරම් හොඳට ඒ බැනුම් ඇසූ අසන්නා වෙනුවෙන් කතා කලාද? මේ ටී එන් එල් නිවේදකයා වගේ ප්‍රගතිශීලීන්ගෙන් තමයි වඩාත් ප්‍රවේශම් විය යුත්තේ.
    දන්නා කෙනෙක් එහි යූටියුබ් ලින්ක් එක දමන්න.

    Dimithri

    ReplyDelete
  10. බුදු දහම තලෙබාන්කරණයෙන් මුදාගැනීම

    අතීත ඉන්දියාවේ සිදුහත් නම් රජ කුමරෙක් ජීවත් විය. ඔහු ගිහි ගෙය හැර දමා ගොස් මිනිසාට විමුක්තිය ලබා ගත හැකි දහමක් පිලිබඳ ගවේෂණය කළේය. ආත්ම ගවේෂණයෙන් පසු අහිංසාවාදී ප්‍රයෝගික දර්ශනයක් එම ශේෂ්ඨ මිනිසා විසින් ජනතාවට හඳුන්වා දෙනු ලැබිය. මේ ධර්මය ලෝකයේ බුද්ධිමතුන් විසින් මනා සේ පිළිගනු ලැබිණ . එම දහම වතිකානුව මෙන් රටවල් අල්ලාගෙන ජන ඝාතන කිරීමට අනුබල දුන්නේ නැත, කුරානය මෙන් අල්ලාහ් නොඅදහන්නාගේ බෙල්ල කැපිය යුතු බව කීවේ නැත. මේ නිසා මෙම දහම මානවවාදී දහමක් ලෙසට ලෝකය පුරා පිළිගැනීමක් ලැබුණි.

    මේ ධර්මය ලංකාවට ලැබුණු නමුත් කාලයාගේ ඇවෑමෙන් එහි බොහෝ විකෘති ඇති විය. දායකයන් විසින් ලබා දෙන සිව්පසේ ඇළුනු සමහර භික්ෂුන් ගිහියන්ටත් වඩා තන්හා අධික වී කාමභෝගී ජිවිත ගත කරන්නට පටන් ගත්හ. බොහෝ දෙනෙකු මහණ වුයේ සසර කලකිරී හෝ ආත්ම විමුක්තිය පතා නොව බඩගින්නෙන් මිදෙන්නටය. රැකියාවක් නොකොට අතපය නොසෙල්වා තුන්වේල කෑමට ඉතා සුදුසු පරිසරයක් සමහරු පන්සල් තුල ඇති කර ගත්හ. ඔවුන් දෙන දානයක් අපිට පමණක් දීපල්ලා යැයි ව්‍යංගයෙන් කිහ. මේ අනුව බඩගිනි බුදු දහම බිහි විය. දාන මාන කළමනා මුදල් වැඩිපුර ලැබීමේදී මේ පන්සල් සමහරු අසපු බවට පත් කර ගත්හ. දේශපාලකයන් පසුපස ගොස් ඔවුන්ට පිරිත් නුල් බැඳ ඔවුන්ගෙන් අනුග්‍රහ ලැබ ගත්හ. ගෞතම බුද්ධ නම් එම ශේෂ්ඨ දාර්ශනිකයාගේ ධර්මය තමන්ගේ උදර පෝෂණය සඳහා විකෘති කොට අමුතු දහම් දේශනා කළහ. මේ සිවුරුකාරයන්ගෙන් 99% නූගත්ය. ගැඹුරු ධර්ම දැනුමක් නැත. ගැඹුරු ධර්ම සකච්ඡාවක් කිරීමට නොහැකිය. පාලි , ඉංග්‍රීසි හෝ අනෙකුත් භාෂා දැනුමක් නැත. යන්තම් පන්සිල් දීමටත් ගථා දෙක තුනක් ජප කිරීමට හැර වෙන දැනුමක් නොමැත. මේ නිසා ඕනෑම අන්තවාදියෙකුට මේ නූගත් සිවුරුකාරයන් උසි ගන්වා උද්ඝෝෂණ සඳහා පාරට දැක්කීමට හැකිය.

    බුදුදහම රැකීම සඳහා කියමින් මොවුන් පොලු මුගුරු ගෙන බුදුදහම රකින තලිබාන්වරු බවට පත් සිටිති. ගෞතම බුද්ධ නම් දාර්ශනිකයා සංජය බෙල්ලට්ඨිපුත්ත,පූරණ කස්සප, අජිත කේසකම්බල වැනි ෂඩ් ශාස්තෘවරු , සච්චක බමුණා වැන්නවුන් සමග මතවාදීව ගැටී සත්‍ය ඉස්මතු කරගත් නමුත් ධර්ම ඥානයක් සමාජ දැනුමක් නොමැති එහෙත් හරකුන්ට මෙන් දෙගාත් හයිය පමණක් ඇති මොවුන් බුදු දහම බේරා ගැනීමට කරන්නේ බුදුදහම වැරදි ආකාරයට අර්ථකථනය කරන වඳුරඹ සිරිවර්ධන වැනි මානසික රෝගීන්ගේ හිස් මතට පොලු මුගුරු පත බෑමය , ඔවුන්ව බලහත්කාරයෙන් රඳවා ගැනීමය. සිංහල ජාතිය බේරාගැනීමට කියමින් සායන වැටලිමය , අන්‍ය ආගමික ස්ථාන ගිණි තැබීමය.

    මේ සිවුරුකාර තලිබාන්වරු බොහෝදෙනෙකු සාමනේර කාලයේ දී පන්සල් වලදී වැඩිහිටි භික්ෂුන් අතින් ලිංගිකව අපයෝජනයට ලක් වූ වින්දිතයන් වෙති. පසුගිය කාලයේ හෙළ උරුමයේ අපරැක්කේ පඤ්ඤාණන්ද වැනි සිවුරුකාරයන් සාමනේරවරුන්ට දානය නොදී ඔවුන්ව ගුද සංසර්ගයේ බලහත්කාරයෙන් යොදා ගත් අයුරු හෙළි වී තිබේ. මෙවැනි ලිංගික අපයෝජන බොහෝ සෙයින් සිදුවෙති. එම නිසා වාර්ෂිකව ලිංගිකව අපයෝජනයට ලක් වූ සාමනේර වින්දිතයන් විශාල ප්‍රමාණයක් අපගේ සමාජයට එක් වෙති. මොවුන් පසුකාලීනව තමන්ගේ හිතේ පැසවන වෛරය යොමු කරන්නේ සමාජයටය. මේවා ගැන ළමා ආරක්ෂක අධිකාරිය පවා නිහඬය. මේ නිසා සත්‍ය අවිහිංසාවාදී බුදුදහමට විශාල විනාශයක් වෙමින් තිබේ. මේ වියසනය ගැන කතා කිරීමට පවා වගකිවයුත්තන් ඉදිරිපත් නොවෙති. එම නිසා අවම වශයෙන් අප විසින් වටහා ගත යුතු කරුණ වනාහී මේ පොලු මුගුරු ගෙන බුදුදහම රකින තලිබාන්වරු යනු පුනරුත්ථාපානය සඳහා යොමු කල යුතු මානසික රෝගී වින්දිතයන් කොටසක් මිසක බුදු දහමේ ආරක්ෂකයෙන් නොවන බවයි.

    ReplyDelete
    Replies
    1. ජාල-කාල-කන්නියාFebruary 3, 2013 at 12:20 PM

      This comment has been removed by a blog administrator.

      Delete
  11. ලංකාවෙ මම දන්න විදිහට නම් කටපුරා ගෞරවයෙන් යුතුව හාමුදුරුවනේ කියන්න වටිනා හාමුදුරුකෙනෙක් අද නෑ. මේ ඉන්න චීවර ධාරියො ඔක්කොම එකයි.අර මහනුවර යුගයෙ හිටිය ගණින්නාන්සෙල මිට දහස් ගුණයක් හොඳයි.මට හිතෙන්නෙ අර හැමෝම කොයිවෙලාවෙත් කියන විදේසීය කුරුමන්තරනයක් මෙයාල මේ කරන්නෙ..බුද්දාගම විනාස කරන්න...මෙයාල මේ කරන වැඩ හොඳටම ඇති මෙව්ව දකින කෙනෙක් උනත් බුද්ධාගම ගැන කල කිරෙන්න.මම මෙයාල බුද්ධාගමේ සිකුරිටි ඔපිසරල කියල පිලිගන්නෙත් නෑ. ඔය බුද්ධ බාර් එකක් කලාය කියල බුද්ධාගමට කිසිම හානියක් වෙනවයි කියල පිළිගන්නෙත් නෑ. ඇත්තම කියනවනම් බුද්ධාගම බේරගන්න ඕන වෙල තියෙන්නෙ මේ සේනාවෙන්.....

    ReplyDelete
    Replies
    1. ආගම් නයකයින්ගේ නමින් බාර් වත් අනෙක් වෙළඳ නාමයක් වත් තිබීම හොඳ නැහැ රවී . මොකටද ..වෙන නම් නැතුවද . පන්සලක් පල්ලියක් කොයික වුනත් යම් ගෞරවයක් ඇතිව නේද අපි ඒ දිහා බැලුවේ . සමාජයක ඉන්නකොට අපිට යම් යම් සම්ප්‍රදායන්ට යටත් වෙන්න වෙනවා . සමතුලිත බව උදෙසා

      Delete
    2. රවී.... ආරණ්‍යයකට (අසපු නෙවී) ගිහින් ඒවයෙ ඉන්න වයසක ස්වාමීන් වහන්සෙ කෙනෙක් එක්ක කතා කරල බලන්න එහෙම ගෞරවයෙන් හාමුදුරුවනේ කියන්න පුලුවන් චරිත නැත්ද කියල ...

      Delete
    3. ජාල-කාල-කන්නියාFebruary 3, 2013 at 12:19 PM

      මහනුවර යුගයෙ හිටිය ගණින්නාන්සෙලගෙ හොඳ ගතිගුණ මොනවද බොල?

      Delete
  12. බෞද්ධ අන්තවාදය ප්‍රතික්ෂේප කරමි . එමෙන්ම මුස්ලිම් අන්තවාදයද අන් ආගම් වලට අපහාසද ප්‍රතික්ෂේප කරමි . බහුතරය බෞද්ධයන් සිටින රටක බුද්ධ නමින් බාර් සැදීම නුසුදුසුය . ජේසු බාර් හෝ අල්ලා බාර් වුවද නරකය . [ ඒවා නම් කොහෙවත් දැක නැත..කෝකටත් මුව හම වී ඇත්තේ බෞද්ධ ආගම පමණි . ].මේවා මිනිසුන් අවුස්සන වැඩය.

    බුද්ධ නැතුවට බාර් එකකට දමන්නට නමක් සොයා ගන්නට බැරි නැත .

    බොදු බල සේනාව හරි නැත . නමුත් මෙවැනි වැඩ වලින් මධ්‍යස්ත මිනිසුන් එවැනි සංවිධාන කරා ඇදී යන්නට ඉඩ තිබේ . දැන් අපට අඩු එච්චරයි. තව යුද්ධයක් . ආණ්ඩුව විසින් ජනගහන පාලනයට යම් වැඩ පිළිවෙලක් ඇති කිරීම එකම විසඳුමයි . අඹ ඇටයක් තරම් රටකට දරන්නට හැකි ජන සංඛ්‍යාවක් පමණක් සිටිය යුතුයි නේද . උන් හදනවා නම් අපිත් හදමුයි කියා ළමයි හැදීම නම් මෙයට විසඳුම නොවේ .

    ReplyDelete
  13. බුද්ධ බාර් එක හෝටලයක්...
    ගලබොඩඅත්තේ උන්නාන්සෙ ටොයිලට් එකක්!!!!

    ReplyDelete
    Replies
    1. ජාල-කාල-කන්නියාFebruary 3, 2013 at 12:13 PM

      This comment has been removed by a blog administrator.

      Delete
    2. thoge ammata kiyapiya paahara paadada wesige putha.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  14. අඩේ අප්පා... එතකොට බුද්ධ බාර් තිබ්බට කමක් නැද්ද. එතකොට බුද්ධරුප සෙරෙප්පු වලට දැම්මට කමක් නැ.වැසිකිලි කොමඩ් එකට බුද්ධ රුප දැම්මට කමක් නැ.යට ඇඳුම් වලට බුදුරුව දැම්මට කමක් නැ...අනේ මේවා අහනකොට මගෙනම් හදවත කකියනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා