අධිකරණයට පහර දුන්නේ ඇයි?

බොහෝ ඒකාධිපතියෝ අධිකරණය සමග පැටලුණහ. 

අපේ ඒකාධිපතියා අධිකරණය සිය පාලනය තුළ තබාගැනීමේ වැදගත්කම ගැන හොඳින් දනියි. 

තීරණාත්මක මොහොතකදී අධිකරණයට වෙනසක් සඳහා නායකත්වය දෙන බලවේගය බවට පත්වීමේ හැකියාව තිබේ. 

රටේ ප්‍රශ්න උග්‍ර වෙමින් තිබේ. එහෙත් ප්‍රශ්න ප්‍රශ්නයක් නොවේ. ප්‍රශ්නය වන්නේ ජනතාව ප්‍රශ්න විසඳාගන්නට ඉදිරියට ආවොත්ය. එබැවින් එසේ ඉදිරියට එන්නට තිබෙන අවස්ථා වැළැක්වීමට කළ හැකි සියලු දේ කළයුතුය. විශේෂයෙන්ම, ජනතා නායකයන් බිහිවීම වැළැක්විය යුතුය. රට පාලනය කරනවා කියන්නේ එයටයි. 

අධිකරණයේ ලොක්කන් කැපී පෙනෙන්ට දඟලනවානම් ඔවුන්ගෙන් පරිස්සම් විය යුතු බව ඒකාධිපතිවරයා දනියි. 

එවැන්නන් වහා මර්දනය කළයුතු අතර තවත් එවැන්නන් මතුවීමට ඇති ඉඩද ඇවිරිය යුතුය. ඒ සඳහා මතුවන්නට දැඟලූ අයට ජීවිතය එපාවන්නට පහර දියයුතුය. 

සරළය.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. What do you think will be the outcome of investigation s?

    ReplyDelete
  2. හීනෙන් දිවා රෑ ලිබියාවේ මූණ
    පේනව අනේ ඉවසන්නට බැරිගාන
    ගොක් කොළ සුදු කොඩිද එල්ලී මට පාන
    හිනාව අත වනා ළඟ ළඟ එනු පේන

    නියමෙට වල් ''මරා'' රට කන හැටි බලමින්
    ඉඩදී ඔහොම ඉමු තව ඩිංගක් වැනෙමින්
    පොත්තට බඩ ඇලී වේලෙන විට මීමුන්
    මැද මැද අං තට්‍ටු පිඹගෙන එයි වේගෙන්

    ගොං වහන්ගතේ.....

    ReplyDelete
  3. ඉන්න කලට දාගෙන අත කරට කර
    දුකයි අනේ අයියේ උන දෙය අමර
    හීනෙන් පෙනෙන්නේ මට නම් බියයි මර
    ඔබත් යන්නේ ඒ පාරෙයි අයියේ මරා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා