ගිලිහුණු සැණින් මහතැනගේ කට වචනේ - පිහි පහරින් අධිකරණය බිම වැටුණේ

සේවා කොමිසමට බාධා අධිකරණේ
ඇතැයි කියා කට ගන්නත් නැත ලැබුණේ
ගිලිහුණු සැණින් මහතැනගේ කට වචනේ 
පිහි පහරින් අධිකරණය බිම වැටුණේ

සුනාමි සහන සොරකම් කළ පවිටුන්ව
බේරා කරපිටින් ගෙනැවිත් කරපු පව
දස දහසින් කෑවත් පිහි පහර තව
අවසන් කළ නොහැකි බව සකි දැනගනුව 
W3Lanka



මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. සුනාමි හොරා ගෙනවිත් රජ පුටුවේ තියා
    සිල්වා මහත්තය නම් විශ්‍රාම ගියා
    දැන් නම් ඉන්නේ ආයිත් ඉපදිලා එයා
    දෙන්නම දමමු එක දඟගේක ඉන්න කියා!
    අනාත

    ReplyDelete
  3. සුනාමි මුදල් ගිලදැමූ අර පුද්ගලයා
    අවසන් තරඟය බලන්න ඔන්න ගියා
    වෙනසක් නැතේ රටයි, තරඟයයි කියා
    ප්‍රතිපලය නම් එකමයි අනේ මෙයා

    ReplyDelete
  4. අධිකරණයට සම්බන්ධ උන් ජෝක් දාන කොට කට පුක වහගෙන ඉන්න උන්ට ඔහොම වෙලා මදිය. ප්‍රසිද්ධ එකෙක් කීව්වේ දුමින්ද චූදිතයා නොව වින්දිතයා කියාය. එකෙක් කට ඇරියේ නැත නින්දිත ලෙස උන්නේය. ආයිත් කිව්වේ එක්ස්ටසි විකුණන එකා අධ්‍යාපන ඇමති වෙනවා කියාය. එකෙක් කට හෙල්ලුවේ නැත. අධිකරණයටම ගල් ගැහුවේය. මුලින් හා හෝ ගා. බකන් නිලාගෙන සිටියේය. විමල් සහෝ වෝනින් එක දුන්නේය. ඔහොම බේරුන එක ඇතිය. එයා පිට රට යාවිය. ඊට පස්සේ අපිට ආතල්ය.

    ReplyDelete
  5. පොල් ගෙඩිය හොරකම් කල එකා හිරේ ඇරලා කෝටි ප්‍රකෝටි ගණන් මංකොල්ල කපු උන්ට යහතින් ඉන්න ඇරපු එකේ විපාක.

    ReplyDelete
  6. නීතියක් නැති රටකට මොකටද අධිකරණයක්, නීතිඥයන්?

    ReplyDelete
  7. දෙවෙනි කවියේ ය"ව"හන් දෝශය තිබේ!

    ReplyDelete
  8. වෙලාවෙ හැටියටයි ''මරා'' ව ගෙනාවේ
    රනියා ඊළමට අත වැනු වෙලාවේ
    බේරුව රටක් එකමුතුවෙන කලාවේ
    කලවම් ජාතියක් සනසනු නියාවේ

    රටකට ආදරේ කෙරුමට උගන්නා
    කලවම් හැත්ත එක මිටකට ගෙනෙන්නා
    ඒකයි නියම රජකම රට සොයන්නා
    කෝ බං ඒ නියම රජ කොයි වෙසෙන්නා

    එකෙකුට එකෙක් නැති වනචර ජාතියකි
    කලවම් බව නොදත් ඔරවන ජාතියකි
    මුල සිට සිප් දිදී හැදුවොත් ජාතියකි
    නැතිනම් වල කැපී වැලලෙන ජාතියකි

    ගොං වහන්ගතේ.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා