එහෙම වෙන්නෙ ඇයි ඉන්දික අයි ඩෝන්ට් නෝ වයි?

ජිප්සීස් ගායක සුනිල් පෙරේරා 'එහෙම වෙන්නෙ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි?' ගීතයෙන් ගයා ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුල පිළිබඳ බව ඔහුගේ උපන් බිමෙන් ජනිත වී එය නියෝජනය කරන වී.කේ. ඉන්දික නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝලයා තහවුරු කර තිබේ. 

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සම්බන්ධ සාදයකදී සුනිල් පෙරේරා මේ ගීතය ගායනාකරන්නට ගියවිටරාජපක්ෂ පවුල ගැන තමන් ඉදිරියේදී මෙවැනි ගීත ගායනය කරන්නට ඉඩ දිය නොහැකි බව කියා ඉන්දික ගෝරියක් ඇද තිබේ. 

ඒ සමගම ගීතයෙන් අලුත් රසයක් මතු වීතිබේ. අපි නැවත නැවතත් එය රසවිඳිමු. අපි ඔබට ආදරෙයි, සුනිල්.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. ජයවේවා ඉන්දික! මා කලින් කොමෙන්ට් එකක ලියුවා ජරා සින්දු කියන සුනිල් කියලා. මා ඒක ඉල්ලා අස් කර ගන්නවා. ප්‍රවීන හා ප්‍රබුද්ධ ගායක සුනිල් පෙරේරා මහතාගේ මේ ගීතයට ඔබත් සවන් දෙන්න!

    ReplyDelete
  2. කොයි කවුරුත් බලේ ගන්න පොර කන්නේ ඇයි?
    බලේ අරන් මොලේ නැතුව වැඩේ කන්නේ ඇයි?
    ඉන්දික වගේ අනික් අයට මොලේ නැත්තේ ඇයි?
    ඉන්දික හට ඇමති කමක් දෙන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. දෙවෙනි පේලිය "බලේ අරන් මොලේ නැතුව කඩේ යන්නේ ඇයි?" කියලත් කියන්න පුළුවන්.

      Delete
  3. Thawath eka gonek thamage gon Kama pradarhsanaya Kara atha...
    Mahinda gen Lakunu daganna hadanna Athi.

    ReplyDelete
  4. ඔය ඉන්දිකල ,ශාන්තල ඇතුළු තව එඋන් එක එක ඒවා කරලා පත්තරේ දාගෙන "ලොක්ක"ඉස්සරහ "පොර" වෙන්න හදන අය.ගාල්ලේ "මුතු" හිටියෙ නැත්තේ ඒක ඉස්කෝලෙ ගියෙ නැති එකෙක් හින්දද මන්ද ??????????

    ReplyDelete
  5. සුනිල් පෙරේරා මට නම් දිරවන්නේ නැති ඩයල් එකක්.ඒත් මේක නම් සිරා

    ReplyDelete
  6. ඔබට ස්තුතියි ඉන්දික.මේ ගීතයට සැබෑ අරුතක් ලබා දීම සම්බන්දයෙන්.

    ReplyDelete
  7. මුං මහ ගොබ්බ වාහෙලා කියන්නේ නිකං නෙමෙයිනේ!

    අනික ඉතින් මේ වගේ වැඩ මේගොල්ලන්ගේ ජම්ම ගති වලින් එන්නේ... මීට කලින් "මේ රටේ මිනිස්සු - තනිකර කෙලින්නෙ පිස්සු" සින්දුවයි ඉරාජ්ගෙ "පොලිසිය" සින්දුවයි නිසා රටේ මිනිස්සුන්ටයි පොලිසියටයි අපහාස වෙන නිසා ප්‍රචාරය කරන්න එපා කිව්වෙ මේගොල්ලන්ගෙ මහරජාමනෙ!! එතනදිත් ඇදගෙන නාලනෙ තියෙන්නේ...

    ඉතිං මහරජා හිටගෙන කොරනකොට මේ වගේ සට්ටඹිරාළලා දුව දුව කොරන එක අරුමයක්ද???

    ReplyDelete
  8. වී කේ ඉන්දික තමුසේ අපේ ඉස්කෝලෙට අවේ සුනාමි එකට ගහගෙනද මෝඩ යකෝ
    සමන්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා