සමස්ත සමාජයටම උමතුවක් වැළඳී ඇති කල සාමාන්‍ය මිනිසකු වීම සාපයකි

ආණ්ඩුවට ඕනෑ නැති බලයක් නැත. 

දිවයින මුල් පුවතින් කියන පරිදි ජාතික පාසල්වල විදුහල්පති පත් කරන ක්‍රමවේදය වෙනස් කරන්නටද ආණ්ඩුවට අවශ්‍යය. 

දැන් පවතින ක්‍රමවේදය අනුව, විදුහල්පති තනතුරක් පුරප්පාඩු වූ විට රාජ්‍ය සේවා කොමිෂම විසින් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් අනුව සුදුස්සකු තෝරාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලබන්නේ අන් කවරකු විසින්වත් ොව අධ්‍යාපන අමාත්‍යංශය විසිනි. රාජ්‍ය ‍වා කොමිෂම විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ නිර්දේශය අනුව විදුහල්පති පත් කරනු ලැබේ. 

රාජ්‍ය සේවා කොමිෂමද පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. 

දැන් මේ ක්‍රමය ආණ්ඩුවට අප්සෙට් වී ති‍බේ. හේතුව අන් කිසිවක් නොව මෙම ක්‍රමය විනිවිද පෙනෙන එකක් වීමයි.  විදුහල්පති තෝරාගැනීම පිණිස සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ නිශ්චිත ක්‍රමවේදයක් තිබිය යුතුය. දැන් ආණ්ඩුවට අවශ්‍ය මේ ක්‍රමවේද කිසිවක් නැතිව තමන්ට අවශ්‍ය පුද්ගලයා පත් කර ගතහැකි අමුතුම ක්‍රමවේදයකි.

ඒ වෙනුවෙන්, දැනට පවතින නීති සංශෝධනය කරමින් නව නීති ගෙන එන්නට දැන් පාර්ලිමේන්තුව සූදානම් වෙමින් තිබේ. බලන්න කරන්න යන දේ. විධිමත් විනිවිද පෙනෙනසුළු ක්‍රමයක් වෙනුවට අවිධිමත් විනිවිද නොපෙනෙනසුළු ක්‍රමවේදයක් හඳුන්වාදෙන්නට නීති සංශෝධනයක්. 

මෙහෙම අවශ්‍යතාවක් ඇතිවන්නේ ඇයි?

මේ වනාහි ඒකාධිපතිවාදයත්, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මත් අතර තුලනයේ ගැටලුවක්. පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී නීති පද්ධතිය රැක ගනිමින්ම ඒකාධිපති පාලනයක් පිහිටුවන්නට සමත් වූ ආණ්ඩුවට තිබෙන කෑදරකමේ තරම කෙතරම්ද යත් මෙවැනි සුළු කාරණාවලදී පවා සිය බලය තහවුරු කරගන්න අවශ්‍යයි. 

17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනේ අරමුණද මෙයමය. 

ප්‍රජාතන්ත්‍රවාදය පරමාදර්ශයක් ලෙස සලකන පාලකයන් හෝ ජනතාව හෝ සිටින කිසිදු ශිෂ්ට රටක මෙවැනි දේ සිදුවන්නේ නැත. 

ලංකාේ සිදුවන්ේ ජනතාව ේ ක්‍රමය පිළිගෙන එයට හැඩගැසීමයි. 

බල තණ්හාව කෙතරම්ද යත් ආණ්ඩුව බල මාළුවකුවත් සිය ඒකාධිපති පාලනයෙන් තොරව පීනනවා දකින්නට කැමති නැත.

මොවුන්ටම ගැලපෙන උන්මත්තක නිලධාරීහුද මේවා ගෙඩි පිටින් ගිලින උන්මත්තක ජනතාවද ලංකාවේ සුලබය. සමස්ත සමාජයටම උමතුවක් වැළඳී ඇති කල සාමාන්‍ය මිනිසකු වීම සාපයකි.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. කවුද ඔය කියන සාමාන්‍ය මිනිහ? ඒ මිනිහගෙ දේශපාලන දර්ශනය මොකක්ද? පිලිතුරක් අපේක්ෂා කරමි

    ReplyDelete
  2. මේ ලිපියේ අන්තර්ගතය හා සම්පුර්ණයෙන් එකඟ වෙමි. ඔහොම තමයි වෙන්නේ. මොකද්ද මේකට විසඳුම.
    1. ඒ උමතුව තමනුත් හදා ගැනීම.
    2. මෙවැනි උමතු අය බහුතරය නොවන රටකට බෝට්ටුවක නැගී හෝ පැනයාම.
    3. මේ උමතුව හොඳ කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රමයකට උත්සාහ කිරීම.
    ඔබට ඉහත 3 වෙනි ක්‍රමය හැර වෙන විකල්පයක් නැත්නම් මෙතනින් එහාට අදාලයි.
    ඉහත ඇනෝ ද අසා ඇති පරිදි කවුද ඔය කියන සාමාන්‍ය මිනිහා සහ ඔවුන් යෝජනා කරන බෙහෙත මේ උමතුවට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රායෝගික අත්දුටු ක්‍රමයක්ද?
    w3lanka පැරකුම්,නිර්මාල් වමා ඇතුළු පශ්චාත් නුතන වම්මු,වික්‍රමබාහු වහේ old-school වම්මු,ජාතිවාදී ජේ.වී.පී වම්මු,පෙරටුගාමී වම්මු ලංකාව යනු උමතු රෝගයක් වැලදී ඇති බව හඳුනා මිනිස්සු කියන එකේ යම් ඇත්තක් ඇත.
    නමුත් ගැටලුව වන්නේ ඔවුන්ගේ රෝග විනිශ්චය වැරදි වීම සහ ඔවුන් යෝජනා කරන බෙහෙත හැදීමට අබ ඇට අවශ්‍ය වීමයි.
    ඇර මැක්කාගේ කතාව මෙන් මේ ඉහත සෙට් එකට ලංකාවේ උමතුවේ රෝග කාරකය ධනවාදයි. රජ උමතුවේ සිට රෝයල් සල්ලිකාර ළමයි ගහ ගන්නේ ද ධනවාදය නිසයි.
    මේ ජීවිත කාලය තුල උමතුව හොඳ කරගන්නවා වෙනුවට ඔවුන් හදන්නේ ලෙනින්ට ක්‍රස්තොට මාවෝ සේතුට පවා කරන්න බැරිවුන නිර්මල සමාජවාදී ලෝකය බිහි කරලා කවද හරි අපේ ළමයින්ගේ ළමයින්ගේ ළමයින්ගේ ළමයින්ට ලස්සන ලෝකයක් බිහි කරන්න.

    ReplyDelete
    Replies
    1. වැඩවසම් අගතීන් එක්ක මිශ්‍ර වෙලා ලංකාවෙ තියෙන්නෙ බොස් ධනවාදය තමයි.ඔහෙම අගතීන් මොකක්වත් නැති පිරිසිදුමපිරිසිදු අම්මට සිරි ධනවාදයක් තියෙන්නෙ ඔයාගෙ හීන ලෝකෙ විතරයි.අමෙරිකාවෙවත් එහෙම කෙහෙල්මලක් නැහැ.මේක ධනවාදය නෙමෙයි කියල හිතහදාගන්න එක හැරෙන්න ධනවාදීන් වෙන මක්ක කොරන්නද?පීබී ජයසුන්දර තමයි භාන්ඩාගාර ලේකම්.කබ්රාල් ලොක්ක තමයි මහ බැංකු අධිපති.ජේආර්ල රනිල්ල ධනවාදයේ නියම බුවාල.මුනුත් රට කරාට පස්සෙ මේක ධනවාදී නෙමෙයි වෙන එකක් කියල කියනව නම් ඒ ඔයාගෙ ස්වයංවින්දනෙ.ධනපති ක්‍රමය තමයි ප්‍රශ්නෙ.මේක පෙරලල දාල මානව හිතවාදී සමාජයක් හදන එක තමයි උත්තරය.අපි ඒ වැඩේ රට දාල ගිය ඔයාල වගේ නිකම්මු වගේ නෙමෙයි මේ රටේ ධනපති ක්‍රමය හින්ද දුක්විදින සූරාකෑමට පාත්‍ර වෙන දුප්පත් මිනිස්සු එක්ක මහපොලොවෙ ඉදල කරනව.ඒක ලෝකය පුරා අනෙත් රටවල අයත් කල යුතු අරගලයක්.ඔයා එතකන් පිරිසිදු ධනවාදයක් එනකම් හීන බල බල ඉන්න.

      Delete
    2. @උදිත,
      නහුතයක් වූ ධනවාදී අමනයන් පිතෘ භුමිය හපකර සාරය ඇමරිකාවට, යුරෝපයට ආදී මෙකි නොකී රටවලට පැටවූ පසු ඇමරිකන් ධනවාදයේ රෙද්ද පල්ලෙන් වැටෙන කටු සුප්පු කර චුන්වූ උදිත වැන්නවුන් ඇමරිකාවේ සිට කොමෙන්ට් කොටමින් අපිට යෝජනා කරන්නේ උට පුර්ණ ධනවාදය උදාකර දීමට මැදිහත් වන ලෙසයි. සාමුහික ක්‍රියාකාරකම් වල මානුෂික සබදතා සමච්චලයට ලක්කරමින්, පුවල සහ පුද්ගලික දේපල ලෝකය ලෙස දකියි.එසේ වූ මේකා පඩ අරිමින් ලැපක් ඉදිරියේ වාඩිවී ලෝකය වඩා යහපත් තැනක් කිරීම වෙනුවෙන් ශ්‍රමය කාලය ජිවිත කැපකළ මිනිසුන් සමච්චලයට ලක් කරයි. ඔබේ මේ ගුජුප්සජනකලෙස පිළිකුල් භාවිතය උත්ප්‍රාසයෙන් හෙලා දකිමු. අනන්‍යතා අර්බුද වලට ලක්ව සිටිනා ඔබ වැනි රෝගීන් අනුකම්පාවට ලක්වියයුතු උව්වත්, ඔබගේ විලාපය නොතකා හැරිය යුතු උවත්, ඔබගේ කරුණු මතවාදීමය වශයෙන් පරාජය කර දශක ගණනාවක් ගතවී තිබුනත්, මෙරට ධනවාදීන් විසින් මිහිපිට අපායක් බවට පත්කෙරු පිතෘ භුමිය වෙනුවෙන් මෙම කරුණු ගොනුකරමු.
      http://ramachandrageadaviya-ramachandra.blogspot.com.au/2012/10/blog-post.html#comment-form

      Delete
    3. //අගතීන් මොකක්වත් නැති පිරිසිදුමපිරිසිදු අම්මට සිරි ධනවාදයක් තියෙන්නෙ//
      කවුද කිව්වේ එහෙම එකක් තියනවා කියල? ධනවාදය ප්‍රායෝගිකයි එච්චරයි.
      ධනවාදය තියනවනම් එතන වැඩවසම් සමාජ සබඳතා සුනු විසුනු කරලා දානවා. වැඩවසම් සමාජ සබඳතා තියනවා කියන්නේ ධනවාදය නෑ.
      අංක ඒක තමයි ධනවාදය තියනවා නම් පුද්ගල දේපල වල අයිතිය උල්ලංගණය වෙන්නේ නෑ.ලංකාවේ එහෙම එකක් නෑ.කවුරුවත් එහෙම එකක් දන්නෙත් නෑ.
      ප්‍රධාන කරුණ තමයි සාර්ථක සහ ප්‍රයෝගිකව ධනවාදය ක්‍රියාත්මක රටවල් රටවල් ඕනෑ තරම් තියනවා.
      නම් කල නොහැකි උමතුව තමයි ලෝකය පුරා හැම සමාජවාදී රටක් ම අසාර්ථක වුනා කියන ඒක දැන දැනම එසේ ඒවා අසාර්ථක වුනේ සමාජවාදයේ වරදක් නොව නියම සමාජවාදය ඒවායේ නොතිබුන නිසායැයි කීම. පිස්සුද නැත්නම් හැටිද ධනවාදයට ඔයි විකාර කතා ඕනෑ නෑ ධනවාදය හොම්බෙන් යන්නේ නෑ. පරිපූර්ණ සෛද්ධාන්තික සමාජවාදයේ සංස්කරණයක් වම්මුන්ට විතරයි අවශ්‍ය වෙන්නේ ඒක ඕනෑ වෙන්නේ අසම්පූර්ණ නමුත් හැම විටම ප්‍රයෝගික ධනවාදය එක්ක කොම්පෙයා කරලා මේ සුපිරිසිදු සමාජවාදය හොඳයි කියන්න. ධනවාදය සුන්දර නෑ දුප්පතුන් සහ පරාජිතයින් ඉන්නව තමයි ඒක ප්‍රායෝගිකයි. ජේ ආර් යන්තම් හරි ගෙනාපු ධනවාදය තියන නිසා තමයි යන්තම් හරි හොම්බෙන් නොයා ලංකාව තියෙන්නේ.
      ජාතිවාදීන් බටහිර සතුරා, අරව මේවා කියනවා ඔයාල ධනවාදය කියනවා දෙකම එකයි ලාංකික හැදියාව සහ උමතුවේ.මිස වරද තියෙන්නේ එළියේ බහිරව නොවෙයි ලංකාවේ ධනවාදය නිසා ආ ගැටළු එකක්ක්වත් නැත තිබෙන සෑම ගැටළුවක්ම ලාංකීය හැදියාව නිසා ධනවාදයේ පැමිණීම වලක්වා ඇති තැන් වල පැන නැගුන ගැටලුය.
      මගේ භාවිතය නැතත් වෙළඳ පොළ විසින් ධනවාදය ඉදිරියට ගෙනියනවා ඇත්තටම ධනවාදයට කාඩර් වරු ඕනෑ නෑ.
      //අපිට යෝජනා කරන්නේ උට පුර්ණ ධනවාදය උදාකර දීමට මැදිහත් වන ලෙසයි//
      කිසිම මැදිහත් වීමක් ඕනෑ නෑ.උදලු දාල වැඩේ කාල දාල වැඩවසම් සබඳතා ආරක්ෂා කරලා මෙන්න ධනවාදය කනවෝ කියනවා. උදලු දාන්නේ නැතිව ඉන්න. ජේ ආර් හයියට ෆවුන්ඩේෂන් දාලයි තියෙන්නේ පීබී ජයසුන්දර එතන ඉන්නේ එකයි සජිත් ට රනිල් ලේසියෙන් යවන්න බැරි ඒකයි.

      Delete
    4. // උදලු දාන්නේ නැතිව ඉන්න. ජේ ආර් හයියට ෆවුන්ඩේෂන් දාලයි තියෙන්නේ // ඔයා කියන ඒව එකකට එකක් පරස්පරයිනෙ උදිත.හරියට වාක්‍ය දෙකක් ලියාගන්න බැරිද පරස්පරයක් නැතිව?ලංකාවෙ ධනවාදයක් නැහැලු.තියෙන්නෙ වැඩවසම් වාදයක්ලු.ඊට පස්සෙ ඊලග කොමෙන්ටුවේ තියනව ජේආර් ධනවාදයට ෆවුන්ඩේශන් දැම්මලු.ආර්ථිකයේ පදනම - අත්තිවාරම - ධනවාදීලු.මොන මගුලක්ද ඕයි මේ කියන්නෙ?ධනවාදය එක්ක වැඩවසම් ලක්ෂණ තියෙන්න බැහැ කියල කිවුව නේද?දැන් ජේආර් ධනවාදී කියල පිලිගත්ත නේද?ජේආර්ම ගන්න වැඩවසම්කාරයෙක් උදාහරණයක් විදිහට.ඒ මිනිහ කොච්චර වලවු මහන්තත්තෙ හිටපු එකෙක්ද කියනව නම් තමුන්ව හදුන්වගත්තේ උතුමාණෝ කියල.මෙන්න ධනවාදයයි වැඩවසම් ලක්ෂණයයි මැරි කරල එකකට එකක් ගැලපිල ඉන්න හැටි.ලෝකය කියන්නේ 0-1 වර්ගයේ එකක් නෙමෙයි.මහින්ද ලොක්කගේ වැඩවසම් පසුගාමී චර්යාවන් එක්ක එකතු වෙලා තමයි අර ශැංග්‍රලිලලා තට්ටු පනස් ගණන් වල හෝටල් කොළඹ ගහල කොළඹ නිකම් අම්මට සිරි ධනවාදයේ අගනගරයක් බවට පත්කරන්නෙ.රාජ්‍ය ව්‍යාපාර කීපයක් තියෙන හින්ද ලංකාව ධනවාදී නෙමෙයි කියල කියනව නම් මැට්ටෝ හොයල බලපං සිංගප්පූරු එයාර්ලයනිස් එක කවුද කරන්නෙ කියල.දැන් එතකොට උඹෙ චූටි මොළේට අනුව සිංගප්පූරවත් සමාජවාදීද?නව සීලන්තෙ දුම්රිය සේවා ස්විට්සර්ලන්තෙ දුම්රිය සේවා කරන්නෙ කවුද කියල හොයල බලන්න.ඒ රටවලුත් එතකොට සමාජවාදීද?බිස්නස් කරන රජයේ ආයතන ටිකක් තිබුණ කියල රටක් ධනවාදී නෙමෙයි කියනව නම් උඹට මෝල් කියල විතරයි කියන්න තියෙන්නෙ.

      Delete
    5. මොනවද මේ කතා කරන්නේ? ජේ ආර් ධනවාදී තමයි? ම්ක මම මෙතැන කියන්න ඕනද? මම පරස්පර විරෝදී කෙසේ වෙතත් ඔයා ළදරු කතා කියන්නේ.මම කියන මගුල පැහැදිලියි. ඔයා කියන මගුල කිසිම තේරුමක් නැහැ මම කියන්නේ නැති ටිකක් ඔයා මම කිව්වා කියල උත්තර දෙනවා.. මං කියන්නේ හරි සරල දෙයක්.ඔයාගෙම බහුබූත කතා පිලිවලකට හදල උත්තර දෙන්නම්.
      1 ලංකාවේ ධනවාදය වැඩවසම් හයිබ්‍රිඩ් එකක්- මං කියන්නෙත් ඒකමයි
      2 කවුද කිව්වේ ලංකාවේ නිදහස් වෙළඳ පොළ ධනවාදය නෑ කියල- තියනවා ඔව් රජය ඇගිලි නොගහන හැම තැනකම තියනවා.
      3.ලංකාවේ, සිංගප්පූරුවේ,ඇමෙරිකාවේ එකිනෙකට වෙනස් ධනවාද තියෙන්නේ- ඔව් ඕක කියන්න ඕනද?කවුද තහනම් කරලා තියෙන්නේ අපේ වැඩවසම් මොඩල් එක සිගපුරුවේ, ඇමරිකාවේ මොඩල් ඒකට හරවන්න?ඔයාල වගේ මෝඩ වම්මු අනුන් මැට්ටන් යයි සිතන ජනතාව.
      ශැංග්‍රලිලලා තට්ටු පනස් ගණන් වල හෝටල් කොළඹ ඉදිකිරී මවැරදියි කියා ඔබ සිතනවානම් ඔබ ගැන සංවාද කිරීමෙන් වැඩක් නැත.
      බිස්නස් කරන රජයේ ආයතන ටිකක් තිබුණ කියල රටක් ධනවාදී නෙමෙයි කියනව නොවෙයි ඒ ටික නැති කිරීම වගේ සරල දේවල් ටිකක් කරානම් අඩුගානේ සිංගප්පුරුව තියන තැනටවත් යන්න පුළුවන් කියන ඒකයි කියන්නේ.

      Delete
    6. //සිංගප්පූරු එයාර්ලයනිස් එක කවුද කරන්නෙ කියල.දැන් එතකොට උඹෙ චූටි මොළේට අනුව සිංගප්පූරවත් සමාජවාදීද?නව සීලන්තෙ දුම්රිය සේවා ස්විට්සර්ලන්තෙ දුම්රිය සේවා කරන්නෙ කවුද කියල හොයල බලන්න.ඒ රටවලුත් එතකොට සමාජවාදීද?//
      කොහෙද මං සිංගප්පූරුව ස්විට්සර්ලන්තය සමාජවාදී කියල කියල තියෙන්නේ? මොකද්ද මේවයේ මේ සංවාදෙට තියන සම්බන්ධය මේවා ඔය මෙතෙන්ට ගෙනත් අත අරින්නේ ඇයි කියා මට තේරෙන්නේ නැත.ඔයා දන්නා ටිකක් තියනවා ඒ ටික ගිරවා වගේ කියල දානවා.ලංකාවේ පසුගාමී වැඩවසම් ධනවාදයක් තියෙන්නේ පසුගාමී වැඩවසම් ටික හලලා දානකම් රවුමට යන එක විතරයි වෙන්නේ කියන එකයි මම කියන්නේ. ඔය හිතං ඉන්නවා ඔයට අනිත් අයට චූටි මොලයක් තියෙන්නේ ඔයාට වඩා විශාල මොලයක් තියෙන්නේ අනිත් අය මැට්ටෝ එක නිසා ඔයාට අනිත් අයට නොතේරෙන මාර අම්මට සිරි දෙයක් තේරෙනව කියල.

      Delete
    7. උදිත - එලකිරි දැන් ඔයා හරි තැනට ආව.මෙතනට එන්න මෙච්චර වංගුවක් ගහපු එකනෙ කථාව.දැන් ඔයා පිලිගන්නව ලංකා‍ව කියන්නෙ ධනවාදී රටක් හැබැයි වැඩවසම් ලක්ෂණ තියෙනව කියල.ඒක තමයි උදිත බබා අපිත් කඩ කැඩෙනකම් දිගටම කිව්වෙ.මේ කෙහෙල්මල ධනවාදී රටක්.මේ රට අවුරුදු පනස් ගාණක් තිස්සෙ පාලනය කරන්නෙ ධනපතියො.තාම වැඩවසම් ලක්ෂණ තියෙන්නෙ ඇයි දන්නවද?මේකෙ ධනපතියොන්ට ඒව එක්ක සටන් කරන්න බැහැ මොකද එච්චර දුර්වල පජාත සෙම්බරිත ධනපති පංතියක් තමයි ලංකාව වගේ රටවල ඉන්නෙ.උඹ ගොට්ට අල්ලන ධනපති පංතිය අවුරුදු පනස් ගාණක් මේක පාලනය කරලත් බැරි උනා නම් ඔය ශේෂ වෙලා තියෙන වැඩවසම් සංස්කෘතික ලක්ෂණ ටික අහක් කරගන්න අපිට කියන්න තියෙන්නෙ මෙච්චරයි.තොපි බැරිනම් ගෙදර පලයවු.අපි වැඩවසම් ලක්ෂණ අහෝසි කරන එකයි ධනපති සූරාකෑම අහෝසි කරන ‍එකයි දෙකම කරන්නම්!

      ලංකාව ධනවාදී නෙමෙයි කියල කියන්න ඔයා රජය බිස්නස් කරනව කිව්වනෙ.පංගුවක් විදිහට ගත්තම රජයේ ආර්ථික දායකත්වය ඉතාම පොඩියි.සේවා නියුක්තිය ගත්තම රාජ්‍ය සේවක ප්‍රතිශතය ඉතාම අල්පයි.අති බහුතරය පුද්ගලික අංශයේ වැඩකරන්නෙ.රජයේ ව්‍යාපාර තියෙන එක ධනවාදයේ ලක්ෂණයක් නෙමෙයි කියල ඔයා කිවුවනෙ.සිංගප්පූරුව ධනවාදී රටක්නෙ.ඒත් එහෙ ගුවන්සේවය කරන්නෙ රජයනෙ.එතකොට ඒක ඔයා පැහැදිලි කරන්නෙ කොහොමද කියල බලන්නයි ඒ ගැන කිව්වෙ.හැබැයි දැන් ඔයා ලංකාව ධනවාදී රටක් කියල පිලිඅරන් තියෙන හින්ද අපිට අවුලක් නැහැ.වැඩවසම් ලක්ෂණ තියෙන්නෙ ඇත්තටම ආර්ථිකයෙ නෙමෙයි සංස්කෘතියෙ.මිනිස්සුන්ගෙ ජීවිත වල.ධනපති ප්‍රාග්ධනයෙන් දැන කරන්නෙ ඒව නැති කරන එක නෙමෙයි ඒ වැඩවසම් ආසියාතික ලක්ෂණ හෝද හෝද ඒ‍වයෙනුත් ලාභ ලබන එක.ෆෙංෂුයි පිරිත් කේන්දර අරව මේව විකුණ විකුණ ලාභ ලබන්නෙ උඹ ගොට්ට අල්ලන ප්‍රාග්ධනයම තමයි.උඹෙ කෙහෙල්මල් ධනවාදය අඩුම තරමින් ධනේශ්වර විප්ලව කාලෙ යුරෝපෙ කරපු ටිකවත් අපේරටවල කරල නැහැ.ඉතින් මක්කටද අපි ඒකට කඩේ යන්නෙ උඹ වගේ?

      Delete
    8. //අපි වැඩවසම් ලක්ෂණ අහෝසි කරන එකයි ධනපති සූරාකෑම අහෝසි කරන ‍එකයි දෙකම කරන්නම්!//
      කොහොමද කරන්නේ සහ අපි කවුද?කොච්චර කලක් යයිද?
      පලවෙනි කාරණය වැඩවසම් ලක්ෂණ අහෝසි කරන එක සඳහා මා පී බී ජයසුන්දර ,රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයන් සහ IMF, WORLD BANK වැනි ආයතන ඔයාලට වඩා විශ්වාස කරන්න කැමතියි.
      දෙවනි කාරණය ධනවාදය සුරකනවා කියන එක මං පිළිගන්නේ නෑ

      Delete
    9. //සිංගප්පූරුව ධනවාදී රටක්නෙ.ඒත් එහෙ ගුවන්සේවය කරන්නෙ රජයනෙ// සිංගප්පූරු ගුවන් සේවය යනු රජයට වැඩිපුර කොටස් අයිති පුද්ගලික කොම්පැනියක් රජය අක්‍රිය ආයෝජකයෙක් පමණයි (passive investor) රජයට කොටස් වලින් විශාල කුට්ටිය අයිති වූනත් ඒ කොටස් වක්‍රව පාලනය කරන්නේ ඒ වගේම සිංගප්පූරු ගුවන් සමාගම කිසිම දේශපාලන මැදිහත්වීමකින් තොරව ක්‍රියාත්මක වෙනවා. මේක මිහින් එයාර් වගේ දෙයක් නොවෙයි.

      Delete
    10. නිකම් බයිල එපා.අයිතිය තියෙන්නෙ කාටද?රජයටනෙ.එතකොට ඔයාගෙ කථාවෙන් පේන්නේ අයිතියෙ නෙමෙයි ප්රශ්නෙ කළමනාකරනයේ කියලනෙ.උඹ කඩේ යන ධනපති පක්ශවල උන් උන්ගෙ හෙන්චයියොන්ට රාජ්‍ය ආයතන වල පිස්සු නටන්න දුන්නට සිංගප්පූරුවෙ ධනපතියො එහෙම කරන්නෙ නැහැ.ඒකනෙ ඔය කියන්නෙ.එතකොට හරි කලමනාකරනයක් සහිතව රාජ්‍ය ව්‍යාපාර හොදට දුවන්න පුලුවන් කියල ඔයා පිලිගන්නවනෙ.

      //පී බී ජයසුන්දර ,රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයන් සහ IMF, WORLD BANK වැනි ආයතන ඔයාලට වඩා විශ්වාස කරන්න කැමතියි.//

      ඔයා විශ්වාසය තියාගෙන ඉන්න.තව අවුරුදු 25 ක් ගියාමත් ලියන්න ලංකාවට හරි ගිහින් නැත්තෙ ලංකාවෙ හරියට ධනවාදය නැහැ කියල.ඔය ආයතන දැන් දශක ගාණක් තිස්සෙ පොල් ගෑවද?පීබී ලොක්ක කොච්චර කාලයක් මේ මගුලෙ භාණ්ඩාගාර ලේකම්ද?ප්‍රාග්ධනය කොහොමද වැඩවසම් සංස්කෘතික ලක්ෂණ ප්‍රමෝට් කරන්නෙ කියල අපි ලිව්ව එව්වට නැහැ උත්තර නේද?

      Delete
    11. අනේ පුර්ණ ධනවාදය දෙන්නෝ! අපෝ අයියෝ කොහෙද මේ පුර්ණ ධනවාදය, කෝ ටිකක් කේපී ගේ සල්ලි වලට වත් ගන්න නැත්දෝ!

      Delete
    12. මටත් මල්ලි, ඔය පුර්ණ ධනවාදෙන් අරික් කාලක් කිරන්නකෝ! මෙන්න සල්ලි, ඉතුරුවා තියා ගන්න.

      Delete
    13. //ප්‍රාග්ධනය කොහොමද වැඩවසම් සංස්කෘතික ලක්ෂණ ප්‍රමෝට් කරන්නෙ//
      ප්‍රාග්ධනය වැඩවසම් සංස්කෘතික ලක්ෂණ ප්‍රමෝට් කරනවා කියල ඔයාල වම්මු නේ කියන්නේ වෙන කවුද ඔයාල කොහේ හරි වැරද්දක් දැක්කම අර මැක්කගේ කථාව වගේ ධනවාදයට ප්‍රාග්ධනයට වැරැද්ද බැර කරනවා ඊට පස්සේ මේකට සමාජවාදය විසදුම කියල ඒක ප්‍රොමෝට් කරනවා.
      දැන් ලංකාවේ රියදුරන් සත්තු වගේ පාරේ වාහන එලවනවා වැරැද්ද ප්‍රග්ධනයේද? සමාජවාදය ආවම පිලිවලට ලේන් එකේ එලවයිද? ප්‍රාග්ධනයට ධනවාදය හයිවේ දැම්මාම ලේන් එකේ එලවන්න වෙනවා පිස්සු කෙලියොත් කුඩු සංසාර වෙන නිසා.//පීබී ලොක්ක කොච්චර කාලයක් මේ මගුලෙ භාණ්ඩාගාර ලේකම්ද?//
      ඇයි පී බී ට කඩිනමින් රට ධනවාදී කරන්න බැරි දන්නවද මහින්දට චන්දේ දෙන මිනිස්සු හින්ද. මහින්දගේ චන්ද පදනම බේරලා පී බී වැඩකරන්න ඕනෑ එයා මහින්දගේ යටත් නිලධාරියෙක් විතරයි.මහින්දට එයාගේ මිනිස්සු චන්දේ දුන්නේ රජයේ ව්‍යාපාර විකුනන්න කියල නොවෙයි තව ජනසතු කරලා රජයට ගන්න කියල.

      Delete
    14. සමාජවාදයට කෙතරම් ආවැඩියද අඩු තරමේ නිෂ්පාදන මාදිලිය(mode of production)යන්න ගැන අයන්න ආයන්න නොදන්නා කතාවකි ඉහත කොමෙන්න්ටුව.
      ඈත මිනිස් ඉතිහාසයේ පවා ප්‍රාග්ධනය, වෙළදාම තිබුණි එසේ තිබුනා කියා ඒවායෙන් ධනවාදී නිෂ්පාදන මාදිලිය පැන නැගුනේ නැත. කතා කිරීමට පෙර අඩුතරමේ මහා පොත් නොව විකිපීඩියාවෙන්වත් ධනවාදී නිෂ්පාදන මාදිලිය යනු කුමක්දැයි කියවන්න. ධනවාදී නිෂ්පාදන මාදිලිය පැන නැගීමට කොන්දේසි සැපිරිය යුතුය ඒවා නැති සමාජ ප්‍රාග්ධනය වෙළඳාම තිබුනා කියා ඔයාලගේ මාක්ස් සීයාගේ ධනවාදී අර්ථයෙන්වත් ධනවාදී නිෂ්පාදන මාදිලියක් ඇති රටක් නොවේ. අපේ රටේ මේ කොන්දේසි සපුරා නැත. සේරිවාණිජ හිටියා කියා ප්‍රාග් ධනය තිබුනා කියා ඒ රටවල ධනවාදී යයි මාක්ස් වත් කීවේ නැත.
      For the capitalist mode of production to emerge as a distinctive mode of production dominating the whole production process of society, many different social, economic, cultural, technical and legal-political conditions had to come together.
      For most of human history, these did not come together. Capital existed, commercial trade existed, but it did not lead to industrialisation and large-scale capitalist industry. That required a whole series of new conditions, namely specific technologies of mass production, the ability to independently and privately own and trade in means of production, a class of workers compelled to sell their labor power for a living, a legal framework promoting commerce, a physical infrastructure making the circulation of goods on a large scale possible, security for private accumulation, and so on. In many Third World countries, many of these conditions do not exist even today
      http://en.wikipedia.org/wiki/Capitalist_mode_of_production

      Delete
    15. එතකොට අර ෆෙංශුයි අරව මේව කියල පරණ මිථ්‍යා මත විකුණන්නේ ආගම වගේ වැඩවසම් කෑලි විකුණගෙන ලාභ හොයන්නෙ වෙලද ප්‍රාග්ධනය නෙමෙයි නම් කවුද මහත්තයො?ඊඒපී එ‍කේ ලොකු නෝනා ධනපතියෙක් නෙමෙයි නම් කවුද?ඒවයින් වැඩවසම් සංස්කාතික කෑල ප්‍රමෝට් කෙරෙන් නැද්ද?අනික මේ හැමතැනම මාක්ස් සීයා මාක්ස් සීයා කියල ලියන හින්දයි මේ අහන්නෙ.තරහ වෙන්න එපා පුද්ගලික දෙයක් අහනව කිල - ඔයාගෙ ආච්චිට ඇරියෙ මාක්ස්ද?එයා සීයා වෙන්න?

      Delete
    16. ආයිත් ඉහත මගේ කමෙන්ට් ඒක බලන්න "ඔයාලගේ මාක්ස් සීයාගේ" කියල නේ මං කියල තියන්නේ. :-)
      ආයිත් අහනවා ඒකම දේ ඉස්කොලෙටම ගිහින් නැද්ද උඩ කියපු ඒක තේරෙන්නේ නැද්ද. රජ කාලෙත් වෙළෙන්දෝ හිටිය ප්‍රාග්ධනය තිබුන. සේරිවාණිජ එතකොට කෞටිල්‍ය අහල තියෙනවද ඒ අය වැඩවසම් වෙළෙන්දෝ ?ඊඒපී එ‍කේ ලොකු නෝනා වැඩවසම් වෙළෙන්දෙක්. මේ අය සහ මේ අයගේ සල්ලි තිබුන කියල ධනවාදී නිෂ්පාදන මාදිලිය බිහිවෙන්නේ නෑ. දැන් ධනවාදී මම මාක්ස්වාදයත් කියල දෙන්න වෙනවා සල්ලි ප්‍රාග්ධනය තියනවා වෙළෙන්දෝ ඉන්නව ඒ නිසා ධනවාදය තියනවලු. ඔයාල ඔයාලගේ සීයාගේ වාදයවත් දන්නේ නෑ. නලින් සිල්වා අල හොද්ද එක්ක පාන් කනවා වගේ වගේ ලංකාවේ මාක්ස්වාදයත්

      Delete
  3. හිට්ලර් කලෙත් ඕකමයි. පාර්ලිමේන්තුව හරහා යුදෙව්වෝ මරන්න, ඒකාධිපතිකමට පාර හදා ගත්ත. ජනතාව බුද්දිමත් නිසා හිට්ලර්ට බහුතර බලය ලැබුනේ නෑ පාර්ලිමේන්තුවේ. ඉතින් මිනිහ මොකද කලේ හමුදාව දාල වටකරලා නීති සම්මත කරගත්ත. ලංකාවෙත් ඉතින් සුදු වෑන්, අතුරුදහන් වීම් එහෙම අලුත් දේවල් නෙමේනේ. ඇයි අර ජීවන් ගේ මස්සිනා කිවුවේ මන්ත්රිලට බේරෙන්න ඕනි ක්රමෙයි කවුද වැඩේ පිටිපස්සේ ඉන්නෙයි කියල.

    ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක මේ වගේ අනතුරු වෙන්න පුළුවන් නිසා ගොඩක් රටවල් තමන්ගේ ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වල තියෙනවා "ප්‍රන්තන්ත්රවාදය නැසීමට හෝ ඊට පටහැනි දෙයක් කිරීමට මෙම ව්‍යවස්ථාවේ ඇති ප්‍රජන්ත්රවදී ක්‍රමයන් හා ප්‍රතිපාදන යොදා ගත නොහැක" වගේ වගන්තියක්. එක මුලික හරයක් විදියට තමයි අර්ථ නිරුපනය වෙන්නේ. ඒ වගන්තිය උඩ තමයි ඒ රටවල අධිකරණයන් තීන්දු දෙන්නේ. මේ වගේ ගොන්පාට් ඒ රටවල නැත්තේ ඒකයි.

    ReplyDelete
  4. අපේ සම හරක් කරන්නේ මේ වගේ ඒකාධිපතියන්ට විරුද්ධ වෙන එක නොවේ. එම ඒකාධිපතිත්වයට තරමකින් හෝ විරුද්ධ වන පක්ෂ හා පුද්ගලයන්ට ගරහන එක. වික්‍රමබාහුලා, නිර්මාල්ලා හා දිමුතුලාගේ දේශපාලන මැති මතාන්තර හා එකඟ නොවෙන කෙනෙකුට උනත්, එකඟ වෙන්න පුළුවන් දෙයක් තමා ඔවුන් විතරයි යම් පමණකට හෝ මේ ඒකාධිපති වියරුවට එරෙහිව වචනයකින් හෝ එරෙහි වන්නේ. එක වෙලාවකට කියනවා ඔවුනට සමාජයේ ශත පහක වටිනාකමක් නැහැ කියලා. අනික් වෙලාවේ කියන්නේ ඔවුන් තමා මේ ප්‍රශ්න සේරටම මුල කියලා. කාටද පිස්සු මලේ?

    ReplyDelete
  5. හැමෝටම විවිධ පිස්සු ප්‍රභේද තියෙනවා. බහුතරයකට තියෙන්නේ අමන පිස්සුවක්.

    කොහෙමටත් තමන්ගේ පිස්සුව නැති උන් ගැන කාටත් හිතෙන්නේ උන් විතරයි පිස්සෝ කියලයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා