අයියෝ බර්ටි ගොයියට දැන් අජීරනේ

හොල්ලාගෙන හිටියත් මුළු උතුරුමැද
මැරයා හොරා කොයි ලෙස කට අරින්නද
අයියෝ මාලිනී බර්ටිට දුන්නාද
ලොක්කා දුන් ගේම දුං දානව නේද

නුවර කලාවියෙ වැලි කැටයක් ගානේ
කළ සොරකම් කොයි කවුරුත් දන්නවනේ
මහින්දසෝමගෙන් අරගෙන කෑ දානේ
අයියෝ බර්ටි ගොයියට දැන් අජීරනේ 

පණ ඇතිතාක් රජවෙන්නට පුරාගෙන
ඉන්නා හැම එකාටම අවවාදයයි දෙන
මැරෙන්න ඕනැ නම් දාගෙන හිස ඔටුන්න
ගැලවෙන්නට කලින් සිය පණ නහගන්න
-W3Lanka

ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. බර්ටි ගුණතිලකSeptember 25, 2012 at 5:39 PM

    උන්ට - මුන්ට බැන බැන කිසි පළක් නැතී
    ඉඟුරු - මිරිස් හුවමාරුව ජයට වෙතී
    නිය‍ඟෙට පාලු විය කුඹුරක් මතක නැතී
    ඡන්දෙ දාට මීමුන් පෙළ සැදී එතී

    පිටි මුට්ටයක් නිලියක් විය නටනු බැරී
    පඳුරක් වටේ කැරකෙනවා බම්බු සරී
    පරණ චිත්‍රපටි බලපන් හොඳට හැරී
    පුයර මූණ පෙන්නා නිලි රඟනු මැරී

    කළඳක් මොලේ නැති වුව මන්ත්‍රී දේවී
    නිලි ‍රැජිනක්ලු පත්තිනි අම්මලු දේවී
    විජයත් එක්ක මීගමු අඹ කෑ දේවී
    කරුණාතිලක අනුලත් දන්නව දේවී

    රටක් ඇතේ මීමුන් තණ උලා කන
    ඒකත් කන්න බෑ නියඟය නිසාවෙන
    නිවට නියාළුව, ජන්මෙන් බදාගෙන
    අනේ ඔහොම හි‍ටු මීමුනි සදාතන

    සොබා දහම මම හැමදා ගරු කරන
    අරන් වරෝ හෙණ ගෙඩි මුන් ටික නහන
    සුළි සුළගක්ව එන විට කරණම් ගහන
    පැනපන් ගාලු මුවදොර එල්ලෙට ‍රැගෙන

    බර්ටි ගුණතිලක......






    ReplyDelete
  2. මිනිසුන් හටම දොස් කියලා පලක් නැත
    නිකම් ඉල්ලුවට චන්දය දෙන්නෙ නැත
    මරාව යවා බැරාව ගෙනත් වැඩක් නැත
    විකල්පයට නම් තාමත් ඉඩක් ඇත

    විපක්ෂයේ ඉන්න එකා වැඩක් නැත
    පජා තන්ත්රේ ඒ පක්ෂයේ නැත
    බටලන්දේ ඇට සැකිලිත් මතක් වෙත
    ඒ වෙනුවට ගේන්නේ අප කව්ද පුත?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා