ජපන් ජබර, නෙළුම් මල් හා සරසවි ඇදුරු අරගලය

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය දැන් දෙවන මාසයේය. මාස දෙකකින් වැටුප් නොලැබූ වර්ජකයන්ට ඇති ආර්ථික අපහසුතා වෙනුවෙන් උපකාර කිරීම සඳහා අරමුදලක් පිහිටුවා ඇති බව වාර්තා විය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැදගත් ප්‍රකාශයක් කර ඇත. රටේ සමස්ත අධ්‍යාපනය වෙනුවෙන් කරන මේ අරගලය පරාජය විය හැකිමුත් තමන් යටත් වන්නේ නැත.

මිනිසකු විනාශ කළ හැකිමුත් පරාජය කළ නොහැකි බව අර්නස්ට් හෙමිංවේ 'මහල්ලා සහ මුහුද' කෘතියෙහි සාකච්ඡාවට භාජනය කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය නිද්‍රාශීලී ලාංකීය සමාජයට සාධාරණත්වය වෙනුවෙන් සටන් කිරීමේ උත්තේජනය සපයා තිබේ. එය දේශපාලන උවමනාවන් වෙනුවෙන් කරන්නක් යයි ජනාධිපතිතුමා පවසයි.

ඉතින් දේශපාලන උවමනාවන් වෙනුවෙන් සටන් කරන එක වැරදිද? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නීති විරෝධීව ක්‍රීඩා කරන මේ ආණ්ඩුව පරාජය වන යම් ක්‍රීඩාවක් තිබේනම් එහි සියලු ක්‍රීඩකයෝ ෆවුල්ය කියාය. Mr. President, please stick to the rules of the game without throwing false appeals to the umpire's face.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් කොටසක් වර්ජනය කරමින් සිටියදී තව හොරිකඩයෝ පිරිසක් අද නැතිනම් හෙට මේ අරගලය නිසා තමන්ගේ වැටුප් වැඩිවනු ඇතැයි සිතමින් වැඩ කරති.

සෙසු රාජ්‍ය සේවකයෝ සියලු බලාපොරොත්තු සුන් වී යද්දීත්, විනාශයේ නිර්මාතෘන් වන්දනා කරමින් නිහඬව සිටිති.

පෞද්ගලික අංශයේ වැඩිදෙනෙකුට තිබෙන්නේ වැටුප් වැඩිකරගැනීමේ අරගලයකට වඩා මේ ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත් හමුවේ සිය රැකියාව ‍බේරාගැනීමේ දුෂ්කරතාවකි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයේ වඩාත්ම වැදගත් දෙය එහි නායකත්වයයි. ලංකාවේ පිරිහුණු අධ්‍යාපන ගොහොරුවෙන් මතු වූ ජපන් ජබර වැනි වල් පැල වන බහුතරයක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පඩි හා වරප්‍රසාද වැඩිකිරීම වෙනුවෙන් පීඩිත පංතික ජනයා සුවිසල් බරක් දැරිය යුතු යයි අපි නම් කිසි සේත්ම නොසිතමු. එහෙත්, නිර්මාල් වැනි අයගේ නායකත්වය නිසා මේ අරගලය රජයේ සමස්ත වියදමින් 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරවා ගැනීමේ පොදු ජන අරගලයක් ලෙස අර්ථ දක්වාගන්නට හා පිළිගැනීමක් ලබාගන්නට හැකියාව ලැබිණි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ධුරය නිර්මාල්ගේ වටිනාකම් භක්ෂණය කරමින් ඇති බව අපගේ නිරීක්ෂණය බව මේ අරගලයේ ආරම්භක අවධියේදී අප කීමුත් ඔහු ඇත්තෙන්ම එයින් නව වටිනාකම් නිර්මානය කර ගැනීමට සමත් විය. කියවන්න නිර්මාල් රංජිත් දේවසිරි සම්බන්ධයෙන් ආණ්ඩුවේ උපාය මාර්ගය කුමක්ද?

අද ඡන්දයෙන් පසු ආන්ඩුව මේ අරගලය මතට රෞද්‍ර ලෙස කඩාපනින්නට ඇති ඉඩ ගැන දැන් අවධානය යොමු විය යුතුය. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. හොරිකඩයන් දන්ගෙඩියට යැවිය යුතු කාලය දැන් උදාවී ඇතත්, අද ච්න්දෙනුත් හොරිකඩ බැලයන් දිනා ඇති බව හෙට උදේට හොරිකඩ පුවත්පත් වශී බෝලයත් සමග අත් දෙක උස්සාගත් පින්තුරය දායි "අතිවිශාල ජයග්‍රණය"ගැන.

    ReplyDelete
  2. හෙට උදේ වෙනකොට බලාගන්න පුළුවන් රටේ බුද්ධිමත් ජනතාව ඉන්නේ අපි වගේ ඔල්මොරොන්දම් බ්ලොග් කාරයොයි, නිර්මාල්ලයි එක්කද එහෙම නැතිනම් අපේ මහින්ද මහ රජානෝ එක්කද කියලා. එතෙක් ඉවසමු.

    ReplyDelete
  3. මේක ලියල තියෙන්නේ නම් කලින් පොස්ට් එකට හිලව්වක් වශයෙන් වගේ. මේ වගේ අරගල මහා ජනතාවගේ කැමැත්ත නැතුව සාර්ථක වෙන්නේ නැහැ. ජනතාව පත් කළ රජයකට කොන්දේසි දාන්න කුඩා කණ්ඩායම් වලට හැකියාවක් නැහැ. මොකද එවැනි කණ්ඩායම් වල බල පෑම සීමිතයි. අදහස් "හොඳ" වෙන්න පුළුවන්. ඒත් මා මහින්ද රාජපක්ෂනම් මට මහා ජන කැමැත්ත තියනවා නම්, මා ගෙනියන වැඩපිළිවෙලට ජනතාව කැමති නම්, මන් මොකටද මගේ යටතේ සේවය කරන කුඩා කණ්ඩායමකට යටත් වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ එහෙම නොවේ. මේකට විශාල මහා ජන සහයෝගයක් තියනවද කියලා මේ මැතිවරණ, පළාත් සභා වරණ වලින් බලා ගන්න පුළුවන්. මහා ජන සහයෝගයක් නැත්නම් නිර්මාල්ලට කරන්න තියෙන්නේ නැවත වැඩට යන එකයි.

    ReplyDelete
    Replies
    1. අමතක කරන්න එපා ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රී වගේම ජනරයක් කියල. ජනරජයක් තුල තනි පුද්ගලයෙකුගේ උනත් අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා. 99%ක් අකමැති උනත් ජනරජයක් තුල සුළුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කෙරීමට බහුතරය වගවිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදීව පත්කරගන්නේ එක තේරීමේ හොඳම ක්‍රමය මිසක් එකෙන් කියවෙන්නේ නෑ තමන් සමග එකඟ නැති සුළුතරයට විරෝදී ලෙස හැසිරෙන්න. ඔන්න ඕක අපේ රටේ මින්ස්සු අමතක කරන එක තමයි වියවස්තව වල් වදින්න හේතුව.

      Delete
    2. හැමෝගෙම අයිතිවාසිකම් ආරක්ෂා කරන එක වෙන කතාවක්. නමුත් ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන එක වෙන කතාවක් සහෝ. හැමෝම කැමති ප්‍රතිපත්ති කොයි ප්‍රජාතත්ර වාදයක වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බටහිර ප්‍රජාතන්ත්රේදී උනත් ක්‍රියාත්මක වෙන්නේ මොනවාද කියල කලින් ජනතාව දන්නවා. චන්දෙ දෙන්නේ ඒකයි. කියන්නේ නැතුව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආණ්ඩු ඊළඟ පාර ගෙදර යවනවා. මොනවා උනත, එතැනදී සුළුතරය කැමති ප්‍රතිපත්ති දේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක කරන්න පටන් ගත්තත් ආණ්ඩු වල ආයුෂ කෙටි වෙනවා. ජනාධිපති ඔබාමා ඔය කියන පරිදි "ජනතාවට හිතකර" දේවල් ක්‍රියාත්මක කරන්න උත්සහ කලත්, ඔහුට කැපී පෙනෙන ජනප්‍රිය තාවයක් නැහැ. ඒ කියන්නේ ඒවා ජනතාවට අවශ්‍ය නැහැ කියන එක නොවෙයි, බහුතරයකට අවශ්‍ය නැහැයි කියන එක.
      තනි පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා කියන්නේ මිලියන විස්සක් ඉදිරිපත් කරන ආර්ථික ප්‍රතිපත්ති මිලියන විස්සක් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බැඳී ඉන්නවා කියන එක නොවේ. මා මේ ආණ්ඩුවට කැමති කෙනෙක් නොවේ. මේ ජනාධිපති තුමා මෙතෙක් පහල උන චෞර යන්ගේත් චෞරයා කියල කියන්න පුළුවන්. නමුත් චෞරයට උනත් ජනතාව කැමති නම් වෙන කරන්න දෙයක් නැහැ සහෝ. මිනිසුන්ව බල මුළු ගන්වන එක විපක්ෂයේ වැඩක් තමා. නමුත් පිටිපස්සෙන් තුවක්කු තියලා මිනිසුන්ව බලමුළු ගන්වලා හදපු සමාජ, කෙළවර උන හැටි අප දන්නවානේ.

      Delete
    3. ඔයා කියන විදියට ඔය මිලියන 20 තීරණය කලොත් ඔයාගේ පවුල දේශද්‍රෝහීන්, ගෑනු ටික දුෂණය කරලා මරල දාන්න, පිරිමිටික මරල බඩ පළල මුදට දාන්න. ඔයා ඉත සිතින් කෙමති වෙන්න මොකද බහුතර තීන්දුවනේ.

      ජනරජයක් තුල ක්‍රියාත්මක වෙන්නේ සුළුතර අපේක්ෂාවන් නෙමේ. නමුත් බහුතරයට කිසිම විටෙක බෑ සුළුතරයකගේ අයිතවාසිකම් කප්පාදු වෙන හෝ ඊට හානි වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ඔයා දෙක පටලව ගන්න එපා. අද්ද්යපනය සැමගේ අයිතියක් එකට හානි වන ප්‍රතිපත්ති ගන්න බහුතරයක් චන්දෙ දුන්න පලියට බෑ. ඒක දාන්න නිසා තමයි අන්තිමට බැරිම තැන මහින්ද කට ඇරලා උත්තර දෙන්නේ (මොකද එයට නීතියේ මුක්තිය තියෙන නිසා) අනිත් කිසිම කෙනෙක්ට ඔහොම ගොන් කතා කියන්න බෑ; ඒක නීතියට, ව්‍යවස්ථාවට පටහැනියි! දැන්වත් හීනෙන් නැගිටින්න :)

      Delete
    4. මා කැමති උනත් නැති උනත් එහෙම මිලියන 20 තීරණය කලොත් මාව මරන්න, මට කරන්න වෙන දෙයක් නැහැ. මේක තමයි උතුරේත්, දකුණේත් උනේ. ඔබට වගේ නොවෙයි, ඔබට කියන දේම මට උනා. හැබැයි මචන් උඹ ඔය කියන කතාව වැරදියි. මොකද පටලවා ගෙන තියෙන්නේ ඔබයි. ඔය කියන දේ නීතියට පටහැනි දෙයක්. අධ්‍යාපනය සැමගේ අයිතියක් උනත්, ලෝකේ හැම රටකට අධ්‍යාපනය නොමිලේ දෙන්නේ නැහැ. හැම රටක්ම 6% ක් වියදම් කරන්නෙත් නැහැ. ඒක නීතියට පටහැනි දෙයක් නොවේ නේද මචන්! මේවා පටලවා ගන්න එපා. විවිධ රජයන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ මේ නීතිමය රාමුව ඇතුලේ. ඔබ කියන පරිදි මරලා දාන්න (ලංකාවේ කරන ) පුළුවන් වෙන්න ඕනෙනේ කියන කතාව මෙතනට අදාළ නැහැ. අධ්‍යාපනයට විතරක් නොවේ, සෞඛ්‍යයට, රැකියාවක් කිරීමට වගේ දේවල් වලටත් අයිතියක් තියෙන්න ඕනේ. නමුත් විරැකියා ප්‍රශ්නය සම්පුර්ණයෙන් විසඳපු රටක් නැහැ. ඒ වගේම ගොඩක් රටවල සෞඛ්‍ය සේවය මුදලට තියෙන්නේ. මා නම් ඇහැරිලා ඉන්නේ. හැබැයි ගොඩක් දෙනා නින්දේ.

      Delete
    5. මචන්, තමන්ගේ දරුවන් පාසල් යවන්නේ නැති දෙමවුපියන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක දරුවාගේ අයිතියක් නිසා. දෙමවුපියන්ට කියන්න බෑ මගේ දරුවා මට ඕන විදියට හදන්නේ කියල වත් උන්ට උගන්නන අපිට සල්ලි නෑ කියල වත්. එක නිසා තමයි පාසල් පද්දතියක් පවතින්නේ රාජ්‍යය ප්‍රතිපාදන යටතේ. ඒ වගේම රාජ්‍ය සභාවේ අද්යාපන පනත මගින් සැමට විශ්ව විද්‍යාල දක්වා අධ්‍යාපනය නොමිලේ ලැබීමේ අයිතිය නීතිගත කරලා තියෙනවා. එක නිසා තමයි අදටත් විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමේ අයිතිය S -3 විතරක් වෙලා තියෙන්නේ (අවම සුදුසු කම සමත් වීම පමණක්). ආණ්ඩුවල ඉන්න මොඩයෝයි උන්ව උඩ දාගෙන කරන ඕන එකක් හරියි කියන බහුතරය නිසා තමයි අදටත් ලංකාවේ A -3ක් වගේ ඕන වෙන්නේ කැම්පස් යන්න මොකද ප්‍රයෝගිකව ඒ අයිතිය තහවුරු කරලා නැති නිසා. නීතියේ එකක් තියෙද්දී තමන්ට නොලැබෙන අයිතිය වෙනුවෙන් උසස්පෙළ සමත් නමුත් ලකුණු මදි කිසි කෙනෙක් ප්‍රශ්න කරන්නෙත් නෑ අනික ඒ ළමයින්ව කැම්පස් යන්න තරම් දක්ෂ නැති පිරිසක් විදියට ලේබල් ගහනවා (මොන නිර්ණායකය අනුවද?). ලෝකේ අනිත් රටවල් නොමිලේ දෙන්නේ නැත්තේ එක ඔවුන්ගේ වෙළඳපොල ක්‍රමයේ කොටසක් නිසා. නමුත් ලංකාවේ නීතිගත වෙලා තියෙන්නේ නිදහස් අද්‍යාපනය (හරි හෝ වැරදි හෝ). නීතිය විසින් තහවුරු කරනලද අයිතියක් ක්‍රියාත්මක නොකරනකොට ඒ බලු කම ප්‍රශ්න නොකර ප්‍රතිපත්ති, ප්‍රජතන්ත්රවදේ, දේශපාලන තීරණ ගෙන කතා කරලා වෙඩක් නෑ. අද්යපනයට ආයෝජන වැඩි කරන්න කියල ඉල්ලපුවම එක දිහා නිකන් අපහාසෙන් නොබලා සුළු පිරිසක් හරි මුළු රටම වෙනුවෙන් කරන කැපකිරීම අගය කරමු.

      Delete
    6. ඔබ එහෙම නීතියක් තියනවා කියල කියනවා නම් මා පිලිගන්නවා. ඔබ මේ කතාව අරන් ගියපු ආකාරයත් මා අගය කරන්නේ, අද ඔබ වගේ පුද්ගලයන් ඉතා දුලබ නිසා. මා මචන් කියන්නේ, මේ අරගලය නරක එකක් කියා නොවේ. එය කරන ආකාරයෙන් වෙන්නේ, මේ විශ්ව විද්යාල තවත් කඩා වැටෙන එකයි. මේවා දැනටමත් හොඳටම කඩා වැටිලා. ඒකට ආණ්ඩු විතරක් නොවේ මේවායේ ඉගෙන ගත්ත සිශ්‍යයන්ද වග කියන්න ඕනේ. මේ වගේ සටනකට මහජන සහෝයෝගයක් නැතිව දිනන්න බැහැ. ඒකයි, මා කියන්නේ. අනික තමා මචන්, උඹ ඔය කියන නීතිය හරි නම් අයින් කරන්න ඕනේ. පාසල් අධ්‍යාපනය අනිවාර්ය හා නිදහස් එකක් උනත්, සල්ලි තියන අයට යවන්න පෞද්ගලික පාසල් තියනවා. ඒකත් නරක දෙයක් කියල, මා හිතන්නේ නැහැ. එමගින් එක අතකින් රජයේ පාසල් වලට තියන පීඩනය අඩු කරනවා. අනික් අතින්, පුළුවන් කම තියන දෙනාට වෙනත් විකල්පයක් බිහි කරනවා. මචන් සමහර ප්‍රදේශ වල ඉන්න අයට තමාගේ වපසරිය තුල තියන පාසල් වලට දරුවන් යවන්න හිතෙන්නේ නැති වීමට මෙය එක්තරා පිලියමක්. උඹ කියාවි තියෙන්නේ රජයේ පාසල් දියුණු කරන ඒකයි කියලා. නැහැ මචන්, ලෝකයේ වඩාත් ධනවත් ඔය කියන 6% වියදම් කරන රටවල වත් එහෙම නැහැ. අනික අප ආදර්ශයට ගන්න "දියුණු වෙමින් පවත්නා" ඔය කියන 6% වියදම් කරන රටවල් වලද එහෙම වෙලා නැහැ. මේකම තමා විශ්ව විද්‍යාල ගැනත් කියන්න තියෙන්නේ. රජයේ 6% ක් වියදම් කරන තත්ත්ව යටතේ උවත්, පෞද්ගලික ආයෝජන උසස් අධ්‍යාපනයට ඉඩ දෙන එක එක්තරා විදිහකට මීටත් කලින් සිදුවිය යුතුව තිබුන දෙයක්.

      Delete
  4. මේ මිනිස්සු අඩුම ගානේ මාස 2ක් වත් ගටක් ඇතිව මේක ඇදගෙන යනවා. අද්‍යාපනය කිවුවම පාසල් ගුරුවරු ලක්ස ගානක් ඉන්නවා.. ස්ටාලින් ලගේ බොරු ටෝක්ස් මිසක් තාම බැරිඋනානේ එක දවසක් වත් ස්ට්‍රිකේ කරලා සප් එකක් දෙන්න. මොකද 6% ඇතුලේ ගුරුවරුන්ගේ පහසුකමුත් වැඩිවෙනවනේ නේද. ටිකක් කැතයි නේද කට්ටියගේ හැසිරීම.

    ReplyDelete
  5. මේ හැම අරගලයකම අවසානය වෙන්න ඔන ම්හින්ද ගේ ආන්ඩුව ගෙදර යවන එක ,ඒකට බය වෙන්න ඔන නැහැ,කවුරුත් එකතු වෙන්න ඔන බය නැතුව ,පාසල් ගුරු වරුත් එකතු කරගන්න ම්හින්ද ජයසිංහ ,ජොසෆ් ස්ටාලින් ලා ට පුලුවන් වෙන්න ඔන කෝ පොර ටොක් විතරයි මොකුත් කරන්න බැහැ,විකාර කියවනවා

    ReplyDelete
  6. නිර්මාල් චින්තනමය වශයෙන් දුර්වලයි. එයා කියන්නේ නූතන රාජ්‍ය සාධරනත්වය බෙදා හරන මෙවලමක් විය යුතුයි කියලා. ඒකෙ නිර්ප්‍රභූ නියෝජනය වැඩියිලු. මේව තකතීරු මෝඩ අදහස්.රාජ්‍ය පංති ංර්ධන උපකරණයක් කියන එක නිර්මාල් බැහැර කරනවා. ඉතින් ඒ රාජ්‍යම නිර්මාල්ට තඩි බාන කොටත් නිර්මාල් ඒකම පුනරුච්ඡාරණය කරනවා.

    ReplyDelete
  7. නිර්මාල්ල ගැහුවත් මොන දහන් ගැට
    ඒ කිසි වගක් නම් නැත ජහ මනයාට
    අලුත්ම චන්ද ප්‍රතිඵලයත් ගියෙ උන්ට
    කියමුද මේවා බැරාගේ ජිල් මාර්ට් ගැට

    මේවගේ හරක් ලොවෙ කොතැනක වත් නැත්තේ
    සේරම විභාගත් අනලා නා ගත්තේ
    සියට හය නොවේ බින්දුව මුත් මුත්තේ
    ජහමනයාගේ කැමැත්ත මුන්ටයි ඇත්තේ
    Anaatha

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත, amazon කැලේ හරි ඇෆරිකාවේ හරි ඉන්න මිනිමස් කන ගෝත්‍රිකයන්ට උන්ගේ ළමයින්ට අද්‍යාපනය දීල ශිෂ්ට සම්පන්න කරන්න කියල කිවුවට වෙඩක් නෑ. උන් එහෙම කියන උගත් මිනිස්සුන්වත් මරල කෑමට ගන්නවා. ලංකාව කියන හුදෙකලා වෙච්ච භූමියේත් ඉන්න බහුතරය ඒ වගේමයි කියල උන් දිගටම ක්‍රියාවෙන් ඔප්පු කරනවා. ලඟදි දැක්ක තමන්ගේ මිනිපිරිව රු 500 ට කුලීකරයන්ට ගණිකාවක් විදියට විකුණලා සල්ලි හොයපු ආච්චි කෙනෙක් ගෙන. මේ වගේ කට්ටිය තමයි ඒ සල්ලි වලින් ධාතු වැඳපුදාගෙන සුදුරෙදි ඇඳන් සාදු කියල ඔය චන්දවලදී උඩින්ම මහින්දව දිනවන්නේ. ඉතින් උන්ට මොකටද දරුවන්ට උගන්නන්න ඕන කමක්. ඔබ හරියට හරි 0% කරලා අද්‍යාපනය නැතිම කරලා දැම්මම ඔය චන්දෙ දෙන බහුතරයක් සතුටින් ඉඳීවි. උන්ට කුඹුරට නිකන් කෘමිනාශක ලැබෙන එක වටිනවා දරුවන්ගේ අනාගතයට වඩා (උන් නොදකින දේ තමයි උන්ගේ මුළු පරමපරවේම ජීවිත මීහරක් ටිකක් එක්ක ලගින්න වෙනවා කියන එක.)

      Delete
  8. ධාතු වඳින්නට පෝලිම් වල ලැග්ගේ
    මහින්ද මාමාගේ දාතුව වැඳ ගත්තේ
    ඒ යන ගමන් අත දරුවව විකුනන්නේ
    සාරුව සුනිල් මේවා දැක හිනැහෙන්නේ

    ReplyDelete
  9. “ සාධාරණ වූ මිනිස් අරගලයක් සැබවින්ම කුසල කර්මයකි. කල්පමා වී හෝ එයට හිමි විපාක විපාක දේ. සාධාරන මිනිසුන් හා හැපෙන අයටද මෙය සාධාරණ වේ. කරණ දෙයට විපාක ඇත.එය සාපේක්ෂ වූ “කාලයෙන්“ මිනිය නොහැක.“

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා