Posts

Showing posts from October, 2012

පළාත් සභා අහෝසි කළ යුතුය

මේ දිනවල 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළයුතු බවට හා පළාත් සභා අහෝසි කළයුතු බවට උද්ඝෝෂණයක් මතු කර ගැනීමට උත්සාහයක් තිබේ.  වෘත්තීය විප් ලව වාදියකු ලෙස ජවිපෙ තුළ සිටි විමල් වීරවංශ දැන් වෘත්තීය දේශපාලකයකු ලෙස මහනායක හිමිවරුන් පවා හමුවෙමින් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං ශ ෝධනයට එ රෙහි ව මතු කරගන ්නට උත්සාහ කරන සිංහල ජාතිවාදී රැල්ලේ මුදුනෙන් සිය බල යාත්‍රාව තබාගැනීමට උත්සාහයක් දරමින් සිටියි. ඒ අරුතින් ඔහු මේ වනවිට චම්පික රණවක පවා පසුබස්වා ඇති බව පෙනේ.  හෙළ උරුමයේ බහුවිධ නායකයන් අතර ආරාවුල්, වියවුල් නිසා තනි ගමනක් යන විමල්ට එතරම් තරගයක් එල්ලවී නැත.  ජවිපෙ අභ්‍යන්තරයේ පසුගිය සමයේ සිදුවූ හැලහැප්පීම් හමුවේ දැන් ජවිපෙ වමටත්, දකුණටත් දෙකටම නැති නෝමෑන් ඒරියාවක අතරමංව හිඳියි. පෙරටුගාමී පක්ෂය උත්සාහ කරමින් සිටින්නේ ප්‍රමාණ යෙන් ල ොකු හිරු කණ්ඩායමක් වන්නටය.  මේ සියල්ල මධ්‍යයේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි මාතෘකාව බවට පත් වී තිබේ. එදා මෙන්ම අදත් එයට දැඩි ලෙස පක්ෂපාතී ස්ථාවරයක සිටින බව පෙනෙන්නේ සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ පමණි.  පළාත් සභා හඳුන්වා දුන් 1988දී කොටි සංවිධානය හෝ දෙ

ජනාධිපතිගේ ගිරව්, මාලි ඇතින්න හා ආණ්ඩුවේ හොර බළල්ලු

Image
දන්ත ධාතුව වඩම්මාගෙන යන මාළිගාවේ ඇතාට සැදැහැවත්තු වඳිති.ඒ ඇත ා මහා වාසනාවන්තයකු යයි සිතති. පෙරහරවල වඩම්මන අලින් කොරගසමින් ඇවිදින්නේ ඇයිදැයි ඔබ සිතා තිබේද? අලංකාර වස්ත්‍රවලින් ඔවුන්ගේ සිරුරු හැඩ කර තිබුණත්, ඔවුන්ගේ පා අඩි අඩියකට, දෙකකට වඩා දුර තැබිය නොහැකි ලෙස යදමින් බැඳ තිබේ. හීලෑ අලි, ඇතුන් හිමියකු වීම ධනවතුන්ගේ විලාසිතාවක් වී තිබේ. කලින් මෙය  පැරණි ධනවතුන්ට සීමා වී තිබුණු අතර දැන් අලුත් සල්ලිකා‍රයෝද කිසියම් පංතිමය තත්වයක් හිමිකරගන්නට එය කරති.  සමහරු අලින් හොරකම් කරන්නද පෙළඹෙති. 'හීලෑ' අලියාගේ ජීවිතය ගැන තේරුම් ගන්නට අවශ්‍ය නම් මෙසේ සිතන්න. හිතන්න ඔබව මුළු ජීවිත කාලය පුරාම අඩි කීපයක් දිග දම්වැල්වලින් ගස්වලට බැඳ තිබෙනවාය කියා.  ඇවිදිනකොටත් ඔබට නිදහසේ පා තැබිය නොහැකි ලෙස පා ළං කර යදමින් බැඳ තිබෙනවාය කියා. මරණීය දණ්ඩනයට හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට හෝ ලක්ව සිටින පුද්ගලයකු පවා මෙවැනි තත්වයකට පත්ව නැහැ. කිසිදු ගැලවුමක් නැති මෙවැනි ජීවිතයක් ඔබට උරුම වුණොත් ඔබට පිස්සු නොහැදී තිබේවිද? ඇතැමෙක් කියන පරිදි අලියා දියුණු මනසක් ඇති සතෙක්. එහෙමනම්, මේ හීලෑ අලින්ගේ මානසික තත්වය ක

Geely cars to open a manufacturing plant in Sri Lanka

Image
Shanghai based Geely International Corporation, the the third largest Chinese car brand in China and seventh ranking in overall Chinese automotive market, has come to an understanding with Sri Lanka's Micro Cars Ltd to open a manufacturing hub in Hambanthota. It materialize, the venture can be a major breakthrough for Mahinda Rajapaksa's dream city and Basil Rajapaksa's economic master plan.  Geely is considering an assembly line with $ 20 million in shared investment with Micro Cars and 500 new employment in automotive manufacturing. Martin Xiang, Director of Geely said to the Minister of Industry and Commerce Rishad Bathiudeen that the company was trying to start building the factory in mid 2013 and complete Phase I by the end of 2014 with hopes to roll-out the first car in January 2015. Geely is one of the Fortune 500 company that owns 100% of Sweden’s Volvo and the Australian automatic transmission supplier Drivetrain Systems International. Visit Geely webs

බාබේරියාවේ නීතිය කියන්නේ මෙන්න මෙහෙම එකකටය

බාබේරියාවේ නීතිය යනු ඒකාධිපතියා ග ේ කැමැත්තයි.  නිතර බියෙන් පෙළෙන බාබේරියාවේ ඒකාධිපතියා ට කාට හෝ අඹරන්න හිතුණොත් නීතිය ඕනෑ ආකාරයකට අඹරවාගන්නට ඔහු සමත්ය.  මෙසේ නීතිය අඹරන්නට උදව් කරන්නෝ බාබේරියාවේම නඩු බලවන්නෝය. නීතිය ඇඹරීම වෙනුවෙන් නඩු බලවන්නන්ට තනතුරු ආදී වරප්‍රසාද ලැබේ. ඔවුහුද බාබේරියානු දේසපාලුවන්ට නොදෙවෙනි පල්හොරු  වෙති. බාබේරියාවේ මහ නඩුකාර නෝනාගේ මහත්තයාට බාබේරියානු ආණ්ඩුවේ බැංකුවකින් හොඳ ගානක් හොරකම් කිරීමට මහ හොරු අවසර දී තිබිණි. ඔවුන්ටද එයින් කුට්ටිය යන්නට ඇති බව බාබේරියානුවෝ කියති. මන්ද, බාබේරියාවේ රජපවුලේ එවුන්ගෙන් බේරී කාටවත් ගුද මාර්ගයේවත් සල්ලියක් හංගාගන්නට බැරි බව කවුරුත් දන්නා බැවිනි. පස්සේ කාලයක මේ නෝනා ආණ්ඩුවට අප්සෙට් වී ගිය විට නීතිය කැරකී ඇවිත් අර හොර මහත්තයාගේ වෘෂණ කෝෂ ලාච්චුවේ දැම්මේය. බාබේරියාවේ නීතිය කියන්නේ ඔන්න ඔහොම සන්තෑසියකටය. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Sri Lanka Chief Justice's husband in bribery net

Image
Sri Lanka Bribery and Corruption Commission has framed bribery and corruption charges against the former Chairman of National Savings Bank (NSB) Pradeep Kariyawasam before Colombo magistrate court. Kariyawasam is charged with corruption in relation to investing NSB funds in purchasing shares of The Finance Company knowing that the deal would cause loss to NSB. Kariyawasam involved in acquiring 7,863,362 shares of The Finance Company for Rs 391,136,544.00. The NSB has purchased 13.02% stake of The Finance Company at around Rs. 49.74 a share when the market price was around Rs.30-31 a share. The transaction was later cancelled by the government He is also accused of suggesting his name and another person's name to the board of directors of the NSB, knowing that it would bring him undue privileges. The Bribery Commission said to courts that 26 witnesses and 51 documents would be submitted pertaining to the prosecution. The hearing was fixed on February 28, 2013. Pradeep

සමස්ත සමාජයටම උමතුවක් වැළඳී ඇති කල සාමාන්‍ය මිනිසකු වීම සාපයකි

ආණ්ඩුවට ඕනෑ නැති බලයක් නැත.  ඊ ය ේ දිවයින මුල් පුවතින් කියන පරිදි ජාතික පාසල්වල විදුහල්පති පත් කරන ක්‍රමවේදය වෙනස් කරන්නටද ආණ්ඩුවට අවශ්‍යය.  දැන් පවතින ක්‍රමවේදය අනුව, විදුහල්පති තනතුරක් පුරප්පාඩු වූ විට රාජ්‍ය සේවා කොමිෂම විසින් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් අනුව සුදුස්සකු තෝරාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලබන්නේ අන් කවරකු විසින්වත් න ොව අධ්‍යාපන අමාත්‍යංශය විසිනි. රාජ්‍ය ‍ ස ේ වා කොමිෂම විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ නිර්දේශය අනුව විදුහල්පති පත් කරනු ලැබේ.  රාජ්‍ය සේවා කොමිෂමද පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.  දැන් මේ ක්‍රමය ආණ්ඩුවට අප්සෙට් වී ති‍බේ. හේතුව අන් කිසිවක් නොව මෙම ක්‍රමය විනිවිද පෙනෙන එකක් වීමයි.  විදුහල්පති තෝරාගැනීම පිණිස සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ නිශ්චිත ක්‍රමවේදයක් තිබිය යුතුය. දැන් ආණ්ඩුවට අවශ්‍ය මේ ක්‍රමවේද කිසිවක් නැතිව තමන්ට අවශ්‍ය පුද්ගලයා පත් කර ගතහැකි අමුතුම ක්‍රමවේදයකි. ඒ වෙනුවෙන්, දැනට පවතින නීති සංශෝධනය කරමින් නව නීති ගෙන එන්නට දැන් පාර්ලිමේන්තුව සූදානම් වෙමින් තිබේ. බලන්න කරන්න යන දේ. විධිමත් විනිවිද පෙනෙනසුළු ක්‍රමයක් වෙනුවට අවිධිමත් වින

Disce aut Discede - People, you learn or depart (this hell)

Image
'Disce aut Discede', the cliche Latin motto of Colombo Royal College means 'Learn or Depart'. Amidst false Sinhala madness show of the ruling and business elite, Royal College, the school of  their offspring and the major alma mater of identity crisis of many petty-royalists, still sings its College anthem in Latin. Yesterday, they symbolically showed who they are. No difference with the President's old school Thurston and Cheena Koratuwa Vidyaloka of Galle. Cheers! Old Royal stories are history now. Colonial era social elite had ethics, at least at dining tables of their clan despite whatever behaviour they wielded before domestic and plantation or factory labourers in their unsocial lives. But this is the present day elite of this country. The shit Royals. Read elsewhere how one of their so-called prefects, definitely a future rogue that will rule or administer affairs of this country, robbed memory chips that contained their blood stained acts from the

ජල කළමනාකරණය ගැන නැවතත් කතාබහ

Image
ආණ්ඩුව ජල කළමනාකරණය සඳහා නැවත වැඩපිළිවෙලක් යෝජනා කර තිබේ.  මෙම කරුණ අරභයා අප විසින් කලකට පෙර ටැබූ සබ්ජෙකට්ස් සමග කරන ලද සංවාදයක් වෙත අපි ඔබගේ අවධානය නැවත යොමු කරමු. එම සංවාදය නැවත කියවන කල බ්ලොග් අවකාශය වර්ණවත් කළ ටැබූ සබ්ජෙක්ට්ස් අද නැතිවීම ගැන සියුම් කණගාටුවක් ඇති වේ. කියවන්න.  ඇමති නිමල් සිරිපාලගේ ගේ පිටුපස ලෝක බැංකුව හොල්මන් කරනවාද? | Is World Bank haunting behind Minister Nimal Siripala?  මෙම ලිපිය පදනම් කරගෙන ඇති වූ සංවාදයක් පිළිබඳ අපෙ අදහස් දැක්වීම පහත දැක්වේ. ජලය වෙළඳ භාණ්ඩයක්ද? | Is water a trade commodity? මේ තවත් සංවාදශීලී ලිපියකට සබඳතා පුරුක:  රජතුමා ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා (සහ තවත් අය) ගොනාට ඇන්දූ හැටි | How the king dressed or undressed Taboo Subjects  මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

අනේ තොපෙ දිවි නැගුම

Image
දිවි කියන්නේ මොක්කු කැළෑවේ ඇති සත්තු උන් නැගුමවත්ද මේ අනේ කවුරුද දන්නෙ රටේ ජනතාවගේ දිවි නගින්නේ නැත්තෙ නෂ්ටකාමයවත්ද අනේ අපෙ දිවි නැගුමෙ ඇට බෙදන දිවි නැගුම පැල බෙදන දිවි නැගුම ගසාකන දිවි නැගුම පල නොමැති දිවි නැගුම මල්ලිගේ දිවි නැගුම පුතාගේ දිවි නැගුම දිවි නැගුම දිවි නැගුම මේක මරු දිවි නැගුම කාගෙවත් දිවි නැගුම නැතේ පඩිනම් නැගුම දිවිය එකතැන ලැගුම අනේ තොපෙ දිවි නැගුම මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

'පළාත් බබා අපට එපා' ආයෙත් ඇවිත්

ආණ්ඩුව පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න යනවා යයි අද දිවයින සිය මුල්පුවතේ කියා තිබේ. ජ්‍යේෂ් ඨ ඇමතිවරයකු කීවා යයි කියා කියන මෙය අතේ රෝලක් වන්න පුළුවන. එහෙත්, මෙය දිවයිනේ මුල් පුවත ලෙස දැමීම පිටුපස ආණ්ඩුවේම ලොක්කකුගේ ගේමක් තිබෙන්නට පුළුවන.  පසුගිය දිනවල ඇමති බැසිල්ගේ දිවිනැගුම වැඩපිලිවෙළට උදැල්ලක් වැටුණේ මේ පළාත් සභා ක්‍රමය නිසාය. පළාත් සභා ඔස්සේ සීමිත බලතල ප්‍රමාණයක් විමධ්‍යගත වී තිබේ. ඇමති මණ්ඩලය සමග හෝ බලය බෙදාගැනීමට අකැමැති ඒකාධිපති පවුල් පාලනයකට පළාත්වලට බලය බෙදන 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇහේ රොඩ්ඩක් වීම තේරුම් ගතහැකි තත්වයකි. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ 1987 ඉන්දු-ලංකා ගිවිසුමට අනුවයි. එහෙයින් පළාත් සභා අහෝසි කිරීම වනාහි දැනටත් ඉන්දියාව සමග ඇදගෙන සිටින කොක්ක තවත් වකුටු කරගැනීමකි.  මෙය සිදුවුණත්, නැතත් මේ වෙලාවේ ආණ්ඩුවට එහෙම කොක්කක් අවශ්‍ය වී තිබේ. හේතුව, රටේ ආර්ථික ප්‍රශ්න උග්‍රවීම හා පීඩනය හමුවේ ජනතාව ආණ්ඩුවට එරෙහිවීම වළක්වාගත හැක්කේ මෙවැනි ක්‍රියාමාර්ගයක් ඔස්සේ බැවිනි.  මේ වනවිට ඊනියා සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාර‍යේ නායකයෝ ඒකාධිපති පවුල් පාලනයේ ගුද මාර්ගය

ආණ්ඩුව හා ඩයස්(පෝරා) අතර සාකච්ඡා මෙන්න මෙහෙමයි

ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කරන්නට යයි.  ඒ අතර ආණ්ඩුව නම් අද්භූත සත්වයාගේ වලිග වන විමල් වීරවංශ පක්ෂයට සම්බන්ධ කොටස් හා ජාතික හෙළ උරුමයට සම්බන්ධ පිරිස්ද, තවත් විවිධ බහුබූතයෝද ඉල්ලමින් සිටින්නේ පළාත් සභාවලට බලය විමධ්‍යගත කළ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙසයි.  අඩසියවසකට වැඩි කාලයක් දෙමළ ජාතිකවාදී ව්‍යාපාර අරගල කළේද, කොටි සංවිධානය දශක තුනක යුද්ධයක් දියත් කළේද, දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික තලයේ අරගලයක් කරන්නේද බලය වෙනුවෙනි. දෙමළ ජාතියට ජාතියක් ලෙස රාජ්‍ය බලය ලබාගැනීම වෙනුවෙනි.  ශ්‍රී ලංකාවේ පවත්නා සංදර්භය තුළ ජාතික පදනමින් බලය වෙනුවෙන් අරගල කිරීම ප්‍රමාණාත්මකව සුළුතර ජාතීන්ගේ පැත්තෙන් සාධාරණය.  එතකොට මේ සාකච්ඡා සිදුවිය යුත්තේ බලය බෙදාගැනීම සම්බන්ධයෙන් මිස අන් කරුණක් පිණිස නොවේ.  එහෙම නොවෙයි නම් සාකච්ඡා සිදු වනු ඇත්තේ මෙසේය: "හායි, ඩයස්(පෝරා) කොහොමද?" යි ආණ්ඩුව අසනු ඇත.  "ඔහෙ ඉන්නවා මෙයා,"යි ඩයස් කියනු ඇත.  "ඉතින් ඩයස්, මේ දවස්වල එහෙට වහිනවද?" "දැන් මෙහෙ ඕටම්. ට්කක් හීතලයි." "මේ පැත්තට නම් වහ

කේ.පී. මහතා වහා නිදහස් කරනු!

Image
ප්‍රභාකරන්, බාලසිංහම්, සංකර් සමග කේ.පී. කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී. කිසිදු අපරාධයක් කර නැති බවද, ඔහුට එරෙහිව පැමිණිලි නැති බවද, ඔහු දැනට රජයේ ආරක්ෂාව යටතේ සංහිඳියා කටයුතුවල යෙදී සිටින බවද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල පවසා තිබේ.  රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධ විමර්ශනයේදී කේ.පී.ද ප්‍රශ්න කළයුතු පුද්ගලයකු ලෙස හඳුනා‍ගෙන තිබේ.  මෑතදී ත්‍රස්ත විමර්ශන ඒකකයට හිටපු කොටි ක්‍රියාධරයකු කළ හෙළිදරව්ව අනුව මිසයිල ප්‍රහාරයකින් සිවිල් වැසියන් 50කට වැඩි පිරිසක් සමග බිම දමන ලද ලයන් එයාර් සමාගමට අයත් ඇන්ටනොව් වර්ගයේ මගී ගුවන් යානයක සුන්බුන් සොයාගත්තේ ගිය සතියේය.  කේ.පී. නිරවද්‍ය පුද්ගලයකුනම් ඔහු අත්අඩංගුවේ සිටිය යුතු නැත.  සාමාන්‍ය වැසියකු රජයේ ආරක්ෂාව යටතේ සිටිය යුත්තේ ඇයි? කේ.පී. මහතා වහා නිදහස් කරනු!  කේ.පී. මහතා නිදහස් කරනවානම් සෙසු සියලු කොටි ක්‍රියාධරයනුත් නිදහස් කරනු. මන්ද, ඔවුන් ක්‍රියා කළේ කේ.පී. ඇතුළු කොටි නායකයන්ගේ අණ මතයි. දණ්ඩනයට ලක් නොවී සිංහිඳියා කටයුතුවල නියැලෙන්නට කේ.පී.ට දෙන නිදහස කේ.පී.ලාගේ අණින්, ඔවුන් සැපයූ මිසයිලවලින් ගුව

අහිංසකයන් අංගුලිමාලයන් කරන්න හමුදා විදුහල්පතිවරු පාසල්වලට

Image
ලංකාවේ ප්‍රධාන පාසල් කීපයක විදුහල්පතිවරුන්ට යුද හමුදාවේ කර්නල් තනතුරු පිරිනමා ඇත. ඔවුහු ඇතැමෙක් හමුදා ඇඳුම් ඇඳගෙන පාසලටද පැමිණි බව වාර්තා‍ වේ.  මේ මිලිටරි විදුහල්පති/පතිනියන්ගෙන් බලාපොරොත්තු වන්නේ පාසල්වල විනය ගොඩනැඟීමයි. ඔවුන් පාසල්වල ගොඩනඟන විනය සඳහා පරමාදර්ශය යුදහමුදාවයි.  පාසල් විනය හමුදා විනය බවට පත් වූ විට අනාගතයේදී රටේ විනයද හමුදා විනය බවට පත් වනු ඇත.  හමුදා විනයේ මූලික ලක්ෂණය කුමක්ද? තර්ක කිරීමකින් තොරව ඉහළ නිලධාරියාගේ අණ පිළිපැදීමයි.  ඒ අනුව, පාසල් සිසුන්ගෙන් බලාපොරොත්තු වනු ඇත්තේ තම ගුරුවරුන් දෙන අණ කරුණු විමසීමකින් තොරව පිළිපැදීමයි.  අංගුලිමාල කළේද එයයි.  අහිංසකයන් අංගුලිමාලයන් බවට පත් කිරීමේ අවශ්‍යතාව මතු වන්නේ පාලකයන්ගේ ඒකාධිපති මානසිකත්වයෙනි. එසේම අධ්‍යාපනය යනු කුමක්ද යන්න පිළිබඳ ඇති නොදැනුමෙනි.  පාසලට අවශ්‍ය වී ඇත්තේ දරදඬු මිලිටරි ඒකාධිපතියකුගේ නායකත්වය නොව ආදරණීය මවකගේ පියකුගේ නායකත්වයකි. එවැනි අධ්‍යාපනඥයන් බිහිකරගැනීමේ නොහැකියාවේ විලි හමුදා නිලඇඳුමෙන් වසාගත නොහැකිය. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍ම

ප්‍රබන්ධයට එරෙහිව ප්‍රබන්ධයම විකල්පය වූ කල

පසුගිය දිනෙක අහම්බෙන් මෙන් මේරියන්සි සංගීත කණ්ඩායමේ වීඩියෝවක් යූටියුබ්හි දුටුවෙමි. 'ඇද්ද ලනුව - දැම්ම කොඩිය - සිලෝන් එකට' යන ගීය ගැයීමට පෙර නලින් පෙරේරා හා සුද්දකු ලෙස ඇඳ ගත් අනෙක් ගායකයා අතර ඇති වන සංවාදයේදී සුද්දා චෝදනා කරන්නේ ලංකාව තමන් ගියපසු හරිහමන් සංවර්ධනයක් කරගෙන නැති බවයි. එහිදී නලින් පෙරේරා අහන්නේ 'ඇයි ඔයා පත්තර බලන්නේ නැද්ද?' කියාය.  අද වනවිට ලංකාවේ බොහෝ කටයුතු සිදුවන්නේ ඇත්තෙන් මහපොළවේ නොව ජනමාධ්‍ය තුළයි. විශේෂයෙන්ම රට සංවර්ධනය කිරීම හා ජනතා ප්‍රශ්න විසඳීම සිදුවන්නේ තනිකරම ජනමාධ්‍යවලයි. ඇස් පනාපිට ඇති ලෝකයත් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රබන්ධ කර ඉදිරිපත් කරන ලෝකයත් අතර විශාල පරස්පරයක් ඇතිමුත්, යථාර්ථය වෙනුවට එම ප්‍රබන්ධ ලෝකය පිළිගැනීමට ජනතාව ‍තුළ පෙළඹවීමක් ඇතිවේ.  මාධ්‍ය ප්‍රබන්ධයක් සමග මනසින් සම්බන්ධ වෙමින් වඩා නරක යථාර්ථයක සැබැවින් ජීවත්වීම නූතන ලෝකයේ අලුත් අත්දැකීමක් වී තිබේ.  මෙහි විසුළු ස්වභාවය නිර්මානය වන්නේ පවත්නා තත්වය වෙනස් කිරීමට සටන් කරන්නෝද එයම කරන්නට යාමත් සමගයි. කොටින්ම දැන් දැන් බොහෝ වෘත්තීය සමිති කටයුතු පවා සිදුවන්නේ ජනමාධ්‍ය හරහාය. වෘත්තීය සමිත

මුස්ලිම් අන්තවාදයට එරෙහිව මලාලාගේ අරගලය හා මැඩෝනාගේ නිදහස් අන්තවාදය

Image
මෙම ඡායාරූපයේ සිටින 14හැවිරිදි පකිස්තාන දැරිය මලාලා යූසෆ්සායි නම් වේ. මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කරමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය ඇය පාසල් බසයේදී තලේබාන් ඉස්ලාම් අන්තවාදීන්ගේ කෲර ප්‍රහාරයකට ලක්වී ඇත. මේ වනවිට ඇයට සහයෝගය පළ කරමින් උද්ඝෝෂණ රැල්ලක් පකිස්තානයේ අන්තවාදී නොවන මුස්ලිමුන් අතර මෙන්ම ලොව පුරාද පැනනැගී තිබේ. පසුගිය දිනෙක ජනප්‍රිය ගායිකා මැඩෝනාද මලාලාට සහයෝගය පිණිස ඇගේ Human Nature ගීතයට ඇඳුම් ගලවන නර්තනයක (strip-tease) යෙදුණාය. එය නම් බාල ප්‍රචාරක වැඩක් ලෙස මුස්ලිමුන්ගේ විවේචනයට ලක් වී තිබේ. මෙයද අන්තවාදයක් ලෙස හැඳින්වීමේ වරදක් නැත. මේ මැඩෝනාගේ සංදර්ශනයේ ඡායාරූප දෙකකි. මේ ඇය මීට පෙර මෙම ගීයට කළ ස්ට්‍රිප්ටීස් එකකි.  මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න  

ෆොන්සේකා ෆොන්සේකා

සරත් ෆොන්සේකා ඔක්තෝබර් 18දා පවත්වන රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වන්නේ නැත. ජනතා විමුක්ති පෙරමුණ හෝ සමාජවාදී පෙරටුගාමී පක්ෂය සහභාගි වන්නේද නැත. වික්‍රමබාහු කරුණාරත්න හා සිරිතුංග ජයසූරිය වැනි පක්ෂ නම් සහභාගි වීමට ඉඩ තිබේ. එහෙත්, එය ප්‍රසිද්ධ වන්නේ ඒකාබද්ධ විපක්ෂ රැළියක් ලෙසයි.  ඒකාබද්ධ විපක්ෂයක් ගොඩනැඟීමේදී ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ එය සිදුවන්නේ කාගේ නායකත්වයෙන්ද යන්නයි. ෆොන්සේකාට උවමනා එය තමන්ගේ නායකත්වයෙන් පිහිටුවන්නයි.  එමතැන තිබෙන ප්‍රශ්නය ෆොන්සේකා දැන් සෙබලු නැති සොල්දාදුවකු වී සිටීමයි. ඔහු ව‍ටා එකතු වී සිටින දේශපාලන සොල්දාදුවෝදේශපාලනික ආබාධිතයෝය. මිලිටරි වාක්කෝෂය අනුව නම් කැටගරිය.  මේ පිරිසට අවශ්‍ය වී තිබෙන්නේ ෆොන්සේකා සිය කිහිලිකරුව කරගන්නටය. එහෙත්, ෆොන්සේකාට ඊට වඩා උන්නතිකාමී අදහස් තිබේ. එහෙත් 2010න් පසු ඒවා යල් පැනගිය අදහස් බවට පත් වී තිබෙන බව ඔහු දන්නා බවක් නොපෙනේ.  ෆොන්සේකාට යළි 2010 ජනාධිපතිවරණයේදී ඔහු වටා ඒකරාශී වූ පිරිස ගොනු කරගත හැකි වන්නේ නැත.  ඔහු දැන් සියලු බලවේගවලට ඉහළින් සිටගත හැකි දේශපාලන පෞරුෂයක් නොවේ. උඩින් සිටගන්නවා වෙනුවට ඔහු උත්සාහ කළ යුත්තේ සම වන

තව තොවිලයක් අවසානයි ලංකාවේ - අහුලමු කෑලි දැන් අපි ඒ බෙර පලුවේ

බලාපොරොත්තු වූ අන්දමින්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය පරාජයෙන් කෙළවර විය.  වඩා ගෞරවනීය අවසානයක්  සඳහා හෝ ඉඩක් තැබීමට ආන්ඩුව කැමැත්තක් නොදැක්වූ බව පී.බී. ජයසුන්දරගේ ප්‍රකාශයෙන් පෙනේ.  අනාගත රාජ්‍ය නායකයා වීමේ සිහිනය වෙනුවෙන් ලකුණු දමා ගන්නට කපටි බැසිල් උත්සාහ කරයි. එහෙත්, ඔහු මෙම ප්‍රතිඵලයේ සම්පාදකයෙකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තුළ වර්ජනයේ අවසානය සම්බන්ධයෙන් මතභේද ඇතිවීම සාධාරණය.  නායකයන් අරගලය පාවාදුන්නා යයි ප්‍රකාශ කරන්නෝ රැඩිකල් මතධාරීන් ලෙස පෙනෙනමුත් ඔවුන් ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් වන්නට බොහෝ ඉඩ තිබේ.  තත්වය පිළිබඳ සරසවි ආචාර්යවරුන්ට පමණක් දොස් නැගිය නොහැකිය. මෙම අරගලය පවතින දූෂිත ක්‍රමයට එරෙහිව දේශපාලන වැදගත්කමකින් යුත් එකක් බවට පත් වුණද එය ඉදිරියට ගෙනයාම සඳහා සමාජයේ සහයෝගය බලමුළුගන්වන්නට රටේ සෙසු බලවේග අසමත් විය. වෘත්තීය සමිති හා විපක්ෂ දේශපාලන පක්ෂ ආචාර්යවරුන්ගේ පාගමනේ එල්ලී යන්තම් එදාවේල පිරිමසාගත්තා මිස කළ දෙයක් නැත.  තව තොවිලයක් අවසානයි ලංකාවේ අහුලමු කෑලි දැන් අපි ඒ බෙර පලුවේ මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උප

බාබේරියාවේ ඉස්පීකර්තුමා එහි ශ්‍රේෂ්ඨ කෝට්ටෙකට මාර සද්දයක් දැම්මේ ඇයි?

බාබේරියාවේ ඉස්පීකර්තුමා එහි ශ්‍රේෂ්ඨ කෝට්ටෙකට මාර සද්දයක් දැම්මේය.මේ ඒ ගැනයි.ඔබ එවැනි පඩ සද්ද ගැන සිතන්නේ කුමක්්‍ද? ඇත්තෙන්ම කීවොත්, මේ ගැන සිතිය යුත්තේ ශ්‍රේෂ්ඨ කෝට්ටෙකයි. මේ සද්දය දැම්මේ බාබේරියා‍වේ ලෙපර්ඩ්නැගුම පනත ගැන තීන්දුව ඉස්පීකර්තුමාට නොදී එහි කතාසාප්පුවේ ලේකම්ට දුන්නා කියාය. කෙක්කෙන් ලියුං දෙන එක වැරදිලු. ඒක ඉස්පීකර්තුමාට අපහාසයක්ලු. කතාසාප්පුව මාර රෙස්පෙක්ටබල් තැනක්ය කියා මේ හදිසියේ ඉස්පීකර්තුමාට මතක් වූයේ ඇයි? අනෙක් කාරණාවලදීත් එය ‍එසේමද?  කතාසාප්පුව නීති සම්පාදනය කරන තැනක්ම නම් කුඩුකාරයෝ, බඩුකාරයෝ හා වෙනත් හඩු පොරවල් එතැන එතරම් පිරෙන්නේ කොහොමද කියා බාබේරියාවේ බාබේරියන්ස්ලා අසති.  ඇත්තම කාරණය එයද? නැත. මේ ලෙපර්ඩ්නැගුම පනතට ශ්‍රේෂ්ඨ කෝට්ටෙක දැමූ උදැල්ල බාබේරියානු පාණ්ඩුවේ ගරානා බිස්නස්වලට දැමූ පුංචි කකුල් මාට්ටුවක් නිසාය.  බාබේරියාවේ ලොක්කාට ඕවාත් වැඩද? ඔහු මල්ලීට වැඩේ ගොඩදා දුන්නේය. අයියා ලවා බැන්නුවේය. ඔහු ශේෂ්ඨ ‍කෝට්ටෙකට දුන් පණිවුඩය නම් වැඩිය නටන්න එන්න එපාය කියාය. ජනක සහ මංජු පෙන්නුවේත් එකටය. යූ අන්ඩස්කර්ට්?  මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන

අධිකරණයට පහර දුන්නේ ඇයි?

බොහෝ ඒකාධිපතියෝ අධිකරණය සමග පැටලුණහ.  අපේ ඒකාධිපතියා අධිකරණය සිය පාලනය තුළ තබාගැනීමේ වැදගත්කම ගැන හොඳින් දනියි.  තීරණාත්මක මොහොතකදී අධිකරණයට වෙනසක් සඳහා නායකත්වය දෙන බලවේගය බවට පත්වීමේ හැකියාව තිබේ.  රටේ ප්‍රශ්න උග්‍ර වෙමින් තිබේ. එහෙත් ප්‍රශ්න ප්‍රශ්නයක් නොවේ. ප්‍රශ්නය වන්නේ ජනතාව ප්‍රශ්න විසඳාගන්නට ඉදිරියට ආවොත්ය. එබැවින් එසේ ඉදිරියට එන්නට තිබෙන අවස්ථා වැළැක්වීමට කළ හැකි සියලු දේ කළයුතුය. විශේෂයෙන්ම, ජනතා නායකයන් බිහිවීම වැළැක්විය යුතුය. රට පාලනය කරනවා කියන්නේ එයටයි.  අධිකරණයේ ලොක්කන් කැපී පෙනෙන්ට දඟලනවානම් ඔවුන්ගෙන් පරිස්සම් විය යුතු බව ඒකාධිපතිවරයා දනියි.  එවැන්නන් වහා මර්දනය කළයුතු අතර තවත් එවැන්නන් මතුවීමට ඇති ඉඩද ඇවිරිය යුතුය. ඒ සඳහා මතුවන්නට දැඟලූ අයට ජීවිතය එපාවන්නට පහර දියයුතුය.  සරළය. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

ගිලිහුණු සැණින් මහතැනගේ කට වචනේ - පිහි පහරින් අධිකරණය බිම වැටුණේ

සේවා කොමිසමට බාධා අධිකරණේ ඇතැයි කියා කට ගන්නත් නැත ලැබුණේ ගිලිහුණු සැණින් මහතැනගේ කට වචනේ  පිහි පහරින් අධිකරණය බිම වැටුණේ සුනාමි සහන සොරකම් කළ පවිටුන්ව බේරා කරපිටින් ගෙනැවිත් කරපු පව දස දහසින් කෑවත් පිහි පහර තව අවසන් කළ නොහැකි බව සකි දැනගනුව  W3Lanka මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

බැසිල් පෙන්නාවි වැඩ අද හැන්දෑවේ

බැසිල් පෙන්නාවි වැඩ අද හැන්දෑවේ ෆුටා දිය දානවිට කියාවි ඇන්නෑවේ තව තොවිලයක් අවසානයි ලංකාවේ අහුලමු කෑලි දැන් අපි ඒ බෙර පලුවේ W3Lanka මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

සිංහල බෞද්ධයිනි අවදිවව්! අධ්‍යාපනයට රජය මුදල් වෙන්කිරීම නවතව්!

Image
රාජ්‍ය අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවාට නලින් ද සිල්වා විරුද්ධය.  මන්ද, එම ඉල්ලීම ඉදිරිපත් කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නිර්මාල් රංජිත් දේවසිරි මීට කලින් දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා බලය බෙදාගැනීමට පක්ෂව කටයුතු කළ නිසාය. බලය බෙදාගැනීම ඊලමට පාර කැපීමකි. ඒ නිසා බලය බෙදාගැනීමට පක්ෂව කතා කරන අය ඊලමට කඩේ යන්නෝය. ඊලම වනාහි  ලෝකෙන් උතුම්ම ජාතිය වන සිංහල බෞද්ධයන් විනාශ කිරීම සඳහා වූ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි.  නලින්ද සිල්වාගේ චතුස්කෝටික තර්කනයට අනුව රාජ්‍ය අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම යුදෙව්, ක්‍රිස්තියානි, බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි. එම සටන් පාඨය ඉදිරිපත් කරන්නෝ එන්ජීඕ ඩොලර් කාක්කෝය. අධිරාජ්‍යවාදය භංග වේවා!  සිංහල බෞද්ධයිනි අවදිවව්! අධ්‍යාපනයට රජය මුදල් වෙන්කිරීම නවතව්! මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

විද්‍යාලෝකය පෙන්නූ පාසල් හැදීමේ හා විනය ගොඩනැගීමේ අධ්‍යාපනය

Image
ගාල්ලේ පාසල් සිසු මවකට කතා කර විද්‍යාලලෝක සිද්ධිය ගැන ඇසූ විට ඇය අපූරු කතාවක් කීවාය. එහි හිටපු වැඩබලන විදුහල්පත්වරයා පාසල දියුණු කළ බව හා විනය ගොඩනැගූ බව ඇය කීවාය. මව්පියන් හා සිසුන් කුපිත වී ඇත්තේ ඒ හොඳ මහත්තයා මාරු කළ නිසාය. වයස අවුරුදු පනහකට ආසන්න මේ මවද සිසුන්ගේ හැසිරීම අනුමත කරමින් කතා කළාය. පාසල් හැදීම හා විනය ගොඩනැගීම කියන්නේ කුමක්ද?  දැන් පාසල්වල ළමයි ශබ්ද විකාශන ඔස්සේ නිතර බුදුදහම අදහති. ගුරුවරුන්ට වඳිති. ඒ තරමටම ප්‍රචණ්ඩව හැසිරෙති.  අද කාලයේ පාසල් හදනවා කියන්නේ ගොඩනැගිලි හැදීම, ගේට්ටු බැඳීම, ළමයින් පෙළට යැවීම, ටයි දැම්මවීම, සපත්තු පොලිෂ් කිරීම, කොණ්ඩා කැපීම පාලනය කිරීම ආදිය හැර අන් යමක් නොවේ.  අධ්‍යාපන පද්ධතියම හිතන්නේ මේවා තමයි වැඩ කියාය. එහෙත්, ළමයින් හැදීම යනු වෙන දෙයකි. අධ්‍යාපනය හෙවත් ශික්ෂණ විද්‍යාව යනු දරුවන් ශාරීරික, මානසික, බුද්ධිමය හා ආකල්පමය ලෙස ශිෂ්ට හා දියුණු බවට පත්කිරීම හා ඔවුන් නිර්මානශීලී මිනිසුන් ලෙස ගොඩනැගීමයි.  පාසල්වල අද සිදු නොවන්නේ මෙය පමණි. විද්‍යාලෝක සිද්ධිය විසින් පෙන්නුවේ මේ නිරුවතයි.   සමාජය මේ ගැන ගැඹුරින් සිතිය යුතුය. මේ ලිපියට ඔබ

පොකට් ගහන හොරු අල්ලපු සූරයෝ

 මෙන්න අපේ වීරයෝ පොකට් ගහන හොරු අල්ලපු සූරයෝ වටකරගෙන එක්කෙනෙකුට  වැඩ පෙන්වන මාරයෝ මේ වගේම තොපි කවදද අල්ලගන්නෙ මහ හොරුන්ව පරම්පරා ගණනාවක්  රටත් එක්ක උගස් කරල පොකට් ගහපු මහහොරුන්ව තොපිම වඳින මහහොරුන්ව මේ වාගේ අල්ලලා වටකරගෙන ගසාලා උසාවියට එක්ක යන්න ඉක්මණින්ම වරෙල්ලා එදාට අපි කියනවා උඹලත් වැඩකාරයෝ තොපේම ඔය බාසාවෙන් දැන්නම් තොපි පොන්නයෝ W3Lanka මෙම කවියට අදාල වීඩියෝව මෙතැනින් මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

වැටුප් වැඩි කිරීමට ඉතා ප්‍රායෝගික, සාර්ථක ක්‍රමයක්

Image
පොඩි මල්ලි බාබේරියාවේ සිටින අපේ සෝම්බේරි අයියා බාබේරියානු භාෂාවෙන් ලියන සිය බ්ලොගයට ලියූ ලිපියක් අප වෙත එවා ඇත. අපි එය සංස්කරණයකින් තොරව මෙහි පළ කරමු.  පසුගිය දිනෙක අපේ මිතුරෙක් විහිළුවට මෙන් කළ යෝජනාවක් පිළිබඳ ලිවිය යුතු යයි සිතිණි.  එය ඇත්තෙන්ම ඉතා බැරෑරුම් යෝජනාවකි. එසේම එය ඉතා ප්‍රායෝගිකය.  මේ යෝජනාව වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන්ය. මේ දිනවල බාබේරියාවේ මධ්‍ය මහා විද්‍යාල ඉස්කෝලෙ මහත්තුරුන්ගේ වර්ජනය නිසා මේ යෝජනාවේ විශේෂ වැදගත්කමක් තිබේ.  මෙම යෝජනාව ක්‍රියාත්මක කළහොත් ඉස්කෝලෙ මහත්තුරුන්ගේ හා බාබේරියානු දොස්තරවරුන්ගේ පමණක්‍ නොව සමස්ත බාබේරියානු රාජ්‍ය අංශයේම වුව වැටුප් වැඩි කළ හැකිය.  යෝජනාව මෙයයි. වැටුප් වැඩිවීම් ලබන සේවකයන්ගේ වැඩි වූ වැටුපෙන් 20%ක කොමිස් මුදලක් රජ පවුලට ලැබෙන ක්‍රමයක් සකස්කිරීමයි.  නිදසුනක් ලෙස බාබේරියානු ඩොලර් 10,000කින් වැටුප් වැඩි කළොත් රු. 200ක් ගෙවිය යුතුය. 10,000කින් වැටුප් වැඩි කළොත්  2000ක් කොමිස් ගෙවිය යුතුය. මේ ක්‍රමයෙන් දෙපැත්තටම මුදල් ලැබෙන බැවින් මෙය ක්‍රියාත්මක කිරීම ඉතා පහසුය.  බාබේරියාවේ රජ්ජුරුවන්ගේ පොඩි මල්ලීට මේ වැඩේ භාර දුන්

ආණ්ඩු පෙරළන්න වර්ජනය කරන එකේ වරද කුමක්ද?

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය ආණ්ඩු පෙරළන කුමන්ත්‍රණයක් බවද, නිර්මාල් රංජිත් දේවසිරි රාජ්‍ය නොවන සංවිධාන, පෙරටුගාමී පක්ෂය හා දෙමළ ඩයස්පෝරාව සමග එක්ව දියත් කරන බවද බුද්ධි අංශ විසින් සොයාගෙන ඇති බව අද දිනමිණ පුවත්පත වාර්තා කරයි. දඹර අමිල හිමිද මෙයට සම්බන්ධ බව එම වාර්තාවේ කියැවේ.  මේ කුමන්ත්‍රණය පිටුපස සිටින අය ලෙස මේ නම්ද දැක්විය හැකි බව අපි දිනමිණ පුවත්පතට පෙන්වා දෙන්නට කැමැත්තෙමු. කොටි සංවිධානය, බටහිර රටවල්, ඇමරිකාව, බෑන් කී මූන්, නවනීදන් පිල්ලෛ, ජයලලිතා, කරුණානිධි, වයිකෝ, ඉන්දීය ධීවරයෝ, ඩෙංගු මදුරුවා, ජනතා විමුක්ති පෙරමුණ, මංගල සමරවීර...................... අපි අහන්නේ මෙයයි. මෙය ආණ්ඩු පෙරළන මොකක්හරි එකක් වීමේ වරද කුමක්ද? දේශපාලනය කියන්නේ ආණ්ඩු හැදීම හා පෙරළීම මිස වෙන කුමක්ද?  ජනතාව දූෂණයෙන්, භීෂණයෙන් හා විනාශයෙන් බේරාගැනීමට නම් පැහැදිලිවම මේ ආණ්ඩුව පෙරළිය යුතුය. ඡන්දවලින් එය කරන්නට ඉඩක් නැත. මන්ද, ඡන්ද යනු ආණ්ඩු පක්ෂය රාජ්‍ය බලය හා සියලු මහජන දේපල තමන්ගේ වාසියට යොදාගෙන කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රීඩාවක් බවට පත්ව ඇති නිසාය.  එහෙයින් ආණ්ඩුව පෙරළීම සඳහා ජනතාව බලමුළුග