පොකට් ගහන හොරු අල්ලපු සූරයෝ

 මෙන්න අපේ වීරයෝ
පොකට් ගහන හොරු අල්ලපු සූරයෝ
වටකරගෙන එක්කෙනෙකුට 
වැඩ පෙන්වන මාරයෝ

මේ වගේම තොපි කවදද
අල්ලගන්නෙ මහ හොරුන්ව
පරම්පරා ගණනාවක් 
රටත් එක්ක උගස් කරල
පොකට් ගහපු මහහොරුන්ව

තොපිම වඳින මහහොරුන්ව
මේ වාගේ අල්ලලා
වටකරගෙන ගසාලා
උසාවියට එක්ක යන්න
ඉක්මණින්ම වරෙල්ලා

එදාට අපි කියනවා
උඹලත් වැඩකාරයෝ
තොපේම ඔය බාසාවෙන්
දැන්නම් තොපි පොන්නයෝ
W3Lanka

මෙම කවියට අදාල වීඩියෝව මෙතැනින්

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. මුන්ටත් නෙලන්නම ඕන. උනුත් කෙලින්න එන්නේ බස් එකේ යන හිඟන්නට. නැත්නම් අර මස්සිනා ගෙට පනිනවා වගේ ගෙමක් දෙන්න පුළුවන්නේ. ගිඟන්නත් අරුන්ට ගහන්න බැරි නිසා මූට ගහනවා.. රට මංකොල්ල කන අයටත් දවසක වෙන්නේ මේ ටිකම තමයි. සදාම්, ගඩාෆී, මාකෝස්....... ආදි වශයෙන්

    ReplyDelete
  2. බුද්ධිය, ඉගෙනීම බල්ලට දමාපූ
    වැදගත්කමට ජීවිත ගොඩ නොදාපූ
    සක්කිලි කමම ජන්මෙන් ඔප දමාපූ
    රටක් ඇතේ බලු ගැත්තන් වදාපූ

    එහෙව් රටක බලු පොරයකි ඇස ‍රැන්ඳූ
    වැදගත්කමේ ඉහලම තැනකින් කැන්ඳූ
    මුව පොඩි වලින් වෑහෙන අම මී බිංඳූ
    පෙන්නයි රටේ සිප් හල ඉහලින් ඉන්ඳූ

    පහත් තැනින් යයි කවදත් වතුර ගලා
    පොලිස් බලු රෑන දිය බොන කඩිති බලා
    තක්කඩි ‍රැළට, ඉර-හඳ දෙක කාපු උලා
    පුදුමය තාම ඉර-හඳ පායනව බොලා

    කැප්පෙටිපොළ දිසාවේ.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා