අන්ජාන් උම්මා

අන්ජාන් උම්මා ගුරුවරියක ලෙස සේවය කළ සාමාන්‍ය පංතික මුස්ලිම් ගැහැනියකි. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇය පාර්ලිමේන්තුව වෙත ගෙන එන ලදී. 

ජවිපෙ සාමාජිකාවක වීමේ වෙනස හැර වෙනත් සුවිශේෂ දක්ෂකමක් නොතිබුණු ඇය සාමාන්‍ය ගැහැනියකි. අඩුතරමේ ෆේරියල් අෂ්රෆ්ට තිබුණු පවුල් සබඳකම් හෝ ඇයට තිබුණේ නැත. ඇය ඉහළට එසවුණේ තනිකරම ජවිපෙ ගැන විශ්වාසය තබා ඡන්දය දුන් ජනතාව නිසාය. 2004 ඡන්දයේදී ජවිපෙ පොල්පිත්තක් ඉදිරිපත් කළත් එය පාර්ලිමේන්තුවට යනු ඇත. ඇත්තෙන්ම කීවොත් ජවිපෙන් පාර්ලිමේන්තු යැවූ වැඩිදෙනෙකු හා පොල්පිති අතර ලොකු වෙනසක් නැත. මෙය සමස්ත පාර්ලිමේන්තුවටම වුව අදාළ විය හැකිය. 

කෙවෙතත් සාමාන්‍ය මුස්ලිම් ගැහැනියක මෙපාර්ලිේන්තුවට පත්කිරීම ජවිපෙ කළ උදාර කටයුත්තක් ලෙස සැලකිය හැකිය. එහෙත්, ජවිපෙට ොළය ඇති මුස්ලිම් නායිකාවක නිර්මානය කරගන්නට බැරිවීම කණගාටුදායකය. 

තමන්ට ඡන්දය දුන් ‍ජනතාවට අන්ජාන් උම්මා දැක්වූ උපහාර මාලාවේ අලුත්ම පියවර ලෙස ඇය ඊයේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයද ලබාගත්තාය. අනේ පව් රනිල්! 

අපට කීමට ඇත්තේ එපමණි.

 මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. ඝන වූ සියල්ල ද්‍රව වේ නම් ශුද්ධවූ සියල්ල ද කෙලසේ (පරණ කියමනක්) , අන්ජන්ගේ සිතිවිල්ලේ නිදහසට අපි ගරු කරමු.

    ReplyDelete
  2. හැබයි පබාට වඩා හොඳා....

    ReplyDelete
  3. හික්ස්
    වෙන මොනව කියන්නද?

    ReplyDelete
  4. අන්තිමට විමල් උනත් UNP එකේ තමයි නවතින්නෙ පුදුම වෙන්න එපා

    ReplyDelete
  5. අංජානි උම්මා
    එහෙනම් රනිල්ටත් දුන්නා උම්මා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා