ප්‍රබන්ධයට එරෙහිව ප්‍රබන්ධයම විකල්පය වූ කල

පසුගිය දිනෙක අහම්බෙන් මෙන් මේරියන්සි සංගීත කණ්ඩායමේ වීඩියෝවක් යූටියුබ්හි දුටුවෙමි. 'ඇද්ද ලනුව - දැම්ම කොඩිය - සිලෝන් එකට' යන ගීය ගැයීමට පෙර නලින් පෙරේරා හා සුද්දකු ලෙස ඇඳ ගත් අනෙක් ගායකයා අතර ඇති වන සංවාදයේදී සුද්දා චෝදනා කරන්නේ ලංකාව තමන් ගියපසු හරිහමන් සංවර්ධනයක් කරගෙන නැති බවයි. එහිදී නලින් පෙරේරා අහන්නේ 'ඇයි ඔයා පත්තර බලන්නේ නැද්ද?' කියාය. 

අද වනවිට ලංකාවේ බොහෝ කටයුතු සිදුවන්නේ ඇත්තෙන් මහපොළවේ නොව ජනමාධ්‍ය තුළයි. විශේෂයෙන්ම රට සංවර්ධනය කිරීම හා ජනතා ප්‍රශ්න විසඳීම සිදුවන්නේ තනිකරම ජනමාධ්‍යවලයි. ඇස් පනාපිට ඇති ලෝකයත් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රබන්ධ කර ඉදිරිපත් කරන ලෝකයත් අතර විශාල පරස්පරයක් ඇතිමුත්, යථාර්ථය වෙනුවට එම ප්‍රබන්ධ ලෝකය පිළිගැනීමට ජනතාව ‍තුළ පෙළඹවීමක් ඇතිවේ. 

මාධ්‍ය ප්‍රබන්ධයක් සමග මනසින් සම්බන්ධ වෙමින් වඩා නරක යථාර්ථයක සැබැවින් ජීවත්වීම නූතන ලෝකයේ අලුත් අත්දැකීමක් වී තිබේ. 

මෙහි විසුළු ස්වභාවය නිර්මානය වන්නේ පවත්නා තත්වය වෙනස් කිරීමට සටන් කරන්නෝද එයම කරන්නට යාමත් සමගයි.

කොටින්ම දැන් දැන් බොහෝ වෘත්තීය සමිති කටයුතු පවා සිදුවන්නේ ජනමාධ්‍ය හරහාය. වෘත්තීය සමිති නායකයෝ කොළඹ සිට ජනමාධ්‍යවලට නිවේදන නිකුත් කරමින් වර්ජන තර්ජන කරති. සාමාජිකයෝ සිදුවන්නේ කුමක්දැයි කියා හෝ නොදනිති. 

ඇතැම් වාමාංශික දේශපාලන පක්ෂද ප්‍රබන්ධ ලෝකය හා යථාර්ථය අතර තුලනය සිඳගනිමින් සිටියි. බොහෝ වාමාංශක නායකයෝද දේශපාලනය කියා අද කරන්නේ මාධ්‍ය රඟපෑම්ය.

සමාජවාදී සමානතා පක්ෂයට ලෝක සමාජවාදී වෙබ් අඩවිය නම් මාධ්‍යයක් තිබේ. ඔවුන්ට කෑගල්ලේ පුංචි රැස්වීමක් දැවැන්ත දේශපාලන වැඩක් ලෙස ලොවට කියන්නට අවස්ථාව ඇත.

ප්‍රබන්ධයට එරෙහිව ප්‍රබන්ධයම විකල්පය වෙමින් තිබේ.

මෙය අතිශය සංකීර්ණ තත්වයකි.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. Para.. spot on, and what happens is exactly that. They are not building castles on air but in media. We, Para you and me too are doing the same, aren't we? Sri Lanka lacks a Tahrir square, very sad.

    ReplyDelete
    Replies
    1. Ajith, In Egypt after this so called T square thing, what happened. Military took the power and then people has to repeat the same against them, too.
      We need strong systems and controls, nothing else, so that even the President can be questioned and Law and order is sustained. After all, what Sri Lanka is heading towards is nothing but the same as in Egypt under military, with school principals being appointed as "Broiler colonels", who's next :)

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා