ආණ්ඩු පෙරළන්න වර්ජනය කරන එකේ වරද කුමක්ද?

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය ආණ්ඩු පෙරළන කුමන්ත්‍රණයක් බවද, නිර්මාල් රංජිත් දේවසිරි රාජ්‍ය නොවන සංවිධාන, පෙරටුගාමී පක්ෂය හා දෙමළ ඩයස්පෝරාව සමග එක්ව දියත් කරන බවද බුද්ධි අංශ විසින් සොයාගෙන ඇති බව අද දිනමිණ පුවත්පත වාර්තා කරයි.

දඹර අමිල හිමිද මෙයට සම්බන්ධ බව එම වාර්තාවේ කියැවේ. 

මේ කුමන්ත්‍රණය පිටුපස සිටින අය ලෙස මේ නම්ද දැක්විය හැකි බව අපි දිනමිණ පුවත්පතට පෙන්වා දෙන්නට කැමැත්තෙමු. කොටි සංවිධානය, බටහිර රටවල්, ඇමරිකාව, බෑන් කී මූන්, නවනීදන් පිල්ලෛ, ජයලලිතා, කරුණානිධි, වයිකෝ, ඉන්දීය ධීවරයෝ, ඩෙංගු මදුරුවා, ජනතා විමුක්ති පෙරමුණ, මංගල සමරවීර......................

අපි අහන්නේ මෙයයි. මෙය ආණ්ඩු පෙරළන මොකක්හරි එකක් වීමේ වරද කුමක්ද? දේශපාලනය කියන්නේ ආණ්ඩු හැදීම හා පෙරළීම මිස වෙන කුමක්ද? 

ජනතාව දූෂණයෙන්, භීෂණයෙන් හා විනාශයෙන් බේරාගැනීමට නම් පැහැදිලිවම මේ ආණ්ඩුව පෙරළිය යුතුය. ඡන්දවලින් එය කරන්නට ඉඩක් නැත. මන්ද, ඡන්ද යනු ආණ්ඩු පක්ෂය රාජ්‍ය බලය හා සියලු මහජන දේපල තමන්ගේ වාසියට යොදාගෙන කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රීඩාවක් බවට පත්ව ඇති නිසාය. 

එහෙයින් ආණ්ඩුව පෙරළීම සඳහා ජනතාව බලමුළුගැන්විය යුතුව තිබේ. අරගල අවදිකරගතයුතුය. ඒවා මහා අරගලයට එක්කරගතයුතුය.

විශ්වවිද්‍යාල ආචාර්යවරු වනාහි තමන් කරන්නේ කුමක්ද යන්න නොදත් බබ්බු නොවේ. ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය අභිභවා අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතුය යන පුළල් සටන් පාඨය මතු වුණේ ඔවුන් දැනුවත් පිරිසක් නිසාය. ප්‍රශ්නය ජනතාව බබ්බු වීමයි. මේ බබ්බුන් සමග ආණ්ඩුව කරන සෙල්ලමේ අනෙක් පැත්ත විපක්ෂයෙන්ද බලාපොරොත්තු විය යුතුය.

අනෙක් පැත්තෙන් බැලුවාම මෙය කුමන්ත්‍රණයකැයි බබ්බුන් ඉදිරියේ කීමද දේශපාලනයම වේ. එයට මුහුණ දීමේදී කො‍ළය වසා ගහන්නට යාමට වඩා "ඔව්, අපි මේක කරන්නේ ආණ්ඩු පෙරළන්නත් එක්ක තමයි. අධ්‍යාපනය බේරගන්න මේ ආණ්ඩුව පෙරළියයුතු තමයි," කියා කියන එක නරක නැති බව අපේ අදහසයි.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. අලුත්ම එක තමයි මල්වතු-අස්ගිරි මැදිහත් වීම. මේක නම් කම්කරු අමාත්‍යංශයේ බේරුම්කරන මන්ඩලයටත් වඩා ලනුවක්. මෙවැනි මැදිහත්වීමක් අනවශ්‍ය බව ආචාර්යවරු කෙලින්ම කිවයුතුයි.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, මල්වත්තයි අස්ගිරියයි හම්බුවෙන්න ආචාර්යවරු ගියේ දැනට මාස 2 කට උඩදී. මල්වත්ත බොරු ටෝකක් දුන්න 56 පංචමහ බලවේගයම අද මහපාරේ කියල විතරක්. අස්ගිරිය නිකන් ඇටිකෙහෙල් කාපු රිලවෙක් වගේ හිටිය මුකුත් නොකිය (අයි කිවුවොත් කුට්ටිය අඩු වෙයි නේ). මාස 2ක් විතර දෙකොනම වහගෙන ඉඳල ඒක පාරටම සිශ්යයෝ ටිකක් ගිහින් දුක කිවුව විතරයි (එකත් ඉතින් තවත් ආණ්ඩුවේම නාටකයක් තමා) මෙන්න ඩබලටම විලිරුදාව හැදිලා - මැදිහත් වෙලා විසදන්නම්ලු - බොහොම හොඳයි - හැබැයි

      1) ඔය දෙන්නට ඕක තේරුම් ගන්න මාස 2 ක් ගිය කියන්නේ මර්වින්ටත් වඩා අන්තයි. මොකද අඩුමගානේ මිනිහත් මැදිහත් වෙන්න හැදුව කලින්.

      2) ආචාර්යවරු රටේම ප්‍රශ්නේ ගෙන කියන්නේ බීරි අලි වගේ ඉඳල දැන් මෙය ළමයි ටිකක් තමන්ගේ අත්මර්තකමී ඉල්ලීමක් කරපු ගමන් නැට්ට තද උනේ මොකද

      3) එකත් කමක් නෑ කියමුකෝ "යොච පුබ්බේ පමජ්ජිත්ව.... - පළමුව පමා වුවෙක් ... " කියලනේ ඕගොල්ලෝ කියන්නේ. හරි. එත් ඕගොල්ලෝ කරපු ප්‍රකශේ මේ රටේ මිනිස්සුන්ගේ දුප්පත් දරුවන් ගෙන හිතල කරපු එකක්ද. මොකද්ද කිවුවේ "අචර්යවරුත් න්මයශීලී වෙලා විසදුමකට එන්න කියලනේ" ආ ඒ කියන්නේ 6% නෙමේ 3%ක් ඇති. ඔක්කොම ඉල්ලීම් වලින් බාගෙකට වගේ යමු. එකනේ. එතකොට ආණ්ඩුවට හොඳයි... කාටද කෙලවෙන්නේ නිර්මල්ටද, ෆුට එකටද ණෑ මේ රටේ දුප්පත් මිනිස්සුන්ට. ආ එකට කමක් ණෑ නේද උන් කරුමක්කරයෝනේ පව් ගෙවපුවවේ නේද මෙයා.

      4) නරකද දැන්වත් ඔය වේදවසම් රදල හිතිවිලි නැති කරලා රටේ හැමෝම උගතුන් වේවා කියල ඔය දෙන්නත් ප්‍රතන කලොත්. (හැබැයි මෝඩයෝ අඩු වෙනවා කියන්නේ තමන්ගේ පැවැත්මට කෙලවෙනවා නේද. මොකද ඇබිත්ත කමකට වත් එකෙක් වත් නැතිවෙයි නේ. අනික ඕන කුණු ජරාවක් දර්ම දේශනා කියල මිනිස්සුට කියන්න බැරි වෙඉ නේද).

      5 මේ වගේ බුද්ධි විප්ලවය යුරෝපේ උනේ 1600 දී එකෙන් පාප් නිකන් අවලංගු කාසියක් උනා, ලොසේ ලොස් උනා .... ඒක මේ දෙන්නත් දන්නවා.. එකයි ඔය මේ සද්දේ දන්නේ මේ අපිත් ඉන්නවා, ඕනවට වැඩිය මිනිස්සුන්ට උගන්නන්න දෙන්න එපා වගේ කතා දාන්නේ. එතනින් එහාට මේ දෙන්නගෙන් දුප්පත් මිනිස්සුන්ට වෙන සේවයක් ණෑ.

      Delete
  2. දැන් කොන්ද කෙලින් තියාගෙන ෆුටා එකට තියෙන්නේ අර ගිය පාර චන්දෙදි මහරජාණන්ට චන්දෙ දෙන්න කියල කඩේ ගිය ලේක්චර්ල ටික අල්ලාගෙන උන්ගේ අත්සන් දාල පත්තරේ දැන්වීමක් දාන්න.

    "අපට සමාවන්න! මින් ඉදිරියේදී මේ ජනාධිපතිවරයගේ හා ආණ්ඩුවේ ප්‍රතිපත්ති පරදවන්න ඔබේ වටිනා චන්දය භාවිතා කරන්න" මීට නිදහස් අද්යපනයට හිතැති කියල අත්සන් ලිස්ට් ඒක දාන්න.

    සල්ලි හොයා ගන්න ඒක ගැටළුවක් වෙන එකක් නෑ. මොකද ආණ්ඩුවට විරුද්ධ හැම මිනිහම රුපියල ගැනේ එකතු කලත් රුපියල් ලක්ෂ 40ක් දැනට හොයාගන්න පුළුවන්. ඉස්සරහට තව වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. ඒක ඉරහඳ වගේ විශ්වාසයි!

    ජයවේව!

    ReplyDelete
  3. මේකේ භයානක කම මේකයි. මල්වතු-අස්ගිරි හමුදුර්වරු කතා කරන්නේ ඒගොල්ලන්ගේ කටින් නෙමේ. ඒ දෙන්න කරන්නේ SB ටයි මහින්දටයි ඕන දේ වෙන අයිසින් පාරක් දාල සාකච්චා මේසෙට ගෙන එක. එතකොට කැම්පස් ලේක්ටර්ල ටිකට එකට විරුද්ද වෙන්න වෙනවනේ.. ඊටපස්සේ දැන් ජනතාවට කියන්න කිසිදෙයක් නැතුව බංකොලොත් වෙලා ඉන්න ආණ්ඩුවයි එකේ පචවාහිනි ටිකයි (දිවයින දිනමිණ වගේ වල් පත්තර ටිකයි) පතුරු අරියි. දැන් බලන්න පින්වත්නි, මේ ගොල්ලෝ අපේ මුදුන්මල්කඩ වැනිවූ මහනායක හාමුදුරුවරු කියන දේ වත් අහන්නේ නැති දේශද්‍රෝහී බවුද්ද විරෝදී කුමන්ත්‍රණ කාරයෝ ටිකක් කියල. අයෙත් කියයි මහනායක හාමුදුරුවරු දෙනමම ආණ්ඩුවේ මතයට එකඟයි කියලත්. එතකොට ඉතින් මෝඩ උපාසකයෝ ටික නියමෙට ලනුව ගිලල ආණ්ඩුවට දිගටම කතිර ගහයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා