මට සිහිනයක් තිබේ


මට සිහිනයක් තිබේ
දරුවනි 
සිහිනයක් තිබේ
අද බැරිනම් හෙට
දරුවනි
අපි නොවනම් ඔබ
දරුවනි
අපේ අතින් අප ලාගත්
සිත් මාංචු සිත් විලංගු
විවෘත කර
නිදහස් වන
දවසක් ගැන

අපි සිංහල දෙමළ වගෙම
ඉස්ලාම්ද ක්‍රිස්තියානි 
කොයි කවුරුත්
අපි මිනිසුන් 
කියා සැවොම
හැම දේටම 
කලින් හිතන

මට සිහිනයක් තිබේ 
දරුවනි
සිත් සිරකර අප බැඳගත්
වේල් පටින්
ඇස් බේරී 
නෙත් ඇතුළින් 
දිලිසි දිලිසි 
සිත් හිනැහෙන
සැක සංකාවන් දුරලා
ආදරයෙන් කතාකරන

නුඹෙත් මගෙත් 
අපේ පැටව්
අපිය කියන
අපි හිනැහෙන
සිනා සපිරි
එකම හෙටක්
සිහින දකින
එක හීනෙක 
සැවොම නිද
ඒ සිහිනෙට 
ිත් පිබිදෙන
අවදිවෙලා
අත් පැටලෙන
එක ගමනක් 
එකට දෙන 
   
අජිත් පැරකුම් ජයසිංහ
  
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. //අපේ අතින් අප ලාගත්
    සිත් මාංචු සිත් විලංගු
    විවෘත කර
    නිදහස් වන
    දවසක් ගැන//

    indeed....

    ReplyDelete
  2. මම ආතක් පාතක් නැතුව ඉන්න මිනිහෙක්.මට ඔබේ සටහන් ජීවය ගෙනත් දෙනවා.ඔබ දිනපතාම යම් අදහසක් එක් කරන්න.ස්තූතියි ඔබට.

    ReplyDelete
  3. ඇත්තෙන්ම ඔවු අජිත් පැරකුම් ජයසිංහ මොන තරම් වෙනස් දේශපාලන මත දැරුවත් මගේ උත්සාහය වෙන්නේත් මේ වගේම දෙයක් තමයි. අපි ඉන්නේ රේල් පාරවල් දෙකක ඇතින් ගියාට මගේ පැතුමත් අපේ රටේ රජුන්ගේ පුතාලට තියන ඉඩප්‍රස්ථා අයිතිවාසිකම් ඔබේ දියණියටත් ලැබෙන රටක් බිහිවීමයි.

    මම තදින් විශ්වාස කරනවා මගේ ක්‍රමය උඹගේ ක්‍රමයට වඩා ප්‍රායෝගිකයි කියල. උබ හදන්නේ පුංචි ලංකාවේ ඈත ඈත ගමක වෙලක් මැද්දේ තනියම ඉඳන් ලෝක ධනවාදය එක්ක හැප්පිලා මුළුමනින්ම ලෝක ක්‍රමය වෙනස් කරලා හරියයිද කියල ෂුවර් නැති සමාජවාදී ලෝක ක්‍රමය හදන්න.
    උඹගේ කේන්ද්‍රය පරිවාරය කියන අදහස නිවරිදියි කියල මොහොතකට උපකල්පනය කරමු එතකොට මේක උඹට කියන්න ලේසියි. සරලව කිව්වොත්
    1. කේන්ද්‍රයේ රටවල ධනවාදයේ මිනිසුන්ට ආර්ථික නිදහස මෙන්ම දේශපාලන නිදහස තියනවා.
    2. ආසියානු ධනවාදයේ උදාහරණයකට සිංගප්පුරුවේ මිනිස්සුන්ට ආර්ථික නිදහස තියනවා දේශපාලන නිදහස ඉහත 1 රටවල වගේ නෑ.
    3.ලංකාවේ ධනවාදයේ මිනිසුන්ට දේශපාලන නිදහස නෑ ආර්ථික නිදහස තියෙන්නේ රජුගේ සහ පාලකයන්ගේ මිතුරන්ට පමණයි.
    දැන් අපි කල යුත්තේ කුමක්ද? මගේ උත්සාහය තමයි ඉහත අපි ඉන්න 3 ස්ථානයේ සිට 2 කරා යාමට උත්සාහ කිරීම ඊට පස්සේ පුළුවන් 2. සිට 1 කරා යාම ගැන සිතන්න. 3 සිට 2 කරා යාමේදී අපිට පුළුවන් චිනේ ,සිංගපුරුවේ ට වඩා යම් තරමකට දේශපාලන නිදහස දිනා ගන්න ඒක බෝනස් එකක්.

    ආර්ථික නිදහස, රජමිතුරන්ට පමණක් නොව උඹට සහ උබේ ළමයිනට හැමෝටම ලැබෙන රටක් හැමෝම ඇතුලත් වන ධනවාදයක් ජනමිතුරු ධනවාදයක් වෙනුවෙනුයි මගේ සටන. උඹලගේ සටන කරන්න තාම ධනවාදයේ කෙන්ද්‍රයවත් සුදානම් නෑ පැරකුම් නිකම් පිස්සු කෙලින්න එපා. උබලගේ පිස්සු නිසා අනාථ වෙන්නේ අර ඉහත පින්තුරයේ ඉන්න හුරතල් කෙලි පොඩිත්ති.

    ReplyDelete
  4. Ano1 මේක අජිත්ගේ කවියක් විය නොහැක. මොකද කොතැනක වත් මහින්දට බැන නැති බැවින්..! (ඔබ ප්‍රර්ථනා කරන ලෝකය බිහි වේවා.)

    ReplyDelete
  5. මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න,
    ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න,

    සිහිනයක් සැබෑකර ගැනිම පහසු නැත.
    එතෙක් ඒ එකම සිහිනයේ ගැලීසිටීම ද එලෙසින්ම පහසු නැත.

    එහෙත් මගේ සිහිනය සැබෑවනතෙක් කෙලෙසක් හෝ මම ඒ එකම සිහිනයෙහි ගැලී සිටින්නෙමි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා