අභියෝගෙට මෙන්න නීති උපදෙස්!

අගවිනිසුරුතුමිය වැරදිකාරිය බව ඉන්ස්ටන්ට් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් තීන්දු කර තිබේ. 

එයනම් පට්ට ජෝක් නඩු විභාගයකි. ඒ වුණාට ඒ නඩුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූලය. ඒවා ව්‍යවස්ථාවට අනුකූලය. එතකොට නියම ජෝක් එක මේ ව්‍යවස්ථාවය. ඕක ඉතින් අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. ජනතා පරමාධිපත්‍යේ මුදුන් මල්කඩ කීවාම ඇතිය.

ලංකාවේ පොඩිමිනිස්සුන්ට පටලවනු ලබන රථවාහන වැරදි, ඩෙංගු වැරදි වැනි සුළු වැරදි සම්බන්ධ නඩු අහන්නේත් ඔය විදියටම බව හා ඒවායේ පරම අරමුණ නීතිඥයන් හා ආණ්ඩුව මහජනයාගෙන් දඩමුදල් ගසාකෑම පමණක් බව අගවිනිසුරුතුමියනි ඔබ දන්නවාද? 

කොහොමවුණත්, දොෂාභියෝගයට එ‍රෙහි අරගලය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් චාන්ස් නැති හා මදි අයට එජාප ආණ්ඩුවක් තල්ලුකරගැනීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ රාජ්‍ය නොවන සංවිධානවලට සල්ලි ටිකක් පොම්ප කරගැනීමටත්, මොනවා හෝ කිරීම අරමුණු කරගත් අපේ වාමාංශික සහෝදරයන්ට ටික කලක් පිකටිං, පෙළපාලිවල රස්තියාදුවෙමින් උගුර ලේ රහකරගනිමින් ස්වපීඩක ආස්වාදයක් ලබන්නටත් අවස්ථාවක් ලබාදෙනු ඇත.

ඕනෑනම්, ේ අලකලංචි අලුත් චින්තනයක් මුවහත් කරගන්නට හා සංවාද ෝෂණය කරගන්නටත් ොදාගන්නට වුව බැරි නැත. 

කෙසේවෙත්, අප මේ ගොඩ පෙරකදෝරු උපදෙසක් දෙන්නට යන්නේ අපේ අගවිනිසුරුතුමිය නිවැරදිකාරිය කරගැනීමටයි. එතුමිය තමන් ඇසූ නඩුවකට සම්බන්ධ කොම්පැනියකින් ගෙයක් ගත්තාලු. ගේ ගත්තේ සෝදරියක් වෙනුවෙන්ලු. එයා පිටරට ඉඳන් ගෙට සල්ලි එව්වාලු. ඒවා මෙයාගේ නමින් ඇති ගිනුමක් හරහා ගියාලු. එහෙමලු. මෙහෙමලු. වත්කම් ප්‍රකාශනවලදි සඳහන් කරන්න බැරිවුණාලු. 

නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නෙමෙයිලු. හැබැයි, ඒ අපටලු. එයාලට නොවෙයිලු. 

ඒ වුණාට ඉතින් කවුද දන්නේ ඔය නීති හැම එකම. 

අපි දන්න නීතියක්ද මොකක්ද එකක් තියෙනවා, කපුවට දේවාලෙ රෙන්න පුළුවන්ය කියලා.ේකත් අර ඉස්ටෑන්ඩිං ඕඩර් වේ පිළිගත්, හැම තැනකම ක්‍රියාත්මක වෙන, කවුරුවත් අභිෝගයට ලක් කරන්ේ නැති දෙයක්.

ඔය කපුවෝ එළිපිටම රෙන්නේ දේවාලවල! 

'හෙල් පින් හම්බන්තොට' කියන්නෙත් ඒ වගේ රීපු බෙට්ටක්නේ. 

එතොට තර්ක කරන්න පුළුවන් නීතිය ඉදිරියේ සියලුම කපුවන් සමාන විය යුතුය කියලා විතරයි. 

කොහොමද මගේ ටිකිරි මොළේ! නීති උපදෙස් අවශ්‍යනම් විමසන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. People get the leaders they deserve; Sri Lankans do not deserve anything better than this..

    Keep going...

    ReplyDelete
  2. හෙල්පින් කේස් එක යටගහපු කැ~!@#$%^$#!@!~ අ (*&*&^%$%#$#@කපු එකානේ දැන් මේවට උපදෙස් දෙන්නෙ.ගෝල්ඩන් සිරප් කිව්වම සෙමට බොන පැනියක්ද කියල අහන එඋන් තමා රටේ ලොකු වැඩ දාන්නෙ.සිගිරියවත් ජිවිතේට දැක්ක නැති කටවාචලකමින් "පදිරි"වෙච්ච එව්වන්ට ගිය කලක්!!!මේවට තමයි කියන්නෙ අනේ! හුකේ ,ඇරපන් මගෙ *&^%කේ කියල!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත්ටම අයියෙ මොකෑද බන් ගෝල්ඩන් සිරොප් කියන්නෙ, හැබෑව දන්නෑ බන්. අපි ඉතින් ලිං මැට්ටොනේ, අපිට නම් ඉතින් විප්ලව කරල හරි, ස්ටුඩන්ට් කට්ටක් ගහන් හරි ජැප්පා පැත්තෙ පැන ගෙන කුලියක් මලියක් කොරගෙන පොරක් වෙන්න බැරු උනා නෙව.


      (විවෙචනය හෝ අදහස් දැක්වීම යහපත් සමාජයක ලක්ශනයක් මෙන්ම අයිතියක් මෙන්ම එය සැබෑ සමාජ කතිකාවතකට මුල පිරීමක් මුත් සියල්ල දත් නියාවෙන් අන් සියල්ලන්ටම අපහාස කිරිම එයට අදාල නැත, සමහර විට ............)

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා