කේ.පී. මහතා වහා නිදහස් කරනු!

ප්‍රභාකරන්, බාලසිංහම්, සංකර් සමග කේ.පී.
කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී. කිසිදු අපරාධයක් කර නැති බවද, ඔහුට එරෙහිව පැමිණිලි නැති බවද, ඔහු දැනට රජයේ ආරක්ෂාව යටතේ සංහිඳියා කටයුතුවල යෙදී සිටින බවද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල පවසා තිබේ. 

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධ විමර්ශනයේදී කේ.පී.ද ප්‍රශ්න කළයුතු පුද්ගලයකු ලෙස හඳුනා‍ගෙන තිබේ. 

මෑතදී ත්‍රස්ත විමර්ශන ඒකකයට හිටපු කොටි ක්‍රියාධරයකු කළ හෙළිදරව්ව අනුව මිසයිල ප්‍රහාරයකින් සිවිල් වැසියන් 50කට වැඩි පිරිසක් සමග බිම දමන ලද ලයන් එයාර් සමාගමට අයත් ඇන්ටනොව් වර්ගයේ මගී ගුවන් යානයක සුන්බුන් සොයාගත්තේ ගිය සතියේය. 

කේ.පී. නිරවද්‍ය පුද්ගලයකුනම් ඔහු අත්අඩංගුවේ සිටිය යුතු නැත. 

සාමාන්‍ය වැසියකු රජයේ ආරක්ෂාව යටතේ සිටිය යුත්තේ ඇයි?

කේ.පී. මහතා වහා නිදහස් කරනු! 

කේ.පී. මහතා නිදහස් කරනවානම් සෙසු සියලු කොටි ක්‍රියාධරයනුත් නිදහස් කරනු. මන්ද, ඔවුන් ක්‍රියා කළේ කේ.පී. ඇතුළු කොටි නායකයන්ගේ අණ මතයි.

දණ්ඩනයට ලක් නොවී සිංහිඳියා කටයුතුවල නියැලෙන්නට කේ.පී.ට දෙන නිදහස කේ.පී.ලාගේ අණින්, ඔවුන් සැපයූ මිසයිලවලින් ගුවන් යානා බිම හෙලූ මිනිසුන්ටද ලැබිය යුතුය.

ඔවුන් සටන් කළේ කිසියම් පරමාදර්ශයක් වෙනුවෙනි. ත්‍රස්තවාදීන් වුවත් ඔවුහු දේශපාලන සිරකරුවෝය.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. පරා ඔයා අළුතෙන් ලියන්න පටන් ගත්තයින් පස්සේ ඔයාගේ කිඩ්නි එක අවුල් වගේ... මනුස්සයෝ වීවීඅයිපී ලට රාජ්‍ය ආරක්ෂාව දෙන එක ඕනෑම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක වගේම සමාජවාදී රාජ්‍යයකත් මූලික අවශ්‍යතාවයක්. මට ඇත්තටම ඔබ ගැන කනගාටුයි....

    ReplyDelete
  2. කිඩ්නි එක අවුල් වගේ............. අන්තිමට මොකද වෙන්නේ ?.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා