මුස්ලිම් අන්තවාදයට එරෙහිව මලාලාගේ අරගලය හා මැඩෝනාගේ නිදහස් අන්තවාදය

මෙම ඡායාරූපයේ සිටින 14හැවිරිදි පකිස්තාන දැරිය මලාලා යූසෆ්සායි නම් වේ.

මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කරමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය ඇය පාසල් බසයේදී තලේබාන් ඉස්ලාම් අන්තවාදීන්ගේ කෲර ප්‍රහාරයකට ලක්වී ඇත.

මේ වනවිට ඇයට සහයෝගය පළ කරමින් උද්ඝෝෂණ රැල්ලක් පකිස්තානයේ අන්තවාදී නොවන මුස්ලිමුන් අතර මෙන්ම ලොව පුරාද පැනනැගී තිබේ.

පසුගිය දිනෙක ජනප්‍රිය ගායිකා මැඩෝනාද මලාලාට සහයෝගය පිණිස ඇගේ Human Nature ගීතයට ඇඳුම් ගලවන නර්තනයක (strip-tease) යෙදුණාය. එය නම් බාල ප්‍රචාරක වැඩක් ලෙස මුස්ලිමුන්ගේ විවේචනයට ලක් වී තිබේ.

මෙයද අන්තවාදයක් ලෙස හැඳින්වීමේ වරදක් නැත.

මේ මැඩෝනාගේ සංදර්ශනයේ ඡායාරූප දෙකකි.




මේ ඇය මීට පෙර මෙම ගීයට කළ ස්ට්‍රිප්ටීස් එකකි. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න  

Comments

  1. මලාලා නිසා පකිස්ථානෙම අවදි වෙලා. තලෙයිබාන් වරු පිස්සු වැටිලා. මෙහෙත් සීග්‍රයෙන් පැතිරෙනවා. බුද්ධි අංශ මොනවා කරනවද මං දන්නේ නෑ. අනාගතේ අනිවා විශාල ප්‍රශ්නයක් වෙන එක වෙනවාමයි..

    ReplyDelete
    Replies
    1. බුද්ධි අංශ මේ දවස් වල ස්වයං පහර දීමේ මෙහෙයුම් වල නිරත වෙලානේ ඉන්නේ

      Delete
  2. මලාලගෙ නම පිටිපස්සෙ ගහන් ඉඳල ඒක පෙන්නල තමයි මැඩෝන ආන්ටි කේස් එක ක්ලෝස් කරේ. ඒක මට හිතෙන්නෙ අනියමින් මුස්ලිම් ගෑණුන්ගෙ ලෝකෙට ගහපු කමුල් පාරක් කියලයි. මම ඉන්නෙත් අරාබියෙ රටක උනාට මෙහෙ නම් ගෑණුන්ට පකිස්ථානෙට වඩා නිදහස තියෙනව. ඒ අතින් පක්කො "රජුටත් වඩා රාජ පාක්ෂික" වෙන්න ගිහින් කියලයි හිතෙන්නෙ.

    ReplyDelete
  3. පැරකුම් වැනි වම්මු හැමදාම පය තියන්නට ආස මැදට. නිදහස යන්නට ප්‍රතිවිරුද්ධ අන්තයක් හැර මැදක් නොමැත. දේශපාලන කාරණාවකදී තමන්ව මැද ස්ථානගත වීම කුහකකමකි. තව කෙනෙකුගේ නිදහසට බාධා නොවන තාක් කල් නිදහස විදීමට ඉඩදිය යුතු අතර භාගෙට නිදහස කියා දෙයක් නොමැත. ඉහත උදාහරණය ම සැලකුවොත් මැඩෝනා තමන්ගේ නිරුවත බලෙන් කාටවත් පෙන්වන්නේ නැත. අකමැතිනම් නොබලා ඉන්න.

    ReplyDelete
  4. "මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කරමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය ඇය පාසල් බසයේදී තලේබාන් ඉස්ලාම් අන්තවාදීන්ගේ කෲර ප්‍රහාරයකට ලක්වී ඇත."

    අධ්‍යාපන අයිතිය ලබා ගැනීම කොහෙත් අමාරුය. පාලකයන් එය දීමට බියය. මොකද ජනතාව මෝඩයන් නොවූ කල පාලකයන්ට නිවැරදි දේ කිරීමට වෙන බැවිනි.

    හැබැයි ලංකාවෙත් තලේබාන් අන්තවාදයක් නැතත්, පොදු ජනතාවට අද්‍යාපනය ලැබීමේ අවස්ථා වලට පොදු ජනයාම විරුද්දය. අති බහුතර රාජ පාක්ෂික මහජනතාව අක්‍රිය ලෙස ඉඳීම තුලින්ම පෙන්නුවේ 6%ක් තියා තවත් වැඩිපුර සිසුන්1000ක් වත් කැම්පස් වලට ගන්න, වැඩිපුර දොස්තරලා, ඉන්ගිනේරුවෝ, උසස් මට්ටමේ උපදිධාරී ගුරුවරුන් ගේ අවශ්‍යතාවයක් ඔවුන්ට කොහෙත්ම නැති බවයි. ප්‍රශ්න විසඳුනත් අල්ලපු ගෙදර එවුන් ඉගෙනගෙන උඩගියොත්... අර කවුද කිවුවේ ගස්වල ගෙඩියක් වත් කඩ ගන්න එකෙක් නැතිවෙයි කියල.... ඔය කුහක කම තමයි හැමදාම පොදු ජනයාව ප්‍රශ්න වල තියන්නෙත්, මලලා වගේ අතලොස්සක් මුළු පිරිස වෙනුවෙන් වන්දිගේවන්නෙත්, ජනතා විරෝදී ඒකාධිපතියන්ව හා තලේබාන් වගේ අන්තවාදීන්ට රිසි සේ ජනතාව පෙලන්න ඉඩ ලබාදෙන්නෙත්.

    මලලා, අනුන් වෙනුවෙන් කතා හෝ කරන ඔබ වැනි අය දේශයකට සම්පතකි. හැබැයි ඒ දේශයේ මිනිස්සුන්ට ඔබගේ වටිනාකම රැකගන්නට බැරිනම්, ගැලපෙන දේශයකට ගොස් තමාගෙන් ලෝකයට සිදුකල හැකි සේවයක් කිරීම වඩා තාත්විකය. මොකද මිනිසෙකුට දිය යුත්තේ ඔහුට වටිනා දෙයක් පමණි. මෙය ලංකාවේ නිදහස් අයිතීන් වෙනුවෙන් කැපවෙන සියලුදෙනාටත් පොදුය. "පතිරුප දේස වාසෝච"

    ReplyDelete
  5. අර Video එකට පාරට බැස්ස අලෙවි මවුලනා සහ අනිත් හරක් ටික මේ අපරදෙට කියන්නෙ මොකක්ද?

    ReplyDelete
  6. Afghan girl raped, killed by US troops
    http://en.trend.az/regions/world/afghanistan/1811269.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා