පරමාදර්ශී ජීවන විලාසිතාවක් සොයා යමු

අප පසුගිය ලිපිය අවසන් කළේ මෙසේ කියමිනි.

පවත්නා ක්‍රමයට එරෙහිව ඔසවා තැබිය යුත්තේ මිනිස් සාරයකි. ජීවගුණයකි. 

පරමාදර්ශී ජීවන විලාසිතාවකි.

අප මින් පෙරද සඳහන් කළ මේ පරමාදර්ශී ජීවන විලාසිතාව යනු කුමක්ද?

පරමාදර්ශී දේශපාලන ජීවිතයක් පිළිඳ කතා කළ සැණින් අප ඉදිරියේ මැවී පෙනෙන්නේ සමාජයට ඉදිරියෙන් සිටින බව කියන පෙරටුගාමී (vanguard) පක්ෂ විසින්තොරොම්බල් කර තිබෙන ගතානුගතික වෘත්තීය විප්ලවවාදියාය. නැතිනම්, අප දන්නා ජවිපෙ ෆුල්ටයිමර්ය. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතසියල්ල හැර දමා තපසට යන්නා සේ පක්ෂය වෙනුවෙන් දිවිදෙන්නට කැප වී පසුව ඒ දිවියත්, සාමාන්‍ය මිනිස් ආශාත් අතර ගැටුම කළමනාකරණය කරගැනීමට බැරිව අර්බුදයට පත්ව නන්නත්තාර වන හෝ ඒ දිවියෙන් ගැලවුණු පසු විසිගුණයක් කෑදරකමින් ආශාවන් පසුපස හඹා යන හෝ මිනිසෙකි.

අප කියන පරමාදර්ශී ජීවන විලාසිතාව කිසිසේත්ම මේ ෆුල්ටයිමර් නම් නොවේ. මේ ෆුල්ටයිමර්ගේ හෙළුවැල්ල දැන් හෙළි වී හමාරය.

අප යෝජනා කරන්නේ කුහක තපස් ව්‍රතයක් නොවේ.  විවෘත, සක්‍රිය, සාමාන්‍ය, සරළ මිනිසෙකි. ඔහු / ඇය පවත්නා තත්වයන් සමග පැවතිය හැකි අයකු මිස උත්තර ජීවියෙක් ලෙස පෙනී සිටින්නෙක් නොවිය යුතුය. මන්ද, සාමාන්‍ය මිනිසකුට එවැනි දේශපාලනයක් දරා ගන්නට බැරිය. 

කොටින්ම කීවොත් අප යෝජනා කරන්නේ දේශපාලන ගරිල්ලෙක් නොවේ. 

මේ මිනිසා (ගැහැනියද ඇතුළුව) වැඩකරන, ආදරය කරන මිනිසෙකි.

මේ මිනිසා ගැන හරිහැටි යමක් කීමට මමද නොදනිමි. අපි ඔහු / ඇය සොයාගත යුතුය.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. කොහොමත් මේ අති දරුණු පිරීහීම අවසානයේ මතුවනුයේ ඔබ පතනා මිනිසායි. ඇත්තේ දිනය ගැන ප්‍රශ්ණයක් පමණි. එය තීරණය කළ යුත්තේද මිනිසාමය.

    ReplyDelete
  2. ඔබ/අපි සොයන ඔහු හෝ ඇය ලංකාවෙ ඉන්නවාදැයි නොදන්නෙමි.අර සරත් මහත්තය දැන් දෙසාබාන කතාවලින් හිතාගන්න පුලුවන්නෙ,එයා බලයට ආවනම් කෙසේ හිටිවිදැයි වගත්.

    ReplyDelete
  3. මිනිසා ස්වභාවයෙන්ම යහපත් ජීවියෙකි. මේ යහපත් මිනිසාගේ යහපත් බව සම්පුර්ණයෙන් විකසිත වීමට අවස්ථාව ඇත්තේ පුද්ගලික අයිතීන් අගයන නිදහස් ධනවාදී සමාජයක පමණි. දැන් මම මේක මේ වගේ වාමාංශික අඩවියක කිව්ව ගමන් හරියට අර අරාබියේ රටකට ගිහින් "අල්ලා" ගැන උන්ට අල්ලන්නේ නැති දෙයක් කිව්ව කෙනෙකුට වෙන දේ තමයි වෙන්නේ කියල දන්නවා. වමේ අන්ධ භක්තිකයෝ පොලු මුගුරු අරන් එයි. එත් මම කියන ඇත්ත කවදාවත් වෙනස් වෙන්නේ නෑ. පුද්ගලිකව මම එන්නේ ඔය කෑ ගහන කාටවත් වඩා වාමාංශික පසුබිමකින්. ගුරුවරියක් වූ මගේ මව නිසා මා පාසල් යාමට පෙර සිටම පොත් පත් කියවීමේ හැකියාව ලදිමි. පේරාදෙණිය සරසවියේ උගත් මගේ පියා තද කොමිනිස්ට් කාරයෙකි මා වාමාංශික පොත් පත් කියවුයේ 70 දශකයේ සිටය. අපේ පවුල කොතරම් වාමන්ශිකදැයි කීවොත් 77 ජේ ආර් දිනූ විට පෙළපාලි ගිය යූ ඇන් පී කාරයන් අපේ නිවස වටේටම බිත්තිවල තාර ගෑවේය.ඉන් වසර 35 කට පසු අද මම පුද්ගලික අයිතියට ගරු නොකරන සමාජවාදයට ඔබ සිතන මිනිසුන් බිහිකර නොහැකි බව සීයට දෙසීයක් පැහැදිලිව දකිමි. උත්සාහයෙන් ධනවත් වූවෙක් නැති කිසි නිෂ්පාදනයක් නොකරන සමාජයක වාමාංශික අදහස් වලට තැනක් හිමි වීම ස්වභාවිකය.

    ReplyDelete
    Replies
    1. // අපේ පවුල කොතරම් වාමන්ශිකදැයි කීවොත් 77 ජේ ආර් දිනූ විට පෙළපාලි ගිය යූ ඇන් පී කාරයන් අපේ නිවස වටේටම බිත්තිවල තාර ගෑවේය// ඊයා ධනවාදීන් මහ බලු වැඩනෙ කරල තියෙන්නෙ

      Delete
    2. උදිතත් රුසියාවේ ඉගෙනගත් කෙනෙක් වාගේ. 70 -80 ක්‍රියාකාරී වාමාංශිකයින් ලබපු ලොකු වරප්‍රසාදයක් තමයි දරුවන්ව රුසියාවට යැවීම,ඒ අය අතරින් ගොඩක් අය නාස්තිවුනා දැන් ඒ අය මහින්ද ගාව අන්තජරාවැඩ කරනවා, පරණ දක්ෂ අය අන්ධභක්තිය නිසා ජනතාව නොමගයැවීමේ මූලිකත්වය අරන් ඉන්නවා. කීපදෙනෙක් විතරක් රුසියාවේ උනේ මොකද්ද කියලා තේරුම්ගත්තා ඒ ආපසු අවට පස්සේ කරන්න ලැබුණ රැකියාවල් වල අනුව සහ බොහෝ වෙලාවට නිශ්පාදන සම්බන්ධතා ගැන නැවත ඉගෙනන්න හැකිවුන නිසායි. මම වැරදි වෙන්න පුළුවනි.

      Delete
  4. එල පොරක්නම් ඉන්නවා කියන්නද? මම අද උදෙත් දැක්කා කණ්නාඩිය (mirror) ඉස්සරහදී..

    ReplyDelete
    Replies
    1. උඹම කොහොමද උඹ හොඳයි කියන්නේ ???

      Delete
    2. ඇයි බන් පැරකුවාම කියනවනේ /* මේ මිනිසා (ගැහැනියද ඇතුළුව) වැඩකරන, ආදරය කරන මිනිසෙකි. */ ඉතින් මම් Office එකේ වැඩත් කරනවා මගේ කෙල්ලට Love (ආදරේ) ත් කරනවා....ඉතින් මම තමයි මේ සොයන මිනිසා......

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා