බාබේරියාවේ නීතිය කියන්නේ මෙන්න මෙහෙම එකකටය

බාබේරියාවේ නීතිය යනු ඒකාධිපතියා කැමැත්තයි. 

නිතර බියෙන් පෙළෙන බාබේරියාවේ ඒකාධිපතියාට කාට හෝ අඹරන්න හිතුණොත් නීතිය ඕනෑ ආකාරයකට අඹරවාගන්නට ඔහු සමත්ය. 

මෙසේ නීතිය අඹරන්නට උදව් කරන්නෝ බාබේරියාවේම නඩු බලවන්නෝය. නීතිය ඇඹරීම වෙනුවෙන් නඩු බලවන්නන්ට තනතුරු ආදී වරප්‍රසාද ලැබේ. ඔවුහුද බාබේරියානු දේසපාලුවන්ට නොදෙවෙනි පල්හොරු  වෙති.

බාබේරියාවේ මහ නඩුකාර නෝනාගේ මහත්තයාට බාබේරියානු ආණ්ඩුවේ බැංකුවකින් හොඳ ගානක් හොරකම් කිරීමට මහ හොරු අවසර දී තිබිණි. ඔවුන්ටද එයින් කුට්ටිය යන්නට ඇති බව බාබේරියානුවෝ කියති. මන්ද, බාබේරියාවේ රජපවුලේ එවුන්ගෙන් බේරී කාටවත් ගුද මාර්ගයේවත් සල්ලියක් හංගාගන්නට බැරි බව කවුරුත් දන්නා බැවිනි.

පස්සේ කාලයක මේ නෝනා ආණ්ඩුවට අප්සෙට් වී ගිය විට නීතිය කැරකී ඇවිත් අර හොර මහත්තයාගේ වෘෂණ කෝෂ ලාච්චුවේ දැම්මේය.

බාබේරියාවේ නීතිය කියන්නේ ඔන්න ඔහොම සන්තෑසියකටය.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. නිකන් කතන්දරනම් කියන්න එපා පැරකුම්, මෙතැන තියන අවුල බබේරියාවට පුර්ණ ධනවාදය නැති කමයි. එක අපුගමන් අයෙ මොනවාද කිරයි පැණියි දෙකම බේරෙන්න පටන් ගන්නව හරිය. නිකන් උදලු, මුල්ලු, ඉස්කෝප්ප, නගුල්, ආදී අනංමනං දන්නා එපා. ( දැන් ඔයාට කොහොමද මාව පෙන්නේ? මම හරි වෙනස් නේද? අනිත් මොල්ලු සමාජවාදය ගැන ලියන කොට මම ධනවාදය ගැන ලියන එක හරිම රැඩිකල් වැඩක් නේද?එක නිකන් බස්එකේ යනගමන් කලිසම ගලවල ස්වයන් වින්දනේ යෙදුනවගේ පට්ටම රැඩිකල් ගේමක් නේද? අනිත් එක බලන්න එක කොච්චර ප්‍රයෝගික ප්ලැනක්ද කියල, මම කියන්නේ ස්වයන් වින්දනේ)
    මිට උඩිත

    ReplyDelete
    Replies
    1. නීතිය මෙන්ම බාබෙරියාවේ සමාජවාදය කියන්නේද ඉහත කොමෙන්ටුව වැනි සන්තෑසියකටය. නීතිය ,විධායකය කියා වෙනසක් නැත ඕනෑම ක්ෂේත්‍රයක බාබෙරියානු ගති හැදියාව ඇත සමාජවාදය ධනවාදය කොයි දේට ගියත් ඒකම සන්තෑසියමය. පුර්ණ ධනවාදය කියා එකක් නැත පර්පුර්ණ සමාජ නොපවතී සහ පැවතිය නොහැක. ඕනෑම දෙයක ඕනෑම සමාජයක (ධනවාදී හෝ සමාජවාදී) අඩුවක් ඇත. අඩුව පිරවීමට ගන්නා උත්සාහයේදී නව ලෝකය බිහිවේ මෙය අනවරත ක්‍රියාවලියකි. මේ ක්‍රියාවලිය වලක්වා කෘතිමව මිනිස් ස්වභාවයට එරෙහිව ගොඩ නංවන සමාජවාදය කරන්නේ මිලියන ගානක් ජනතාව ජීවිත කාලයක් පරම්පරාවක් අඳුරේ දුකේ තබා තබා වට වංගුවක් ගසා යැවීම පමණි (චීනය දිහා බලන්න).මීටත් වෙනස්ව බාබෙරියාවේ ඇත්තේ අඩුවක් නොව හිලකි.මුලින් හිල වැසිය යුතුය ඉන්පසු අඩුව පුරවා නව රටක් බිහිකළ හැක.එයද ඉහත බාබෙරියානු වමා කියන පරිදි පරිපුර්ණ සමාජයක් නොව අඩුවක් ඇති දෙයකි. සමාජයක මිනිසුන් එකිනෙකට වෙනස් වූ පුද්ගලයින්ය.හැමෝටම සර්ව සාධාරණ පරිපුර්ණ සමාජ තැනිය නොහැක.

      Delete
  2. ශ්‍රේශ්ඨාධිකරනය රජය සමග එදිරිව යන්නේ ඇයි? ජනප්‍රිය පිලිතුර නම් එය දිවිනැගුමට එරෙහිව සාධාරන තීන්දුවක් දුන් නිසාය. අප හොඳින් දන්නා හඳුනන ලංකාවේ ශ්‍රේශ්ඨාධිකරනය දිවි නැගුම පිලිබඳව එවන් තීන්දුවක් දුන්නේ ඇයි? ශ්‍රේශ්ඨාධිකරනය තුල දෙමල ජනයා / උතුරු නැගෙනහිර වැසියන් පිලිබඳව පතල කරුනාවක් පහල වූයේ ඇයි? සහ ඒ කවදා සිටද? මෙය උභතෝකෝටිකයක් නොවේද?

    හුදෙක් එය පුද්ගලික තලයේ අරෝවක් විය නොහැකියි. ජනාධිපති විසින් පත්කල මෙම ඉහලම තනතුරු / ව්‍යුහ වල පීලිපැනීමට හේතුව සොයා ගැනීම ඉතා වැදගත්. [සරත් එන් සිල්වා හිටපු අගවිනිසුරු එකල චන්ද්‍රිකා [විධායකය]ට එරෙහිව ක්‍රියාකිරීමේ උභතෝකෝටිකය, හෙල්පින් හම්බන්තොට ගැන දී ඇති තීන්දුව ගැන පවසන දේ හරහා ඉතා නිර්ලජ්ජිත ආකාරයෙන් අද අපට පහදා දෙයි.]

    - Dimithri

    ReplyDelete
    Replies
    1. රනිල් වික්‍රමසිංහත් අධිකරණයට නොකියා කිව්වා තොපිට හොඳ වැඩේ කියල. බලමු මොකද වෙන්නේ කියල. දිමිත්‍රි කියන කාරණය නොසැලකිය හැකි නොවේ.

      Delete
  3. මටත් පුර්ණ ධනවාදය ඕනේ!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා