නඩු බලවන හැටි

ලංකාවේ වගේ නොව බාබේරියාවේ මෙහෙමය. ඒ රටේ මහ නඩුකාරයා කටයුතු කරන්නේ මහ රජු කියන හැටියටය. මහරජු මහ නඩුකාරයා පත් කරගන්නේ තමන්ට නඩු අහන්නට වෙලාව නැති නිසා මිස නඩුකාරයා ස්වාධීන විය යුතු නිසා නොවේ.

එහේ පොඩි නඩුකාරයෝද කටයුතු කරන්නේ ඒ ඒ පැතිවල දේශපාලන බලවතුන්ගේ උවමනාව පරිදිය. කවුරු හෝ නඩුවකට පැටලුණානම් විත්තිකරුවෝ කරන්නේ ප්‍රදේශයේ මහජන නියෝජිතයාගෙන් ලියුමක් අරගෙන ගොස් පෞද්ගලිකව හමුවී නඩුකාරයාට කතා කරන එකය. විත්තිකාරයා ප්‍රදේශයේ දේශපාලුවාගේ ළඟ හිතවතකුනම් ඔහු නඩුකාරයාට පෞද්ගලිකවම කතා කර කියයි.

සමහර වෙලාවට නඩුකා‍රයෝ නඩු ගැන දේශපාලකයන්ගෙන් උපදෙස් ගනිති.

බාබේරියාවේ මිනිස්සු කළ යුත්තේ රජු සමග සිටින එකය. ඔබ රජු සමගනම් රජුගේ ගෝලයෝ නඩු ගැන කියා නඩුකාරයාට දෙන්නට අවශ්‍ය ලියුම් ඔබට දෙනු ඇත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. නඩුව බරක් කර ගන්නැතුව හිටහං බං

    ReplyDelete
  2. බාබෙරියවෙ මහරජු සහ යටත්වැසියෝ මෙලෙස නඩු බලවන්නේ එහි ධනවාදය තිබෙන බැවිනි. මෙය නුතන ධනවාදයේ බාබෙරියානු පිටපතයි.කේන්ද්‍රයේ ධනවාදය බාබෙරියාවේ තෙල් සම්පත සුරාකෑම නිසා බාබෙරියාවට මේ ඉරණම අත්විය.බාබෙරියාවේ මේ තත්වය වෙනස් කිරීමට නම් අපි කේන්ද්‍රයේ සිට ධනවාදය නැතිකොට ලෝක ධනවාදී නොවන සුන්දර නව ලෝකය බිහිකළ යුතුය.එවිට බාබෙරියාව ඉබේම යහපත් දේශයක් වනු ඇත. මේ සඳහා පෙරමුණ ගැනීමට බාබෙරියාවේ ශ්‍රේෂ්ට ජනතාව අන්තිම සටනට සුදානම් කිරීම ඉතිහාසය විසින් අපට දැන් පවරා ඇති කාර්‍යයයි.බාබෙරියාවේ සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්. අන්තිම සටනට සැරසියව්.
    මීට බාබෙරියානු වමා

    ReplyDelete
    Replies
    1. විහිළුවට කීවත් ඔබ කියන්නේ ඇත්තය.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා