අගවිනිසුරු යෝජනාකරන්න ඔබටත් අවස්ථාවක්

අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයෙන් මතු කර තිබෙන චෝදනා විමර්ශනය කිරීම පිණිස පත් කරනු ලබන කමිටුව හමුවට අගවිනිසුරු කැඳවා ප්‍රශ්න කළ හැකිය. සාක්කි විමසිය හැකිය. 

මේ නම් සිදුවන්නට යන්නේ මරුම මරු නාට්ටියකි. හුණුවටයේ කතාව වැනි  නාට්ටියකි. 

ඇත්තටම පවතින සංදර්භය තුළ අපට මේවා බල බලා මුන්ට සහ අප අපටම පසස පැත්තෙන් හිනාවෙමින් බදු ගෙව ගෙවා පව් ගෙවනවා ඇරෙන්නට වෙනත් විසඳුමක් නැත. පට්ට දූෂිත ජනතාවක් වෙසෙන රටක මේවා සාමාන්‍ය සිදුවීම්ය. 

හුණුවටයේ අසඩක් කියන පරිදි මෙතෙක් කල් නඩුකාරයන් හොරු වූමුත්, හොරකු නඩුකාරයකු වූ පළමු වතාව අසඩක් නඩුකාරයා වීමයි. 

ලංකාවේ තත්වය කොහොමද? කොහොමද ආතල්එක නිමල් සිරිපාල, අනුර ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේමජයන්ත, රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා, විමල් වීරවංශ, නියෝමාල් පෙරේරා වැනි නඩුකාර හාමුදුරුවරු ඔලුවට අර කොණ්ඩෙ වගේ කෑල්ල දාලා උස මේසෙක වාඩි වෙලා අගවිනිසුරු ශිරානි බංඩාරනායකව විත්තිකූඩුවට දාලා ප්‍රශ්න කරනකොට. 

එක අතකට උඩ ඉඳන්ම පහළ බලලා විතරක් පුරුදු අයට පහළ ඉඳලා උඩ බලන්න අවස්ථාවක් ලබාදෙනඑකත් නරක නැහැ. 

දැන් ජනාධිපතිතුමා වැඩබලන අගවිනිසුරුකෙනෙක් පත්කරන්න යනවාය කියා ලංකාදීපේ තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත් කළයුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේම විනිසුරුකෙනෙක්. 

හොඳයි, හදිසියේවත් අපේ ජනතාව උද්ඝෝෂණ කරලා මේ තනතුරට ජනාධිපති කැමති ඕනෑම කෙනෙකු පත්කරන්න පුළුවන් පරිදි ආණ්ඩුකම ව්‍යවස්ථාව සංශෝධනය ‍කළොත් කාව පත්වෙයිද? 

ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. 

මම නම් හිතන්නේ මෙන්න මේ අයව සලකා බැලෙයි.

1. නීතිඥ නාමල් රාජපක්ෂ
2. කතානායක චමල් රාජපක්ෂ
3. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ
4. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා
5. ජ්‍යෝතිෂකාර සුමනදාස අබේගුනවර්ධන
6. වෛද්‍ය එලියන්ත වයිට්
7. ජේ.ආර්.පිස්සූරියප්පෙරුම
8. ජැක්සන් ඇන්තනි
9. රවීන්ද්‍ර රන්දෙනිය
10. මාලිනී ෆොන්සේකා 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. Shiranthi Rajapaksha

    ReplyDelete
  2. ඔක්කොටම වඩා හොඳයි මර්වින් සිල්වා

    ReplyDelete
  3. ජාලිය වික්‍රමසූරිය

    ReplyDelete
  4. අංක දෙක සහ තුන සුදුසු නැත. ඒ දැනටමත් අසීමිතව සලකා ඇති බැවිනි. අංක හතර හිටපු නිසා දැන් අගය අඩුයි. 8,9,10 වැඩක් නැත. නීතිය ගැන දන්නේ නැති බැවිනි. 1, 5, 6, 7 අතරින් වඩාත් සුදුස්සා තේරීම ලේසිම නැත. 1 අයින් කරමු. එයාට මෙයට වඩා වැඩ අනාගතයේදී ලැබේවි. දැන් 5, 6, 7, මින් සුමනේ නීතිය ගැන දන්නවා වුනාට සේවින්ග්ස් බෑන්ක් එකේ හිටි නිසා එතන එතරම් සදාචාර නැති නිසා එයාවත් පැත්තකින් තියමු. වයිටා (හොර ) ඩොකෙක් නිසා සුදුසු නැත. අනික රාජකීය වෛද්‍යවරයා හැටියට කොතරම් වැඩ තියේද? එහෙනම් නියම සුදුස්සා ජේ. ආර්. පිස්සූරියප්පෙරුම ම නේද?

    ReplyDelete
  5. හඩ්සන් සමරසිංහ, මහින්ද අබේසුන්දර, ....... අයිටීඑන් යකඩ හොරා(නමත් මතක නෑ),

    ReplyDelete
  6. ඇයි වෙනකෙනෙක්. ජනාධිපතිතුමාටම ඕක කරන්න පුළුවන්නේ. ඉස්සර රජ කාලෙත් එහෙමනේ. 2/3 තියෙන නිසා ව්‍යවස්ථාව උනත් වෙනස්කරන්න බැරියැ.

    ReplyDelete
  7. SB, Bandula, Keheliya

    ReplyDelete
  8. ඔය එකෙක්වත් වැඩක් නෑ. ආන්ඩුවේ ඉන්නවා නීතීය ඉගෙනගන්න ළමයින්ට නීතීය ගැන පොත් ලියපු, ශිරාණි බන්ඩාරනායකටත් නීතීය උගන්නපු, අදටත් එක්සත් ජාතින්ටත් පොත දාන. මහින්ද මහත්තයගේ චින්තන පොත ඔළුවේ තියාගෙන යන නීතීය පිළිබඳ මහාචාර්ය කෙනෙක්..

    ජී ඇල් පීරීස්..

    ReplyDelete
    Replies
    1. පනාපුත්‍රNovember 11, 2012 at 10:38 AM

      මචෝ ඕකට මටත් හිතෙන්නේ ශිරන්ති නෝනා තමයි ගැලපෙන්නේ.

      Delete
  9. සුධර්මන් රදලියගොඩ මා යෝජනා කරනවා!
    Malli

    ReplyDelete
    Replies
    1. මා එම යෝජනාව ස්ථිර කරනවා!
      අයියා

      Delete
  10. ක්‍රිෂ්ණාNovember 11, 2012 at 5:30 PM

    ඇයි අමතකද හොඳම සුදුස්සා ආචාර්‍ය මර්වින් සිල්වා.

    ReplyDelete
  11. අර බූල් තොප්පිය ගැලපෙන්නේ තට්ටයෙක්ට මම අපේ කතන්දර කාරයා යෝජනා කරමි.

    ReplyDelete
  12. ගොන් ඕලමොට්ටලයන්ට තේරෙන්නේ නැද්ද අර නාවල ඉන්න සභාපතිය [UNP යේ හිටියට මහින්දට !@#$ක දෙන]කොට පොර ඒකා තමයි කඩුව !!@කේ ගහන් තරාදිය බෙල්ලේ එල්ලගෙන එන්නෙ මෙන්න කැට.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා