ගුනදාස අමරසේකර අරුණලු දකින්නේ කවදාද?

ගුනදාස අමරසේකර ලංකාවේ විශිෂ්ටම නවකතාකරුවන් අතරින් කෙනෙකුබවට තර්කයක් නැත.

ලේඛකයා යනු කවරෙක්ද? ඔහු තවත් එක් වෘත්තිකයකු පමණි. ඔහු අනිවාර්යයෙන්ම මානව හිතවාදියකු, යථාර්ථවාදියකු, ප්‍රගතිශීලියකු විය යුතු නැත.

විශිෂ්ට ලේඛකයකුට කෙතරම් වර්ගවාදියකු, ප්‍රතිගාමියකු හා මානව පමණක් නොව ඉතිහාස විරෝධියකු පවා වීමට පුළුවන්ද යන්නට නිදසුනකි, ගුනදාස අමරසේකර.

අමරසේකරට වතුර කොරහේත් ඇමරිකන්, බටහිර හා කොටි කුමන්ත්‍රණ පෙනීම ඔහුගේ සමාජ න්නෝන්මාදයේ දීර්ඝකාලීන රෝග ලක්ෂණයකි. ජාතිවාදය යනු ලංකාවේ බොහෝ සිංහල, දෙමළ මිනිසුන්ගේ පොදු රෝගයක් බැවින් එය එතරම්ම අසාමාන්‍ය නැත. ඒ නිසා ගුනදාස අමරසේකරගේ ජාතිවාදී අදහස් පවා යම් පමණකට ඉවසිය හැකිව තිබිණි.

එහෙත්, මේ විශිෂ්ට මිනිසා දැන් කොන්දේසි විරහිතවම ආණ්ඩුව විසින් දෙනු ලබන ඕනෑම අසූචි බාල්දියකට කරගැසීමට සූදානම්වීම ඇත්තෙන්ම ගුනදාස අමරසේකර යන නමටද කැළලකි. ගුනදාස අමරසේකරට තමා කැමතිනම් ජාතිවාදියකු, ඉතිහාස විරෝධියකු වීමට අයිතියක් ඇත. දීනයකු, බැලයකු වීමට වුව හැකිය.

ඒත්, මෙතරම්ම ලජ්ජා විරහිතව

කුමන මතයක් ප්‍රකාශ කරමින් වුව ෝ කතාකරුවකු ලෙස සිටියයුතු ේ මහළු මිනිසා පුවත්පත්සාකච්ඡා කතාකරුවකු බවට පත් කරන ගැරඬියා පවා දරණුවට තබා වළං බාන මිනිසුන් කරන්ේ තමන්මෙන් ොවූ වටිනා කාලයක්, ශ්‍රමයක් නාස්ති කරදැමීමයි. 

ගු
ඇයිද ප
මෙමෙ වු
ඔබට අ   

මෙහෙම ලියන්නට හේතු වුණ ප්‍රවෘත්ති මාලාවක් අතරින් එකක් මෙන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. අනේ ගුනේ අංකල්,නහින දෙහින කාලේ සොහොන් කොතටත් "හෙන"ගස්සගන්න කතා නොකිය,ඔබ දේශ හිතයිෂි උනාට කමක් නැත,විදේශයක ඉන්න දරුවකු ලගට ගිහිල්ල වයින් ටිකක් බීල,දෙනදෙයක් කාල,වෙනදෙයක් බලාගෙන ඉන්නකො අපේ ලේ කුපිත නොකර.

    ReplyDelete
  2. මේකා දක්ෂ නවකතාකරුවෙක්? ඔල්මාදෙදෙද? කරුමක්කාරයෝ ඇරුණාම කියවන්න පුළුවන් තව මොනවද මේකා ලියල තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ගල් පිළිමය සහ බොල් පිළිමය
      එක්ටැමෙන් මහ පොලොවට
      කරුමක්කාරයෝ
      යළි උපන්නෙමි
      දෙපා නොලද්දෝ
      ගන්ධබ්බ ආපදානය
      අසත්‍ය කතාවක්
      ප්‍රේමයේ සත්‍ය කතාව
      ගමනක මුල
      ගමදොරින් එලියට
      ඉණිමගේ ඉහලට
      වංකගිරියක
      යළි මඟ වෙත
      දුරු රටක දුකට කිරියක
      ගමනක මැද

      රතු රෝස මල
      ජීවන සුවඳ
      එකම කතාව
      කතා පහක්
      මරණ මංචකයේ දුටු සිහිනය
      පිළිම ලොවයි පියවි ලොවයි

      භාවගීත
      උයනක හිඳ ලියූ කවි
      අමල්බිසෝ
      ගුරුඏ වත
      අසක් දා කව

      අබුද්දස්ස යුගයක්
      අනගාරික ධර්මපාල මාක්ස්වාදීද
      ගනදුරු මැදියම දකිනෙමි අරුනලු
      අරුණලුසෙරෙන් අරුණෝදයට
      ජාතික චින්තනයයි ජාතික ආර්ථිකයයි
      සිංහල කාව්‍ය සම්ප්‍රදාය
      සමාජ-දේශපාලන විචාර I,II

      Delete
  3. ගුණදාස අමරසේකර ශ්‍රී ලන්කාවටම කරුමක්කාරයෙකි.

    ReplyDelete
  4. කරුමක්කාරයා කරුමක්කාරයෝට කඩේ යති....

    ReplyDelete
  5. මහා නවකතාකරායෙක්, ප්‍රාඥයෙක් යැයි කිව්වාට ඔය "ගමනක" සීරීස් එකේ අන්තිම කොටස් නිකං වාර්තා විතරයි.

    ඒ මදිවට පොරගේ පක්‍ෂඝ්‍රාගී දේශපලාන මති මතාන්තර කෙප්පත් ඔබලා උතුරලා යන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා